රචකයාට තිබුණ
කාර්යබහුලත්වයත් එක්ක යමක් ලියන්න බැරි උනත් ඉඩක් ලැබුණ විගසම අයෙත් ලියන්න ගත්ත.
මේ පේජ් එකවත් යාවත්කාලීන කරගන්න අපහසුවෙන් ඉන්න වෙලාවෙ අපි කරපු වැඩ වල පෝස්ට්
දමමින් පේජ් එක යාවත්කාලීන කළ ඔයාට ගොඩක් ස්තුතියි. අපි ලියන දේවල් වලට කැමති අපිට
සුභ පතන අපේ හිතවතුන් වෙනුවෙන් අපි අදත් අපූරු ගීතයක් තෝරගෙන ආව.
අපි ආදරය ගැන
කතා කරන්න කොයි තරම් ආසද? කොයි තරම් කැමතිද? අපි හැමදාමත් කිවුවෙ ආදරය කියන්නෙ
හරිම පුදුමාකාර දෙයක්. ආදරය නිසයි අපි ජීවත් වෙන්නෙ. අපිට ජීවත් වෙන්න අරමුණක් එක්
කරනව මේ ආදරය. ඉතින් මේ ආදරය ජීවිතේ කිනම් කාලෙක, කිනම් මොහොතක ඇති වෙන දෙයක්ද
කියල කාටවත්ම කියන්න අමාරුයි. නමුත් කවුරුත් කැමතියි ඒ අත්දැකීම විදගන්න.
ජීවිතයේ සැඳෑ
සමය ගත කරන කෙනෙක් ගැන අපි හිතුවොත් ඔහුගේ ස්වරය කොයි තරම් හිත සුවපත් කරනවද කියල අපි කාටත් පැහැදිලි කරන්න අමාරුයි. ඔහු ඔහුගෙ
තරුණ කාලය සිහිපත් කරනව. තරුණ කාලෙදි විදින්න ගත්ත ආදරය ඔහු තවමත් ඔහුගෙ බිරිදගෙන්
විදිනව. මට මතකයි අපේ අම්ම අපේ අප්පච්චි නැති වෙන්න අවසන් හුස්ම හෙලන වෙලාවෙ ඇද ලග
ඉදගෙන කොයි තරම් ඇඩුවද කියල. ජීවිතයේ සැදෑ සමය උනත් කොයි තරම් ආදරෙන් ඒ දෙන්න
හිටියද.
ඉතින් අපි මේ
තෝරගත්ත පැදි පෙළත් ජීවිතයේ සැදෑ සමය ගෙවන පුද්ගලයෙකුගෙ සියොලග මැවෙන හැගුම්
සමුදාය බොහොම අපූරුවට කියා පානව.
ගිමන් හරින
දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩසි සඳට
රහස් කියනවා...
සඳ ආදරයෙන් අහස පුර
රටා මවනවා...
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩසි සඳට
රහස් කියනවා...
සඳ ආදරයෙන් අහස පුර
රටා මවනවා...
හති දමමින්
දුවපු ජීවිතයේ ගිමන් හරින මේ සැදැ සමයේ උනත් ආදරය අපිව දාල යන්නෙ නැහැ. දහවල් කාලේ
ඉර අපිත් එක්ක ඉදල අපිට ආලෝකය දීල නිකන්ම යන්න යන්නෙ නැහැනෙ. හිරුගෙ ආලෝකය හදට
දීලයි යන්නෙ. හද අපිට රැයේදි ආලෝකය දෙනව යම් තරමකට හරි. අන්න ඒ වෙගේ තමයි ආදරය අපේ
ජීවිතේ පුරාවටම තියනව. ඒ තරමටම පුදුමාකාරයි මේ ආදරය. ඉතින් ජීවිතයේ ගිමන් හරින මේ
පුද්ගලයත් තාමත් මේ ආදරයේ අපූර්වත්වය අත් විදිනව. කාලෙන් කාලෙට පුද්ගලයින් ආදරය දකින
හැටි වෙනස් උනත් ඒ ඒ කාලෙදි දැනෙන විදියට ආදරය අපූරුවට විදිනව.
හිත් දැහැනේ වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු
ආදරයද මේ...
හිරු රහසේ කියා දුන්නු
ආදරයද මේ...
නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව රැඳවුන
තොල් පෙති කන් පලදාලන
ආදරයද මේ...
නුඹ රහසේ කියාදුන්නු
ආදරයද මේ...
මේ අපූරු පද
පෙල ඇතුලෙ ආදරේ අපූර්වත්වය ඉතාමත් සංවේදී විදියට අපිට දැනෙනව. ආදරය අහිංසක විදියට
විදගන්න මිනිස්සුන්ගෙ මුහුණු මේ ගීතයෙන් අපිට මැවිල පේනව. අපිව ලෝකයට බිහිවුණ දා ඉඳන්
තමන්ගේ අම්මාට තුරුළුව විඳි ආදරයේ ඉඳන් මේ ලෝකයේ විවිධ චරිත අතර ගෙවුණු
ආදරය ගැන කොයි තරම් පද ලියැවී ඇතිද? සමහරු ආදරේ විදිනව. තවත් අයෙකුට හිතේ
ඇතිවෙච්ච ආදරය කියගන්න බැරුව හිත තුළම එක මියැදිලා යනව. මිනිසාට කොයි තරම්
ආදරය යන වදනත් ඉන් ඇති කරන හැඟුමත් වැදගත් ද යන්න කියන්නට
අවැසිද? අපි අහල තියන
ගීත අතුරින් කොතෙක් ගීත ආදරය ගැන ලියැවී ඇති දැයි හොයල බැලුවොත් එයට සාක්‍ෂි
බොහෙමයක් හොයගන්න පුලුවන්.
මේ ගීතයත්
එක්ක පණ්ඩිත් අමරදේවයන්ගෙ හඩ මුසුවනාම පුදුමාකාර සුන්දරත්වයක් දැනෙන්න. එක දිගට
සිය පාරක් උනත් අහන් ඉන්න උනත් පුලුවන් කියලයි අපි නම් විශ්වාස කරන්නෙ. පුදුමාකාර
විදියට අපේ හදවත් ස්පර්ශ කරනව මේ ගීතය. මේ අමරණීය හඩ මෙවන්වූ අපූරු පද පෙළක් එක්ක
මුසුවෙලා අහන්න ලැබෙන එකම කොයි තරම් පිණක්ද?
මෙවන්වු ගීත
සමගින් අපේ හදවත් වලට සමීප වූ පණ්ඩිත් අමරදේවයන්ට බුවනෙකබා අපි දිර්ගායුෂ පාර්ථනා
කරමු.
ගිමන් හරින
දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩසි සඳට
රහස් කියනවා...
සඳ ආදරයෙන් අහස පුර
රටා මවනවා...
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩසි සඳට
රහස් කියනවා...
සඳ ආදරයෙන් අහස පුර
රටා මවනවා...
හිත් දැහැනේ
වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු
ආදරයද මේ...
හිරු රහසේ කියා දුන්නු
ආදරයද මේ...
නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව රැඳවුන
තොල් පෙති කන් පලදාලන
ආදරයද මේ...
නුඹ රහසේ කියාදුන්නු
ආදරයද මේ...
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු
ආදරයද මේ...
හිරු රහසේ කියා දුන්නු
ආදරයද මේ...
නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව රැඳවුන
තොල් පෙති කන් පලදාලන
ආදරයද මේ...
නුඹ රහසේ කියාදුන්නු
ආදරයද මේ...