![]() | |||||
මහවැලි ගගේ ගමන් මග |
![]() | ||||||||||||
විජය සහ කුවේණිය |
වංග දේශයේ ලාට රට රජු කාලිංග රජුගේ දියණිය හා විවාහ විය. නමින් සුප්පා දේවිය වු ඇය අනුරාගීය , ඉතා රූමත්ය. ඇය නියමිත කල් එළඹි කල තිරිසන් සතුන්ගේ රජු සමග සහවාස කරන්නේ යැයි අනාවැකි පවසා තිබුණි.
සුප්පා දේවිය බොහොම මුරණ්ඩු කුළ කාන්තාවක්. ඇය වරක් වනාන්තරයට ආසන්න මාවතකින් කරත්ත නඩයක් සමග ඇවිදින්නට යාමේ දී වනාන්තරයට අරක් ගත්ත යෝධ සිංහයෙක් මේ කරත්ත නඩය ආක්‍රමණය කරණව. නමුත් සිංහයා සුප්පා දේවියට අනතුරක් කරන්නෙ නෑ. සුප්පා දේවිය කෙරේ සිත් බැදගත්ත මේ යෝධ සිංහයා සුප්පා දෙවිය තමන්ගෙ උර මත තබාගෙන තමන්ගේ වනාන්තර ලෙන තුළට රැගෙන යනව. මේ ලෙන තුළ ඔවුන් රමණය කරනව, විවාහ පත් වෙනව.
![]() |
සිංහයා, සුප්පා දේවිය, සිංහබාහු සහ සිංහ සීවලී... (මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයෙන්) |
සුපුරුදු ලෙසින් වනාන්තරයේ සැරි සරා ඵල වැල රැගෙන තමන්ගෙ ලෙනට එන සිංහයාට දකින්න ලැබෙන්නෙ ගල් ලෙන බිදල ලෙන් දොර හැරලා සුප්පා දේවියත් සිංහබාහුත් සිංහ සීවලිත් පලා ගොසින්. සිංහයා මහා අදෝනාවක් තියල වැළපෙනවා..
ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා
සිංහබා.... සිංහබා... සිංහබා....
මා සොදුර මා
සොදුර මා සොදුර
සිංහ සීවලී මා ප්‍රිය දියණිය.................................................
නමුත් සිංහබාහුට වත් සිංහ සීවලීටවත් සුප්පා දේවියටවත් මේ සිංහයාගේ යාදින්න ඇහුනෙ නෑ. සිංහයා ධරුණු වුනා. කෝපාවිශ්ඨ වුනා. ඔහු ගම් - නියම් ගම් වැනසුවා. තමන්ගෙ දරුවන් සහ බිරිද සොයාගෙන අතට අහුවෙන අහුවෙන මිනිහව ඝාතනය කලා. රජතුමා නියෝග කලා වහාම මේ සිංහයාව මරා දමන්න කියල. නමුත් ඉදිරිපත් වෙච්ච හැම කෙනෙකුවම සිංහයා ඝාතනය කලා. කිසිවෙකුටවත් බැරි වුනා මේ සිංහයාව මරා දමන්න.
නමුත් අන්තිමේදි සිංහයාව ඝාතනය කරන්න ඉදරිපත් වුනේ තමන්ගෙම ජාත පුත්‍රයා සිංහබාහු. සිංහබාහු ගියා සිංහයා ඉදරියට. ගොසින් ඊතල රැගෙන සිංහයා සමග සටන් කලා. ඊතලය සිංහයාට වැදුන. සිංහයා මැරී වැටුන. සිංහබාහු පීතෘ ඝාතකයෙකු බවට පත් වුනා.
පීතෘ ඝාතක සිංහබාහු වංග දේශයේ ලාට රට අග රජු බවට පත් වෙනව. ඔහු තමන්ගෙ නැගනිය වන සිංහ සීවලී විවාහ කරගන්නව. ඒ විවාහයෙන් සිහබාහුට දාව සිංහ සීවලීගේ කුසේ දරුවන් 32ක් බිහිවෙනව. පළමු දරුවා විජය වු අතර සුමිත්ත ඔහුගේ නිවුන් සොහොයුරා විය.
විජය ඉතා හිතුවක්කාර , මුරණ්ඩු දාමරික පුද්ගලයෙකු වශයෙන් විස්තර කර තිබේ. ඔහුගේ සහචරයින්ද එසේ විය. රටවැසියාට දරාගත නොහැකි අන්දමේ දාමරික ක්‍රියාවන් ඔවුන් අතින් සිදුවිය. . ඔහුගේ මෙම ක්‍රියාකලාපය කෙතරම් සමාජ විරෝධී වීද යත් රට වාසීහු ඔහුව මරා දමන ලෙස වියපත් වෙමින් සිටි සිංහබාහු ගෙන් ඉල්ලා සිටියහ. සිංහබාහු එසේ කරනු වෙනුවට , අපකීර්තිමත් ක්‍රියාවලට දඩුවමක් ලෙස විජය සහ පිරිසගේ හිස අඩක් මුඩු කොට ඔවුන්ගේ අඹු දරුවන්ද සමග සියලු දෙනා පිටුවහල් කළා. පරම්පරාගත කථාවල සදහන් වන්නේ එම පිරිස 700 ක් වශයෙනි. මෙම පිරිස ස්ථාන කීපයකට ගොඩ බැස්ස නමුත් සතුරන් ලෙස සැළකුණු බැවින් අන්තිමේදී මෙම අකීකරු කුමාරයා සහ පිරිස ලංකාවේ තම්බපන්නී නම් ප්‍රදේශයට ගොඩ බැස්සාහ
.
මොවුන් ලංකාවේ වයඹ දිග වෙරළට ගොඩ බැහැපු පිරිස අත්ල බිම තබා වෙරළේ හිඳ ගෙන අත්ල දිහා බලද්දී ඒවා තඹ පාට වී තිබූ නිසා ඒ ප්‍රදේශය තම්බපන්නිය (තම්මැන්නාව) කියා නම් තැබු බව සදහන් වේ. ටිකක් විපරම් කිරීමේදී මොවුන්ට බැල්ලියක් හමුවූ අතර මිනිස් වාසයක් ඇති බවට ඔවුන්ට ඉඟියක් ඇති විය.ඉන්පසුව මිනිසුන් ගැවසෙන පිරිසක් ඒ කිට්ටුවම ඇතැයි සිතා ඔවුන්ගේම කිහිප දෙනෙක් ඒ ගැන සොයා බැලීමට යැවීය.එසේ ගිය කිසිවකු ආපසු නොපැමිණි බැවින් අවසානයේ විජය කුමරු ඔවුන් සොයා ගියේය.එහිදී ඔහුට දකින්නට ලැබුණේ කපු කටිමින් සිටින කාන්තාවකි. ඇය කුවේණියයි. රෙදිපිළි සකසා ගැනීම ලක්දිව එවකට පැවති දියුණු ශිෂ්ඨාචාරයක ලක්ෂණ කියා පායි. කපු කටිමින් සිටි කුවේණිය යක්ෂ ගෝත්‍රික කාන්තාවකි. විජය කුමරුට තම බලය ශ්‍රී ලංකාවේ පිහිටුවාගැනීමට සහය වූයේ ඇයයි
![]() |
විජය රජු සහ කුවේණිය (විජය කුවේණි චිත්‍රපටයෙන්) |
එදා ශ්‍රී ලංකාවේ වාසය කළ ජනතාව යක්ෂ හා නාග ගෝත්‍රවලට අයත් වූහ.ඒ අතර ප්‍රධාන වූයේ යක්ෂ ගෝත්‍රයයි.ඔවුන්ගේ ප්‍රධාන රාජධානිය තිබුණේ ලංකාපුර ලෙස හැදින්වුණු මහියංගන ප්‍රදේය මධ්‍යස්ථානය කොට ගෙනය. ලග්ගල හා සිරසවත්ථු හෙවත් තම්මැන්නා යන ප්‍රෙද්ශ වලටද එය පැතිර තිබුණි. නාග ගෝත්‍රිකයෝ නාගදීපයේ(යාපනයේ) සහ කැලණියේ වාසය කළහ.
විජය ඇතුළු පිරිස තම්මැන්නාවට ගොඩබට දිනයේ ලංකාපුරයේ ප්‍රධාන පාලකයා වූයේ මහා කාලසේන කියන රජතුමාය.මොහු රාවණා පෙළපතට අයත් කෙනෙක්.එම දිනයේ ලංකාපුරයේ මෙම මහා කාලසේන රජුගේ දියණියක සිරසවත්ථු පුරයේ පාලකයාට ආවාස කර දෙන මංගල උත්සවයක් පැවැත්වුණි.ඒ නිසා යක්ෂ ගෝත්‍රික නායකයන් ,එදා එම පුරයට රැස්වීමට නියමිත වී තිබුණි.අතිශය උත්කර්ෂවත් විවාහ මංගල උත්සවයක් වූ එම දසත පැතිර ගිය සංගීත රාවයෙන් මෙන්ම නැටුමෙන් ගැයුමෙන්ද අලංකාර විය. විජය කුමාරයා හා කුවේණිය හා වූ කතා බහෙන් පසුව විජය කුමරු සමඟ ආවාහ වීමටත් මේ රාජ්‍යය ඔහුට ලබාගැනීමට ඔහුට උදව්කිරීමටත් කුවේණිය කැමති විය.ඒ අනුව එදි උත්සවයට සහභාගීවූ සියලුම ප්‍රභූ පිරිස්වලට සහ ගෝත්‍ර නායකයන්ට එරෙහි වූ කුවේණිය ඔවුන් මරවා විජයට ලක් රජය ලබා දීමට විධි විධාන යෙදුවාය.මැදියම් රැයේ උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාවේ සියලුදෙනා අපමණ සතුටෙන්,විනෝදයෙන් සිටියදී එතැනට කඩා පනින ලද විජය ඇතුළු පිරිස එම යක්ෂ ගෝත්‍රික නායකයන් සමූල ඝාතනය කළහ.
අනතුරුව ප්‍රධාන යක්ෂ නායකයාගේ ඇදුම විජය ඇදුගත් අතර,සෙසු පිරිස යක්ෂ ප්‍රභූන්ගේ ඇඳුම ඇදගත්හ.එපරිද්දෙන් යක්ෂ ගෝත්‍රිකයන් මරා දැමූ විජය සහ පිරිස ඔවුන්ගේ අවි ආයුධ සහ රාජකීය ඇදුම් පැලදුම්ද අත්පත් කරගෙන එම බල ප්‍රෙද්ශයේ රාජ්‍ය බලය ලබා ගත්හ. විජයගේ ආධිපත්‍ය ප්‍රධාන වශයෙන් සිංහල සංස්කෟතියට බලපෑමක් විය. ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජධානියක් වන ඉන්දියාවෙන් වෙනස් වූ ආධිපත්‍යක්මොහු ගෙන ගියේය. ආර්යය රාජ්‍යය ප්‍රධාන වශයෙන් හින්දු, ද්‍රවිඩ ප්‍රදේශයන් වූ අතර මොහුගේ රාජධානිය බුදු දහම මත පදනම් වූ රාජධානියක් විය.මොහුගේ රාජධානිය බුදු දහම පදනම් වුවද මොහු බෞද්ධයෙක් නොවීය.ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙසට පැහැදිලිව වෙනස්වන්නේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේය.විජයගේ සහ කුවේණියගේ සම්බන්ධය වැදි ජනයාගේ ආරම්භය වූයේය.
විජය කුමරු මල්වතු ඔය අසබඩ තම්බපණ්ණියේ බලය තහවුරු කර ගත් අතර ඔහු සමඟ පැමිණි පරිස් තම නම් වලින් එක් එක් ප්‍රෙද්ශවල ගම් පිහිටවූහ. අනුරාධ ඇමති විසින් මල්වතු ඕය ඉවුරේ අනුරාධගාමයද,උපතිස්ස ඇමති විසින් මල්වතු ඔය ඉවුරේ අනුරාධගාමයට උතුරින් ඛනදරා ඔය අසල උපතිස්සගාමයද,විජිත ඇමති විසින් මල්වතු ඔය ඉවුරේ විජිතගාමයද,උරුවේල ඇමති විසින් කලා ඕයේ මෝය අසල උරුවේලාගාමයද පිහිටුවන ලදී. මුල සිටම අනුරාධගාමය ප්‍රධාන තැනක් ඉසුලූ අතර පසුකලෙක මෙය වසර දහසක පමණ කාලයක් රජරට අගනුවර වී තිබුණි ඉන්පසු විජය කුවේණිය විවාහ කර ගත්තත් මේ පාවා දීම නිසා ඇගේ ගෝත්‍රයේ ජනතාව නම් කුවේණි ගැන අප්‍රසාදයෙන් තමයි ඉඳල තියෙන්නෙ. කුවේණි ට විජයගෙන් ලැබුණු දරුවෝ දෙන්නා තමයි “ජීවහත්ත” සහ “දිසාලා”.
ටික කලක් ගත වෙද්දී විජයගේ පිරිසට ඕන වෙලා විජය සාම්ප්‍රදායික විදියට අභිෂේක කරන්න. සම්ප්‍රදායේ හැටියට අභිෂේක කරන්න නම් අග බිසව සම කුල කෙනෙක් වෙන්න ඕනලු. මේ නිසා ඉන්දියාවෙන් කුමාරිකාවක් ගෙන්න ගතිපු විජය කුවේණි ත් ළමයි දෙන්නත් එළවලා දැම්මලු.විජය දෙවනුව විවාහ වූ කුමරිය විජායි ලෙස හැදින්වේ. විජායි කුමරිය පැමිණ ඇත්තේ දහසක පිරිසක් පමණ.ඔවුන් ලක්දිව මාන්තෙයි හෙවත් මන්නාරාමට ගොඩ බැස ඇත.
අන්න අන්ත අසරණ වුන කුවේණි ළමයිනුත් අරන් තමන්ගේ නෑයින් ළඟට යන්න හැදුවත් ඔවුන් හැතිරියක් හැටියට සළකපු කුවේණිව බාර ගන්න කැමති වෙලා නැහැ. ඔවුන් කුවේණි ට ගල් ගසා මැරුව ලු. ළමයි දෙන්නා කැලයේ ජීවත් වන ජන කොට්ටාශයක් වූ “පුලින්දයන්” ළඟට ගියා කියල තමයි සඳහන් වෙන්නේ.
![]() |
තම නෑ පිරිවරෙන් ප්‍රතික්ෂේප වූ කුවේණිය (විජය කුවේණි චිත්‍රපටයෙන්) |
මේ තමයි අතීතය. අතීතය පුරාවෘත්තයක් වුනා. පුරාවෘත්තය මිත්‍යාවක් වුනා. මන්ද යත් මෙහි සදහන් සමහර කාරණා විශ්වාස කල නොහැකි කාරණා නිසා. නමුත් වර්ථමානය වන විට ශ්‍රී ලංකාවේ ඉතිහාය පිළිබදව වඩාත් සරවත් සාක්ෂි සහිත කතිකාවත් ගොඩනැගිල තිබෙන මෙහි එන නිසා බොහෝ කාරණාවන් අද විවාදයට බදුන් වෙලා. කෙසේ නමුත් ලංකාවේ ඉතිහාසය පිළිබදව පැරණිතම ලියවිල්ල වන මහා වංශයේදී ලංකාවේ ආර්ය ජනාවාස වල ආරම්භය විදියට මහාවංශ කථා කරුවා වන මහානාම හිමියන් විසින් මේ විජය රජුගේ කථාව සදහන් කර ඇත. මේ කථාව සත්‍යයක් හෝ මිත්‍යාවක් වුනත් මෙයි අපේ කථවට පූර්විකාවක් ලැබෙන නිසා අපි මෙය මේසේ සටහන් කරමු.
විජය සහ විජායි කුමරිය අතර විවාහයෙන් ඔවුන්ට දරුවන් ලැබී නොමැත. විජය රජතුමාගේ අවසන් කාලයේදී අනුප්‍රාප්තිකයෙක් තෝරාගැනීමට අපහසු වූ අතර ඔහු තම පරම්පරාව සිටින සිංහපුරයට පණිවුඩයක් යැව්වේ තම සහෝදරයා වන සුමිත්තට පැමිණ සිංහාසනය බාරගන්න ලෙසය. එසේ වුවත් ලියමන එහි ගමනාන්තයට ලගාවීමට ප්‍රථම විජය රජු ජිවිතක්ෂයට පත්වන අතර උපතිස්ස අමාත්‍ය වරයා රාජ සබහාවේ ප්‍රධාන ඇමති වරයා ලෙස තම්බපන්නිය පාලනය කළේය. ඔහු තම්බපන්නියේදී රජු ලෙස කිරුළු පළදින අතර ඔහු තම්බපන්නිය අත්හැර උපතිස්ස නුවර ගොඩ නගා එය ඔහුගේ අගනුවර ලෙස භාවිත කළේය. විජය රජුගේ ලිපිය සුමිත්තට ලැබෙන විට සුමිත්ත ඔහුගේ රටේ රජු ලෙස පත්වී සිටි නිසා ඔහුගේ පුත් වන පණ්ඩුවාසදේව ව උපතිස්සනුවර පාලනය කිරීම සහහා පිටත් කල එවිය.
පණ්ඩුවාසුදේව රජතුමා
මහා තිත්තයෙන් ගොඩ බැහැල උපතිස්ස නුවර පාලනය කරන්න යනව. පණ්ඩුවාසදේව රජතුමා තමන්ගෙ අභිශේක
මංගල්‍යය සදහා ශාක්‍ය කුල වාංශික කුමරියක් කැදවනව ඉන්දියාවේ පණ්ඩුශාඛ්‍යා රාජ්‍යයෙන්.
ඒ තමයි භද්දකච්ඡායනා කුමරිය.
එසේ නම් අපි ලංකාවේ අතීත ජනාවසවල ආරම්භයට උරුමකම් කියන මහවැලි ගගේ මුල් දියත්තේ සිට මුහුදට වැටෙන මෝය කට දක්වාම මහවැලි ගගේ හද බිමේ ඇවිද යමු.
ඊලග කොටසින් හමු වෙමු.
ප.ලි
මෙම ලිපි පෙල සැකසීම සදහා ජැක්සන් ඇන්තනී මහත්මයාගේ ගග දිගේ වැඩසටහනත්, මහා සංචාරය වැඩසටහනත් තවත් බොහෝ මූලාශ්‍රත් උපයෝගී කරගත් බව සිහිපත් කරමි.
සටහන - චතුරංග ජයසුන්දර..
No comments:
Post a Comment