මහවැලි සංවර්ධන ව්‍යාපාරය
මහියංගනයේ සිට ඉදිරියට ගමන් කරන්නට කලින් අපි මහවැලි කලාප ගැන කතා කළ නිසා මහවැලි කලාප ගැනත් මහවැලි සංවර්ධන ව්‍යාපාරය ගැනත් යම් අවබෝධයක් ලබාගෙන ඉදිරියට යෑම පැහැදිලි කරගැනීම සදහා ප්‍රයෝජනවත් වේ.
මහවැලි කලාප
A කලාපය
වර්ථමාන තත්වය - ක්‍රියාත්මක කර නැත
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය, මහවැලි පහළ ඩෙල්ටාව
B කලාපය
වර්ථමාන තත්වය - ක්‍රියාත්මක වෙමින් පවතී.
පොළොන්නරුව මහවැලි නිම්නය, මඩකලපුව දිස්ත්‍රික්කය, මාදුරු ඔය ගංගා ද්‍රෝණිය පහළ නිම්නය
C කලාපය
වර්ථමාන තත්වය - ක්‍රියාත්මක වෙමින් පවතී, කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ නිම කර ඇත.
බදුල්ල, අම්පාර දිස්ත්‍රික්ක, උල්හිටිය රත්කිද ජලාශ ප්‍රදේශ
D(D1,D2) කලාපය
වර්ථමාන තත්වය - ක්‍රියත්මක වෙමින් පවතී
මින්නේරිය, කවුඩුල්ල, ගිරිතලේ සහ පරාක්‍රම සමුද්‍රය(පොළොන්නරුව දිස්ත්‍රික්කය), කන්තලේ සහ වෙන්ඩරාසකුලම්(ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය)
E කලාපය
වර්ථමාන තත්වය - ක්‍රියාත්මකයි
හීං ගඟ සහ හසලක ප්‍රදේශය, මිනිපේ වම් ඉවුරු ඇළ
F කලාපය
වර්ථමාන තත්වය - ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර ඉදිරියේ දී ප්‍රතිලාභ ලබාදීමට සූදානම් කර ඇත.
මාතලේ සිද්ත්‍රික්කයේ කළු ගඟ පහළ නිම්නය
G කලාපය
වර්ථමාන තත්වය - ක්‍රියත්මකයි
ඇළහැර, මින්නේරිය, යෝධ ඇල ප්‍රදේශ
H කලාපය
වර්ථමාන තත්වය - ක්‍රියාත්මකයි. කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ නිම කර ඇත.
අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක, කලා ඔය නිම්නය, මොදරගම්ආරු පහළ නිම්නය
I කලාපය
වර්ථමාන තත්වය - ක්‍රියාත්මකයි
වව්නියාව, අනුරාධපුර මන්නාරම දිස්ත්‍රික්ක. මල්වතු ඔය දෝණිය.
I/H කලාපය
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මල්වතු ඔය ඉහළ නිම්නය, නාච්චාදූව වැව සහ අනුරාධපුර වැව් ප්‍රදේශ
J කලාපය
වර්ථමාන තත්වය - ක්‍රියාතමකයි
වව්නියාව, මන්නාරම දිස්ත්‍රික්ක සහ පරංගි ආරු, පාලි ආරු
K කලාපය
වව්නියාව, මුලතිව් දිස්ත්‍රික්ක සහ කනගරායනාරු ද්‍රෝණිය
L කලාපය
වර්ථමාන තත්වය - ක්‍රියාත්මකයි
වව්නියාව මුලතිව් අනුරාධපුර දිස්ත්‍රික්ක සම මාඔය, පදවිය සහ වැලිඔය ද්‍රෝණිය
M කලාපය
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ යාන් ඔය ද්‍රෝණිය
M/C කලාපය
අනුරාධපුර දිස්ත්‍රික්කයේ යාන් ඔය ඉහළ ප්‍රදේශය, හුරුලු වැව ජලාශයෙන් පෝෂිත ප්‍රදේශය
මේ සියළුම කලාප ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනය කරනු ලබනවා.
මහවැලි සංවර්ධන ව්‍යාපාරය
![]() |
මහවැලි සංවර්ධන අදිකාරියේ නිල ලාංඡනය |
මහවැලි සංවර්ධන ව්‍යාපාරය ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක කරනු ලැබූ දැවැන්ත භෞතික හා මානව සම්පත් සංවර්ධන වැඩසටහනකි. මූලික වශයෙන් වියළි කලාපයේ ග්‍රාමීය සංවර්ධනය අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය 1968 එවකට පැති රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ලද කාත්ෂණික සහායන් මත සැලසුම් කරන ලදී. මධ්‍යම කදුකරයේ පවතින ස්ළවභාවික ජල සම්පත වියළි කලාපයේ කෘෂි කර්මාන්තයට හා ජනාවාස සංවර්ධනය සදහා යොදා ගැනීමේ කාර්යයේදී මහවැලි සංවර්ධන ව්‍යාපාරය මගින් සුවිශේෂී කාර්යභාරයක් සිදු කරන ලදී.
1940න් පසුව ලංකාවේ ජනගහ වර්ධන වේගය වැඩි වීමත් සමග රටේ පවතින කෘෂි නිෂ්පාදන ප්‍රමාණවත් නොවිනි. ඒ වගේම නව කාර්මීනරණයත් සමහ විදුලි අවශ්‍යතාවයද ඉහළ නැගුනි. ඒ නිසා මේ කාරණා වලට විසදුම් සෙවීම අත්‍යාවශ්‍ය කරණයක් බවට පත් විය. ලංකාවේ අනෙකුත් ගංගා හා සසදන කළ තෙත් කලාපයේ මධ්‍යම කදුකරයෙන් ඇරඹී දිවයිනේ මුළු භූමි ප්‍රමාණයෙන් 6න් 1කට ලැබෙන වර්ෂා ජලය සිය ග්‍රහනයට ගෙන වියළි කලාපය මැදින් මුහුද වෙත ගලායන මහවැලි ගඟ වසරේ සෑම කාලයකදීම සුපෝෂිත ගංගාවකි. මේ අනූව මහවැලි ගෙඟ වියළි කලාපයට හරවා එයින් ලැබෙන ජලයෙන් වියළි කලාපයේ කෘෂිකාර්මික සංවර්ධනයක් ඇති කිරීමත්, ඉහළ මහවැලි බල ප්‍රදේශ ආශ්‍රිතව විදුලිබලාගාර ඉදිකිරීමත් මගින් ශ්‍රි ලංකාවේ අනාගත අවශ්‍යතා සපුරා ගත හැකි බව ප්‍රත්‍යක්ෂ විය. මේ පිළිබඳව රජය කල ඉල්ලීමකට අනූව එක්සත් ජනපද මෙහෙයුම් දූත මණ්ඩලය වියළි කලාපය ආශ්‍රිත ඉඩම් සංවර්ධනය පිළිබදව ශාක්‍යතා අධ්‍යයනයක් 1956දී ආරම්භ කර ඇත. එ් සමගම ශ්‍රි ලංකාවේ වාරිමාර්ග හා මිනුම් දෙපාර්තමෙන්තුව යන ආයතනවල සහාය ඇතිව කැනේඩියානු රජයේ තාක්ෂණික ආධාර මත කැනේඩියන් හන්ටින් කෝපරේෂන් ආයතනයද ශ්‍රි ලංකා රජයේ ඉල්ලීම පරිදි මහවැලි ගඟ පිළිබද අධ්‍යයනයක් සිදු කරන ලදී. මෙම අධ්‍යයනය පිළිබදව ස්වාධීන වාර්තා දෙකක් 1961 දී ඉදිරිපත් කරන ලදී. මෙම වාර්තාව අනුමැතිය සදහා 1962 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. සමස්ථ මහවැලි ද්‍රෝණියේම ජල සම්පත පිළිබදව පූර්ණ අධ්‍යයනයක් සිදු නොකර මහවැලි ජලයෙන් කොටසක් හරවා යැවීම අයහපත් ප්‍රතිඵල ජනනය කරන බැවින් දේශීය විද්වතුන්ගේ අදහස් හේතුවෙන් පාර්ලිමේන්තුව මෙම යෝජනා අනුමත නොකරන ලදී.
ඉන් පසුව මහවැලි ගඟ ඇතුළු වෙනත් ගංගා ආශ්‍රිත ඉඩම් හා ජල සම්පත් පිළිබද සමස්ථ අධ්‍යයනයක් කර සංවර්ධනය සදහා ප්‍රමුඛත්වය ලබා දිය යුතු ව්‍යාපෘති තෝරා ස්වාධින නිර්දේශ ඉදිරිපත් කරන ලෙස 1962 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් එහි ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ විශේෂඥ පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවන ලදී. එයට අමතරව එම කණ්ඩායමට සහාය සදහා ශ්‍රී ලංකාවේ විශේෂඥ පිරිසක් හා කාර්ය මණ්ඩලයක් ද පත් කරන ලදී. සිව් වසරක දැඩි ප්‍රරිශ්‍රමයකිනන් පසුව 1968 දී වෙන් වෙන් වූ විශේෂ වාර්තා 14කින් යුතු කාණ්ඩ තුනක අධ්‍යයන වාර්තාව ප්‍රකාශයට පත් කරන ලදී. මෙසේ ඉදිරිපත් කරන ලද මහවැලි සංවර්ධන සැලැස්ම 1968 වසරේදී පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී.
උතුරුමැද පළාත සහ නැගෙනහිර පළාත අශ්‍රිතව ප්‍රතිලාභ ලබන ප්‍රදේශය කලාප 13ක් ලෙස නම් කරන ලද අතර එය A සිට M දක්වා නම් කෙරුණි. ආර්ථික වශයෙන් වඩාත් ඵලදායී හා අඩු ආයෝජනයක් මගින් වැඩි ප්‍රතිලාභ ලැබිය හැකි ව්‍යාපෘති පළමු වන පියවර යටතට ගන්නා ලදී.
මහවැලි මහ සැලැස්ම
මහවැලි මහ සැලැස්ම ප්‍රධාන අරමුණ වූයේ මහවැලි ගගේ ජල සම්පතෙන් ඝන මීටර් මිලියන 6900 ක් පමණ වූ ජල ප්‍රමණයක් විදුලි බල නිෂ්පාදනයට හා වාරි කටයුතු සදහා සැපයීමයි. දෙවන අරමුණ වූයේ ජලාශ 15ක් ඉදිකර 11ක් ප්‍රධාන වශයෙන් විදුලි බලය නිෂ්පාදනය සදහා යෙදවීමයි.
එක්සත් ජතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද මහවැලි මහ සැලස්ම අනූව මහවැලි ගංගා ද්‍රෝණියේ සහ වියළි කලාපය තුළ වූ තවත් ගංගා ද්‍රෝණි වල පිහිටි ඉඩම්, හෙක්ටයාර 364,372 ක් සදහා යල මහ දෙකන්නයටම වගා කිරීමට වාරි ජල පහසුකම් සලසා දීමට යෝජනා කර තිබුණි. මෙයින් හෙක්ටයාර 264,777ක් අලුතින් අස්වැද්දීමට යොජිත වූ අතර හෙක්ටයාර 110,404 ක් ඒ වන විට වසරකඑක් කන්නයක් පමණක් වලා කළ ඉඩම් විය. සැලසුම් කළ ජලාශ හා ඇල මාර්ග වල විභවයන් ප්‍රයෝජනයට ගැනීමෙන් ගිගා වොට් පැය 2037ක වාර්ෂික ස්ථාවර විදුලිය ප්‍රමාණයක් ජනනය කළ හැකි බවද එයින් පෙන්වා දී තිබුණි. මහවැලි මහා සැලැස්ම අනූව එම සංවර්ධන කටයුතු වසර 30ක් තුළ නිම කිරීමට යෝජනා විය. අරමුදල් යෙදවීම් හා ක්‍රියාත්මක කිරීමේ පහසුව මෙන්ම විශේෂයෙන්ම සංවර්ධන ප්‍රතිලාභ වල අවශ්‍යතාවය යන කරුණු පිළිබදව අවධානය යොමුකර සංවර්ධන කටයුතු පියවර තුනකට බෙදා තිබුණි.
01. ප්‍රථම පියවර
1969 - 1980 අතර කාලය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජනා විය. මේතුළින් අළුත් ඉඩම් හෙක්ටයාර් 71,494 කට සහ පැරණි ඉඩම් හෙක්ටයාර් 58300කට වාරි ජලය සැපයීමටත් ගිගාවොට් පැය 820ක් වාර්ෂික ස්ථාවර විදුලිය බල ප්‍රමාණයක් ජනනය කිරීමට සැලසුම් කර තිබුණි. මෙම පියවරේ වැඩ කටයුතු ව්‍යාපෘති තුනකට බෙදන ලදී. එනම්
I පොල්ගොල්ල හැරවුම (1969 – 1973)
II වික්ටෝරියා ⁄ මිනිපේ හැරවුම (1973 – 1977)
III මොරගහකන්ද බහුකාර්යය ඒකකය
02. දෙවන පියවර
මේ යටතේ මාදුරු ඔය ජලාශය, තල්දෙන බහුකාර්ය සංකීර්ණය හා කන්දකාඩු අමුණ යන මූලස්ථ වැඩ කොටස් යටතේ මහවැලි හා මාදුරු ඔය නිම්නයෙහි ඉඩම් හෙක්ටයාර 93,117ක් වගා කිරීමට වාරි පහසුකම් ලැබෙන අතර මෙයින් ඉඩම් හෙක්ටයාර 8502ක් ඒ වන විටත් වගා කරමින් තිබූ ඉඩම් යැයි ගණන් බලා තිබේ. මෙගා වොට් 15ක ස්ථාපිත ජවයක් සහිත විදුලි බලාගාරයක් තල්දෙනදී ඉදිකිරීමට මාදුරුඔය ජලාශය පෝෂණය කිරීමට උල්හිටිය රත්කිද ජලාශයේ සිට උමගක් ඉදිකිරීමටද මාදුරුඔය ජලාශය ආශ්‍රිතව මෙගා වොට් 4.9ක ස්ථාපිත ජවයක් ඇති කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකිරීම මෙහි ප්‍රධාන කාර්යයන් විය.
03. තෙවන පියවර
මෙමගින් දිවයිනේ උතුරු මැද පළාතේ අලුත් ඉඩම් හෙක්ටයාර 105,668ක් සංවර්ධනය කෙරේ. ජල විදුලිය නිපදවීමේ අවසන් සැලසුම ක්‍රියාත්මක කොට මෙගා වොට් 293ක ප්‍රමාණයක ස්ථාපිත ජවයක් ඇති විදුලි බලාගාර ඉදිකරන අතර එමගින් වාර්ෂිකව ගිගා වොට් පැය 1169ක් ස්ථාවර විදුලි ජනනයක් කරනු ඇත. පැරණි මිනිපේ වම් ඉවුර ඇල වැඩි දියුණු කිරීම, කිලෝමීටර් 164ක් උතුරුමැද ඇල ඉදිකිරීම, රොටලාවල, උමාඔය, රන්ටැඹේ, කොත්මලේ, කළුගඟ, ආදී ජලාශ ඉදිකිරීම මෙම පියවරට ඇතුලත් විය.
මහවැලි මහ සැලැස්ම ක්‍රියාත්මක කිරීම (පළමු අදියර)
මහවැලි මහ සැලැස්ම යටතේ ප්‍රථම ව්‍යාපෘතිය ලෙස පොල්ගොල්ල හා බෝවතැන්න ව්‍යාපාර 1970දී ආරම්භ කෙරුනු ලැබූ අතර, 1976 වන විට ඉදිකිරීම් කටයුතු අවසාන කිරීමට හැකි විය. මෙමගින් පෙර පැවති ඉඩම් හෙක්ටයාර 16,000කට හා නව ඉඩම් 23,000කට වාරි ජලය සැපයීමටද, මෙගාවොට් 40ක ස්ථාපිත ධාරිතාවයකින් යුත් ජල විදුලිය නිපදවීමට ද හැකි විය. මේ ව්‍යාපාරය යටතේ මහවැලි H කලාපයට අයත් කලා වැව නිම්නයේ ගොවි පවුල් 23,000ක් 1977 වන විට පදිංචි කරනු ලැබිණි. මේ වන විට පදිංචි කර ඇති මුළු පවුල් සංඛ්‍යාව 39,500කි.
1977 වන විට ශ්‍රී ලංකා ආර්ථිකය ගැටලු රැසකට මුහුණ දී තිබිණි. සහල් ඇතුලු කෘෂි නිෂ්පාදන ආනයන වියදම ඉහළ යෑම ප්‍රධාන ගැටළුවක් විය. රට තුළ සහල් අවශ්‍යතාවයෙන් නිපදවූයේ 69% ක් වූ අතර 31% ක් ආනයනය මත රදා පැවතිනි. එයට අමතරව තවත් අත්‍යාවශ්‍ය කෘෂි න්ෂාපාදන රැසක් ද ආනයන කරන ලදී.
විදුලි බල නිෂ්පාදනය 1977 වන විට විදුලිබල මණ්ඩලයේ විදුලි ධාරිතාවය මෙගා වොට් 408ක ප්‍රමාණයක් රටේ විදුලිබල ඉල්ලුම සැපයීමට එය ප්‍රමණවත් නොවුනි. විදුලිබල බිද වැටීම් සාමාන්‍ය දෙයක් වූ අතර එය වසරකට දින 70ක විදුලිය විසන්ධිවීමක් දක්වා වර්ධනය වී තිබිණි.
මෙම ගැටළු ඉක්මනින් විසදීමේ පියවරක් ලෙස මහවැලි සංවර්ධන මහ සැලැස්ම කඩිනම් කලයුතු බවට 1977.10.22 දින එවකට පැවති ජේ. ආර්. ජයවර්ධන රජය තීරණය කරන ලදී.
මහවැලි කඩිනම් වැඩසටහන (දෙවන අදියර)
මහවැලි මහ සැලැස්මට අයත් තෝරාගත් ව්‍යපෘති කිහිපයක් එක විට අරඹා වසර 6ක් වැනි කෙටි කාලයකදී නිම කිරීමට 1977 දී රජය තීරණය කළේය. එය ක්‍රියාත්මක කිරීම සදහා වෙනම අමාත්‍යංශයක් ද ආරම්භ කරනු ලැබීය. ඒ අනූව කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල හා මාදුරු ඔය ජලාශ යෝජනා ක්‍රම අරඹා ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදා විය. පසුව මෙයට රන්ටැඹේ ව‍්‍යාපාරය ද ඇතුළත් කෙරිණි. මහෙි මාදුරුඔය හැර අනෙකුත් ජලාශ පාදක කොට ගෙන ජල විදුලිය උත්පාදනය කරනු ලබන අතර, එම ජලයම වාරි කර්මාන්තය සදහා ද භාවිතා කෙරේ. මේ අනූව මහවැලි C හා B කලාප ස්වර්ධනය කොට ගොවි ජනයා පදිංචි කිරීමද මහවැලි කඩිනම් වැඩසටහනට අයත් විය. ඒ අනූව B කලාපයේ පවුල් 30, 46ක් ද, C කලාපයේ පවුල් 45,488ක් ද පදිංචි කර ඇත.
කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සිතියම
මෙම වෘපෘති සදහා පිළිවෙලින් ස්වීඩනය, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, හා කැනඩාවත්, පහළ නිම්න සංවර්ධනය සදහා ලෝක බැංකුව, EEC , ජපන් හා කුවෙට් යන රටවල් මූල්ය ආධාර සපයන ලදී, මෙම ව්‍යාපෘතිය දියත් කිරීම සදහා 1979 දී ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ස්ථාපනය කරන ලද අතර, ඉංජිනේරු හා නිර්මාණ කාර්යයන් සදහා මහවැලි ඉංජිනේරු හා නිර්මාණ ඒජන්සියත්, නැවත පදිංචි කිරීම සදහා මහවැලි ආර්ථික ඒජන්සියත් ස්ථාපිත කරන ලදී. එමෙන්ම කඩිනම් මහවැලි සංවර්ධනය මගින් ඉදිවුන විශාල ජලාශ පාලනය සදහා මූලික වැඩ පාලන හා මෙහෙයුම් අංශය 1986 දී ස්ථාපිත කරන ලදී.
1990 වර්ෂය වන විට කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යපෘති නිමවූ අතර එමගින් විදුලිබල ක්ෂේත්‍රය හා කෘෂිකර්මාන්තය නැංවීමට විශාල අයෝජනයක් සිදු විය. මේ නිසා තවදුරටත් කෘෂිකර්මාන්තය ආයෝජනය සිදු කිරීමට රජය මැලි වූ බැවින් මහවැලි මහ සැලසුමට අදාල මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය යටපත් විය. කෙසේ නමුත් දීර්ඝ කාලයක් මුළුල්ලේ සැලසුම් වලට පමණක් සීමා වී තිබූ මෙම සංවර්ධන වෘපෘතිය වර්ථමානය වන විට ක්‍රියාත්මක තත්වයට පැමිණ තිබීම මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීමට ඉවහල් වේ.
![]() |
කොත්මලේ ජලාශය |
![]() |
වික්ටෝරියා ජලාශය |
![]() |
රන්දෙණිගල ජලාශය |
![]() |
රන්ටැඹේ ජලාශය |
![]() |
මිනිපේ අමුණ |
![]() |
මාදුරුඔය ජලාශය |
මහවැලි ව්‍යාපාරයේ අනාගත ව්‍යාපෘති. (තෙවන අදියර)
මහවැලි සංවර්ධන ව්‍යාපාරය මුලින් අදියර 3ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුනද ක්‍රියාත්මක වූයේ සැලසුම් කල පරිදි නොවේ. එම නිසා ක්‍රියාත්මක වුන අකාරය අනූව අපිට එහි අදියර තුනක් දැකිය හැකිය. එනම් සිරිමාවෝ බණ්ඩානායක මැතිනිය සමයේ පොල්ගොල්ලෙන් ඇරඹි පළමු අදියරත්, ජේ.ආර් ජයවර්ධන මහතාගේ රජය යටතේ ගාමිණී දිසානායක මහතා ප්‍රමුඛව ඇරඹි දෙවන අදියරත් හා මහින්ද රාජපක්ෂ රජය යටතේ ඇරඹි තුන්වන අදියරත් ලෙසය. මේ තුන්වන අදියර යටතේ මොරගහකන්ද, කළුගඟ, උමා ඔය සහ ඉහල කොත්මලේ ජලාශ ව්‍යාපෘති ආරම්භ විය. තවද කාලිංගනුවර අංගමැඩිල්ල ජල පොම්පාගාර ව්‍යපෘතිය, මහවැලි ගගේ අතු ගංගාවක් වූ කුඩාඔය ආශ්‍රිතව බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වැලිඔය ජනපදය ආශ්‍රිතව කිවුල්ඔය ජලාශ ව්‍යාපෘතිය, ඉහළ ඇලහැර ඇල ව්‍යාපෘතිය, උතුරුමැද මහ ඇල ව්‍යාපෘතිය, වයඹ පළාත් ඇල ව්‍යාපෘතිය, මිණිපේ ඇල ව්‍යාපෘතිය යනාදිය ක්‍රියාත්මක වෙමින් පවතී.
ඉදිරියේ දී නව ඉඩම් හෙක්ටයාර 30400ක් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන අතර මේ යටතේ මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ හෙක්ටයාර 5000ක් මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හෙක්ටයාර 18000ක්, කිවුල්ඔය ජලාශ ව්‍යපෘතිය යටතේ හෙක්ටයාර 2400ක්, උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යපෘතිය යටතේ හෙක්ටයාර 5000ක් අලුතින් සංවර්ධනය වේ.
![]() |
ඉහළ කොත්මලේ ජලාශය |
![]() |
මොරගහකන්ද ජලාශය |
![]() |
උමා ඔය ව්‍යාපෘතිය - පුහුල්පොල ජලාශය |
ජල විදුලි නිෂ්පාදනය වෙනුවෙන් උමා ඔය යටතේ මේගාවොට් 120ක් ද මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 25ක්ද කුඩා ජලවිදුලි බලාගාර වලින් මෙගාවොට් 60ක් ද ජාතික විදුලිබල නිෂ්පාදනයට එකතුවේ. මෙම වැඩසටහන් වලදී මේ වන විට විශාල පාරිසරික ගැටළු රැසක් මතුවී ඇතත් ඒවාට නිසි විසදුම් ලබා දී නිවැරදිව ව්‍යාපෘති නිම කලහොත් මෙවායේ ප්‍රතිලාභ මගින් ජාතික ආහාර නිෂ්පාදනයට සහ විදුලිබල නිෂ්පාදනයට එකචතුවන වටිනාකම සුලුපටු නොවේ. මේ සියල්ල ඉතාමත් සාර්ථකව නිම වේවා යන්න රට වැසියන් වන අප කාගේත් පැතුමයි.
No comments:
Post a Comment