අපි හීන දකිනවා හැමදාමත්.
ගොඩක් ඒව අපේ හෙට දවස ලස්සනට ගෙවන විදිය ගැනග තවත් බොහොමයක් අපේ ආදරය ගැන. තමන්
ආදරය කරන ආදර වන්තයා ආදර වන්තිය ගැන. අපි කවුරුත් කැමතී ආදරේ කරන්න ආදරේ විදින්න.
ඉතින් අද දවස මේ හැමදාමත් ඔයාලට ලස්සන දේවල් ලියන මට ගොඩක් සුන්දර දවසක්. අද මගේ
ආදරයේ පළමු සංවත්සරය. මට මතකයි එදා මගේ ආදරය පටන් ගත්ත දවසෙ මේ පිටුවට මම ලියපු
ලිපිය.(අයෙත් බලන්නකො.. http://goo.gl/6OX6Jq) ඔයා ඒක කියවලා ගොඩක් සතුටු වුනා. අපේ හිතවතුනුත්
ගොඩක් ප්‍රශංසා කලා එකට. ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි හැමදමත් මගේ ලෝකෙ ලස්සන කරනවට.
මෙ විදියට පලවෙන "සත්‍ය ස්නේහය" සත්‍ය ලෙසම ආදරය කරන්නා වූ සුවහසක් දෙනා වෙනුවෙන් උපහාරයක් වේවා..!
මේ කතාව ලියන්න මුල් බීජය
හොයාගත්තෙ මනෝ ෆොන්සේකා මහත්තයගෙ කෙටි කතාවකින්. එතුමාට ගෞරවනීය ස්තූතිය පුද කරමි.
කතාව ටිකක් දිග වැඩි හන්ද පස්සෙ කියවන්න කැමති අයට කතාවට පහළින් කතාවෙ PDF file එකක් upload කැමති අය ඒක බාගෙන පස්සෙ
කියවන්න.
සත්‍ය ස්නේහය
නිදි යහනේ සැහැල්ලුවෙන් වැතිරුනු සුදේශ් හැද සිටි කමිසය ගලවා බිමට
දැමුවේය. ඔහුට අනුරාගී හැගීම් කෙමෙන් පහල වන්නට විය. මුලු ඇගම වෙලාගත් සිහින් කිතියක් සුදේශ්ට දැනෙන්නට විය. තම ජංගම
දුරකතනයට ලැබුණු කෙටි පනිවුඩයක සටහන් වුනු ලින්කුව ඔස්සේ අන්තර් ජාලයට ගිය ඔහුට
දැකින්නට ලැබුණු වීඩියෝ දර්ශනය ඔහුගේ සිත ව්‍යකූල කර ඇත. ඔහුගේ සිතුවිලි කැලබෙන්නට
විය. ඔහුටත් නොදැනීම එහි මෙන් හැසිරෙන්නට සිත් විය. විවාහ වී දරුවෙක් සිටියද, අද
ඔහුගේ මනස අවුල් වියවුල් වී ඇත.
නාන කාමරයේ දොර විවෘත වන හඩ ඇසුනු නිසා
සුදේශ් ඒ දෙස බැලුවේය. ඔහුගේ ආදරණීය බිරිද ශානිකා නාන කාමරයෙන් එළියට එන අයුරු ඔහු
බලා සිටියේය. සුදේශ්ට සිහින් සිනාවකින් සංග්‍රහ කල ශනිකා කණ්නාඩි මේසය ඉදිරිපස
වාඩිවී හිස පීරන්නට වූවාය.
"ශානි.. මොකක්ද අනේ කොණ්ඩේ
පීර පීර ඉන්නෙ? එන්නකො ඇදට..." සුදේශ් නොඉවසිල්ලෙන් කීය.
"මොකක්ද සුදේශ්... පොඩ්ඩක්
ඉන්නකො අනේ.. කොන්ඩෙ පීරගත්තම හරිම සනීපයක් දැනෙනව. පිස්සියක් වගේ කොණ්ඩෙ අවුල්
කරගෙන ඉන්න පුලුවන්ද?" ශානිකා හිස පීරමින් කීවාය.
"හරි හරි ළමයෝ... එහෙනම්
කොණ්ඩෙ පීරගෙන එන්නකො.. මම කොහොමත් ආසයි ඔයාගෙ කොණ්ඩෙට..." සුදේශ් තම බිරිදගේ වරලස
දෙස බලමින් කීය.
හිස පීරා නිමවූ ශානිකා
සුවද විලවුන් ස්වල්පයක් මුහුණේත් ගෙල වටාත් තවරා ගත්තාය. වාඩිවී සිටි කුඩා අසුනෙන්
නැගිට සුදේශ් දෙස ආදරය මුසු බැල්මක් හෙලූ ඇය පොරෝනය ඔසවා සුදේශ් අසලින් යහනේ
වැතිරුනාය. යහනේ පැත්තකට හැරුන සුදේශ් ශානිකාගේ පිට යටින් අත දමා ඇය වැළද ගත්තේය.
ටික වෙලාවක් යන විට
ශානිකාට සිය සැමියාගේ නිදි යහනේ හැසිරීම් වල වෙනසක් දැනෙන්නට විය. ඔහු මීට ටික වෙලාවකට
පෙර තමාගේ ජංගම දුරකතනයට යමෙකු විසින් එවා තිබූ MMS පනිවුඩයේ සදහන් වූ ලින්කුව ඔස්සේ ගොස් නරඹන්නට ලැබුණු වීඩියෝ පටයේ මෙන්
ඇයත් සමග හැසිරෙන්නට ප්‍රයත්න දැරුවේය. ශානිකා අධික රාගයක් නොමැති සාමාන්‍ය
යුවතියකි. මේ අමුතු ආකාරයේ හැසිරීම් ඇයට නුහුරුය. විදේශිකයන් මෙන් මෙසේ හැසිරීමට
ඇයට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. ඇය බලපොරොත්තු වූයේ හුදෙක් ආදරයෙන් පිරි සැහැල්ලු
එකතුවීමක් පමණි. ඇය මේ දේවල් අවසානයේ පසෙකට හැරී කල්පනා කරන්නට වූවාය. ශානිකාට නින්ද
අසලකටවක් පැමිණියේ නැත. සිය ආදරණීය සැමියාගේ ඇතිවූ විපර්යාසය ඇයට අදහා ගැනීමට
අපහසු විය. මීට දින දෙකකට පෙර ඇය සමග ආදරය පිරි එකතුවීමකින් සතුටු වූ සුදේශ් අද
මෙවැනි වෙනසකට යොමු වීම ඇයට මහත් සන්තාපයක් වූයේය. ශානිකාට මෙය සිතට වද දෙන කරුණක්
විය.
"අනේ දෙවියනේ... මොකක්ද
මගේ සුදේශ්ට මේ වුනේ..?
ඇය යහනේ වැතිරී කල්පනා
කලාය.
ශානිකා නාන කාමරයට ගොස්
මුහුණ සෝදා ගත්තාය. නැවත සිය යහන වෙත පැමිණ විදුලි පහන් නිවා දැමූ ශානිකා සුමුදු
ලෙස දුදේශ්ගේ කම්මුලට සිහින් හාදුවක් දුන්නාය.
"සුදේශ් ඔයා මට කොච්චර
ආදරේද කියල මම හොදට දන්නව... අනේ මොකක්ක අද මගේ පැටියට මේ වුනේ... මම එයාව සතුටු
කරනව මදිද?.. නෑ... නෑ... එහෙනම් මොකක්ද මේකට හෙතුව.. හ්ම්ම්ම්ම්..."
ශානිකා යහනේ
වැතිරුනාය. ඇගේ දෑසින් ගැලූ කදුලු ඇගේ කම්මුල් දිගේ ලහලට වැක්කෙරුනේය. දෑස්
පියාගත් ශානිකා ඇයගේත් සුදේශ්ගේත් අතීතය ස්මරණය කරන්නට වූවාය. මධුසමය සහ දෙවෙනි
ගමන නිමවා මුල් වරට නිවසට පැමිණි දිනයේ දුදේශ් ඇය දෑතින් ඔසවා නිවසට රැගෙන පැමිණි ආකාරය
ඇගේ මතකයට නැගුනේය.
ශානිකා සහ සුදේශ් විවාහ
වූයේ මීට වසර දහයකට පෙරාතුවය. දෙදෙනාගේ දෙමවිපියන් පවුලේ මිතුරන් වූ බැවින් ශානිකාත්
සුදේශුත් කුඩා කල සිමට හොදින් හදුනති. දෙදෙනාගේ මිතුරුකමින් ජනිතවී ආදර මලි ලියලා
වැඩීම ආරම්භ වූයේ දෙදෙනා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේදීය. දෙදෙනාගේම පළමු
ආදරය මෙය වූයේය.
විශ්ව විද්‍යාලයෙන්
උපාධිය ලබා අවුරුද්දකට පමණ පසු දෙදෙනා විවාහ වූවෝය. විවාහ වීමට පෙර දෙදෙනා තදින්
හදවත් වලට දැනෙන සේ ආදරය කළෝය. නමුත් විවාහයට පෙර අනුරාගී එකතුවීම් වලට ශෘනිකාගේ
කිසිම කැමැත්තක් තිබුනේ නැත. දෙදෙනා යුග දිවියේ රසය වින්දනය කිරීම ආරම්භ කලේ
ඔවුන්ගේ මධුසමයෙන්ය. සිය පුතු තම කුසයේ පිළිසිද ගත්තේද තමන් සුදේශ් අතින් ගැහැනියක
බවට පත්වූ මේ මංගල රාත්‍රියේ දී බව ඇය හොදින් දනී.
මධුසමය සහ දෙවැනි ගමන
නිමවා ඔවුන්ගේම නිවහන වෙත දෙදෙනාගේ පැමිණිම සුදේශ් සහ ශානිකාට අති විශේෂ සිදුවීමක්
විය. ධනවත් දෙමවිපියන්ගේ පුතෙකු වූ සුදේශ් විවාහයට පෙර ඔවුනට නිවසක් තනා ගත්තේය.
දෙවෙනි ගමනින් පසු ශානිකා සමග මේ නිවසට පැමිණි ස්දේශ් මෝටර් රථය නවතා ශානිකා
දෑතින් ඔසවා ගෙන නිවසේ ඉදිරිපස දොරටුව වෙත රැගෙන ගියේය. ශානිකාට මෙය කිසිදා අමතක
නොවන සිදුවීමකි. මේ අවස්ථාවේදී ස්දේශ්ට ඇගේ ඇති ආදරය සිය දහස් ගුණයකින් වැඩි
වූයේය. ඒ හැගීම ඇගේ හදවතේ නොමැකෙන සටහනක් තබන්නට සමත් විය.
දෙදෙනාගේ විවාහ ජීවිතය
ආදරය, සාමය සහ සතුටෙන් පිරී ගියේය. විවාහ වී දස මසක් ගිය තැන දෙදෙනාගේ සිගිති පුතු
පැතුම්ගේ මෙලොව එළිය දැකීම ඔවුන්ගේ ආදරය තවත් ශක්තිමත් කලේය. පැතුම් ඔවුන්ගේ
ජීවිතයේ පහන් ආලෝකය බව දෙදෙනාගේම හදවත් වලට තදින් දැනුනේය.
ක්‍රම කමයෙන් ජීවිතයේ
සංකීර්ණ බවට මුහුණ දීමට ශනිකා සහ සුදේශ්ට සිදු විය. සිය පුතුගේ කටයුතු වල වගකීම්
මෙන්ම රැකියාවේ දියුණුව සදහා විශාල වෙහෙසක් දැරීමට දෙදෙනාට සිදු විය. සුදේශ් ඔහුට
පිය උරුමයෙන් ලැබූ ආයතනයේ ප්‍රධානියා බවට පත් වූයේය. මේ ආයතනය දියුණුවට පත් කිරීමට
සුදේශ් මහත් වෙහෙසක් ගත් නිසා ඔහු නිතරම ආතතියට පත් විය. ශානිකා පෞද්ගලික ආයතනයක
ගණකාදීකාරිනියක් ලෙස සේවය කරන්නීය. ඇයට සුදේශ්ට තරම් ආතතියක් නොවූවත් රැකියාව
සෑහෙන කාර්ය බහුල විය. එහෙත් ශානිකා කෙසේ හෝ තම පවුල සමබරව තබා ගත්තාය. ඇය සිය
සැමියාටත් පුතුටත් ඉටු විය යුතු යුතුකම් වගකීමෙන් ඉටු කලාය. ඇය නිවසේ පාලනය නිසි
පරිදි සිදු කලාය. සැමියාට සහ පුතුට දිය යුතු ආදරය නියමාකාරයේන් ලබා දුන්නාය.
රැකියාවේ කටයුතු බහුල
වීමත් ව්‍යපෘතිවල විවිධ සංකීර්ණ ගැටලු වලට මුහුණ දීමත් නිසා කාලයත් සමග සුදේශ්ට
වැඩි වේලාවක් ආයතනයේ ගත කිරීමට සිදු විය. මේ නිසා ඔහු ආතතියට පත්වූ අතර නිතරම
නුරුස්නා බවකින් යුක්ත විය. ශනිකා ඔහුගේ මෙම තත්වය තේරුම් ගත්තාය. මේ නිසා ඇය
ඔහුගේ ආතතිය අවම කිරීමට සෑම පියවරක්ම ගත්තාය.
ශානිකාගේ මෙම කැපවීම නිසා
නිසා සුදේශ් ආතතියෙන් යම් සැහැල්ලුවක් ලැබුවේය. කෙසේ වෙතත් ඔහු තම බිරිදගේ මේ සත්කාරය
ඔහුගේ අයිතිවාසිකමක් ලෙස සිතුවේය. මේ නිසා ඔහු ශානිකාට එතරම් ප්‍රති සත්කාරයක්
දැක්වූයේ නැත. ඔහු ශානිකාගේ මෙන්ම පුතුගේ ඕනෑ එපා කම් ගැන වැඩි තැකීමක් කලේ නැත.
විවාහ ජීවිතයේ නිසි පැවැත්මට ඔහුගෙන් ලැබිය යුතු අන්‍යෝන්‍ය සහයෝගය නිසි පරිදි
ශානිකාට ලබා දීම සුදේශ් අතපසු කලේය.
එහෙත් ශානිකා මේ
ගැන කිසිදු මැසිවිල්ලක් නැගුවේ නැත. ඇය ඔහුට ආදරණීය බිරිදක් වූවාය. සිය පුතුට
සෙනෙහෙබර මවක් වූවාය.
සුඛෝපභෝගී සාප්පු
සංකීර්ණයකට ඇතුලු වූ නදීශා තම මිතුරිය වූ දිනූෂා හමුවීමට සුපුරුදු ඉහල පෙලේ අවන්
හල වෙතට ගියාය.
"හලෝ දිනූ... අනේ සොරි
කෙල්ලෙ.. පොඩ්ඩක් එන්න පරක්කු වුනා.. තාත්තිට කාර් එක රිලීස් කරන්න ලේට් වුනා...." නදීශා තම
මිතුරිය අසලින් වාඩිවෙමින් කීවාය.
"නෝ ප්‍රොබ්ලම් නදී...
මමත් දැන් ආවා විතරයි.. ඉතින් කොහොමද උඹට?.."
"වරදක් නෑ බන්.. හරිම බිසී
මේ දවස් වල... ජොබ්ස් කීපයකට ඇප්ලයි කරා.. ඉතින් ඒව වල වැඩට එහෙ මෙහේ යනවා.. මේ ඩ්‍රයිවර්ලත්
එක්ක කාර්වල යන්න ගියාම එපා වෙනව.. මුන් හරිම ස්ලෝ..." නදීශා නොසතුටෙන් කීවාය..
"උඹ මොන වගේ ජොබ්ස් වලටද
දාන්නෙ?.." දිනූෂා ඇසුවාය.
"මම පර්සනල් ඇසිස්ටන්ට්
ජොබ්ස් වලට තමයි දාන්නෙ..."
"අම්මෝ... ඒක නම් උඹට නිකන්ම
හම්බ වෙයි... උඹ වගේ ලස්සන කෙල්ලෙක්ට වහ වැටෙන්නෙ නැති බොස් කෙනෙක් නෑ බන්.. උඹ
දැක්ක ගමන් ජොබ් එක දෙයි. හික්...." දිනූෂා සිනාසෙමින් කීවාය.
නදීශාට තමා පිළිබද ආත්ම
අභිමායක් ඇතිවිය.
"අනේ නිකන් ඉදපන් බන්... ඒ
කොහොම වුනත් මට බිස්නස් ඇඩ්මින්ස්ට්‍රේෂන් ඩිප්ලෝමා එකක් තියෙනවා.. ඉතින් මගේ
කොලිපිකේෂන් වල අඩුවක් නෑ..."
"අනේ බන්... අද ඔය
ඩ්ප්ලෝමා තියෙන කෙල්ලො කී දාහක් ඉන්නවද ජොබ් නැතුව. අද කාලේ කොලිපිකේෂන් එකට වඩා
වැදගත් වෙන්නෙ කෙල්ලෙකුගෙ පෙනුම. ඇගපත හොදට ඇහැට කනට පේන්න තියනවනම් පර්සනල්
ඇසිස්ටන්ට් ජොබ් ෂුවර්...." දිනූෂා කීවාය.
"හරි හරි බන්.. බලමුකෝ..
මේ.. උඹ අද ෆැෂන් ෂෝ එකට යනවද?.." නදීෂා ඇසුවාය.
"ඔව් ඇයි උඹ එන්නෙ නැද්ද?
"මට එන්න විදියක් නෑ බන්..
අද අර මෑන්ගෙ එක්සෑම් එක ඉවරයි.. ඉතින් අද මිටි වෙන්න යනවා... දැන් සුමාන දෙකක්
මීට් වුනේ නෑ බන්."
"අම්මේ... එහෙනම් උඹට දැන්
ඉන්න බැරුව ඇති.. හික්.. මේ.. ඔය කැම්පස් කොල්ල දන්නවද උඹ ඌව ආශ්‍රය කරන්නෙ ජොලියට
විතරයි කියල.?.."
"මට ඌ දැන ගත්තත් එකයි
නැතත් එකයි... මට ජොලිය දාන්න ඕන තරම් කොල්ලො හොයා ගන්න පුලුවන්.."
ඒ උනත් බන් ඌට අප්සට් යයි
දැන් ගත්ත දවසට..." දිනූෂා නළල රැලි කරමින් කීවාය.
"ඉතින් මට මොකෝ?.. ඔය අතේ
සතේ නැති කැම්පස් කොල්ලො මම මැරි කරන්නෙ නැහැ. උන්ට ලව් කරන්නෙත් නැහැ. මම උන්ව
ආශ්‍රය කරන්නෙ ජොලියට විතරයි. මම මැරි කරන්නෙ හොදට සල්ලි තියන පොසත් පොරක්ව.. මට
තාත්ති එහෙම තමයි කියල තියෙන්නෙ...." නිදීශා කිසිම හැගීමකින් තොරව කීවාය.
.
දිනුෂාගෙන් සමුගත් නදීශා
සිය පෙම්වතා වූ විශ්ව විද්‍යල ශිෂ්‍ය කලන හමු වීමට ගියාය.
"හලෝ කලන... කොහොමද?" කලනගේ කම්මුලට
හාදුවක් දුන් නදීශා ඇසුවාය.
"අනේ නදී... ඔයාව දකින්නෙ
නැතුව ඔලුව විකාර වෙලා හිටියෙ.. මට ඔයාව හීනෙනුත් පෙනුනා.." කලන ඇගේ අත
තදින් අල්ලාගෙන කීය.
"පිස්සු කොල්ලා.. මොකෝ වෙන
හීන නැද්ද බලන්න.? හික්.. මේ කොහොමද එක්සෑම් එක? "
"වරදක් නෑ නදී... අනේ මම
අද වෙනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ ඔයාව මීට් වෙන්න.. "
"ඒ මොකටද?.. නදීශා තොල
හපාගෙන ඇසුවාය..
"අනේ ඇයි නදී.. ඔයා මගේ
ගර්ල් ෆ්‍රෙන්ඩ්නෙ.. ඉතින් මම ඔයාව මීට් වෙලා ආදරේ කරන්න... ඔයත් එක්ක කතා කරන්න
කොච්චර ආසාවෙන්ද ඉන්නෙ..? ඇයි.. ඔයාට එහෙම නැද්ද?.. " කලන දුක් මුසු හඩින්
ඇසීය.
"හ්ම්ම්.. එහෙනම් අපි
කොහෙද යන්නෙ?.. " නිදීශා ඇසුවාය.
"අපි යමු අතන පාක් එකට..
එතන කාටවත් පේන්නෙ නෑ.. අපිට කතා කර කර ලව් කරන්න පුලුවන්.. "
"අයියෝ කලන ටූ වීක්ස් වලට
පස්සෙ මීට් වෙලා පාක් වල මොනව කරනන්නද? අපි රෑම් එකකට යමු... "
"අනේ නදී.. මම ලග සල්ලි
නෑ.. බෝඩිමට දීලා අතේ තිබුන සල්ලි ඉවර වුනා... " කලන දුකෙන් කීවේය.
"සල්ලි මම දෙන්නම් කලන..
ඉන්න මම ටැක්සි එකක් ගෙන්න ගන්න.. අපි කොල්ලු පිටියෙ ප්‍රින්සි ලොජ් එකට යමු.. එතන
කලබලයක් නෑ.. "
නදීශා මෙසේ පවසා ජංගම
දුරකතනයෙන් ටැක්සි රථයකට කතා කලාය. තම පෙම්වතියගේ වත්කම ගැන කලනට සියුම් සතුටක්
ඇති විය.
දෙදෙනා නවාතැනේ උඩුමහලේ
කාමරයකට ඇතුලු වූවෝය.
"දොර හොදට වහන්න කලන...... " නදීශා මෙසේ
කියමින් අත් බෑගය මේසය මත දමා යහනේ වැතිරුනාය...............
...............................................................................................................................................................
මොහොතක් සිවිලිම දෙස බලා
සිටි කලන මේසේ කීවේය.
"නදී... දැන් මගෙ ෆයිනල්
එක්සෑම් එකත් ඉවරයිනෙ.. මම කොහොම හරි ඉක්මනට ජෝබ් එකක් හොයා ගන්නව.. ඉතින් නීද..
අපි දෙන්නා ඉත්මනට බදිමුද?.. "
"මොනවා.............? " නදීශා විදුලි
සැරයක් වැදුනා සේ යහනෙන් නැගිට්ටාය.
"අ.. අනේ ඇ.. ඇයි නදී?..
අපි දෙන්නා ආදරය කරන්නෙ බදින්න නෙමෙයිද?... අනේ ඇයි ඔයා අප්සෙට් ගියේ?.. මම
හිතාගෙන ඉන්නෙ ලබන සුමානෙ මගේ අම්මලා එක්ක ඔයා ගැන කියන්න.. අම්මලා උඩින් ඔයාට
කැමති වෙයි.. " කලන සලිතවූ හඩින් කීය..
"ඔයාට පිස්සුද කලන?.. ආ..
කවුද ආදරය කරන ඒවයි බදින ඒවයි ගැන කතා කරේ..? නිකන් විකාර කතා කියන් එප... මම ඔයාව
ආශ්‍රය කරේ එහෙම දේවල් හිතාගෙන නෙමෙයි.. " නිදීශා තදින් කීවාය.
"ආ එතකොට මට ආදරේ නැද්ද
නීදී.. " කලන වෙවුලන
කටහඩින් ඇසීය.
"මම ඔයාට කැමතියි.. ඔයා
මගේ යාලුවෙක්.. ඒත් මගේ එහෙම ආදරයක් නැහැ... "
"නදී..... අනේ නදී..
එහෙනම් ඔයා මාව ආශ්‍රය කලේ මොනව හින්දද?
"මම ඔයාව ආශ්‍රය කරේ
යාලුවෙක් විදියට විතරයි.. යාලුවෝ වුනාම අද කාලෙ මේ වගේ දේවල් ඔන තරම් සිද්ධ වෙනව.
මම කී දෙනෙක් එක්ක මෙහෙම ඉදල තියනවද? මෙහෙම කරා කියල ආදරේ කරන්නවත් බදින්නවත් ඒ
කොල්ලො කිසි කෙනෙක් ඇහුවෙ නැහැ.. මම බදින දේවල් ගැන තාම හිතලවත් නැහැ.. "
"අනේ නදී.. මම ඔයාට කොච්චර ආදරේ
කරාද?.. ඔයා ගැන කොච්චර බලාපොරොත්තු තියාගනෙ හිටියද?.. මම ආදරේ කරපු එකම කෙල්ල
ඔයා.. අනේ නදී.. අනේ ඇයි මට මෙහෙම කරන්නෙ.. අනේ ඔයා නැතුව මට ජීවිතයක් නැහැ
කෙල්ලෙ.. අනේ මාව මෙහෙම අතෑරල දාන්න එපා.. අනේ නදී.. අනේ මාත් එක්ක ජීවත් වෙන්න
කෙල්ලෙ.. මම ඔයාව මගේ පණ වගේ බලා ගන්නවා....ස් ස්..ඉහි.ඉහි..ස්ස්.." ශෝකය ඉවසාගත
නොහැකිවූ කලන කදුලු සලමින් කීය.
"මේ කලන... නිකන් බොරුවට
පොඩි ළමයෙක් වගේ අඩන්න එපා... මම ඔයාට කවදාවත් කියල නෑ අපි දෙන්න බදින්න ආශ්‍රය
කරනවා කියල... හ්ම්ම්... මට තේරෙනවා... ඔයාට මාව බදින්න ඕන මගේ සල්ලි හන්දා..
සල්ලි වලට වහ වැටෙන්නෙ නැති කෙනෙක් අද නෑ.. " නදීශා කීවාය
.
"අනේ නෑ නදී.. සත්තයි.. මම
ආදරේ කරේ ඔයාට.. ඔයාගෙ සල්ලි වලට නෙමෙයි.. අනේ මගේ හීන නැති කරල දාන්න එපා නදී..
අනේ මට අනුකම්පා කරන්න.. නදී....... "
ශෝකය වාවා ගත නොහැකි වී
කලන කදුලු සලන්නට විය.
"මේ මට ඔයාගෙ හීන හැබෑ කරන්න
උවමනාවක් නෑ.. මම දැන් යනවා.. මීට පස්සෙ මාව මීට් වෙන්න ඕන නෑ.. ඔයාගෙ ඔය ලව් එක වෙන කෙල්ලෙක්ට ගිහින් දෙන්න.. මේ කාමරේට සල්ලි ඔක්කොම ගෙවල තියෙන්නෙ... ඔයා ලෑස්ති වෙලා
යන්න... මම යනවා... "
මෙසේ කියූ නදීශා කලනගේ
හැගීම් ගැන කිසිදු තැකීමක් නොකර කාමරයෙන් පිටව ගියාය.
ශෝකයත් කම්පනයත්
දරා ගත නොහැකි වූ කලන යහන මත වැතිරී ඉකි ගසමින් හැඩුවේය..
සුදේශ්ගේ ආයතනයේ ව්‍යාපාර කටයුතු
දියුණු වීමත් සමග ආයතනයේ සේවක සංඛ්‍යාවද ක්‍රමයෙන් වැඩි වූයේය. ආයතනයේ වැඩ කටයුතු
බහුල වීමත් සංකීර්ණ වීමත් සිදු විය. මේ නිසා සුදේශ්ට පුද්ගලික සහායිකාවකගේ සේවය
අත්‍යාවශ්‍ය විය.
පුද්ගලික සහායිකාව තෝරා
ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට පැමිණි තරුණියන් අතරින් නදීශා එම තනතුර සදහා සුදේශ් තෝරා
ගත්තේ ඇගේ අධ්‍යාපනික සුදුසුකම් සහ ඇගේ සම්මුඛ පරිෂණ ප්‍රතිඵල අනූවය. නදීශා සවිමත්
පෞරුෂත්වයකින් යුතු තරුණියක් වූ නිසා ඇය සම්මුඛ පරීක්ෂනයේදී ඇගේ ප්‍රතිරූපය මනා
ලෙස ඉස්මතු කොට පෙන්වීමට සමත් වූවාය. මේ නිසා ඇය අනිකුත් අපේක්ෂකාවන්ට වඩා කැපී
පෙනුනාය.
ස්දේශ් ඇගේ රූමත් බව ගැන
සැලකිල්ලක් දැක්වූයේ නැ. තම ආදරණීය බරිද ශානිකා සමග සැපවත් යුග දිවියක් ගත කරන
සුදේශ්ට අන්‍ය තරුණියන් ගැන කිසිම ආදර හෝ රාගික හැගීමක් පහල වූයේ නැත. නදීශාගේ
පුද්ගලික ජීවිතය ගැන දැන්මක් තිබුනේ නැත. රාජකාරි මට්ටමින් ඔහුට එය අවැසි වූයේද
නැත. සුදේශ්ගේ අවශ්‍යතාවය වූයේ පුද්ගලික සහායිකාව ලෙස නදීශාගේ සේවය පමණි. නදීශා
අතිශයින්ම රූමත් මෙන්ම කාමුක තරුණියක් විය. ඇය කාර්යාලයට පළදින ඇදුම් වලින් ඇගේ
රූමත් සහ කාමුක බව මතුවී පෙනුනේය. එ නිසාම පිරිමින්ගේ ආකර්ෂණය නිතැතින්ම ඇය වෙත
ලැබේ.
සුදේශ් තම බිරිද ශෘනිකා
සමග ඔහුගේ පුද්ගලික සහායිකාව ගැන වැඩි විස්තරයක් පැවසුවේ නැත. එය සිතා මතා කල
දෙයක් නොවේ. ඔහු ශානිකා සමග රැකියාවේ විස්තර පමණක් නොව අනිකුත් දේවල් ගැනද දැන්
කතා බස් කරන්නේ අඩුවෙන්ය. සුදේශ් මෙය එතරම් වැදගත් දෙයක් ලෙස නොසැලකූ අතර එ ගැන
වැඩි තැකීමක් කලේද නැත.
නදීශා සූක්ෂම ලෙස කටයුතු
කරන උපායෙහි දක්ෂ තරුණියකි. ඇය සුදේශ් පිළිබද පුද්ගලික තොරතුරු ක්‍රම ක්‍රමයෙන්
විවිධ මාර්ග වලින් සොයා ගත්තාය. මේ අතර ඇය තම රාජකාරිද නොපිරිහෙලා ඉටු කලාය. මේ
නිසා ඇය සුදේශ්ගේ සිත දිනා ගැනීමට සමත් වූවාය.
"නදීශා ඔයා නම් මෙතන වැඩ
ෂෝක් එකට කරනවා.. මට හරිම සන්තොසයි ඒ ගැන.. ගොඩක් ක්ලයන්ට්ස්ල මට කියල තියනවා ඔයා
නියම විදියට නියම වෙලාවට වැඩ කරනව කියල... " දිනක් සුදේශ් නදීශාට තම
සතුට පල කලේය.
"මට පුලුවන් වතරම් හොදට
වැඩ කරනව සර්.. මට තේරෙනවා අපි ක්ලයන්ට්ස්ලට නියම සර්විස් එක දෙන්න ඔන කියල..
එතකොට තමයි ඒක අපේ බිස්නස් එක තව දියුණු කර ගන්න පුලුවන් වෙන්නෙ.. " නදීශා
සිනාසෙමින් කීවාය.
ඇගේ සිනහවට සුදේශ් ආශා කල
අතර ඔහුට එයින් යම් මානසික සුවයක්ද ලැබුනේය.
"ඔව් නදීශා.. ඔයා හිතන
විදිය හරියට හරි.. මට මුලින්ම තේරුනා ඔයා ගොඩක් කේපබල් ගර්ල් කෙනෙක් කියල.. ඒ
හින්ද තමයි මම ඔයාව මගේ පී.ඒ හැටියට තෝර ගත්තෙ.. "
"තැන්ක් යූ සර්.. මම සර්
එක්ක දිගටම ඉන්නව... "
නදීශාගේ මේ
කතාවෙන් සුාද්ශ්ට යම් අමුත්තක් දැනුනත් ඔහු ඒ ගැන වැඩි දුර සිතුවේ නැත.
රැකියාවේ කටයුතු බහුලවීම
නිසා සුදේශ්ට දවසේ වැඩි කාලයක් කාර්යාලයේ ගෙවා දැමීමට සිදු විය. ඔහුට තම පවුල ගැන
බැලීමටවත් වෙලාවක් ලැබුනේ නැත. මෙම තත්වය තේරුම් ගත් ශානිකා තම සැමියාට ඉටු විය
යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කලාය. මේ නිසා සුදේශ්ට කිසිම අපහසුවක් දැනුනේ නැත.
ශානිකා සහ ඔහු අතර යම් දුරස් බවක් මේ නිසා ඇති වුවද ඔහු එය නිමාකාරයෙන් තේරුම්
ගත්තේ නැත.
කාර්යාල වෙලාවෙන් පසුවත්
වැඩ කටයුතු අධික නිසා බොහෝ දිනවල සුදේශ් රාජකාරියේ නියුතු විය. මේ දිනවල නදීශාද
ඔහු සමග කාර්යාලයේ සිටියාය. සුදේශ්ගේ කඩවසම් පෙනුම නිසා ඔහු කෙරෙහි යම් ආකර්ෂණයක්
නදීශාට ඇති වූයේය. මේ ආකරෂණය ටිකෙන් ටික ලෙන්ගතු කමකට පත්වන බව නදීශාට වැටහුනත් ඇය
ඒ හැගීම යටපත් කිරීමට උත්සාහයක් ගත්තේ නැත.
"නදීශා මම ඔෆිස් එකේ රෑ
වෙලකල් ඉන්න දවස්වල ඔයත් ඉන්න ඕන නැ... ඔයා කලින් ගෙදර යන්න.. ඔයා ගෑනු ළමයෙක්නෙ.. " සුදේශ් දිනක්
නදීශාට පැවසීය
"කමක් නෑ සර්.. මම ගෙදර
ගියා කියල මොනව කරන්නද?.. සර්ට මෙහෙම හෙල්ප් කරන එකට මම ගොඩක් කැමතියි... " නදීශා සතුටු
මුහුණින් පැවසුවාය.
"ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ්
කෙනෙක් ඉන්නවද නදීශා..?
"අනේ නෑ ස්ර්.. " නදීශා මදහස
පාමින් කීවාය.
"හ්ම්.. ඔයා වගේ ලස්සන
කෙනෙක්ට බොයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ කිවුවම ටිකක් පුදුමයිනෙ.. " සුදේශ් නළල රැලි
කර කීවේය.
"ලව් කරන්න තරම් පර්සනලිටි
එකක් තියෙන කොල්ලො හොයාගන්න ආමරුයි සර්.. " නදීශා මුවගට
සිනහවක් නගමින් කීවාය.
නදීශා සුහ සුදේශ් අතර
කිට්ටු බැදීමක් ඇති වූයේ දෙදෙනාටම නොදැනුවත්වමය. දවසේ වැඩි කාලයක් එකට වැඩ කරන
ගැහැණියක හා පිරිමයෙකු අතර මෙවැනි බැදීමක් ඇතිවීම අසාමාන්‍ය දෙයක් නොවේ. සුදේශ්ට
මෙම බැදීම හුදෙක් රාජකාරි මට්ටමේ වුවත් නදීශාට එසේ නොවීය. ඇගේ හදවත තුළ සුදේශ්
නිසා ආදර මල් පූදින්නට විය. නදීශාට මෙයින් මානසික පීඩනයක් ඇතිවූ නිසා ඇය තම
මිතුරිය වූ දිනූෂා සමග මේ ගැන කතා කලාය.
"දිනූ.. මට මගේ බොස් හින්ද
මහ අමුතු ෆීලින් එකක් දැනෙනව බන්.. "
"ඒ මොනව වගේ එකක්ද බන්.. "
"මට හිතෙන විදියට චූටි ලව්
එකක් වගේ බන්.. මට කිසිම කොල්ලෙක් ගැන මීට කලින් ලව් එකක් හිතිල නෑතත කොල්ල මට
කොච්චර සැප දුන්නත් එහෙම ලව් එකක් ඇවිත් නෑ.. ඒත් බොස්ට මගේ ලව් එකක් තියනව වගේ
බන්.. අනේ මන් දන්නෙ නෑ... " නදීශා බැරෑරුම් මුහුණින් කීවාය.
"මේ නදී මෑන් බැදල නේද?...
උඹ එයාට ලව් කරන්න ගියොත් මාර අවුලක් වෙන්න යන්නෙ... " දිනුෂා කීවාය.
"සර් බැදල කියල මම දන්නව දිනූ..
අනිත් එක සර් එයාගෙ වයිෆ්ට ගොඩක් ආදරේ කියලත් මම දන්නවා.. දෙන්නට පුංචි පුතෙකුත්
ඉන්නවා.. ඒ මොනව වුනත් බන් සර් මාර හැන්ඩ්සම්... හරිම මැචුවර්ඩ්.. ඒ එක්කම සල්ලි
තියනවා.. මේ කම්පැණිය සර්ගෙ තනි අයිතියට තියෙන්නෙ... මේ ඔක්කොටම වඩා සර් මට පුදුම
කයින්ඩ්නස් එකක් පෙන්නනවා.. ඒකට මම කාන්දමක් වගේ ඇදිල යනවා.. "
"හ්ම්ම්.. මදැයි.. ඉදල ඉදල
උඹ ලව් කරන්න පටන් ගත්තෙ බැදපු මිනිහෙක්ට... "
"මම උඹට කියල තියනවනෙ
දිනූ.. මම කවද හරි ලව් කරන්නෙ... මැරි කරන්නෙ සල්ලි තියන ස්ටේබල් කෙනෙක්ට කියල..
ස්ර්ට ඒ ඔක්කොම දේවල් තියනවා... "
"මේ නදී... ඒ කියන්නෙ
උඹලව් කරන්නෙ මෑන්ගෙ සල්ලි වලට?... ආ... " දිනූෂා ඇසුවාය.
"නෑ බන් නෑ.. මට ඊට වඩා
සර්ට වෙන මොකක්ද බොන්ඩ් එකක් තියනව. මට තේරෙන්නෙ නෑ බන්.. මට නිකන් පිස්වු වගේ.. "
"මේ නදියෝ... උඹට හැදීගෙන
එන ලෙඩේනම් හොදනෑ... මේ ඔව අමතක කරලා අපි යමුද අද හවසට ගෝල්ඩන් නයිට් ක්ලබ් එකට..
ගිහින් පොරවල් දෙකක් සෙට් කරගෙන ඕල් නයිට් ජොලියක් දාමු.. හෙට සෙනසුරාදනෙ... " දිනුෂා යෝජනා
කළාය..
"හ්ම්.. හා.. යමු දිනූ..
මටත් සර්ව පොඩ්ඩකට හරි අමතක කරන්න ඕන.. "
එදින සන්ධ්‍යෙව් නදීශා සහ
දිනූෂා කොළඹ ඉහල පෙලේ රාත්‍රී සමාජ ශාලාවක් වූ ගොල්ඩන් සමාජ ශාලාවට ගියෝය. ඉතාමත්
කාමුක ලෙස හැද පැළද සිටි මේ දෙදෙනාට එදින රාත්‍රිය ගත කිරීමට තරුණයන් දෙදෙනෙකු
සොයාගැනීම අපහසු කරුණක නොවුනි.
********
නදීශා සහ දිනූෂා රාත්‍රි
සමාජ ශාලවේදී හදුනාගත් තරුණයින් සමග රාත්‍රිය ගත කිරීමට හොටලයකට ගොස් නැවත
පැමිණියහ.
"ෆන් එකක් ගන්න ගියාම මේ
කොල්ලො මට ලව් කරන්නමනෙ ලෑස්ති වෙන්නෙ.. මේක මාර කරදරයක්නෙ බන්.. " සිය කාමරයේ යහන
මත වැතිරුනු නදීශා රාත්‍රි සමාජ ශාලාවේදී හදුනාගත් තරුණයා තමාට ආදරේ ප්‍රකාශ කිරීම
නිසා උරණව කීවාය..
"ඉතින් බන් ඒකෙ පුදුමයක්
නැහැනෙ.. උඹ වගේ ලස්සන සෙක්සි කෙල්ලෙක්ට ඔන කොල්ලෙක් පිස්සු වැටෙනවා.. " දිනූෂා ඇය
අසලින් යහනේ හිද ගනිමින් කීවාය..
"ඒ වුනාට මම තවම ලව් කරන්න
හිතල නැහැ.. " නදීශා කීවාය.. "
"හ්ම්.. එතකොට කවදද උඹ ලව්
කරන්න පටන් ගන්නෙ?.. " දිනූෂා නදීශාගේ නිකට මිරිකම්න් ඇසුවාය.
"හ්ම්ම්ම්.. මට සර්ව මගේ
හිතින් අයින් කරන්න බෑ බන්.. අද මම නයිට් ක්ලබ් ගියෙත් සර්ව අමතක කරන්න ට්‍රයි
කරන්න.. ඒත් ඒක හරි ගියේ නෑ.. "
"හරි මට කෙලින්ම කියපන්..
උඹ සර්ට ලව්ද?... " දිනුෂා එක එල්ලේ ඇසුවාය..
"ඔව්.. " නදීශා හිස ඔසවා
කීවාය.
"හ්ම්ම්.. මේකෙන් නම් මාර
අවුලක් වෙන්න යන්නෙ බන්.. සර් බැදල කියල උඹට අමතක වුනාද?.... "
"අමතක වුනේ නෑ බන්.. සර්
බැදල පුතෙකුත් ඉන්නව කියල මම දන්නවා.. ඒත් දිනූ.. මට කන්ට්‍රෝල් එකක් නෑ බන්.. මන්
දන්නෙ නෑ.. මට පිස්සු වගේ.. මට සර්ව අමතක කරන්න බෑ... මොන කොල්ලො එක්ක ගිහින් ෆන්
එකක් ගත්තත් මගේ හිතේ ඉන්නෙ සර් විතරයි.. " නදීශා හිස පහත් කරමින
කීවාය..
"හොදයි.. මොකක්ද උඹ සර්ගෙ
දකින විශේෂ දේ?.. " දිනූෂා ඇසුවාය.
"සර් මාර හැන්ඩ්සම් බන්..
ඒ වගේම සල්ලි තියනවා.. කම්පැනියේ හන්ඩ්‍රන්ඩ් පර්සෙන්ට් ෂෙයාර්ස් තියෙන්නෙ සර්ට..
අනික ස්ර්ගෙ ස්ට්‍රොන් පර්සනැලිටි
එකක් තියනවා.. සර්ට විස්ඩම් එක තියෙනවා.. ඔනම දෙයක් කල්පනා කරල හරි තඍණයක් ගන්න
පුලුවන්.. දැන් ඉන්න පිරිමි ගොඩක් දෙනෙක්ට මේ වගේ ක්වලිටීස් නෑ.. උන් හොද ෆන් ගන්න
විතරයි.. " නදීශා කීවාය.
"හ්ම්. උඹ කියන එක මට
තේරෙනවා.. ඒත් උඹට තේරෙනවද උඹ සර් එක්ක ලව් කරන්න ගියොත් වෙන්න පුලුවන් අවුල?..
පවුලක් කැඩෙන්න පුලුවන්.. ළමයෙක් අනාථ වෙන්න පුලුවන්.. තව ප්‍රශ්න එන්න පුලුවන්.. " දිනූෂා පැහැදිලි
කලාය.
"ඒ ඔක්කොම මම දන්නවා
දිනූ.. ඒත් අද කාලෙ ජීවත් වෙන්න නම් අපි සෙල්ෆිෂ් වෙන්න ඕන.. අපි ගැන විතරක්
හිතන්න ඕන.. අනිත අය ගැන හිතන්න ගියොත් අපිට ඕන කිසි දෙයක් ලැබෙන්නෙ නෑ... ඒ හින්ද
මට සර්ව ඕන.. අනික මෙහෙම හිතෙන් විතරක් ලව් කරන්න ගියොත් තව ටික දවසකින් මට පිස්සු
හැදෙයි... මට කමක් නඋ මේකෙන් එන කන්නීක්වන්සස් මොනව වුනත්.. මම සර්ට ලව් කරනවා.. " නදීශා
අධිෂ්ඨානයෙන් කීවාය..
"හ්ම්.. හොදයි නදී.. මම
උඹේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්.. ඒ හින්ද මම උඹට හෙල්ප් කරන්නම්.. හරි.. දැන් කොහොමද උඹ සර්
එක්ක ලව් එක පටන් ගන්න යන්නෙ?.. දිනූෂා ඇසුවාය.
.
"මම ඒකට ප්ලෑන් එකක් ගහල
තියෙන්නෙ.. මම උඹට හෙමින් සැරේ විස්තර කියන්නම්.. දැන් යමු.. ගිහින් ඩිනර් ගමු. " නදීශා යහනෙන්
නැගිටිමින් කීවාය..
*****
නදීශා සහ සුදේශ් අතර රාජකාරි
මට්මමෙන් විශාල බැදීමක් ඇති විය. මෙම බැදීම රාජකාරි මට්ටමමෙන් තරමක් ඔබ්බට යන
ආකාරයක් සුදේශ්ට වැටහුනද ඔහු ඒ ගැන වැඩි තැකීමක් නොකලේ ඔහුට ආදරණීය බිරිදක් සහ
පවුලක් තිබෙන නිසාය. කෙසේ වුවත් නදීශාගේ ලාවණ්‍යයත් කාවුක බවත් නිසා ඔහුගේ සිතට ඇය
ගැන අනරාගී හැගීම් පහළ නොවූයේම නැත. එහෙත් එම හැගීම ඔහු යටපත් කලේය.
දෙදෙනා අතර පෞද්ගලික කතා
බහද විටිව් විට සිදු විය.
"සර් මෙ වගේ ලේට් වෙනකන්
වැඩ කරන එකට මැඩම්ගෙන් අවුලක් නැද්ද?.. " දිනක් කාර්යාල වෙලාවෙන් පසුව කටයුතු කරන විටෙක නදීශා ඇසුවාය.
"හ්ම්.. නැත්තෙමත් නෑ..
ඒත් ඉතින් එයාට තේරෙනවනෙ මට තියෙන් වැඩ.. ඉතින් ඒ හින්ද මුකුත් කියන්නෙ නෑ.. " සුදේශ් කීවේය.
"සර්ට රෑ වෙලා ගෙදර ගියාම
ගොඩක් මහන්සි ඇති නේද?.. ගෙදර වැඩත් තියනවනෙ.. " "ම්ම්.. ඔව්.. ඒත්
ශානිකා ගෙදර ඔක්කොම වැඩ ටික බලා ගන්නවනෙ.. ඉතින් මට ඒ තරම් අවුලක් නෑ.. "
"මැඩම් සර්ට ඉතින් ගොඩක්
ආදරේ ඇතිනෙ නේද..? "
නදීශා සිහින් සිනාවක්
මුවගට නගමින් ඇසුවාය. ඇගේ සිනහවත් සහ ඇය පැළද සිටි සිට ඩෙනිම් කලිසමෙන් මතුවී
පෙනුන කාමුක බව නිසා සුදෙශ් යම් සලිත බවකට පත් විය.
"ඔ..ඔව්..නදීශා.. ශානිකා
මට ගොඩක් ආදරෙයි... ඇයි ඔයා ඒ වගේ දෙයක් ඇහුවෙ?.. " සුදේශ් නදීශා දෙස බලා
ඇසීය.
"අනේ නෑ සර්.. මම නිකන්
ඇහුවෙ. සොරි සර්.. "නදීශා බිම බලාගෙන කීවාය.
අයියෝ ඒකට කමක් නෑ
නදීශා.. ශානිකා මගේ වයිෆ්නෙ.. ඉතින් එයා මට ආදරෙයි.. "
"අනේ ඔව් සර්.. මට තේරෙනවා..
සර් ඉතින් කොච්චර රෑ වෙලා ගෙදර ගියත්..මේ.. මැඩම් එක්ක..... මේ එන්ජෝයි කරනව ඇති
නේ?.. " නදීශා තරමක
ලැජ්ජාවක් මුහුනේ මවාගනෙ ඇසුවාය..
"මේ.. ඔයා මොනවා අහනවද
මන් දන්නෙ නෑ ළමයො.. හික්.. ඔව් ඉතින් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් උනාම ඒවත් වෙන්න ඕන නේද?.. ඔයත් මැරි කරාම
එහෙම කරයි... " සුදේෂ් සිනාසෙමින් කීය.
"අනේ සොරි සර්.. මට ඒක
නිකන්ම කිවුනා.. අයෑම් සොරි.. " නිදීශා තම අතැගිලි මිරිකමින් කීවාය
.
"අයියෝ.. ඒකට කමක් නෑ
ළමයෝ.. ඉට්ස් ඕකේ.. ටේක් ඉට් ඊසි.. " සුදේශ් ඇය සැනසීමට
පත්කලේය.
නදීශාගේ සැලැස්මේ එකි
පියවරක් සාර්ථක වූ බව ඇයට වැටහිනි.
********
නදීශාගේ සුදේශ්ට ඇති ඇල්ම
දිනෙන් දින වැඩි විය. ඔහු ඇගේ සිතට පැණියේය. ඇය සුදේශ් ගැන ඇතිවී තිබුනේ ආදරය මුසු
රාගික හැගීමකි. ඇය සැල්ස්මේ තව පියවරක් ක්‍රියාවට නැගුවාය.
නිදීශාගේ කාමුක බව මතුවී
පෙනෙන ඇදුමන් සැරසුන ඡායාරූප සහ අඩනිරුවත් ඡායාරූප කිහිපයක් තම ජංගම දුරකතනයෙන්
ලබා ගත්තාය. ඇගේ අඩ නිරුත් ඡායාරූප ඕනෑම ලපිරිමයෙකු කාමයෙ කුල්මත් කිරීමට සමත් බව
නදීශා හොදින් දැන දිටියාය. ඇය මෙම ඡායාරූප සියල්ල MMS පණිවිඩයක් ලෙස සුදේශ්ගේ ජංගම දුරකතනයට යැව්වාය. මේ කාමුක ඡායාරූප සමග
අන්තර් ජාලයේ අසභ්‍ය වීඩියොවක සබැදියක්ද ඇය එක් කළාය.
නදීශා මෙමෙ බහු මාධ්‍ය
කෙටි පණරිවිඩය සුදේශ්ට ලැබීමට සැලැස්වූයේ ඔහු රාජකාරි නිමවී නිවසට ගිය විටදීය.
කෙටි පනිවිඩය දුටු
ස්දේශ්ට ඇතිවූයේ විදුලි සැරයක් වැදුනා වැනි ගැස්මක් සහ බලවත් ච්ත්ත ආවේගයකි.
නදීශාගේ මෙමෙ ඡායාරූප නිසා ඔහු යම් පෙළඹවීමකට පත් විය. ඒ වගේම ඒ සමග තිබු ලින්කුව
ඔස්සේ ගොස් වීඩියේව නැරඹු ඔහු තවත් අවුල් වියලු තත්වයට පත් විය. ඔහු මීට පෙර එවන්
දේ නරඹා තිබුනෙ නැත. ඔහුට එහි තිබ දේවල් ඔහුගේ බරිද සමග අතහද බලන්නට සිතුවූයේ ඒ
නිසාය.
**********
අතීතයෙන් නැවතත්
වර්තමානයට.......
අතීතය ආවර්ජනය කරමින්
සිටි ශානිකා නිනද්ට වැටුනේ එළිවන යාමයේ දීය. ප්‍රමාද වීන්නදට වැටුනද සිතේ ඇති
නොසන්සුන් බව නිසා ඇය අළුයම පහට පමණ අවදි වූවාය. ඇය අසල තවමත් නින්දේ පසුවන සිය
සැමියා දෙස උපේක්ෂා සහගත බැල්මක් හෙලූ ශෘනිකා ඔහුට සිහින් තොත්තුවක්දී යහනෙන්
නැගිට උදෑසන වැඩ කටයුතු වල යෙදීමට සැසුනාය
.
සිය පුතු පාසලට යැවීමත්
සැමියා සහ ඇයට රැකියාවට යාමටත් දෛනිකව සිදු විය යුතු දෑ සකස් කල ඇය ආපසු නිදන
කාමරයට පැමිණියාය. අවදි වී සිටි සුදේශ්
යහන මත වාඩිවී සිටියේය. ශානිකා ඔහු අසළින් හිද ගත්තාය.
"සුදේශ්... " ඔහුගේ හිස
සෙමින් පිරි මදිමින් ශානිකා මිමිනුවාය.
"ශානි.. " ඇය දෙස ශෝකය
මුසු බැල්මක් හෙලූ සුදේශ් කීය.
"ඊයේ රෑ වුන දවෙල් එච්චර
ගණන් ගන්න එපා සුදේශ්.. මට ඔයාව තේරුම් ගන්න පුලුවන්.. මම ඔයාගේ වයිෆ්.. අපි දෙන්න
අවුරුදු දහයක් එක වහලක් යට හිටියා.. ඉතින් මම ඔයාව හොදට අදුරනවා.. මම දැක්කා ඔයා
අර වීඩියෝ එක බලනව ඔෆිස් රූම් එකේ.. ඔයා මීට කලින් ඒවා බලලා නෑ.. ඕව බලපු හින්ද
තමයි ඔයා අර විදියෙ දේවල් කරේ.. අපි හෙමින් සැරේ මේ ගැන කතා කරමු.. " ශානිකා දයාබර
බිරිදකගේ සෙනෙහසින් කීවාය.
"අනේ සොරි ශානි.. ඔව් ඔයා
කියාන එක හරි.. මටත් ඒකට අප්සෙට් තමයි.. "
සුදේශ් ශානිකාට සිහින්
තොල් චුම්බනයක් දෙමින් කීය. ශානිකා මේ චුම්බනයෙන් මහත් සැහැල්ලුවට පත් වූවාය.
"දැන් ඒවා අමතක කරල දාන්න
පැටියෝ.. එන්න.. මූණ කට හෝද ගෙන තේ එක බීලා වැඩට යන්න ලෑස්ති වෙන්න.. මම පුතාව
ලෑස්ති කරන්නම්.... " ශානිකා යහනෙන් නැගිටිමින් කීවාය
.
ශානිකාගේ සෙනෙහස සුදේශ්ගේ
හදවත පතුලටම දැනුනි. එහෙත් ඔහුට නදීශාගේ කාමුක ඡායාරූප සිතින් ඉවත් කිරීමට නොහැකි
විය.
සුදේශ් කාර්යාලයට පැමිණ
නොබෝ වෙලාවකින් නදීශාද පැමිණියාය. නදීශා
සුදේශ් දෙස නොබලා බිමට නෙත් යොමා සිය අසුනේ වාඩි වූවාය. සුදේශ් කිසිවක් නොකියා ඇය
දෙස බලා සිටියේය. ඇය සැරසී සිටි කොට සායත් ඇගට සිරවූ උඩ ඇදුමත් නිසා ඔහු සිහින්
පෙළඹවීවකට පත් වූයේය.
"නදීශා.. පොඩ්ඩක් මෙහාට
එන්න... "
සුදේශ් ඇය ඇමතුවේය. එහෙත්
නදීශා කිසිත් නොකියා බිම බලා සිටියාය.
"නදීශා.. පොඩ්ඩක් මෙහාට
එන්න.. " සුදේශ් නැවතත්
කීය.
අසුනෙන් නැගිටි නදීශා
සුදේශ්ගේ මේසය අසළට ආවාය. ඇය තවමත් සුදේශ් දෙස බැලුවේ නැත.
"අ..අ..අ..අ..ඇම්..සො..සො..සොරි
ස්..සර්... " නදීශා සෙමින් මිමිනුවාය.
මොකක්ද නදීශා වුනේ?.. " සුදේශ් ඇසීය.
"න්..නෑ.. ස..සර්.. ඒ MMS එක මම යාලුවෙක්ට යවන්න
ඕන මැසේජ් එකක්. වැරදිලා සර්ට යැවුනා.. මට ඊයේ මුලු රෑම අප්සෙට් සර්.. අනේ සොරි
සර්.. "
නදීශා සෙමින් කදුලු
සැලුවාය.. එහෙත් මෙය ඇගේ සැලැස්මක් බව සුදේශ්ට වැටහුනේ නැත.
"හ්ම්ම්.. ඒකට කමක් නෑ
නදීශා.. ටේක් ඉට් ඊසි.. කවුද මේ යාලුවා.. කොල්ලෙක්ද?.. " සුදේශ් යම් විමතියකින්
ඇසීය.
"අනේ නෑ සර්.. එයා
මොඩ්ලින් කරන මගේ යාලුවෙක්.. මටත් මගේ ෆොටෝස් ටිකක් එවන්න කිවුවා.. ඉතින් මම මේ
ෆොටෝස් අරගෙන යැව්වා.. අනේ සර්.. වැරදිලා සර්ගෙ නම්බර් එකට ගියා.. "
"ඉතින් ළමයො.. අර වෙබ්
සරයිට් එකේ ලින්ක් එක යැව්වෙ මොකටද එයාට?.. ම්.. " සුදේශ් දෑස් ලොකුකොට
ඇසීය.
"අනේ සර් එයා ඔය වගේ ඒව
බලන්න ආසයි.. ඒකයි මම ඒ ලින්ක් එක යැවුවෙ.. "
"ම්ම්.. ඒ කියන්නෙ ඔයත් ඒව
බලනව නේද?.. "
"අ..අ..ඔ..ඔව් සර්" නදීශා බිම
බලාගෙන කීවාය
.
"හරි ළමයො හරි.. ඉතින් ඕකට
ඔච්චර ලැජ්ජා වෙයන්න ඕන නෑ.. "
සුදේශ් මෙසේ කියූ විට
නදීශා හිස ඔසවා ඔහු දෙස කාමුක බැල්මක් හෙලා මුවගට සිහින් සිනහවක් නගා ගත්තාය.
සුදේශ්ද සෙමින් සිනාසුනේය. සුදේශ් එම වීඩියො පටය නරඹා ඇති බව නදීශා තේරුම් ගත්තාය.
"සර්... " නදීශා සෙමින්
මිමිනුවාය.
"නදීශා.. එන්න පොඩ්ඩක්
ළගට... "
නදීශා ඔහුගේ අසුන අසලට
පැමිණියාය. සුදේශ් ඇය සෙමින් තුරුලු කර ගත්තේය.
"සර්..... " නදීශා සෙමින්
මිමිනුවාය.
"ඇයි නදීශා?.. "
සර්..ක ..කවුරු හරි කාමරේ
ඇතුලට එයි.. "
"ඉන්න පොඩ්ඩක් නදීශා.. "
සුදේශ් නැගිට ගොස් කාමරේ
තම කාර්යාල කාමරයේ දොර අගුල දමා වැසුවේය. වෙලාව උදෑසන අට පමනවූ නිසා කාර්යාලයේ
අනිකුත් සේවකයින් බොහෝ දෙනෙකු රැකියාවට ලැමිණ සිටියේ නැත. සුදේශ් සහ නදීශා අතර
කිසිදා කවර ලෙසකින්වත් සිදුවිය යුතු දෙයක් සිදු වීමට වැඩ් වෙලාවක් ගියේ නැත.
"තවම කට්ටිය ඇවිත නැහැ නේද
නදීශා... අපි එහෙනම් පොඩ්ඩක් කතා කරමු.. එන්න ඇතුලෙ සෝෆා එකට ගිහින් වාඩි වෙමු.. "
සර් දැන් සර්ගෙ වයිෆ්
මේවා දැන ගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවයන් නේද?.. " නදීශා බිය මුසු හඩකින්
කීය..
"හ්ම්ම්.. ඒක නම් එහෙම
තමයි නදීශා.. "
"සර්ට අප්සෙට්ද?.... "
"මම දන්නෙ නෑ නදීශා.. මට
ඒක හරියටම කියන්න බැහැ.. "
"සර් වයිෆ්ට ආදරෙයිද?... "
"ඔව් නදීශා.. එයත් මට ඒ
වගේම ආදරෙයි... "
"හ්ම්ම්ම්ම්.. " නදීශා දිග
සුසුමක් හෙලුවාය.
"දැන් වුන දේවල් ගැන හිතග
වැඩක් නෑ නදීශා.. ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන හිතමු.. "
"ඔව් සර්... "
නදීශාගේ සුදේශ්ට තිබූ
ලෙන්ගතුකම දැන් ආදරයකට පත්වී ඇත. මෙවන් ක්‍රියා තුළින් සුදේශ් තමාට අවනත කොට ගත
හැකි බව නදීශා පසක් කර ගත්තාය. සුදෙශ්ගේ බිරිද වූ ශානිකාගෙන් සුදේශ්ට නොලැබෙන
කම්සැප ඔහුට ලබා දීමට නදීශා අදිටන් කර ගත්තාය. සවස කර්යාලය නිමවී යනවිටද නදීශා තම
ක්‍රියවන් සදහා සුදේශව පොළඹවා ගත්තාය.
*****
මෙදින රාත්‍රියේ සුදේශ්ට
තම බිරිද වූ ශානිකා සමග එක් වීමට කිසිම අවශ්‍යතාවයක් තිබුනේ නැත. ඔහු ඇති තරම්
නදීශාගෙන් සතුටු වී තිබුණි.
මේ කිසිත් නොදත් ශෘනිකා
සුපුරුදු පරිදි ඇග සෝදා සුවද විලවුන් ගල්වා සුදේශ් අසලින් වැතිරුනාය. එහෙත් සුදේශ්
වෙනදා මෙන් ඇය වැළද තොල් සිප ගැනිමේ යෙදුනේ නැත. මෙය ශානිකාට අපහසුවක් මෙන්ම
ගැටලුවක්ද විය.
"සුදේශ් මොකෝ අනේ ඔයාට
වෙලා තියෙන්නෙ?.. "
ශානිකා ඔහු දෙස හැරී
ඔහුගේ හිස පිරිමදිමින් ඇසුවාය. සුදේශ්ට ඇතිවූයේ වරදකාරී හැගීමකි.
"අ.. මේ.. ශානිකා.. සොරි
අනේ.. " සුදේශ් ශානිකා
දෙසට හැරෙමින් කීවේය.
"කමක් නෑ සුදෙශ්.. අද ඔයාට
වැඩ කරල ගොඩක් මහන්සි ඇතිනෙ... ගෙදර එන්නත් රෑ වුනානෙ.. එහෙනම් නිදාගන්න.. "
ශානිකා නියම බිරිදකගේ
ස්නේහයෙන් කීවාය. සුදේශ්ට ඇතිවූයේ ශෝක සමුප්‍රයුක්ත හැගීමකි. ඔහු සන්ධ්‍යා කාලයේ
නදීශා සමග කල වැඩ ශානිකා නොදන්නීය. තම ආදරණීය බිරිදට කල වරද ඔහුගේ සිතට යම්
රිදුමක් ගෙන දුන්නේය.
"නෑ ශානි.. ඔයා මගේ
වයිෆ්නෙ... " සුදේශ් හානිව තුරුල් කරගත්තේය..
ශානිකාට සුදේශ්ගෙ බර
සෙමින් දැනෙන්ට විය. එහෙත් ටික වෙලාවක් ගත වත්ම ඔහුගේ මේ සදහා ඇති අලස බව ඇයට
දැනුනි.
"සුදේශ් මට දැනෙනව අද ඔයාට
මොකක් හරි අවුලක් තියනවා කියල... කමක් නෑ සුදේශ් ඉට්ස් ඕකේ.. අපි දැන් නිදා
ගනිමු.. "
මෙසේ කියු ශානිකා පොරෝනය
වසාගෙන අනෙක් අතට හැරුනාය. සුදේශ් උඩුබැලි අතට වැතිරී බලාගත් වනම සිටියේය. ස්වල්ප
වෙලාවකින් ඔහු නිදි ලොවට පිවිසියේය.
එහෙත් නින්ද ශානිකා
අසලටවත් ආවේ නැත. ඇය මෙහාදු වූ තම ආශාවන් ආයාසයෙන් මැ ගත්තාය. එයින් ඇයට කිසියම්
පීඩනයක් ඇති වූයේය. මේ නිසා ඇගේ සිරුරත් සිතත් සැහැල්ලුවට පත් නොවීම නිසා ශානිකා
බොහෝ වේලාවක් නිදි නොමැතිව සිටියාය.
******
සුදේශ්ට නොදැනීම ඔහු
නදීශාට කිට්ටු වූයේ නැතැතින්මය. සුදේශ්ගේ දුබලතා හොදින් හදුනාගත් නදීශා ඒවා
නියාමාකාරයෙන් හසුරුවාගනෙ ඔහු තමා වෙතට ටිකෙන් ටික නම්මා ගත්තාය. ශානිකාගෙන් ක්‍රමයෙන්
දුරස්ථ වූ ස්දේශ් වඩාත් සමීප විය. උදෑසන රැකියාවට යන වෙලාව එනතුරු සුදේශ් බලා
සිටියේ නොඉවසිල්ලෙන්ය. එලෙසම ඔහු නිවසට පැමිණියේ රෑ බෝ වූ විටය. සෑම උදෑසනකම සහ
සන්ධ්‍යා කාලයේ ඔහු නදීශා සමග එක් විය. නදීශාද තමන්ට හැකි උපරිහයෙන් ඔහු සතුටු
කලාය.
මේ නිසා ඔහුට ශානිකා සමග
එක් වීමක් අවශ්‍ය නොවීය. මේ හේතුවෙන් ශානිකගේ සහ ඔහුගේ සම්බන්ධය අඩුවී ගියේය. මෙහි
අතුරු ප්‍රතිඵලක් ලෙස සුදේශ් ශානිකාගේ සම තම පුතුගේ අවශ්‍යතාවයන් සොයා බැලීම අතපසු
කලේය.
තම සැමියාට හදවතින්ම ආදරය
කරන බිරිදක් වූ ශනිකාට සුදේශ්ගේ මේ වෙනස හොදින් වැටහුනේය. එහෙත් එයට හේතුව
කුමක්දැයි ඇයට දැන ගැනීමට නොහැකි විය. සුදේශ්ගේ ආදරය ගැන විශ්වාසය තබා ඇති ශෘනිකා
සුදේශ්ගෙ අනියම් සම්බන්ධයක් ගැන සැක පහල කොනලාය.
එහෙත් සුදේශ් ඇය සමග
පෙරදී මෙන් එක්වීමට මැලි වීම නිසා ශානිකා ලිංගික ආතතියකට පතු වූවාය. මෙහි බලාපෑම්
ඇගේ සිරුරෙන් පෙනෙන්නට විය. ඇය තරමක් කෙට්ටු වූවාය. නුරුස්නා ගතියක් ඇගේ
පෞරුෂත්වයේ ඇති විය.
එක් රැයක ඇය තදින් කෝප
වූවාය.
"සුදේශ්.. ඔයා හිතන්නෙ මට
සෙක්ස් ඕන නෑ කියලද?.. ආ.. මටත් ඔයාට වගේම ආසාවල් තියනව.. ඊයෙ රෑත් මම ගියෙ මගෙ
ආසාව තද කරගෙන.. මෙහෙම ගියොත් මාව දවසක පුපුරයි... මම මේවකරන්න වෙන මිනිහෙක් ගාවට
යන්නද?... ඒව කරන්න මම වල් ගෑනියෙක් නෙමෙයි.. මට ඕන ඔයාගෙ ආදරෙත් එක්ක මේ දෙවල්
කරන්න.. "
ශානිකා ශෝකය මුසු හඩන්
කීවාය
.
"ශානි ඔයාට මම ඉන්න තත්වෙ ගැන තේරෙන්නෙ නෑ... මේ දවස් වල වැඩ හරිම ස්ට්‍රෙස්ෆුල්..
ඉතින් මට ගෙදර ආවත් ඒ වැඩ ගැන තමයි මතක් වෙන්නෙ.. මම හැමදේටම වග කියන්න ඕනනෙ.. " ශානිකාගේ වේගවත්
කතාව නිසා සලිත වූ සුදේශ් කීවේය.
"ඉතින් සුදේශ්.. ඉස්සර ඔයා
ස්ට්‍රෙස් වෙලා ආවම අපි හැමදාම එක් වුනා.. ඒකෙන් ඔයාගෙ ඒ ස්ට්‍රෙස් ගතිය අඩු
වුනා.. දැන් මොකද ඔයාට එහෙම කරන්න බැරි හේතුව?.. ආ.. මට තේරෙන්නෙ නෑ.. " ශානිකා නුරුස්නා
හඩින් කීවාය.
"ඒ ඉස්සර වගේ නෙමෙයි
ශානි.. දැන් තියෙන ස්ට්‍රෙස් එක හරිම වැඩියි.. ඉතින් මට කිසි දෙයක් කරන්න හිතෙන්නෙ
නෑ.. "
සුදේශ් මෙසේ පැවසුවද ඔහු නදීශා
සමග සෑම දිනකම එකතුවේ. ඔහු නදීශාට දිනෙන් දින කිට්ටු වූ අතර ඔහු ඇයට ආදරය කිරීමටද
පටන් ගෙන ඇත. මේ නිසා ශානිකා සමග කායික සමබන්ධකම් ඔහුට දැන් අවැසිනැත.
"හ්ම්ම්ම්.. කමක් නෑ
එහෙනම්.. ඔයාට ඕන නැත්තන් නිකන් ඉන්න.. මම සෙක්ෂුවල් ටෙන්ෂන් එක හින්ද දවසක
පුපුරලා මැරිල යාවි... "
කෝපයෙන් මෙසේ කියූ ශානිකා
යහනේ අනිත් පසට හැරී දෑස් පියා ගත්තාය.. නදීශා සමග කාර්යාලයේදී එක්වීමෙන් ආතතිය
අඩුවී සිටි සුදේශ් ඉක්මනින්ම නින්දට වැටුනේය.
රෑ මැදියම අවදි වූ
සුදේශ්ට ශානිකා යහනේ නොමැති බව වැටහුනේය. මහත් කලබලයට පත් වූ සුදේශ් ඇය සොයා නිවසේ
සෑම තැනකටම ගියේය. ශානිකා ඔවුන්ගේ පුතුවූ පැතුම්ගේ කාමරයේ සිය පුතු තුරුලු කොට
නිදා සිටියාය. සුදේශ් විදුලි පහන දැල්වීය. ශානිකාගේ දෙනෙතින් කදුලු වෑස්සී තිබුන
බව දැක ගත හැකි විය.
සුදේශ් ශානිකාගේ උරහිසෙන්
සෙලවීය.
"ශානි මොකක්ද අනේ ඔයා මේ
කරන විකාර වැඩ?.. ආ.. ඇයි ඔයා මාත් එක්ක මේ වගේ කේන්තියෙන් ඉන්නෙ?.. "
සුදේශ් සෙමින් ඇසීය.
ශානිකා දෑස් විවර කලාය.
"විකාර වැඩ කරේ ඔයානෙ
සුදේශ්.. මට ඉවසන්න බැරි තනි කමක් දැනුනා.. ඉතින් මම පුතාගෙ කාමරේට ඇවිත පුතාව
තුරුල් කර ගත්තා.. මට මේ ලෝකෙ ඉන්නෙ, ඒ වගේම ආදරය කරන්නෙ ඔයාටයි පුතාටයි විතරයි..
ඉතින් ඔයා මට ආදරේ නැති හින්ද මම පුතාගෙ කාමරේට ආවා.. මම ජීවත් වෙන්නෙ ඔයයි පුතයි
හින්ද සුදේශ්.. "
ශානිකා කදුලු සලමින්
වේගයෙන් කීවාය.
"ෂ්ෂ්ෂ්... දැන් ඔයා කෑ
ගහල පුතා ඇහැරෙනවා.. එන්න යන්න කාමරේට.. "
ශනිකාගේ අතින් අල්ලා ගත්
සුදේෂ් ඇය සමග ඔවුන්ගේ නිද කාමරයට ගියේය
.
ශානික සම යහනට ගිය සුදේශ්
උමුතුවෙන් මෙන් ශානිකා සමග එක් වන්නට සැරසුනේය. එහෙත් ශානිකා ඔහු පසෙකට තලුලු කර
දමා ඇදුම සකස් කර ගත්තාය
.
"මෙකක්ද සුදේශ් ඔයාට වෙලා
තියෙන්නෙ?.. ආ.. අපිට රෝබෝල වගේ මේව කරන්න පුලුවන් කියල හිතුවද?.. සුදේශ් අපිට මේක තවත් මේ විදියට තියන් ඉන්න බෑ.. අපි මේ ගැන කතා
කරන්න ඕන.. දැන් මේ වෙලාවෙ කතා කරන්න බැහැ.. දැන් නිදා ගන්න.. අපි පස්සෙ කතා කරමු.. "
පොරොන්යට ගුලිවූ ශානිකා
දෑස් පියා ගත්තාය. යහනේ වැතිරුනු සුදේශ් පරාජිත ලීලාවෙන් නින්දට වැටුනේය.
දෙමහල්ලන් අතර ඇතිවී
තිබෙන අවුල් සහගත තත්වයට කිසිම අයුරකින් විසදුමක් ලැබුනේ නැත. ශානිකා සහ සුදේශ්
අතර මේ සම්බන්ධයෙන් කතා බහ සිදු වූවත් ස්දේශ්ගෙ නදීශා සමග ඇති අනියම් සම්බන්ධය
නිසා එම කතා බහවලින් නිසි ප්‍රතිඵල ලැබුනේ නැත. සිදුවූයේ තත්වය තවත් අවුල් සහගත
වීම පමණය.
ඇයගේ ආශාවන් තෘප්තිමත්
නොවීම නිසා ශානිකා අසහනයකට පත් වූවයෙ. මෙය ඇගේ ජීවිතයටත් දෛනික කටයුතු වලටත් අනිසි
බලපෑමක් ඇති කලේය. ඇය නිතරම කේන්ති යන නුරුස්නා ස්වභාවයක් පෙන්නුම් කලාය. ගෙදර දොර
කටයුතු නිසි අකාරයකින් සිදු නොවීය. ඇය තම පුතුවූ පැතුම්ට නිතරම සැර කලාය. මෙය ඇගේ
ආතතිය පිට කිරීමේ මාර්ගයක් වූයේය.
දිනක් සවස් වරුවක
කාර්යාලයෙදී සුදේශ් සමග එක් වීමෙන් පසුව නදීශා මෙතෙක් කල් සැලසුම් කල අදහස මුදුන්
පත් කර ගැනීමට සිතුවාය. සුදේශ් දැන් ඇයට වහ වැටී ඇති බව නදීශා පසක් කොට සිටින්නීය.
"සර්... " සුදේශ්ට
තුරුලුවී සිටි නදීශා තොදොල් වෙමින් මිමිනුවාය.
"ඇයි නදීශා?.. "
"මට සර්ව මැරි
කරන්න ඕන.. "
"නදීශා????... " තිගැස්මට පත්
සුදේශ් ඇසීය.
"ඔව් සර්.. දැන්
සර් ශානිකා මැඩම් එක්ක ඉන්නෙ සතුටින් නෙමෙයි.. මැඩම් සර් එක්ක ඉන්නෙ සන්තෝසෙනුත්
නෙමෙයි.. ඒත් අපි දෙන්නා ගොඩාක් ආදරෙන් ඉන්නවා.. ඉතින් කරන්න ඕන හොදම දේ තමයි සර්
මැඩම්ව ඩිවෝස කරල අපි දෙන්න බදින එක... ඒක අපි හැමෝටම හොදයි.. මැඩම් පස්සෙ වෙන
කවුරු හරි මැරි කරල සතුටින් ජීවත් වෙයි.. "
"හ්ම්ම්ම්..ඔව්..ඔයා
කියන එකත් හරි.. දැන් ශානිකායි මමයි ඉන්නෙ ලෝක දෙකක... "
"මේ ඔක්කොම ගැන
හිතල තමයි සර් මම මෛහෙම දෙයක් කරන්න හිතුවෙ.. "
"හ්ම්ම්.. ඒ වුනත්
නදීශා.. අපිට පුතෙක් ඉන්නව... එයාට මොනව වෙයිද?... " සුදේශ් කැළඹුනු හඩින්
ඇසීය.
"පුතාට ස්පිලිට්
කස්ටඩ් එක ගන්න පුලුවන් සර්.. එතකොට පුතාව සර් ළගයි මැඩම් ළගයි ඕන වෙලාවක තියා
ගන්න පුලුවන්... අපි හොදින් පුතාව බලා ගමු... මම එයාට අම්ම තෙනෙක් වෙන්නම්.. "
වැදූ මවගේ සෙනෙහස
පුංචි අම්මාගෙන් නොලැබෙන බව නදීශා නොදැන සිටියා වීමට පුලුවන. නදීශා නිසා ආලයෙන්
අන්ධ වී සිටි සුදේශ්ට මේ කිසි දෙයක් වැටහුනේ නැත.
"හ්ම් ඔව් අපිට
එහෙම කරන්න පුලුවන්. ශානිකා කොච්චර වන්දියක් ඉල්ලයිද දන්නෙ නෑ.. " සුදේශ් කීය.
" මැඩම්ට බැයි නොකියන්න කම්පෙන්සේෂන් දෙන්න සර්... දැන් සර්ට මේ කම්පැනියෙ
හන්ඩ්‍රඩ් පර්සෙන්ට් ෂෙයාර්ස් තියෙනවා.. ඉතින් මැඩම්ට තර්ට් පර්සෙන්ට් දෙන්න..
ඉතුරු හරිය අපි දෙන්නට... එතකොට තීරණ ගන්නෙ අපි දෙන්න... මැඩම්ට ඩිවිඩන්ඩ්ස්
විතරයි හම්බ වෙන්නෙ... මැඩම් ඒකට කැමති වෙයි.. සර් ඉන්න ගෙදරයි කාර් එකයි මැඩම්ට
දෙන්න.. මට මගේ තාත්ති සිනමන් ගාඩ්න්ස් වල ගෙයක් දීල තියනවා. අපිට ඒකෙ ඉන්න
පුලුවන්.. "
නදීශා කලක් සැලසුම් කර
සිටි වැඩ පිළිවෙල පැවසුවාය. සුදේශ් එය පිළි ගත්තේ නදීශාට ඔහු තදින්ම වහ වැටී සිටින
නිසාය.
"හොදයි නදීශා.. අපි ඒ විදියට
කරමු.. "
"සර් එහෙනම් ඉක්මනට මැඩම්ට
මේ ගැන කියන්න... "
"හොදයි නදීශා... "
********
දික්කසාද ක්‍රියාවලිය
සූදානම් කරගත් සුදේශ් සියලු ධෛර්යය සිතට ගනෙ එක් දිනක රාත්‍රියේ ශානිකාට මේ ගැන
පැවසුවේය.
ශානිකා, සුදේශ් සහ
ඔවුන්ගේ කුඩා පුතු පැතුම් සුපුරුදු පරිදි රාත්‍රී ආහාරය එකට ගත්තෝය. පෙරදී මෙන්
නොව ශෘනිකා සහ සුදේශ් අතර රාත්‍රී කෑම මේසයේදී වැඩි කතා බහක් සිදු නොවේ. සිය පුතු
නින්දට දැමීමෙන් පසු ශානිකා සාලයට පැමිණියාය.
"ශානි.. මට ඔයත් එක්ක
වැදගත් දෙයක් කතා කරන්න ඕන.. ඔහොම වාඩි වෙන්න.. " සුදේශ් කීය.
"මොකක්ද සුදේශ්?.. කියන්න.. " ශානිකා අසුනක
වාඩි වෙමින් කීවාය.
"ශානි.. අපි දෙන්න දැන්
ජීවත් වෙන්නෙ ලෝක දෙකක... අපිට දිගටම මේ වගේ ජීවත් වෙන්න බෑ... "
"ඉතින් ඔයා මොකක්ද කියන්
හදන්නෙ?.. " කිසියම් බැරෑරුම් දෙයක සේයාවක් ඉව වැටුනු ශානිකා ඇසුවාය.
"මම හිතුවා.. මේ .. මේ..
අපි.. අපි දෙන්නා ඩිවෝස් වෙන එක හොදයි කියල... " සුදේශ් මහත් අපහසුවෙන්
කියා ගත්තේය.
"සුදේශ්....අහ්...අහ්..ආ... "
ශානිකාට ගැ ගැසුනි. මුලු
ලෝකයම තමා වටේ කරකැවෙන්නා සේ ඇයට දැනුනේය. ඇයට මද ක්ලාන්ත ගතියක් ඇති විය. ශානිකා
දෑතේ හිස රදවා ගත්තාය. ඇයට කිසිවක් කතා කරගත් නොහැකි විය.
"ශානි.. මම හිතන්නෙ මේක
අපි දෙන්නටම හොද දෙයක්.. " සුදශේ සෙමින් කීය.
ශානිකා හිස ඔසවා ඔහු දෙස
බැලුවාය. ඇගේ සෑසේ රැදී තිබුනේ මහත් වේදනාවක් සහ ශෝකී බවකි. ඇගේ මේ වේදනාකාරී
බැල්ම නිසා සුදේශ් සංවේගයට පත් විය. එහෙත් ඔහු ඉක්මනින්ම යථා තත්වයට පැමිණියේය.
" ඇයි සුදේශ් මගෙන් ඩ්වොස්
වෙන්න ඕන?..
"
ශානිකාගේ වචන වල කිසිදු
කොපයක් ගැබ්වී තිබුනේ නැත. එහි ගැබ්වී තිබුනේ ආයාචනාත්මක ශෝකී බවක්ය.
සුදේශ් ඇයට කිසි
පිළිතුරක් නොදුන් නිසා ශානිකාගේ සංයමය බිදී ගියේය. ඇගේ කෝපය ඉස්මතුවී ආවේය. ඇය අසල
තිබූ කුෂන් කොට්ටයකින් ඔහුට දමා ගැසුවාය.
"ඔයා පිරිමයෙක් නෙමෙයි
සුදේශ්. කියන්න කට ඇරල බය නැතුව කියන්න ඇයි ඔයාට ඩිවොස් වෙන්න ඕන කියල.. කොන්ද පණ
තියෙන පිරිමියෙක් වගේ මගේ ඇස් දෙක දිහා බලාගෙන කෙලින් කියන්න... "
වාඩිවී සිටි අසුනෙන්
නැගිට සුදේශ් වෙතට ආ ශානිකා ඔහුගේ උරහිසෙන් අල්ලා සොලවමින් කීවාය. ඇගේ දෑසේ තිබූ
ශෝකී බව පහව ගොස් දෑසින් ගිනි පුලිගු දැල්වෙන්නට විය.
සුදේශ්ට කතා කරගත නොහැකි
විය. ඔහුගේ නිෂ්ශබ්දතාවය නිසා ශානිකාගේ කෝපය තවත් ඇවිස්සුනේය.
"කියන්න බැ නේද?.. ආ..
ඔව්.. ඔයාගෙ තියෙන හොර හිත හින්ද තමයි ඔයාට කතා කරගන්න බැරි..ත කවුද ඔයා ඊ ළගට
බදින්න යන ගෑනි?.. ආ... මට මේ ගැන යන්තම් හිතිල තිබුනා ළගකදි ඉදලා.. සුදේශ්
පිරිමියෙක් වුනාම කරන්න තියෙන්නෙ සෙක්ස් කරන එක විතරක් නෙමෙයි.. ඊට වඩා බොහාම
දේවල් ගෑණියෙක් පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු දෙනවා.. ඔයා ඒ කිසිම දෙයක් මටයි මගේ පුතාටයි
පහු ගිය කාලදෙි හරියට දුන්නෙ නෑ.. දැන් ඔයාට ඕන මගෙන් ඩිවෝස් වෙලා මේ කොහෙවත් ඉන්න
ගඋණයෙක් කරේ එල්ල ගන්න නේද.. ආ..
ස්ස්ස්..ඉහීඉ..ඉහ්..ඉහ්.ඉහිඊඊඊඊඊඊඊඊඊඊඊ...ආආආ..ස්ස්ස්ස්..ඉඉඉඉඉහීඊඊඊ...ස්ස්ස්.. "
ශෝකයත් කෝපයත් දරා ගත
නොහැකිවූ ශානිකා ඉකි බිදිමින් හඩන්නට වූවාය.
සුදේශ් කිසිවක් නොකියා ඇයට
කදුලු සැලීමට ඉඩ හැරියේය. හැඩීමෙන් ඇගේ චිත්ත වේගය අඩු වනු ඇතැයි ඔහු සිතුවේය.
ශානිකාගේ දික්කසාද වීමට හේතුව ඔහුට කියා ගත නොහැකි විය. තමා දැන් නදීශාට ආදරය කරන
බවත් ශානිකාට ඇත්තේ අනුකම්පාවක් පමණක් බවත් කීමට තරම් ආත්ම ශක්තියක් සුදේශ්ට
නොමැති විය.
හැඩීමෙන් වෙහෙසට පත්
ශානිකා නැවතත් අසුනේ වාඩිවී දෑත් මත හිස තබා ගත්තාය. මේ අවසරයෙන් කන්තෝරු කාමරයට
ගිය සුදේශ් දික්කසාදයේ විස්තර ඇති පත්‍රිකාව රැගෙන ආපසු පැමිණියේය.
"ශානි... මේ ඩිවෝස් එක අපි
දෙන්නටම හොදයි.. මේ බලන්න.. මේකෙන් ඔයාට කිසිම අඩුවක් වෙන්නෙ නෑ.. ඔයාට ඉස්සරහට
හොදින් ජීවත් වෙන්න මේ දේවල් ඇති... "
මෙසේ කියමින් සුදේශ් පත්‍රිකාව
ශානිකා අත තැබුවේය. එය සෙමින් අතට ගත් ශෘනිකා එහි තිබූ වගන්ති කියාවා බැලුවාය.
ප්‍රතිකාව කියවා අවසාන කල
ශානිකා සුදේශ් දෙස බැලුවාය. ඇගේ කෝපය ඉහ වහ යාම ිසා ඇය දත් මිටි කමින් තොල් සපා
ගත්තාය.
පත්‍රිකාව කීතු කීතු වලට
ඉරා දැමූ ශානිකා එම කැබලි සුදේශ්ගේ මුහුණට දමා ගැසුවාය.
"සුදේශ්.. ඔයා හිතුවද මම
වෙන්දේසි කරන්න පුලුවන් බඩුවක් කියලා.. ආ... ඔ්‍යාට ඕන මාව සල්ලි වලින් දේපල වලින්
මනින්නද?.. ආ.. සුදේශ් මම පහුගිය අවුරුදු දහයෙම මගේ ජීවිතේ ඔයාටයි පුතාටයි කැප
කලා.. මම ඒ කැප කල එකට කිසි දෙයක් ඔයාගෙන් ඉල්ලන්නෙ නෑ.. මම ඒක හරිම සතුටින් කලේ..
ඒත් ඔයාට ඕන ඒ කරපු දේ සල්ලි වලින් මනින්න නේද?.. නෑ සුදේශ්.. ඔයා එහෙම හිතුව නම්
ඔයා තවම මේ ශානිකාව හරියට අදුරන්නෙ නෑ. මට ඔයාගෙ සල්ලිවත් දේපලවත් කිසිම දෙයක් ඕන
නෑ සුදේශ්.. අන්න ඒක මතක තියා ගන්න... "
අධික කොපයත් ශෝකයත් මුසු
හඩින් වේගයෙන් මෙසේ කියූ ශානිකා හිද සිටි පුටුවෙන් නැගිට්ටාය.
"සුදෙශ්.. මම අද පුතාගෙ
කාමරේ නිදා ගන්නවා.. ප්ලීස් මාව හොයාගෙන එන්න එපා... "
සුදේශ් වෙත තියුණු
බැල්මක් හෙලූ ශානිකා එතැනින් ඉවත්ව ගියාය.
සුදේශ්ට කිසිවක් කර කියා
ගත නොහැකි විය. ඔහු තමාගෙන් ඉවත්ව යන ශානිකා දෙස බලා සිටියේ කිසිම හැගීමකින්
තොරවය. අවුරුදු පහක පෙම් සබදතාවයකින් පසු විවාහවී අවුරුදු දහයක් තමාගේ බිරිද වූ ඇය
දැන් ඔහු ඉදිරියේ අමුත්තියක වී ඇති බවක් ඔහුට දැනුනේය. ඇය මේ අවුරුදු දහයක කාලය
ඇතුළත තමා වෙනුවෙන් කල කැප කිරීමත්, ඔහු සැපවත් කිරීමට ඇය ගත් වෙහෙසත් සුදේශ්ගේ
මතකයට නැගුනේය. ඔහුට සිහින් ශෝකී හැගීමක් ඇති විය.
එහෙත් නදීශාට ඔහුගේ ඇති
බැදීම මේ සියලු හැගීම් අභිබවා නැගී සිටියේය. නිදන කාමරයට ගිය සුදේශ් එදා රැය තනිවම
යහනේ නින්දට වැටුනේය.
*******
පසුදින උදෑසන අවදිවූ
සුදේශ් රැකියාවට යාමට සූදානම් වූයේය. ශානිකා ඔහුට අවශ්‍ය සියලුදේ සූදානම් කොට තිබූ
බව ඔහු දුටුවේය. එහෙත් ඇය ඔහු සමග එක වචනයක් හෝ කතා කලේ නැත. සුදේශ්ට සිහින්
තනිකමක් දැනුනේය.
කාර්යාලයට පැමිණි සුදේශ්
නදීශා සමග පෙර දින සිදඅවූ සියල්ල පැවසීය. ඔහුට දැන් සැනසීමක් ඇත්ාත නදීශාගෙන්
පමණි.
"අයියෝ සර්.. ඕක ඔච්චර
ගණන් ගන්න එපා... ඕන ගෑණයේක් ඩිවෝස් එක ගැන ඇහුවම ඔය වගේ කලබල වෙනවා... ශානිකා
මැඩම්ටත් ඒක තමයි වුනේ..." නදීශා තත්වය බාල කොට පැවසුවාය.
"ඒ වුනත් නදීශා.. මට නිකන්
මහ අමුතු ෆීලින් එකක් ආවා.. මට ඒක විස්තර කරන්න බැහැ.. "
"ඔච්චර ඕක ගැන හිතන්න එපා
සර්.. එන්න අපි බෝර්ඩ් රූම් එකට ගිහින් රිලැක්ස් වෙලා එන්ජෝයි කරමු.. අද හැන්දෑවට
අපි ගෙස්ට් හවුස් එකකට යමු.. මම බුක් කරන්නම්.. එතන හරිම සීක්‍රට්.. කාටවත් පේන්නෙ
නෑ.. "
නදීශා සුදේශ්ට හාදුවක්
දෙමින් කීවාය.
එදින් සන්ධ්‍යෙව් නදීශා
සමග හෝටලයකට ගිය සුදේශ් ආපසු නිවසට පැමිණියේ රාත්‍රී දහයට පමණය. සුදේශ් නිවසට
පැමිණෙන විටශානිකා කන්තෝරු කාමරයේ මේසය අසල වාඩි වී යමක් ලියමින් සිටියාය. සුදෙශ්
දුටු ඇය හිස ඔසවා ඔහු දෙස බලා යන්තම් සිනාසුනාය. මේ සිමින් සිනහව නිසා සුදේශ්ට ඇති
වූයේ ශෝකජනක හැගීමකි.
"සුදේශ්.. මම කෑම ලෑස්ති
කරල තියෙන්නෙ මේසෙට තියල ඇති.. ඔයා වොෂ් එකක් දාල ගිහින් ඩිනර් ගන්න.. පුතා කාලා
දැන් නිදි... " ශෘනිකා කීවාය.
"ඉ..ඉතින් ඔයා ක්න් එන්නෙ
නැද්ද?... " සුදේශ් ඇසීය.
"නෑ සුදේශ්.. මම පස්සෙ
කන්නම්.. ඔයාට මහන්සි ඇතිනෙ.. ඉතින් ඔයා ක්න.. "
ශානිකාගේ කට හඩේ කාරුණාව
පිරි ශෝකයක් ගැබ්ව තිබුනි. ස්දේශ්ට හදවත රිදුමක් ඇති වුවත් ඔහු එය යටපත් කර
ගත්තේය.
නදීශා සමග හෝටලයට ගිය
සුදේශ් ඇය සමග රෑ ගෑම ගෙන තිබුනේය. මේ නිසා ඔහුට බඩගින්නක් තිබඅනේ නැත. එහෙත්
ශෘනිකාගේ කරුණාව පිරි වචන නිසා ඔහුට නොකා සිටීමට නොහැකි විය. ඒ නිසා ඇග සෝදා
සැහැල්ලුවට පත් සුදේශ් ශානිකාගේ ආහාරය අනුභව කලේය. ඔහුට අමුතු හැගීමක් ඇති වූයේය.
රෑ කෑමෙන් පසු සුදේශ්
නැවත කන්තොරු කාමරයට ගියේය. ශානිකා තවමත් තම කාර්යය කරමින් සිටියාය.
"ශානි.. ඔයා කාල නිදා
ගන්නෙ නැද්ද?... දැන් රෑ වෙලානෙ.. " සුදේශ් කීය.
"මම පස්සෙ එන්නම් සුදේශ්..
ඔයා ගිහින් නිදා ගන්න.. හෙට වැඩට යන්නත් ඕනනෙ.. " ශෘනිකා ඔහු දෙස නොබලා
කීවාය.
තනිවම කාමරයට ගිය සුදෙශ්
නින්දට වැටුනේ හිස් පිරි හැගීමකින් යුක්තවය.
******
පසුදින උදෑසන සුදේශ් අවදි
වන විට ශානිකා යහන මත වාඩිවී සිටියාය. ඇය සිනාමුසු මුහුණින් සුදේශ් දෙස බැලුවාය.
"හොදට නින්ද ගියාද සුදේශ්?.. " ඇය ඔහුගේ කෙස්
රොදක් ඇගිලි වලින් පිරිමදිමින් ඇසුවාය.
"ඔ..ඔව් ශානි" මදක්
වික්ෂිප්තවූ සුදේශ් කීය.
"හොදයි සුදේශ්.. ඔයාට ඕන මගෙන්
ඩිවෝස් වෙන්න නෙ.. මට ඔයාගෙ සල්ලි දේපල මුකුත් ඕන නෑ.. මෙන්න මේක තමයි මගේ ඩ්වෝස්
කන්ඩ්ෂන්ස්.. "
මෙසේ කියූ ශානිකා යහන මත
තිබූ පත්‍රිකාවක් සුදේශ්ට දුන්නේය. එම පත්‍රිකාවේ කිසිම දෙයක් ලියා තිබුනේ නැත.
"ශ..ශානි..මේ..මේකෙ කිසිම
දෙයක් නැහැනෙ.. " පුදුමයට පත් සුදෙශ් කීය.
"ඒක තමයි සුදේශ් මම
කියන්නෙ.. මට කිසිම දෙයක් ඕන නෑ.. " ශානිකා සිනා සෙමින් කීවාය.
"ශානි... " සුදෙශ් දෑස්
ලොකු කොට කීය.
"ඔව් සුදේශ්.. මට වස්තුව
දේපල කිසිම දෙයක් ඕන නෑ.. ඒත් සුදේශ් මට ඩිවෝස් එකට මාසයක් කල් දෙන්න... මම එහෙම
කල් ඉල්ලන්නෙ අපේ ඩ්වෝස් එකෙන් පුතාට බලපෑමක් නොවෙන විදියට ඒක කරන්න.. මේ මාසෙ
ඇතුලට අපිට පුලුවන් පුතාට ලොකු ඉම්පැක්ට් එකක් නොවෙන්න අපේ ඩ්වෝස් එක කරගන්න.. ඒ
හින්ද අපි දෙන්න මේ මාසෙ පුලුවන් තරම් සාමාන්‍ය විදියට ජීවත් වෙමු.. එතකොට පුතාට
ඒක එච්චර තේරෙන එකක් නෑ.. "
"අ..හා..හා..ශානි ඒක කරන්න
පුලුවන්.. " සුදේශ් කීය.
"සුදේශ් මගේ තව එක
ඉල්ලීමක් තියනවා... " ශානිකා මදක් බැරෑරුම් හඩන් කීවාය.
"ඒ..ඒ මොකක්ද ශානි?.. " වික්ෂිප්ත වූ
සුදේශ් ඇසීය
.
"සුදේශ්.. ඔයාට මතකද අපි
බැදල ඉස්සෙල්ලම මේ ගෙදරට ආපු දවසෙ ඔයා මාව කාර් එකේ ඉදල ඉස්සරහ දොර ගාවට උස්සගෙන
ආවා"
"ඔව් ශානි.. මට හොදට
මතකයි.. "
"එහෙනම් සුදෙශ් අපි දෙන්න
එකට ඉන්න මේ අන්තිම මාසෙ හැම උදේකම ඔයා මාව ඒ විදියට උස්සගෙන කාමරේ ඉදන් ඉස්සරහ
දොර ගාවට ගෙනියනවද?.. " ශානිකා ඇසුවාය.
ශානිකාගේ මේ ඉල්ලීම නිසා
සුදේශ් මහත්වූ පුදුමයටත් විමතියටත් පත් වූයේය.
"ඇ..ඇයි
ශා...ශානි...ඔ..ඔයා ඒ විදියෙ ඉල්ලීමක් කරේ?... "
"ඉතින් කියන්නකො.. ඔයාඑහෙම
කකරනවද?... " ශානිකා නැවතත් ඇසුවාය.
"හො..හොදයි ශානි.. මම එහෙම කරන්නම්.. " මදක් තොන්තු බවට
පත් සුදේශ් කීය.
"තෑන්ක්ස් සුදේශ් එහෙනම්
අද ඉදල එහෙම කරන්න පුලුවන්නෙ.." ශානිකා සුදේශ්ගේ අත අල්ලගෙන ඇසුවාය.
"පුලුවන් ශානි.. " තවමත්
වික්ෂප්තබව අඩු නොවූ සුදේශ් කීය.
"එහෙනම් ඔයා ලෑස්ති
වෙන්න.. මම උදේ කෑම මේසෙට ඇරල තියෙන්නෙ.. මම ගිහින් පුතාව ඉස්කෝලෙ යන්න ලෑස්ති
කරන්නම්.. "
ශානිකා මෙසේ කියමින්
කාමරයෙන් පිටව ගියාය. සුදෙශ්ට කිසිවක් සිතා ගත නොහැකි විය.
රැකියාවට පිටත්ව යාම සදහා
ශානිකා සහ සුදේශ් සුපුරුදු පරිදි නිදන කාමරයේ සිට ලැහැස්ති වූවෝය. දෙදෙනා අතර කතා
බහක් ඇති වූයේ නැත. ශානිකාගේ මුහුණේ ශෝකී බවක් ඇදී තිබෙන බව සුදෙශ් දුටුවේය. ඔහුට
අනුකම්පා සහගත හැගීමක් ඇතිවිය. ශානිකා කලු කලිසමක් සහ සුදු කමිසයකින් සැරසුනාය.
මවක් වුවත් ශානිකාගේ තරුණ පියකරු පෙනුම තවමත් ඇයට තිබේ. තමා ඇගෙන් ඈත් වූයේ ඇයි
දැයි සුාද්ශ් නැවතත් කල්පනා කලේය.
ඔහු ඇය දෙස මද වෙලාවක්
බලා සිටියේය.
"ඇයි සුදේශ්?.. " ශානිකා ඇසුවාය.
"න්..නෑ මුකුත් නෑ ශානි.. " සලිත වූ සුදේශ්
කීය.
"එහෙනම් සුදේශ්.. මාව අර
විදියට ඔයාගෙ අත් දෙකෙන් උස්සගෙන ඉස්සරහ දොර ගාවට ගෙනියනවද?.. පුතා ලෑස්ති වෙලා සාලෙ ඉන්නවා.. " ශානිකා සුදේශ්
අසලට පැමිණ කීවාය
.
සුදේශ් ශානිකාව සිය
දොතින් ඔසවා ගත්තේය. ඔහුට දැනුනේ විස්තර කල නොහැකි සංවේදී හැගීමකි. මෑත කාලයේ ඔහු
සහ ශානිකා අතර කිසිදු කායික සම්බන්ධයක් තිබුනේ නැත. මේ නිසා ශානිකා ඔසවා ගත් විට
ඔහුට ඇති වූයේ අමුතු හැගීමකි.
ශානිකා ඔසවා ගත් සුදේශ්
සාලයට පැමිණියේය. ඔවුන්ගෙ කුඩා පුතු පැතුම් මේ දර්ශනය නිසා මහත් ප්‍රීතියට පත්
වූයේය.
"හීහීහීහීහීහ... .තාත්ති
අම්මිව උස්සගෙන යනවා..ස්ස්ස්.. හරිම ෂොක් අම්මි..තාත්ති..අනේ..මම හරිම ආසයි... "
පැතුම් ප්‍රීතියෙන්
අත්පුඩි ගසමින් කීවේය.
සිය පුතුවූ පැතුම්ගේ මේ
විලාශය නිසා සුදේශ්ට දැනුනේ මහත්වූ ශෝකී බවකි. ඔහුගේ දෑසට කදුලු බිදුව්ක් ඉනුවේය.
සංවේදී වූ ශානිකාගේ දෑසටද කදුලු පිරුනේය.
"සුදේශ්.. අපේ ඩ්වෝස් එක
ගැන පුතාට දැනගන්න තියන්න එපා.... " ශානිකා සෙමින් මුමුනා කීවාය.
"හෙදයි ශානි... " අවුලට පත්
සුදේශ් සෙමින් කීය.
ඉදිරිපස දොර අසලට පැමිණි
සුදේශ් ශානිකා බිමින් තැබුවේය. ශානිකා ඔහු දෙස බලා යන්තම් සිනාසුනාය. කුඩා පැතුම්
ඔවුන් දෙදෙනාට තුරුලු වූයේය.
"අපි දැන් යමු.. " ශානිකා පැතුම්ගේ
අත අල්ලාගෙන කීවාය.
මොටර් රථයට නැගුනු තිදෙනා
නිවසින් පිටත්ව ගියෝය.
*******
සුදේශ් කාර්යාලයට
පැමිණියේ ශෝකය සහ සාංකාව මුසු හැගීමකින් යුතුවය. ඔහුගේ මුහුණේ මේ බව පෙනෙන්නට
තිබුණි. නදීශා මේ බව දුටුවාය
.
"ඇයි සර් නිකන් අප්සෙට්
එකෙන් වගේ?.. ඇය ඇසුවාය
.
සුදේශ් දික්කසාදය
සම්බන්ධයෙන් ශානිකාගේ ඉල්ලීම ගැන නදීශාට කීවේය. මේ කතාව ඇසූ නදීශා සිනාසුනාය.
"සර් ්.. මම හිතන්නෙ
ඩිවෝස් එක ගැන කිව්වම ශානිකා මැඩම්ගෙ ඔලුව අප්සෙට් ගිහින් තියෙනව වගේ.. ඒ හින්ද
තමයි මේ වගේ පිස්සු වැඩක් කරන්න හිතුනෙ.. සර් ඕක ඔච්චර ගණන් ගන්න එපා..මැඩම්ට ඕන
විදියට කරන්න.. තව මාසයයිනෙ... " නදීශා කීවාය.
"ඒ වුනාට නදීශා.. මට නිකන්
මහ අමුතු ලොන්ලි ෆීලින් එකක් ආවා.. " සුදේශ් කීය
.
"අයියෝ සර්.. ඕක ගැන ඔච්චර
හිතන්න එපා.. ඉන්න මම සර්ව රිලැක්ස් කරන්න. අපිට පැය බාගයයි තියෙන්නෙ.. බිස්නස්
ඇක්ටිව් ප්‍රසන්ටේෂන් එකට යන්න තියෙනවනෙ... ඉන්නකො.. " මෙසේ කියූ නදීශා සුදේශ්ව තදිනු තුරුල්
කරගත්තේය.
*********
ශානිකගේ ඉල්ලීමට අනූව
සුදේශ් දෙවන දිනයේද ඇය තම දෑතින් ඔසවා නිද කාමරයේ සිට ඉදිර දොරටුව දක්වා රැගෙන
ගියේය. පළමු දිනයට වඩා පහසුවෙන් ඔහුට මේ කාර්යය දෙවන දිනයේ කිරීමට හැකි වූයේය. ශානිකාද
පළමු දිනයට වඩා සැහැල්ලුවෙන් සිටියාය. නිද කාමරයේ සිට දොරටුව දක්වා යන මේ ගමනේදී
සුදේශ් ශානිකා දෙස ඉතා ඕනෑ කමින් බැලීය. ඇගේ මුහුණේ තිබූ ශෝකී බව ඔහු දුටුවේය.
එක්වරම සුදේශ් දුටු දෙයින් ඔහු සලිත බවටත් මද ශෝකයටත් පත් විය. ඒ ශානිකාගේ ඉදුනු
කෙස් ගස් කිහිපයක් ඔහුගේ නෙත ගැටුන විටදීය.
ශානිකා මහත් මානසික
පීඩාවකින් සිටින බව සුදේශ්ට තේරුම් ගියේය. පසුගිය අවුරුදු දහය තුළ තමා ඇය ගැන
එතරම් සොයා නොබැලු බව ඔහුගේ සිහියට නැගුනේය. සුදේශ් මදක් සංවේදී විය. එහෙත් දොරටුව
අසලට පැමිණ ඇය බිම තැබූ විට ඒ හැගීම පහවී ගියේය.
කාර්යාලයේදී නදීශා ඔහුව
වෙන්ත් ලෝකයකට අවතීර්ණ කලාය.
*********
දින කිහිපයකින් ශානිකා
සමග මේ දෛනික පිළිවෙත සිදු කරන විට සුදේශ්ට විවිධ හැගීම් ඇති වන්නට විය. හේ හැගීම්
සියල්ල ඔහුගේ සිතට ගලා ඒමට පටන් ගන්නේ නිදන කාමරයේ දී ඔහු ශානිකා දෑතින් ඔසවා ගෙන
ඇය දොරටුව වෙත යන ගමනේ දීය. මුල් දින දෙක තුනේ ඇය දොරටුව අසලදී බිමින් තැබූ විට මේ
හැගීම් නැතිවී ගිය නමුත් ටිකෙන් ටික එම හැගීම් ඔහුගේ සිත තුළ තැන්පත් වෙන්නට
වූයේය.
ශානිකා බිරිදක සහ මවක වශයෙන්
ඇගෙන් ඉටු විය යුතු කාර්යයන් නොකඩවා සිදු කලාය. ගෙදර දොර වැඩ මෙන්ම සුදේශ් සහ සිය
පුතුට ඇගෙන් ඉටු විය යුතු දෑ ඇය නොපිරිහෙලා ඉටු කලාය. බොහෝ දින වල දී සුදේශ් නදීශා
සමග රාත්‍රී ආහාරය හෝටලයකදී ගැනීමට පුරුදු වූයේය. එහෙත් ශානිකා සෑම දිනකම ඔහුට කෑම
පිළියෙල කලාය. ඔහු එම ආහාරය නොගත්තත් ඇය කිසිම දෝෂාරෝපනයක් කලේ නැත.
දහවන දිනයේ සුදේශ් ශානිකා
ඔසවන විට ඔහුට ඇය ගැන දැනුනේ විශාල ලෙන්ගතු කමකි. මේ ලෙන්ගතු කම ඔහුගේ සිතට ඇතුලු
වූයේ කුමන හේතුවක් නිසාදැයි සුදේශ්ට සිතා ගැනීමට නොහැකි විය. ඔහු ශානිකා දෙස
උපේක්ෂාවෙන් බැලීය. ඔහුගේ දෑතේ කුඩා දරුවෙකු මෙන් එසවී සිටි ශානිකා ඔහු දෙස බලා
සිහින් සිනාවක් නැගුවාය. ඒ සිනහවේ ගැබ්වී තිබූ සෙනෙහස සුදේශ්ගේ සිතට තදින් කා
වැදුනේය. ඔහු ශෘනිකා ගැන සිතන්නට විය. ශානිකා ඇගේ ජීවිතයෙන් අවුරුදු දහයක් තමා
වෙනුවෙන් කැප කොට ඇති බව ඔහුගේ සිහියට නැගුනේය. ඔහුගේ හදවතේ සිහින් රිදුමක් ඇති
වූයේය. මේ දයාන්විත හැගීම ඔහුගේ සිතින් ඉවත් කිරීමට සුදේශ්ට නොහැකි විය.
සෑම උදෑසනකම ශානිකා තම
දෑතින් ඔසවා ඇය දොරටුව වෙත රැගෙන යාමේ පිළිවෙතට සුදේශ් මහත්සේ ආශා කරන්නට වූයේය.
එය ඔහුගේ දෛනික කාර්යයක් බවට පත් විය. ශානිකා තම දෑතේ සිටින විට ඇගේ මුහුණේ තිබෙන
අහිංසක සැහැල්ලු පෙනුමත්, දෙතොලේ නැගෙන සිහින් සිනාවත් නිසා ශානිකාට ඔහුගේ සෙවනත්
රැකවරණයත් අවැසි බව සුදේශ්ට තේරුම් ගියේය. එහෙත් ඔහු එම රැකවරණය ඇයට නිසි පරිදි
ලබා දී නැති බව ඔහුගේ චිත්ත සන්තානයට දැනුනේය.
දහවන දිනය වන විට සුදේශ්ට
ශානිකා පහසුවෙන් ඔසවා යාමට හැකි වූයේය. මෙය නොකඩවා දිනපතා සිදු කිරීම නිසා තමා ඇය
ඔසවා යාමට තරම් ශක්තිමත්වී ඇතැයි ඔහු සිතුවේය. ඒ සමගම ඔහුගේ ඇයට ඇති ලෙන්ගතු කමේද
වැඩි වීමක් සිදුවී ඇති බව ඔහුගේ හදවතට දැනුනේය. මේ ලෙන්ගතු හැගීම නිසා සුදේශ් යම්
ව්‍යාකූලත්වයකට පත් වූයේය. එසේ තිබියදී ශානිකාට ඇතිවන මේ ඇල්ම ඔහුට සිතා ගත නොහැකි
විය.
ඔහුගේ සිතේ පවතින මේ ව්‍යාකූලත්වය
ඔහු නදීශා සමග පැවසුවේ නැත. නදීශා සෑම දිනකම උදෑසන සුදේශ්ගෙන ශානිකා ගැන
විමසන්නීය.
"සර් දැන් කොහොමද උදේ
රිචුවල් එක?.. සර්ට කොහොමද ෆීල් වෙන්නෙ?.. " මේ නදීශා දිනපතාම අසන ප්‍රශ්නයකි.
"විශේෂ මුකුත් නෑ නදීශා... " සුදේශ් ඇත්ත
සගවා කියන්නේය.
දිනෙන් දින මාසයේ දවස්
තිහ ගෙවී යන ආකාරය සුදේශ් මෙනෙහි කලේ සාංකා හැගීමකින් යුක්තවය. ඔහුට මේ දිනපතා
කාර්යය සෑම දිනකම දිගටම කිරීමේ අවශ්‍යතාවය සිතට දැනෙන්නට විය.
මාසයේ විසිපස්වන දිනය උදා
විය. තව ඇත්තේ දින පහක් පමණය. තව දින පහකින් තමා ශානිකගෙන් දික්කසාද වන බව සුදේශ්ට
සිහිපත් විය. ඔහුට සියුම් වේදනාවක් ඇති විය. මේ වේදනාව වඩාත් ඇති වූයේ ඔහු උදෑසන
ශානිකා ඔසවා දොර වෙත රැගෙන යාමේ දෛනික පිළිවෙත තව දින පහකින් නිමාවට පත්වන නිසාය.
කාලය නැවැත්වීමට හැකි නම් සුදේශ් එය ආශාවෙනු සිදු කරනු ඇත.
මෙදින ශානිකා රැකියාවට
යාම සදහා ඇදුමක් තෝරා ගැනීමට නොහැකිව සිටියාය.
"ඇයි ශානි?.. ඔයාට ඩ්‍රෙස්
එකක් හොයා ගන්න බැරුවද ඉන්නෙ?... ඇගේ මෙම දෙගිඩියාව දුටු සුදේශ් ඇසීය.
"නෑ සුදේශ්... මේව එකක්
වත් මට හරියට ෆිට් වෙන්නෙ නෑ.. ඔක්කොම ලූස්.. " ශානිකා ඔහු දෙස ලයාන්විත
බැල්මක් හෙලමින් කීවාය.
සුදේශ් ශානිකා දෙස
උපේක්ෂාවෙන් බැලුවේය. සිදුවී ඇති දෙය ඔහුට පැහැදිලි විය. පසුගිය සති තුන ඇතුලත
ශානිකා සිතින් පමණක් නොව ගතින්ද පීඩාවට පත්වී ඇත. ඇගෙ සිරුර කෙට්ටුවී ඇත. ඇයට
ඇදුමක් තෝරා ගැනීම පවා අපහසු කාරණයක් වී තිබේ. ඇය පහසුවෙන් ඔසවාගත හැකි වන්නේ
තමාගේ ශක්තිය වැඩි වීමක් නිසා නොව ඇගේ සිරුරේ බර අඩු වීම නිසා බව සුදේශ්ට ඒත්තු
ගියේය.
"ශානි.... " සුදේහ් සෙමින්
කීවේය.
"ඇයි සුදේශ්?... " ශානිකා ඔහු අසලට
පැමිණ ඇසුවාය.
"නැ ශෘනි මුකුත් නෑ..එන්න
මම ඔයාව අත් දෙකට ගන්නම්.. "
ශානිකා දෑතින් ඔසවා ගත්
සුදේශ් දොරටුව වෙත පා තැබුවේ හැගීම් නැති පුද්ගලයෙකු විලසින්ය.
*********
මාසයේ විසි නම වන දිනය
උදා විය. තව ඇත්තේ එක දිනක් පමනි. එදින උදෑසන සුපුරුදු පරිදි ශානිකා සහ සුදේශ්
රැකියාවට යාමට සූදානම් වූවෝය. ශෘනිකාට ඇදුමක් තොරා ගැනීම අපහසු වූෟ නිසා ඔවුන්
කාමරය තුළ මදක් පමා විය. මේ නිසා ඔවුන්ගේ කුඩා පුතු පැතුම් කාමරයට පැමිණියේය.
"තාත්ති.. ඇයි අද අම්මිව
වඩාගෙන එන්න පරක්කු වෙන්නෙ?... "
පැතුම් සුරතල් ාලස ඇසීය
සිය මවගේ සහ පියාගේ මේ දෛනික කාර්යය ඔහුගේ ජීවිතයේ කොටසක්ද වී ඇත.
අපි එන්නම් මගෙ සුදු
පුතේ.. ඔයා සාලෙට යන්න.. " ශානිකා සිය පුතුට උණුසුම් හාදුවක් දෙමින් කීවාය. සුද්ශ්ගේ සිත කීරි ගැසී
ගියේය. එහු කදුලු සගවා ගත්තේ මහත් අපහසුවෙන්ය.
පැතුම් කාමරයෙන් ගිය පසු
සුදේශ් ශානිකා ඔසවා ගත්තේය. ඔහුට විදුලි සැරයක් වැදුනාක් මෙන් දැනුනේය. ශානිකා
මහත්වූ වේදනාවක් සහ දොම්නසක් හදවතේ සිරකොට
සිටින බව ඔහුට වැටහුනේය. ඇය එසේ කලේ තමා සහ ඔවුන්ගේ පුතු වෙනුවෙන් බව ඔහුට
පැහැදිලි විය. ඔහුගේ සිරුර මදක් වෙව්ලුවේය.
"සුදේශ්... අනේ ඇය?.. " ශානිකා ඇසුවේ
දයාබර බිරිදකගේ විලාශයෙන්ය.
"න්..න්..නෑ මුකුත් නෑ..
ශානි.. "
"වැඩිය හිතන්න එපා
සුදේශ්.. තව එක දවසයිනේ.. ඊට පස්සෙ ඔයා නිදහස්... "
"ශ්..ශ්..ශා..ශානි.. "
"සුදේශ්... මම මෙච්චර කල්
ඔයාගෙන් මේක ඇහුවෙ නෑ.. කවුද ඔයාගෙ ආදරය මගෙන් අර ගත්ත ඒ එක්කෙනා?.. ඔයා මට කියන්න
කැමතිද?.. ශානිකා සිහින් සිනහවක් ගනමින් සෙමින් ඇසුවාය.
"එ..එ..එයා..න..නදීශා.. " සුදෙශ් ගැහෙන
කටහඩින් කීය.
ඔයාගෙ පර්සනල් ඇසිස්ටන්ට්
ද?.. "
"ඔ..ඔව් ශානි.. "
ශානිකා අහිංසක ලෙස සුදේශ්
දෙස බලා ඇගේ දෑත් ඔහුගේ ගෙල වටා දමා ගත්තාය. සුදේශ් නිරායාසයෙන්ම ඇගේ හිස
පිරිමැද්දේය.
"අපි යමු.. ස්දේශ්.. පුතා
බලාගෙන ඇති.. "
ශානිකා ඔසවා ගත් සුදේශ්
කාමරයෙන් සාලයටත්, සාලයෙන් ඉදිරිපස දොරටුව දෙසටත් ගමන් කලේය. ඇගේ සිරුර ඉතා
සැහැල්ලු බව ඔහුගේ දෑතට දැනුනේය. ඔහුගේ මතකයට නැගුනේ දෙවැනි ගමන නිමවා නිවසට
පැමැණි පළමු දිනයේ ඇය ඔසවා ගෙන පැමිණි මොහොතය. එදා ශානිකා මෙලෙසම සැහැල්ලු තරුණ
ළදක් බව ඔහුට සිහි විය. සුදේශ්ගේ මතකය වේගයෙන් ඒ සුන්දර අතීතය වෙත ගියේය.
සුදේශ් එදා කාර්යලටය
පැමිණියේ තොන්තු බවකින්ය. නදීශා මේ බව දුටුවාය.
"අයියෝ මොකේ මේ සර්..
නිකන් මාර අප්සෙට් එකෙන් වගේ.. තව එක දවසනෙ.. ඊටපස්සෙ අපි දෙන්නට ඉක්මනටම එකතු
වෙන්න පුලුවන්නෙ... " නදීශා ඔහුට තොල් හාදුවක් දෙමින් කීවාය.
"හ්ම්ම්... ඔව් නදීශා.. "
"සර්.. අපි අද හැන්දෑවට
රෙනයිසනස් හොටෙල් එකේ පෙන්ට් හවුස් එකට ගිහින් හොදට එන්ජෝයි කරමු.. මම බුක්
කරන්නම්..ඩ නදීශා කීවාය.
"හ්ම්ම්.. එපා නදීශා.. අද
බෑ.. "
"අනේ ඒ මොකෝ සර්..
යමුකෝ... " නදිශා තොදොල් වෙමින් කීවාය.
"බෑ කිව්වම බෑ ළමයෝ.. " සුදේශ් මද
කේන්තියකින් කිවේය.
"ඕකේ සර්.. ඇයි ඈම් සොරි.. " නදීශා මෙසේ කියා
එතැනින් ඉවත්ව ගියාය.
සුදෙශ් නදීශා දෙස බලා
සිටියේ දෙලොවක අතරමං වූ කෙනෙකු විලසින්ය.
ඒ දෛවෝපගත අවසාන දිනය උදා
විය.
නින්දෙන් අවදි වූ සුදේශ්
වහලේ සිවිලිම දෙස බලා කල්පනා ලොවකට පිවිසියේය. ඔහු ශානිකා සමග අවුරුදු පහක්
පෙම්වතුන්ව සිටි කාලයත් අවුරුදු දහයක් එක වහලක් යට ජීවත් වූ සමයත් ඔහුගේ සිතට
අවතීර්ණ විය. ඔහු මානසික පීඩාවකට පත් වියත කිසිම දෙයක් හරි හැටි සිතා ගැනීමට ඔහුට
නොහැකි විය. ජීවිතය මායාවක් ලෙස ඔහුට දැනුනේය.
කල්පනා ලොවේ අතරමං වී
සිටි සුදේශ් ශානිකා කාමරයට පැමිණෙනු දුටුවේ නැත.
"සුදේශ්.. ඔයා නැගිට්ටද?.. "
ඇය සිනා මුසු මුහුණින්
ඇසුවාය. කල්පනාවෙන් මිදුනු සුදේශ් ඇය දෙස බැලුවේය. ශානිකා හැද සිටි ඇදුම දුටු
සුදේශ් තිගැස්සුනේය.
"ශ්..ශ්..ශා..ශානි..ඔ..ඔය
ගවුම මෙච්චර කල් කොහෙද තිබුනෙ?.. " සුදේශ් වෙවුලන කට හඩින් ඇසීය.
ශානිකා හැදගෙන සිටියේ මීට
අවුරුදු දහයකට පෙර ඇය සුදේශ් සමග නිවසට පැමිණි පළමු දිනයේ හැද සිටි ගවුමය. ඒ එදා
සුදේශ් ඇය දෑතින් ඔසවා මෝටර් රථයේ සිට නිවසේ දොරටුව වෙත රැගෙන එන විට හැද සිටි
ගවුමය.
"ඔව් සුදේශ්.. එදා ඔයා මාව
මේ ගෙදරට එක්ක ආපු දවසෙ මම ඇදල හිටිය ගවුම තමයි..ඊට පස්සෙ මට මේක අදින් බැරි වුනත්
මම දැන් කෙට්ටු වුන හින්ද මට දැන් මේක අදින් පුලුවන්.. ඉතින් අද මේක ඇන්දා..?
ශානිකා සුදේශ් අසලින් යහනේ වාඩ් වෙමින් කීවාය.
"ශ්..ශ්..ශ්.. ශානි... " සුදේශ්ට කතා කර ගත
නොහැකි විය. වචන ඔහුගේ උගුරේ සිර විය.
"මූන කට සෝදාගෙන සාලෙට
එන්න සුදේශ්.. මම උදේ කෑම ලෑස්ති කරා.. පුතාව මම අද කලින් යාලුවෙක් එක්ක ඉස්කෝලෙට
යැව්වා.... "
මෙසේ කියූ ශානිකා
සුදේශ්ගේ හිස සෙමින් පිරි මැද කාමරයෙන් එළියට ගියාය.
මුහුණ කට සෝදා ගත් සුදේශ්
සාලයට පැමිණියේය. කෑම මේසය දුටු සුදේශ් එක්වරම ගල ගැසී ගියේය. ශානිකා කිරි බතක්
පිළියෙල කොට මේසය මත අලංකාර මල් බදුනක් තබා සරසා තිබුණාය. තමා මේ දකින්නෙ සිහිනයක්
දැයි සුදේශ්ට සිතුනේය.
"එන්න සුදේශ්. අපි දෙන්න
එකට ගන්න අන්තිම කෑම වේල මේක තමයි... ඔයා ඉස්සරහට මොනව කරත්.. කවුරු එක්ක ජීවත්
වුනත්.. ඔයාට හැම සතුටක්ම ලැබෙන්න කියල මම විෂ් කරනවා... එන්න.. අපි එකට වාඩි වෙලා
කමු... " ශානිකා ඔහුගේ අත
අල්ලා ගෙන කීවාය.
සුදේශ් කිරිබත් අනුභව කලේ
යන්ත්‍රයක් මෙන්යත සිදුවන කිසිම දෙයක් හරි හැිටි වටහා ගැනීමට මානසිකත්වයක් ඔහුට
තිබුනේ නැත. ඔහු මහත්සේ සංවේදී විය. ළය පැළී යන තරම් තද බවක් ඔහුට දැනෙන්නට විය.
උදය ආහාරය නිමවා නාන
කාමරයට ගොස් දොර වසා ගත් සුදේශ් සිත් පවතින බර සැහැල්ලු වීමට කුඩා දරුවෙකු මෙන්
කදුලු සැලුවේය. ශානිකාට ඔහුගේ කදුලු පෙන්වීමට ඔහු කැමති වූයේ නැත. එහෙත් ඔහුගේ
සිතේ පවතින ඒ බර සැහැල්ලු වූයේ නැත.
අවුරුදු දහයකට පරෙ පළමු
වරට ශානිකා තම දෑතින් ඔසවා නිවසට රැගෙන ආ සුදේශ් අවසාන වරට ඇය ඔසවා නිවසින් පිට
වීමට යන ඒ මොහොත උදා විය. නිදන කාමරයේදී සුදේශ් ඇය දෑතින් ඔසවා ගත්තේය. ශානිකා
ඔහුගේ ගෙල වටා අත් දමා ගත්තාය. ඇගේ සැහැල්ලු බව සුදේශ්ට හොදින් දැනුනේය.
"අපි යමු සුදේශ්.. " ශානිකා සෙමින්
මිමිනුවාය.
සුදේශ්ට පියවර තැබීමට
තරම් ශක්තියක් තිබුනේ නැත. ශානිකා ඔසවා ගත් ඔහු ඇය දෙස ඇසි පිය නොහෙලා බලා
සිටියේය.
"ඇයි සුදේශ්?.. අපි යමු දොර ළගට... "
ඉතා සෙමින් පියවර තැබූ
සුදේශ් නිදන කාමරයේ සිට සාලය හරහා ඉදිරිපස දොර ළගට පැමිණියේ සිත් පිත් නැති කෙනෙතු
මෙන්ය. දොර ළගට පැමිණි සුදේශ්ට ශානිකා බිමින් තැබීමට සිත ඉඩ දුන්නෙ නැත. ඇය ඔසවා
ගෙන සිටින අවසාන තත්පර කිහිපය මෙය බව ඔහුට සිහි වූයේය.
"සුදේශ්... මට හරිම සන්තෝසයක් සැහැල්ලුවක්
දැනෙනවා සුදේශ්.. " ශානිකා මිමිනුවාය.
"ඒ..ඒ..ඇ..ඇයි ශානි.. " සුදේශ්ගේ දුබල
කට හඩින් ඇසීය.
"සුදේශ් එදා ඔයා මාව
ඉස්සෙල්ලම මේ ගෙදරට මෙහෙමෙ ගෙනාව වගේ අලි දෙන්න එකට ඉන්න අනිතිම දවසෙ ඔයා මාව ඒ
විදියටම ගෙදරින් එළයට අරගෙන ආවා.. මම අද ඇදල ඉන්නෙ එදා ඇදපු ගවුමමයි... ඒක හරිම
ලස්සනට වුනා.. ඒ හින්ද මට දැන් මේ ගෙදරින් හරිම සන්තොසෙන් හිත හදාගෙන යන්න
පුලුවන්.. අපි දෙන්නගෙ කිසිම විදියක තරහක් නෑ සුදේශ්.. ඒක කොච්චර ලස්සන දෙයක්ද?.. "
ශානිකා කදුලු තද කර
ගනිමින් කීවාය. එහෙත් ඇගේ කටහඩේ සන්සුන් බවක් තිබුනි.
"ශ්.ශ්..ශා..ග්..ග්.ග්.. " සුදේශ්ට වචන
පිටවූයේ නැත.
"ඔව් සුදේශ්.. මම මේ
ගෙදරින් යන්නෙ හරිම සැහැල්ලු හිතකින්.. මම මගේ යාලුවෙක්ට කියල පුංචි කාමරයක්
කුලියට ගත්තා.. මට පුතා එක්ක එතන ජීවත් වෙන්න පුලුවන්.. පුතාගෙයි මගෙයි ඇදුම්
ටිකයි බඩු ටිකයි මම ඒ කාමරේට යැවුවා.. මට හගේ රස්සාවෙන් හම්බ වෙන පඩියෙන් මගෙයි පුතාගෙයි
වැඩ කරගන්න පුලුවන්.. මට ඔයාගෙන් කිසිම දෙයක් ඕන නෑ සුදේශ්.. ඒ කොහොම වුනත් ඔයාට
ඕන වෙලාවක ඇවිල්ලා පුතාව බලන්න.. ඒයාව ඕනෑම තැන එක්ක යන්න.. පුතාට තාත්තගෙ ආදරේ
ඕන.. මම ඒක දන්නවා.. "
"ශ්..ශ්..ශානී.. " සුදේශ්ට කදුලු
නවතා ගත නොහැකි විය. ඔහුගේ දෑසින් වැටුනු කදුලු බිංදු ශෘනිකාගේ මුහුණ මත පතිත විය.
"අනේ සුදේශ් අඩන්න එපා..
ඔයා අඩනව බලන්න මම කැමත් නැ. මට ඕන ඔයා සන්තෝසෙන් හිනා වෙලා ඉන්නව බල්න්න. මම
හැමදාම ප්‍රාර්ථනා කලේ ඔයාගෙ සතුට.. මම ඒ වෙනුවෙන් පහුගිය අවුරුදු දහයම මගේ ජීවිතය
කැප කලා.. මගෙන් අඩු පාඩු වෙලා ඇති.. මට ඒ වට සමාවෙන්න සුදේශ්.. " ශානිකා මහත්
වෑයමකින් කදුලු සගවා ගෙන කීවාය.
"ශානීඊඊඊඊ... " සුදේශ්ගේ දෑසින් කදුලු කැට කඩා හැලුනේ වක්කඩ කැඩුවාක්
මෙන්ය. ශෘනිකා ඔහුගේ දෙකොපුල් පිරි මැද්දාය.
"ඔයා දුක් වෙන්න එපා
සුදේශ්.. අපේ කර්ම ශක්තියේ හැටියට අපේ ජීවිත ඉස්සරහට යාවි.. ඔයා නදීශා එක්ක
සතුටින් ඉන්න.. මම ඔය දෙන්නට සුභ පතනවා.. මට දැනෙන හැම දුකකටම.. හැම වේදනාවකටම වඩා
මට ඔයාගෙ සන්තෝසෙ ලොකුයි සුදේශ්. ඒ හින්දා ඔයා ඉස්සරහට සන්තොසෙන් ජීවත් වෙනව
දකින්නයි මට ඕන කරන්නෙ.. දැන් මාව බිමින් තියන්න සුදේශ්.. අපිට වෙන් වෙන්න වෙලාව
හරි.. "
ශානිකා හිස උඩට ඔසවා
සුදේශ්ගේ කම්මුලට සිහින් හාදුවක් දුන්නාය. සුදේශ් ඇය බිම තැබුවේ යන්ත්‍රයක් ක්‍රියා
කරන්නාක් මෙනි. ඔහුගේ සිත ගත දෙකම ක්‍රියා විරහිත වී ඇති ආකාරයක් සුදේශ්ට දැනුනේය.
සිය අත් බෑගය අතට ගත්
ශානිකා ගේට්ටුවෙන් පිට වීමට සූදානම් වූවාය.
"මේ.ශ්.ශා.ශානි.. ඔ.. ඔහොම ඉන්න.. මම ඔයාව ඔෆිස්
එකට බස්සන්නම්.. " සුදේශ් මහත් අපහසුවෙන් කියා ගත්තේය.
"එපා සුදේශ් අද ඉදල මට
තනියමනේ යන්න වෙන්නෙ.. ඒක හින්ද මම බස් එකේ යන්නම්.. හවසට මම පුතාව ඩේ කෙයාර්
එකෙන් අරගෙන එක්ක යන්නම්.. "
මෙසේ කියමින් සුදේශ් දෙස
බලා අහිංසක ලෙස සිනාසුන ශානිකා නිවස අසලින් ඇති මාර්ගයේ සෙමින් ඉදිරියට ගමන් කලාය.
ශානිකා තමාගෙන් ඉවත් යන
ආකාරය බලා සිටි සුදේශ්ගේ හදවත මුලුමනින්ම කඩා වැටුනේය. මුලු ලෝකයම ඔහු වටේ
කැරකැවෙන්නා සේ ඔහුට දැනුනේය. ජීවිතය නැතුන ආකාරයක් ඔහුට දැනුනේය.
මොටර් රථයට නැගුන සුදේශ්
සුක්කානම මත හිස තබා ඉකි බිදිමින් හඩන්නට වුයේය. මෙතරම් දුකක් සහ වේදනාවක් ඔහුට
මින් පෙර කිසිම දිනක හදවතට දැනී නොමැත. මේ වේදනාවෙන් පීඩිත වූ සුදේශ්ට ශානිකා කලක්
තිස්සේ පපුවේ සිර කොට ගෙන සිටි වේදනාව හොදින් තේරුම් ගත හැකි විය.
ඉකි බිද කදුලු සැලීමෙන්
තම පපුවේ සිරවී තිබූ බර මදක් අඩු කොට ගත් සුදේශ් සුක්කානමෙන් හිස එසැවීය. ඔහුගේ
දුක සහ වේදනාව අභිබවා දැඩි බවත් යම් කොපයකුත් නැගී අවේය. මද වෙලාවක් රථයේ සුක්කානම
තදින් අල්ලා සිටි සුදේශ් මොටර් රථය කාර්යාලය වෙත වේගයෙන් පැදවීය.
*********
කාර්යාල භූමියට පැමිණ
මොටර් රථයෙන් බැසගත් සුදේශ් වේගයෙන් කාර්යාලයට ගියේය. නදීශා ඔහුට හාදුවදී සාදරයෙන්
පිළිගත්තාය.
"ම්ම්ම්..සර්..ම්ම්ම්..
ඇන් අපි දෙන්නට එකතු වෙන්න පුලුවන්..ම්ම්.. අපි අදම හනිමූන් යමු... " නදීශා ප්‍රීතිය
උතුරන දෑසින් කීවාය.
සුදේශ් ඇගේ ආලිංගනයෙන්
ඉවත් විය.
"මම මගේ ශානිකාව ඩිවොස්
කරන්නෙ නෑ... "
සුදශේ උස් හඩින් කීවේය.
ඔහුඅ තදින් හුස්ම ගත්තේය. ඔහුගේ මුහුණේ දැඩි බවක් අරූඩ වී තිබුනේය.
සුදේශ්ගේ මේ වචන වලින්
නදීශාට අධි බලාති විදුලි සැරයක් වැදුනා වැනි හැගීමක් ඇති වූයේය. ඇයට මිනිත්තුවක්
පමණ යන තුරු කතා කර ගත නොහැකි විය. ඇය ගල් ගැසී සුදේශ් දෙස බලා සිටියාය.
"මෙ..ස්..ස..ස..සර්..සර්ට ස.. සනීප නැද්ද?.. "
යන්කම් සිහි එලවාගත්
නදීශා සුාද්ශ්ගේ නළලට අත තබා ඇසුවාය. සුදේශ් ඇගේ අත ඉවත් කලේය.
"මට කිසිම අසනීපයක් නෑ
නදීශා.. මට අද වෙනකන් අසනීපයක් තිබුන තමයි.. ඒත් දැන් ඒක හොදටම හොද වුනා.. මට
හරියට ඇස් පේන්න ගත්තෙ අද තමයි.. " සුදේශ් සන්සුන් ලීලාවෙන් කීය.
.
"සර් මොනවද මේ කියන්නෙ?..
ඇයි සර් වයිෆ්ගෙන් ඩිවෝස් වෙන්නෙ නෑ කියන්නෙ?.. මට මේ කිසි දෙයක් තේරෙන්නෙ නෑ.. " නදීශා විමතියෙන්
කීවාය.
"ඔයාට මම කියපු එක
ඇහුනනෙ.. මම මගේ ශානිකාව ඩිවෝස් කරන්නෙ නෑ.. අපි දෙන්නගෙ මැරේජ් එක වැඩක් නෑ කියල
මට හිතුනෙ මම ශානිකාව හරියට තේරුම්
ගත්තෙ නැති හින්ද.. මගේ ශානිකාගෙ ආදරය මම හරියට දැක්කෙ නැති හන්ද.. මම ශානිකාගෙ
කැප කිරීම අගය කරපු නැති හින්දා.. මම විකාර වලින් ඔලුව පුරවගෙන අපි දෙන්නගෙ ආදරය
වහගෙන මිටිය හින්දා.. එහෙම නැතුව අපි දෙන්නගේ ආදරයක් නැති හින්ද නෙමෙයි.. මම
ශෘනිකාව මගේ අත් දෙකෙන් දවස් තිහක් හැමදාම උදේට කාමරේ ඉදන් දොර ගාවට අරන් ගියාම මට
තේරුනා නියම ආදරය කියන්නෙ මොකක්ද කියලා.. මගේ ශානිකා මට ඒක පෙන්නලා දුන්නා... "
සුදේශ් එක හුස්මට කියාගෙන
ගියේය. නදීශාට තිබූ වික්ෂිප්ත භාවය මැකී ගොස් කෝපය නැගී ආවේය.
"හහ්.. ඒ කියන්නෙ සර් මට
ලොකු බොරුවක් කරා. මාව රැවැට්ටුවා.. මගෙන් හොදට සැප අරගෙන මාව අතෑරල දැම්මා.. " නදීශා තදින්
කීවාය.
"නදීශා.. මම ඔයාව
රැවැට්ටුවද නැත්තන් ඔයා මාව රැවැට්ටුවාද?.. ආ.. නිකන් බහු බූත කතා කියන් එපා. ඔයා
මගේ ඔලුව අවුල කරල මාව රවට්ටලා ඔයා ළගට ගන්න හැදුවා.. ඉස්සෙල්ලාම ඔයා වැරදිලා වගේ
බොරුවට මටඔයාගෙ වල් ෆොටෝස් එවුවා.. ඒකත් එක්ක වල් වීඩියෝ ලින්ක් එවුවා.. මම ත් එවට
අහු වුනා.. ඔයා මගේ ඇතුලෙ තියෙන කාම යක්ෂයා අවුස්සලා ගත්තා. අන්න ඒකයි වුනේ.. දැන්
මට ඇකියුස් කරන්න එන්න එපා.. දැන් මට ඔක්කොම තේරෙනවා.. මගේ ශානිකා දාහකින් හොයා
ගන්න බැරි වයිෆ් කෙනෙක්.. "
කොපයට පත් සුදේශ් වේගයෙන්
කීවේය. නදීශා කදුලු සලන්නට වූවාය.
"ඉහ් ඉහ්... ස්ස්ස්ස්ස්...
සර් මට බොරු කරල මට බොරු බලාපොරොත්තු දීල මාව රැවැට්ටුවා.. හැමදාම මාව බොඩ් රූම්
එකෙ තියාගෙන සෙක්ස් කරා.. මගෙන් හොදට සැප ගත්තා.. මමත් සර්ට ඉඩ දුන්නා සර් වයිෆ්ව
ඩ්වෝස් කරල මාව බදී කියල හිතාගෙන.. ඒත් මම රැවටුනා.. ස් ස් ස්.. " නදීශා හඩමින්
කීවාය.
"නදීශා නිකන් බොරුවට අඩන්න
එපා. මාව වල් වැඩ වලට පුරුදු කලේ ඔයා.. මට ශානිකා එක්ක ෂෝක් එකට හිටිය. ඔයා ඒ
ජීවිතේ විනාශ කලා.. මගේ ශානිකා වල් ගෑණයෙක් නෙමෙයි... "
සුදේශ්ගේ මේ කතාව නිසා
නදීශාගේ කදුලු වියලී ගොස් දැඩි කෝපයක් ඇය ඇති විය.
"හහ්.. එතකොට උඹ කියන්නෙ
මම වල් වැඩ කලා කියලද.. උඹේ ගෑනිට ඒක හරියට බැරි හන්ද තමයි උම මාත් එක්ක ඉන්න පටන්
ගත්තෙ. ඒ ගැනිගෙන් ලැබෙන්නෙ නැති දේවල් මගෙන් බලාපොරොත්තු වුනා.. මෙලෝ දෙයක්
දන්නැති එහෙම ගෑනියෙක් එක්කද උඹ තවත් මගුල් කන්න හදන්නෙ ආ... "
නදීශා කෑ ගසමින් කීවාය..
"නදීශා... මගේ ඉවසීමේ
සීමාවක් තියනවා.. මගේ ශානිකාට අපහාස කරන්න මම ඉඩ තියන්නෙ නෑ.. ඔයා හොදට අහගන්න
ශානිකා අපි දෙන්න ගැන දැනගෙනත් ඔයා ගැන එක වචනයක් වැරදියට කිවුවෙනෑ. ඒ විතරක්
නෙමෙයි ඉස්සරහට මගේ ජීවිතය සන්තෝස එකක් වෙන්න කියල එයා අද උදේ මට කිරිබත් හදල දීල
විෂ් කරා.. ශානිකා කියන්නෙ ඒ වගේ දෙව් දුවක්.. "
"එහෙනම් උඹ උඹේ ගෑනි එක්කම
ඉදපන්.. මම යනවා.. "
නදීශා සිය අත් බෑගය අතට
ගනිමින් කීවාය.
"ඔව් ඔයාට මාත් එක්ක මෙතන
වැඩ කරන්න බෑ.. ඒ හින්ද මීට පස්සෙ වැඩට එන්න ඕන නෑ.. මම ඔයාට මාස තුනක සැලරි එක
ගෙවන්නම්.. මීට පස්සෙ එන්න එපා.. " සුදේශ් තදින් කීවේය..
"හහ්.. මට උඹේ මාස තුනේ
සැලරි එක වැඩක් නැහැ මිනිහෝ.. මගේ තාත්තිට උඹේ මේ කම්පැණියම ඕන නම් සල්ලි වලට ගන්න
පුලුවන්.. උඹ වගේ බොරු කාරයෙක් එක්ක මට වැඩ කරන්න ඕන නෑ.. උඹ ඕන මගුලක් නටා ගනින්
මම යනවා.. "
සුදේශ්ගේ මුහුණට අත් බෑගයෙන්
පහරක් එල්ල කල නදීශා කාර්යාලයෙන් පිටවී ගියාය.
නදීශාගේ මේ වේගවත් විලාශය නිසා ගල් ගැසීගිය සුදේශ් වානඩි
කිහිපයක් නොසෙල්වී සිටියේය. කෙමෙන් යථා තත්වයට පත්වඋ ඔහු නදීශා සමග වූ සිද්ධිය දෙස
උපේකෂාවෙන් සහ මැදිහත් සිතින් බැලුවේය. මෙය තම බිරිදට කල වැරැද්දට ලැබුන දඩුවම ලෙස
සුදේශ් බාර ගත්තේය.
පැය බාගයක් පමණ සිය
කාර්යාලයේ කල්පනා කරමින් සිටි සුදේශ් ආයතනයේ දෙවෙනියාට දුරකථනයෙන් අමතා ඔහු එදින
කාර්යාලයේ නොසිටින බව පවසා එකින වැඩ කටයුතු වල වගකීම දෙවෙනියාට පැවරූ සුදශේ තම
මෝටර් රථයෙන් නගරයේ ඇති ඉහල පෙලේ මල් විකුණන ස්ථානයකට ගියේය.
එහි සිටි වෙළෙද සහායිකාව
ඔහු සාදරියෙන් පිළි ගත්තාය.
"ගුඩ් මොනින් සර්.. සර්ට
මොන වගේ ෆ්ලවර්ස් ද ඕන?.. ඇය ආචාර සම්පන්න ලෙසින් ඇසුවාය.
ඩමට ඔයගෙල්ල ලග තියෙන
හොදම රෝසස් වලින් බන්ච් එකක් දෙන්න.. " සුදේශ් කීවේය.
"කියනවා සර්.. හරිම ෆ්‍රෙෂ්
රෙඩ් ඇනිඩ් වයිට් රෝසස් තියෙනවා.. "
මෙසේ පැවසූ යුවතිය අලංකාර
රෝස මල් කලඹක් සුදේශ්ට සකස් කර දුන්නාය..
"තෑන්ක් යූ මිස්.. මට මේක
එක්සප්‍රස් කූරියර් සර්විස් එකකින් මෙන් මේ ඇඩුස් එකට තව පැය බාගයකින් යවන්න ඕන.. "
සුදේශ් ශානිකාගේ නම් ඇගේ
කාර්යාලයේ ලිපිනයත් දෙමින් කීවාය.
"ෂුවර්. සර් අපි දැන්ම
යවන්නම්.. සර්.. මේ බන්ච් එකේ සර්ට ඕන මෙසෙජ් එකක් ලියන්න පුලුවන්.. මොනවද ලියන්න
ඕන?.. " යුවතිය ඇසුවාය.
මදක් කල්පනා කල සුදෙශ්
මෙසේ කීවේය
.
"මිස් මේ විදියට ලියන්න... "
"..මගේ ශානිකා.. මම
කවදාවත් ඔයාගෙන් වෙන්වෙන්නෙ නෑ වස්තුවේ... ඔයා මම ළග හැමදාටම තියාගෙන ඉන්නවා.. මේ
ජීවිතයෙදි විතරක් නෙමෙයි.. මේ සංසාරෙ ඉන්නකන්ම මම ඔයා මගේ අත් දෙකෙන් උස්ස ගෙන
ඉන්නවා.. මම කවදාවත් ඔයාව බිමින් තියන්නෙ නෑ මගෙ රත්තරන්.. "
සවේදී වූ යුවතියගේ දෑසට
කදුලු පිරුනේය. ඇය හිස ඔසවා සුදෙශ් දෙස බලා මදහස පාමින් සිහින් සිනහවක් නැගුවාය.
"සර්ගෙ වයිෆ් හරිම
වාසනාවන්ත ලේඩි කෙනෙක් සර්.. මට සන්තෝසෙ උහුලගන්න බෑ.. "
යුවතියගේ දෑසින් කදුලු
බේරුනේය. ඇයට සිනහවකින් ප්‍රති ආචාර කල සුදේශ් මොටර් රථයේ නැගී ශානිකාගේ කාර්යාලය
වෙත යාමට පිටත් වූයේය.
මල් කඩයේ සිට ශානිකගේ
කාර්යාලය වෙත ගිය සුදේශ් මෝටර් රථය කාර්යාලය අසල නවතා බලා සිටියේ මල් කලඹ රැගත්
පණිවිඩ කරු පැමිණෙන තුරුය. මල් කළඹ ශානිකාට ලැබී ටික වෙලාවකින් සුදේශ් ඇගේ
කාර්යාලයට ගියේය.
පිළිගැනීමේ නිලධාරිනියට
කතා කර ශානිකාට නොදන්ව තමන්ට ඇය වෙත යායුතු බව දන්වා සිටියේය. ඇය ඒ සදහා ඉඩ ලබා
දුන්නාය.
මල් කළඹත් එහි ලියා තිබූ
පණිවිඩයත් දෙස ධ්‍යානයකට සම වැදී ඇති අයුරකින් බලා සිටි ශානිකා ගේ දෑසින් කදුලු
බේරෙන්නට විය. ඇය සෙමින් ඉකි බිදිමින් හඩන්නට වූවාය. සුදේශ්ට මෙය දරා සිටිය නොහැකි
වූයේය.
ශානිකාගේ කාමරයට ඇතුලු වූ
සුදේශ් සෙමින් දොර වැසුවේය. ශානිකා හිස ඔසවා ඔහු දෙස හිස ඔසවා ඔහු දෙස බැලුවාය.
"සුදේ........ශ්.. " ශානිකා අසුනින්
නැගිට සුදේශ් තදින් වැළදගත්තාය. ඇගේ දෑසින් වක්කඩ කැඩුවාක්මෙන් කදුලු බේරෙන්නට
විය.
"මගෙ ශානී...... " සුදේශ් ඇගේ
කම්මුල කිහිප විටක් සිප ගනිමින් කීය.
දෙදෙනා එකට තුරුලුවී
මිනිත්තු කිහිපයක් නොසෙල්වී සිටියෝය.
"සුදේශ්.. අපි එළියට යමු..
මෙතන ඔෆිස් එකනෙ.. " ආලිංගනයෙන් වෙන්වූ ශානිකා කීවාය.
"හා ශානි..මේ.. ඔයා අද නිවාඩු
දාල එන්න.. මමත් අද දවසම ඔෆ්ස් එන්නෙ නෑ කිව්වා.. "
"හරි සුදේශ්.. ඉන්න.. මම
පර්සනල් මැනේජර්ට කියල එන්නම්.. කොහොමත් මම අද නිවාඩු දාන්නහිටියෙ... "
මල් කලඹ ගත් ශානිකා
සුදේශ් සමග කාර්යාලයෙන් පිට වූයේ අලුත විවාපත්වූ යුවලක් ලෙසින්ය. දෙදෙනා වැඩි
සෙනගක් නොමැති අවන් හලකට ගොස් කෙළවර මේසයක අසුන් ගත්තෝය......................
**************************
කතාව මෙතන ඔබල බාගන්න. වෙබ් එකේ තියෙද්දි කයවන්න බැරි වෙයි. ඒත් බාගත්තම පුලුවන්
ගොඩක් හොද හරිම සංවේදී කතාවක්
ReplyDelete