Sri Lanka

Thursday, July 10, 2014

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී




අද මේ ගීතය ගැන මේ සටහන ලියන්න හිතුනෙ මේ දවස් වල හැමෝම මේ ගීතය ගැන හොයන හන්ද. අනිත් එක මොකක්දෝ සටාර් තරගෙක හිටපු කෙනෙක් මේ සින්දුව කිව්වලු. පෞද්ගලිකව මගේ මතය නම් ඔය ස්ටාර් තරග වලින් එන අය හැමදාමත් අනුන්ගෙ ගීත හොරකම් කරල තමයි ජීවත් වෙන්නෙ. මම සාමාන්‍යයෙන් හැකි හැම වෙලාවකම මේ අවට තියන හැම සංගීත ප්‍රසංගයකටම වගේ සහභාගී වෙනව. ඒ ගොඩක් ප්‍රසංග වලදි දැකල තියෙන්නෙ ඔය ස්ටාර් තරග වලින් ආව අය ගොඩක් වෙලාවට අනුන්ගෙ සින්දු තමයි කියල යන්නෙ.

එහෙම තරගෙකින් ආව එක් ගායිකාවක් මම හිතන්නෙ ඔය එක්තරා කාන්තා සංගීත කණ්ඩයමක ඉදල ආපු කෙනෙක්, බොහෝ ප්‍රසංග වල ගායනා කලා මර්සි එදිරිසිංහ මහත්මිය, ලුෂන් බුලත්සිංහල මහත්මයාගෙ තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ ගායනා කල මඩේ ලගින තාරවන් ගීතය. ඇත්තටම මර්සි එදිරිසිංහ මහත්මියට ඉන්න තැනකින් එන්න පුලුවන්නම් ඇවිත් නඩු දානව මේ කල අපහාසයට. තමන්ගෙ කට හඩට මේ ගීතය ගැලපෙන්නෙ නෑ කියලවත් එයා දන්නෙ නැහැ. ඉතින් ඔය අනුන්ගෙ සින්දු හොරකම් කරන අය ගැන පහුගිය දවසක ධනපාල උඩවත්ත මහත්තය ලස්සන කතාවක් කියල තිබ්බ.

එතුම කියනව "මගේ සින්දු කිවුවට කමක්නෑ.. එත් එයාල ඒවගෙන් සල්ලි හම්බ කරන එක තමයි දුක" කියල.

එ වගේම එච්.ආර් ජෝතිපාලයන්ගෙ දියණිය පහුගිය දවසක කියල තිබුන තමන්ගෙ තාත්තගෙ ගීත සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න යනව කියල. එතකොට ජෝතිගෙන් ජීවත් වුන ගොඩක් අයට බඩේ පාර වදිනව. එතකොට ඉතින් අනුන්ගෙ සින්දු වලින් ජීවත් වෙන අයට තමන්ගෙම නිර්මාණ කරන්න හිතෙයි. අපි අවන්කවම කියන්නෙ මොන තරගෙන් මොන ස්ථානය දිනල ආවත් අනුන්ගෙ සින්දු හොරකම් කරල සල්ලි හොයන එක වැරදි. එහෙම උනාම තමන්ගෙම ස්වතන්ත්‍ර නිර්මාන වලින් අපිට ළං වුන ඒ ගායකයො නැති වෙලා හොරු ටිකක් විතරයි අනාගතේට ඉතුරු වෙන්නෙ. ඉස්රෙහට එන්න ප්‍රවීනයන්ගෙ සින්දු භාවිත කලත් හාමදාමත් ඒවගෙන් ජීවත් වෙන එක වැරදී.

මේ දවස්වල බොහෝ දෙනෙක් මුමුනන, ඒත් ගොඩක් දෙනෙක් අහල නොතිබුණ, ගායනා කරන්නේ කවුද කියල දන්නෙවත් නැති මේ ගීතය ගැන දැන් ගොඩක් අය සොයල බලනවා. ඒ හින්දම අපිත් මේ ගීතයේ අතීතය ගැන හොයල බැලුව අපේ හිතවතුන් වෙනුවෙන්. 

මේ ගීතය ඒන්නෙ පැරණි චිත්‍රපටයක. ඇත්තටම මේ චිත‍්‍රපටය අපිට මතක නැතිවෙලා ගිහින් තිබ්බ එකක්. ඒක යළි මතකයට ගෙන ආවේ චිත‍්‍රපටයේ තිබුණු මේ ගීතය. අපිට අමතක වෙලා තිබුන මේ චිත‍්‍රපටයේ නමත් ‘‘දැන් මතකද? ’’ මේක තිරගත වෙලා තියෙන්නෙ 1970 මාර්තු 13. අධ්‍යක්ෂණය නිල් රූපසිංහයන්ගෙන්. ආනන්ද ජයරත්න, මාලිනී ෆොන්සේකා, සේනාධීර රූපසිංහ, රීටා රත්නායක, ඩොමී ජයවර්ධන, අනුෂා ගීතාංජලී, ඇන්තනි සී. පෙරේරා, බන්දු මුණසිංහ, එච්. ඩී. කුලතුංග, හියුගෝ ප්‍රනාන්දු, සුමනා අමරසිංහ, නෙලී ප්‍රනාන්දු, කාන්ති ජයසේන, එම්. එස්. ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, හෙලන් කුමාරි, උදුලා දාබරේ, රෝයි හඳපාන්ගොඩ, ප්‍රැන්සිස් පෙරේරා, ශ්‍රීමති ජයසේන ඇන්ටන් ජේ. ප්‍රනාන්දු ඇතුලු පිරිස තමයි මෙහි රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ.


මේ ගීතය ගායනා කරල තියෙන්නෙ ගායකයෝ තුන්දෙනෙක්. ඒ තමයි එච්.ආර් ජෝතිපාල, මිල්ටන් පෙරේරා සහ මොහිදින් බෙග්. ගීතය ලියල තියෙන්නෙ සිරිල් ඒ සීලවිමල. සංගීතවත් කරල තියෙන්නෙ පී.එල්.ඒ සෝමපාල විසින්.

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලී

කාටවත් බය නෑ අපි තිබුනත් නැතත් සල්ලී
ඔ..තිබුනත් නැතත් සල්ලී
අපි කයිවාරු නෑ මල්ලී

ඒ උනත්..
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලී

නැති බැරි එකා තල්ලු වෙනවා
පුලුවන් මිනිහා හිනහා වෙනවා
වැටි වැටි නැගිටිනවා
මගේ බලෙත් මම පෙන්නනවා

ඈත්ත නේන්නම්..
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලී


 ඔරිජිනල් වීඩියොව බලන්න මෙතනින්




No comments:

Post a Comment