Sri Lanka

Friday, February 20, 2015

සමනළ වැව පුරවන්නට බෙලිහුල් ඔය ගලා ඇවිත්





අපි ගොඩක් වෙලාවට පේරාදෙණිය සරසවිය ගැන කතා කලා. ඇත්තටම ගොඩක් ගීත වලට මුල් වුන සිදුවීම් අපිට දැනගන්න ලැබෙන්නෙ පේරාදෙණිය සරසවියෙන්.  අනෙක් කාරණය තමයි ලංකාවෙ සරසවි අතරින් සුන්දරම පරිසරයක පිහිටලා තියන සරසවිය තමයි පේරාදෙණිය සරසවිය. හන්තාන කන්ද, මහවැළිය සුන්දර මල් පිපෙන ගස්කොලන් ආදියෙන් ඇත්තටම සරසවියට ලැබෙන්නෙ බොහොම අපූරු සුන්දරත්වයක්.

අපි අද කතා කරන්න යන්නෙ පේරාදෙණිය සරසවියෙන් ඇසුන සිදුවීමක් ගැන නම් නෙමෙයි. අපි අද ඔයාලව එක්කන් යන්නෙ සබරගමුව සරසවියට. පේරාදෙණිය ලගට සුන්දරම පරිසරයක පිහිටලා තියන අනෙක් සරසවිය තමයි සබරගමුව සරසවිය. එක් පැත්තකින්  බෙලිහුල් ඔය අනෙක් පැත්තෙන් හෝරටන් තැන්න ඒ වගේම අනෙක් පැත්තෙන් සමනළවැව ජලාශය. මේ හැමදෙයක්ම සබරගමුව සරසවියට බොහොම ලොකු වටිනාකමක් එකතු කරනව. 

ගීතය ගැන කියන්න කලින් කියන්න ඕන මේ ගීතය ලියවෙන්නෙ ඉන්ද්‍රසිරි සුරවීරයන් විසින් මෙහෙම වේ යැයි ගොඩගන ලද උපකල්පනයක් මත බව කිය යුතුය.

ඉතින් මීට වසර කිහිපයකට කලින් එක්තරා තරුණයෙක් එනව සබරගමුව සරසවියට උපාධියක් හදාරන්න. සරසවියෙ සුන්දරත්වය විදිමින් බොහොම සතුටින් ඔහු තමන්ගෙ අධ්‍යාපන කටයුතු කරගෙන යනව. තමන්ගෙ කන්ඩායමත් එක්ක බොහොම සහයෝගෙන් මොහු කටයුතු කරනව. ඉතින් කාලයක් යනකොට තමන්ගෙ කන්ඩායමේ සහෝදර සහෝදරියන් එතිනෙකා පෙමින් වෙලෙනව. ඒත් ඔහුගෙ හිතනම් කිසිම කෙනෙක්ට ඇදිල යන්නෙ නැහැ ඒ කණ්ඩායමේ. 

ඉතින් මේ විදියට කලාය ගෙවිල ගිහින් ඔහුගෙ අවසාන වසරට ළන් වෙනකොට ඊළගට සරසවියට ඇතුළත් වුන පළමු වසරේ ශිෂ්‍යවකට ඔහුගෙ හිත නිතැතින්ම ඇදිල යනව. ඇය දිහා ඔහු ඇයට හොරෙන් බලනව. ඇය ගමන් කරන විදිය ඇය හිනාවෙන විදිය ඇය යාලුවෝ එක්ක කරන දගකාරකම්, මේ හැමදෙයක්ම ඔහුගෙ හිතේ ඇය ගැන තියන ආදරය දලුලන්න උත්තේජනයක් වෙනව. ඒත් ඉතින් සරසවි පද්ධතියෙ නීතියක් හදගෙන තියනවනෙ නවක දිනයක් පවත්වලා ඒ ජූනියර්ස්ලා කණ්ඩායම සීනියර්ස්ලා අතින් සරසවියට මුදාහරිනකල් සීනියර්ස්ලට ජූනියර්ස්ලා එක්ක සමබන්ධතා පවත්වන්න බැහැ කියල. ඉතින් මොහුටත් ඒ අවස්ථාව වෙනකල් බලාගෙන ඉන්න සිද්ධවුනා. 

එත් ඒ දවස එන්න කලින් ඔහුගෙ අධ්‍යාපන කටයුතු ඉවර වුන නිසා ඔහුට යන්න වුනා ඒ ආදරයත් හිතේ තියාගෙනම. කාලය මේ විදියට ගෙවිල ගියත් ඔහුට ඇය ගැන දැනුන ආදරය ඒ සුවද අමතක කරන්න විදියක් නැහැ. ඉතින් මේ විදියට තවත් ටික කාලයක් යනකොට ඔහුට අවස්ථාවක් ලැබෙනව තමන් ඉගෙනගත්ත සරසවියෙම කථිකාචාර්ය වරයෙක් විදියට සේවය කරන්න. ඔහු ගොඩක් සතුටු වෙනව තමන්ගෙ ආදරය හොයාගෙන යන්න තමන්ට මේ ලැබුන අවස්ථාව ගැන.

ඉතින් ඔහු තමන්ගෙ ආදරය ගැන දහසක් බලාපොරොත්තු තියාගෙන සරසවියට යනව තමන්ගෙ හිත දිනාගත්ත ඒ සුවද හොදගෙන. එත් කොයි තරම්නම් දුකක්ද. ඔහුගෙ හදවතේ රැදුන සුවදත් අරන් ඇය යන්න ගිහිල්ලා. ඇයත් සරසවියෙන් සමු අරන් ඔහු එනකොට. ඔහුගෙ හදවතෙ ඇදුන ඒ මතකයේ සුවද විතරයි ඉතුරුවෙලා තියෙන්නෙ. ඒ සුන්දර අතීතය නටඹුන් බවට පත්වීම ගැන, ඔහුගෙ සිහින මාළිගය ඔහුටත් හොරෙන්ම බිද වැටීම ගැන ඔහුගෙ හදවත කොයිතරම් නම් කම්පා වුනාද.  

පහන් තරුව පායාවිත්
ඔබ එන බව පවසන විට
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා
සුවඳ හදේ රඳවලා...යන්න ගිහිල්ලා..

ඒ මතකයේ සුවද විතරක් හදවතේ රදවලා ඇය යන්න ගිහින්. 
ඉතින් මේ කතාව අන්දරයක් විදියට ගොඩනගන ඉන්ද්‍රසිරි සුරවීරයන් ඒ ආදරයේ සුවද ගැන බොහොම අපූරු පදමලාවක් රචනා කරනව. කරණාරත්න දිවුලගනේ බොහොම අපූරුවට මේ ගීතය ගායනා කරද්දි සමනල වැව අද්දරින් බෙලිහුල් ඔයේ ඉවුර දිගෙ ගිහින් අපි හිතත් සබරගමුව සරසවියෙ රැදිච්ච මේ සුවද හොයනව වගේ දැනෙනව.

සමනළ වැව පුරවන්නට
බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදර කඳු තරනය කර
දෙහදක් අද වෙන්ව ගිහින්
සුවඳ හදේ රඳවලා...යන්න ගිහිල්ලා..

පහන් තරුව පායාවිත්
ඔබ එන බව පවසන විට
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා
සුවඳ හදේ රඳවලා...යන්න ගිහිල්ලා..

පෙර දින අප හමුවූ තැන
නටඹුන් පමනකි කඳුළක
කඳු අතරේ වළා රොදක ඔබ සඟවීලා
සුවන්ද හදේ රඳවලා..යන්න ගිහිල්ලා



ගීතයේ වීඩියොව පහලින් බලන්න


 

No comments:

Post a Comment