Sri Lanka

Tuesday, July 2, 2019

මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු..02



ශ්‍රී ලංකාවේ හදබිම - Heart Land of Sri Lanka


Sir Halford Mackinder විසින්  1904 වර්ෂයේදී The Geographical Pivot of History නැමති ලේඛනය තුළින් හදබිම් සංකල්පය(Heartland theory) හදුන්වා දෙනු ලැබීය. ඔහු එහිදී ලෝකයේ බලවන්ත බව රඳා පවත්වා ගත හැකි භූමිය පිළිබඳ අදහස ඉදිරිපත් කළේය. එහිදී ඔහු පැහැදිලි කර්නේ මානව හදබිම් කලාප බොහෝ ටිට බිහි වන්නේ ප්‍රධාන ගංගා නිම්න ආශ්‍රිතව බවයි. නයිල් නදිය ඊිප්තියානු හද බිමයි. යුප්‍රටීස් ටයිග්‍රස් ගංගාධාරය මෙසපොතේමියානු හදබිමයි. ඉන්දු ගංගාධාරය මොහෙන්ජොදාරෝ හරප්පා හදබිමයි. ගංගානම් ගංගා නිම්නය ආර්යය මානව හදබිමයි.

 

නයිල් නදිය අසබඩ බිහිවූ නයිල් නිම්න ශීෂ්ඨාචාරය


 

යුප්‍රටීස් හා ටයිග්‍රීස් ගංගා අතර බිහිවූ මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය

 

හොවැංහෝ නදිය හෙවත් කහ ගඟ යනුවෙන්  හැඳින්වෙන හොවැංහෝ නදිය අසබඩ ඇති වුන හොවැංහෝ නිම්න ශිෂ්ඨාචාරය හෙවත් චීන ශිෂ්ඨාචාරය

 

ඉන්දු ගංගා නිම්නය කේන්ද්‍ර කර ගනිමින් ඇතිවුන ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය හෙවත් මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ඨාචාරය...


ය එමේ නම් ලංකාවේ හදබිම වනාහි මහවැලි මිටියාවත විය යුතු යැයි සීඑම් මද්දුම බණ්ඩාර මහතා මහවැලි වංශයට ලිපියක් සම්පාදනය කරමින් දන්වා සිටියේය.

එසේනම් මෙතැන් පටන් ලංකාවේ හදබිම මහවැලි ග දිගේ අපි ඇවිද යමු.


මහවැලියේ මුල් දියත්ත සොයා යමු....


මහවැලියේ උල්පතේ සිට මුවදොරට ඇති දිග සැතපුම් 208ක් බව මහවැලි වංශය දන්වා සිටී. එනම් කිලෝමීටර 335කි.  මෙම මහා නදියේ උල්පත එසේත් නැතිනම් මුල් දියත්ත සොයා යන්නෙකුට ජනශ්‍රැතිය විසින් බරපතල වැරැද්දක් නිර්මාණය කොට තිබිණි.

"මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා

සමනළ කන්ද මුදුනේ සිට පැන නැංගා

බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා

මේවා ගලයි මිණි කැට දිය යට හංගා"

පී.බී අල්විස් පෙරේරාගෙ මේ කවි පන්තිය අපි ඉගෙනගත්තෙ ඉස්කෝලෙ පොඩි පන්ති වලදිමයි. එකල තිබුන සාධක වල හැටියට සිව් මහා ගංගා සිරීපාදයෙන් ඇරඹෙන බව විශ්වාස කරමින් ඔහු මෙම කවිය රචනා කර ඇත. චිරාත් කාලයක් තිස්සේ අපද එය විශ්වාස කළෙමු.  එහෙයින් මහගම සේකරයන්ද අමරදේවයන් ලවා මෙසේ  ගායනා කරවා තිබුණි.

සිරිපදලස සමණොල සිරසේ

විද විද සිසිලස විද සිතුසේ

ඇදී ඇදී ගලා බසී

මහවැලි මහවැලි මහවැලි

එය එසේ නම් අප මහවැලියේ උල්පත සොයා යා යුතුව ඇත්තේ සිරිපාද මුදුන වෙතයි.  රත්නපුර පලාබද්දල පාරෙන් සිරිපා කරුණා කරන්නෙකුට ගජමන් අම්බලම අසළදී දිය පාරක් හමුවේ. ඒ වනාහි කළු ගගේ ආරම්භක දිය කඩිත්තයි. එය එසේ වුවද අප යා යුත්තේ සිරීපාදයට නොව. අප යා යුත්තේ මහවැලි ගගේ දිගම අතු ගංගවේ උල්පත සොයාගෙන හෝර්ටන් තැන්නටයි.



හෝර්ටන් තැන්න

මහ එළිය හෙවත් හෝටන් තැන්න කියල කියන්නෙ දෙස් විදෙස් කාගේත් නෙත් සිත් ආකර්ශනය කළ ශ්‍රී ලංකාවේ පිහිටි අති සුන්දර භූමියක්.  මනරම් භූමි භාගයකින් යුතු මෙය ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වටිනා කම අතින් ද ඉතා විශේෂ අසිරිමත් වූ ජාතික වනෝද්‍යානයකි. මෙය පිහිටලා තියෙන්නෙ මුහුදු මට්ටමේ සිට අඩි 7000කටත් වඩා උසින්. ඒ කිවුවෙ මුහුදු මට්ටමේ සිට මීටර් 1200-2300 පමණ උසින්. ක්‍රි.1969 දෙසැම්බර් 05 දින දී ස්වභාවික රක්ෂිතයක් ලෙස නම් කරන ලද හෝර්ටන් තැන්න 1988 මාර්තු 16 දින ජාතික උද්‍යානයක් ලෙසට ප්‍රකාශයට පත්කරනව.. මෙහි විශාලත්වය හෙක්ටයාර 3,160 වේ.

 
හෝර්ටන් තැන්න සිතියම

 

නුවරඑළිය - පට්ටිපොළ මාර්ගය ඔස්සේ කිලෝමීටර 32ක් පමණ පැමිණීමෙන්ද, හපුතලේ ඔහිය මාර්ගය ඔස්සේ කිලෝමීටර 38ක් පැමිණීමෙන්ද හෝර්ටන්තැන්නට පිවිසිය හැකිය.




හෝර්ටන් තැන්නේ සුන්දරත්වය


සද්දන්ත කුලේ ඇත්තන්ගේ පාරාදීසයක් වී තිබූ යුගයේ මේ සොඳුරු තැන්න ELEPHANT PLAINS  නමිනුත් ගෝනුන්ගේ පාරාදීසයක්ව තිබූ හෙයින් ELK PLAINS නමිනුත් හැඳින්නුවා.. ඉංග්‍රීසින්ගේ යුගයේ තේ වගාවට කඳුකර බිම් එළිවෙද්දී මේ චමත්කාර තැන්න සුද්දන්ගේ ලොකුම විනෝදාංශය වෙච්ච දඩයමට දඩබිමක් වුණා. සුද්දෝ උන්ගේ තුවක්කුව පත්තුකළේ අපේ මහ පොළවේ ජන්මලාභය ලැබූ අලින්ට... ගෝනුන් දඩයම අලි දඩයම තරම් සුද්දන් පිස්සු වට්ටපු වෙනත් විනෝදාංශයක් ඒ යුගයේ නොතිබුණු තරම්.  සුද්දන්ගේ ඒ පව්කාර සතුට වෙනුවෙන් ජීවිත අහිමි කරගන්න අපේ සද්දන්තයින්ට සිදුවුණා.    සැමුවෙල් බේකර්ස් සහ තෝමස් විලියම් ඒ කාලෙ හිටපු දක්ෂ අලි දඩයක්කාරයන් දෙන්නෙක් .







ගෝනුන්ගේ පාරාදීසය


වර්ෂ 1831-1837 කාලයේ ලංකාවේ සිටි සර් රොබට් ජේම්ස් හෝර්ටන් එදා මහ එළිය  තැන්න නමින් හැඳින්වූ මේ තැන්නේ නිතර ඇවිද්දා. මේ නොකිලිටි සොබාදහම් උරැමයට ඒ ඉංග්‍රීසි ආණ්ඩුකාරයත් ලොබ සිතින් පෙම් බඳින්න ඇති. ඒ නිසාමද කොහේදෝ සර් හෝර්ටන් 1836දී මේ තැන්න එයාගේ නමින් නම් කළා. අපේ මහඑළියතැන්න සුද්දගේ නමින් හෝර්ටන් තැන්න වුණේ අන්න එහෙමයි. අදටත් දක්නට ලැබෙන එල්ක් ලොජ් නවාතැන ඉදිවුණේ එදා දඩයක්කාරයන්ගේ ප්‍රයෝජනය පිණිසයි. තෝමස් ෆා පසුව එය ෆා ඉන් නමින් නම් කළා. එදා ෆා ඉන් දැන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලය විදිහටත් සංචාරක තොරතුරු මධ්‍යස්ථානය විදිහටත් භාවිත කරනවා.


අපි දැන් මේ හෝර්ටන් තැන්න ගැන කිවුවෙ අපේ කතාවෙ අරමුණ වෙනත් පැත්තකට හරවගෙන යන්න නෙමෙයි. හෝර්ටන් තැන්නට ගැන අපි කතා කරන්නෙ මහවැලි ගගේ මුල් දියත්ත හොයාගෙන යන ගමන්. නමුත් මේ මුල් දියකදුර පිහිටලා තියන මනරම් භූමිය ගැනත් යමක් කිව යුතුමයි. මේ ගමනෙදි අපිට හමුවන හැම තැනක්ම අපිට ගොඩක් වටිනව. මේ ලිපි පෙල මම ලියන්නෙත් අනාගතේ මේ ගැන උනන්දු වෙන කෙනෙකුට වඩාත් ප්‍රයෝජනවත් වෙන්න.

            හෝර්ටන් තැන්නෙ ඉතිහාසය ගැන අපි ටිකක් කථා කරන්න හිතුව. මෙහි ඉතිහාසය ගත්තම ඒ ඉතිහාසය ගොඩක් දිගයි. මෙය විවිධ නම් වලින් හදුන්වා තිබෙනවා. මහ එළිය කියල තමයි බොහෝ විට හදුන්වලා තියෙන්නෙ. මහ තැන්න වගේම දෙවියන්ගේ කුසුම් උයන කියලත් හදුන්වලා තබෙනවා.. බොහෝ පුරාවෘත්ත වලට මෙය සම්බන්ධයි. මෙහි ප්‍රාග් ෛඑතිහාසික පසුබිම ගත්තම එය වසර මිලියන දසදහසක් පමණ එපිටට යන බව ශිරාන් දැරණියගල මහත්තයගෙ කැණීම් වලින් සොයාගෙන තිබෙනව.

            මෙහි ජනශ්‍රැතික කාරණා ගත්තම එන වැදගත්ම කාරණාව තමයි මහා රවණා රජු සහ රාම රජු අතර ඇතිවුන යුද්ධය මේ ප්‍රදේශයේ ඇති වුනාය කියන කාරණාව. ඔය තොටුපොල කන්දත් පිහිටලා තියෙන්නෙ හෝර්ටන් තැන්නට ආසන්නයෙන්මයි. එයට ඒ නම වැටී ඇත්තේ රාවණා රජුගේ දඩුමොණර යන්ත්‍රය ඒ කන්දේ පිහිටි තොටුපොලේ නවත්තපු නිසා කියලයි ජනප්‍රවාදයේ තියෙන්නෙ. සීතා එළියත් හෝර්ටන් තැන්න අවටමයි පිහිටලා තියෙන්නෙ. කොහොම වුනත් ඊට පසුකාලීනව එතිහාසික සිද්ධීන් බොහොමයකට මෙය සම්බන්ධ වෙනව. අවසානයේදි 1836දී එවකට ලංකාව පාලනය කරපු සර් රොබට් ජේම්ස් හෝර්ටන් ආණ්ඩුකාර වරයාගේ නමින් මේ මහ එළිය නම් කෙරෙනව.

            හෝර්ටන් තැන්න ගැන කථා කරනකොට කථා නොකරම බැරි තැනක් තමයි ලොකාන්තය. භූගෝල විද්‍යාත්මකව මෙය හදුන්වන්නෙ මොහොර බෑවුමක් කියල. ඒ කියන්නෙ මහ විශාල ප්‍රපාතයක්. ඉතින් අපි මහවැළියේ මුල් දියත්ත හොයාගෙන අග්‍රා බොපත් කන්දට යන්න කලින් ලෝකාන්තය ගැන පොඩ්ක් විමසලා ඉමු. ලෝකන්තයෙන් පහල බැලුවම අපිට පේන්නෙ බලංගොඩ සානුව. 







ලෝකාන්තයට පහළින් පෙනෙන්නෙ බලංගොඩ සානුව



මේ ලෝකාන්තය සහ මේ හෝර්ටන් තැන්න අපිට මානව විද්‍යාත්මක ගොඩක් වැදගත් තැනක්. ජ්‍යෙෂ්ඨ දැරණියල මහාචාර්ය වරයා මුලින්ම බලංගොඩ මානවයා පිළිබද සංකල්පය සොයා ගන්නව. ඔහු ඔප්පු කරනව මෙතැන් සිට වසර 8000කට පමණ එපිට බලංගොඩ මානවයා ජීවත්වූ බවට එහි ගල් ගුහා ආශ්‍රිතව. ඊට පසුව ශිරාන් දැරණියගල මහත්තයා විසින් සොයාගන්නව ඊටත් පෙර කාලෙක ඒ කියන්නෙ අදින් වසර 13000කට පෙර මධ්‍ය ශිලා යුගයට අයත් මානවයා මේ හෝර්ටන් තැන්නේ ජීවත් වූ බව.   ඒ අනූව අපට වැදගත් නිගමනයකට එන්න පුළුවන්. ඒ තමයි මුල් කාලයේදි මේ කියන හෝර්ටන් තැන්න මීට වඩා වෙනස් වෙනස් දේශගුණීක ලක්ෂණයකින් තිබෙන්නට ඇති. කල් යත්ම ඒ දේශගුණික රටාව වෙනස් වන්නට වෙනස් වන්නට දැඩි ශිත දේශගුණයක ජීවත් විය නොහැකි නිසා පහලට බැස යන්නට ඇති. ඒ බැස යන්නට ඇත්තේ අපි මේ කියන්නා වූ ලෝකාන්තයට පහළින් ඇති බංලන්ගොඩ සානුවට වෙන්නට ඇති. ඊට පස්සෙ ජ්‍යෙෂ්ඨ දැරණිගලයන් විසින් 8000 දී ජීවත් වූවායැයි සැලකෙන මානවයා ලෙස සොයාගන්නට ඇත්තේ ඒ මානවයා බවට අපිට සිතිය හැකිියි.

            හෝර්ටන් තැන්න ගැන ගොඩක් කථා කරපු නිසාම තවත් එක් තැනක් ගැන කථා කරන්නට සිතුන. ඒ තමයි බේකර්ස් ඇල්ල. හෝර්ටන් තැන්න නරඹන්නට එන අයෙක් නොවරදවාම යන තැනක් තමයි බේකර්ස් ඇල්ල. හෝර්ටන් තැන්නේ ආරම්භක ස්ථානයේ සිට කිලෝමීටර 3ක් පමණ ගිය විට මෙම දිය ඇල්ල දැකගත හැකි වන අතර හෝර්ටන් තැන්න ආරම්භක ස්ථානයේ සිට පුංචි ලෝකාන්තය හරහා ගියහොත් කිලෝමීටර 7ක් පමණ ගිය විට බේකර්ස් ඇල්ල දැකගත හැක. බේකර්ස් දිය ඇල්ල මීටර් 20 ක් (අඩි 66ක්) උස් වන අතර වලවේ ගගේ ප්‍රධාන අතු ගංගාවක් වන බෙලිහුල් ඔය විසින් ‍‍බේකර්ස් ඇල්ල නිර්මාණය කෙරේ. මෙම දිය ඇල්ල බ්‍රිතාන්‍ය ජාතික සර් සැමුවෙල් බේකර්ස් ගේ නාමයෙන් නම් කර ඇත්තේ මෙම දිය ඇල්ල ඔහු විසින් 1845 වර්ෂයේදී සොයාගත් නිසාය.ඔහු මෙම ස්ථානයේ කෘෂිකර්මාන්තයට සම්භන්ධ කටයුතු කිරීමට ගිය අවස්ථාවක මෙම දිය ඇල්ල සොයා ගැනීමට හැකි වූ බව ජනප්‍රවාදයේ සදහන් වේ.





බේකර්ස් ඇල්ල

  හෝර්ටන් තැන්නේ සුන්දරත්වය මේ විදියට විදගනිමින් මීලග ලිපියෙන් අපි යනව මහවැලි ගගේ මුල් දියත්ත හොයාගෙන අග්‍රා බෝපත් කදුවැටි පැත්තට.







සටහන - චතුරංග ජයසුන්දර..

No comments:

Post a Comment