මහවැලි ගගේ මුල් දියත්ත සියැසින්
දකිමු...
හෝර්ටන් තැන්නේ බොහෝ තැන් ගැන අපි කථා
කලා. හෝර්ටන් තැන්නට පිවිසෙන්නට නුවර එළියටම යන්න ඕන නැහැ. තලවාකැලේ ඩයගම
පැත්තෙනුත් එන්න පුලුවන් පාරක් තියනව. හැබැයි පාර ටිකක් අබලන්. ඉතින් හෝර්ටන්
තැන්නෙ ඉදන් ඩයගම පාර දිගෙ පහළට ඇවිදගෙන එනකොට ඇතීන් පෙනෙනව අග්‍රා බෝපත් කදු
වැටිය. ඒ වගේම කිරිගල් පොත්ත කන්දත් පේනව.
තොටුපොල කන්ද |
![]() |
අග්‍රා බෝපත් කන්ද |
ඒ අග්‍රා බෝපත් කදු වැටි වලින් ඇදහැලෙන දිය
දහරාවන් ඒ වගේම හෝර්ටන් තැන්නේ තණ පදුරු මල් පදුරු වලට ඇද හැලෙන පිණි බින්දු ආදිය
එකතු වෙලා ඒ පිණි කදුරු සියුම් දිය සීරාවන් එක්ක එකතු වෙලා නිම්නයන් දිගේ ගලාගෙන
ගිහින් හැදෙන මහවැලි ගගේ පළවැනි දිය කදුර අපිට හමු වන්නේ මුහුදු මට්ටමේ සිට අඩි
7000කටත් අඩින්.
![]() |
හෝර්ටන් තැන්නේ රත්මල් |
තොටුපොල කන්දෙන්, කිරිගල් පොත්ත
කන්දෙන්, අග්‍රා බෝපත් කදුවැටි වලින් සහ හෝර්ටන් තැන්නෙන් ඇදී එන සියුම් දිය
සීරාවන් මේ ඡායාරූපයේ පෙනෙන තැනදි එකතු වෙලා ගං මංසලක් හදනව.
ඒ ගං මංසලේදි එකතුවෙලා සිය දහස් ගණනක්
දිය සීරාවල් එකතු කරගෙන මදක් පළල් වෙන මේ අතු ගංගාව තව ටිකක් දුර ගියාම අග්‍රා ඔය
බවට පත් වෙනව. අග්‍රා ඔය ඊට පහළින් ඇති තවත් දිය සීරාවල් එකතු කරගෙන කොත්මලේ ඔය
බවට පත් වෙනව. කොත්මලේ ඔයට හැටන් ගග එකතුවෙලා මහවිල්ලාවෙදි මහවැලිය නිර්මාණය වෙනව.
මේ මහවැලිය මුලු කදුකරය පුරාම ගලන දිය සීරාවල් අරන් ගලාගන ගිහින් ත්‍රිකුණාමලයෙදි මුහුදට එකතු වෙනව.
ඉතින් එහෙව් මහවැලි ගගේ මුල් දියත්තක්
දැක ගන්න ඔබත් ආස ඇති. මේ පහත ඡායාරූපයේ පෙනෙන්නේ ඒ සුන්දරුවු මහා වාලුකා නදියේ
මුල් දියත්තයි.
ඉතින් තිබෙන ආරක්ෂක තත්වයන් එක්ක අපි හැමෝටම නම්
මේ මුල් දියතු නැත්නම් මේ උල්පත් දැකගන්න යන්න අවසර ලැබෙන්නෙ නෑ. අපි බෙහෙවින්ම
ස්තූතිවන්ත වෙන්න ඕන ගග දිගේ සංචාරය කළ සංචාරකයා වන ජැක්සන් ඇන්තනී මහත්තයා ඇතුළු
කණ්ඩායමට මේ රූප රාමු අප වෙත දායාද කළාට. මොකද සුවිශේෂී අවසරයක් නැතුව මේ ස්ථාන වල
සංචාරය තහනම් නිසා. ඒකට හේතුව තමයි මේ නොඉදුල් උල්පත් සාමාන්‍ය ජනතාවට විවෘත කලාම
විනාශ වෙලා යන්න පුලුවන් නිසා. ඒ වගේම කොයි තරම් අවවාද කලත් මේවගේ අගයක් නොදන්න
මිනිසුන් විසින් මේවා විනාශ කරනවා සිකුරුයි. අන්න ඒ නිසා මේ නොයිදුල් උල්පත් තවත්
චිරාත් කාලයක් නොයිදුල්වම පැවතේවා යන්න අපේ පැතුමයි.
උල්පතක් කියන්නේ සම්පතක් වගේම සෞභාග්‍යයේ
සංකේතයක්. මහවැලිය කියන්නේ අපේ රටේ සෞභාග්‍යය. ඒ සෞභාග්‍යයේ තිඹිරිගෙර තමයි මේ.
මහවැලිය ලංකාවේ වර්ග කිලෝමීටර 10148ක පෝෂක ප්‍රදේශයක් පෝෂණය කරනව. මේතනින් පටන්
ගන්න මේ පුන්චි දියකඩිත්ත සැතපුන් 208ක දුරක් ගෙවාගෙන ගිහින් ත්‍රිකුණාමලයෙන්
මුහුදට වැටෙන තැන පළල සැතපුම් කාලක්(මීටර් 402ක්). ඒ සුවිසල් මහවැලි ගගේ ආරම්භක
දියත්තක් තමයි ඒ (ඉහත) ඡායාරූපයේ තිබෙන්නෙ.
මේ දියත්ත දිගේ තව පහළට යනකොට දියත්තට
තව තව දිය සීරාවල් එකතු වෙලා කඩිසර වෙනව. ඒවා හරිම හැඩ කාරයි. මේ දිය පාර තව ටිකක්
පහළට ගලනකොට එක්තරා හන්දියකට පැමිණෙනව.
එතනදි අග්‍රා බෝපත් කදු වලින් එන මුල් දිය පාරට තොටු පොළ කන්ද දෙසින් එන
මුල් දිය දහර එකතු වෙනව. මෙන්න මෙතනදි මේ දිය පාරට මුලින්ම නමක් වැටෙනව. ඒ තමයි අග්‍රා
බෝපත් ඔය කියන නම. එම දිය පාර තවත් පළල් වී ඉදිරියේදි අග්‍රා ඔය නිර්මාණය
වෙනව.
![]() |
අග්‍රා බෝපත් ඔයට තොටුපොල කන්දෙන් එන දිය පාර එකතු වෙන ස්ථානය |
අග්‍රා ඔය තව තවත් හැඩ වෙවී ගමන්
කරද්දි තවත් ටිකක් දුර යනකොට තව තවත් ශක්තිමත් වෙලා හෝර්ටන් වන
රක්ෂිතය දිගේ කිලෝමීටර පහක් පමණ ඇවිත් ඉතාමත් සුන්දර දිය ඇල්ලක් නිර්මාණය කරණව.
මහවැලි ගගේ කොතෙකුත් දිය ඇලි හම්බ වෙනව. සෙන්ට් ක්ලෙයාර් ඇල්ල, ඇල්ජින් ඇල්ල,
ඩන්සිනන් ඇල්ල වගේ බොහොමයක් ඇලි අපිට දකින්න පුලුවන්. නමුත් ඒ හැම එකක්ම සංචාරක
ආකර්ෂණය දිනාගත්ත බොහොම ප්‍රසිද්ධ තැන්. නමුත් මේ දිය ඇල්ලට තාමත් නමක් ලැබී නැහැ
වගේම සිතියම් පොතක වත් කිසිම විචාර ග්‍රන්ථයකවත් සදහන් වෙලා නෑ. ඉතින් අපිට
පුලුවන් මේ ඇල්ලට නමක් දාන්න. මේ ඇල්ල අග්‍රා ඔයේ පිහිටලා ඇති නිසා අග්‍රා ඇල්ල
කියල අපිට හදුන් වන්න පුලුවන්.
![]() |
මහ වන මැද සුන්දර දිය ඇල්ල |
ඉතින් මෙතෙක් දුර මහා වනාන්තරය අතරින් ගලපු මේ ඔය
මේ ඇල්ලෙන් පසුව ජන සතු වෙනව. එතනින් පසුව ඇල්ල ගලන්නෙ ඩයගම කියන ගම්මානය හරහා....
අග්‍රා ඔය ඩයගම ගම්මානයට පිවිසෙන තැන අපිට Google map ආධාරයෙන් බලාගන්න පුලුවන් මෙතනින්.
![]() |
ඩයගම ගොවි බිම් හරහා ගලන අග්‍රා ඔය |
වගා බිම් ලක්ෂ දෙකකටත් වැඩි ප්‍රමාණයකට
දියවර සපයන මහවැලිය මෙගා වොට් 600කට ආසන්න විදුලිය සපයන්නත් දායක වෙනව. ප්‍රධාන
වශයෙන් විදුලි බලාගාර 6ක් පමණ මහවැලිය පුරාවට පිහිටලා තියනව. මේ අතරින් මුලින්ම
හමුවන කුඩා විදුලි බලාගාරය අපට හමු වෙනව ඩයගම වත්තෙන්...
![]() |
ඩයගම පවර් හවුස් |
මේ විදුලි බලාගාරය පෞද්ගලික අංශය යටතේ
ක්‍රියාත්මක වන විදුලි බලාගාරයක්. ඩයගම වත්ත ප්‍රදේශයට විදුලිය සැපයෙන්නෙ මේ
බලාගාරය මගින්. ඩයගම පවර් හවුස් නමින් හැදින්වෙන මෙය ඩයගම නැගෙනහිර ඩයගම බටහිර
කියන වතු යායන් දෙකටම විදුලිය සපයනවා. මෙහි කිලෝ වොට් 240ක විදුලියක්
නිෂ්පාදනය කෙරෙනව. මේ බලාගාරය ආරම්භ කරන්නේ 1936 දී. එතැන් පටන් මේ දක්වාම වැඩ.
අපි මේ කතා කරන ඔය සිතියම් පොත් වල අග්‍රා
ඔය විදියට හදුන්වලා තිබුනට ප්‍රදේශවාසීන් මෙය හදුන් වන්නෙ පවරෝස් ආර කියල.
ආර කියල දෙමල භාෂාවෙන් හදුන්වන්නෙ ගඟ කියන නම. පවර් හවුස් ගඟ කියන නමෙන් තමයි මේ පවරෝස් ආර
කියන නම වැටිල කියෙන්නෙ. මොකද බලාගරය මෙහි පිහිටලා තියන නිසාත් බලාගාරයට වතුර
ලබාගන්න ඇල නිසාත් පවර් හවුස් ගඟ කියල මුලින් කියන්නට ඇති. පසුව කාලයත් එක්ක තමයි පවරෝස්
ආර වෙලා තියෙන්නෙ. මේ බලාගාරයට ඉහලින් ඇල්ලක් පිහිටලා තියනවා. ඒ ඇල්ල ඔවුන්
හදුන්වන්නෙ පවරෝස් ඇල්ල කියල.
![]() |
පවරෝස් ඇල්ල |
සුදු අධිකාරීන් ලංකාව ආක්‍රමණය කලාට
පස්සෙ උඩරට බොහෝ ප්‍රදේශ වල තිබුණ රූස්ස වනාන්තර බොහොමයක් තේ වගව සදහා එළි පෙහෙළි
කලා. අපි දැන් මේ ගඟ දිගේ ඇවිත් ඉන්න ඩයගම, ආගර පතන වැනි ප්‍රදේශ වලත් වනාන්තර එළි පෙහෙළි කලා.
ඒ අතරම මේ වගේ ප්‍රදේශ වල ගගෙන් පෝෂණය ලබන මේ නිම්න තැන්න අතිශයින්ම සාරවත් බව
ඔවුන්ට හැගී ගියා. ඒ නිසාම ඔවුන් තේ වගාවට අමතරව එළවළු වගාවත් පටන් ගත්ත. මේ ප්‍රදේශ
වල ලීක්ස්, බීට්, කැරට්, ගෝවා, සලාද කොල වැනි එළවළු බොහොම සාරෙට වැවෙනව.
![]() |
ඩයගම සාරවත් එළවළු වතු |
වතු වැවිල්ල නිසා ලංකාවට තවත් උප
සංස්කෘතියක් එකතු වෙනව. ඒ තමයි ලාංකිකයන් සුද්දන්ගේ වතු වල කුලී වැඩ කිරීමට අකමැති
වුනායින් පස්සෙ ඉන්දීය සම්භවයක් ඇති කම්කරුවන් ලංකාවට රැගෙන එනව තේ වතු වල සේවය
සදහා. අන්න ඔවුන් තමයි මේ දෙනි බිම් වල එළවළු වගාව පටන් ගන්නට ඇතැයි කියා විශ්වාස
කරන්නෙ. නමුත් අද වන විට නම් මේ කදුකරය පුරාම එළවළු වගාව පැතිරිලා ගිහින් තියනව
විතරක් නෙමෙයි බොහොම ප්‍රසිද්ධියටත් පත් වෙලා තියනව.
![]() |
ඩයගම වගා බිම් |
මහවැලිය දිගේ ඇවිදගෙන යන අපි මීලගට
හරි අපූරු ගං දෙමන්සලකට ඔබට රැගෙන යනව. මේ තමයි අග්‍රා ඔයේ අවසානය.
මේ තමයි දඹගස්තලා ඔයත් අග්‍රා ඔයත් හමුවෙන තැන. දඹගස්තලා ඔය පැමිණෙන්නෙ අඹේවෙල ඉදල. අඹේවෙල තටාකාංගනයෙ තමයි දඹගස්තලා ඔයේ මුල් දියතු පිහිටන්නෙ. නමුත් දඹගස්තලා ඔය අඹේවෙල සිට මෙතැනට පැමිණෙන අතර තුර ඇල්ජින් වතුයාය පහුකරන නිසාත් ඇල්ජින් ඇල්ල එහි පිහිටන නිසිත් මෙහි ප්‍රදේශවාසීන් මෙයට කියන්නෙ ඇල්ජින් ඔය කියල.
![]() |
දඹගස්තලා ඔය |
කෙසේ වෙතත්
දඹගස්තලා ඔය හෝ ඇල්ජින් ඔය මෙතැනදි ඒ කිවුවෙ ඔය ලිදුල කිට්ටුව තිස්පනේදි අග්‍රා ඔයට එකතුවීමෙන් මෙතැන් සිට ආරම්භ වෙනවා
තවත් සුන්දර ඔයක්. ඒ තමයි කොත්මලා ඔය.
මීලග ලිපියෙන් කොත්මලේ ඔය දිගේ
ඉදිරියට යමු.
සටහන - වතුරංග ජයසුන්දර
No comments:
Post a Comment