අපි ආ ගමන් මග යළිත් මතක් කරගත්තොත්, හෝර්ටන් තැන්නෙන් පටන් ගන්න පුංචි දියකදුරට අග්‍රා බෝපත් කදු වලින්, තොටුපොල කන්දෙන් එන දිය සීරා එකතු වෙලා අග්‍රා ඔය හැදෙනව, අග්‍රා ඔයට දඹගස්තලා ඔය සහ නානු ඔය එකතු වෙලා කොල්මලේ ඔය හැදෙනව. කොත්මලේ ඔය වඩාත් පළල් වෙලා ගාගෙන අවුත් මල්දෙණියෙ ලයිබෝට්ටු පාලමෙන් එතෙර වෙනව. ලයිබෝට්ටු පාලමෙන් එහාට ගියාම එ පැත්තෙන් පේනව පූඩලු ඔය. පූඩලු ඔය ගැන අපි කතා කලා ඩන්සිනන් ඇල්ලෙදි. පූඩලු ඔය මෙතෙන්ට එන්නෙ ලොකු දොරුවක් බැහැගෙන. ඒ කිවුවේ විශාල ආනතියක් සහිත බෑවුමක තමයි ගලන්නෙ. ඒ පූඩලු ඔය මල්දෙණීයෙ ලයිබෝට්ටු පාලම ලගදි කොත්මලේ ඔයට එකතු වෙනව..
![]() |
පූඩලු ඔය සිතියමේ දැක්වෙන අයුරු |
![]() | |
මල්දෙනිය ලයිබෝට්ටු පාලම |
![]() |
මහා දොරුවකින් බසින පූඩලු ඔය |
![]() |
පුන්ඩලු ඔය කොත්මලේ ඔයට එක් වන තැන |
![]() |
පුන්ඩලු ඔය කොත්මලේ ඔයට එක් වන තැන පාලම උඩට පෙනෙන අයුරු |
![]() |
මේ ස්ථානය Google Maps වල දැක්වෙන අයුරු |
මල් නෑව ගැමියන් හැදින් වූ මල්හෑව ගම
ඉතින් අපි දැන් ඔන්න ඓතිහාසික කොත්මලේ ප්‍රදේශයට පිවිසෙනව. අපි දන්නව කොත්මලේ තරම් ජනප්‍රවාද වලින් පිරීගිය තවත් කන්ද උඩරට ප්‍රදේශයක් තවත් නැතුව ඇති. ක්‍රි.ව1225 දී පමණ පොළොන්නරුවේ කාලිංග මාඝ විසින් ලංකාවේ සංස්කෘතියටත් බුදු සමයටත් මහත් ව්‍යවසනයක් සිදු කල බව මහා වංශයේ සදහන් වෙනව. ඒ කාලයේ පොළොන්නරුවේ ස්වාමීන් වහන්සේලා රහසිගතව පාත්‍රා ධාතුවත් දන්ත ධාතුවත් රැගෙනවිත් කොත්මලේ සගවා තැබු බව මහා වංශයේ සදහන් වෙනව. ඉන් පසුව දඹදෙනිය රාජ වංශයේ තුන්වැනි විජයබාහු රජතුමාට දැනගන්න ලැබෙනව මේ ධාතූන් වහන්සේලා දෙනම කොත්මලේ වැඩ සිටින බව. ඒ අනූව විජයබාහු රජතුමා කොත්මලේට එනව. කොත්මලේට ඇවිත් කදවුරු බැදගෙන හිටපු කන්ද තමයි විජේබාහු කන්ද නමින් කොත්මලේ අදටත් තියෙන්නෙ. විජේබාහු කන්දේ සිට සොයා බලනව කොහෙද මේ ධාතූන් වහන්සෙලා වැඩ සිටින්නේ කියල. රජතුමාට දැනගන්න ලැබෙනව මල්හෑව නමින් අද හැදින් වෙන මේ ප්‍රදේශයේ ධාතූන් වහන්සේ වැඩ සිටින බව. රජතුමා විජයබාහු කන්දේ සිට මේ ප්‍රදේශයට පෙරහැරින් වැඩම කරනව. එතුමන්ට මේ ප්‍රදේශයේදි ධාතූන් වහන්සේලා හමුවෙනව. උන්වහන්සේ මෙතන මහා මල් වැස්සක් සහිත උත්සවයක් පැවැත්තුවයි කියල කියනව. එතැන් සිට ධන්ත ධාතූන් වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ මහත් පෙරහැරකින් ගග සිරි පුරය හරහා දඹදෙනියට වැඩමවාගෙන ගියා. එදා මේ උත්සවයේ මේ මල් වැස්සෙන් මල් නෑව ගැමියන් තමන් මල් නෑව බව පැවසීම නිසා මේ ප්‍රදේශය මල් නෑව බවට පත්වී පසුකාලීනව මල්හෑව බවට පත්වූ බව කොත්මලේ පුරාවෘත්ත වල සදහන් වෙනව. අපි දැන් මේ දැන් මේ මල්හෑව ගැන කතා කලේ නිකන්ම නෙමෙයි. මේ මල්හෑවෙන් තමයි පූනා ඔය කොත්මලේ ඔයට එකතු වෙන්නෙ. ඒත් දැන් නම් ඒ හරියත් කොත්මලේ ජලාශයම තමයි. සුන්දර රම්බොඩ ඇල්ල නිර්මාණය කරන්නෙත් මේ පූනා ඔයම තමයි.
![]() |
සුන්දර මල්හෑව |
![]() |
විජේබාහු කන්ද |
![]() |
පූනා ඔය |
කොත්මලේ ඔයේ යෝධ වේල්ල
කොත්මලේ ජලාශය ඉදිකිරීම නිසා වර්ග කිලෝමීටර් 6.5ක භූමි භාගයක් ජලයෙන් යටවීම සිදුවූ අතර පවුල් තුන් දහසක පමණ ජනතාවකට ජීවත් වූ ගම්බිම්, ඉඩකඩම් අතහැර ඉවත්වීමට සිදුවිය. මෙයට එවකට මහවැලි සංවර්ධන අමාත්‍යවරයාවූ ගාමිණි දිසානායක මැතිඳුන්ගේ මවු පාර්ශ්වයේ පාරම්පරික මුල් නිවසද ඇතුළත් විය.
රදේශයේ ජනතාව අතර පවතින ජනප්‍රවාද අනුව
රාජාධි රාජසිංහ
රජුගේ
කාලයේ මෙම ප්‍රදේශයේ විසූ දක්‌ෂ නක්‌ෂත්‍රකරුවෙක් වන කොත්මලේ ගණිතයා (මොහු තවත් දක්‌ෂ නක්‌ෂත්‍රකරුවෙක්
වන පොන්නා නැකැත්තාගේ පුත්‍රයෙකි) නම්
පුද්ගලයෙක් කර ඇති අනාවැකියකට
අනුව අනාගතයේදී කොත්මලා ඔය දෙපස කඩදොර හා තිස්‌පනේ යන කඳු එක්‌වී කොත්මලා ඔය උතුරට හැරී
ගලනු ඇතැයිද එයින් පසු රට මුහුණ පෑ සියලු දෝෂයන් දුරුවී රට සශ්‍රීක වනු ඇතැයි ද අනාවැකි පළ කළ බව සඳහන්ය.
කොත්මලා
ඔය හරස්‌කර වේල්ලක් බැඳීම පිළිබඳව මුලින්ම 1961 දී පමණ මූලික අධ්‍යයනයක් සිදු කළ අතර එසේම 1964 සිට 68 දක්‌වා කාලයේදී විදේශ ආධාර ඇතිව ශක්‍යතා අධ්‍යයනයක්
සිදු කරන ලදී.
ඉන්පසු
ඉන්දීය සහාය ඇතිව 1973
-76
කාලයේදී තවත් අධ්‍යයනයක් සිදුකරන ලදී. 1979 දී
මෙම සියලු වාර්තාවන් සැලකිල්ලට ගනිමින් කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ආරම්භ
කළ මුල්ම ව්‍යාපෘතිය ලෙස මෙම ව්‍යාපෘතිය
හැඳින්විය හැක.
1979 දී සියලු වාර්තා සැලකිල්ලට ගනිමින් කොත්මලා ඔය මහවැලි ගඟට එක්‌වන ස්‌ථානයට කිලෝමීටර් 6.6 ක් ඉහළින් තිස්‌පනේ හා කඩදොර යන කඳුවැටි දෙක මැදින් කොත්මලා ඔය හරස්‌කර මහා වේල්ලක් බැඳ ජලය රැස්‌කිරීමට තීරණය විය. උමං මඟේ සිදු කළ අලුත්වැඩියාව සමඟම ව්‍යාපෘතියේ පිරිවැය රුපියල් මිලියන 13000ක් වූ අතර එයින් රුපියල් මිලියන 5500 ක් ස්‌වීඩන් රජය මඟින් ලබාදුන් අතර ඉතිරි රුපියල් මිලියන 7500 ලක්‌රජය මඟින් දරන ලදී. වර්ෂ එක්‌දහස් නවසිය හැත්තෑ නවයක් වූ නවම් මස සිව්වන දින(1979.02.04) සුබ මොහොතින් වැඩ ආරම්භ වූ කොත්මලේ ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ස්‌වීඩනයේ ස්‌කන්ස්‌කා සමාගම මඟින් සිදුකරන ලදී. වැඩ අවසන් කර ජලාශයේ ජලය පිරවීම එක්‌දහස් නවසිය අසූ හතරේ දී ආරම්භ කෙරුණු අතර එක්‌දහස් නවසිය අසූ පහේ අගෝස්‌තු මාසයේදී උත්සවාකාරයෙන් ජනතා අයිතියට පත්කරන ලදී.
කොත්මලේ ජලාශය වර්ග කිලෝමීටර් 544 ක ජලපෝෂක ප්‍රදේශයකින් සමන්විත වන අතර වර්ග කිලෝමීටර් 6.5 ක භූමිභාගයක පැතීරී පවතින ජලාශය ඝනමීටර් මිලියන 174 ක මහා ජලස්‌කන්ධයක් ගබඩා කළ හැකි ජලාශයකි. කොත්මලා ඔය හරස්‌කර තැනූ වේල්ල ගල්පුරවා කොන්ක්‍රීට් ආස්‌තරණයක් යොදා සකස්‌කළ එකක් වන අතර එහි උස මීටර් 87 ක් වේ. වේල්ල මුදුනේ දිග මීටර් 600ක් හා මුදුනේ පළල මීටර් 10 ක් වේ. මේ සඳහා කළුගල් ඝන මීටර් මිලියන 4.3 ක් වැය වූ බව සඳහන් වේ. ගේට්‌ටු 3කින් සමන්විත ජලාශයේ පිටවාන තත්පරයට ඝන මීටර් 5500 ක ජල ප්‍රමාණයක් පිටකළ හැකි වනසේ ඉදිකර ඇත. මේවා අරීය වර්ගයේ ගේට්‌ටු වන අතර එකක උස මීටර් 15 ක් හා පළල මීටර් 14ක් වේ.
මළ ගඟ
ඔබ දන්නවද මළ ගඟක් කියන්නෙ මොකේටද කියල. ගලමින් තියන ගඟක් මොකක් හරි හේතුවක් හන්ද නැවතුනොත් එතනින් එහාට වියලෙන ගග මළ ගඟක්. ඉතින් කොත්මලේ ඔය වේල්ල බැද නතර කොට මේ මහා ජලාශය පුරවගත්තට පස්සෙ ඒ වේල්ලෙන් එපිට ගඟ හිදෙනව. මේ ගඟ තවත් කිලෝමීටර පහක් විතර ගියාම මේ ගඟට එකතු වෙනව මහවිල්ලාවෙදි හැටන් ගඟ. එතනින් නැවත ගංගාව පණ ලබනව. තව මෙතැන් සිට ක්ලෝමීටර් 18ක් විතර ගියාම අටබාගෙදි කොත්මලේ විදුලි බලාගාරයට උමග දිගේ ගත්ත ජලය නැවත්ත මේ ගගටම එකතු වෙනව.
![]() |
කොත්මලේ ජලාශයෙන් පසුව කිලෝමීටර පහක් යන තුරු මළ ගගක් බවට පත් වන කොත්මලේ ඔය |
දකුණු ආසියාවේම පළමු භූගත ජලවිදුලි බලාගාරය ලංකාවේ
දකුණු ආසියානු කලාපයේම ඉදිකළ පළමු භූගත ජලවිදුලි බලාගාරය ලෙස අටබාගේ ප්‍රදේශයේ ඉදිකළ කොත්මලේ ජලවිදුලි බලාගාරය ඉතිහාසයට එක්‌වී ඇත. මෙයට ජලය ලබාගැනීමට කොත්මලේ ජලාශයේ දකුණු ඉවුරේ සිට අටබාගේ ප්‍රදේශය දක්‌වා උමඟක් ඉදිකර ඇති අතර එහි දිග කිලෝමීටර් 7.2 කි. තත්පරයට ජලය ඝනමීටර් 113.3 ක් යෑවිය හැකිසේ ඉදිකර ඇති මෙය මීටර් 6.2 ක විශ්කම්භයක් සහිත අශ්ව ලාඩමක හැඩය ඇති උමඟකි. බලාගාරය ටර්බයින් 3 කින් සමන්විත වන අතර සාමාන්‍ය තත්ත්ව යටතේදී ජලය තත්පරයට ඝනමීටර් 35 ක ප්‍රවාහයකදී එකකින් මෙගාවොට් 67 බැගින් මෙගාවොට් 201 ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීම සිදුවේ. විදුලිය නිපදවීමෙන් පසු පිටවන ජලය තවත් උමඟක් තුළින් කොත්මලා ඔය මහවැලි ගඟට එක්‌වන ස්‌ථානයට කිලෝමීටර් 6.4ක් පමණ පහළින් මහවැලි ගඟට එකතුවීම සිදු වේ.
කොත්මලේ වේල්ල ඉදිකිරීමට පෙර වසරේ ගංවතුර කාලයට කොත්මලා ඔය පිටාර ගලා ගම්පොල ප්‍රදේශයේ ජනතාවට සිය චණ්‌ඩ රැස් විදහා දැක්‌වීම සිරිතක් කොට ගෙන තිබිණි. නමුත් දැන් බාධක වේල්ලක් ඉදිකොට ඇති බැවින් ගං වතුර උවදුර දුරු වී තිබේ.
![]() |
කොත්මලේ බලාගාරයේ පිවිසුම් දොරටුව |
![]() | |
පිවිසුම් දොරටුවෙන් මීටර 500ක් ඇතුලට |
![]() |
මෙගා වොට් 67ක ට’බයිනයක් |
කොත්මලේ ශෝකාන්තය....
කොත්මලේ ජලාශය ඉදිකිරීම නිසා වර්ග කිලෝමීටර් 6.5ක භූමි භාගයක් ජලයෙන් යටවීම සිදුවූ අතර පවුල් තුන් දහසක පමණ ජනතාවකට ජීවත් වූ ගම්බිම්, ඉඩකඩම් අතහැර ඉවත්වීමට සිදුවිය. මෙයට එවකට මහවැලි සංවර්ධන අමාත්‍යවරයාවූ ගාමිණි දිසානායක මැතිඳුන්ගේ මවු පාර්ශ්වයේ පාරම්පරික මුල් නිවසද ඇතුළත් විය. මෙහි වූ වඩාත්ම අවාසනාවන්ත තත්ත්වය වූයේ සමහරක් ජනතාව පාරම්පරිකව සහශ්‍ර දෙකකට අධික කාලයක් කොත්මලා නිම්නයේ වාසය කර තිබීමයි. රජය විසින් ඔවුන්ගේ කැමැත්ත විමසා කොත්මලේ ඉහළ බිම් ප්‍රදේශවල හා කලාවැව, උල්හිටිය, මාදුරුඔය වැනි ජලාශ යටතේ සංවර්ධනය කළ මහවැලි කලාපවල ඉඩම් ලබා දී පදිංචි කරවන නමුත් ඔවුන් තම සාම්ප්‍රදායික ජීවන රටාවෙන් මිදී තම උපන් සුන්දර ගම්බිම් අතහැර ඉවත්වයාම කඳුළු පිරි දෙනෙතින් යුතුව සිදු කළ නිහඬ විප්ලවයක් ම විය. මෙම සියලුම කරදර කම්කටොලු ඉතා අපහසුවෙන් විඳ දරා ගනිමින් රට ජාතියේ අනාගත දියුණුව වෙනුවෙන් තම සුඛ විහරණය කැපකළ මේ ජනතාවට මුළු මහත් ජාතියේම ගෞරවාචාරය හිමිවිය යුතුමය. එසේම ව්‍යාපෘතියට අවශ්‍ය ආධාර ලබාගැනීමේ සිට එහි අවසානය දක්‌වා ප්‍රගතිය පිරික්‌සමින් මෙය සාර්ථක කරගැනීම සඳහා මහත් සේ වෙහෙස වූ එවකට මහවැලි සංවර්ධන අමාත්‍ය දිවංගත ගාමිණි දිසානායක මැතිතුමන් සිහිවීම හා එතුමාට උපහාර පිණිස 2003 වසරේ සිට මේ මහා ජලාශය කොත්මලේ ගාමිණි දිසානායක ජලාශය ලෙසින් නම් කිරීමද සිදුවිය.
කොත්මලේ සම්ප්‍රේෂණාගාරය
කොත්මලේ ජලාශයේ දකුණු ඉවුරෙන් ආරම්භ වන 6.2 ක විෂ්කම්භයක් සහිත කිලෝමීටර් 7ක් දිග උමගකින් භූගත බලාගාරයට ජලය රැගෙන යනව. මේ බලාගාරය පිහිටන්නෙ මහා කදු ගැටයක් ඇතුලෙ. කොත්මලේ ජලාශයේ සිට කිලෝමීටර 18ක් පමණ පහළට ඇවිදගෙන එනකොට අටබාගේ ප්‍රදේශය හමු වෙනව. ඒ අටබාගෙන් තමයි මේ බලාගාරයට ඇතුලු වෙන උමන් මුවදොර හමුවන්නෙ. මේ උමන් මුවදොරෙන් ඇතුල් වන තැන සිට අපිට ඇවිද යන්නට වෙනව මීටර 500ක දුරක්. මේ බලාගාරය පිහිටන කදු ගැටය කඩදොර කන්ද පැත්තෙම තියන තවත් කුඩා කදු ගැටයක්. මේ කදු ගැටයෙ මුදුනෙ ඉදන් මීටර් 225ක් ගැඹුරෙන් තමයි මේ බලාගාරය පිහිටන්නෙ. මේ බලාගාරයට මීටර 6.2 ක උමග කිලෝමීටර 7ක් දුර ගෙවැගෙන ඇවිත් ඊට වඩා විෂ්කම්භය අඩු අධිපීඩන උමගකින් ගිහින් තවත් උමන් තුනකට බෙදිල ගිහින් එකක් මෙගා වොට් 67 බැගින් වූ ට’බයින තුනක් මගින් මේගා වොට් 201ක විදුලියක් නිපදවනව. මෙතන ඉදන් මීටර 225ක් ඉහළට උමගක් මගිනි විදුලි රැහැන් මගින් කන්ද මත පිහිටි සම්ප්‍රේෂනාගාරය වෙත ගෙනියනව. එතනදි ට්‍රාන්සෆෝමර් මගින් කිලෝ වෝල්ට් 220ට වැඩි කරල කොළඹට රැහැන් මාර්ග දෙකකුත් අනුරාධපුරයට එක් මාර්ගයකුත් යොමු කරනව. මේ බලාගාරය දෙවැනි වන්නේ මොගා වොට් 210ක් නිපදවන වික්ටෝරියා බලාගාරයට පමණයි.
![]() |
කොත්මලේ සම්ප්‍රේෂණාගාරය |
මේසේ විශාල වික්‍රමයක් කරමින් විදුලිය නිපදවමින් ගලන ජලය මීලගට පිවිසෙනව අටබාගෙ මුවදොරට එනව මීටර 500ක් දිග තවත් උමගකින්. මෙතැනින් පිටවන ජලය නැවතත් එකතු වෙනව අපේ මහවැලි ගඟට.
![]() |
කොත්මලේ බලාගාරයෙන් මහවැලි ගගට ජලය නිකුත් වෙන උමන් මුවදොර |
![]() |
උමන් මුවදොරෙන් නිකුත් වූ ජලය මහවැලි ගග බලා |
![]() | ||
මෙහි ඈතින් පෙනෙන්නෙ කොත්මලේ භූගත බලාගාරය පිහිටි කදුගැටය |
මීලග ලිපියෙන් අපි ගැමුණූ කුමාරයාගේ පුරාවෘත්ත හොයාගෙන කොත්මලේ සැරි සරමු
සටහන - චතුරංග ජයසුන්දර
No comments:
Post a Comment