Sri Lanka

Friday, June 21, 2019

නාග දීප කථාව




බුදුන් වහන්සේ දෙවන වර ලංකාවට වැඩම කලේ නාගදීපයට. යාපනය අර්ධද්වීපයට එපිටින් ඇති දූපතක් වන නයිනතිව් දූපත තමයි අද නාගදීපය විදියට හදුන්වන්නේ. මේ අතීත කථාව දිව යන්නේ නාග ගොත්‍රික ජන කොටස් දෙකක් වෙතයි. මෙහි නායකයින් වන්නේ චූලෝදර සහ මහෝදර යන දෙපලයි..

මහෝදරලා මුහුදු නාගයින් ලෙසත්., චූලෝදරලා පර්වත නාගයින් ලෙසත් නැත්තන් ගොඩබිම් නාගයින් ලෙසත් හදුන්වනවා.. මේ මහෝදරගේ සහෝදරියක් කන්වඩමන් කියන පර්වත නාග රාජයාගේ පවුල වෙත දීග දෙනව... ඒ නාගරජයාගේ පුත් කුමාරයෙක් මහෝදරගේ නංගිව දීග ගන්නව.. ඒ සහෝදරියට තමයි උපදින්නෙ චූලෝදර..

මහෝදරගේ පියා තමන්ට පරම්පරාවෙන් උරුමව තිබූ මිණි පළගක් එහි අයිතිවාසිකම මහෝදරට පවරන්නෙ නැතුව මහෝදරගේ සහෝදරියට පවරනව.. ඒ හේතුවෙන් මේ මිණි පළගේ අයිතිය මහෝදරගේ නැගනියගේ පුතා වෙච්ච චූලෝදරට අයිති වෙනව.. දැන් ඔන්න චූලෝදර සහ මහෝදර අතර මේ මිණි පළග හේතුවෙන් පරම්පරාගත ගැටුමක් ඇති වෙනව.. මේ ගැටුම හේතු කොටගෙන මුහුදු නාගයින් සහ පර්වත නාගයින් අතර විශාල යුද්ධයක් ඇති වෙනව.. මේ යුද්ධය හේතුවෙන් නාගයින්ට සිදුවෙන විශාල හානිය බුදුන් වහන්සේ දිවැසින් දැකල උන් වහන්සේගේ බුද්ධත්වයෙන් පස්වෙනි වසරේ බක් මාසෙක මේ කාරණව විසදන්නට උන් වහන්සේ ලංකාවට වඩිනව.. උන් වහන්සේ ඒ වැඩම කරන්නේ ජේතවනාරාමයේ සිටයි. මේ ජේතවනාරාමයේ තිබෙනව කිරිපලු ගහක්.. මේ කිරිපලු ගහේ වැඩ වාසය කරනව සවිද්ධ සුමන දිව්‍ය රාජයා.. ඒ දිව්‍ය රාජයා තමන්ගෙ කිරිපලු ගහත් රැගෙන ඡත්‍ර සපයමින් බුදුන් වහන්සේ සමග වඩිනව..
මේ වෙලාවෙදි වුදුන් වහන්සේ දෙගොල්ලන්ටම කරුණු පැහැදිලි කරල දුන්නට පස්සෙ චූලෝදර ඇතුලු 20 දෙනෙකුගෙන් යුත් පිරිස තමන් වෙනුවෙන් බුලත් කොල 20ක් බුදුන් වහන්සේ අතට දීල නමස්කාර කරනව.. ඒ වගේම මහෝදර ඇතුලු 20 දෙනෙකුගෙන් යුත් පිරිසත් තමන් වෙනුවෙන් බුලත් කොල 20ක් දීල වදිනව.. බුදුන් වහන්සේ අවසානයේදි මේ බුලත් කොල ඔක්කොම එකට එකතු කරල බුලත් කොල 40කින් යුත් බුලත් අත හදනව. එතැන් පටන්තමයි බුලත් අතට බුලත් කොල 40ක් එකතු වුනේ කියල තමයි ජනප්‍රවාදයේ එන්නෙ..


බුදුන් වහන්සේ මේ චූලෝදර මහෝදර ප්‍රශ්නය විසදා ධර්මය දේශනා කලාට පස්සෙ මේ කිරිපලු ගහේ වැඩ වාසය කරන සවිද්ධ සුමන දිව්‍ය රජයාගේ අතීත කථාව විමසා බලනවා..

මේ සවිද්ධ සුමණ දිව්‍ය රාජයා පෙර ආත්මයක මේ නාගදීපයේ කිරපලු ගහක් යට පසේ බුදුවරයෙකුට දානය සම්පාදනය කරදී ඒ දන් භාජන පරිසිදු කරන්නට කොල කඩා දුන් පිනෙන් තමයි ජේතවනාරමයේ සවිද්ධ සුමණ නම් දෙවියා වෙලා ඉපදිලා තියෙන්නෙ.. ඒ නිසා මේ දවෙියාගේ පූර්ව ජන්මය නාගදීපයට නෑකම් කියන නිසා තමයි බුදුන් වහන්සේ සවිද්ධ සුමව දිව්‍ය රාජයාවත් කිරිපලු ගහත් සමග මෙහි වැඩම කලේ කියල මහා වංශයේ සදහන් වෙලා තියෙන්නෙ...

මේ කතාව සදහන් වෙන කැටයමක් අද අපිට නාග දීපයේදි දැකගන්න පුලුවන්.. එය ශ්‍රී ලංකා යුධ හමුදාවේ දෙවන කොමාන්ඩෝ රෙජිමෙන්තුව විසින් තමයි නිර්මාණය කරල තියෙන්නෙ...

No comments:

Post a Comment