Sri Lanka

Monday, June 30, 2014

පවණට සැලෙනා... දොඹමල් සුවඳින්...




අපි ආදරය ගැන කතා කලා නිතරම. ලෝකයේ සිදුවන විවිධ සිදුවීම් ගත්තම ආදරයක අවසානය විවාහය ම නෙමෙයි කියනදේ අපි තේරුම් අරන් තියනව. විවාහයෙන් පස්සෙත් හැමෝම ආදරය හොයනව තමන්ගෙ ස්වාමියා හා බිරිද තුළින්. විවාහයෙන් පස්සෙ මේ දෙවල් හරියට බෙදිල ගියෙ නැති උනාම තමයි ගොඩක්ම ප්‍රශ්න ඇති වෙන්නෙ. මේ ළගදි දවසක මට මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් නිළධාරිනියගෙ දේශනයකට සහභගී වෙන්න ලැබුණ. එ් දේශනේදි ගොඩක්ම කියවුනේ දෙමව්පියන්ගෙ වැරදි හන්ද අසරන වුන දරුවන්ගෙ කතා තමයි. ගොඩක්ම ඒව ඇය ඇස් දෙකෙන්ම දැකපු අත්දැකීම්. වැඩි හරියක්ම දෙමව්පියන්ගෙ අනියම් සම්බන්ධකම් නිසා අතරමන් වුන දරුවන් ගැන. 

එක කතාවක් මට හොදට මතකයි. මේ සිද්ධිය වෙලා තියෙන්නෙ නිකවැරටිය ප්‍රදේශයේ. එක්තරා පවුලක් මේ. දරුවො දෙන්නෙක් හිටිය. වැඩිමල් දියනියක් සහ බාල පුතෙක්. මේ අම්ම කාලයක් ගිහින් වෙනත් කෙනෙත් එක්ක සම්බන්ධයක් ඇති කරගන්නව. මේ තාත්තා කුලී වැඩ කරල තමයි ජීවත්වෙලා තියෙන්නෙ. දවසක් මනුස්සය වැඩ ඇරිල එනකොට මගදි කෙනෙක් කියනව අන්න අහවල් තැන ඔයාගෙ බිරිද අර මනුස්සයත් එක්ක කතා කර කර ඉන්නව කිවල. ඔහුට ආව ආවේගයටම ඔහු එක සැනින් එතෙන්ට යනව. යද්දි දෙන්නම ඔහුගෙ අතටම අහු වෙනව. කේන්තිය වැඩි කමට ඔහුගෙ අතේ තිබුන වක් පිහියෙන් ඇයගෙ බෙල්ලට කොටනව. ඇය එතනම මිය යනව. තමන්ගෙ මල්ලිවත් වඩාගෙන ආව ලොකු දරුව මේ සිද්ධිය දකිනව. ඇයට ලොකු මානසික කම්පනයක් ඇති වෙනව මේකෙන්. දැන් මේ දරුවො දෙන්න ළමා නිවාස වල. තාත්ත හිර ගෙදර. ගෙවල් දොරවල් පාලුවට ගිහින්.

තවත් එක් සිද්ධයක් කියන්නම් අපේ හිතවතුන් මේවත් දැනගන්න‍ ඕන හන්ද. නිකවැරටිය ප්‍රදේශයේ ප්‍රධානම පාසලක දරුවෙක් මේ. නිලධාරී තුමිය කියපු විදියට පාසලේ 2 හෝ 3 වසරේ මට මතක හැටියට. හැමදාම කෑමට බත් අරන් එන දරුවෙක් මේ. නිකවැරටිය කියන්නෙ කොහොමටත් මාගල්ල වැවත් එක්ක හොද ස්වයං පෝෂිත ප්‍රෙද්ශයක්. එ හන්ද කිසිම දරුවෙක් ලේසියකට කඩෙන් කෑම ගේන්නෙ නැහැ විශේෂ හේතුවක් තිබුනොත් ඇරෙන්න. ඉතින් මුලින් දිගටම බත් ගෙනාව මේ දරුව ටික දවසක් යන්න යන්න සතියට දවසක් 2ක් බනිස් ගේනවලු. ගුරුවරියට මේක ගැටලුවක් වෙලා. මේ දරුවගෙ තාත්ත හමුදාවෙ සේවය කරන්නෙ. මාසෙකට දවස් කීපයක්නෙ ඉතින් ගෙදර ඉන්නෙ. පස්සෙ ගුරුවරිය ඇහුවලු මේ දරුවගෙන් 'පුතේ ඉස්සරනම් ඔයා හැමදාම බත් ගෙනාව. එත් ඇයි දැන් බනිස් ගේන්නෙ?'. අපි දන්නවගෙ ඉතින් කවදාවත් දරුව බොරු කියන්නෙ නැහැනෙ. මේහෙම ඇහුව ගමන් දරුවගෙ උත්තරේ වුනේ 'මිස් අපේ ගෙදරට සමහර දවස් වලට රෑට මාමා කෙනෙක් එනව. ඒ මාම ආව දවසට අම්ම උදේට නැගිටින්නෙ නැහැ. මට බනිස් ගන්න සල්ලි දෙනව' කියල. දෙමවිපියන්ගෙ වැරදි වලට දරුවො කොයි තරම් නම් අසරන වෙනවද?
තිස්ස දොඩන්ගොඩ කියන්නෙ දක්ෂ ප්‍රවීණ ගී පද විචාරකයෙක්. ඉතින් එතුමා එතුමගේ අත්දැකීමක් හැදිලිකරල තිබුන එක් තරා දවසක මේ විදියට.

'අපිත් එක්ක හිටපු යාලුවන්ගෙන් එක්තරා මිත්‍රෙයක් තමයි අපේ නඩෙන් ඉස්සෙල්ලාම විවාහ වුනේ. බැන්ද තරුණිය ඉතාම හැඩයි. හරියට ශ්රීය දේවී වාගේ. ඔවුනගේ පලමු දරුවට අවුරුද්දක් වෙන්න ඔන්න මෙන්න කියලා ඇය ස්වාමියත් දරුවත් දමා හදිසියේ වෙනෙකෙකු සමග ගියා, මහ දවාලෙම. ඔහු මේ කරදරේ ගැන කියල මටත් කතා කරා. ඒ හන්ද මමග් එහෙ ගියා.


 එදා රෑ, දරුවගෙ අත්තම්මත් මමත් මගේ මිත්රතයත් දරුවව නලවන්න පුදුම උත්සහයක් ගත්තා. දරුවා නිදන්න පුරුදු වෙලා හිටියේ අම්මගෙන් කිරි උර උර. මොදදේ කරත් දරුවව නලවගන්නනම් බැරි උනා. විකල්පයක් නැතිම තැන මම මගේ බිරිඳට කතාකලා. මගේ බිරිදටත් දරුව හම්බ වෙලා දරුවට මාසයයි එතකොට. ඇය එක පයින් එකඟ වුනා ඒ දරුවට කිරි දෙන්න. ඒත් අවසානයේ ඒ දරුවගෙත්, මගේ දරුවගෙත්, අත්තම්මලාගේ විප්රුකාර නිසා අඬලා අඬලා ඒ කිරිසප්පයා, බඩ ගින්නේම නිදා ගත්තා. ගැහැණු හතරදෙනෙක්ගේ, රාගයටයි, කරුණාවටයි, මාන්නයටයි, බොරු බයටයි මැදිවෙලා, බඩගින්නේ නිදාගත්තු ඒ කිරි සප්පයාව දු‍ටු මට හැබෑවටම මේ සිංදුව මතක් වුනා. ඔබේ හිතත් චංචල නම්, බැන්දත් දරුවො නම් හදන්න එපා. ඒ අහිංසකයෝ ඒ මොකකටවත් පලි නෑ...' 

මේ ගීතයේ ආරම්භයත් හරිම අහඹු සිදුවීමක්. ගීත 5ක් පටිගත  කරන්න හිටපු ටී එම් ටයි, කේමදාස මාස්ටර් ටයි තිබිලා තියෙන්නේ ගීත 4යි. ගී 4 කට සංගීතය සපයපු ශිල්පියොත් පිටත්වෙලා, 5 වෙනි ගීතය ප්‍රමාද නිසා. කරන්නම දෙයක් නැතිව කේමදාස මාස්ටර් ධර්මසිරි බණ්ඩාරනායක දුරකතනයෙන් ඇබැද්දිය කිව්වම, "එහෙමනම් කොලයක් ගනිමුකො..." කියල දුරකතනයෙන් මේ ගීයේ පද වැල් කිව්වලු... ඒවෙලාවෙම තණුවක් යොදලා, අතේ තිබුණු ගිටාරයෙන් පමණක් සංගීතය යෙදු මේ ගීය, සෝකයෙන් බර නොකරන්නේ කොයි තාත්තගෙ හිතද...?

ගීතයේ යටි පෙළෙ අරුත් තේරුම් ගන්න මේ කිවුව දෙවල් හොදටම ප්‍රමාණවත් කියල මම විශ්වාස කරනව.

පවණට සැලෙනා... දොඹමල් සුවඳින්...
ආදර හස‍රැල් මුවට නැගෙයිදෝ....
සවනට කොඳුරා... පවසන වදනින්...
ආදර හැඟුමන් හිතට දැනෙයිදෝ...

මල් ඇතුරුණු ඒ සුව යහනේ ඔබ...
අඩවන් දෙනෙතින් ආලවඩයි දෝ...
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා...
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයි දෝ...

ඇකයේ සිට මා පුතු හඬනා සඳ...
ලේ කිරි වීදැයි නොදනිමි මා ලඟ...
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ...
දු‍ටුවේ වැගිරුණු කඳුලු පමණි ලඳ...

අවසාන වශයෙන් කියන්න ඔන මේ දේවල් කිවුවෙ අපේ හිතවතියන් අපහාසයට පත් කරන්න නෙමෙයි. ගීතයට අදාලවයි කතා කලේ. මෙහෙම වැරදි කරන පිරිමි අයත් ඕන තරම් ඉන්නව කියන කාරනය අපි කවුරුත් හොදින් දන්නව.


Thursday, June 19, 2014

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්



ගොඩක් අය පසුබිම ගැන නොදන්නමුත් විවිධ කාරණා සදහා මේ දිනවල මේ පැදිපෙළ භාවිතා කරණව. අපේ මේ උත්සාහය කාවවත් විවේචනය කරන්නනවත් කාටවත් පහර දෙන්නවත් නෙමෙයි. ගොඩක් අය නොදන්න දේවල් ටිකක් කියන්නයි යන්නෙ. සමහරු මේ ගීතය ගැන බොහොම හොදින් දන්නව. අපි කියන දේවල් වල වැරැද්දක් තියනවනම් නිවැරදි කරයි කියල අපි හිතනව.

නන්දා මාලනිය ගයන මේ "තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්" ගීතය ගොඩක් කාලෙකට කලින් තමයි ලියවිලා තියෙන්නෙ. මගේ මතකය නිවැරදිනම්  හැත්තෑව, අසූව දශක අතරේ කාලෙක තමයි මේ ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලියල තියෙන්නෙ. ගොඩක් දෙනෙක් හිතාගෙන හිටියට හැබැයි මේ ගීතය රණ විරුවො ගැනනම් නෙමෙයි ලියල තියෙන්නෙ. මේ ගීතය ලියවුනෙ මම හිතන්නෙ නන්දා මලිනියගෙ කැසට්පට කිහිපයක්ම එවකට තිබුණ රජය විසින් නින්දිත ලෙස තහනම් කල කාලෙක. මේ ගීතයත් එවකට තහනම් වුන ගීතයක්.  ඒකට විශේෂ හේතුවක් තිබුණ. මේ ගීතය ඇතුළු තවත් ගීත කිහිපයක්ම ලියවෙන්න එවකට සිද්ධවුන විශේෂ සිදුවීමක් එක්ක. ඒ තමයි ඒවකට පැවතුණ තරුණ කැරැල්ල. කැරැල්ලකට වැඩිය මේත තරුණ විප්ලවයක්. එවකට රජය විසින් මෙම සංවිධානය තහනම් කර ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කලාට පස්සෙ ඒ වෙනුවෙන් ලියවෙච්ච ගීත, පොත්පත් ආදී හැම දේයක්ම තහනම් කළා. හැබැයි කියන්න ඕන ඒ විප්ලවයට එකතුවුන අවංක දේශප්‍රේමී තරුණ තරුණියන් බලාපොරොත්තු වුන ගමනමද එදා ඒ සටන් මෙහෙවපු දේශපාලන පක්ෂය අද යන්නෙ කියන එක ගැටලුවක්.

කොහොම උනත් එවකට ඒ සටන් වලට සහභාගී වෙලා හිටියෙ බොහොම බුද්ධිමත් තරුණ පිරිසක්. ඒ ගැන සදහන් වුන අපූරු සටහනක් මට හම්බු වනා සුනිල් මාධව ප්‍රෙමතිලකයන්ගෙ සත්‍යවවාදියෙකුගෙ දිනපොත සහ මිනිසෙක් කියන පොත් දෙකෙන්. ඒ ඉතාලි ජාතික මාධ්‍යෙව්දිනියක් වන ඔරියානා ෆලචි ශ්‍රී ලාංකික කැරලි කරුවන් හමුවීමට ලංකාවට පැමිණි අවස්ථාව පිළිබදවයි. ඇය සයිගොන්, පැනෝයි, ජනොම්පෙන්, මෙක්සිකෝ සිටි, සාඕපෝලෝ, රියෝඩ් ජැනෙයිරෝ. හොංකොං, ලා පාස්, කචබම්බා, ඩකා, කල්කටා, කොළඹ ආදී විවිධ එට වල විවිධ නගර වල සංචාරයේ යෙදෙමින් ලොව පුරා සිටි විප්ලවවාදීන් සමග නොබියව සටබ් බිම් වලට ගොස් සාකාච්ඡා පැවැත්වූ නිර්භීත මාධ්‍යෙව්දිනියකි.  ඒ පොතේ තිබුනෙ මේ විදියට,
"ඔරියානා ෆලචි මුලින්ම හමුවූ 1971 කැරැල්ල සමයෙදි හොර රහසෙම ලංකාවට පැමිණි මේ නිර්භීත මානව හිතවාදී මාධ්‍යෙව්දිනියගේ විශ්වාසවන්ත සගයා වූයේ මාය. එදා රජය කියූ අන්දමේ "ත්‍රස්තවාදියෙකු" හමුවී සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට ඇය ආශාවෙන් හිටිය. සති තුනකට ආසන්න කාලයක් තිස්සේ කැරැළිකරුවන් සොයා අපි වනයට ගියෙමු. ඈත ගම්මාන වලට ගියෙමු. මා ඕ සේතුං ලා චේ ගුවේරලා, කස්ත්‍රෝලා හමුවී ලොකයට විප්ලවයේ සත්‍යය පැවසූ ඔරියානා ෆලාචි..... එදා මොන තරම් සුන්දර දවසක්ද? මගේ ත්‍රස්තවාදී මිතුරාගෙන් ඇය ඇසූ ප්‍රශ්නත් මට අද වගේ මතකයි.

"විප්ලවයක් කරන්නට හැදුවෙ ඇයි.....?

"පීඩිත පංතියට විමුක්තියක් ලබා දිමට." ඔහු පිළිතුරු දුන්නෙ මොනතරම් ආඩම්බරයකින්ද?

"උඹේ රටේ පීඩිත පංතිය කියන්නෙ කවුද?

මේ රටේ සියයට අනූ නවයක්ම පීඩිත පංතිය. ඒක අපි දන්නව."

"උඹලා මැරෙන්න බය නැද්ද?"

"අපෝ නැහැ. මැරෙන්න බය නැති නිසයි විප්ලව කරන්න ගියෙ. අපි මැරුණත් අපි කරනදේ හරිනම් ප්‍රශ්නයක් නැහැ."

එදා ඔරියානා ෆලාචි චේ ගුවේරා ගැනත්, මාඕලා ගැනත්, ලෙනින්ලා මාක්ස්ලා ගැනත් කතා කළ හැටි මට මතකයි.

"මේ රටේ තරම් බුද්ධිමත් තරුණ කොටස් මට ලෝකයේ කිසිම තැනක හම්බ වෙලා නැහැ."

මගේ "විප්ලවවාදී" මිත්‍රයා සිප ගනිමින් ඇය එසේ කී අයුරු මට මතකයි..."

මේ ගීතය පිළිබදව අපි සලකා බැලුව හොත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේසේ සටන් වැද කැලෑ තුළ සිටින තරුනයන්ට මහත් ආඩම්බරයක්, වීරත්වයක්, අභිමානයක් ගීතය තුළින් ලබාදී ඇති අයුරක් පෙනී යයි. අපි ගීතයේ ලියවුන යුගය ගැන කතා කරන විට සැබැවින්ම ගීතය තුළ ගැබ්වී ඇත්තේ දේශපාලනික අරුතකි. එය හුදෙක් මාතෘ භූමියට ආදරය කරන්නට පොළඹවන ගීතයක් පමණක් නොවේද? යනුවෙන් අපි අප සමගම තර්ක කරමින් ගීතය තුළින් සාධනීය හරයක් පෙරා ගන්නට උත්සාහ කළද ගීතයේ දේශපාලනික අරුත අප සිතන තරම් අහිංසක නොවන බව අපට ඒත්තු ගැන්වේ. ගීතය රචනා කළ මහාචාර්ය සුනිල් ආරියරත්නත්, ගීතය ගායනා කළ විශාරද නන්දා මාලිනිත්, කිසි විටෙකත් ජාතිවාදීන් නොවන බව අපි දනිමු.
අප කුඩා කාලයේ ඇසූ නන්දා මාලිනීම ගයන

මේ සිංහල අපගෙ            රටයි
අප ඉපැදෙන මැරෙන       රටයි
අප හද පණ ගැහෙන        රටයි
මුළු ලොව මේ රටට         යටයි. 

නැමති ගීතය අපි කාටත් මතකය. මේ සිංහල අපගෙ රටයි ගීතය සිංහලෙන් සිංහලයකු ගයන විට රට "සිංහල" අපේ යැයි කියැවෙයි. එය ඇත්තකි. එහෙත් එය සිංහල අපේ රට වූ පමනින් දෙමළ, මුස්ලිම්, බර්ගර් හෝ මේ බිමේ ජීවත්වෙන වෙන කිසිදු පුරවැසියෙකුගේ රට නොවන බව නොහඟවයි. ලාංකීය දෙමළ පුරවැසියෙකුට මේ දෙමළ අපේ රටයි යනුවෙනුත්, මුස්ලිම් ජාතිකයෙකුට මේ මුස්ලිම් අපේ රටයි යනුවෙනුත් ගයනා කිරීමේ අවසරයක් නිදහසත් ගීතය තුළ ගැබ්ව තිබෙයි. එහෙත් තුන් හෙළේ කැලෑ තුළ ගීතය තුළ සිංහලුන් නොවන සියලු ලාංකීය පුරවැසියන් තුළ භීතියෙන් ඇති කරවයි.
 
ගීතයේ අර්ථය ගැන අප සලකා බලන විට දුප්පත් පීඩිත ජනතාව වෙනුවෙන් සටන් වදින මේ තරණයින් වීරයින් බව මේ ගීතයෙන් හැගවෙයි. 

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විළි වැද යති දැක හෙළයන්

දැන් ඔය සිද්ධි මාලාව සැලකුවොත් 1971 අප්‍රේල් 5 එක විට ලංකාවේ සිලුම පොළීසි වලට එක විට පහර දෙන්නයි සැලසුම් කරල තිබ්බෙ. නමුත් එක් කණ්ඩායමක් කලින් පහර දුන්න හන්ද අනික් හැමෝටම ඒ ආරන්චිය ගිහින් අනිත් කණ්ඩායම් වලට කැලෑ තුළ හැන්ගෙන්නයි සිද්ධ වුනේ. ඔවුල් අල්ලගෙන මාංචු දාගෙන ඔවුන් පහර දෙමින් අරගෙන එද්දි ඒව දකින අනිත් අය නිකන් බලාගෙන හිටිය. ඔවුන් වැරදි කාරයන් විදියට තමයි ගොඩක් අය සැලකුවෙ. ඇත්තටම මේකෙන් කියන්නෙ යම් පිරිසක් රට වෙනුවෙන් දිවි දෙද්දි තවත් පිරිසක් නිවටයින් වගේ පැත්තකට වෙලා බලාගෙන ඉන්නව කියන එක.

සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දා‍වූ සිංහ පැටව්
තුටු වෙද අනුනගෙ ඉඳුලින්

ඒ සටන තුළ විවිධ අරමුණු තිබ්බ. එකක් තමයි අධිරාජ්‍යවාදීන්ට විරුද්ධ වීම. අන් ඒ කාරණය මේ තරුණ සිංහ පැටව් තුළ හදවතේම තිබ්බ කියන කාරණය පැහැදිලිවම ගීතය තුළ සදහන් වෙනව. දැන් ඔය පාලක පන්තිය ඒ වෙනකොටත් පිට රට දේවල් වලට හැඩ ගැහිලනෙ හිටියෙ. අධිරාජ්‍යවාදියෝ කලේ මේ සරු පොළවෙ වැවෙන දේවල් උන්ගෙ රටවල් වලට අරන් ගිය එක. අපේ දේවල් සූරගෙන කාපු එක.  ඒක මේ සිංහයින්ට දාරාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. 

අප ධජයේ ඉන්නා සිංහ පැටව්
පැනයන්නට පෙර මෙරටින්...
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුරරින්...

සිංහලයන්ට මේ දේශය නැති වෙන්න කළින් මේ දේශ රැක ගැනීමයි අපේ යුතුකම. පිට රට්ටුන්ට ගැති නොවී ඒ වෙනුවෙන් පෙළ ගැහෙන එකයි අපේ යුතුකම. ඒ යුතුකම ඉටු කරන්න පෙළ ගැසුන තරුණ තරුණියන් වෙනුවෙන් සුනිල් ආරියරත්නයන තමන්ගෙ හදවතේ ජනිත වුන හැගීම්ප්‍රකාශනය ඉදිරිපත් කළේ අන් ඒ වියිටයි.

මේ ගීතය මේ දිනවල අයෙත් ඇහෙන්න පටන් ගත්තෙ All Right සංගිත කණ්ඩායමේ නායක ශලින්ද ප්‍රනාන්දු මේ දිනවල ඒ ගීතය ප්‍රසංග වල ගායන කරන හන්ද. 

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විළි වැද යති දැක හෙළයන්

සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දා‍වූ සිංහ පැටව්
තුටු වෙද අනුනගෙ ඉඳුලින්

අප ධජයේ ඉන්නා සිංහ පැටව්
පැනයන්නට පෙර මෙරටින්...
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුරරින්...

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ.

Saturday, June 7, 2014

ආදරේට තරහ වෙලා ගියා කියල හිතුවෙ මෙමා ඒත් ආයේ ආවෙ නෑ ඔයා



අද තෝරගත්ත ගීතය ඒ තරම් ලස්සන ගැඹුරු තේරුමක් තියන ගීතයක් නෙමෙයි. මෙතෙක් ලියපු ගීතත් එක්ක බැලුවම වෙනස්ම ආරක් අරන් තියන ගීතයක් මේක. අකමැති අය අපිට බනින එක්ක නැහැ කියල හිතනව. කුමකින් උනත් යම් හොද දෙයක් අපේ ජීවිත වලට ගන්න පුළුවන්නම් ඒක තමයි වැදගත්ම දෙය කියල අපි විශ්වාස කරන්නෙ.
            මේ ගීතය ලියන්න හේතු වුනේ ගොඩක්ම මගෙ පෞද්ගලික අත්දැකීම් වුනාට මම විශ්වාස කරනව මේ දෙවල් ආදරේ කරන අපි කටත් පොදුයි කියල. අපි දෙන්න අතරත් හිටපු ගමන් පුන්චි පුන්චි රන්ඩු ඇති වෙනව. බලාගෙන ගියාම ඒව රන්ඩු වෙන්න තරම් කාරනා නෙමෙයි බොහොමයක්. සමහර විට වෙචනයක් එහෙ මෙහෙ වෙලා වෙන්නත් පුළුවන්. ඒ වෙලාවට ඉතින් කතා කරන්නැතුව ඉන්නව. ෆොන් එක ඕෆ් කරගෙන පැයක් මහාරක් ඉන්නව. හැබැයි එතනින් එහාට කවදාවත් ඒවා දුරදිග ගිහින් නැහැ. අයෙත් හිටිය වගේම වෙනසක් නැතුව ඉන්නව. අපි විශ්වාස කරන්ව තමතමන්ගෙ අඩුපාඩු තේරුම් අරගෙන හැම වෙලාවෙම තමන් අතින් වැරදි වෙන වැරදි පුළුවන් තරම් අඩු කරගෙන හැම වෙලාවකම සුහදව ඉන්න එක තමයි වැදගත්.
            අප මේ ලිපිය තුළින් කියන්න උත්සාහ කරන්නෙ, ආදරය කරන අපේ හිතවතුන්ගෙන් අපි ඉල්ලන්නෙ, ආදරේ කරද්දි සිද්ධ වෙන පුන්ච් පුන්චි හිත් අමනාපකම් කවදාවත් දුරදිග අරන් ගිහින් ප්‍රශ්න වැඩ් කරගෙන කවදාවත් දෙන්න වෙන් වෙන තැනට වැඩ සිද්ධ කරගන්න එපා. එකිනෙකාගෙ වැරදි තේරුම් අරගෙන, තම තමන්ගෙ වැරදි පිළි අරගෙන, ඒ ඒ වැරදි හදාගෙන හැමාදාම හොදින් ඉන්න එක තමයි වැදගත්. ආදරය කරන අයගෙන් විතරක් නෙමෙයි විවාහක අයගෙනුත් ඉල්ලන්නෙ මේ දෙයමයි. මොකද මේ ළගදි අපි දන්න කෙනෙක් බෙල්ලෙ වැල දමාගනෙ මැරුන. හේතුව බලද්දි මෙයාගෙ ගැහැණු ළමත් එක්ක වෙච්ච පුන්චි වචන හුවමාරුවත් දුරදිග ගිහින්. ඉතින් මෙය නෙමෙයි විය යුත්තෙ. අපි නිහතමානී වෙන්න ඕන හැම වෙලාවකම අපේ වැරදි පිළිගන්න.
අපි කවුරුත් ආදරේ කරන් සන්ෆලවර් සංගීත කණ්ඩායමේ නිවෙදන ශිල්පී, ප්‍රස්ග වේදිකාවේ ගැඹුරුතම හඩ විදියට අපි හදුන්වන නෙල්සන් වාස් මහත්තය තමයි මේ ගීතය ගායනා කරන්නෙ.
ආදරේට තරහ වෙලා ගියා කියල හිතුවෙ මෙමා
ඒත් ආයේ ආවෙ නෑ ඔයා
අද එනවද හෙට එනවද ආයෙ ඔයා එන්නෙ නැද්ද
හිත වදදෙයි හිතුවටත් වඩා
එනතුරු මම ඉන්නෙ මග බලා

ආදරේට පොඩි ටොක්කක් ඇන්නට
හිල් උනාද ලවේ හෙඩ් එක
යාළුවො ඉදිරිපිටදි බැන්නට
බ්‍රේක් උනාද හදවත
තනිකම දැනෙනවා තනියම හඩනවා
අද හෙට නාවොත් මම මුහුදෙ පනිනව

මුට්ටිය ඉදෙනකන්ලු දබරේ
දෙන්නෙක් අතර අපි වගේ
ඔයා නැතුව බත් නෑ අපෙ මුට්ටියේ
මම කෙට්ටුලු ඉදල හාමතේ
උයන්න දන්නෙ නෑ කන්න බොන්න දෙයක් නෑ
නොකා නොබී ඉදලම මැරෙනවා හාමතේ