අපි අද උත්සාහ
කලා අලුත් දෙයක් කරන්න. අපි අද ඔයගොල්ලන්ට ගෙනාවෙ ගීත කතාවක්. අත්හදා බැලීමක්
විදියට තමයි අපි මේක කලේ. කොයි තරම් නම් සාර්ථකද කියල අපි දන්නෙ නැහැ. ඒත් අපි
විශ්වාස කරනව යම් රසවින්දනයක් ලබන්න පුලුවන් වෙයි කියල. අපි හැමදාමත් ස්තූතිවන්ත
වෙනව අපිත් එක්ක හැමදාම ඉන්න අපේ හිතවතුන් සියලුම දෙනාට. අපිව දිරිමත් කරන සියලුම දෙනාට.
ඒ වගේම ඔයා හාමදාම මාත් එක්ක හිටිය මගෙ හැම ලිපියක් එක්කම. ඔයාටත් ගොඩක් ස්තූතියි
හාමදාම මාව දිරිමත් කරනවට.
**************
චාරුකා
කියන්නෙ බොහොම අහින්සක තරුණියක්. ඒ වගේම ගොඩක් ලස්සනයි. ගමේ බොහොම හැදිච්ච කමට
ජීවත් වුන කිහිප දෙනාගෙන් කෙනෙක් තමයි ඇය. ඇයට හැමෝම ගොඩක් ආදරය කලා. අම්මයි
තාත්තයි දෙන්නත් ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියෙ චාරුකා ගැන. ඇය පාසලේදීත් බොහොම
හොදින් හැසිරුනා. ගුරුවරුන්ගෙ ආදරය නිතරම දිනාගත්ත සමත් වුනා ඇය. චාරුකා සාමාන්‍ය පෙළ
ඉතාමත් හොදින් සමත් වුනත් ඇයගෙ යම් අවාසනාවකට ඇයට උසස් පෙළින් සරසවි වරම් ලබා ගන්න
නම් හැකියාවක් ලැබුනෙ නැහැ. ගෙදර තිබුණ ආර්ථික ප්‍රශ්නත් එක්ක ඇය දෙවෙනි තුන්වෙනි
වතාවට උසස් පෙළ කරන්න උත්සාහ කලෙත් නැහැ. හිතේ කොච්චර කැමැත්ත තිබුණත් ඇය දන්නව
තාත්ත මල්ලිටයි නංගිටයි උගන්නගන්නවත් බැරි තත්වෙක ඉන්නෙ කියල. එ නිසාම ඇය නගරයේ
පෞද්ගලික ආයතනයක රැකියාවකට යන්න තීරණය කරනව.
චාරුකා පාසල්
සමයෙදි කිසිම තරුණයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තෙ නැහැ. ඇය හිතුවෙ තමන්ගෙ
ගෙදර ගැනත් අධ්‍යාපන කටයුතු ගැනත් විතරමයි. ඒත් ඇයට සුමේධව මුන ගැහෙන්නෙ ඇය වැඩ
කරන ආයතනයෙදිමයි. ඇය ඔහු තුළ තිබුණ ගුණගරුක බවට ගොඩක් කැමති වුනා. ඇයගෙ හිතේ ඇදිල
තිබුනෙ ඔහු වගෙ රූපයක්. ඉතින් කාලයක් මේ දෙන්න ආශ්‍රය කරල විවාහ වෙන්න තීරණය කරනව.
විවාහයට කලින් චාරුකා රුකියාවෙන් අස් වෙන්න තීරණය කරන්නෙත් ඇයගෙන් සුමේධට ඉටු
වෙන්න ඕන යුතුකම් හරියටම ඉටු කරන්න ඕන හන්දමයි.
ඉතින් දෙන්නගෙ
විවාහ දිනය එලඹුනා. දෙන්න මධුසමය ගත කරන්න ගියෙ නගරයෙන් ඈත පිහිටලා තියන ලස්සන
හෝටලයකට. ඉතින් විඩාව නිවාගෙන මේ දෙන්නගෙ ජීවිතේ උච්චතම අවස්ථාවක් වෙන මංගල රාත්‍රිය
ගත කරන්න දෙන්නම සූදාම් වුනා. එත් එක් වරම චාරුකාගෙ දුරකතනය නාදවෙන්න පටන් ගත්ත.
ඇය දුරකතනය අරගෙන බලද්දි නොදන්න අංකයකින් තමයි ඇමතුම ලැබෙන්නෙ. ඇය ඇමතුමට පිළිතුරු
දුන්න. ඒත් අනික් පසින් ඇසුනෙ නොදන්න පිරිමි කටහඩක්.
චාරුකා -
හොලෝ...
ඇමතුම් කරු -
ආ.. චාරුකාද මේ..
චාරුකා - ඔව් චාරුකා තමයි..
ඇමතුම් කරු -
අනේ එහෙමද.. කොහොමද honey moon එක හොදයිද.
අපිට කිවුවවත් නැහැනෙ.
චාරුකා - අනේ
මේ විකාර නැතුව කවුද කියල කියන්න පුලුවන්ද?
ඇමතුම් කරු -
මම කවුරු උනත් වැඩක් නෑ හොදද. මහත්තයා එක්ක පරිස්සමින් හරිද. මහත්තයා මීට කලිනුත්
කෙල්ලෙක් අමාරුවෙ දාපු කෙනෙක්.
එවිටම චාරුකා
සුමේධට කතා කළාය.
"අනේ සුමේධ බලන්නකො මේ කවුද එක්කෙනෙක් කතා
කරල මොනාද මන් දන්නෙ නැහැ කියවනව."
සුමේධ දුරකතනය
අතට ගත්තේය.
සුමේධ - හොලෝ
කවුද මේ?
ඇමතුම් කරු -
අනේ ඇයි මේ චාරුකා මීට කලින් මම ගැන කියල නැද්ද? මම චාරුකාගෙ පරණ කොල්ලනෙ.
සුමේධ - ආ
එහෙමද මේ චාරුකාටනම් එහෙම කෙනෙක් ඉදල නෑ. පොලිසියට කතා කරන්න කලින් ෆෝන් එක තියපන්
මනුස්සයො.
ඇමතුම් කරු -
අනේ චාරුකාගෙන් අහන්නකො බොරුනම්.. මම මොකටද බොරු කියන්නෙ. අපි දෙන්නගෙ ඒ සුන්දර
අතීතය එයාට මේ තරම් ලේසියෙන් අමතක කරන්න බැහැනෙ.
එවිට සුමේධ
දුරකතනය විසන්ධි කර දැමුවේය.
"ඇයි සුමේධ මොනවද කියන්නෙ."
"ඌ කියන්නෙ ඌ ඔයාගෙ පරණ බොයි ෆ්‍රෙන්ඩ් කියල"
"අනේ සුමේධ මොන පිස්සුද? මම ඔයාට මගේ හැම
දයෙක්ම කියල තියනවනෙ. එහෙම දෙයක් තිබුණනම් මම නොකිය ඉන්නෙ නැහැනෙ."
එහෙත් මේ
නාදුනන පුද්ගලයාගේ කතාව තුළින් දෙදෙනාගේම සිත් තුළ තුළම යම් යම් දේ හොල්මන් කරන්නට
විය.
ආදරය නැමති
බදුන කොයි තරම් රැක ගත්තත්, එක් වරක් හෝ බිදුනොත් ඒක තිබු විදියට නම් කවාදාවත්
හදන්න බැහැ. ඒ කිසිම දෙයක් සිතින් අමතක කරන්නත් බෑහැ.
බිදුනු කලක අමතක කල නොහැකිනම් සිතින්
බිදෙණ බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්
මදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි නම්
කදුලේ... රිදුමෙන්...
සොයමි රස හැගුම්.. කුමට සුභ පැතුම්....
වැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරූ
නිමාවී නැතී...
ගිලිහී... ගියදෙන්....
පෙමට දුන් රිදුම්... බිදුනු පෙම් පැතුම්....
(ගායනය - පුන්සිරි සොයිසා)
ටික දවසක් යනකොට දෙන්නටම මේ හැම දෙයක්ම අමතක වෙලා යනව. මධු
සමයෙන් සතියකට පස්සෙ අයේම සුමේධ රැකියාවට යනව. චාරුකා බොහොම දක්ෂ ගෘහණියක් විදියට
ගෙදර දොර හැම දෙයක් කරනව. හැම දවසකම සුමේධ වැඩට ගිහින් එනකොට ගේට්ටුව ළගට ගිහින්
ඇය සුමේධගෙ බෑග් එක අරන් එනව. ඔහුට තේ හදල දේනව ආව ගමන්ම. ඇය මේ හැම දෙයක්ම ඉතාමත්
ආදරයෙන් ඉටු කරනව. සුමේධත් ඉතාමත් ආදරයෙන් ඇයට සලකනව.
මෙ විදියට සතියක් දෙකක් ගෙවිල යනව. එක දවසක් ගෙදර
දුරකතනයට ඇමතුමක් ලැබෙනව.
චාරුකා - හෙලෝ
ඇමතුම් කරු -
ආ.. චාරුකාද මේ.. චාරුකා මේ මම මම
එක් වරම චාරුකා මේ කතා කරන්නේ තම මංගල රාත්‍රියේදී තමන්ට
ඇමතුම ලබා දුන් පුද්ගලයාම බව හදුනා ගත්තාය.
චාරුකා - ආ තමුසෙද? තමුසෙ මොකටද ආයෙත් කතා කරන්නෙ... අපේ
පවුල් ජීවිතේ විනාස කරන්නද තමුසෙට ඕන. තමුසෙගෙ නොම්බරේ අපි ළග තියනවනෙ. අපි ඒක
පොළීසියට දෙන්නම්..
ඇමතුම් කරු -
ඔන්න ඕකනෙ බැරි. අපි ඔයාලට උදව්වක් කරන්න හැදුවත් අපිට නරකටමනෙ සලකන්නෙ.. එදා ඔයා
මට කියන්න දුන්නෙ නැහැනෙ ෆොන් එක මහත්තයට දුන්නනෙ. ඒකයි මම ඔයාගෙ පරණ බෝයි ෆ්‍රෙන්ඩ්
වගේ කතා කලේ. මම මේ වැදගත් දෙයක් කියන්න කතා කලේ. කමක් නෑ එහෙනම් මම නොකිය ඉන්නම්.
චාරුකා -
මොකක්ද දැන් තමුසෙට කියන්න කියන වැගදත් දේ. කියනව බලන්න.
ඇමතුම් කරු -
හ්ම් අන්න එහෙම එන්නකො.. ඔයාගෙ මහත්තයා දැන් ඔෆිස් එකේ නැහැ. මම කියන්නෙ බොරුනම්
දැන් ඔෆිස් එකට කතා කරල බලන්න.
චාරුකා - අනේ
මේ යනව මනුස්සයෝ යන්න බොරු නොකිය.
එවිටම ඔහු
දුරකතනය විසන්ධි කලේය.
චාරුකාගේ ඔලුව
ගිනි ගන්නට විය. ඇය ඔහුගේ කතාව විශ්වාස කලේ නැත. එහෙත් එය හිතට මහත් ගැටලුවකි. ඒ
නිසාම ඇය සුමේධගේ කාර්යාලයට ඇමතුමත් ගත්තාය.
චාරුකා -
හේලෝ.. මට මිස්ටර් සුමේධ සූරියබණ්ඩාරට කතා කරන්න පුලුවන්ද?
පිළිගැනීමේ
නිලධාරිණිය - ආ.. මිස් මේ සුමේධ සර් නම් මේ වෙලාවේ එළියට ගිහින්
චාරුකා - යන
තැනක් කිවුවෙ නැද්ද?
පිළිගැනීමේ
නිලධාරිණිය - යන තැනක් නම් කිවුවෙ නෑ මිස්.. ස්ර් රාජකාරි වැඩකටනම් නෙමෙයි ගිහහින්
තියෙන්නෙ. එහෙම යනවනම් රිසෙප්ෂන් එකට කියල යන්නෙ මැඩම්.
චාරුකාගේ මුලු
ලෝකයම කඩා වැටුනා සේ අයට දැනුණි. මේ ඇයගේ පෙම් ලොවේදි සිටිය පෙම් කුමාරයමදැයි ඇයට
සිතුනි. තමා කොයි තරම් නම් රැවටීමකට ලක් වෙලා දැයි සිතමින් ඇය ඉකි ගසමින් හඩන්නට
විය.
පෙම් ලොවේදි
දුටු ඔහුමද මේ
ඔහුටද මා අන්ධ උනේ
යෞවනයේ දුටු ඔහුමද මේ
ඔහුටද මා අන්ධ වුනේ
මිදි යුෂ යැයි රැවටී හලා හල
විෂ බිව්වේ ඇයි මා
පෙම් දැල මැද පැටලී සුසුම් ලා
මුලා වුනේ ඇයි මා...
මිරිගුව දැක හිනැහී පිපාසෙට
දිය සේවිවේ ඇයි මා
නෙතු සර පහර වැදී විකල් වී
දිවි පිදුවේ ඇයි මා.... (ගායනය - නන්දා
මලනී)
මේ කිසිවක්
නොදන්න සුමේධ හවස ගෙදර ආව. එත් පුරුදු විදියට තමන්ගෙ බෑග් එක ගන්න චාරුකා ගේට්ටුව
ළගට දුවගෙන ආවෙ නෑ. ඔහු කාවදාවත් සිදු නොවුන මේ දෙය ගැන පුදුම වුනා. ගෙදරත් කිසිම
සද්දයක් නෑ. හරියටම මහ වැස්සක් වැහැල පායලා වගේ හරිම නිහඩයි..
මහ වැස්සක් බිමට වැටී නිදහස් වූ අහසක්සේ
ඔබ නිසොල්මනේ එපා හිදින්න
ඔබේ නිහාඩ බව මට බැහැ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනා වෙලා කතා කරන්න
ඔබේ නිහාඩ බව මට බැහැ දරාන ඉන්න
විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ
කවුලු දොරින් ගෙට එන නිදි නැති අටවක සද
තනි යහනේ සරදම් රටා වියන්නේ
විස කටු ඇනී ආතුරවූ සිතට ඔබේ
ඔබ මට කියා දුන්න සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ (ගායනය -
සුනිල් එදිරිසිංහ)
ඉතින් සුමේධ
හැම තැනම හෙවුව ඇයව. කතා කලාට ඇය උත්තර දෙන්න ඉස්සරහට ආවෙ නෑ. සුමේධගෙ හිතේ ලොකු
භයක් ඇති වුනා ඇය ගැන. ඔහු ඇයට අරන් ආව සාරිය සාලෙ පුටුවක් උඩින් දවල ඔවුන්ගෙ නිදන
කාමරයට දිවුව. කාමරයට යද්දි ඇය වැළහින්නක් වගේ ඉති ගසමින් අඩනව. ඔහුට තේරුම් ගන්න
විදියක් නැහැ මොකක්ද ඇයට මේ තරම් අඩන්න දෙයක් සිදු වුනේ කියල. ඔහු හෙමින් හෙමින්
ඇයට ලන් වෙනව.
අඩන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙලන්නෙ ඇයි කදුළැලි ආදර නිල්මිණි දෑසේ
අඩන්නේ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
ඔයාව ජීවිතයේ මට හමු වුණු මුල් දවසේ
සිනාවේ දෑසේ අහිංසක ආරයයි තිබුණේ
කියාපු මිහිරි කතා තවමත් ඇහෙනවා වාගේ
ප්‍රියාවි රැකගන්නම් හද බලකෙටුවෙහි මාගේ
පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගේ ප්‍රේමේ
දිනන්නෙ යන තැන ඔබ හින්දයි මා ලෝකේ
මැණිකේ සුවද මලයි පිපි බාධක කටු අකුලේ
සිටින්න දොතින් ඒ මල නෙලනා තුරු මැණිකේ
දිලෙන්නෙ එක තරුවයි සද වටකර පෙම් ලෝකේ
සද මැණිකෙයි මම තරුවයි පායන රෑ අහසේ (ගායනය
- එච්. ආර් ජෝතිපාල)
"චාරුකා ඔයාට මොකක්ද මේ වෙලා තියෙන්නෙ
පැටියො. ඇයි අඩන්නෙ. අසනීපයක්වත්ද. කියන්නකො අනේ අඩන්නැතුව."
"අනේ සුමේධ මට පොඩ්ඩක් මගෙ
පාඩුවෙ ඉන්න දෙනවද.?"
"ඇයි චාරුකා ඔයා එහෙම
කියන්නෙ. මම මොකක්ද කරපු වැරැද්ද එහෙම කියන්න."
"ඇයි සුමේධ මට මෙහෙම බොරු
කරන්නෙ. ඔයා අද හවස ඔෆීස් එකෙ හිටියෙ නැහැනෙ කොහෙද ගියේ?"
"ආ.. ඒකද මේ මේයා මූන
නොරොක් කරගෙන ඉන්නෙ. ඕකනෙ කියන්නෙ ගෑණු නුවන හැදි මිටේ කියල. මම එලියට ගියෙ ඔයාට
ලස්සන සාරියක් ගන්න ළමයො. ඔයාව පුදුම කරන්න ඕන හන්දයි කාටවත්ම නොකිය ගියේ. ඇයි
පැටියො ඔයාට මතක නැද්ද අද දවස. අදට අපි දෙන්න යාලු වෙලා අවුරුදු පහක්. අන්න ඉස්සරහ
පුටුව උඩ ඇති මම ඔයාට ගෙනව සාරිය බලන්න ගිහින් බොරුවට අඩන්නෙ නැතුව..."
චාරුකාට ඉතාමත් ලැජ්ජා සහගත බවක් දැනුණී. තමාට මේ තරම් ආදරය කරන කෙනා ගැන
තමන් සැක කිරීම ගැන ඇය බොහෝ සෙයින් දුක් විය. ඇය සිදුවූ සියල්ල සුමේධට හෙළි කලාය.
එදින රාත්‍රියේ ඇය සුමේධට තුරුලු වූයේ අසීමිත ආදරයත් හිතේ දරාගෙනය. සුමේධද ඇවය
තුරුල් කරගත්තේ අසීමිත සෙනෙහසක් හද තුළ කැටි කරගෙනය.
මා ළගටම තව ළං වෙලා
හිදින්න නිහඩ නුවන් පියා
මා සීතාවෝ සැතපෙන නින්දේ
නූපුර හෝ ප්‍රියේ
පා සුළැගිල්ලේ අද නම්
අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා
සදගිරි පව්වේ පෙරදා
සංසාරේ
සැතපුණදා දිටු කින්නර
පෙම් සිහිනේ
මහළු වෙලා අද සද වාගේ
යෞවන රෑ සද බලාන උන්නාවේ
කල්ප කාල යුග අප අතරින්
ගෙවිලා
අපි යමු මේ රෑ අනාගතය
සොයලා
නල මුදු සුවදේ නිදන මලේ
මට මල් රොනවුල් සුවද දැනේ
ලදුනේ ( W.D ආරියසිංහ)
මේ විදියට සති කිහිපයක් ගෙවිලා ගියා. කිසිම
අලුත් දෙයක් සිදු වුනේ නැහැ. ඒත් එක දවසක් ආයෙම ගෙදර දුරකතනයට ඇමතුමක් ආව.
චාරුකා - හෙලෝ
ඇමතුම් කරු - හෙලෝ මේ මම...
චාරුකා - ආ තමුසෙද? තමුසෙට ලැජ්ජ නැද්ද ඕයි අනුන්ගෙ පවුල් කඩාකප්පල් කරන්න.
තමුසෙට හෙනහනව ඕයි.
ඇමතුම් කරු - ආ ආ කලබල වෙන්න එපා මැඩම්.. ඔයාගෙ මහත්තයගෙන් අහන්නකො මහේෂි
කියන්නෙ කවුද කියල.. එතකොට තේරෙයි කාටද හෙන ගහන්න ඕන කියල.
එවිටම ඔහු දුරකතනය විසන්ධි කළේය.
චාරුකාගෙ ඔලුව නැවතත් ගිනි ගන්නට විය. විඩෙන් විඩේට සිදුවන මේ සිදුවීම අයට
මහත් හිරිහැරයක් වන්නට විය. ඇයට තවත් මෙය ඉවසා සිටින්නට නොහැකි විය. ඇය සුමේධගේ
කාර්යාලට ඇමතුමක් ගත්තාය.
චාරුකා - හෙලෝ..
සුමේධ - ආ ඇයි චාරුකා කියන්න. මොකද මේ හදිස්සියෙන් වගේ..?
චාරුකා - සුමේධ කවුද කියන්න මට මහේෂි කියන්නෙ
?
සුමේධ - චාරුකා ඇයි මේ?
චාරුකා - ඒකෙන් වැඩක් නෑ කියන්නකො..
සුමේධ - චාරුකා.. මොකක්ද මේ ඔයාට වෙලා තියෙන්නෙ. මහේෂි කියන්නෙ අපිත් එක්ක
මේ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්.
එවිටම සුමේධට නැවතත් පෙර අංකයෙන් ඇමතුමක් ලැබී ඇති බව සිතුනේය. ඔහුට මහත්
සිත් වේදනාවක් දැනෙන්නට විය. ඔහු දුරකථනය විසන්ධි කර කල්පනා කරන්නට විය.
ඔහු නිකමට මෙන් තමන් ළග කඩදාසියක සටහන් කරගෙන තිබූ ඒ අංකයට ඇමතුමක් ගත්තේය.
එවිටම තමන්ට එහා කාමරයේ සිටින අතුලගේ දුරකතනය නාද වන්නට විය. සුමේධ එම කාමරයට එබී
බැලුවේය. අතුල කාමරයේ නොසිටියේය. ඔහු දුරකතනය අතට ගෙන බැලුවේය. ඒ ඇමතුම ලැබෙන්නෙ
තමාගේ අංකයෙන්ය. නමුත් අතුලගේ එම අංකය තමා මින් පෙර දන්නා අංකයක් නොවේ. ඔහු
දුරකතනය අතට ගෙන කාමරයට ආවේය.
ටික වෙලාවකින් අතුල කාමරයට විත් යමක් සොයන්නට විය. සුමේධ අතුලට කතා කලේය..
"අතුල මේක වෙන්න ඇති
හොයන්නෙ." ඔහු තම අතැති ජංගම දුරකථනය පෙන්වමින් ඇසීය.
කිසිදිනක තමාට අයිති දෙයක් නොඅල්ලන සුමේධගේ අතේ තම ජංගම දුරකතනය රැදී
තිබීමෙන් සියල්ල සිදුවී හමාර බව ඔහු තේරුම් ගත්තේය. ඔහු සෙමින් සුමේධගේ කාමරයට ආවේය.
"ඇයි අතුල ඔයා මට මේ වගේ
දෙයක් කලේ. මේච්චර එකට ආශ්‍රය කරන ඔයා මට කවාදවත් මෙහෙම වැඩක් කරයි කියල මම හිතුවෙ
නෑ. ඇයි අතුල ඔයා මට මේ වගේ දෙයක් කලේ. මේච්චර එකට ආශ්‍රය කරන ඔයා මට කවාදවත්
මෙහෙම වැඩක් කරයි කියල මම හිතුවෙ නෑ."
"සුමේධ ඇත්තටම මට සමාවෙයන්"
"මගෙන් නෙමෙයි සමාව ගන්න
ඕන. චාරුකාගෙනුයි සමාව ගන්න ඕන."
"ඔව් ඒක ඇත්ත. මම උඹට
ඇත්තම කියන්නම් මචන්. චාරුකා කියන්නෙ අපේ ඉස්කෝලෙ හිටිය ලස්සනම කෙල්ල. උසස්පෙළ
කරනකොට මම ඒකිට ගොඩක් ආදරය කලා. මම ඒකිට කොච්චර ළං වෙන්න හැදුවත් ඒකි මට ළං වෙන්න
දුන්නෙ නෑ. ඒකි හැමදාම මට සැලකුවෙ යාලුවෙකුට වගේ විතරයි. ඉතින් මේ ඔෆිස් එකේම
ඉදගෙන උඹලදෙන්න බදින්න යනකොට මට පුදුම ඊරිසියාවක් අව බං. එකයි මම මෙහම දෙයක් කලේ.
අනේ මට සමාවෙයන් සුමේධ"
"හරි මම සමාව දෙනව. ඒත් උඹ
මට පොරොන්දු වෙන්න ඕන ඔය මට කිවුව ටිකම චාරුකා එක්කත් කියනව කියල."
"මම පොරොන්දු වෙනව සුමේධ.
මම පොරොන්දු වෙනව"
තමන්ට නෙලා ගන්න බැරි මල් ඕන තරම් පිපෙනව. නෙලාගන්න බැරි හන්දම ඒව ගොඩක්
ලස්සනට පෙනෙනව. ඒත් මේ ද්වල් දිහා මැදහත් සිතින් බලපු අය කිවුවෙ.. "නෙලා ගන්න බෑ මගේ අත දිග
නෑ.. අනේ ඒත් තව මල් පිපියන්.." කියල. නෙලාගන්න බැරි මලක සුවද බලන්න උත්සාහ කරනවට වැඩිය ඒක කොයි තරම් නම්
හොදද?
නෙලාගන්න බැරි
හින්දයි
ඔබ ඔය තරමට ලස්සන
නෙලා ගෙනා කිසිම මලක්
නෑ ඔය තරමට ලස්සන
හීන මවාගෙන දහසක්
තනියෙන් රස විඳපු
බිතු සිතුවම් වූ මෙන් හද
තෙළිකඩ මත ඇඳපු
ලොවට හොරා පැස පුරවා
ගෙනවිත් හැඩ බලපු
ලස්සන නැති හැටි මල්වල
ඉස්සර මං නෙලපු
මුහුණ දෙමින් සර පහරට
අනංගයා විදපු
නොදැක හිටිය දවස්වලට
ඉකි බිඳ බිඳ හඬපු
කාත් කවුරුවත් නැති තැන
තුරුළු වෙලා දොඩපු
පැහැය සුවඳ කොහෙ ගිහින්ද
මල්වල මං නෙලපු (ගායනය - නන්දා මාලනී)
ඔබ ඔය තරමට ලස්සන
නෙලා ගෙනා කිසිම මලක්
නෑ ඔය තරමට ලස්සන
හීන මවාගෙන දහසක්
තනියෙන් රස විඳපු
බිතු සිතුවම් වූ මෙන් හද
තෙළිකඩ මත ඇඳපු
ලොවට හොරා පැස පුරවා
ගෙනවිත් හැඩ බලපු
ලස්සන නැති හැටි මල්වල
ඉස්සර මං නෙලපු
මුහුණ දෙමින් සර පහරට
අනංගයා විදපු
නොදැක හිටිය දවස්වලට
ඉකි බිඳ බිඳ හඬපු
කාත් කවුරුවත් නැති තැන
තුරුළු වෙලා දොඩපු
පැහැය සුවඳ කොහෙ ගිහින්ද
මල්වල මං නෙලපු (ගායනය - නන්දා මාලනී)