ගීතයත් එක්ක බැදුන කතා
ලියන ගමන් තමයි අපි අත්හදා බැලීමක් විදියට ගීත කතා ලියන්න උත්සාහ ගත්තෙ. අපේ
පළවෙනි කතාවට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුන හන්ද ඉක්මනින්ම දෙවෙනි කතාවත් ලියන්න
ලැබුණ. හැමදමත් වගේ කතා කිනවන ලයික් කරන කොමෙන්ට් දාන හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ
වගේම මගේ සාර්ථකත්වය පිටිපස්සෙ ඉන්න ඔයාටත් ගොඩක් ස්තූතියි. කියන්න ඕන වැදගත්ම දේ
මේ කතාවේ සිද්ධියට සම්බන්ධ ගම් පළාත් ඇත්ත වුනත් ඒ නම් සියල්ල මනංකල්පිතයි.
අපි මේ කියන්න යන්නෙ
සත්‍ය කතාවක්. මේ සිද්ධිය වුනේ 1999 අවුරුද්දේ. අපේ කතාවෙ කතා නායිකාව තමයි යමුනා.
යමුනා කියන්නෙ මාවතගම පැත්ත ගමක ගැහැණු ළමයි දෙන්නෙක් සහ එක් පිරිමි ළමයෙකුගෙන්
යුත් දුප්පත් පවුලක ඉපදුන වැඩිමල් ගැහැණු ළමය. දුප්පත් කමේ පතුලෙම හිටපු යමුනගෙ
පවුල බොහොම අමාරුවෙන් තමයි ජීවිතය ගැටගහගත්තෙ. ඒත් තමන් කොච්චර දුප්පත් උනත් යමුනගෙ
තාත්ත පුලුවන් විදියට තමන්ගෙ දරුවන්ට උගන්නන්න මහන්සි ගත්ත.
ඉතාමත්
අගහිගකම් මැද්දෙ වුනත් යමුනා සාමාන්‍යෙපළ දක්වා ඉගෙන ගත්ත. උසස් පෙළ පන්තියට යන්න
තරම් ප්‍රමාණවත් විදියට විභාගය සමත් වෙලා හිටියත් යමුනා උසස් අධ්‍යාපනයට යන්න
උත්සහ නොකලෙ තමන්ගෙ දෙමව්පියන්ට තවත් බරක් වෙන්න බැරි හන්ද. යමුනත් උත්සහ කලා
පවුලෙ බර ටිකක් හරි කරට ගන්න. ඒ නිසා තමයි ඇය රැකියාවක් හොයාගන්න තීරණය කරන්නෙ.
එ විදියට තමයි ඇය නගරයේ ඇගලුම් ආයතනයක රැකියාවක්
හොයාගන්නෙ. කවුරුත් දන්නවනෙ මාවතගම තියන ප්‍රසිද්ධ ගාමන්ට් එක ගැන. ඉතින් යමුනට
ටිකක් මුලින් අමාරු වුනා මේ වැඩ අල්ලගන්න. ඒත් ටික කාලයක් ගියාම ඒවට යමුනා ටික ටික
හුරු වුනා. දැන් දැන් ඇය තමන්ගෙ වයසක අප්පච්ටිටත් උදව් වෙනව. තමන්ගෙ මල්ලිටයි
නන්ගිටයි උගන්නන්නත් ඇය උදව් වෙනව හැකි විදියට. මොකද ඇයට මහ ලොකු වැටුපක් ලැබෙන්නෙ
නැහැනෙ.
කාලය මේ විදියට හිමීට ගෙවිල ගියා. යමුනා
දැන් පිරිපුන් යෞවනියක්. ඒත් ආදරය කියන දේ ඇයගෙ ජීවිතයට ඒ වනතෙක් ලං වෙලා තිබුනෙ
නෑ. යමුනා ගමේ වෙල් එලියෙ දුවල පැනල දගකාරකමට හැදුනත් මේ අර්ථික ප්‍රශ්න හන්දම ඇයට
ආදරය ගැන හිතන්න වෙලාවක් තිබුනෙ නෑ. ඒත් ඇයගෙ හදවත ගොඩක් ආදරණියයි. ඇයටත් ආදරයක
උවමනාව ටික ටික දැනේන වුනා......
සඳ දිය උතුරා
අපතේ යයි
ගිලී නාන්නට එන්න ප්‍රියේ
තරු කැට ගිලිහී දියේ ගිලෙයි
ඒ තරු ඇහිඳින්නට එන්න දියේ ...
තුරු වැල් අහගෙන සිටින නිසා
තුරු වැල් අහගෙන සිටින නිසා
කට වහගෙන හිටියොතින් ගුණයි
රාත්‍රියට ඇස් තියෙන නිසා
දඟ වැඩ හොඳ නෑ බලාගෙනයි
හරිම කෙටියි රෑ තුන් යාමේ
හරිම කෙටියි රෑ තුන් යාමේ
හරියට එක යාමයක් වගෙයි
ඉර දුටුවත් නාඬන්න කියා
පණිවිඩයක් යැවුවොතින් හොඳයි
ගිලී නාන්නට එන්න ප්‍රියේ
තරු කැට ගිලිහී දියේ ගිලෙයි
ඒ තරු ඇහිඳින්නට එන්න දියේ ...
තුරු වැල් අහගෙන සිටින නිසා
තුරු වැල් අහගෙන සිටින නිසා
කට වහගෙන හිටියොතින් ගුණයි
රාත්‍රියට ඇස් තියෙන නිසා
දඟ වැඩ හොඳ නෑ බලාගෙනයි
හරිම කෙටියි රෑ තුන් යාමේ
හරිම කෙටියි රෑ තුන් යාමේ
හරියට එක යාමයක් වගෙයි
ඉර දුටුවත් නාඬන්න කියා
පණිවිඩයක් යැවුවොතින් හොඳයි
මේ අතරෙදි තමයි ඇයට තමන්ගෙ ඇගලුම් අයාතනයෙම
සේවය කරන ජයන්තව හදුනගන්න ලැබෙන්නෙ. ජයන්ත කියන්නෙ බොහොම ගුණ යහපත් කෙනෙක් විදියට
තමයි ඇයට දැනගන්න ලැබුනෙ. දවසක් ජයන්ත ඇවිත් ඔහු ඇයට ආදරේ කරන බව ඇයට කියනව. ඇයට
පෙනෙන්න තරම් ජයන්තගෙ වැරැද්දක් තිබුනෙ නෑ. ඒ නිසාම ඇයගෙ කැමැත්ත ජයන්තට දෙනව.
දෙන්නගෙ ආදරය ටිකෙන් ටික දළුලාගෙන යනව. මේ
යමුනගෙ කුළුදුල්ම ආදරය. ඇයගෙ ජීවිතේ බලාපොරොත්තු ගොඩගැහෙනව. ඇය පුදුමාකාර විදියට
ජයන්තට ළං වෙනව. ඇය පිස්සියක් වගෙයි ජයන්තට ආදරය කරන්න. ඔහු වෙන ගැහැණු ළමයෙක්
දිහා බලනවටවත් ඇය කැමති වුනේ නෑ.
මා හදවත සොරකම් කළ සොර
දෙටුවා නුඹ
නුඹ දගගෙයි ලන තුරු
ඉවසුම් නැතුවා මට
ඉවසුම් නැතුවා
මට...........
අන් අගනුන් දෙස බලනා
නුබේ දෑස් බැද
හතර අතේ ඇවිදින පය
විලංගුලමි මම
ආයෙත් වෙන හදවතකට කවි
ලියන්න පෙර
දෑතම ගැට ගසා හනික
ගෙනයමි දග ගෙට..........
දග ගෙයි දොරගුළු දමලා
පයලා දඩු කද
ඒ තුළ සුර විමානයක්
හදන්න අවසර
උවා පියා මුව මී කිස දී
රස ආහර
රැකගන්නම් යන්න එපා මේ
දගගෙයි හැර...........
මේ විදියට කාලයක් ගෙවිල ගියා. මේ දෙන්නට
දෙන්න පුදුම විදියට ආදරේ කලා. යමුනට ජයන්ත ගැන කිසිම සැකයක් තිබුනෙ නෑ. ඒ නිසාම ඇය
ජීවිතේ පුරාවටම රුකගත්ත වටිනාම වස්තුව, තමන්ගෙ පිවිතුරු බව ජයන්තට පරිත්‍යාග කරනව.
දෙන්නම ගොඩක් ආදරේ කරන හන්ද විවාහයට කලින් එහෙම දෙයක් කරන එකේ වැරුද්දක් ඇයට
දැනුනෙ නෑ. ජයන්ත ඒක ඉල්ලුවාම යමුනට ඒක නොදී ඉන්න බැරි වුනා. ඒ තරමටම ඇය ඔහුට ආදරය
කලා. ඇය ආලයෙන් අන්ධ වෙලයි හිටියෙ.
විසිරුනු
මල්පෙති දොතට ගත් කුමරී
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුනු පෙති යලි මලක් නොවෙයි නැගණී
වෙරල සොයා රළ පෙළ දිව ආවත්
වෙරලට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවලක් ලැබුනත්
අහසේ දෙකෙලවර නුඹට දකිනු හැකිදෝ
බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුනු පෙති යලි මලක් නොවෙයි නැගණී
වෙරල සොයා රළ පෙළ දිව ආවත්
වෙරලට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවලක් ලැබුනත්
අහසේ දෙකෙලවර නුඹට දකිනු හැකිදෝ
බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ
තමන්ගෙ ආදරය පටන් අරන් මාස කිහිපයකදි තමයි
මේ හැම දෙයක්ම සිද්ධ වුනේ. මේ වෙනකොට යමුනා තමන්ගෙ ගෙදරට මේ කිසිම දෙයක් කියල
තිබුනෙත් නෑ. මේ අතරෙදි තමයි යමුනට තමන්ගෙ ජීවිතයේ අහන්න ලැබුණ අවාසනාවන්තම
සිදුවීම වුනෙ. ජයන්ත කියන්නෙ බැදුපු කෙනෙක්. දවසක් ඇය වැඩට යනකොට ජයන්තෙගෙ බිරිද
ඇයව සොයාගෙන ආව. ඇවිත් හැම විස්තරයක්ම ඇයට කිවුව. යමුන මේ කිසි දෙයක් පිළිගන්න
කැමති වුනේ නැහැ. ඒත් ඒ සියල්ල දැන් සිදුවෙලා හමාරයි.
එත් මෙ සිද්ධිය තමන්ගෙ බිරිද දැනත්තට පස්සෙ
ජයන්ත එතනින් අස් වෙලා ගිහිල්ල තිබුණ. බොහොම නින්දාසහගත විදියට තමන්ගෙ ආදරවන්තයා
තමන්ව රවට්ටලා තිබුණත් ඇය තවමත් ඔහුට ආදරෙයි. ඒක වෙනස් කරන්න ඇයට බැහැ. ඒ ඇයගෙ
කුළුදුල් ප්‍රේමය.
හීන හතක් මැද
විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි
වාසනාවෙ මල් හදවත පිපුණයි
ගීත නාද දෙව් ලෝකෙන් ඇහුණයි
හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි
නීල නුවන් ගැබ සෝක වලාවෝ
නීල නුවන් ගැබ සෝක වලාවෝ
වේදනාව ගෙන හද අඹරෝරේ
ඈතින් පොර තෙරපී ඇඹරේ
දෑසෙ කඳුලු වැල් රූරා වැගිරේ
අකාලයේ වැසි දිය ඇද හැලිලා
සෝක සුසුම් ගඟ ඉවුරු තලාලා
වාසනාවෙ මල් අකලට මැරුණය
ප්‍රේම ලෝක රන් මන්දිර කැඩුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි
වාසනාවෙ මල් හදවත පිපුණයි
ගීත නාද දෙව් ලෝකෙන් ඇහුණයි
හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි
නීල නුවන් ගැබ සෝක වලාවෝ
නීල නුවන් ගැබ සෝක වලාවෝ
වේදනාව ගෙන හද අඹරෝරේ
ඈතින් පොර තෙරපී ඇඹරේ
දෑසෙ කඳුලු වැල් රූරා වැගිරේ
අකාලයේ වැසි දිය ඇද හැලිලා
සෝක සුසුම් ගඟ ඉවුරු තලාලා
වාසනාවෙ මල් අකලට මැරුණය
ප්‍රේම ලෝක රන් මන්දිර කැඩුණයි
මේ ප්‍රශ්න හන්දම ඇය ඒ ආයතනයෙන් අයින් වෙනව.
ඒත් ගෙදරට කිවුවෙ හරියට පඩ් ගෙවන්නෙ නැති හන්ද අයින් වුනා කියල. එත් ඒක දවසක්....
එක දවසක්.. ඇයුගෙ කුසෙන් පුංචි සද්දයක් ඇහෙන්න ගත්ත. ඒ තමයි.. එ තමයි ජයන්ත ඇයට
දීල ගියපු තෑග්ග. පුංචි කරිකැටියෙක් තමන්ගෙ කුසේ වැඩෙනව.. ඇය මේක දැනගත්ත ගමන්
ගොඩක් කලබල වුනා. ඒත දැන් සියල්ල සිදුවෙලා හමාරයි. දැන් ඉතින් කුමක් කරන්නද?
මේ අතරෙදි තමයි ගමේ පොල් වත්තෙ
සුපිරින්ටෙන්ඩන්ට් මහත්තයගෙන් යෝජනවක් එන්නෙ යමුනට. මිනිහගෙ නම සුමිත්. කසාද බැදල
හිටියේ. ඒත් පිළිකාවක් නිසා බරිද මැරිල. ඔහු වත්තෙ සේවකයෙක් අතේ යමුනගෙ අම්මට මේ
පණිවිඩය එවල තිබුණ.
ඈත එපිට දුර
ආකාසේ
ඈත එපිට දුර ආකාසේ
වලාකුළුවලින් රිදී
බලා එබිලා ඇදී
වලාකුළුවලින් රිදී
බලා එබිලා ඇදී
ස්වර්ණ වර්ණ තරුවක් දිලිසේ
ඈත එපිට දුර ආකාසේ
මගෙ දෑසේ ආලෝකේ දීලා
උතුරාවි ඒ රශ්මි මාලා ...
පුරවන්න මේ පාළු ජීවේ
පායන්න රන් තාරකාවේ
රෑ මෙන් ම දහවල් මුළුල්ලේ
ඒ තරුව හිනැහේ නිදැල්ලේ ...
මගෙ ජීවිතේ මල් කැදැල්ලේ
දිලිසේවි නොනිවී තුරුල්ලේ
ඈත එපිට දුර ආකාසේ
වලාකුළුවලින් රිදී
බලා එබිලා ඇදී
වලාකුළුවලින් රිදී
බලා එබිලා ඇදී
ස්වර්ණ වර්ණ තරුවක් දිලිසේ
ඈත එපිට දුර ආකාසේ
මගෙ දෑසේ ආලෝකේ දීලා
උතුරාවි ඒ රශ්මි මාලා ...
පුරවන්න මේ පාළු ජීවේ
පායන්න රන් තාරකාවේ
රෑ මෙන් ම දහවල් මුළුල්ලේ
ඒ තරුව හිනැහේ නිදැල්ලේ ...
මගෙ ජීවිතේ මල් කැදැල්ලේ
දිලිසේවි නොනිවී තුරුල්ලේ
යමුන මේක දැනගත්තම හිතුව තමන්ගෙ මේ කරදරෙන්
බේරෙන්න හොදම ක්‍රමය මේක බව. ඇය අම්මට කතා කලා..
"අම්මෙ සුමිත් මහත්තයට කියන්න මම යෝජනාවට
කැමති කියල"
බිරිද මගේ ඔබ
නෑ මා ඔබගේ
බිරිද නොවේ
දෑගිලි හුයකින් බැදිපමනින් මා
ඔබගේ බිරිද නොවේ
ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
මා පෙම් කල අය මටද ලැබී නැත
මව්පිය නෑසිය ආසිරි ගී මැද
දෑගිලි පමනක් එකට බැදී ඇත
සිරුරින් එක තැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහල යට
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකි වෙද
දෑගිලි හුයකින් බැදිපමනින් මා
ඔබගේ බිරිද නොවේ
ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
මා පෙම් කල අය මටද ලැබී නැත
මව්පිය නෑසිය ආසිරි ගී මැද
දෑගිලි පමනක් එකට බැදී ඇත
සිරුරින් එක තැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහල යට
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකි වෙද
එත්.. ඒත්
ඇයගෙ හිත ඇයත් එක්කම අරගල කරන්න වුනා.
"අනේ මම මොකක්ද
මේ කරන්න යන අපරාදෙ. මම මේ අහින්සක මනුස්සයව රවට්ටන්න නේද හදන්න. මම කොහොමද සුමිත්
මහත්තයගෙ මනමාලි වෙන්නෙ. මම කොහොමද දෙවියනේ මේ අපරාදෙ කරන්නෙ. මම අයිති ජයන්තට. මට
මේ රුවැට්ටිල්ල කරන්න බැහැ දෙවියනේ.
නන්දනීය පෙම
සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා ...
කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා
අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා
ලන්ද වන පෙතේ කෝකිල ගැයුම ගොළුවෙලා
මන්දහාසයෙන් පිපි මුව මඬල මැලවිලා
දැන්ද සුව ගෙනේ විඳි සුව හදට ළංවෙලා
සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා ...
කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා
අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා
ලන්ද වන පෙතේ කෝකිල ගැයුම ගොළුවෙලා
මන්දහාසයෙන් පිපි මුව මඬල මැලවිලා
දැන්ද සුව ගෙනේ විඳි සුව හදට ළංවෙලා
සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා
"නෑ මම මේක
කොහොම හරි කරනව. මේ දරු පැටිය වෙනුවෙන් මේක කරනව. ඒ වෙනුවෙන් මට මේ මනුස්සයව
රවට්ටන්න වෙනව. ඔව් මම කොහොම හරි ඒක කරනව. මේක රැවටීමක් උනත් මට ඒකට කරන්න දෙයක්
නෑ. මම සුමිත් මහත්තයව බදිනව"
සුළගින්
බිත්ති තැනූ . . .
සුවදින් පිරියම් වූ . . .
මාළිගයකි මගෙ හද දොරගුලු නැති
පිරී තියේ තදබද වී ආදරේ . . .
අහසකි මගෙ හිස සියොතුන් හැසිරෙන
සැමරුම් මේ කුළු අතර නිරන්තර
නිදහස ඇත කාටත් පිවිසෙන්නට
ඉන්න එපා එලිපත්තේ ආදරේ . . .
මුවවිට තෙක් හද ඔබෙන් පිරී ඇත
එනමුදු සැම දින පුංචි ඉඩක් ඇත
තව එක් අයෙකුට පිවිසිය හැකි ලෙස
දොරක් වැසී දොරක් හැරේ ආදරේ ...
සුවදින් පිරියම් වූ . . .
මාළිගයකි මගෙ හද දොරගුලු නැති
පිරී තියේ තදබද වී ආදරේ . . .
අහසකි මගෙ හිස සියොතුන් හැසිරෙන
සැමරුම් මේ කුළු අතර නිරන්තර
නිදහස ඇත කාටත් පිවිසෙන්නට
ඉන්න එපා එලිපත්තේ ආදරේ . . .
මුවවිට තෙක් හද ඔබෙන් පිරී ඇත
එනමුදු සැම දින පුංචි ඉඩක් ඇත
තව එක් අයෙකුට පිවිසිය හැකි ලෙස
දොරක් වැසී දොරක් හැරේ ආදරේ ...
ඉතින් දෙන්නගෙ
විවාහය බොහොම චාම් විදියට සිදු වුනා. සුමිත් මහත්තය ඇයට ගොඩක් ආදරේ කලා. දෙන්න
මධුසමය ගත කරන්න ගියෙ මහනුවර පැත්තෙ හෝටලයකට.
ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවු එදා
ඔබ මා දෙපා දෑතින් බදා සිපගත් මෙදා සිහිවෙනවා
සිපගත් මෙදා සිහිවෙනවා
භවයෙන් භවේ මෙලෙසින් බැදී අප ආ ගමන් අමතක උවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරේන් නැග ආ ස්වරේ එක් වූ දිනේ
සිහිවෙනවා
එක් වූ දිනේ සිහිවෙනවා
ඔබ මා දෙනෙත් ම ඔබේ දෙනෙත් එක්වී වෙලී
සෙනෙහස සේවූයේ ඒ සොදුරු දා සිහිවෙනවා
ඒ සොදුරු දා සිහිවෙනවා
මධුසමය ඉතාමත් හොදින් ගෙවුනා. ඒත් යමුනා බොහොම නරක
විදියට සුමිත් මහත්තයව රවට්ටලා තිබුණ. පහුවදා උදේ ඇයම අරන් ගිහින් තිබුන සුදු
රෙද්දෙ තිබුන ලේ පැල්ලම් දැක්කම සුමිත් මහත්තයට ඇය ගැන පුදුම ආදරයක් ගෞරවයක්
දැනුනෙ.
මධුසමයට ගහින් ඇවිත් සති දෙකතුනකින්ම යමුනට ක්ලිනික්
යන්න සිද්ධවුනා. ඒ ගමන් සුමිත් මහත්තයගෙ රියැදුරු එක්ක ගිය නිසා සුමිත් මහත්තය මේ
ගැන වැඩි යමක් දැනගත්තෙ නැහැ.
"යමුනා.. මටනම් ගොඩක් වැඩ වැඩී ඔයාට කොහෙ හරි යන්න ඕන වුනාම ඩ්‍රයිවර් එක්ක
යන්න.."
සුමිත් මහත්තය මේ කිසිම දෙයක් ගැන අහිතක් හිතුවෙ නෑ.
"ඒත් සුමිත් මහත්තය ඔයත් එනවනම් තමයි මම කැමති..." යමුනා බිම බලාගෙන කිවුවා.
"නෑ නෑ යමුනා.. මට මේ වැඩ ගොඩත් එක්ක කොහොමටවත් මේ ටිකේ එළියට යන්න විදියක්
නෑ. ඔයා ඩ්‍රයිවර් එක්ක යන්න.." යමුනා තමන්ගෙ මේ රැවටීම ගැන හිත යටින් දුක් වුනා. ඒත
දැන් කුමක් කරන්නද..?
යමුනා සමහර වෙලාවට බලාගත්ත අත බලාගෙන මේ ගැන කල්පනා
කරන්න වුනා. යමුනගෙ යම් වෙනසක් දැක්කත් සුමිත් මහත්තය අහන්න ගියෙ නෑ..
කදුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ
ඇයි තනිවී කිව මැන කල්පනා ලොවේ
කදුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ
මතුවේ සිහින් සුසුම් රැළි අද විල් දියේ මගේ
කිසිවක් ලොවේ වෙනත් නැත මට ඔබ තරම් අගේ
රැජිනි ඔබයි උදාරියේ මගේ දිළිදු ලෝකයේ
ඇයි මිහිරියේ තනිවී කිව මැන කල්පනා ලොවේ
කදුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ
මා වෙසෙන තුරු ලොවේ ඔබ කිසිදිනක තනි නොවේ
හමුවෙන්න එමි ප්‍රියේ අද මෙන් මතුද මේ භවේ
පිළිගන්න මා රජෙක් ලෙස සනසා දයාවියේ
ඇයි මිහිරියේ තනිවී කිව මැන කල්පනා ලොවේ
කදුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ
කාලය ටිකෙන් ටික ගෙවිලා ගියා. සුමිත් මහත්තයත් ගොඩක්
සතුටු වුනා ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්න විත්තිය දැනගත්තම. ඔහුටත් දරු සුරතල් බලන්න
පුදුම ආසාවත් තිබුනෙ. පැතුම් මල්ලක් පොදි බැදගෙන තමයි ඔහු තමන්ගෙ දරුව වෙනුවෙන්
දවස ගෙවුවෙ. ඒත මේ අහින්සක මනුස්සය දන්නෙ නෑ තමන්ව රුටිලා කියල. ඔහුට සැක හිත්න
දෙයක් තිබුනෙත් නැහැ. යමුනත් මේ දරුව සුමිත් මහත්තයගෙ නොවුනත් බලාපොරොත්තු ගොඩක්
පොදි බැදගෙන හිටිය මේ දරුව වෙනුවෙන්.
පැතුම් මල්ලකි මේ ජීවිතේ...
ආශා පිරිලා දිවා රෑ වාස වී සිටී
පැතුම් මල්ලකි මේ ජීවිතේ...
නව යෞවනේ දී පෙම් මල් පීපි දිවියේ
ලංවී වසන්තේ..
පිබිදී හැගුම් රැල් සුවදින් පිරී යයි ලෝකේ
සුවදී දසන්තේ
ළංවී පහන් වැල් මාරුතේ....
ආශා පිරිලා දිවා රෑ වාස වී සිටී
පැතුම් මල්ලකි මේ ජීවිතේ...
සිත ඇයි සිතන්නේ සිත නොසිතන් මා සිතුදේ
ලියලා වැඩේදෝ
මගේ ජීවිතේ දී පතනා පැතුම් මා සිතුදේ
කවදා ලැබේදෝ
අපමේ දකින්නේ සිහිනදෝ....
ආශා පිරිලා දිවා රෑ වාස වී සිටී
පැතුම් මල්ලකි මේ ජීවිතේ...
දවසින් දවස ඇගේ කුස තුළ වැඩෙන මේ දරු ගැබ දකින එක
සුමිත්ට ලොකු සතුටක් වුනා. ඔහු ඇයට පුදුමාකාර විදියට ආදරෙන් හිටියේ. ඇයගෙ ඉදිමිලා
තිබුන කකුල් දෙක ඔහු උණු වතුරෙන් තැවුව. ඇත්තටම නෑබුල් බව ඔහු නොදැන සිටියත් ඔහුට
ඇය සුවද මලක්.
සීතල සඳ එළියේ
පීදුණු සුවඳ මලේ
නෑඹුල් සුවය පැතූ
බඹරෝ නුඹ නාඬන්
පීදුණු සුවඳ මලේ
නෑඹුල් සුවය පැතූ
බඹරෝ නුඹ නාඬන්
සදාහරිත වන
රේඛා මැද්දේ
මලානිකව ගලනා සඳ එළියේ
රෑ සිහිනෙන් මුව ගෑ අඳුනක් දැක
බඹරෝ නුඹ නාඬන්
මලානිකව ගලනා සඳ එළියේ
රෑ සිහිනෙන් මුව ගෑ අඳුනක් දැක
බඹරෝ නුඹ නාඬන්
සඳළුතලාවේ
මුනින්තලාවේ
ඈත බලාගෙන කඳුළු සලන්නේ
පරසතු මල් මකරන්ද සුවඳ මැද
බඹරෝ නුඹ නාඬන්
ඈත බලාගෙන කඳුළු සලන්නේ
පරසතු මල් මකරන්ද සුවඳ මැද
බඹරෝ නුඹ නාඬන්
එක දවසක් මහ රෑ යමුනට හොදටම අමාරු වුනා. ඇය විතරමයි දන්නෙ දින වකවානු හරිය
කියල. ඇය තමන්ට අමාරු බව සුමිත්ට කිවුව. සුමිත් ඇයවත් අරගෙන තමන්ගෙ රථයෙන් විදුලි
වේගයෙන් මාවතගම රෝහලට ගියා. රොහලට ඇතුල් කලත් ඇයට ගොඩක් අමාරුයි.. එතින්න ඇයව
කුරුණෑගල මහරෝහලට යවනව.
සුමිත් මහත්තය පහුවදා උදේ යමුනව බලන්න යනව. එතකොට ඇයව ගෙනත ඇදකට දාල.
සුමිත් ඇයට කිට්ටු වෙනව. කිටිටු වෙලා ඇයගෙ ඔලුව අතගාන්න පටන් ගත්ත.
"සුමිත්
මහත්තයා.. කෝ.. කෝ.. අපේ පු..පුතා..." ඇය අමාරුවෙන්
කියාගත්ත.
ඒ වෙනකොටත් දරුව හිටියෙ බේබි රූම් එකේ.. දරුවගේ බර පොඩ්ඩක් මදි.. එච්චරයි
තිබුණ ප්‍රශ්නය..
"සු.. සු..
සුමිත් මහත්තයා.... අ.. අපේ... පු.. පුතාට...." ඇය බොහොම අමාරුවෙන්
වචන ගැට ගහගත්තෙ..
"අ.. අපේ..
පුතාට.. ජ.. ජයන්ත කියල නම.. දාන්න සුමිත් මහත්තයා........"
මෙහෙම කියපු ඇය බොහොම අවාසනාවන්ත විදියට ජීවිතයෙන් සමුගත්තා...
මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ..
ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ..
ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ..
හිතේ තියන පාලු ගතිය ගතිය මගහරින්න පුතේ..
සුරකුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ..
ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ..
ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ..
හිතේ තියන පාලු ගතිය ගතිය මගහරින්න පුතේ..
සුරකුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ..
අපි දෙන්නා අදුරු ලොවක තනි කර දා පුතේ..
නුඹෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ..
මා හට දී ඔයා.. ඈ සුර ලොව ගියා..
නුඹෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ..
මා හට දී ඔයා.. ඈ සුර ලොව ගියා..
මා හට දී ඔයා.. ඈ සුර ලොව ගියා..
සුර විමනක වැදී.. මගේ රන්කද නිදී..
තවමත් කිරි සුවද දැනේ ඔබේ සිගිති කටේ...
ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ..
පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම වුනේ..
කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ..
මා හට දී ඔයා... ඈ සුර ලොව ගියා..
මා හට දී ඔයා.. ඈ සුර ලොව ගියා..
සුර විමනක වැදී.. මගේ රන්කද නිදී..
තවමත් කිරි සුවද දැනේ ඔබේ සිගිති කටේ...
ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ..
පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම වුනේ..
කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ..
මා හට දී ඔයා... ඈ සුර ලොව ගියා..
මා හට දී ඔයා.. ඈ සුර ලොව ගියා..
ලොකු වුනාම අම්මා ගැන අහන්නෙපා පුතේ..
එතකොට මගෙ දෙනෙත් වලට කදුලු පිරෙයි පුතේ
සුර විමනක වැදී.. මගෙ රන්කද නිදී...
එතකොට මගෙ දෙනෙත් වලට කදුලු පිරෙයි පුතේ
සුර විමනක වැදී.. මගෙ රන්කද නිදී...
සුර විමනක වැදී.. මගේ රන්කද නිදී..
සුර විමනක වැදී.. මගේ රන්කද නිදී..
ඉතින් මේ
සුමිත් මහත්තය මේ දරුවත් එක්ක අදටත් ජීවත් වෙනව. මේ රහස ඇයත් එක්කම මියැදිලා ගියා.
සුමිත් මහත්තයට කවදාවත් දැනගන්න ලැබුනෙ නෑ තමන් රැවටුන බව.
ඉතින් ඒ
වුනාට අපිට මේ කතාව කිවුවෙ කිවුද..? රහස් කියන අය වගේම රහස් රකින අයත් ඉන්නව...
ඉතින් ඇයගෙ මේ රහස දන්න එකම එක්කෙනෙක් හිටිය. අපි කල්පනා කරනව ඒ කවුද කියල අපිම
විතරක් දැනගත්තම ඇති කියල..... ඔබට සදා ජයæ