පෙර ලිපිය උඩරට මැණිකේ 9
උඩරට
දුම්රිය මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් ක්‍රි.ව 1858 අගෝස්තු මස තුන්වැනි දින
කොළඹින් ඇරඹී අඹේපුස්සෙන් අවසන් විය. එම මාර්ගය 1864 දෙසැම්බර් මස 27 වැනි දින
දුම්රිය ධාවනය සදහා විවෘත විය. අඹේපුස්සේ සිට පොල්ගහවෙල දක්වා දෙවන අදියර
ඉදිකිරීම් කටයුතු ක්‍රි.ව 1866 දී ආරම්භ විය. පොල්ගහවෙල දක්වා කොටසෙහි ඉදිකිරීම්
අවසන් කර ක්‍රි.ව 1866 නොවැම්බර් මස 01වන දින දුම්රිය ධාවනය සදහා විවෘත කරන ලදී.
අඹේපුස්ස
සිට ඉදිරියට යන විට මුලින්ම හමුවන්නේ යත්තල්ගොඩ දුම්රිය ස්ථානයයි. මෙම දුම්රිය
ස්ථානය දෙක අතරතුරදී දුම්රිය මග ඉදිකල බ්‍රිතාන්‍යයන්ට තවත් විශාල භාදකයකට (obstacle) මුහුන දීමට සිදු විය. ඒ මෙම දුම්රිය ස්ථාන දෙක
අතරදී මා ඔය තරණය කල යුතු වීමයි. මේ සදහා කළු ගලින් ඉදි කරන ලද කුළුණු (Pier) හතරක් මත අඩි 60ක දිගින් යුතු ස්පෑන් පහකින්
යුතුව සම්පූණයෙන්ම යකඩින් කරවන ලද පාලමක් මත දුම්රිය මාර්ගය ඉදි කරන ලදී. මෙම
පාලමෙහි දිග අඩි 352.5කි. තවද පොල්ගහවෙල දක්වා මා ඔයට සම්බන්ධ වන අතු ගංගා වලදී
බෝක්කු කිහිපයක්ද ඉදිකර ඇත.
![]() |
අලව්ව පාලම |
![]() |
අලව්ව පාලම |
![]() |
අලව්ව පාලම |
![]() |
අඹේපුස්ස සිට අලව්ව දක්වා මාර් ගය |
![]() |
යත්තල්ගොඩ දුම්රිය ස්ථානය |
යත්තල්ගොඩ
සිට ඉදිරියට යන විට බුජ්ජොමුව හා අලව්ව
දුම්රිය ස්ථාන හමුවේ. අලව්ව දුම්රිය ස්ථානය සහ ඒ අවට ප්‍රදේශය පිළිබදව කතා කල යුතු
වැදගත් කාරණා කිහිපයක්ම පවතී.
අලව්ව
දුම්රිය ස්ථානය.
මෙම
දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට එන විට හමුවන 32වන
දුම්රිය ස්ථානයයි. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 57.92 ක් උසින් පිහිටන අතර කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 66.48ක දුරකින් පිහිටයි. අලව්ව ආසන්නදේ දී මා ඔය තරමක්
ප්‍රපාතාකාර ගැඹුරු නිම්මනයක ගමන් කරයි. අලව්ව දුම්රිය ස්ථානය පිහිටන්නේ මෙම මා ඔය
ඉවුරේය. වර්ථමානය වන විට දුම්රිය ස්ථානයේ පිටුපස කොටස මා ඔයට සේදී යාමේ තරජනයට
මුහුණ පා ඇත. එම නිසා ප්‍රධාන දුම්රිය ස්ථානය පාරෙන් අනෙක් පස ඉදි කිරීමට කටයුතු
කරමින් පවතී.
![]() |
බුජ්ජොමුව දුම්රිය ස්ථානය |
![]() |
අලව්ව දුම්රිය ස්ථානය |
අලව්ව
දුම්රිය ස්ථානයට ආසන්නයේ දී ජීවිත හානි වීම් සහිත දුම්රිය අනතුරු කිහිපයක්ම වාර්තා
වේ. වර්ෂ 2001 අගොස්තු මස 19 සිදු වූ දුම්රිය පීලි පැනීමෙන් 13 මිය ගොස් ඇත. වර්ෂ 2002 ජූනි 13 සිදුවු දුම්රිය පීලි පැනීමකින් 14දෙනෙකු මිය ගොස් ඇත. එමෙන්ම 2011 සැප්තැම්බර් 17 අලව්ව දුම්රිය ස්ථානය අසලදී කොළඹ කොටුව සිට
මහනුවර බලා ගමන් කරමින් තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සංඥා දේෂයක් නිසා නවතා
තිබියදී පසුපසින් පැමිණි S
10 කාණ්ඩයේ
දුම්රියක් ගැටීමෙන් පුදගලයින් 5 දෙනෙකු මිය ගගොස් 30 කට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
![]() |
2011 අලව්ව දුම්රිය අනතුර |
කොළඹ
කොටුව සිට දුම්රියෙන් ගමන් කරන්නෙකුට අලව්ව දුම්රිය ස්ථානයෙන් බැසගත් විට ගමන් කළ
හැකි වැදගත් ස්ථාන කිහිපයක් හමු වේ. ඒ අතරින් පරමාවුල්ල ඓතිහාසික ගැට කුඹුක් ගස,
පරමාවුල්ල අම්බලම සහ පරමාවුල්ල රජමහා විහාරය නම් කල හැකිය.
පරමාවුල්ල
ගැට කුඹුක් ගස
අලව්ව
දුම්රිය ස්ථානයේ සිට පොල්ගහවෙල දුම්රිය ස්ථානය දෙස බැලූ විට වම් පසින් අලව්ව
ගිරිඋල්ල මාර්ගය පිහිටා ඇත. මේම මාර්ගයේ කිලෝමීටර් 2.5ක් පමණ ගිය පසු මෙම ඓතිහාසික පරමාවුල්ල ගැට
කුඹුක් ගස හමුවේ. මෙම කුඹුක් ගසේ ඉතිහාසය සොයා බලන විට එය දඹදෙණි රාජධානියේ විසූ
තුන්වන විජයබාහු රජ සමය දක්වා දියව යයි. එනම් ක්‍රි.ව 1200-1300 කාලයේ තුන්වන විජයබාහු රජු විසින් කරවන ලද
වැවෙහි බැම්මෙහි මෙම කුඹුක් ගස පිහිටි බව සැලකේ. අද වන විට එකී වැව් බැම්මෙහි
කොටස් දැකිය නොහැකි වුවත් අදටත් මෙම කුඹුක් ගස විරාජමානව පවතී. වසර 800කටත් වඩා පැරණි මෙම ශාකය අද වන විට දුර්ලභ ගණයෙහි
ශාකයක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය විසින් නම් කර ඇත.
![]() |
පරමාවුල්ල ඓතිහාසික ගැට කුඹුක් ගස සහ අම්බලම |
පරමාවුල්ල
අම්බලම
මෙම
අම්බලම පිළිබදව ඓතිහාසික තොරතුරක් වාර්තා නොවූවත් ඉතාමත් පැරණි අම්බලමකි. ඉහල
සදහන් කල ඓතිහාසික ගැට කුඹුක් ගස අසලම මාර්ගය අයිනෙහි ඉදිකර ඇති මෙම අම්ලමෙහි
කළුනු හතරක් මහ වහලය ඉදිකර ඇත. වර්ෂ 2016 දී ප්‍රතිසංස්කරණය කර ඇති මෙහි ඇතුලට ගමන් කල
හැකි දොරක් නොමැති වන ලෙස හතර පැත්තෙන්ම අඩි දෙකක් පමණ උස බැම්මක් ඉදිකර ඇත. එම
නිසා එම බැමි හතරෙහිම වාඩි වී බෝහෝ පිරිසකට ගමන් විඩාව නිවා ගත හැකිය.
පරමාවුල්ල
පුරාණ විහාරය
අපි
ඉහල කතා කල ගැට කුඹුක් ගස අසළින් මෙම පුරාණ විහාරයට ගමන් ගන්නා මාර්ගය වැටී ඇත.
මෙම විහාරය ටැම් පිට විහාරයකි. අඩි තුනක් හතරක් පමණ උස කල් කණු මත ලී වේදිකාවක්
තනා ඒ මත ගඩෙල් සහ මැටි යොදා බිත්ති බැද ඇත. මෙහි දැව වහලයට පැතලි මැටි උළු සෙවිලි
කර ඇත. වෙනත් ටැම්පිට විහාර වලට සාපේක්ෂව මෙම විහාරය කුඩා විහාරයකි. මෙම විහාරයේ
අතුලත බිත්ති මහනුවර යුගයේ ලක්ෂණ පෙන්වන සිතුවම් වලින් අලංකාර කර ඇත.
![]() |
පරමාවුල්ල පුරාණ ටැම්පිට විහාරය |
අලව්වෙන්
පසු නැවතත් පොල්ගහවෙල දක්වා......
අල්ව්ව
දුම්රිය ස්ථානයෙන් නැවතත් ගමන් ආරම්භ කල විට අපට මීලගට හමු වන්නේ වලකුඹුර දුරිය
ස්ථානයයි. එම කුඩා දුම්රිය ස්ථානය පසු කල පසු අපි ලංකා දුම්රිය ඉතිහාසයේ තවත්
වැදගත් ස්ථානයක් වල පොල්ගවෙල හංදිය දුම්රිය ස්ථානයට පැමිණේ. මෙම දුම්රිය ස්ථාන
කොළඹ කොටුවේ සිට එන විට හමු වන 34 වන දුම්රිය ස්ථානයයි. මේය කොළඹ කොටුවේ සිට
කිලොමීටර් 73.92ක දුරින් පිහිටා ඇති අතර මුහුදු මට්ටමේ සිට මීටර්
74.39ක උසින් පහිටයි.
![]() |
වලකුඹුර දුම්රිය ස්ථානය |
පොල්ගහවෙල
දුම්රිය ස්ථනයෙන් ලංකාවේ ඉතිහාසය වෙනස්ම මාවතකට යොමු කල දුම්රිය මං සන්ධියක්
නිර්මාණය කර ඇත. මෙම දුම්රිය ස්ථානයෙන් මහරනුවර සහ බදුල්ල බලාගමන් ගන්නා උඩරට
මර්ගයත් උතුරු දුම්රිය මාර්ගයත් ආරම්භ වේ. පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ සිට බලන විට
උතුරු දුම්රිය මාර්ගය වම් පසිනුත් උඩරට දුම්රිය මාර්ගය දකුණු පසිනුත් දැකගත හැකිය.
පොල්ගහවෙල දුම්රිය ස්ථානය ඉදිකර විවෘත කර ඇත්තේ වර්ෂ 1866 නොවැම්බර් 01 වැනි දිනය. නමුත් මෙම දුම්රිය ස්ථානය හන්දියක්
බවට පත්වී ඇත්තේ ඉන් පසුකාලීනවය. එනම් වර්ෂ 1894 දී පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වා මර්ගයක්
ඉදිකිරීමෙන් පසුව මෙම දුම්රිය ස්ථාය හන්දියක් බවට පත්වී ඇත. මෙම දුම්රිය ස්ථානයේ
දුම්රිය වේදිකා තුනක් පිහිටා ඇති අතර දුම්රිය හැරවුම් වේදිකාවක්ද දැකිය. හැකිය.
පොල්ගහවෙල දුම්රිය ස්ථානය හා ඒ අවට සුන්දරත්වය පහත ඡායාරූප වලින් දැක්වේ
![]() |
දුම්රිය මාර් ගය පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් මහනුවර හා බදුල්ල දෙසටත් කුරුණෑගල දෙසටත් බෙදී වෙන්වන ස්ථානය |
ඉතිරිය
මීලග කොටසට