විවිධ මාතෘකා
ඔස්සෙ ලිපි ලියමින් උන්න අපිට හිතුන පොඩ්ඩක් වෙනස් ආරක් අත්හදා බලන්න. අපි අරන් ආව
ගැමි කතාවක්. මේක කියවලා හින වෙන්නත් පුලුවන්. අතීතයේ ගම්වල සිදුවුන රසබර සිදුවීම්
මේ විදියට අහන්න ලැබෙන එකත් ඇත්තටම සතුටක්. ටයිප් කරද්දි වැරදිලා ඇති ඒව ගැන
හිතන්නැතුව කතාව කියවයි කියල අපි බලා පොරොත්තු වෙනව.
දියුණු ප්‍රවාහන
පහසුකම් නොතිබ්බ අතීතයේ අපේ රටේ මංගල ගමන් බිමන් ගිහින් තියෙන්නෙ ගොඩක් වෙලාවට
පියින් තමයි. මනාලියක් කැන්දාගනෙ ඒම වගේ සුවිශේෂ අවස්ථාවලදී ගොන්බැදි කරත්ත සරසා
භැවිතා කරල තියනව. එහෙම උනත් මංගල ගමන් අද වගේ සංකර සංස්කෘතියකින් කෙළෙසිච්ච කෙලි
කොළු කුරුට්ටන්ගේ විනෝද සවාරියක් නම් වුනේ නෑ. ඒවට සහභාගී වෙච්ච අය බොහෝ ඇසූ පිරූ
තැන් ඇති වැඩිහිටියෝ වගේම ඔවුන් ගමේ පළාතේ පිළිගත් වැදගත් උදවිය. අදත් මනමලිගෙ ගෙට
ගොඩවන විට මනාලියගේ සොයුරෙකු මනාලයාගේ පා දෝවනය කිරීමේ චාරිත්‍රය ඉතුරුවෙලා
තියෙන්නෙ එදා මංගල ගමන් බොහෝ දුරට පයින්ම වෙච්ච හින්ද කියලයි අපි හිතන්නෙ.
ඒ වගේම එදා
මනමාලිගෙ පිරිස දෙවැනි ගමනේදී මනාලයාගේ නිවසට තෑගිබෝග රැගෙන යද්දිත් මනමාලයගෙ
පිරිස මනාලිය කැන්දාගෙන යන අවස්ථාවලදීත් රසවත් බුද්ධිමත් එසේම වැදගත් අභියෝග වලට
මුහුණ පෑමට සිදුවුනා. කඩුලු තහංචිය, ජල බදුන් තහංචිය, තේරවිලි කවි, තේරුම් ව්‍යංජන
දැනමුතු කතා ආදියෙන්ද එදා මංගල උත්සව විචිත්‍රවත් වෙලා තිබ්බ. මනාල යුවළ අරඹන
යුගදිවිය සාර්ථක කරගැනීමට දෙන උපදෙස් කවි, කතා, ගාථා, ශ්ලෝක ආදියත් අහන්න දකින්න
ලැබුණ. ඒ හින්ද මංගල ගමනකට සහභාගීවන පිරිස ගොඩක්ම දැනමුත්තෝ තමයි.
ඒ කාලෙ
අනුරාධපුරේට ළග ගමක උන්න ගැනේරිස් කිවල මාම කෙනෙක්. උන්දැ අර්ථයෙන් ධර්මයෙන්
ගැදියෙන් පැදියෙන් ශ්ලෝක ගායනයෙන් ඒන ඕනැම දේකට මුහුණ දෙන්න දස්සය. උන්දැ හේන්
ගොවිතැනටත් බොහොම දස්සය. ගමේ කොයි කරවුරුත් ගොවිතැන් ගැන උපදෙසක් ගන්න ආවෙ උනැදැ
ළගට.
දවසක් ළග ගමක
පදිංචි ගුනේරිස් මාමලට දුරිනු නෑදෑ වෙච්ච කෙනෙකු ගනේරිස් මාමාට බුලත් දීල ආරාධනා
කෙරුව බිරිදත් එක්කම තමුන්ගෙ දියණියගෙ
මංගල උත්සවේට සහභාගි වෙන්නයි, පහුවදා මනමාලයගෙ ගෙදරට යන්නයි. මේ ගමන් දෙකේම ප්‍රධාන
දැනමුත්ත විදියට කටයුතු කරන්නත් ගුණේරිස් මාමටම පැවරුව.
මේ නෑයගෙ ගෙදර
මගුලට පළවෙනි දවසෙ සහභාගි වුන ගුණේරිස් මාමාට දැනගන්න ලැබුණ මනමාලයගෙ ගම කිතුල් රා
වලට ප්‍රසිද්ධ බව. ඉතින් මුන්දැටත් කිතුල් රා බීමේ ආශාවක් ඇති උනා. ඒ ගැන තොල කට ලවෙ
කන ගමන් මනමාලයගෙ නෑදෑයින්ගන් ඒ පැත්තෙ වගතුගත් අහල බැලුව.
ඊළගට ගුනේරිස්
මාමාට ප්‍රස්නයක් ආව. ඒ ඉතින් මුනුදැත් එක්ක ගෙදර මහ උනදැත් පිටත් වෙනවනෙ. මොකද මහ
උන්දැ ගුනේරිස් මාම මත්පැන් බොනවට තිදින්ම විරුදධයි. ගුණේරිස් මාම තරුණ කාලෙ
හීනියට අඩියක් පුඩියක් ගැහුවට ඒකත් අතෑරල දැම්මේ මහ උන්දැගෙ කන් කරච්චලෙන් බේරෙන්න
බැරි හින්දමයි. සමහරදාට බීල ආවම මහ උන්දැ රණ්ඩු කරලත් තියනව. ඒත් හැබැයි හොදක්
තියෙන්නෙ කවදාවත් දාල නම් ගියේ නෑ. ඒ වගේමයි ගුණේරිස් මාමා තමන්ගෙ බීමත් කමට
විරුද්ධව කෑ ගහන බිරිදට නිය පිටින්වත් පහරක් ගහල නම් නැහැ. ගුණේරිස් මාමා ඉතින්
තමන්ට අඩියක් ගහන්නට කතා කරන අයට කිවුවෙ "ගෑනි මං බොනවට විරුද්ද වෙන්නෙ තරහට නෙමෙයිනෙ
මට තියෙන ආදරේ වැඩි කමටනෙ. බොන්ඩ ඇබ්බැහි උනොත් හම්බ කරනදේත් විනාස වෙලා මාත් ලෙඩ
වෙලා ඉක්මනින්ම මැරිල යනවනෙ" කියලයි.
ඒත් හැබැයි මේ
ගමනෙදිනම් කිතුල් රා ටිකක් තොල ගාන්න ගුණේරිස් මාමට හිතිලයි තිබ්බෙ. ඒත් ඉතින් ඒකට
තියන එකම බාධාට තමයි මහ උනදැ. මහ උන්දැත් එක්ක නොගිහින් තමන්ම විතරක් යන ක්‍රමයක්
කල්පනා කරන ගමන්ම පහුවදා එන බව කියල බිරිදත් එක්කන් ගෙදර ආව. ඒ එන ගමන්ම මහ
උන්දැත් එක්ක හේන පැත්තටත් ගියා. මේ වතාවෙ ගුණේරිස් මාමගෙ තලහේන හොද සරුවට හැදිල
තිබ්බ. තල ගස් හොද ගානට පැහිල කොල වැටිල කරල් බේරිලයි තිබ්බෙ. අහල පහල හේන් වල
ගොවියො තල ගලවනව. මේක දැකපු නැන්ද කටේ රැල් බුරුල් ඇරිය "මේ ඇහුනද, තල ටික නම් හොදටම පැහිල අව්ව වැඩි
හින්ද කරල් ටික පුපුරලා ඇට බිමට වැටෙන්නත් ළගයි. හෙට ඉදලම තල උදුරමු නේද?" කියල.
මේ අවස්ථාවෙන්
ප්‍රයෝජන ගත්ත ගුණේරිස් මාමා "ඒක තමයි මේ
මාත් කල්පණා කොලේ එහෙනං හෙට ගමන නවත්තලා තල ගලවමුද?" කියල කිවුව. "ඒක තමා නේද?" කියල නැන්දත් නිහඩ උනා. හැබැයි ඒකෙන් මහ
උන්දැගෙ හිතෙත් මගුලට යන්න ආසාවක් තියෙන බව මාමාට තේරුණා. ගුණේරිස් මාමා අයේත්
කිවුව " මේ ඇහුනද ඔය ගමන හූ
සියයක් විතර දුරයි. හරිහ මහන්සියෙන් කදු නැගල බැහැල තමයි යන්ඩ වෙන්නෙ. උඹලට ඔය
දණිස් අමාරුව හින්දා එච්චර දුරක් පයින් පයින් ගාටන්න මාරුයි. නරකද වැර බිද මගුලෙ
යනවට වඩා හිට හිට තල උදුරන එක" කියල ඇහුව.
පොඩ්ඩක් නිහඩ වෙලා කල්පනා කරපු නැන්ද "මට මේ හති
කැක්කුම් හින්ද පයින් ගාටන්නත් අමාරුයි තමා. මම පුළුවං හැටියට හිට හිට තල
උදුරන්නම් උඹලා මගුලේ ගිහිං පරිස්සමෙන් වරෙල්ලා කීවාය.
ගුණේරිස් මාමා
මංගල ගමන ගිහින් කිතුට් රා ටිකක් එහෙම තොල ගාල ආපහු එමිං ගමන වැවට පැනල නාගනෙ
තේගිස් මුදලාලිගෙ කඩෙන් විටක් එහෙම සප්පායම් වෙලා ගෙදර ආවෙ උපාසකය වගේ. ඒක එහෙම
උනත් පස්සෙන් පහු මංගල සභාවකදි ගුණේරිස් මාමාගෙ කටින්ම මේක එලියට ඇවිදින් කට්ටියම
මේක දැනගත්ත.
ඉතින් තවත්
ගම්බද ප්‍රෙද්ශ වල "හිට හිට තල
උදුරනවද? වැර බිද මගුලෙ යනවද?" කියල පිරුලක්
හැදිල තියෙන්නෙ මේන්න මේ හින්ද තමයි.
No comments:
Post a Comment