අපි අද මේ කියන්න යන්නෙ මේ ගීතය නිර්මාණය කරන්න පසුබිම්
වෙච්ච ඇත්තම කතාව. ගොඩක් දෙනෙක් දන්නෙ නැති උනාට බොහොම කටුක සිදුවීමක් තමයි මේ
ගීතයට මුල් වෙලා තියෙන්නෙ. මේ ගීතයට වෙනත් අය එක එක සිද්ධි සම්බන්ධ කරල තිබ්බත් ඒ
එකක්වත් ඇත්ත සිදුවීම නෙමෙයි. මේ ගීතය ලියල තියෙන්නෙ "මහව - නාගොල්ලාගම"
කියන ප්‍රදේශයේ නිමල් ආනන්ද කියන මහත්තය තමයි.
ඇත්තටම මේ සින්දුවෙ කතාව උපකල්පිත කතාවක් කියල තමයි දැනගන්න තියෙන්නෙ. ඒක තමන්ට හැබෑවටම සිද්ධ වුන විදියට උපකල්පිත කථාවක් විදියටයි ගොඩනගල තියෙන්නෙ. මේ ගීතයේ ඉන්නෙ මල්ලි කෙනෙක් සහ අයිය කෙනෙක්. මේ අයිය කුඩා කාලෙ ගමේ ඉගෙන ගත්ත කෙනෙක්. නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලයෙන් තමයි මේ කට්ටියම ඉගෙනගෙන තියෙන්නෙ. (හැබැයි මේ කියන කාලෙ නම් මේ පාසල මධ්‍ය මහා විද්‍යාලයක් වෙලා තිබුනෙ නැහැ මම දන්න තරමින්) මොවුන්ගෙ තාත්ත ටික කලකින් මොවුන්ගෙන් සමුගන්නව.
ඇත්තටම මේ සින්දුවෙ කතාව උපකල්පිත කතාවක් කියල තමයි දැනගන්න තියෙන්නෙ. ඒක තමන්ට හැබෑවටම සිද්ධ වුන විදියට උපකල්පිත කථාවක් විදියටයි ගොඩනගල තියෙන්නෙ. මේ ගීතයේ ඉන්නෙ මල්ලි කෙනෙක් සහ අයිය කෙනෙක්. මේ අයිය කුඩා කාලෙ ගමේ ඉගෙන ගත්ත කෙනෙක්. නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලයෙන් තමයි මේ කට්ටියම ඉගෙනගෙන තියෙන්නෙ. (හැබැයි මේ කියන කාලෙ නම් මේ පාසල මධ්‍ය මහා විද්‍යාලයක් වෙලා තිබුනෙ නැහැ මම දන්න තරමින්) මොවුන්ගෙ තාත්ත ටික කලකින් මොවුන්ගෙන් සමුගන්නව.
ඒත් එක්කම කාලයක් යනකොට මොවුන්ගෙ අයිය තමන්ගෙ අධ්‍යාපනයත්
එක්ක කොළඹට යනව. සරසවියෙදි කොළඹ කුමාරිහාමි කෙනෙක් එක්කම යාලු වෙලා විවාහ වෙනව.
ඒත් එක්කම ඔහුගෙ පදිංචියත් කොළඹ බවටම පත් වෙනව.
ඉතින් මේ අයියගෙ කොළඹ සංක්‍රමණයත් එක්ක ගමේ තිබුණ කුඹුරු
ඉඩකඩම් බලාගෙන උන්නෙ මේ මල්ලි. මේ අම්ම කුඹුරු වතු පිටි තමන්ගෙ දරුවන්ට සම සමව
බෙදල දීලයි තිබ්බෙ. ඒත් මේ මල්ලිට ගමේ හැම දෙයක්ම බලා කියාගෙන අම්මටත් සලකන හන්ද
වැඩිපුර දීපු වී පෑලක් තිබුන. වී පැලක් කියන්නෙ වී ලාස් දහයක් ඉහින කුඹුරු ප්‍රමානය.
ඒ කියන්නෙ අක්කර බාගයක්. මේක දැනගත්ත අයියගෙ බිරිද අයියව අවුස්සනව එයාලට විතරක්
මොකද අඩුවෙන් දුන්නෙ කියල. ඒ වගේම මේ අයියත් මේ ගැන තරහෙන් හිටියෙ.
ඉතින් දවසක් ගෙදර ඇවිදින් ලොකු රන්ඩුවක් ඇති කරගන්නව
අම්මත් එක්ක. අම්ම කොච්චර පැහැදිලි කලත් තේරුම් ගත්තෙ නැහැ. මල්ලිත් එක්කත්
රණ්ඩ්වට පැටලුනා. මල්ලිව තල්ලු කරපු පාරට මල්ලි ලිස්සලා ගිහින් මිදුලෙ වැටුන. අම්ම
ඔහුගෙ අතේ එල්ලුනාම අම්මගේ අතත් ගසලා දාල යන් ගියා..
මේ සිදුවීමෙන් ඇති වුන හිත රිදීමත් එක්ක තමයි මේ මල්ලි
මේ ගීතය ලියන්නෙ. අපි කලිනුත් කියල තියනව කපුගේ මහත්තය ගායනා කරපු බොහෝ ගීත ලියල
තියෙන්නෙ ප්‍රවීන රචකයන් නෙමෙයි. මේ වගේ සාමාන්‍ය අය ලියපු ගීත තමයි බොහොමයක් ඔහු
ගායනා කරල තියෙන්නෙ(හැම එකම නෙමෙයි හොදද) . ඒ මොකද සදලුතලා වල ඉන්නෙ නැතුව ඇවිත්
මිනිස්සු අතර සිටි හැබැ මිනිහෙක් මොහු. ඉතින් රජරට සේවයේ ඔහු සේවය කරන අවදියෙ
කොහොමින් හරි මේ ගීතය ඔහු අතට පත් වෙනව. මේ ගීතයේ තියන අපූරු පද රචනාව නිසාම ඔහු
තෝරගන්නව මේ ගීතය ගායනා කරන්න.
අපි විමසා බැලුවොත් මේ පද පේලි ගැන
අයියන්ඩියේ
නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිලුනා
කැනිමඬලට අපෙ නිවසේ
එක පත අනා
එකටම කෑ පෙර දවසේ
මං අමතද නුඹ
රජ වූ අද දවසේ
මේහි සදහන් වෙන්නෙ අයිය ඇවිත් රණ්ඩු කරල ගියාම කැනි මඩලට
ගිණි ඇවිලුනා කියල. කැණි මඩල ගැන සදහන් වෙන්නෙ මහනුවර යුගයේ ඇම්බැක්කෙ දේවාලෙදි.
ඇත්තටම කැණි මඩල කියල කියන්නෙ මඩොල් කුරුපාව එමෙත් නැත්තං ගෙයි වහලෙහි පරාල 26ක්
එක්වන තැන ඒ පරාල 26ම එක ලීයකින් පුරුද්දලා තියනව. අන්න ඒ ලීයට තමයි කැනි මඩල
කියන්නෙ. එතකොට කැණිමඩල කැඩිල ගියොත් මුලු වහලෙම ඉවරයි. ඉතින් මේ මල්ලිට මේක දැනිල
තියෙන්නෙත් ගෙදර කැණි මඩලට ගිණි ඇවිලුනා වගේ.
මේ ගීතයේ අවසාන යෙදුම් ගැන අපි හිතුවොත්
ඉරට සැපක්දෝ නියඟය දළුලෑම
සඳට සැපක්දෝ ඝණ දුර පීදීම
නුඹට සැපක්දෝ අපි තනිකර යෑම
මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම
අපි ඉරෙන් රශ්මිය බලාපොරොත්තු වුනාට නියගය කවදාවත්
බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි. ඒ වගේමයි රාත්‍රියේදි අපි හදෙන් එළියක් බලාපොරොත්තු
වෙනවා. හද නැතුවම ඒක අපිට හරිම පාලුවක්. ටම් හැම දෙයක්ම යොදාගන්න මේ අයිය මේ ඉඩම්
කෑල්ලකට රණ්ඩු කරල ගෙදර අයත් එක්ක රණ්ඩු කරල යන්න ගියපු ඒකෙ දුක ගැන කියන්න. ඒ
නිසාමයි ගීතයේ අවසානයට කියන්නෙ............................ " මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම".........
ඒ කියන්නෙ මේ මහපොළවට ඇයි අපි තේරුමක් නැතුව රණ්ඩු කරන්නෙ. ඒක කිසිම තේරුමක් නැති
දෙයක්..
මැරුණම ගෙනියන්න හිතාගෙන ගොඩක් දේවල් රැස් කරන අයට
හිතන්න හොද ගීතයක් ඔයාලත් රස විදල බලන්න...
අයියන්ඩියේ
නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිලුනා
කැනිමඬලට අපෙ නිවසේ
එක පත අනා
එකටම කෑ පෙර දවසේ
මං අමතද නුඹ
රජ වූ අද දවසේ
අම්මා එක්ක දබරව පැද ගිය වත්තේ
ලැම දා ගියා බත හිර වුනි කුස ගින්නේ
වී පෑලකට ඇයි උබ විරසක වෙන්නේ
ඉරට සැපක්දෝ නියඟය දළුලෑම
සඳට සැපක්දෝ ඝණ දුර පීදීම
නුඹට සැපක්දෝ අපි තනිකර යෑම
මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම
පද රචනය - නිමල් ආනන්ද
ගායනය - විශාරද ගුණදාස කපුගේ
![]() |
මේ අපේ හිතවත් කපුගේ ජීවිතයේ එක්තරා අවිධියකදි |