Sri Lanka

Tuesday, December 9, 2014

ඔබම මාද විය මාද ඔබම විය.....




අපි ගොඩක් අය දන්නව සම්බුලා ජාතකය. ඒ කතාවෙ බිරිදකගෙ පති භක්තිය ගැන ඉතා හොදින් පැහැදිලි කරනව. පවුල් ජීවිතය කියනදේ නිවැරදිව ගොඩනගාගන්න ජීවිතය ඉස්සරහට ගෙනියන්න ගොඩක් උපකාර වෙනව. අපි ආයෙම එහි කතාව කෙටියෙන් මතකයට ගනිමුකො. සොත්තිසේන රජතුමා ඉතා දැහැමින් රාජ්‍යය පාලනය කරමින් ඉන්න අතරෙ කුෂ්ට රෝගයක් වැළදෙනව. ඔහු වනගත වෙනව. නමුත් අසීමිත පති භක්තිය නිසා ඔහුගෙ බිරිද වන සම්බුලා දේවියත් ඔහුත් එක්ක වනගත වෙනව ඔහුට උපස්ථාන කරන්න. නමුත් කොච්චර හොදින් තමන්ට උපස්ථාන කලත් අන්තිමේදි සොත්තිසේන රජතුමා දානව නම් රාක්ෂයෙක් නිසා ඇයව සැක කරනව.

අපි අද කියන්න යන කතාවත් ඒ විදියමයි. ඔහු වෘත්තියෙන් පොලිස් පරීෂක වරයෙක්. ඔහුගේ බිරිද හෙදියක්. මේ පොළිස් පරීක්ෂක වරයා රිය අනතුරකට ලක්වෙලා ස්නායු ආබාධයකට ගොදුරු වෙලා බෙලහිනතාවයට පත් වුන පුද්ගලයෙක්. මේ බිරිද දිවි හිමියෙන් තම සුවාමියාට සලකනව. නමුත් මේ ස්වාමියා ඇය දිහා බලන්නෙ සැකයෙන්. ඇයත් සමග කිසිවෙක් කතා කරනවටවත් කැමති නෑ. ඇයටත් මේක පැහැදිලිවම මානසික වදයක්.

මේ හේතුව නිසාම ඇග් හිත ටිකෙන් ටික තමා සමග සේවය කරන වෛද්‍ය වරයෙක් වෙත ලන් වෙනව. නමුත් ඇය ආයාසයෙන් ඒ හැගීම් පාලනය කරගන්නව. නමුත් මේ ස්නායු රෝගයට ලක් වෙච්ච පොළිස් පරීක්ෂක වරයා එන්න එන්නම මානසික වශයෙන් පල්ලෙහට වැටෙනව. අන්තිමට මේ කතාව කෙලවර වෙන්නෙ ඔහු සියදිවි නසාගෙන. ඔහුට පණමෙන් ආදරය කරපු මේ බිරිදගෙ හැගීම්, බණ්ඩාර කේ විජේතුංගයන් මනා ලෙස ගීයට නගා තිබෙනව.

ඔබම මාද විය
මාද ඔබම විය
සාගර වෙරළක පිය සටහන් මත
ඔබ මා සමගින් ගෙවූ දිනක්‌ ඇත
ඒ රන් හිරු රැස විහිදුණු මොහොතේ
ඔබම මාද විය මාද ඔබම විය
 
මේ පද රචනයේ අවසානය බොහොම ප්‍රභල එකක්. 

ඔබමය මා සිත ඔබමය මා ගත
සිතින්ද සිරුරෙන්ද පොබ කළ හිමියනි

මට ඔබ හැරුනම වෙන කෙනෙක් එක්ක මගේ ශරීර ස්පර්ශය වත් ලබන්න මම කල්පනා කලේ නැහැ කියල ඇය කියනව.

ඔබෙන් රකින්නට රහස්‌ කිසිත් නැත

මම කවදාවත් ඔබෙන් රහසක් රැක්කෙ නැහැ.

එවන් කලෙක මා එපා නොකල මැන

එහෙත් ඒ වන ටිට ඔහු තමන්ට දරන්න බැරි මානසික පීඩනය නිසා, බෙලහීන බව නිසා අස්ථාන සැකයක් බිරිද කෙරෙහි ඇති කරගෙන සියදිවි නසාගෙන අවසන්........

කේමදාසන්ගේ සංගීතයට ගායනා කලේ විශාරද මාලනී බුලත්සිංහල...... ඔබම මාද විය මාද ඔබම විය.....


ඔබම මාද විය
මාද ඔබම විය

සාගර වෙරළක පිය සටහන් මත
ඔබ මා සමගින් ගෙවූ දිනක්‌ ඇත
ඒ රන් හිරු රැස විහිදුණු මොහොතේ
ඔබම මාද විය මාද ඔබම විය

පවසා ගන්නට දහක් වදන් ඇත
පෙන්විය නොහැකි වූ දහස්‌ දසුන් විය
ඒ සැම මැද්දේ සිත් කය සිරවුණු
අහිංසකාවිය පමණ ද ඔබ ළඳ

ඔබමය මා සිත ඔබමය මා ගත
සිතින්ද සිරුරෙන්ද පොබ කළ හිමියනි
ඔබෙන් රකින්නට රහස්‌ කිසිත් නැත
එවන් කලෙක මා එපා නොකල මැන


සම්මානයෙන් පිදුම් ලද කේ.ඒ. විජේරත්නයන්ගේ අධ්‍යක්ෂණයෙන්, නිෂ්පාදනයෙන්, තිර රචනයෙන් සහ කැමරාකරණයෙන් බිහිව 1991 වසරේදී සම්භාව්‍ය මණ්‌ඩලයේ තිරගත වූ මධුසමය සිනමා පටය සඳහා අන්තර්ගත වූ මනරම් ගීයකි මෙය. විජය සහ මාලනී ප්‍රධාන රංගනයෙන් දායක වූ මධුසමය චිත්‍රපටය සඳහා ස්‌වර්ණ සංඛ, ඕ. සී. අයි. සී සහ සරසවි යන මුල් පෙලේ සම්මාන හතක්‌ හිමි විණි. සංගීතයෙන් චිත්‍රපටියට දායක වූ කේමදාසයනුත් ලයාන්විත ස්වරයෙන් ගීය ගැයූ මාලනි බුලත්සිංහල මහත්මියත් අද අප අතර නැත. එහෙත් බණ්ඩාර කේ. විජේතුංගයන්ගේ ගී පද වැලට බිහි වූ ඒ සදාතනික ගීය තවමත් අප අතරය.

Tuesday, December 2, 2014

දුරු කතර ගෙවාගෙන 2




මහගමසේකරයන් වරෙක මේ විදියට කියනව... "සද දුටු විට මට සිහිවන්නේ යූරි ගගාරින්, නීල් ආම්ස්ට්‍රෝංග් ආදීන් පමණයි.." කියල. කොහොම උනත් මේ ස්වභාවධර්මයේ වස්තු අපේ මානසික තත්වයන් වෙනස් කරන්න කොයි තරම් බලපානවද.? අපි ඔබට අද කියන්න යන්නෙත් එවැනි නිර්මාණයක් ගැන. ගීතය තමයි "දුරු කතර ගෙවාගෙන.. මම නොකියම ආවට..." මේ ගීතය ගැන අපි මීට කලින් සුන්දර සටහනක් තැබුව. එක බලන්නකො මෙතනින්. http://goo.gl/5IuB4G

අද අපි කියන්න යන්නෙ ඒ කතාව ගොඩනැගෙන්න හේතු වුන අමිහිරි සත්‍ය කතාව. මේ සිදුවීම මම දැනගත්තේ මගේ සහෝදරිය මාර්ගයෙන්. ඇය සේවය කරන්නෙ ගල්ගමුව නගරයේ රාජ්‍ය බැංකුවක. අපි කාගෙත් හොදට බැංකුවේ නම නොකිය ඉමුකො. එක දවසක්  මේ බැංකුවේ ප්‍රවර්ධවන වැඩසටහනක් තිබිල තියනව. කල සීමාවනම් මතක නැහැ. ඒත් ගමින් ගමට ගිහින් ගෙවල් වල ඇවිදලා බැංකු ගිනුම් විවෘත කරන එක තමයි මෙයාලගෙ අරමුණ.

ඉතින් සහෝදරිය ඇතුළු කණ්ඩායමට යන්න ලැබිල තියෙන්නෙ "දිවුල්ගනේ" කියන ගම් ප්‍රදේශයට තමයි. ඒ ප්‍රදේශයෙන් නිතර බැංකුවට යන එන දන්න කියන කෙනෙක් උදව්වට අඩගහගෙන කට්ටියම ගෙවල් බොහොමයකට ගියාලු. අවසානෙදි එක් ගෙයක් ලගට ඇවිත් අර පුද්ගලය කිවුවලු වැඩක් නැහැ මිස් ඔය ගෙදරට ගියාට නම් ඔය ගෙදර ඉන්න කෙනාගෙ ඔලුව එච්චරම හොද නැහැ කියල. ඒ ඇයි කියල අහල බලනකොට තමයි මේ කතාව දැන ගන්න ලැබිල තියෙන්නෙ.

ඔය ගීතයේ කියනවනෙ බණ්ඩාර මැණිකෙ කියල කෙනෙක් ගැන. එතකොට මේ තමයි ඇත්තටම ඒ බණ්ඩාර මැණික. කට්ටිය දැනටමත් දන්නව ඇතිනෙ ඉතින් දැන් මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලය කවුද කියල. අපි ඉතින් නම නොකිය කතාව කියමු. අපිට කාටවත් අපහස කරන්න ඕන නැහැ. රටම නොදන්නව වුනාට දිවුල්ගනේ කියන ගමම දන්න අමිහරි සත්‍යය මේක තමයි. ඕනම කෙනෙකුට මේ ගම් ප්‍රදේශට ගිහින් අහල බලන්න පුලුවන් මේකෙ ඇත්ත නැත්ත. 

ඉතින් මේ දෙන්න ආදරෙන් හිටිය කාලෙ මේ බණ්ඩාර මැණික මොහුට බෙහෙවින් ආදරය කරල තියනව. ඒත් කාලයක් යනකොට යම් යම් හේතු නිසා ඔහු ඇයව අමතක කරල. ඇයට ඔහුගෙ නික්ම යාම කොහොමටවත්ම දරාගන්න විදියක් තිබිල නැහැ. මොකද ඇය කවදාවත් හිතල නැහැ මන්ගෙ පණ වගේ ආදරය කරන මේ පෙම්වතා මේ විදියට තමන්ව දාල යයි කියල. ඇයගෙ හිතේ ඔහු කෙරේ තිබුණ අසීමිත ප්‍රේමය හන්දම ඇය මානසික රෝගී තත්වයට පත් වෙනව. ඇය තවමත් අවිවාහකයි.

රත්න ශ්‍රී විජේසිංහයන් අතින් මේ කතාව මේ විදියටයි ලියවුනේ...

දුරු කතර ගෙවාගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුරහඳ අහසේ //

දුම් වලාකුළේ තරුකැට හැංගිලා
ඇස් කොණින් බලා මට ඉඟි බිඟි කළා
මට ඉන්නට බැහැ කොළොම්තොටට වෙලා
උඹෙ කතා කරන දෑස මතක් වෙලා

දුරු කතර ගෙවාගෙන...

මහ මැදුරු උඩින් පුරහඳ පායලා
උඹෙ මුහුණ පෙනුණි මුළු අහසම පුරා