මහගමසේකරයන්
වරෙක මේ විදියට කියනව... "සද දුටු විට
මට සිහිවන්නේ යූරි ගගාරින්, නීල් ආම්ස්ට්‍රෝංග් ආදීන් පමණයි.." කියල. කොහොම උනත් මේ
ස්වභාවධර්මයේ වස්තු අපේ මානසික තත්වයන් වෙනස් කරන්න කොයි තරම් බලපානවද.? අපි ඔබට
අද කියන්න යන්නෙත් එවැනි නිර්මාණයක් ගැන. ගීතය තමයි "දුරු කතර ගෙවාගෙන.. මම නොකියම ආවට..." මේ ගීතය ගැන අපි මීට
කලින් සුන්දර සටහනක් තැබුව. එක බලන්නකො මෙතනින්. http://goo.gl/5IuB4G
අද අපි කියන්න
යන්නෙ ඒ කතාව ගොඩනැගෙන්න හේතු වුන අමිහිරි සත්‍ය කතාව. මේ සිදුවීම මම දැනගත්තේ මගේ
සහෝදරිය මාර්ගයෙන්. ඇය සේවය කරන්නෙ ගල්ගමුව නගරයේ රාජ්‍ය බැංකුවක. අපි කාගෙත් හොදට
බැංකුවේ නම නොකිය ඉමුකො. එක දවසක් මේ
බැංකුවේ ප්‍රවර්ධවන වැඩසටහනක් තිබිල තියනව. කල සීමාවනම් මතක නැහැ. ඒත් ගමින් ගමට
ගිහින් ගෙවල් වල ඇවිදලා බැංකු ගිනුම් විවෘත කරන එක තමයි මෙයාලගෙ අරමුණ.
ඉතින් සහෝදරිය
ඇතුළු කණ්ඩායමට යන්න ලැබිල තියෙන්නෙ "දිවුල්ගනේ" කියන ගම් ප්‍රදේශයට
තමයි. ඒ ප්‍රදේශයෙන් නිතර බැංකුවට යන එන දන්න කියන කෙනෙක් උදව්වට අඩගහගෙන කට්ටියම
ගෙවල් බොහොමයකට ගියාලු. අවසානෙදි එක් ගෙයක් ලගට ඇවිත් අර පුද්ගලය කිවුවලු වැඩක්
නැහැ මිස් ඔය ගෙදරට ගියාට නම් ඔය ගෙදර ඉන්න කෙනාගෙ ඔලුව එච්චරම හොද නැහැ කියල. ඒ
ඇයි කියල අහල බලනකොට තමයි මේ කතාව දැන ගන්න ලැබිල තියෙන්නෙ.
ඔය ගීතයේ
කියනවනෙ බණ්ඩාර මැණිකෙ කියල කෙනෙක් ගැන. එතකොට මේ තමයි ඇත්තටම ඒ බණ්ඩාර මැණික.
කට්ටිය දැනටමත් දන්නව ඇතිනෙ ඉතින් දැන් මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලය කවුද කියල.
අපි ඉතින් නම නොකිය කතාව කියමු. අපිට කාටවත් අපහස කරන්න ඕන නැහැ. රටම නොදන්නව
වුනාට දිවුල්ගනේ කියන ගමම දන්න අමිහරි සත්‍යය මේක තමයි. ඕනම කෙනෙකුට මේ ගම් ප්‍රදේශට
ගිහින් අහල බලන්න පුලුවන් මේකෙ ඇත්ත නැත්ත.
ඉතින් මේ
දෙන්න ආදරෙන් හිටිය කාලෙ මේ බණ්ඩාර මැණික මොහුට බෙහෙවින් ආදරය කරල තියනව. ඒත්
කාලයක් යනකොට යම් යම් හේතු නිසා ඔහු ඇයව අමතක කරල. ඇයට ඔහුගෙ නික්ම යාම කොහොමටවත්ම
දරාගන්න විදියක් තිබිල නැහැ. මොකද ඇය කවදාවත් හිතල නැහැ මන්ගෙ පණ වගේ ආදරය කරන මේ
පෙම්වතා මේ විදියට තමන්ව දාල යයි කියල. ඇයගෙ හිතේ ඔහු කෙරේ තිබුණ අසීමිත ප්‍රේමය
හන්දම ඇය මානසික රෝගී තත්වයට පත් වෙනව. ඇය තවමත් අවිවාහකයි.
රත්න ශ්‍රී
විජේසිංහයන් අතින් මේ කතාව මේ විදියටයි ලියවුනේ...
දුරු කතර
ගෙවාගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුරහඳ අහසේ //
දුම් වලාකුළේ තරුකැට හැංගිලා
ඇස් කොණින් බලා මට ඉඟි බිඟි කළා
මට ඉන්නට බැහැ කොළොම්තොටට වෙලා
උඹෙ කතා කරන දෑස මතක් වෙලා
දුරු කතර ගෙවාගෙන...
මහ මැදුරු උඩින් පුරහඳ පායලා
උඹෙ මුහුණ පෙනුණි මුළු අහසම පුරා
මං නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුරහඳ අහසේ //
දුම් වලාකුළේ තරුකැට හැංගිලා
ඇස් කොණින් බලා මට ඉඟි බිඟි කළා
මට ඉන්නට බැහැ කොළොම්තොටට වෙලා
උඹෙ කතා කරන දෑස මතක් වෙලා
දුරු කතර ගෙවාගෙන...
මහ මැදුරු උඩින් පුරහඳ පායලා
උඹෙ මුහුණ පෙනුණි මුළු අහසම පුරා
No comments:
Post a Comment