Sri Lanka

Monday, January 26, 2015

වෙන කාගෙවත් වෙන්නේ කොහොමද





පහුගිය කාලෙ තිබුණ දේශපාලන වාතාවරණයත් එක්ක අපේ හිතවතුන් තමන් පිළිගන්න දේශපාලන මතය ජයග්‍රහණය කරවන්න ගොඩක් ඇප කැප වෙලා හිටිය හන්ද අපි අලුත් යමක් ලියන එක ටික ටික පස්සට දාන්න තීරණය කලා. මොකද ගොඩක් අය බුකිය ඒ දවස් වල පාවිච්චි කලේ දේශපාලන ප්‍රචාරක කටයුතු වෙනුවෙන්. අපිටනම් දේශපාලනයට වඩා අපේ හිතවතුන් ගොඩක් වටින හන්ද කිසිම කෙනෙකුට පක්ෂව හෝ විපක්ෂව පොස්ටු ශෙයාර් කලේ නැහැ.


අද අපි ඔයාලව අරගෙන යන්නෙ කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයට. ශ්‍රීපාලිය කිවුවම නොදන්න කෙනෙක් නැහැනෙ ඉතින්. හොරණ ශ්‍රී පාලිය ජනමාද්‍ය මෙන්ම ප්‍රාසාන්ග කලාව යන විෂයන් දෙකම නවීන ලෝකයට ගැලපෙන විදිහට උගන්වන ලංකාවෙ තියන එකම තැන කිවුවොත් වැරැද්දක් නැහැ කියල හිතනව. ප්‍රාසාන්ග කලාව ඇතුලේ චිත්‍ර, නැටුම්, සංගීත කියන සෞන්දර්ය විෂයන් තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම බොහොම අපූරුවට උගන්වන තැනක් තමයි ශ්‍රීපාලිය.


හැබැයි අපේ මේ කතාවෙ කතා නායකය එවකට ඉගෙන ගත්තෙ කොළඹ විශ්ව විද්‍යලයේ කළමණාකරණ පීටයේ. ඒ මීට වසර හතරකට කලින්. අපි ඔහුට සිසිර කියල කියමුකො. සිසිර ඉගෙන ගන්න බොහොම දක්ෂ ශිෂ්‍යයෙක්. ඒත් කනගාටුවට කරුණ නම් ඔහු ශ්‍රවණාබාධිතයෙක්. ඔහුගෙ කන් දෙකම ඇහෙන්නෙ නැහැ.


ඉතින් කලයක් තමන්ගෙ අධ්‍යාපන කටයුතු කරගෙන යනකොට මොහුටත් අනිත් අයට වගෙම එක්තරා යුවතියක් ගැන ආදරයක් ඇති වෙනව. මොකද ඔහුගෙ කන් ඇහුනෙ නැති උනාට ඔහුත් මනුෂ්‍යෙයක්. අනිත් හැමෝගෙම සිත් වල ඇතිවන හැගීම් ඔහු තුළත් ඇති වෙනව. ඉතින් අපි ඔහුගෙ හිත ගත්ත තරුණියට නදීකා කියල කියමුකො. සිසිර ඇත්තටම ඇයට ගොඩක් ආදරය කලා. එත් ඔහුට ඒක කියාගන්න විදියක් තිබුණෙ නැහැ. ඒත් ඔහු තමන්ගෙ උත්සාහය අතාරින්න කැමති වුනේ නැහැ. 


සිසිර තමන්ගෙ හිතේ නදීකා ගැන ඇතිවුන හැගීම් සියල්ල ලියනව ගීතයක් විදියට. ඔහු මේ ගීතය ලියල භාර දෙනව කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ සංගීත අංශයේ කතිකාචාර්ය වරියක් විදියට සේවය කරන නෙලූ අධිකාරි මහත්මියට. ඇය බොහොම ලස්සන තනුවක් යොදල විශ්ව විද්‍යාලයේ එක්තරා ප්‍රසංගයකදි ඇයගෙ මධුර හඩින් මේ ගීය ගයනව. ඒත් දුකට කරුණ නම් ඔහුට ඒ සුන්දර කටහඩින් ගයන ඒ ගීතය අහන්න විදියක් නහැ. ඒ වගේම තමයි නදීකා මේ ගීතය අහනව. ඒත් ඇයට ඔහුගෙ හදවතේ තිබුණදේ දැනුනද කියන එක තමයි ප්‍රශ්නය.


ගීතයේ පද ටික හොදින් කියවලා බලන්න. අමුතු යටි පෙළ අරුතක් ගැබ් වෙලා නැහැ. ඇත්තටම මුලු ගීතයේම තියෙන්නෙ ඔහුගෙ හදවතේ ඇදුන හැගීම විතරයි. කොයි තරම් නම් ආදරයක් සෙනෙහසක් ඔහු තුළ තිබුණද කියල අපිට හිතාගන්න පුලුවන්. මේ තරම් දරාගන්න බැරි සෙනෙහසක් ඔහු තුළ තිබුණනම් ඇත්තටම ඔහු කොයි තරම් අපූරු පුද්ගලයෙක්ද?

වෙන කාගෙවත් වෙන්නේ කොහොමද

ඔබ මගේ දිවි මාවතේ...

වෙන කාටවත් දෙන්නේ කොහොමද

ඔබ මගෙම මුළු ජීවිතේ..



රැයක් ලස්සන වෙන්නේ කොහොමද

රුව නොදුටු දා සදවතේ....

ඔබ නොදකෙ ඉන්නෙ කොහොමද

ඔබයි සද මගෙ හදවතේ....



ලොවක් ලස්සන වෙන්නේ කොහොමද

හිරු නොනැගි දා ගගනතේ....

ඔබ නැතිව ඉන්නේ කොහොමද

ඔබයි හිරු මගෙ ජිවිතේ...



ගීතය මෙතනින් අහන්න...

 

No comments:

Post a Comment