අපි අද මේ ගීතය දෙන්නෙ අපේ යහලුවෝ යෙහෙලියෝ
ඔක්කොටම... අපිත් එක්ක හැමදාම ඉන්න යාහලුවන්ට යෙහෙලියන්ට මේ ගීතය උපහාරයක් වේවා කිවල
මුලින්ම පතනය අපි. අපි ඉස්සරලම ගෙදරින් එලියට බහින්නෙ පෙර පාසලෙන්. යහලුවෝ ඇති
කරගන්න පටන් ගන්නෙ එතනින්. එතනින් තමයි ගොඩක් ගමේ යහලු යෙහෙලියෝ මුනගැහෙන්නෙ. ඊට පස්සෙ
පාසල, දහම් පාසල, ඊලගට උපකාරක පන්ති, විශ්ව විද්‍යාලය, වෙනත් වෙනත් පාඨමාලාවන් කරන
තැන්, රැකියාව කරන තැන ඊලගට අපි මේ භාවිතා කරන ෆේස් බුක් එක. අපිට යාලුකම් ඇති
කරගන්න ගොඩක් තැන් තියනව.
එත් කියන්න ඕන ඔය කොයි තැනකට ගියත් අපිට හොද
යාලුවෝ, ජීවිත කාලයටම තියාගන්න පුලුවන් යාලුවෝ ඇතිවෙන්නෙ බොහොම අඩුවෙන්. සමහරු
යහලුකම් මුවාවෙන් නරක වැඩත් කරනව. අතින් අපි අද මේ කතා කරන්නෙ ජීවිත කාලයම
තියාගන්න පුලුවන් හොදම යාලුවෝ ගැන. එයාල දුකේ දීත් සැපේ දීත් අපිත් එක්කම ඉන්නව.
ඒත් ඉතින් විහිලු තහලු කරන්න ගිහින් පොඩ් පොඩ් හිත් අමනාප කම් ඒ අය අතරෙත් වෙන්න
පුලුවන්. මොකද එක එක අය විහිලුවට කියන කරන දේවල් තේරුම් ගන්නෙ එක එක විදියට. ඉතින්
සමහර වෙලාවට විහිලු හන්ද සමහරු දුක් වෙනව වගේම විහිලු කරන අයත් තමන්ගෙ වැරැද්ද ගැන
ගොඩක් දුක් වෙනව. ඉතින් වැදගත්ම දේ එහෙම වෙලාවට ඒඅයට සමාව දීල නැවතත් පරණ විදියටම
එකතු වෙන එක. ඒ වගේමයි යාලුවෝ අතින් පුන්ච් පුන්ච් අඩුපාඩුකම් වෙන්න පුලුවන් අපි
පුලුවන් විදියට මේ හැම දෙයක් දිහාම උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන එක හොදයි කියලයි
මමනම් හිතන්නෙ. අපි හැම වෙලාවකම පුලු පුලුවන් විදියට අපේ යලුවන්ට උදව් කරමු.
වැදගත්ම දේ පුන්චි සිදුවීමක් නිසා අවුරුදු ගානක් තිබුන යාලුකම පළුදු වෙන්න නොදී
රැකගන්න එක. මොකද යාලුකම් නැතිකරගන්න ලේසියි. එත් යාලුකම පවත්වගෙන යන්න තමයි
අමාරු.
ඉතින් අපි හැමදාමත් කියන්නෙ අපේ යාලුවෝ අපිට
ගොඩක් වටිනව. අපේ එක වඩනෙකින් හරි කාගෙ හරි හිත් රිදීමක් වෙලා තියනවනම් අපි
හදවතින්ම සමාව ඉල්ලනව. බුවනෙකබා අපේ එකම පැතුම එකිනෙකා අතර තියන යාලුකම් සදාකල්
රැකේවා යන්නයි...
ඉතින් මහින්ද සිලුවා ප්රමුඛ සුපර් ස්ටාර් සංගීත කණ්ඩායම ගානයා කල මේ ගීතය අද අපි දෙනව සියලුම යහළුවන්ට යෙහෙළියන්ට උපහාරයක් වේවා කියල....
යහලුවනේ යෙහෙලියනේ
ඉදිමු බැදී එක
වාගේ
සව්දිය පුරමු
අපි සුබ පතමු
සොදුරු දයාබර
මේ මොහොතේ.....
මියුරු ගැයුම්
හද විහිද විසිර යන
වසන්තයට අප
හිනැහෙනවා
ඉසුරු පිරුනු
නව ලොවක විනෝදය
ප්‍රීති ප්‍රමෝදය
ඉතිරෙනවා.....
අමිල නිමල වූ
නැවුම් හැගුම් මැද
ගීත ගයමු මල්
සිනහ සලා
සතුටු සිනා
පිරි මිහිරි ලොවක අද
තුටින් රගමු
අපි එකතු වෙලා....
ගීතයේ වීඩියෝව මෙතනින් බලන්න...
No comments:
Post a Comment