එදා පුර හද ඇති පෝය දවසක්. ඉර බැහැගෙන යන
මොහොතෙ පෙම්වතෙක් සහ පෙම්වතියක් ගගක් අයිනට ගියා. කිසි කෙනෙක් ළගක හිටියෙ නැහැ. මේ
නිසන්සල පරිසරයෙ ඔවුන් දෙන්න ඔවුන්ගෙම ලෝකෙ තනිවුනා. අවට පරිසරය ගැන අවුන්ගෙ අවධානය
බිදිල ගියා. ඔවුන් ගොඩක් ආදරෙන් තුරුළු වෙලා පෙම් බස් දොඩන්න ගත්ත. ඔවුන් ඔවුන්ගෙම
ප්‍රේමණීය ලෝකෙ රස ගැන් සොයා කිමිදෙන්න ගත්ත. ඔවුන් දෙන්නගෙ තොල් එකිනෙක පැටලුනේ
ඔවුන්ටත් නොදැනීමයි. ඔවුන් ආදරෙන් සිපගනිමින් ඉතා තදින් තුරුළු වී උන්න.
මේත් එක්කම ඉර බැහැල යන්න ගියා. ඒත් අදුරට
ඉඩ නොදී සද නැගල ආවා. සද කන්ද උඩන් නැගල බලනකොට සද දැක්ක මේ දෙන්න ගං ඉවුරට වෙලා
ඉන්න විදිය. මේ දෙන්න ඉන්න විලාශය දැකල සදට දුක හිතුන. සදට දුක හිතිලා ඇඩුව. සද
අඩපු කදුළු ඒ ළග තිබුන ගස් වලට වැටුන. ඒත් එක්කම ගග පැත්තෙන් සීතල සුළගක් ආව. ඒ
සුළගට අර ගස් වල තිබුණ සද කදුළු පිණි එකතු වෙලා තවත් සීතල වෙලා ඇවිත් මේ පෙම්වතුන්
දෙන්නගෙ ඇගේ දැවටුනා. සීතල සුළග ඇගේ දැවටෙනකොටම මේ දෙන්නටම සීතල දැනෙන්න ගත්ත.
මේ තරුණයා තමන්සතුවූ මහා පිරිමි පෞර්ෂයෙන්
සීතල දරගත්ත. නමුත් ගැහැණු ළමයට මේ සීතල දරගන්න බැරි වුනා. සීතල දරාගන්න බැරුව මේ
ගැහැණු ළමය අත්දෙක පිටිපස්සට තියල හිස පිටිපස්සට නමල ගසාදැම්ම. ඒ වෙලාවේ මේ ගැහැණු
ළමයගේ කොන්ඩය කැඩිල පහලට වැටුන. අර ආව සුළගට පාවෙලා ගිහින් ඒ කොන්ඩය මේ තරුණයාගේ
කම්මුලේ දැවටුනා. තරුණයා රාගික වුනා. ලොකයේ තියන ගැඹුරුම ගින්දරක්, නපුරුම ගින්දරක්
රාග ගින්න මේ තරුණයාට ඇති වුනා. තරුණයාගෙ හදවත මේ රාග ගින්නෙන් දැවෙන්න ගත්ත. එත්
පුරුෂ පෞර්ෂයෙන් රැකගත් කුමර බඹසර වල ප්‍රතිපත්තියෙන් මේ තරුණයා නැගිට්ට. අනතුරක්
වේය කියන හැගීමෙන්, කිළුටක් වේය කියන හැගීමෙන්, අපවිත්‍ර වේය කියන හැගීමෙන්, විනය
බිදෙයි කියන හැගීමෙන් මේ තරුණයා නැගිට්ට. නැගිටලා මේ තරුණිය දිහා මහා කරුණාවෙන්
බලල මේ තරුණයා කියනව,
"නංගි රෑ වෙලානෙ තියෙන්නෙ.. ගෙදරය යන්න
කොන්ඩෙ බැදගන්නකො" කියල.
මේ තරුණයාගෙ තිබුණ උත්තම ප්‍රේමණීය බව,
පුරුෂ පෞර්ෂය, රැකගත්ත කුමර බඹසර, ගැහැණු ළමයාගේ කුමරි බඹසර මේ සියල්ලම ආරක්ෂා කර මේ ප්‍රෙමණීය පෙමපතුන්
යුවල නැගිට ගොස් තමන්ගෙ එක්කුස උපන් නැගනිය වගේ ඇයගෙ ගෙදරට ඇරලලා මේ තරුණයා යන්න
ගියාලු.
සඳ හොරෙන්
හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා..
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා.. සිටිනවා...
කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා
සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී...ම්...ම්.....
මහත් වියරුවෙන්..
කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා...ම්...ම්.....
ඔබේ සිසිලසින්...
ගායනය - ඩබ්ලිව්. ඩී. අමරදේව
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගී පද - කුලරත්න ආරියවංශ
වලා රොදක සැගවිලා..
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා.. සිටිනවා...
කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා
සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී...ම්...ම්.....
මහත් වියරුවෙන්..
කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා...ම්...ම්.....
ඔබේ සිසිලසින්...
ගායනය - ඩබ්ලිව්. ඩී. අමරදේව
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගී පද - කුලරත්න ආරියවංශ
No comments:
Post a Comment