පොඩි නිහැඩියාවකින් පස්සෙ අයෙමත් ලියන්න
හිතුන. මේ නිහැඩියාවට හේතුවත් කියන්න ඕන මොකද ඒක කාලිනව හැමෝටම වැදගත්. මගේ නැන්ද
පහුගිය කාලෙ දියවැඩියාව නිසා ගොඩක් අසනීප වෙලා රෝහල් ගත කරලයි හිටියෙ. රෝගය ධරුණු
වෙලා කකුලෙ තුවාල ඇවිත් දකණු කකුල ඉවත් කරන්න සිදු වුනා. ඉතින් අපි ආදරෙන් මතක්
කරනව අපේ හිතවතුන්ට මේ දියවැඩියා රෝගය පිළිකාවක් තරම්ම භයනකයි. දැන් දැන් තියන
ඉක්මනින් දිරවන කෑම බීම නිසා ඕනම වයසක ඉන්න කෙනෙකුට මේක වැළදෙන්න පුළුවන්. ඒ නිසා
අපි හැකි පමණින් කෑම බීම වලින් ප්‍රවේසම් වෙන එක තමයි වඩාත්ම සුදුසු. මම යෝජනා
කරනව හැමෝටම අඩුම තරමින් මාස තුන හතරකට සැරයක්වත් ලේ පරීක්ෂාවක් සිදු කරගන්නවනම්
වඩාත් සුදුසුයි කියල. රුපියල් 100ක් වගේ සුළු මුදලක් මේකට වියදම් වෙන්නෙ.
ඉතින් අපි අද මේ ලියන්න තෝරගත්තෙ පහුගිය වසර
තිහක කුරිරු යුද්ධය අතර මැද්දෙ අපිට නෑසුන කතා කීපයක් ඔයාල එක්ක බෙදා ගන්න. මේවා
අපි උපුටා ගත්තෙ සුනිල් මාධව ප්‍රේමතිලක මහත්තයගෙ ජීවිතය සුන්දරයි පොතෙන්. එතුමන්ට
අපේ හදපිරි ස්තූතිය පිරිනමනව මෙවන් වූ සංවේදී දේවල් අපිත් එක්ක බෙදා හදා ගත්ත එකට.
******************
1990 ජූලි 04
අත පිරෙන්න දාන්න පාට පාට වීදුරු වළලු ගෙන්න
කියල මල්ලිගෙ දුව හැමදාමත් ඇවිටිලි කළා. වළලු ටික අතේ දමාගෙන ඇය ගේ පුරා දුව යද්දි
මතු වූ සිළිං සිළිං හඩත් සමග කලකට ඉහතදී මගේ මිත්‍රයෝ කී කතාවක් මතකයට ආව.
පොළොන්නරුව පැත්තේ සුංගාවිල කියන පුංචි
ගම්මානයට දවසක් උතුරේ කොටි ආව. ගම්මුන් ඒ මේ අත පැන ගියා. එක් නිවසක සිටි අම්මා
සමග පුතුන් දෙදෙනා එක් පැත්තකට දුව ගියා අතර අවුරුදු දෙකක් පමණ වයසැති දියණිය
ඔසවාගත් තාත්තා තවත් පැත්තකට පැන ගියා.
දුවගෙන යන අතර පුංචි දියණිය රහසෙන් තාත්තාට
මෙහෙම කියල තියනව.
"තාත්තෙ හෙමින් යන්න. වළලු සද්දෙ එනවා."
ඒ සමගම වෙඩි හඩ ඇසුණ අතර තාත්තා දුවත් සමග
පදුරක සැගවුනා.
අන්තිමේ දි ඒ පවුලෙන් ඉතිරි වූයේ ඒ තාත්තාත්
දුවත් පමණයි.
මහ ලොකු කතාවක් නොවුණත් සිළිං සිළිං හඩ
මැදින් මගේ හිතට සිහින් වේදනාවක් දැනුණා..
1992 පෙබරවාරි 14
අද කීර්ති කී කතාවකින් මගෙ හද සසල වුණා. ඔහු
කීවේ උතුරේදී වෙඩි වැදී මිය ගිය භටයෙකුගේ සාක්කුවේ තිබූ ලිපියක් ගැනයි.
ලිපිය ලියා අවසන් කොට තිබුණේ නැහැ. එහි මෙසේ
සදහන්ව තිබුණා.
"ආදරණීය අම්මේ,
ඊයේ මම ආවා. අම්මා දුන් සුරය බෙල්ලෙන් ගලවා
ඉනේ බැදගත්තා. සුරය බෙල්ලෙ තියනවා දැක්කහම මේ ගොල්ල මට විහිළු කළා. අම්මා.......
***************************
මේව එතරම් ලොකු කතා නොවන බව ඇත්ත. ඒත් කොයි
තරම් දේවල් හදවතට දැනෙනවද මේ පුංචි කතා කියවනකොට. මේ කුරිරු යුද්ධයෙන් දරුවන්
අහිමි වුන දෙමව්පියෝ, බිරිදෑවරු කොයි තරම් තාමත් වැළපෙනවද. ඒ අතීතයට අපේ හදවත්
කොයි තරම් සාප කරණවද. අපි පේ හිටපු ජනාධිපත් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට, ත්‍රිවිධ
හමුදාවට පෙළීසියට සිවිල් ආදරක්ෂක බලකායට හදවතින්ම ස්තූතිවන්ත විය යුතුයි මේ කුරිරු
යුද්ධය අපේ මව් බිමෙන් අතුගා දැමීම පිළිබදව. මේ දේශපාලනික කියවීමක් නොවෙයි. යුද්ධය
පිළිබදව අප හදවතට දැනෙන දේයී.
No comments:
Post a Comment