මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 09
නිල්ලඹේ ඔය
 |
නිල්ලඹේ ඔය |
මහවැලි ගඟට මීගලගට එකතු වෙන ප්‍රධාන අතු ගංගාවක්
තමයි නිල්ලඹේ ඔය. මේ නිල්ලඹේ ඔයේ මුල් දියත්ත පටන් ගන්නෙ ගලහ ප්‍රදේශයෙන්. මේ ගලහ
කදුවැටිය මුහුදු මට්ටමේ සිට අඩි 5500 පමණ උසින් තමයි පිහිටලා තියෙන්නෙ. මේ නිල්ලඹේ
ඔය එතැන් සිට සැතපුම් 10ක් පමණ දුර ගෙවාගෙන තමයි ගම්පොලදි මහවැලි ගගට එකතු වෙන්නෙ.
නිල්ලඹේ කියන්නෙ නිල්+අඹ+ඔය. ඒ කිවුවෙ නිල් පැහැති ජලයෙන් යුතු ඔය. මේ නිල්ලඹේ
කියන පළාත තවත් වැදගත් වෙනව අපේ දෙවැනි රාජසිංහ රජතුමා නිසා.
කුසුමාසන දේවිය එහෙමත් නැතිනම් දෝන කතරිනා
විවාහ පත් කරගත්තෙ විමලධර්මසූරිය රජතුමා. විමලධර්මසූරිය රජ තුමා මියගියායින් පසුව
එතුමාගේ වැන්දඹු බිසව වූ කුසුමාසන දේවියම සෙනෙරත් රජු ද තම බිසව වශයෙන් තබා ගනිමින් ඔහු තමාගේ
රාජ්‍යය උරුමය තහවුරු කර ගන්නව. අපි මේ කියන දෙවන රාජසිංහ රජතුමා ඉපදෙන්නෙ
කුසුමාසන දේවියගේ කුසේ සෙනරත් රජතුමාට දාව. සෙනරත් රජු මියගිය විට මහා අස්ථාන
හෙවත් දේවරාජසිංහ කුමරු දෙවන රාජසිංහ නමින් උඩරට රජවීම උඩරට රාජ්‍යයෙහි පමණක් නොව
මුළු ලංකාවෙහිම වැදගත් සන්ධිස්ථානයක් බව කිව යුතුය. එයින් පස්සෙ කාලෙක ඔය අඹන්වල නිළමේ
ඇතුළු පිරිසක් මේ අවධියේ කැරැල්ලක් ඇති කරනව. රාජසිංහ රජතුමා තමන්ගෙ ඔත්තු සේවාවන්
මගින් මේ බව දැනගෙන තමන්ගෙ මාළිගාව මාරු කරනව මහනුවරින් නිල්ලඹේට. අපි මේ
කියන නිල්ලඹේ තමයි ඒ මාළිගාව පිහිටලා තිබිල තියෙන්නෙ.
 |
නිල්ලඹේ ඔය මහවැලි ගගට වැටෙන තැන Google Maps වල දැක්වෙන අයුරු |
මේ
කියන කැරැල්ලත් එක්ක හැදුන අපූරු කතාවක් තියනව. දෙවන රාජසිංහ රජතුමාත් එක්ක එතුමාගෙ
වගේම මුහුණ තියන අළුවිහාරේ නැමති නිළමේ කෙනෙකු ඉදල තියනව. කැරැල්ල ඇතිවුන වෙලාවෙ
මෙන්න මේ නිළමේව ඇදේ සතපවල තියල දෙවන රජංසිහ රජතුමා රහසින්ම පලා යනව. මෙතෙන්ට ආව අඹන්වල නිලමේ ඇතුළු කැරලිකාර කණ්ඩායම
මේ ඉන්නෙ රජතුමා කියල හිතල මේ මිත්‍ර නිළමෙව කැතිගෑව කියල කියනව. ඉන්පස්සෙ
කැරළිකාරයෝ මහනුවර බලය අල්ලගත්තලු. නමුත් මාසයක් යන්න වුනේ නෑ දෙවන රාජසිංහ රජතුමා
හැංගිල හිටිය මාළිගාවෙන් එළියට ඇවිත් මේ කැරළිකාරයන්ව අල්ලලා මහනුවර වීදි දිගේ
පොලු ගැහුවලු.
මේ
කාලෙදි තමයි දෙවන රාජසිංහ රජතුමා ලංකාවේ අතිශයින්ම වැදගත්ම කාල පර්ච්ඡේදයට මුහුණ
දෙන්නෙ. එනම් එවකට ලංකාව ආක්‍රමණය කර සිටි පෘතුගීසීන් පන්නා දෑමීමට රජතුමා
ලන්දේසීන්ගේ සහය ලබා ගන්නව. සුප්‍රසිද්ධ ගන්නෝරුවේ සටන සිද්ධ වෙන්නෙත් රාජසිංහ
රජතුමාගෙ කාලෙමයි.
අපි දැන් ගම්පොල පහුකරගෙන ඇවිත්
නිල්ලඹේ ඔය මහවැලි ගඟට වැටෙන තැන ගැන කථා කලා. ඊළඟට අපි පහුකරගෙන යනව හිදගල පෞරාණික නගරය.
මෙහි තමයි හිඳගල රජ මහා විහාරය පිහිටලා තියෙන්නෙ.
හිඳගල රජ මහා විහාරය.
අනුරාධපුර යුගයේදීම ආරම්භ කරන්නට ඇතැයි සැලකෙන මධ්‍ය කඳුකරයේ පිහිටි ඉපැරණි
පුදබිමකි හිඳගල රජ මහා විහාරය. පේරාදෙණියේ සිට B 364
ගලහ පාරේ යනවිට පේරාදෙණිය විශ්ව විද්‍යාලය පසුකොට මඳ දුරක් ගියවිට හන්තාන කඳු වැටියේ දකුණු
බැවුමේ පිහිටි හිඳගල රජමහා විහාරය හමුවේ. මේ රජ මහා විහාරය වළගම්බා රජ සමයේ ගොඩනැගූ බව සැලකේ. හිඳගල රජ
මහ විහාරය දැනට බොහෝ ප්‍රචලිතව ඇත්තේ එහි ඇති බිතු සිතුවම් නිසාය. ශ්‍රී ලංකාවේ චිත්‍ර කලා
ඉතිහාසයේ වැදගත් තැනක් මෙහි සිතුවම් වලට ලැබී
ඇත. 7 වන සියවස, 14 වන සියවස, 18 -19 සියවස් හා 20 වන සියවසේ මුල් කාලය ආදී කාල වකවානු
කීපයකම සිතුවම් මෙහි දක්නට
ලැබේ. බුවනෙකබාහු රජුගේ පාලන සමයේ කොත්මලේ පුසුල්පිටිය රාජ මහා විහාරස්ථානයේ වැඩ
සිටි ශ්‍රී දන්තධාතුන් වහ්නසේ සෙංකඩගල පුරවරයට වැඩම කළ ගමනේ දී ගම්පොළ අටබාගේදී දහවල් බුද්ධ පූජාව සිදුකිරීමෙන් අනතුරව දන්තධාතුන්
වහන්සේගෙන් වැඩම කරවන පෙරහැර සවස් ජාමේදී හිදගල රාජ මහා විහාරස්ථානයට ළඟා වුන බව සඳහන් වේ. එසේ වැඩම කළ දන්ත ධාතුන් වහන්සේ දින ගණනක් එම
විහාරස්ථානයේ වඩා හිඳුවා පුද පූජා පවත්වා පසුව සෙංකඩගල පුර ශ්‍රී දළදා මාලිගාවට රැගෙන ගිය බව පැවැසේ.
 |
හිදගල රජමහා විහාරය |
 |
හිදගල රජමහා විහාරයේ සිතුවම් |
අපි හිදගල රජමහා විහාරය ගැන කථා කරන
අතරෙම ඊළඟට පිවිසෙනව පේරාදෙණීයට. මහැවැළි ගඟ දිගේ පේරාදෙණියට පිවිසෙන එක හරිම
සුරම්‍ය අත්දැකීමක්. අපේ රටේ බොහෝ ශිෂ්‍ය ශීෂ්‍යාවන්ගේ, අධ්‍යාපන වේදීන්ගේ සුරම්‍ය
සිහිනය. ඒ තමයි අතිශය සුන්දර සුරම්‍ය පරිසරයක පිහිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය
 |
පේරාදෙණිය විශ්ව විද්‍යාලය |
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝකයේ
කීර්තිමත්ම හා සුන්දරතම විශ්ව විද්‍යාල වලින් එකකි. එය 1942 දී යුනිවර්සිටි ඔෆ් සිලෝන් (University of Ceylon) යන නමින් ආරම්භ කර ඇති අතර වර්තමානය වන
විට පීඨ 8 කින් හා පශ්චාත් උපාධි ඒකක දෙකක් හා දෙපාර්තමේන්තු 73 කින් සමන්විත වේ. ආචාරයවරුන් හා සිසුන්
11000 පමණ අධ්‍යන කටයුතු වල නිරත වෙමින්
සිටියි. ඒම සිසුන් වෛද්‍ය විද්‍යාව(Medicine),
කෘෂිකර්ම
විද්‍යාව(Agriculture), සම සෞඛ්‍ය විද්‍යා(Allied Health Sciences), ඉංජිනේරු විද්‍යා(Engineering), දන්ත වෛද්‍ය විද්‍යාව(Dental Sciences), පශු වෛද්‍ය විද්‍යාව(Veterinary Medicine), යන ක්ෂේත්‍ර වල හා කලා විෂයන්ගේ අධ්‍යන
කටයුතු සිදු කරයි. ලංකාවේ
රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන අතරින් විශාලතම උසස් අධ්‍යාපන ආයතනය ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලය සලකනු ලබයි.
 |
පේරාදෙණිය විශ්ව විද්‍යාලය Google Maps වල දැක්වෙන අයුරු |
මහනුවර
දිස්ත්‍රික්කයේ පේරාදෙණිය නගරයට ඉතා ආසන්නව හන්තාන කඳු පන්තියේ බටහිර බෑවුම හා මහවැලි නදිය අතර මනරම්
පරිසරයක් පිහිටා තිබෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලය ලෝකයේ සුන්දරතම විශ්ව විද්‍යාල වලින් එකක් වන්නේ එහි
මනාව නඩත්තු කරන ලද තණබිම් හා ශාක විශාල ප්‍රමාණයක්
තිබීම නිසාවෙනි.
 |
මනස්කාන්ත දර්ශන වලින් පිරුන පේරාදෙණිය විශ්ව විද්‍යාලය |
පේරාදෙණිය විශ්ව විද්යාලය “යුනිවර්සිටි
ඔෆ් සිලෝන්” ලෙස ආරම්භ කිරීමේ යෝජනාව 1884 දක්වා ඈත කාලයේ සිදු වී ඇතත්
පේරාදෙණිය ප්‍රදේශය තෝරගෙන ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ 1926 වර්ෂයේය. පසුව 1942 වර්ෂයේ සිට සිසුන් 904 දෙනෙකු හා අධ්‍යන කාර්යමණ්ඩලය 55 කින් යුක්තව පීඨ හතරක් යටතේ අධ්‍යන
කටයුතු ආරම්භ කර තිබේ. නමුත් 1946 වර්ෂයේ සිට ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් දේශන හා විද්‍යාගාර පරීක්ෂණ
අධ්‍යන කටයුතු සිදු කර ඇත්තේ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ(Ceylon
Medical College) හා කොළඹ “සිලෝන් යුනිවර්සිටි කොලේජ්(Ceylon University College)” හි ගොඩනැගිලි කීපයක් ලබා ගැනීමෙනි. 1949 වර්ෂයේදී නැවතත් පේරාදෙණියේ අධ්‍යන කටයුතු සිදු කිරීම ආරම්භ වූ අතර
1952 වර්ෂයේ සිට පේරාදෙණිය විශ්ව විද්යාලයට නව පීඨයක් ලෙසින් කලා පීඨය
හා ප්‍රධාන පුස්තකාලය ඉදි කරනු ලැබ ඇත. මෙම ඉදිකිරීමත් සමග 1952 වර්ෂයේ ඔක්තෝබර් මස 6 වන දින නිල වශයෙන් යුනිවර්සිටි ඔෆ් සිලෝන් ස්ථාපිත කරන
ලදී. පසුව දෙවන එලිසබත් රැජිනගේ සහභාගීත්වයෙන් 1954
වර්ෂයේ අප්‍රේල් මස 20 වන දින නිල උත්සවයක් තබා “යුනිවර්සිටි ඔෆ් සිලෝන් “ ප්‍රකාශයට
පත් කරන ලදී.
 |
පේරාදෙණිය විශ්ව විද්‍යාලය |
සර්
අයිවර් ජෙනිංග්ස්ගේ මූලික සැලැස්මක් අනූව තමයි මේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය
ගොඩනැගෙන්නෙ. මෙහි පළමු උපකුලපති වරයා වන්නෙත් සර් අයිවර් ජෙනිංග්ස් (Prof. Sir Ivor Jennings (1942–55)). එමෙන්ම මුල්ම කුලපති වරයා වූයේ සර්
ඇන්ඩෘ කැල්කොට් ( Sir
Andrew Caldecott
(1942–44)).
ඉතින් අපේ රටේ සංස්කෘතියට මොන තරම් නම් පුන්‍යභාරයක් මේ පින් බිමෙන් විහිදෙන්නට
ඇත්ද. වෛද්‍ය වරු, ඉන්ජිනේරුවන්, වානිජවේදීන්, කලා ශීල්පීන් මොනතරම් පිරිසක්
මෙයින් සමාජයට දායද කරන්නට ඇත්ද.
ඒ වග්මයි මහවැලි ගං
ඉවුරේ තිබෙනව තවත් අපේ රටේ කලා කරුවන්ට බොහොම සුවිශේෂී ස්ථානයක්. ඒ තමයි පේරාදෙණීය
වළ. එනම් එදිරිවීර සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨය. මෙය ඇරීනා තියටර් වර්ගයට අයත් රඟහලක්.
ඔය රෝමයේ, ග්‍රීසියේ ඉතාලියේ වගේ රටවල් වල මේ ඇරීනා තියටර් දකින්න ලැබෙනව.
මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ උවමනාව මත තමයි මේය ඉදිවෙන්නෙ. මේ තමයි ලංකාවේ නාට්‍ය
කරුවන්ගේ සිහිනය. මේ තමයි ලංකාවේ නාට්‍ය කර්වන්ගේ මාපකය. මේ වළ තුළ නාට්‍යයක්
සාර්ථක ලෙස වේදිකා ගත කළා නම් එය සාර්ථක නාට්‍යයක්. මේහි වේදිකා ගත කළ සාර්ථක නාට්‍යයක්
කොතනකවත් අසාර්ථක වෙලත් නෑ අසාර්ථක නාට්‍යයක් සාර්ථක වෙලත් නෑ.
 |
එදිරිවිර සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨය |
ඉතින් මෙහෙම ගඟ දිගේ ඉස්සරහට යනකොට
හම්බවෙනව පේරාදෙණිය සුදු පාලම. ඒක තමයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයත්
ඉංජිනේරු පීඨයත් යාකරන පාලම. ගඟට වඩා ගෙඩක් උසින් තමයි මේ පාල ඉදි කරල තියෙන්නෙ.
මෙතනින් පස්සෙ මහැවැළි ගඟ පිවිසෙනව පේරාදෙනිය නගරයට.
 |
පේරාදෙණීය සුදු පාලම |
පේරාදෙණිය අද අපිට නුවරටත් ගම්පොලටත්
ඇතුල් වෙන්න තියන නගරය. නමුත් අතීතයේ දී පේරාදෙණිය කියන්නෙ සෙංකඩගල රාජධානියට
බොහොම සම්භන්දයි. සෙංකඩගල රාජධානිය ගොඩනගපු පළමුවැනි විමලධර්මසූරිය රජතුමාගේ පියා
වීරසුන්දර මුදළිදු ජීවත් වුනෙත් පේරාදෙණියෙ. තවත් පේරාදෙණියෙ ජීවත් වුන ප්‍රධානියෙක්
තමයි පේරාදෙණියේ කණ්නසාමි. කණ්නසාමි කුමාරයා තමයි පිළිමතලාවේ නිළමේගේ උවමනාවෙන්
පසුකාලීනව ලංකාවේ අවසාන රජ බවට පත් වුන ශ්‍රී වික්‍රම රාජසිංහ බවට පත් වුනේ.
 |
පේරාදෙණිය මැදින් ගලන මහවැලි ගග |
අපි
මෙතෙක් ආ ගමනෙදි මහවැලි ගඟට අතු ගංගා එකතු වුනේ දකුණු ඉවුරෙන්. නමුත් පේරාදෙණිය
විශ්ව විද්‍යාලයේ පාලම පසු කරනවත් එක්කම වම් ඉවුරෙන් අතු ගංගාවක් එකතු වෙනව. මේය
හදුන්වන්නේ නානු ඔය කියල. නමුත් මේ නානු ඔය අපිට තලවාකැලේදි හමු වුන නානු ඔය නම්
නෙමෙයි. මේ ඔයට උඩින් ඇති පාලම හදුන්වන්නේ නානු ඔය පාලම කියන නමින්. මේ කියන නානු
ඔය පාලමට බොහොම අපූරු කවියක් හැදිල තියනව.
 |
පේරාදෙණිය කළු පාලම නොහොත් නානු ඔය පාලම |
පේරාදෙණියෙ හොද හිත ඇති මහත්තුරූ
පාලම හදන්නට ගත්තේ යකඩකරූ
ඒත් මදිව තව ගත්තයි ගල්
පතුරූ
පාලම තියෙයි මේ කප පවතිනා
තුරූ
මේ
කවියටම තවත් විකල්ප කවියක් හැදිල තියනව පස්සෙ කාලෙක.
පේරාදෙණියෙ හොද හිත ඇති මහත්තුරූ
පාලම හදන්නට ගත්තේ උන පතුරූ
ඒත් මදිව තව ගත්තයි බට
පතුරූ
පාලම තියෙයි වඩුවා ගෙදර එනතුරූ
කවි
වල එහෙම තිබ්බට මේ පලම නම් තවත් කල්පාන්තරයක් පවතින බව නම් සිකුරුයි.
ඉතිරිය මීලග කොටසින්...
සටහන
චතුරංග ජයසුන්දර