පෙර ලිපිය මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 31
මහවැලි ගග උපතේ සිට මෝය දක්වා නැවත හැරී බලමු
මහවැලි ගගේ මුල් දියත්ත අපට හමුවන්නේ හොර්ටන් ගැන්නේ පිහිටි අග්‍රා බෝපත් කදු වලිනි. එතැනින් පටන් ගන්න මේ කුඩා දිය පාරෙන් අග්‍රා බෝපත් ඔය නිර්මාණ වෙනවා. මේ අග්‍රා බෝපත් ඔයට තොටුපොල කන්දෙන් එන දිය සීරාවල් එකුවී අග්‍රා ඔය බවට පත්වෙනවා. අග්‍රා ඔය මහා වන මැදදී සුන්දර දිය ඇල්ලකුත් නිර්මාණය කරගෙන ඩයගමට පිවිසෙනවා. යගමින් පසුව මහවැලි ගග ජනසතු වෙනවා.
![]() |
අග්‍රා ඔයේ මුලි දියත්ත |
![]() |
ඩයගම පවර් හවුස් |
මේ අග්‍රා ඔය ඩයගමදී පවරෝස් ඇල්ල නිර්මාණය කරනවා. ඩයගමදී මහවැලි ගගේ අපට හමුවන පළමු බලාගාරය වන ඩයගම පවර් හවුස් හමුවෙනවා. ඩයගම පසු කරන අග්‍රා ඔයට තිස්පනේ හරියෙදි අඹේවෙලින් ආරම්භ වන දඹගස්තලා ඔය එකතුවීමෙන් කොත්මලා ඔය නිර්මාණය වෙනවා. කොල්මලා ඔයට තලවාකැලේදී, නුවර එළිය ග්‍රෙගරි වැවෙන් ආරම්භ වන නානු ඔය එකතු වෙනවා. එතැනින් පහළට ගලන කොත්මලා ඔය හරස් කරමින් ඉහළ කොත්මලේ ජලාශය ඉදිවෙනවා. ඉහළ කොත්මලේ බලාගාරයට පහළින් අපට හමුවෙනවා සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල. මේ ඇල්ලට මදක් පහළින් ඩෙවොන් ඇල්ල හමුවෙනවා. මේ දියඇල්ල පසුකරගෙන යන කොත්මලා ඔයට මල්දෙනිය හරියෙදි සුන්දර ඩන්සිනන් ඇල්ල නිර්මාණය කරන පූඩලු ඔය එක්වෙනවා.
![]() |
ඉහළ කොත්මලේ ජලාශය |
මෙලෙස ගලන කොත්මලේ ඔය හරහා කොත්මලේදී තිස්පනේ කන්දත් කඩදොර කන්දත් යා කරමින් කොත්මලේ යෝධ වේල්ල ඉදිවෙනවා. කොත්මලේ ජලාශය පසුකරගෙන යන කොත්මලේ ඔයට මහවිල්ලාවෙදි, හැටන් ඇබෝස්ලි වත්තෙන් ආරම්භ වන හැටන් ගග එකතුවීමෙන් මහවැලි ගග නිර්මාණය වෙනවා. මීලගට අපට හමුවෙනවා උලපනේ පැරණි යකඩ පාලම, උලපනේ නව පාලම වගේම උලපනේ මෝඩයාගේ පාලම.
![]() |
කොත්මලේ ජලාශය |
මෙසේ ගලන මහවැලි ගග ගම්පොලට පැමිණෙනවා. ගම්පොලදී ගලහ ප්‍රදේශයෙන් ආරම්භ වන නිල්ලඹේ ඔය එකතු වෙනවා. ඒ වගේම ගම්පොල පාලමත් පසු කරනවා. එයින් පසුව මහවැලි ගඟ පේරාදෙණියට පිවිසෙනවා. පෙරාදෙණිය විශ්වවිද්‍යලය පසුකරන මහවැලි ගග පේරාදෙණිය මහ පාලම වගේම පේරාදෙණිය සුදු පාලමද පසු කරණවා. පෙරාදෙණියේදී නානු ඔය නැමති කුඩා ඔයක් මහවැලි ගගේ වම් ඉවුරෙන් එකතු වෙනවා. ඒ වගේම මෙහිදී පේරාදෙණිය දුම්රිය පාලමත් පසු කරනවා.
පේරාදෙණියේ ගැටඹේ තොටෙන් දළදා වහන්සේගේ අශිර්වාදය ලබාගන්නා මහවැලි ගඟ මීලගට ගලන්නේ කටුගස්තොට දෙසටයි. කටුගස්තොට පාලම පසු කරන මහවැති ගඟ ත්‍රි සිංහලේ සීමා මයිම් ලකුණු කරන්නේ පිගා ඔය මහවැලි ගගට වැටෙන ස්ථානයෙන්. මෙතැන පසුකරන මහවැලි ගඟ මීලගට පිවිසෙනේ ලංකාවේ මෑත යුගයේ විෂ්මිතම වාරි ව්‍යාපරය වන පොල්ගොල්ල හැරවුම වෙතටයි. පෙල්ගොල්ල අමුණ පසුකරන මහවැලි ගඟ කුණ්ඩසාලේ පාලම පසු කරනවා. එතැනින් පසුව මහවැලි ගගේ හමුවනා මහා ජලාශ ත්‍රිත්වය වන වික්ටෝරියා, රංන්දෙණිගල හා රන්ටැඹේ යන ජලාශ නිරිමාණය කරනවා. වික්ටෝරියා ජලාශයේ දී මහවැලි ගගට මා ඔය, හුළුගග සහ ගල්මල් ඔය එක්වෙනවා.ඒ වගේම මයිලපිටියෙදි මයිලපිටිය ඔය ද මහවැලි ගඟට එක්වෙනවා. ඒ වගේම රන්දෙණිගල දී බෙලිහුල් ඔය සහ කුරුදු ඔය එක්වෙනවා. රන්ටැඹේදී ප්‍රසිද්ධ උමා ඔය මහවැලියට එක්වෙනවා.
![]() |
පොල්ගොල්ල අමුණ |
![]() | |
වික්ටෝරියා ජලාශය |
![]() |
රන්දෙණිගල ජලාශය |
![]() |
රන්ටැඹේ ජලාශය |
එතැනින් පසුව මහවැලි ගඟ මිනිපේ අමුණ නිර්මාණය කරනවා. මිනිපේ අමුනට පහළින් බදුලු ඔය මහවැලියට එක්වෙනවා. මිනිපේ අමුණෙන් පසුව මහවැලි ගඟ පිවිසෙන්නේ මහියංගනයටයි. මහියංගනයේ දී මහියංගනේ චෛත්‍යය වැදපුදාගන්නා මහවැලි ගග වේරගන්තොට පාලම මෙන්ම නිපොන් පාලමද පසු කරනවා. වෙරගන්තොටදි රිදීකොතල ඇල නමින් කුඩා ඇලක් මහවැලියට එකතු වෙනවා. මීලගට හසලක ඔය එකතු වෙනවා. මේ හරියෙදිම දියබාන ඔයත් මහවැලියට එක්වෙනවා. ඒ වගේම මීලගට හීං ගග නැමති ඔයත් මහවැලියට එක්වෙනවා. තවත් ඉදිරියට යන මහවැලියට උල්හිටිය ඔය එක්වෙනවා.
![]() |
මිනිපේ අමුණ |
උල්හිටියෙන් පසුව මහවැලිය පිවිසෙන්නේ වස්ගමුව ජාතික වනෝද්‍යානයටයි. මේ වනාන්තරය තුළින් කිලෝමීටර් 36ක් පමණ ගමන් කරන මහවැලියට අතරමගදී කාලිංග දූපත හමුවෙනවා. මේ අතරෙදිමයි මහවැලියේ අවසාන ඇල්ල වන කිරිඅම්මා ඇල්ල හමුවන්නේ. එතැනින් පසුව අපට හමුවෙනවා දිඹුලාගල චෙත්‍යය. දිඹුලාගල ආකාස චෛත්‍යය වැදපුදාගෙන ඉදිරියට ඇදෙන මහවැලි ගඟට මීලගට හමුවෙනවා අඹන් ගඟ මහවැලි ගඟට එක්වෙන ස්ථානය.
![]() |
වස්ගමුව ජාතික වනෝද්‍යානය |
අඹන්ගඟ මහවැලි ගගට එක්වන ස්ථානය පසුකරන මහවැලි ගඟ මනම්පිටිය පාලම පසු කරනවා. මනම්පිටිය පාලම පසු කරගෙන යන මහවැලි ගගෙන් පෙරිය ආර වෙන්වනවා. එතැනින් ඉදිරියට යන මහවැලි ගඟට කන්දකාඩු පාලම හමුවෙනවා. කන්දකාඩුවේදී කන්දකාඩු ආර මහවැලි ගගෙන් වෙන්වෙනවා. එතැන වම් ඉවුරේ පිහිටි සෝමාවතිය වැදපුදාගන්නා මහවැලිය ඉදිරියට යනවිට කොම්බනාච්චිය නැමති ප්‍රදේශයේ කරිඤ්ඤංමුණේදී පෙරිය ආර මහවැලි ගගට එක්වන අතර වෙරුගල් ආර මහවැලියෙන් වෙන් වනවා. සේමාවතී වනෝද්‍යානය හරහා ගලන මහවැලි ගඟ බෙරිවිල පසුකරනවා. බෙරිවෙලෙන් පසුව සිත්තාරු පාලම පසුකරන මහවැලිය සාම්පූර් මාර්ගයේ ඇති පලමද පසු කරනවා.
![]() |
මනම්පිටිය පාලම |
![]() |
සෝමාවතී දාගැබ |
එයින් පසුව උප්පු ආර මහවැලි ගගෙන් වෙන්වනවා. එතැනින් පසුව කිලේමීටර් 334 හෙවතත් සැතපුම් 208ක් දුර ගෙවා පැමිණි මහවැලි ගග ගෙංගෙයි තොටමුනේ දී ගෙංගෙයි පාලම පසුකරමින් කොඩ්ඩියාර් බොක්කේ දී මහමුහුදට එක්වෙනවා.
ගෙංගෙයි තොටමුනෙන් කොඩ්ඩියාර් බොක්කෙන් මහමුහුදට