Sri Lanka

Sunday, January 30, 2022

මොකක්ද මේ මධ්‍යම පෘථිවිය (Middle Earth)

 


 

අපි සමහර ඉංග්‍රීසි චිත්‍රපටි බලනකොට සමහර චිත්‍රපට වල අපිට හමුවෙන වඩනයක් තමයි මේ Middle Earth නැත්තන් මධ්‍යම පෘථිවිය කියන වචනය. විශේෂයෙන්ම ඔය Lord of the Rings, The Hobbit වැනි චිත්‍රපට වල අපිට නිතරම ඇසෙන වචනයක් තමයි මේක.  අපිට එච්චරම හුරු පුරුදු නැති නිසාම නිකමට වගේ ඇත්තටම මෙහෙම එකක් තියනවද නැද්ද තිබුනනම් ඒ කොහේද කියල නිකමට හොයලා බලන්න හිතෙනවා. එහෙම හොයාගෙන යනකොට තමයි මේ විස්තරේ හමු වුනේ.

මධ්‍යම පෘථිවිය යනු ප්‍රකට කතුවරයෙකු වූ J.R.R Tolkien නැමති කතුවරයා  විසින් මවාගත් ලෝකයක මිනිසුන් ජීවත් වූ ප්‍රදේශ හැදින්වීම සදහා භාවිතා කළ යෙදුමකි. සමහර ටිටෙක The Hobbit, The Lord of the Rings and The Silmarillion යන පොත්වල "මරණීය ඉඩම්" ලෙස හඳුන්වනු ලබන මිනිසුන්ගේ ඉඩම් විස්තර කරයි. මෙම පදය වෙනම ග්‍රහලෝකයක් ලෙස භාවිතා කිරීම හෝ සිතීම නොකළ යුතු අතර, එය මුළු ග්‍රහලෝකයම ආවරණය නොකරන නමුත් මිනිසුන් වාසය කරන ඉඩම් පමණක් ආවරණය කරයි. Tolkien මුළු පෘථිවියම විස්තර කිරීම සඳහා Arda යන පදය භාවිතා කරන අතර මධ්‍යම පෘථිවියට සැලකියයුතු සීමාවන් ඇත. අමරණීය ඉඩම්, එසේත් නැතිනම් සුරයන් පැමිණෙන ඉඩම් සහ ඔවුන් මධ්‍යම පෘථිවිය හැර යාමට තීරණය කළ විට ඔවුන් නැවත පැමිණෙන ස්ථාන Aman ලෙස හැඳින්වේ. Bilbo Baggins සහ ඔහුගේ බෑණනුවන් වන Frodoට බල මුද්දෙහි හිටපු භාරකරුවන් ලෙස, සුරයන් සමඟ Aman වෙත ගමන් කිරීමට අවසර දෙන තෙක් සහ The Lord of the Rings අවසානයේ අමරණීයභාවයට යාමට අවසර ලැබෙන තුරු, මනුෂ්‍යයන් කිහිප දෙනෙකුට පමණක් අමාන් වෙත ඇතුළු වීමට අවසර ඇත.

 

නමක් ලෙස මධ්‍යම පෘථිවිය (middl earth) Tolkienගේ සොයාගැනීමක් නොවේ. ඔහුට පැරණිතම ආගමික කවියෙකුවූ Cynewulf ගේ  Anglo-Saxon ලේඛනවල මෙම යෙදුම හමු වූ අතර, මෙම වචනය Anglo-Saxon කෘතියේ එන Beowulf නැමකි කවියෙහි ද භාවිතා වේ. Anglo-Saxon ලේඛණ වල මෙම පදය සදහන්වී ඇත්තේ middangeard ලෙසය. ඉංග්‍රීසියට පරිවර්තනය කරන විට මෙම වචනය midden-erde හෝ middel-erde බවට පත්වේ. middangeard යන මුල් වචනය වඩාත් නිවැරදිව පරිවර්ථනය වන්නේ Middle යන අර්ථයට සමීපවය. කෙසේ වෙතත්, බොහෝ භාෂා ඉතිහාසඥයින් මෙම යෙදුම Middle earth (මධ්‍යම පෘථිවියට) ලෙස පරිවර්තනය කරන අතර, වාග් විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු ලෙස Tolkien ද එයම කළේය. එපමණක්ද නොව, Tolkien විසින් නිර්මාණය කරන ලද භූමිය, Aman වැනි අනෙකුත් ඉඩම් විසින් අත්‍යවශ්‍යයෙන්ම වට කර ඇත.

 

ටොල්කියන් ඔහුගේ පොත්වල එංගලන්තයට මිථ්‍යා කතාවක් නිර්මාණය කිරීමට උත්සාහ කළ අතර, මධ්‍යම පෘථිවි ලෝකය මීට වසර 6000 කට පමණ පෙර මේ පෘථිවියේ පැවති එකක් බව ඉතා පැහැදිලිව සඳහන් වේ. සමහර භූගෝලීය ප්‍රදේශ, විශේෂයෙන්ම ෂයර් ප්‍රදේශය පවා එංගලන්තය හා සම්බන්ධයි. Tolkien මෙම පුරාණ ලෝකය යුගවලට වෙන් කරයි, ඔහුගේ වඩාත්ම ජනප්‍රිය කෘතිය වන Hobbit and Rings තුන්වන යුගයේදී සිදු විය. The Silmarillion මූලික වශයෙන් සිදු වන්නේ පළමු යුගයේදී වන අතර, මුද්ද සම්බන්ධ කතාව දෙවන යුගයේ සමහර පාලකයන් සහ රාජධානි වෙත යොමු කරයි.

 

 

බොහෝ මනඃකල්පිත ජීවීන් ටොල්කින්ගේ භූමියේ වාසය කරයි. සුරයන්, දිගු කලක් එහි ස්ථාපිත වුවද, ඔවුන් අමුත්තන් පමණි. ඔවුන් මරණීය ලෝකයෙන් වෙහෙසට පත් වූ විට, ඔවුන් Aman වෙත පිටත් වේ. වාමනයින්, මිනිසුන් සහ කුරුමිට්ටන් වෙනත් ඉඩම්වලින් වටවී ඇති බවට යෝජනා කරන "මධ්‍යම පෘථිවියට" පැමිණි බව විස්තර කරයි. සුරයන් මුලින්ම පැමිණ, පළමු යුගය ආරම්භ කළේ, සුරයන් විසින් “කතා කිරීමට ඉගැන්වූ” ගස් ආරක්ෂා කරන Ents වැනි ගස් වැනි යෝධ ගස් ගොපල්ලන් නිර්මාණය කරමිනි. සුරයන්ගේ සතුරන් විසින් නිර්මාණය කරන ලද orcs, goblins සහ trolls වැනි අනෙකුත් භයානක මෘගයන් මෙන් මකරුන් මධ්‍යම පෘථිවියේ සිටී. Tolkien යෝජනා කරන්නේ මේවා සුරයන්, වාමනයන් සහ ගස් ගොපල්ලන්ගේ නරක අනුකරණයන් ලෙස නිර්මාණය වූ බවයි. බුද්ධිය ඇති අනෙකුත් ජීවීන් අතර රාජාලීන්, යෝධ මකුළුවන් සහ බොහෝ විට goblins සමඟ සටන් කරන වෘකයන් වැනි සතුන් ඇතුළත් වේ.

 

Tolkienගේ දේශයේ ජනගහන ව්‍යාප්තිය යුගයෙන් යුගයට වෙනස් විය. තුන්වන යුගයේදී, සුරයන් රාජධානි තුනක් අල්ලාගෙන සිටි අතර, අර්ධ වශයෙන් සුරයන් මුදු වලින් ආරක්ෂා විය. මේවා Lothlorien, Rivendell, සහ Mirkwoodහි සුරයන්ගේ රාජධානියයි. කුරුමිට්ටන් ප්‍රධාන වශයෙන් ජීවත් වන්නේ ෂයර්හි සහ බ්‍රීලන්ඩ් හි ය. බ්‍රී ගම්මානයේ, කුරුමිට්ටන් සහ මිනිසුන් එකට ජීවත් වන අතර, එය Tolkien හඳුන්වන්නේ “විශිෂ්ට සැකැස්මක්” ලෙසයි. ඉඳහිට මායාකරුවන් හෝ වාමනයින් හැරුණු විට, ෂයර් වැසියන් පිටතින් පැමිණෙන අමුත්තන් බොහෝ විට හමු නොවේ.

 

කුරුමිට්ටන්ට පසුව වාමනයන්, මකරුන් විසින් ගෝඩනැගූ ඈත හුදකලා කඳුකර ප්‍රදේශ කිහිපයක ජීවත් වේ. මිනිසුන් භූමියේ විවිධ ස්ථාන අල්ලාගෙන සිටිති. දුෂ්ට මායාකරු සවුරොන්ට විරුද්ධවන මිනිසුන්ගේ විශාලතම රාජධානි දෙක වන්නේ රොහාන් සහ ගොන්ඩෝර් ය. සවුරෝන් විසින් පාලනය කරන ලද ඈත පෙරදිග රටක් වන Harad ගැන ද සඳහනක් ඇති අතර එයද Sauron සමඟ අවසන් සටනේදී Rohan සහ Gondor ට එරෙහිව සටන් කරයි.

 

විශේෂයෙන් Lord of the Rings හි විස්තර කර ඇති පරිදි ටොල්කින්ගේ භූමියෙහි යම් දුකක් තිබේ. දෙවන යුගයේදී සුරයන් ආධිපත්‍යය දැරූ නමුත් බොහෝ දෙනෙක් මිනිසුන්ගේ යුගය වන තුන්වන යුගය වන විට මධ්‍ය පෘථිවිය හැර ගොස් හෝ පිටත්ව යති. මායාකාරුවන් ද ඉවත්ව යන අතර, එක් අතකින්, මිනිසුන්ගේ ලෝකය ආරම්භ වන අතර, සුරයන්, මායාකාරුවන් සහ ගස්ගොපල්ලන් වැනි ජීවීන්ගේ අපූරු මායාවන් සදහටම පිටව යාමට පටන් ගනී. සවුරොන් නම් සතුරාගේ පැමිණීමෙන් මධ්‍යම පෘථිවිය අපිරිසිදු වී ඇති අතර ඔහුගේ පරාජයෙන් පසුව පවා සුරයන්ගේ බලය සදහටම අඩු වේ. පෙර යුගයේ ආශ්චර්යය සජීවීව තබා ගැනීමට ස්වල්ප දෙනෙක් ඉතිරිව සිටින අතර ලෝකය වඩාත් සාම්ප්‍රදායික මිනිසුන් දෙසට පමණක් නැඹුරු වේ. කෙසේ වෙතත්, Tolkien පවසන්නේ කුරුමිට්ටන් තවමත් ජීවත් වන බවයි.

 

ලෝඩ් ඔෆ් ද රිංග්ස් (Lord of the Rings) හැදුන හැටි

 


ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවුන විශිෂ්ඨතම සිනමා නිර්මාණය විදියට සැලකෙන්නේ ලෝඩ් ඔෆ්ද රිංග්ස් (Lord of the rings)ය. එසේ වීමට හේතුව තමයි මෙහි එන කතාවේ සුවිශේෂීත්වය වගේම සිනමා නිර්මාණයේ තිබුණ නිර්මාණාත්මක බව. අපි කවුරුත් තාමත් කතාබහ කරන මේ නිර්මාණය බිහිවීම පිටිපස්සෙ තියෙන්නේ බොහොම අපූරු කතාවක්. 
 
එවකට අවුරුදු 17ක් වුන පීටර් ජැක්සන් (Sir Peter Robert Jackson) නැමත් තරුණයාට අහම්බෙන් වගේ නරඹන්න ලැබෙනවා රැල්ෆ් බක්ෂි (Ralph Bakshi) කියන නිර්මාණකරුවාගේ ඇනිමේටඩ් ගනයේ චිත්රපටයක් වන ලොඩ් ඔෆ්ද රිංග්ස් කියන චිත්රපටය නැතහොත් කාටුන් චිත්රපටය. මේ නිර්මාණය රස විදින පීටර් ජක්සන් තනිවම කල්පනා කරනවා මේ තරම් විශිෂ්ඨ කතාවක් ඇයි සිනමාපටයකට නගන්න බැරි කියලා. නවසීලන්තයේ වෙලින්ටන් සිට ඕක්ලන්ඩ් වෙත යන පැය දොලහක දීර්ඝ දුම්රිය ගමනක යෙදුන දිනයක පීටර් ජේ.ආර්.ආර් ටොල්කින්ගේ ලෝඩ් ඔෆ්ද රිග්ස් නවකතාව එක දිගටම කියවලා ඉවර කරනවා. මේ පැය දොලහා ඇතුලතම ඔහු සම්පූර්ණයෙන්ම මනසින් මේ කතාව තුළ ජීවත් වෙනවා. කොටින්ම කිවුවොත් ජැක්සන්ගේ නහරවලට පවා මේ කතාව කාවදිනවා. ඔහු දුම්රිය ගමන නිමා කරන්නේ කෙදිනකහෝ මේ කතාව සිනමාවට නගනවා කියන දැඩි අධිෂ්ධානයෙන්. ඔහුගේ ජීවිතේ මූලිකම අරමුන මේක කිවුවත් වැරදි නෑ.
 

 
 
 
පීටර් මේ වෙනුවෙන්ම සිනමා කර්මාන්තය ඉගෙනගන්නවා. ඒ වෙනුවෙන් වසර ගණනාවක් කැප කරනවා. විවිධ නිර්මාණ තුළින් චිත්රපට නිර්මාණය කිරීමට සුදුසුකම් ලබාගන්නා පීටර් තමන්ගේ හීනය වෙත පිය නගන්න උත්සාහා කරනවා. ඔහු තමන්ගේ සගයෙකුත් සමග හොලිවුඩ් වල මිරාමැක්ස් නැමති ආයතනයට යනවා. ආයතනයට මේ කතාව ගැන කරන දීර්ඝ පැහැදිලි කිරීමකට පස්සෙ ඔවුන් කැමති වෙනවා මේ නිර්මාණය කරන්න. පීටර්ට මීලගට තිබුන කටයුත්ත තමයි මේ කතාවේ කතෘ අයිතිය ලබා ගැනීම. ඒ වෙනකොට මෙහි අයිතිය තිබුනේ සෝල් සෙන්ඩර්ස් කියන පුද්ගලයට. ඒ වෙනුවෙන් කටයුතු කරගෙන යන අතරතුරම යුනිවර්සල් ආයතනය පීටර්ට කතා කරනවා කිංග් කොංග් කියන චිත්රපට නිර්මාණය කරන්න. පීටර් විශ්වාස කරනවා කිංග් කොංග් නිර්මාණය සාර්ථකව නිම කලොත් තමන්ගෙ හීනය හැබෑ කරගන්න ඒක උදව්වක් වෙයි කියලා. නමුත් මිරාමැක්ස්ලා ඒකට කැමති වෙන්නෙ නෑ. කොහොම හරි මාස 6ක උත්සාහයකින් පස්සේ ලෝඩ් ඔෆ් ද රිග්ස් සදහා කතෘ අයිතිය පීටර් විසින් ලබා ගන්නවා. මිරාමැක්ස්ලා අන්තිමේදි මිලියන 75ක වියදමකින් සහ චිත්රපට දෙකකින් මේ නිර්මාණය නිම කිරීමට එකග වෙනවා. 
 
අවුරුද්දකට වැඩි කාලයක් කැප කිරීමෙන් පීටර් සහ තමන්ගෙ සගයා වෙච්ච වොල්ෂ් එක්ක මේ තිර පිටපත ලියනවා. ඒත් එක්කම රෑගතකිරීම් පටන් ගන්නවා. මෙහි රූගතකිරීම් වලට තෝරගන්නේ තමන්ගේ උපන්රට වෙච්ච නවසීලන්තය. ටික කාලයක් ගත වුනායින් පසු මිරාමැක්ස් ආයතනයෙන් තමන්ගේ නියෝජිතයන් පිටත් කරනවා මෙහි ප්රගතිය නිරීක්ෂණය කිරීමට. එම නියෝජිතයන්ට වැටහෙනවා මේ නිර්මාණය අවසන් කිරීමට නම් මිලියන 150ක් වියදම් වෙන බව. නමුත් මිරාමැක්ස් අනුමත විදයම මිලියන 75කි. තමන්ට ඒ වන විටත් මිලියන 15ක් වියදම් වී ඇති නිසා එක් චිත්රපටයකින් මෙ නිර්මාණය අවසන් කිරීමට තීර්ණය කරනවා. මේ නිසා මිරාමැක්ස් තමන්ගේ යෝජනාව පීටර්ට ඉදිරිපත් කරනවා. ඒ අනූව හෙල්ප්ස් ඩීප් වල මහා යුද්ධය, ග්රී වල ගැටුම සහ මොරියා වල ගැටුම සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. එසේ වුනා නම් සරුමාන් කියන චරිතය මෙන්ම ගස් ගොපල්ලන්ගේ අපි ආදරය කරපු සටන සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. නුමත් පීටර් තමන්ගේ හීනය මේ විදියට විනාශ කරගන්න කැමති වුනේ නැහැ. ඒ නිසා ලෝක සිනමා ඉතිහාසයේ වැදගත්ම තීරණයක් ගනිමින් පීටර් මිරාමැක්ස්ලාගෙන් ඉවත් වෙනවා. නමුත් මිරාමැක්ස් ඔවුන් සමග මෙතෙක් කල සියලුම නිර්මාණ පවරා ගන්නවා. 
 
තමන්ගේ සටන ලෙහෙසියෙන් අත් නොහරින පීටර් සති හතරක් තිස්සේ තමන්ගේ මේ කතාවත් අරගෙන නිෂ්පාදකයන් ලගට යනවා. නිෂ්පාදකයන් සිය ගණනක් අතින් ඔහු ප්රතික්ෂේප වෙනවා. නමුත් අවසානයේදී නිව් ලයින් සිනමා (New Line Cinema) ආයතනයේ මාක් ඔඩෙස්කි (Mark Lowell Ordesky) එකගතාවය පල කරනවා මේ නිර්මාණය කරන්න. ඔහු පීටර්ට යෝජනා කරනවා නව කතාවේ පොත් තුනක් ඇති නිසා චිත්රපට තුනක්ම කිරීමට. මෙයින් සතුටට පත් පීටර් නැවතත් තිර පිටපත ලිවීමට ආරම්භ කරනවා. මෙහිදී පීටර් තෝරගන්නේ මූලිකවම පෝඩෝගේ ගමන් මගයි. මෙහි අවසානයේ රජු බවට පත් වන ඇරගොන්ගේ ගමන් මග මොහු ගෙන එන්නේ අතුරු ගමනක් ලෙසයි. 
 
විශාල කැපකිරීම් බොහොමයකට පස්සෙ නැවතත් පීටර් තමන්ගේ මවු රටට යනවා චිත්රපටයේ හැබෑම රූපගතකිරීම් ආරම්භ කරන්න. නවසීලන්ත හමුදාවේ උදව්වෙන් ඔහු ෂයර් ගම්මානය නිර්මාණය කරගන්නවා. ඒ වගේම විවිධ ආයතන වල උදව්වෙන් මේ සදහා ඊතල දස දහසක්, දුනු පන්සියයක්, පලිහ දස දහසක් හා යුධ ආවරණ 48000ක් නිර්මාණය කරනවා. චිත්රපටය සදහා ඇදුම් ආයිත්තම් දහනව දහසක් පමණ නිර්මාණ කරනවා. ඒ වගේම විවිධ ස්ථාන 150ක පමණ රූගතකිරීම් සිදු කරනවා. ඒ සමහර තැන් වලට කිසිම වාහනයකට ළගාවිය නොහැකි වුනා. ඒ නිසා සියලුම උපකරන රැගෙන අති දුෂ්කර පයින් ගමන් වල යෙදෙන්නට සිදු වුනා. මේ වෙනුවෙන් පීටර්ට දිනකට පැය හතරකට වඩා නිදගන්න ලැබුනේ නෑ. මේ නිර්මාණ තුන පුරාම ඔවුන්ට දින 438ක් පුරාවට කිලෝමීටර් 1800ක් ගමන් කිරීමට සිදු වෙනවා. 
 
රූපගත කිරීම් වලින් පසුව තිබෙන වැදගත්ම කාර්යය තමයි සංස්කරණය නැත්තන් එඩිට් කිරීම. මේ කර්තව්යය කොයි තරම් ආමරුද කියනවා නම් මෙහි සංස්කාරක වරුන් බොහොමයකට මානසික ආතතිය හැදීම නිසා මෙයින් ඉවත් වීමට සිදු වුනා. ඒ නිසාම පීටර්ට වරින් වර සංස්කාරක වරුන් වෙනස් කිරීමට සිදු වෙනවා. පළමු චිත්රපයේ ජවනිකා 540ක්, දෙවන චිත්රපටයේ 799ක් සහ තුන්වන චිත්රපටයේ 1488ක් ලෙස මුලු ජවනිකා 2730ක් සංස්කරණය කිරීමට ඔවුන්ට සිදු වුනා. මෙහි එන අමුතු ජාතියේ සත්තු, පසුබිම් ආදිය දැක්කම අපිට හිතාගන්න පලුවන් වැඩේ කොයිතරම් අමාරුද කියලා.
 
මේ චිත්රපටයේ සංගීතය යොදාගැනීම අති විශිෂ්ධයි. පීටර් මේ සදහා විවිධ උපක්රම උපයෝගී කරගෙන තිබෙනවා. මෙහි දෙවන චිත්රපයේ එන උරුකායි හමුදාවේ ශබ්දය ඔහු ලබාගන්නේ අමුතුම ආකාරයකට. මොහු යනවා එක්තරා ක්රිකට් තරගයක් නැරඹීමට. එහි සිටින ප්රේක්ෂකයන් 10000ක් තෝරාගෙන කඩුලු දැවී යාමකදී විශාල ශබ්දයක් නගන ලෙස ඔහු ඉල්ලිමක් කරනවා. ඒ හඩ යුද්ධයේදී උරුකායි හමුදාවේ හඩ ලෙස ඔහු යොදාගන්නවා. එ වගේම තුන්වැනි චිත්රපටයේ එන කැටපෝල වලින් එන ශබ්දය ඔහු ලබා ගන්නේ වැඩබිම් වලට ගොස් විශාල ගල්, දොඹකර වලින් බිමට හෙලීම මගින්.
 
අති විශාල කැපකිරීම් ගණනාවකින් පසුව වසර අටකට පසු මේ චිත්රපටයේ නිෂ්පාදන කටයුතු නිම කරනවා. වර්ෂ 2001 දෙසැම්බර් 19 වනදා පළමු චිත්රපටය එළිදක්වනවා. එය ලෝකය පුරා තිරගත කිරීමෙන් ඩොලර් මිලියන 918කට අධික මුදලක් උපයා ගන්නවා. 2002 දේසැම්බර් 18 වනදා දෙවන චිත්රපටය එළිදක්වනවා. එය ලෝකය පුරා තිරගත කිරීමෙන් ඩොලර් මිලියන 988කට අධික මුදලක් උපයනවා. 2003 දෙසැම්බර් 17 වනදා තුන්වන චිත්රපටය එළිදක්වනවා. එය ප්රදර්ශනයෙන් ඩොලර් බිලියනයකට අධික මුදලක් උපයනවා. චිත්රපට තුනේම මුලු ආදායම ඩොල්ර් බිලියන 2.9කට අධික මුදලක් උපයනවා. නමුත් පීටර්ට මේ සදහා වියදම් වී ඇත්තේ ඩොල්ර් මිලියන 287ක මුදලක් පමනයි. වාර්තා පිට වාර්තා තැබූ මෙය සර්වකාලීනව වැඩිම ආදායම් ලැබූ චිත්රපටය ලෙස සැලකෙනවා.
 
මේ චිත්රපටය නිසා නවශ්රීලන්තය ඉතාමත් ප්රසිද්ධියට පත්වෙනවා. මේ චිත්රපටයට පෙම්බැදි මිලියන ගණන් ප්රේක්ෂකයන් ෂයර් ගම්මානය ඇතුළු රූගතකිරීම් සිදුකල සියලුම ස්ථාන නැරඹීමට පැමිණෙනවා. ඒ නිසාම නවසීලන්තය සංචාරක ආර්ශනය ඉහළින්ම දිනාගත් රටක් බවට පත්වෙනවා. මේ නිසාම පීටර් ජැක්සන්ට කරන ගෞරවයක් ලෙස ඔහුව සර් පීටර් ජැක්සන් නමින් හදුන්වනු ලබනවා.
 

මේ චිත්රපට මාලාවේ විශිෂ්ඨත්වය නිසාම මේ චිත්රපටය ඔස්කාර් සම්මාන ඇතුලුව විවිධ සම්මාන උලෙලවල් වලදී සම්මාන 475කට අධික සංඛ්යාවක් දිනාගනු ලබනවා. මේ සියල්ලක් පිටුපසම පීටර්ගේ අප්රතිහත ධෛර්යය, කැපවීම සහ විශ්වාසය අපිට නිතැතින්ම දැකගත හැකියි. එ නිසාම මේ සාර්ථක නිර්මාණයෙන් අපේ ජීවිත වලට ගත හැකි දේ ද බොහෝය.
 
සටහන - චතුරංග ජයසුන්දර