Sri Lanka

Sunday, January 30, 2022

ලෝඩ් ඔෆ් ද රිංග්ස් (Lord of the Rings) හැදුන හැටි

 


ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවුන විශිෂ්ඨතම සිනමා නිර්මාණය විදියට සැලකෙන්නේ ලෝඩ් ඔෆ්ද රිංග්ස් (Lord of the rings)ය. එසේ වීමට හේතුව තමයි මෙහි එන කතාවේ සුවිශේෂීත්වය වගේම සිනමා නිර්මාණයේ තිබුණ නිර්මාණාත්මක බව. අපි කවුරුත් තාමත් කතාබහ කරන මේ නිර්මාණය බිහිවීම පිටිපස්සෙ තියෙන්නේ බොහොම අපූරු කතාවක්. 
 
එවකට අවුරුදු 17ක් වුන පීටර් ජැක්සන් (Sir Peter Robert Jackson) නැමත් තරුණයාට අහම්බෙන් වගේ නරඹන්න ලැබෙනවා රැල්ෆ් බක්ෂි (Ralph Bakshi) කියන නිර්මාණකරුවාගේ ඇනිමේටඩ් ගනයේ චිත්රපටයක් වන ලොඩ් ඔෆ්ද රිංග්ස් කියන චිත්රපටය නැතහොත් කාටුන් චිත්රපටය. මේ නිර්මාණය රස විදින පීටර් ජක්සන් තනිවම කල්පනා කරනවා මේ තරම් විශිෂ්ඨ කතාවක් ඇයි සිනමාපටයකට නගන්න බැරි කියලා. නවසීලන්තයේ වෙලින්ටන් සිට ඕක්ලන්ඩ් වෙත යන පැය දොලහක දීර්ඝ දුම්රිය ගමනක යෙදුන දිනයක පීටර් ජේ.ආර්.ආර් ටොල්කින්ගේ ලෝඩ් ඔෆ්ද රිග්ස් නවකතාව එක දිගටම කියවලා ඉවර කරනවා. මේ පැය දොලහා ඇතුලතම ඔහු සම්පූර්ණයෙන්ම මනසින් මේ කතාව තුළ ජීවත් වෙනවා. කොටින්ම කිවුවොත් ජැක්සන්ගේ නහරවලට පවා මේ කතාව කාවදිනවා. ඔහු දුම්රිය ගමන නිමා කරන්නේ කෙදිනකහෝ මේ කතාව සිනමාවට නගනවා කියන දැඩි අධිෂ්ධානයෙන්. ඔහුගේ ජීවිතේ මූලිකම අරමුන මේක කිවුවත් වැරදි නෑ.
 

 
 
 
පීටර් මේ වෙනුවෙන්ම සිනමා කර්මාන්තය ඉගෙනගන්නවා. ඒ වෙනුවෙන් වසර ගණනාවක් කැප කරනවා. විවිධ නිර්මාණ තුළින් චිත්රපට නිර්මාණය කිරීමට සුදුසුකම් ලබාගන්නා පීටර් තමන්ගේ හීනය වෙත පිය නගන්න උත්සාහා කරනවා. ඔහු තමන්ගේ සගයෙකුත් සමග හොලිවුඩ් වල මිරාමැක්ස් නැමති ආයතනයට යනවා. ආයතනයට මේ කතාව ගැන කරන දීර්ඝ පැහැදිලි කිරීමකට පස්සෙ ඔවුන් කැමති වෙනවා මේ නිර්මාණය කරන්න. පීටර්ට මීලගට තිබුන කටයුත්ත තමයි මේ කතාවේ කතෘ අයිතිය ලබා ගැනීම. ඒ වෙනකොට මෙහි අයිතිය තිබුනේ සෝල් සෙන්ඩර්ස් කියන පුද්ගලයට. ඒ වෙනුවෙන් කටයුතු කරගෙන යන අතරතුරම යුනිවර්සල් ආයතනය පීටර්ට කතා කරනවා කිංග් කොංග් කියන චිත්රපට නිර්මාණය කරන්න. පීටර් විශ්වාස කරනවා කිංග් කොංග් නිර්මාණය සාර්ථකව නිම කලොත් තමන්ගෙ හීනය හැබෑ කරගන්න ඒක උදව්වක් වෙයි කියලා. නමුත් මිරාමැක්ස්ලා ඒකට කැමති වෙන්නෙ නෑ. කොහොම හරි මාස 6ක උත්සාහයකින් පස්සේ ලෝඩ් ඔෆ් ද රිග්ස් සදහා කතෘ අයිතිය පීටර් විසින් ලබා ගන්නවා. මිරාමැක්ස්ලා අන්තිමේදි මිලියන 75ක වියදමකින් සහ චිත්රපට දෙකකින් මේ නිර්මාණය නිම කිරීමට එකග වෙනවා. 
 
අවුරුද්දකට වැඩි කාලයක් කැප කිරීමෙන් පීටර් සහ තමන්ගෙ සගයා වෙච්ච වොල්ෂ් එක්ක මේ තිර පිටපත ලියනවා. ඒත් එක්කම රෑගතකිරීම් පටන් ගන්නවා. මෙහි රූගතකිරීම් වලට තෝරගන්නේ තමන්ගේ උපන්රට වෙච්ච නවසීලන්තය. ටික කාලයක් ගත වුනායින් පසු මිරාමැක්ස් ආයතනයෙන් තමන්ගේ නියෝජිතයන් පිටත් කරනවා මෙහි ප්රගතිය නිරීක්ෂණය කිරීමට. එම නියෝජිතයන්ට වැටහෙනවා මේ නිර්මාණය අවසන් කිරීමට නම් මිලියන 150ක් වියදම් වෙන බව. නමුත් මිරාමැක්ස් අනුමත විදයම මිලියන 75කි. තමන්ට ඒ වන විටත් මිලියන 15ක් වියදම් වී ඇති නිසා එක් චිත්රපටයකින් මෙ නිර්මාණය අවසන් කිරීමට තීර්ණය කරනවා. මේ නිසා මිරාමැක්ස් තමන්ගේ යෝජනාව පීටර්ට ඉදිරිපත් කරනවා. ඒ අනූව හෙල්ප්ස් ඩීප් වල මහා යුද්ධය, ග්රී වල ගැටුම සහ මොරියා වල ගැටුම සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. එසේ වුනා නම් සරුමාන් කියන චරිතය මෙන්ම ගස් ගොපල්ලන්ගේ අපි ආදරය කරපු සටන සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. නුමත් පීටර් තමන්ගේ හීනය මේ විදියට විනාශ කරගන්න කැමති වුනේ නැහැ. ඒ නිසා ලෝක සිනමා ඉතිහාසයේ වැදගත්ම තීරණයක් ගනිමින් පීටර් මිරාමැක්ස්ලාගෙන් ඉවත් වෙනවා. නමුත් මිරාමැක්ස් ඔවුන් සමග මෙතෙක් කල සියලුම නිර්මාණ පවරා ගන්නවා. 
 
තමන්ගේ සටන ලෙහෙසියෙන් අත් නොහරින පීටර් සති හතරක් තිස්සේ තමන්ගේ මේ කතාවත් අරගෙන නිෂ්පාදකයන් ලගට යනවා. නිෂ්පාදකයන් සිය ගණනක් අතින් ඔහු ප්රතික්ෂේප වෙනවා. නමුත් අවසානයේදී නිව් ලයින් සිනමා (New Line Cinema) ආයතනයේ මාක් ඔඩෙස්කි (Mark Lowell Ordesky) එකගතාවය පල කරනවා මේ නිර්මාණය කරන්න. ඔහු පීටර්ට යෝජනා කරනවා නව කතාවේ පොත් තුනක් ඇති නිසා චිත්රපට තුනක්ම කිරීමට. මෙයින් සතුටට පත් පීටර් නැවතත් තිර පිටපත ලිවීමට ආරම්භ කරනවා. මෙහිදී පීටර් තෝරගන්නේ මූලිකවම පෝඩෝගේ ගමන් මගයි. මෙහි අවසානයේ රජු බවට පත් වන ඇරගොන්ගේ ගමන් මග මොහු ගෙන එන්නේ අතුරු ගමනක් ලෙසයි. 
 
විශාල කැපකිරීම් බොහොමයකට පස්සෙ නැවතත් පීටර් තමන්ගේ මවු රටට යනවා චිත්රපටයේ හැබෑම රූපගතකිරීම් ආරම්භ කරන්න. නවසීලන්ත හමුදාවේ උදව්වෙන් ඔහු ෂයර් ගම්මානය නිර්මාණය කරගන්නවා. ඒ වගේම විවිධ ආයතන වල උදව්වෙන් මේ සදහා ඊතල දස දහසක්, දුනු පන්සියයක්, පලිහ දස දහසක් හා යුධ ආවරණ 48000ක් නිර්මාණය කරනවා. චිත්රපටය සදහා ඇදුම් ආයිත්තම් දහනව දහසක් පමණ නිර්මාණ කරනවා. ඒ වගේම විවිධ ස්ථාන 150ක පමණ රූගතකිරීම් සිදු කරනවා. ඒ සමහර තැන් වලට කිසිම වාහනයකට ළගාවිය නොහැකි වුනා. ඒ නිසා සියලුම උපකරන රැගෙන අති දුෂ්කර පයින් ගමන් වල යෙදෙන්නට සිදු වුනා. මේ වෙනුවෙන් පීටර්ට දිනකට පැය හතරකට වඩා නිදගන්න ලැබුනේ නෑ. මේ නිර්මාණ තුන පුරාම ඔවුන්ට දින 438ක් පුරාවට කිලෝමීටර් 1800ක් ගමන් කිරීමට සිදු වෙනවා. 
 
රූපගත කිරීම් වලින් පසුව තිබෙන වැදගත්ම කාර්යය තමයි සංස්කරණය නැත්තන් එඩිට් කිරීම. මේ කර්තව්යය කොයි තරම් ආමරුද කියනවා නම් මෙහි සංස්කාරක වරුන් බොහොමයකට මානසික ආතතිය හැදීම නිසා මෙයින් ඉවත් වීමට සිදු වුනා. ඒ නිසාම පීටර්ට වරින් වර සංස්කාරක වරුන් වෙනස් කිරීමට සිදු වෙනවා. පළමු චිත්රපයේ ජවනිකා 540ක්, දෙවන චිත්රපටයේ 799ක් සහ තුන්වන චිත්රපටයේ 1488ක් ලෙස මුලු ජවනිකා 2730ක් සංස්කරණය කිරීමට ඔවුන්ට සිදු වුනා. මෙහි එන අමුතු ජාතියේ සත්තු, පසුබිම් ආදිය දැක්කම අපිට හිතාගන්න පලුවන් වැඩේ කොයිතරම් අමාරුද කියලා.
 
මේ චිත්රපටයේ සංගීතය යොදාගැනීම අති විශිෂ්ධයි. පීටර් මේ සදහා විවිධ උපක්රම උපයෝගී කරගෙන තිබෙනවා. මෙහි දෙවන චිත්රපයේ එන උරුකායි හමුදාවේ ශබ්දය ඔහු ලබාගන්නේ අමුතුම ආකාරයකට. මොහු යනවා එක්තරා ක්රිකට් තරගයක් නැරඹීමට. එහි සිටින ප්රේක්ෂකයන් 10000ක් තෝරාගෙන කඩුලු දැවී යාමකදී විශාල ශබ්දයක් නගන ලෙස ඔහු ඉල්ලිමක් කරනවා. ඒ හඩ යුද්ධයේදී උරුකායි හමුදාවේ හඩ ලෙස ඔහු යොදාගන්නවා. එ වගේම තුන්වැනි චිත්රපටයේ එන කැටපෝල වලින් එන ශබ්දය ඔහු ලබා ගන්නේ වැඩබිම් වලට ගොස් විශාල ගල්, දොඹකර වලින් බිමට හෙලීම මගින්.
 
අති විශාල කැපකිරීම් ගණනාවකින් පසුව වසර අටකට පසු මේ චිත්රපටයේ නිෂ්පාදන කටයුතු නිම කරනවා. වර්ෂ 2001 දෙසැම්බර් 19 වනදා පළමු චිත්රපටය එළිදක්වනවා. එය ලෝකය පුරා තිරගත කිරීමෙන් ඩොලර් මිලියන 918කට අධික මුදලක් උපයා ගන්නවා. 2002 දේසැම්බර් 18 වනදා දෙවන චිත්රපටය එළිදක්වනවා. එය ලෝකය පුරා තිරගත කිරීමෙන් ඩොලර් මිලියන 988කට අධික මුදලක් උපයනවා. 2003 දෙසැම්බර් 17 වනදා තුන්වන චිත්රපටය එළිදක්වනවා. එය ප්රදර්ශනයෙන් ඩොලර් බිලියනයකට අධික මුදලක් උපයනවා. චිත්රපට තුනේම මුලු ආදායම ඩොල්ර් බිලියන 2.9කට අධික මුදලක් උපයනවා. නමුත් පීටර්ට මේ සදහා වියදම් වී ඇත්තේ ඩොල්ර් මිලියන 287ක මුදලක් පමනයි. වාර්තා පිට වාර්තා තැබූ මෙය සර්වකාලීනව වැඩිම ආදායම් ලැබූ චිත්රපටය ලෙස සැලකෙනවා.
 
මේ චිත්රපටය නිසා නවශ්රීලන්තය ඉතාමත් ප්රසිද්ධියට පත්වෙනවා. මේ චිත්රපටයට පෙම්බැදි මිලියන ගණන් ප්රේක්ෂකයන් ෂයර් ගම්මානය ඇතුළු රූගතකිරීම් සිදුකල සියලුම ස්ථාන නැරඹීමට පැමිණෙනවා. ඒ නිසාම නවසීලන්තය සංචාරක ආර්ශනය ඉහළින්ම දිනාගත් රටක් බවට පත්වෙනවා. මේ නිසාම පීටර් ජැක්සන්ට කරන ගෞරවයක් ලෙස ඔහුව සර් පීටර් ජැක්සන් නමින් හදුන්වනු ලබනවා.
 

මේ චිත්රපට මාලාවේ විශිෂ්ඨත්වය නිසාම මේ චිත්රපටය ඔස්කාර් සම්මාන ඇතුලුව විවිධ සම්මාන උලෙලවල් වලදී සම්මාන 475කට අධික සංඛ්යාවක් දිනාගනු ලබනවා. මේ සියල්ලක් පිටුපසම පීටර්ගේ අප්රතිහත ධෛර්යය, කැපවීම සහ විශ්වාසය අපිට නිතැතින්ම දැකගත හැකියි. එ නිසාම මේ සාර්ථක නිර්මාණයෙන් අපේ ජීවිත වලට ගත හැකි දේ ද බොහෝය.
 
සටහන - චතුරංග ජයසුන්දර

No comments:

Post a Comment