සීතාවක රාජසිංහ රජු කුඩා අවධියේ පටන්ම යුද්ධයට දක්ෂයෙකි. සොළොස්විය පැමිණෙන විට හේ අංගම් ශිල්පයෙහි කෙළ පැමැණියෙකි. දක්ෂ සංවිධාන ශක්තියක් තිබූ සෙන්පතියෙකි. නමුත් කුඩා කල සිටම පැවති පෘතුගීසි බලපෑම් නිසා යුධ ශිල්පය ප්‍රගුණ කලා මිස ඔහුට ශාස්ත්‍රීය දැනුම වර්ධනය කරගැනීමට හෝ අධ්‍යාත්මික ස්ංවර්ධනය ඇති කරගැනීමට හෝ කාලයක් නොවිනි. රජ කෙනෙකු ලෙස මෙම කාරණා ඔහු සතුව පැවති අඩුපාඩු කම්ය. ඉක්මනින් කෙන්ති යාමත්, ඉවසීමක් නැති කමත් කපටි මිනිසුන්ට රැවටීමත්. ඒකාධිපති ගතිගුණ නිසා සතුරන් වැඩි කරගැනීමත් ඔහුව විනාශය කරා ගෙන යාමටද හේතු විය.
සීතාවක රජු සහ ඔහුගේ බිසව වූ සත්සිය වරිගෙයි සුමනා
යන දෙපලට කුමාරවුරුන් තිදෙනෙක් සහ කුමාරිකාවන් දෙදෙනෙකු විය. මෙයින් වැඩිමල් කුමරු
මහරදගුරු බණ්ඩාර අවුරුදු විස්සේ දී මිය ගියේය. දෙවැනියා වූ තිඹිරිපොළේ මහරදගුරු
බණ්ඩාරව වීදිය බණ්ඩාර විසින් සටනකදී
කුමන්ත්‍රනයකින් ඝාතනය කළේය. බාල පුතනුවන් වූ සන්තාන බණ්ඩාර උපතින් බකල කුමරයෙකු
විය.
මෙම හේතූන් නිසා සීතාවනක කිරුළ මීළගට
හිමිවන්නේ කාටද යන පැණය ඇති විය. සීතාවක රාජසිංහ කුමරු නොහොත් ටිකිරි කුමරු
මායාදුනේ රජුගේ පුත්කුමරුවෙකු නොවීය. ඔහු මායාදුන්නේ රජුගේ අග බිසව වූසත්සිය වරිගෙයි
සුමනා දේවිය හා රාජ මාළිගාවේ සිටි හින්දු පූසාරියෙකු වූ පෙට්ටියාගොඩ පත්තාමේස්ත්‍රී
රාජවන්නියාර් මුදියන්සේ නැමති පුද්ගලයා අතර ඇතිවූ අනියම් සබදතාවයකින් උපන්
දරුවෙකි. නමුත් මායාදුන්නේ රජු යුධ ශිල්පයට උපන් හපන්කම් දැක්වූ ටිකිරි කුමරාට
බෙහෙවින් ඇලුම් කලේය. එබැවින් මායාදුන්නේ රජුගේ ආදරනීය පුතු
වූ ටිකිරි කුමරාට මායා දුන්නේ රජුගෙන් පසුව රජකම හිමිවීම ගැන කිසිදු විවාදයක්
පැවතියේ නැත.
නමුත් ටිකරි කුමරු සහ මායාදුනේ රජු පිළිබදව ඉතාමත් අවාසනාවන්ත කතාවක් ජනප්‍රවාදයෙන්
අසන්නට ලැබේ. එනම් ටිකිරි කුමරු අතින් මායාදුන්නේ රජතුමන් ඝාතනය වීමය. පෘතුගීසි
ලේඛකයින් දක්වන ආකාරයට සිතා මතා පිය රජතුමාව ටිකිරි කුමරු විසින් ඝාතනය කළේ නැත.
සිදුවූයේ අත් වැරැද්දකි.
එකල ටිකිරි කුමරු සටන් පුහුණු වන ආකාරය සිත් ඇදගන්නා සුලු එකක් විය. එය බලා
සිටීමට අපූරු හරඹයකි. මුෂ්ටි පහර දෙමින්, කරණම් ගසමින් හරඹපාන කුමරු දැකුම තරම්
මායාදුන්නේ රජුගේ සිතට සතුට ගෙනෙන තවත් කරුණක් නොවීය. මේ නිසා කුමරා හරඹ පුහුණු
වනු පියරජු බලන්නේ කාටත් සොරා සැගවීගෙනය. ඒ තමාගේ පැමිණීමෙන් මේ හරඹ වලට
බාධාවක් වේ යැයි සිතාය.
කුමරු සටන් පුහුණු වූයේ පිදුරු ගොඩවල් වලින් වටවූ
පිටියකය. දිනක් මෙලෙස සටන් පුහුණු වෙමින් සිටින අතර කරණමක් ගසමින් තෝරාගත් ඉලක්ක
වෙත සිරිය නම් කුඩා පිහි විශේෂය විසි කිරීමේ හරඹයක් පුහුණු වෙමින් සිටියේය. ඒ අතර තුර දිස්වූයේ එක් සිරියක් විසිකල පිදුරු ගොඩෙන්
ලේ මතුවන බවකි.
සටන් පුහුණුව නතර කල කුමරා සහ පිරිස එය පරික්ෂා
කළේය. එතැන සිටි කවුරුත් විෂ්මයට පත්වූයේ මායාදුන්නේ රජු ඒ පිදුරු ගොඩේ සැගවී සිට
රහසේ සටන් පුහුණුව නරඹද්දි, සිරි පහරට ගොදුරුව මිය ගොස් සිටින බව දැකිමෙන්ය.
රජුගේ මරණයෙන් ටික කලකට පසුව ටිකිරි කුමරු රාජසිංහ
නමින් සීතාවක සිංහසනාරූඩ විය. නමුත් රජුගේ සිත මහත් සොවින් සහ අනන්තරිය පාප කරමයක්
සිදු කළේය යන සිත් තැවුලෙන් පිරී තිබුණි. එතුමාගේ සිත සැනසීමට ධාර්මික පැහැදීමක්
ඇති කිරීමට දක්ෂ භික්ෂුන් වහන්සේ නමක් නොවීම මහත් අඩුපාඩුවක් විය. එය මහත්
විනාශයකට මග පෑදීය.
රජුගේ මෙම කෙඩාවැටුණ මානසිකත්වයෙන් ප්‍රයෝජන ගත්
අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් නැමැති කපටි හින්දු පූසාරියෙක් රජුගේ සිත දිනා ගත්තේය.
මෙය මහා පාපකර්මයක් බවත් මෙයින් මිදීමට නම් දෙවියන් සතුටු කිරීමට මහා යාගයක් කළ
යුතු බවත් ඒත්තු ගැන්වීමට හෙතෙම සමත් විය.
මේ කපටි කට්ටඩියා අවම වශයෙන් මන්ත්‍ර දත්තෙක් හෝ
නොවීය. හෙතෙම සීතාවක ගඟ මැදට පහුරකින් ගොස් රාජා හෝ මා හෝ ගංගාහෝ යැයි කියමින්
මතුරන්නට විය. අන්තිමේදී රජුගේ ධරුණු අපලය නැති කිරීමට ගඟ නැසීමට තීරණය විය. ආඩිගුරා මැතිරූ ස්ථානයෙන් සීතාවක ගඟ ගොඩකර ගඟ වෙනත් දිසාවකින් යෑමට සලස්සා බරැණ්ඩි
කෝවිල තැනු බව කියවේ.
බැරැන්ඩි කෝවිල තැනීම ආරම්භ කර ඇත්තේ, ක්‍රි.ව. 1582 දී ය. බැරැන්ඩි, එසේත් නැත්නම් බයිරැන්ඩි යනු ශිව දෙවියන් සඳහා යෙදෙන පර්යාය වදනකි. ඒ අනුව
ශිව දෙවියන් උදෙසා ඉතාමත් ම අලංකාර අයුරින්, මහල් හතකින් යුතුව ඉදි කිරීම් ඇරැඹූ
බැරැන්ඩි කෝවිල, රජු මිය යනතුරු ද තනා නිම කිරීමට නොහැකිව තිබේ. මිනිසුන් 2000ක් යොදා ගනිමින්, වසර 20ක් පුරා තැනූ මේ දෙවොල, කවදාකවත් සකසා නිම කළ නොහැකි වන පරිදි
සැකසීමට අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් කටයුතු කර ඇති බව සඳහන් වේ. 'රාජා හෝ මා හෝ
ගංගා හෝ 'යන ප්‍රකට කියමන මඟින් කියැවෙන්නේ ද , රජු මියගිය පසු හෝ තමන් මියගිය පසු හෝ
ගඟ පිටාර ගලා ගොඩනැංවීම අතැර දැමීම සිදුවිය යුතු බව ය.
ඉතා අලංකාර කැටයම් වලින් යුතු මෙහි මධ්‍යයේ
ශිව ලිංගය තබා තිබූ බවට සාක්ෂි හමුවේ. සීතාවක ගඟ මට්ටමේ සිට මළු පහක් පිහිටන ලෙස
සකසා තිබූ මෙහි කෝවිල පිහිටන්නේ පස්වැනි මළුවේය. අක්කර දොළහක පමණ පැතිරී ඇති මෙම පරිසරය සලකා
බලන විට මේ සදහා කළු ගල් ලබාගත් ස්ථානයක් ඒ අසළින් හමු නොවේ. එම නිසා මෙම නිර්මාණය
සදහා කළු ගල් ගඟ ඉහළ සිට ගඟ දිගේ ගෙනැවිත් ඇති බවට විශ්වාස කෙරේ. වර්ෂ 1581
ලියැවුන අලගියවන්න මුකවෙටි තුමාගේ සැවුල් සංදේශයේ එන සැවුලා රත්නපුරය බලා ගමන්
ගමන් අරඹන්නේද බැරැන්ඩි කෝවිලෙනි.
ඉංග්‍රීසීන් විසින් අවිස්සාවේල්ල දුමරිය
මාර්ගය තැනීම සදහා මෙම කොවිල භූමියෙන් ගළු ගල් රැගෙන ගිය බව එච්.සී.පී බෙල් මහතාගේ
කෑගලු වාර්තාවේ සදහන් වේ. තනි කලුගලින් නිර්මාණය කර තිබූ මෙම කෝවිල විදේශිකයන්ගේ
බලපෑම නිසා මෙසේ විනාශ වී තිබූ අතර පසුව වර්ෂ 2005 දී පමණ ඉතිරිව තිබූ කළුගල්
නිර්මාණ සහ ගඩොල්ද යොදාගෙන ප්‍රතිසංස්කරණය කර ඇත.
සටහන - චතුරංග ජයසුන්දර