Sri Lanka

Sunday, December 17, 2023

උඩරට මැණිකේ 9

 


පෙර ලපිය උඩරට මැණිකේ 8

වේයන්ගොඩ දුම්රිය ස්ථානය

ගම්පහ සිට ඉදිරියට යන උඩරට මැණිකේ දුම්රියට දාරළුව, බෙම්මු, මගලේගොඩ, හීන්දෙනිය-පට්ටියගොඩ යන දුම්රිය ස්ථාන වට පසුව හමුවන්නේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයයි. වේයන්ගොඩ දුම්රිය ස්ථානය කොඹ කොටුවේ සිට කිලෝ මීටර් 38.3ක් දුරින් පිහිටා ඇති අතර මුහුදු මට්ටමේ සිට මීටර් 18.59 උසින් පිහිටයි. මෙය මුින්ම ඉදි කරන ද දුම්රිය ස්ථාන පහෙන් එකකි. මු්ම දුම්රිය ගමන සිදුවූ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයෙකු ලෙස බෙල්ජියමේ ඔටුන්න හිමි කුමරු වන බ්රැබන්ට් ආදිපාදවරයා වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් එකතු විණි. ඔහු අඹේපුස්සට ගමන්කොට නැවතත් එම දුම්රියෙන්ම කොළඹට පැමිණියේය. ඔහුත් සමග ලංකාවේ සිටි මේජර් ජෙනරාල් O'Brien සහ ඒ කාලයේදී ආණ්ඩුකාරවරයා නොමැති විට රටේ පාලන නිලධාරියා වූ Charles MacCathy ත් මේ මංගල දුම්රිය ගමනට සහභාගී වී ඇත. වේයන්ගොඩ දුම්රිය ස්ථානය කොඹ කොටුවේ සිට අපට හමු වන 20වන දුම්රිය ස්ථානයයි. මෙම දුම්රිය ස්ථානයද විවෘත කරනු බන්නේ වර්ෂ 1864 දෙසැමිබර් මස 27 වැනි දිනය.

 

වේයන්ගොඩ පැරණි දුම්රිය ස්ථානය

වේයන්ගොඩ දුම්රිය ස්ථානය අද


 

මීරිගම දුම්රිය ස්ථානය


වේයන්ගොඩ දුම්රිය ස්නයෙන් පසුව වදුරව, කීනව, පල්ලෙවෙල, ගනේගොඩ හා විජය රජදහන යන දුම්රිය ස්ථාන පසු කරන දුම්රිය මීගට පිවිසෙන්නේ මීරිගම දුම්රිය ස්ථානයටයි. මෙම දුම්රිය ස්ථානය මුින්ම ඉදික දුම්රිය ස්ථානයක් නොවේ. නමුත් වර්ථමානයේ මෙම දුම්රිය ස්ථානය වැදගත් දුම්රිය ස්ථානයකි. බොහෝ සීඝ්‍රගාමී දුම්රියන් මෙහි නවත්වයි. වර්ෂ 1867 වර්ෂයේ විවෘත කර ඇති මෙම දුම්රිය ස්ථානය කොඹ සිට හමුවන 26 වන දුම්රිය ස්ථානයයි. කොඹ සිට කිලෝ මීටර් 51.04ක් දුරින් පිහිටි මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 50ක් උසින් පිහිටයි.

මීර්ගම දුම්රිය ස්ථානය


 

මීරිගම පසු කරත්ම මීළගට දුම්රිය ඉතිහාසයේ තවත් වැදගත් සිදුවීමක් සිදු වූ දුම්රිය ස්ථානයකට පැමිණෙයි. ඒ විල්වත්ත දුම්රිය ස්ථානයයි. මෙම දුම්රිය ස්ථානය අසලදී මගීන් හතලිහකට වැඩි පිරිසකට මරු කැදවමින් ඉන්දු සිලොන් නයිට් මේල්දුම්රිය පීලි පැනීමක ලක් විය. එහි වගතුග පිළිබදවත් තොරතුරු දැනගැනීම වැදගත් වේ.

 

ඉන්දු සිලෝන් නයිට් මේල් දුම්රිය ඇරඹුන අයුරු

 

දහ නව වන සියවස අග භාගය වන විට ලංකාවේ තේ වගාව ඉතාමත් සාර්ථකව සිදු කෙරුණි. ඉංග්‍රීසි ජාතික වැවිලි කරුවන් විසින් තව තවත් කැලෑ එළිපෙහෙලි කරමින් ආරම්භ කල නව තේ වතු සදහා වැඩි වැඩියෙන් සේවක පිරිස් අවශ්‍ය විය. ශ්‍රී ලාංකිකයන් සුද්දන්ගේ තේ වතු වල වැඩ කිරීමට තිබූ අකමැත්තද එයට හෙතුවක් විය. මේ නිසා වතු හිමි කරුවන්ට දකුණු ඉන්දියානු ද්‍රවිඩ කම්කරුවන් ගෙන ඒමට සිදු විය. මුලින් එය සිදු වූයේ ඉන්දියාවේ තූත්තුකුඩි වරායට රැගෙන එන කම්කරුවන් දුම් බෝට්ටු මගින් කොළඹට රැගෙන ඒමයි. නමුත් තූත්තුකුඩියේ සිට කොළඹට කිලෝමීටර් 270ක දුරක් ගෙවා ඒමට සිදු විය. මෙය වැඩි කාලයක් සහ වැඩි මුදලක් වැය වන කටයුත්තකි.

 

මේ හේතූන් නිසා ඉංග්‍රීසි ජාතිකයන්ට වෙනත් විකල්පයක් පිළීබදව සොයා බලන්නට සිදු විය. ඒ වන විටත් තලෙයි මන්නාරම දක්වා දුම්රිය මාර්ගය ඉදි කර තිබුනි. ඉන්දියාවේ පම්බන් දූපතට අයත් ධනුෂ්කොඩි සිට තලෙයිමන්නාරම දක්වා ඇත්තේ කිලෝමීටර් 32ක් පමණ නිසා, බ්‍රිතාන්‍ය ජාතිකයින් සැලසුම් කලේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මණ්ඩපම් නගරයේ සිට පම්බන් දූපත දක්වා මුහුදෙන් කිලෝමීටර් 2වඩා වැඩි දිගකින් යුත් දුම්රිය පාලමක් ඉදිකර කම්කරුවන් ධනුෂ්කොඩි දක්වා දුම්රියෙන් ප්‍රවාහනය කර එතැන් සිට දුම් බෝට්ටු මගින් තලෙයි මන්නාරම දක්වා මුහුදෙන් ප්‍රවාහනය කර නැවතත් තලෙයි මන්නාරම සිට දුම්රියෙන් ප්‍රවාහනය කිරීමයි.

 

වර්ෂ 1911 අගොස්තු මාසයේ දී දුම්රිය පාලම ඉදිකිරීම ආරම්භ වුවත් එය එතරම් පහසු කටයුත්තක් නොවුනි. නමුත් බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන්ට පසුව එක්වූ ජර්මන් ජාතික ඉංජිනේරුවෙකු වූ Scherzer විසින් සාර්ථකව ඉදිකිරීම් කටුයුතු සිදු කළේය. වර්ෂ 1913 අග භාගය වන විට ඉදිකිරීම් කටයුතු අවසන් වුවද එය විවෘත කරනු ලැබුවේ 1914 පෙබරවාරි 24 වැනිදාය. එම පාලමේ දිග කිලෝමීටර් 2.065ක් විය.

 

ඉන්දියාම හා ලංකාව යා කල දුම්රිය හා බෝට්ටු සේවයේ ගමන් මග

පාලම විවෘත කල දිනම එනම්  1914 පෙබරවාරි 24 වැනිදාම ඉනිදියාව සහ ලංකාව අතර ඉන්දු ලංකා මුහුදු තැපෑල ආරම්භ කරනු ලැබීය. එය හදුන්වා ඇත්තේ ඉන්දු - සිලොන් නයිට් මේල් යනුවෙනි. මෙම දුම්රිය සහ නාවුක ඒකාබද්ධ සේවාව මගින් ඉන්දියාව සහ ලංකාව අතර භාණ්ඩ සහ මගීන් ප්‍රවාහනය සිදු විය.

 

ඉන්දු සිලොන් මුහුදු තැපෑල ඇරඹුන දා

රාමේෂ්වරම් වෙත පැමිණි දුම්රියක්

1964 වර්ෂය ඉන්දු ලංකා මුහුදු තැපෑලට එතරම් සුභදායක වසරක් නොවීය. ඉහත මුලින් සදහන් කල දුම්රිය අනතුරත් සුළි සුළගක් නිසා දුම්රිය මාර්ගයේ පම්බන් පාලම ඇතුළු කොටසක් විනාශ වීමත් සිදුවූයේ මෙම වසරේදීය. වර්ෂ 1964 ඔක්තෝඹර් මස 16 වන දින රාත්‍රී 9.05ට සුපුරුදු පරිදි අංක 400 දරණ ඉන්දු සිලොන් නයිට්මේල් දුම්රිය තලෙයි මන්නාරමේ සිට කොළඹ බලා ගමන් ආරම්භ කර ඇත. සුපුරුදු පරිදි මැදවච්චිය, අනුරාධපුරය, මහව හංදිය සහ කුරුණෑගල යන දුම්රිය ස්ථාන වලින් භාණ්ඩ සහ මගීන් පටවාගෙන පැමිණි දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ මගීන් සහ භාණ්ඩ පටවාගැනීම සදහා විනාඩි නවයක් පමණ නවත්වා තිබී ඇත. පසුව ගමන් ඇරඹූ මෙම දුම්රිය පෙරවරු 6.45ට පමණ විල්වත්ත දුම්රිය ස්ථානයට නුදුරු දුම්රිය හරස් මාර්ගය අසලදී පීලි පැනීමෙන් අනතුරට ලක් විය.

 

අනතුර පිළිබදව එකල පුවත්පතක පලවූ ලිපියක්

අනතුරට පත් දුම්රිය නැවත පීලි ගත කරන අයුරු

අනතුරට පත් දුම්රිය නැවත පීලි ගත කරන අයුරු


අනතුරට පත් දුම්රිය නැවත පීලි ගත කරන අයුරු


අනතුරට පත් දුම්රිය මාර්ගය සහ දුම්රිය මැදිරි

අනතුරට පත් දුම්රිය මැදිරි

අනතුරට පත් දුම්රිය මැදිරි


අනතුරට පත් දුම්රිය මැදිරි


මෙම දුම්රියේ මැදිරි සියල්ලක්ම තනා තිබී ඇත්තේ ලී වලිනි. මෙය මැදිරි 16කින් සමන්විත වී තිබූ අතර මගී මැදිරි මෙන්ම භාණ්ඩ ප්‍රවාහන මැදිරිද බොහොමයක් තිබී ඇත. භෝජනාගාර මැදිරිය මෙන්ම නිදන මැදිරියක්ද මෙහි ඇතුළත්ව තිබී ඇත. එමෙන්ම කොළඹ දක්වා ප්‍රවාහනය කරමින් තිබූ මාළු තොගයක්ද එළුවන් වැනි සතුන්ද ප්‍රවාහනය කරමින් තිබී ඇත. මෙම බිහිසුනු අනතුරින් දුම්රිය මාර්ගයේ මීටර් පන්සියයක් පමණ වනාශ වී තිබූ අතර මගීන් 40ක් පමණ ජීවිතක්ෂයට පත්වී සිය දෙනෙකු පමණ බරපතල තුවාල ලබා ඇත.

 

ඉන්දු සිලොන් මුහුදු තැපෑලට දෙවන විනාශය සිදුවූයේ එම වසරේම දෙසැම්බර් මාසයේදීය. එනම් 1964 දෙසැම්බර් 19 වනදා ය. දෙසැම්බර් 18 වන දින දකුණු අන්දමන් දූපත් වලින් ඇරඹි සුළි සුළග දෙසැම්බර් 19 වැනිදා පැයට කිලොමීටර් 260 පමණ වේගයෙන් පම්බන් වෙත කඩා වැදී ඇත. එම නිසා ධනුෂ්කෝඩ් නගරයත් දුම්රිය මාර්ගයත් සම්පූණයෙන්ම විනාශ වී ගියේය. මේ නිසා ඉන්දු සිලොන් මුහුදු තැපෑල සම්පූණයෙන්ම නැවතුනු අතර විනාශ වී ගිය මාර්ගය නැවත පිළිසකර කර සේවය ආරම්භ කිරීමට වසර පහක් පමණ ගත විය. නමුත් දෙවන වර දුම්රිය පැමිණියේ ධන්ෂ්කොඩි වෙත නොව රාමේෂ්වරම් වෙත පමණයි. රාමේෂ්වරම් සිට තලෙයි මන්නාරම දක්වා මුහුදෙන් ගමන් කිරීමට වැඩි කාලයක් ගත වීම නිසා කොළඹ සිට මදුරාසිය දක්වා ගමන් කිරීමට පෙරට වඩා වැඩි කාලයක් ගත විය.

 

අනතුරට පත් පම්බන් පාලම සහ මාර්ගය

සුළිසුළග නිසාඅනතුරට පත් දුම්රියක්

වර්ෂ 1983 වන විට උතුරේ යුධ ගිණිදැල් පැතිර යන්නට විය. මිලේච්ඡ LTTE ත්‍රස්ථවාදීන් විසින් කොළඹ සිට යාපනයේ කන්කසන්තුරේ බලා ධාවනය වූ යාල්දේවි දුම්රියට කිහිප විටක්ම ප්‍රහාර එල්ල කලහ. එම නිසා උතුරු දුම්රිය වව්නියාව දක්වා පමණක් සීමා විය. එමෙන්ම ඉන්දු ලංකා මුහුදු තැපෑලද පවත්වාගෙන යාම අවධානම් සහිත බව බලධාරීන් නගමනය කල නිසා වර්ෂ 1985 මෙම සේවය සම්පූර්ණයෙන්ම නවතා දමන ලදී.

 

නැවතත් උඩරට මැණිකේ දුම්රියේ

 

විල්වත්ත දුම්රිය ස්ථානය පසු කරන අපිට මීලගට හමුවන්නේ බෝතලේ සහ අඹේපුස්ස දුම්රිය ස්ථානයයි. බෝතලේ සහ විල්වත්ත දුම්රිය ස්ථානය අතර මැදදී දුම්රිය මාර්ගයේ තවත් සුවිශේෂී ස්ථානයකට පිවිසේ. එනම් බෝතලේ උමගයි.

 

බෝතලේ දුම්රිය උමග

 

බෝතලේ දුම්රිය උමග මෙරට දුම්රිය ඉතිහාසයේ හමු වන ප්‍රථම දුම්රිය උමගයි. එමෙන්ම මෙය දුම්රිය මාර්ගයේ හමු වන එකම ද්විත්ව උමගයි. වර්ෂ 1864 නමවා ඇති මෙම පළමු දුම්රිය උමග දිගින් අඩි 581ක් පමණ වේ. උඩරට මාර්ගයේ දුම්රිය බිංගෙවල් අංක ගත කිරීමේ දී මෙයට අංක 01 හිමි වී ඇත. පසුව 1925 කොළඹ සිට පොල්ගහවෙල දක්වා ද්විත්ව මාර්ගය ඉදි කිරීමේ දී මැතැන තවත් උමගක් ඉදිකර තිබේ. එය දිගින් අඩි 400ක් පමණ වේ. එය අංක 01-A ලෙස නම් කර ඇත. මෙය දුම්රිය මාර්ගයේ උසින් වැඩිම බිංගෙය ලෙස සැලකේ.



බෝතලේ දුම්රිය උමග

බෝතලේ දුම්රිය උමග

බෝතලේ දුම්රිය උමග

බෝතලේ දුම්රිය උමග

බෝතලේ දුම්රිය උමග

 


බෝතලේ ප්‍රදේශය අවට ඓතිහාසික ස්ථාන බොහොමයක් පවතින බැවින් ඒවා ගැන කතා නොකරම බැරිය. එම නිසා ඒවායින් කිහිපයක් ගැන තොරතුරු සොයා බලමු.

 

බෝතලේ ශ්‍රී ගෝඨාභය රජමහා විහාරය

 

බොතලේ රජමහා විහාරය ශතවර්ෂ 17කට වඩා පැරණිය. එය ඉදිකරන ලද බවට සැලකෙන්නේ ගෝඨාභය රජු විසින්ය. මෙම විහාරය ඉදිකිරීම පිළිබදව ජනප්‍රවාදයක් ඇත. සිරිසගබෝ රජු හිස දන්දුන් ස්ථානය පිළිබදව විවිධ ජනප්‍රවාද පවතී. එය සිදුවූයේ හත්තිකුච්චියේ හෝ අත්තනගල්ලේ දී දැයි පැහැදිලි සදහනක් හමු නොවේ. මෙම විහාරය ඉදිකිරීම පිළබද කතාවට සම්බන්ධ වන්නේ අත්තනගල්ලයි.


අත්තනගල්ලේ සිරිසගබෝ රජු හිස දන්දුන් ස්ථානයේ විහාරයක් ඉදිකිරීමට ගෝඨාභය රජුට සිතක් පහල වී ඇත. ඒ සදහා අවශ්‍ය බඩුබාහිරාදියත් ජය ශ්‍රී මහා බෝධියේ අංකුරයකුත් රැගෙන රජු ඇතුළු පිරිස ගමන් ආරම්භ කර ඇත. ගමන තරමක් දුර වූ බැවින් වැහැරපොළ නම් ගමට පැමිණෙන විට රාත්‍රිය උදා විය. ඒ නිසා පිරිස එහි නතර වීමට සූදානම් වී ඇත. ජය ශ්‍රී මහා බෝධි අංකුරය සහිත පාත්‍රය උස බිම් තලයක තබා පිරිස ඒ අසළ රාත්‍රිය ගත කර ඇත. පසුවදාට පහන් වී රජු ඇතුළු පිරිස බෝ අංකුරය පිළිබදව සොයා බලන විට පිරිස පුදුමයට පත් කරමින් එය බහා තිබූ පාත්‍රය පලාගෙන එක් රැයකින්ම මුල් ඇද එහිම රෝපණය වී තිබිණ. මෙයින් ප්‍රීතියට පත්වූ රජු බෝ පැළය ඉවත් නොකරන ලෙස පිරිසට දන්වා  එහිම විහාරයක් තනවා බෝධියට සත්කාර කිරීමට කටයුතු සලස්වා ඇත. බොධිය එම උස් තලයේ රෝපණය වූ නිසා මෙම ප්‍රෙද්ශය මුලින්ම බෝධිතලය ලෙස නම් කර ඇති අතර පසුව බෝතලය වී බොතලේ බවට පරිණාමය වී ඇත. මෙම විහාරය මුලින්ම ගෝඨාභයාරාමය ලෙස හදුන්වා ඇති අතර පසුව බෝතලේ ශ්‍රී ගෝඨාභය රජමහා විහාරය ලෙස නම් කර ඇත.

බෝතලේ ශ්‍රී ගෝඨාභය රජමහා විහාරය


 


බෝතලේ ඉපැරණි ගල් පාලම

 

මෙම ගල් පාලම කුඩා ඔය නැමති කුඩා ඇලක් හරහා ගම්මාන කිහිපයක් දෙපස සම්බන්ධ කිරීම සඳහා ඉදිකර ඇති පැරණි පාලමකි . මේ සදහා කළුගල් කුටිටි භාවිතා කර ඇත. බෝතලේ - මඩබාවිට මාර්ගයේ පුරාණ ශ්‍රී ගෝඨාභය රජමහා විහාරය ඉදිරිපිට අඩි පාරක් කෙළවරේ පිහිටා ඇති මෙම ගල් පාලම සියවස් දෙකකට ආසන්න කාලයක් පැරණි බව පැවසේ.

 

මෙම පාලමෙහි ගග හරහා ඇති ප්‍රධාන කොටස (Superstructure) තනි කළු ගලකින් නිමවා ඇත. එය අඩි දහයකට වඩා දිග කොටසකි.මෙම කොටස ගෘහාශ්‍රිත අලි ඇතුන් විසින් ඇදගෙන ගිය බව කියනු ලැබේ. සුන්දර භූමි භාගයක පිහිටි මෙම ස්ථානයෙන් ස්නානය කිරීමට හැකි වුවත් පිහිනීමට නොහැකි බව පැවසේ.

 






බෝතලේ අම්බලම

 

කොළඹ නුවර මාර්ගයේ දංඕවිට හන්දියෙන් මීරිගම මාර්ගයේ ගොස් බෝතලේ ඉහළගම-සියඹලාගොඩ මාර්ගයේ ගමන් කර වෙල් යායක් මැද පිහිටි මෙම අම්බලමට පිවිසිය හැකිය. එකල වීසු වෙල් විදානේ නිලය දැරූ පුද්ගලයෙකු විසින් එම මාර්ගයේ ගමන් ගන්නා ජනතාවගේ වෙහෙස නිවා ගැනීම සදහා මෙම අම්බලම ඉදිකොට ඇත.

 

පසුකාලීනව සියඹලාගොඩ, පනාවල, අරුක්ගොඩ ආදී ගම්වල විසූ ගම්වැසියන්ගේ ඉංග්‍රීසි ආණ්ඩු සමයේ පවත්වාගෙන ගිය අඹේපුස්ස රජයේ බෙහෙත් ශාලාවට යන එන අතරමග ඔවුන්ගේ ගමන් විඩාව නිවා ගැනීමට මෙම අම්බලම එකල භාවිතා කල බවට තොරතුරු ඇත.

 

අද වන විට එය නැවත ප්‍රතිසංස්කරණයකට ලක්වී ඇති අතර පල හතරක් සහිත වහලයට රට උළු සෙවිලි කර ඇත. බිමට සිමෙන්ති බදාම යොදා ඇති අතර බිත්තිද සිමෙන්ති බදාමයෙන් කපරාරු කර ඇත.

 

බෝතලේ වෙල මැද අම්බලම


බෝතලේ ඉහළගම වලව්ව

 

බෝතලේ ප්‍රදේශය පසු කරන විටම තවත් අමතක කළ නොහැකි ස්ථානයකි බෝතලේ වලව්ව. සේනානයක පරපුරේ ආරම්භකයා වූ දොන් ස්පේටර් සේනානයක මහතා විසින් මෙම වලව්ව ඉදි කර ඇත. මිනිරන් පතල් මෙන්ම වැවිලි කර්මාන්තයෙන්ද විශාල ධනයක් උපයා ගත් ඔහුගේ ධනවත් කම නිසා බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඔහුට මුදලිතනතුරක් පිරිනමා ඇත.

 

දෝන කැලරිනා එළිසබෙත් පෙරේරා ගුණසේකර සමග විවාහා වූ ඔහුගේ දරු පරපුර වූයේ දොන් ස්ටීවන් සේනානයක (ඩී.එස් සේනානයක), දොන් චාල්ස් සේනානයක සහ ෆ්‍රෙඩ්රික් රිචඩ් සේනානයක යන පුතුන් තිදෙනාත් මරියා ෆ්‍රාන්සස් සේනානයක යන දියණියත්ය.

 

1865 වසරේ පමණ මුදලිතුමන් විසින් මීරිගම බොතලේ ප්‍රදේශයේ පිහිටි අක්කර 35ක පොල් වත්තක් මැද මෙම වලව්ව ඉදිකර තිබේ. මුල් කාලයේ මෙම ඉඩම අක්කර 600කට වැඩි ප්‍රමාණයක පැතිරී ගිය අතර පසුකාලීනව හදුන්වා දුන් ඉඩම් ප්‍රතිසංස්කරණ පණත යටතේ ඉඩම් පවරා ගැනීම නිසා දැන් එහි ඇත්තේ අක්කර 50කට අඩු පුමාණයකි.

 

විශාල වත්තක මධ්‍යයේ පිහිටා ඇති බෝතලේ වලව්වට පිවිසෙන මාර්ගයේ තරමක් විශාල ගල් කණු දෙකකින් දරා සිටින ගේට්ටුවක් ඇත. ඉංග්‍රීසි ගෘහණිර්මාණ ශිල්ප ලක්ෂණ දැකිය හැකි මෙහි සොල්දොරයක්ද සහිත වේ. එමෙන්ම විශාල පෝටිකෝවක් සහිත ආලින්දයක්ද ඇත.

 

වලව්වට නුදුරින් ඉදිකර ඇති සොහොන් ගෙහි මුදලි තුමාගේත් ඩී.එස් සේනානයකයන්ගේ සහ ඩඩ්ලි සේනානයකයන්ගේත් භෂ්මාවශේෂ තැන්පත් කර තිබේ.

 

බෝතලේ වලව්ව

මුදලි තුමා සහ එම මැතිනිය

වලව්ව පිටත


වලව්ව ඇතුළත

වලව්ව ඇතුළත

ඩී එස් සේනානයක මහතා


 


අඹේපුස්ස දුම්රිය ස්ථානය

 

බොතලේ අවට වැදගත් ස්ථාන ගැන තොරතුරු කතා කල අපි මීලගට පිවිසෙන්නේ අඹේපුස්ස දුම්රිය ස්ථානයටයි. මෙය කොළඹ කොටුවේ සිට එන විට හමුවන 29වන දුම්රිය ස්ථානයයි. එය කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 56.98ක දුරින් පිහිටන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 55.48ක් උසින් පිහිටයි.

අඹේපුස්ස දුම්රිය ස්ථානය


අඹේපුස්ස දුම්රිය ස්ථානය


අඹේපුස්ස දුම්රිය ස්ථානය


 

ලංකාවේ මුලින්ම ඉදිකරන ලද දුම්රිය ස්ථාන පහෙන් එකක් වන මෙහි මුල් ගොඩනැගිල්ල පසෙකින් දැකිය හැකි අතර වර්ථමානයේ භාවිතා වන්නේ පසුකාලීනව ඉදිකරන ලද ගොඩනැගිල්ලයි. ලංකාවේ මංගල දුම්රිය ගමන සිදුවූයේද කොළඹ සිට අඹේපුස්ස දුම්රිය ස්ථානය වෙතයි. දුම්රිය දෙපාර්ථමෙන්තුවේ ප්‍රධාන ගල් වැඩපලද අඹේපුස්සට නුදුරුව පිහිටා ඇත. ඒ වෙත ගමන් කරන දුම්රිය මාර්ගයක්ද අඹේපුස්ස දුම්රිය මාර්ගයට එපිටින් දැකිය හැකිය.

 

අඹේපුස්ස දුම්රිය ස්ථානය අසල ඇති දුම්රිය දෙපාර්ථමේන්තුවේ ගල් වැඩපල


 

ඉතිරිය ඊළග කොටසට....

 

සටහන

චතුරංග ජයසුන්දර


Monday, December 11, 2023

උඩරට මැණිකේ 8

 

පෙර ලිපිය උඩරට මැණිකේ 7

ප්‍රධාන මාර්ගයේ  හුණුපිටිය, එඩේරමුල්ල සහ හොරපේ යන දුම්රිය ස්ථාන පසු කරන උඩරට මැණිකේ දුම්රිය, දුම්රිය ඉතිහාසයේ තවත් වැදගත් දුම්රිය ස්ථානයකට පැමිණේ. එනම් රාගම දුම්රිය ස්ථානයයි. මෙය ප්‍රධාන මාර් ගයේ නවවන දුම්රිය ස්ථානයයි. මෙම දුම්රිය ස්ථානයේ වැදගත්කම් බොහොමයක් දැකිය හැකිය.

 

රාගම හංදිය දුම්රිය ස්ථානය.

රාගම දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 16.42ක දුරින් පිහිටා ඇති අතර මුහුදු මර්ටමේ සිට මීටර් 3.65ක උසින් පිහිටයි. මෙය මුල්ම දුම්රිය මාර්ගයේ ඉදිකල දුම්රිය ස්ථාන පහෙන් එකකි. අනේක ඒවා වන්නේ කොළඹ, ගම්පහ‍, වේයන්ගොඩ සහ අඹේපුස්සයි. මෙය මුල්  යුගයේ හදුන්වා ඇත්තේ මහර දුම්රිය ස්ථානය ලෙසය. මෙම දුම්රිය ස්ථානය හංදියක් බවට පත්කරමින් පුත්තලම් මාර්ගය මෙම දුම්රිය ස්ථානයෙන් ආරම්භ විමත්, රෝමානු කතෝලික බැතිමතුන්ගේ ගෞරව ආදරයට පාත්‍ර වු තේවත්ත බැසිලිකාව දුම්රිය ස්ථානයට ආසන්නයේ පිහිටිමත්, උතුරු කෙළම මහරෝහල නොහොත් රාගම රෝහල දුම්රිය ස්ථානයට පෙනෙන මානයේ පිහිටා තිබිමත් මෙන්ම බොහෝ නගරාන්තර සිඝ්‍රගාමි දුම්රියන් මෙහි නවත්වන නිසාත්, රාජකාරි කටයුතු වලට යන එන මගින් මෙන්ම රෝහලට යන එන මගීන්ගෙන්ද පිරී යන බැවින් මෙම දුම්රිය ස්ථානය ඉතාමත් කාර්ය බහුල දුම්රිය ස්ථානයකි.

 

රාගම දුම්රිය ස්ථානය එදා සහ අද

රාගම දුම්රිය ස්ථානය ඉදිරිපස

රාගම දුම්රිය ස්ථානය

ගල්කොරි දුම්රිය මාර් ගය

මහර සහ නැලිගම ගල් කොරි බිහි වන්නේ වර්ෂ 1874  දී ඇරඹි කොළඹ වරාය ස්වර්ධන කටයුතුත් සමගය. එහි ප්‍රධාන අංගයක් වූ දියකඩනය නමින් හැදුන් වු කළුගල් වැටිය නිර්මාණය කිරීම සදහා අවශ්‍ය වු විශාල ප්‍රමාණයේ කළුගල් ලාබාගැනීමට මෙම ගල් කොරි නිර්මාණය කර ඇත. එම ගල් කොරි වලින් ලැබෙන ගල් දුම්රිය මගින් කෙලින්ම වරාය වෙත රැගෙන යාම සදහා එම ගල්කොරි වෙත රාගම දුම්රිය ස්ථානයේ සිට දුම්රිය මාර්ගයක් ඉදිකර තිබී ඇත. අද වන විට අත්හැර දමා ඇති මෙම මාර්ගයද සපුගස්කන්ද මාර්ගය මෙන්ම අනවසර පදින්චිකරුවන්ගේ ග්‍රහණයට නතුවී ඇති අතර  ගල්කොරි පිහිටි ඉඩන් අද වන විට වරාය  අධිකරියේ භාරකාරත්වය යටතේ පවතී.

 

නැලිගම සහ මහර ගල්වවල් වෙත ගමන්කල දුම්රිය මාර්ගයන්

අතීත දුම්රිය මාර්ගය නැලිගම ගල්කොරි ඉඩමට ඇතුළු වූ ස්ථානය. අද මෙම ඉඩම වරාය අධිකාරිය සතු බැවින් වැටකින් සහ ගේට්ටුවකින් ආවරණය කර ඇත



අතීතයේ මහර සහ නැලිගම කල් කොරි වෙත ගමන් කල දුම්රිය මාර්ගය ප්‍රධාන දුම්රිය මාර්ගයට සම්බන්ධ වූ ස්ථානය අද

ජලයෙන් පිරී ගිය නැලිගම ගල්වල

නැලිගම ගල්කොරි ඉඩමට ගමන් කල දුම්රිය මාර්ගය අද දිස්වන අයුරු



වර්ථමානයේ ජලයෙන් පිරී ඇති මහර ගල්වල

නැලිගම ගල්වල පිහිටි ඉඩමේ ඉතිරි වී ඇති ගොඩනැගිල්ලක්. මෙහි DEVCOSHOWA(PVT)LTD, MAHARA QUARRY SITE, RAGAMA යනු වෙන් සටහන් කර ඇත.


නැලිගම ගල් කොරිය පිහිටා තිබූ ඉඩමෙහි වර් ථමානයේ ඉතිරි වී ඇති ගොඩනැගිලි

පුත්තලම් මාර්ගය

රාගම සිට පුත්තලම දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකිරීම ආරම්භ කර ඇත්තේ ආණ්ඩුකාර හෙන්රි ආතර් බ්ලේක්ගේ පාලන සමයේදිය. එහි පලළමු අදියර ලෙස 1907 ජූලි 3 වනදා රාගම සිට ජාඇල දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීම ආරම්භ විය. එය 1908 නොවැම්බර් 9 වන දින ජනතා අයිතියට පත් කරන ලදි. එතැනින් පසුව මිගමුව දක්වා දුම්රිය මාර්ය දිර්ඝ කරන ලද අතර මීගමුව දුම්රිය ස්ථානය 1909 දෙසැම්බර් 1 වන දින විවෘත කරන ලදි. හලාවත දුම්රිය ස්ථානය විවෘත කර ඇත්තේ 1916දී ය. එතැන් සිට පුත්තලම දක්වා මාර්ගය දීර්ඝ කිරීම ආරම්භ කර ඇත්තේ 1920 නොවැම්බර් මාසයේ දීය. වර්ෂ 1926 මැයි මස 12වන දින එය නිල වශයෙන් විවෘත කරන ලදි.

දෙවන ලෝක යුද්ධය ආරම්යත් සමග ඇති වූ අමුද්‍රව්‍ය හිගය හේතුවෙන් 1943 දී බංගදෙණියේ සිට පුත්තලම දක්වා මාර්ගය වසා දමන ලදී. එයින් ගලවාගත් රේල් පීලි සහ අනෙකුත් කොටස් රාගම සිට බංගදෙණිය දක්වා කොටසේ නඩත්තු කටයුතු සදහා යොදාගන්නා ලදී. වර්ෂ 1959 දී බංගදෙණියේ සිට පුත්තලම දක්වා කොටස නැවත ඉදිකිරිම් ආරම්භ කැන ලදුව, නව දුම්රිය ස්ථාන ගණනාවක් ද සමග වර්ෂ 1964 වසරේ දි නැවත විවෘත කර ඇත. එම මාර්ගය අද පුත්තලම පසු කොට නූර් නගර් දුම්රිය ස්ථානය දක්වාම ගමන් කරයි.

 

පුත්තලම දුම්රිය ස්ථානය

හලාවත දුම්රිය ස්ථානය

මීගමුව දුම්රිය ස්ථානය

ජාඇල දුම්රිය ස්ථානය

බංගදෙනිය දුම්රිය ස්ථානය


රාගම තේවත්ත බැසිලිකාව

ලංකාවේ අප ස්වාමිදූගේ බැසිලිකාව නමින් හදුන්වන රාගම තේවත්ත බැසිලිකා සිද්ධස්ථානය කිතුනු බැතිමතුන්ගේ නොමද ගෞරවයටත් ආදරයටත් පත්වූ පුද බිමකි. එය අති රමණිය කදු ගැටයක පිහිටා ඇත. මුලින්ම මෙම ස්ථානයට ආසන්නව පිහිටා තිබී ඇත්තේ කුඩා දේවස්ථානයකි.

 වර්ෂ 1940 වන විට ඇරඹි දෙවන ලෝක යුද්ධය නිසා ලංකාවටද යම් යම් බලපෑම් එල්ල වන්නට විය. ජපන්නුන් විසින් ත්‍රිකුණාමල වරායේ නැංගුරම්ලා තිබූ බ්‍රිතාන්‍ය නෞකා කිහිපයකට ගුවනින් බෝම්බ දැමීම ඉන් එක් සිදුවීමකි. එකල කොළඹ අගරදගුරු ලෙස කටයුතු කල මේරි මැසෝන් හිමිපානන් තේවත්තේ තිබූ ලූදර් මෑණියන්ගේ දේවස්ථානයට ගොස් මෙම ලෝක යුද්ධයෙන් ලංකාව බේරා දුනහොත් දේවමෑණියන් වෙනුවෙන් බැසිලිකාවක් ඉදිකොට එය ලංකාවේ අප ස්වාමිදූ ලෙසින් අබිසෙස් ගන්වන බවට පොරොන්දු වී බාරයක් විය. ශුද්ධවූ ජපමාල මෑණියෝ, පාතිමාවේ අප ස්වාමීදූ, ලුදර්වේ අප ස්වාමීදූ වැනි විවිධ නම් වලින් හදුන්වන්නේ මරියතුමියමයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව අගරදගුරු තුමන් එවකට සිටි 12 දොලොස්වැනි සියුස් පාප් වහන්සේගේ අවසරය මත බැසිලිකාව ඉදිකිරීමට සැලසුම් කලේය. උන් වහන්සේ ඒ සදහා සුදුසු ඉඩමක් සොයමින් සිටින විට පැරණි දේවස්ථානය ඉදිරිපිට වු ඔරේන්ජ් හිල්නම් රබර් වත්ත විකුණන බවට උන් වහන්සේට ආරන්චි විය. තරමක් විශාල වත්තක් වූ මෙය බැසිලිකාව ඉදිකිරීමට උන් වහන්සේ තෝරාගන්නා ලදී. නමුත් බැසිලිකාව ඉදිකරන්නට පෙරම මේරි මසෝන් අගරදගුරු හිමිපානෝ ස්වර්ගස්ථ වූ අතර ඉන් පසුව වෙරට ප්‍රථම කාදිනල් වරයා බවට පත්වු තෝමස් බෙන්ජමින් කාදිනල් කුරේ හිමිපානන් විසින් එම වගකීම භාරගන්නා ලදි.

බැසිලිකාව ඉදිවෙන අතරතුරම ලංකාවේ අප ස්වාමිදුවගේ පිළිරුවද නිර්මානය වු අතර එය පෘතුගාලයේ පාතිමාවේ දේව මාතාවගේ ප්‍රතිමාව නිර්මාණය කල ශිල්පියා ලවාම සිදු කරවන ලදී. 1951 වසරේ මුල්ගල තැබූ මෙම දර්ශනිය බැසිලිකාව ලංකාවේ අප ස්වාමීදූ යනුවෙන් අබිසෙස් ලබන්නේ 1974 බෙරවාරි මස 06 වැනිදාය.

 

රාගම තේවත්ත ලංකාවේ අප ස්වාමීදූගේ බැසිලිකාව

රාගම තේවත්ත ලංකාවේ අප ස්වාමීදූගේ බැසිලිකාව

රාගම දුම්රිය ස්ථානය අවට වැදගත් ස්ථාන ගැන කතාබහක යෙදුන අපි නැවතත් දුම්රිය මගේ ඉදිරියට යමු. රාගමින් පසුව වල්පොල, බටුවත්ත, බුළුගහගොඩ, ගණේමුල්ල සහ යාගොඩ දුම්රිය ස්ථාන පසු කරයි. ඉන් පසුව හමුවන්නේ තවත් ප්‍රධානතම දුම්රිය ස්ථානයක් වන ගම්පහ දුම්රිය ස්ථානයයි.

වල්පොල දුම්රිය ස්ථානය

බටුවත්ත දුම්රිය ස්ථානය

ගණේමුල්ල දුම්රිය ස්ථානයේ නාම පුවරුව


ගම්පහ දුම්රිය ස්ථානය

කොළඹ කොටුවේ සිට එන විට හමුවන පහලොස්වන දුම්රිය නැවතුම මෙයයි. එය කොළඹ කොටුව සිට කිලෝමීටර් 28.4ක් දුරින් පිහිටන අතර මුහුදු මට්ටමේ සිට උස මීටර් 10.97කි. දුම්රිය වේදිකා තුනක් සහ මගී ගුවන් පාලමක් සතු මෙම දුම්රිය ස්ථානය අතිතයේ හදුන්වා ඇත්තේ හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය ලෙසය. මුල් යුගයේ ඉදිකල පැරණි දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ල වර්ථාමාන දුම්රිය ස්ථානයට මදක් එපිටින් දැකිය හැකිය.

ගම්පහ දුම්රිය ස්ථානය

ගම්පහ දුම්රිය ස්ථානය

ගම්පහ දුම්රිය ස්ථානයේ ඉදිරිපස


හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය

හෙනරත්ගොඩ පැරණි දුම්රිය ස්ථානයත් හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයත් අතර ඇත්තේ බොහොම අපූරු සම්බන්ධතාවයකි. එදා යටත්විජිත සමයේ බ්‍රිතාන්‍ය පාලකයන්ට වාණිජ භෝගයක් ලෙස රබර් වගාව ව්‍යාප්ත කිරීමට අවශ්‍ය විය. එකල පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ආචාර්ය ජි.කේ ත්වේයිට්ස් මහතා ඊට සුදුසු බිමක් සොයන්නට විය. දකුණු අමරිකාව නිජභූමිය වූ රබර් ශාකය පර්යේසෂණ කටයුතු සදහා රෝපණය කිරීමට සුදුසුම ස්ථානය හෙනරත්ගොඩ අද්භිද උද්‍යානය බව ත්වේට්ස් මහතා තීරනය කළේය. ඒ අනූව වර්ෂ 1867 දී හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ දී ප්‍රථම රබර් ශාකය රෝපණය කරන ලදී. මෙහි රෝපනය කරන ලද මුල්ම රබර් ශාකය මුල් කාලයේදිම විනාශවී ඇත. දෙවන රබර් ශාකය විනාශ වි ඇත්තේ වර්ෂ 1988දී හැමු සුළි සුළගක් නිසාය.

අද ගම්පහ මල් වත්ත නමින් ප්‍රකට හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය අක්කර 36ක භූමි බභාගයක පිහිටා ඇත. මෙම ඉඩම එවකට අයිතිව තිබී ඇත්තේ ඒ ද සොයිසා මුහන්දිරම් නම් ප්‍රභූ වරයාටය. පසුව මෙම ඉඩම රජයට පවරාගත් පසුව මෙහි මුල්ම භාරකරු ලෙස කටයුතු කර ඇත්තේ ද ඔහුය. මෙය උද්භිද අද්‍යානයක් ලෙස නිල වශයෙන් ආරම්භ කර ඇත්තේ වර්ෂ 1876දී ය.

අද වනවිට හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය අංශ කිහිපයකින්ම සමන්විත වේ. එනම් වනෝද්‍යානය, ශිෂ්‍ය උයන, ඖෂධ උයන, ජපන් ගොමුව, මල් ගොමුව, පලතුරු උයන, ගෘහ පැළ තවාන සහ විකුණුම් පැල තවාන ඒ අතර වේ. ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන හෙනරත්ගොඩ උද්‍යානය ‍්ශාක පිළිබද අධ්‍යයන කටයුතු මෙන්ම මල් වගාව පිළිබදව කෙරෙන පර්යේෂණ කටයුතු සදහාද විශාල දායකත්වයක් සපයනු ලබයි.

හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය

හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය

මුලින්ම සිටුවන ලද රබර් පැල

මුලින්ම සිටුවන ලද දෙවන රබර් ගස පිහිටා තිබූ ස්ථානය. මෙය විනාශවී ඇත්තේ වර් ෂ 1988 දී හැමු සුළි සුළගක් නිසාය

පැරණි හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය එදා ඉදිකර ඇත්තේ රබර් වගාව පිළබදව පර්යේෂණ කටයුතු සදහා පැමිණෙන විදේශීය විද්‍යාඥයන්ට කොළඹ සිට දුම්රියෙන් පැමිණීම සදහාය. එමෙන්ම ගම්පහ තානායම ඉදිකර ඇත්තේ ද එසේ පැමිණෙන විද්‍යාඥයන්ට නවාතැන් ගැනීම සදහා බව පැරණි වාර්තා වල සදහන් වේ.

 

හෙනරත්ගොඩ පැරණි දුම්රිය ස්ථානය

ගම්පහ සිට නැවතත් දුම්රිය මාර්ගයේ ඉදිරියට යන විට අපිට පිළිවෙලින් දාරළුව, බෙම්මුල්ල මග්ලේගොඩ, සහ හීන්දෙනිය පට්ටිගොඩ යන දුම්රිය ස්ථාන හමු වේ. මෙකී හීන්දෙනිය පට්ටිගොඩ දුම්රිය ස්ථානය ඉදිකිරීම පිළිබදව අපූරු කතාවක් අසන්නට ලැබේ.

හීන්දෙනිය හා පට්ටිගොඩ නමින් ගම්මාන දෙකක් ඇත. මෙම ගම්මාන දෙක වෙන්වී ඇත්තේ විශාල වෙල් යායකිනි. එකල මෙම ගම්දෙක අතර විශාල විරසකයක් තිබී ඇත. ගම් දෙකේම එකිනෙකා නුරුස්සන තත්වයකටම මෙම විරසකය තිබී ඇත. මේ කාලයේදීම මෙම ප්‍රදේශයට දුම්රිය ස්ථානයක් ඉදිකිරීමට යෝජනාවී ඇත. ගම් අතර තිබූ විරසකය සැලකිල්ලට ගත් බලධාරීන් ගම් දෙකටම මායිම් වූ වෙල්යාය මැද මෙම දුම්රිය ස්ථානය ඉදිකර ඇත. එමෙන්ම ගම් දෙකේම නම් එකතු කර හින්දෙනිය පට්ටිගොඩ නමින් දුම්රිය ස්ථානයට නම් තබා ඇත.





ඉතිරිය ඊලග කොටසට

සටහන චතුරංග ජයසුන්දර