
පෙර ලිපිය උඩරට මැණිකේ 7
ප්‍රධාන
මාර්ගයේ හුණුපිටිය, එඩේරමුල්ල සහ හොරපේ යන
දුම්රිය ස්ථාන පසු කරන උඩරට මැණිකේ දුම්රිය, දුම්රිය ඉතිහාසයේ තවත් වැදගත් දුම්රිය
ස්ථානයකට පැමිණේ. එනම් රාගම දුම්රිය ස්ථානයයි. මෙය ප්‍රධාන මාර් ගයේ නවවන දුම්රිය
ස්ථානයයි. මෙම දුම්රිය ස්ථානයේ වැදගත්කම් බොහොමයක් දැකිය හැකිය.
රාගම හංදිය දුම්රිය ස්ථානය.
රාගම
දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 16.42ක දුරින් පිහිටා ඇති අතර මුහුදු මර්ටමේ සිට මීටර්
3.65ක උසින් පිහිටයි. මෙය මුල්ම දුම්රිය මාර්ගයේ
ඉදිකල දුම්රිය ස්ථාන පහෙන් එකකි. අනේක ඒවා වන්නේ කොළඹ, ගම්පහ, වේයන්ගොඩ සහ
අඹේපුස්සයි. මෙය මුල් යුගයේ හදුන්වා ඇත්තේ
මහර දුම්රිය ස්ථානය ලෙසය. මෙම දුම්රිය ස්ථානය හංදියක් බවට පත්කරමින් පුත්තලම්
මාර්ගය මෙම දුම්රිය ස්ථානයෙන් ආරම්භ විමත්, රෝමානු කතෝලික බැතිමතුන්ගේ ගෞරව ආදරයට
පාත්‍ර වු තේවත්ත බැසිලිකාව දුම්රිය ස්ථානයට ආසන්නයේ පිහිටිමත්, උතුරු කෙළම මහරෝහල
නොහොත් රාගම රෝහල දුම්රිය ස්ථානයට පෙනෙන මානයේ පිහිටා තිබිමත් මෙන්ම බොහෝ නගරාන්තර
සිඝ්‍රගාමි දුම්රියන් මෙහි නවත්වන නිසාත්, රාජකාරි කටයුතු වලට යන එන මගින් මෙන්ම
රෝහලට යන එන මගීන්ගෙන්ද පිරී යන බැවින් මෙම දුම්රිය ස්ථානය ඉතාමත් කාර්ය බහුල
දුම්රිය ස්ථානයකි.
 |
රාගම දුම්රිය ස්ථානය එදා සහ අද |
 |
රාගම දුම්රිය ස්ථානය ඉදිරිපස |
 |
රාගම දුම්රිය ස්ථානය |
ගල්කොරි
දුම්රිය මාර් ගය
මහර
සහ නැලිගම ගල් කොරි බිහි වන්නේ වර්ෂ 1874 දී ඇරඹි
කොළඹ වරාය ස්වර්ධන කටයුතුත් සමගය. එහි ප්‍රධාන අංගයක් වූ දියකඩනය නමින් හැදුන් වු
කළුගල් වැටිය නිර්මාණය කිරීම සදහා අවශ්‍ය වු විශාල ප්‍රමාණයේ කළුගල් ලාබාගැනීමට
මෙම ගල් කොරි නිර්මාණය කර ඇත. එම ගල් කොරි වලින් ලැබෙන ගල් දුම්රිය මගින් කෙලින්ම
වරාය වෙත රැගෙන යාම සදහා එම ගල්කොරි වෙත රාගම දුම්රිය ස්ථානයේ සිට දුම්රිය
මාර්ගයක් ඉදිකර තිබී ඇත. අද වන විට අත්හැර දමා ඇති මෙම මාර්ගයද සපුගස්කන්ද මාර්ගය
මෙන්ම අනවසර පදින්චිකරුවන්ගේ ග්‍රහණයට නතුවී ඇති අතර ගල්කොරි පිහිටි ඉඩන් අද වන විට වරාය අධිකරියේ භාරකාරත්වය යටතේ පවතී.
 |
නැලිගම සහ මහර ගල්වවල් වෙත ගමන්කල දුම්රිය මාර්ගයන් |
 |
අතීත දුම්රිය මාර්ගය නැලිගම ගල්කොරි ඉඩමට ඇතුළු වූ ස්ථානය. අද මෙම ඉඩම වරාය අධිකාරිය සතු බැවින් වැටකින් සහ ගේට්ටුවකින් ආවරණය කර ඇත |
 |
අතීතයේ මහර සහ නැලිගම කල් කොරි වෙත ගමන් කල දුම්රිය මාර්ගය ප්‍රධාන දුම්රිය මාර්ගයට සම්බන්ධ වූ ස්ථානය අද |
 |
ජලයෙන් පිරී ගිය නැලිගම ගල්වල |
 |
නැලිගම ගල්කොරි ඉඩමට ගමන් කල දුම්රිය මාර්ගය අද දිස්වන අයුරු |
 |
වර්ථමානයේ ජලයෙන් පිරී ඇති මහර ගල්වල |
 |
නැලිගම ගල්වල පිහිටි ඉඩමේ ඉතිරි වී ඇති ගොඩනැගිල්ලක්. මෙහි DEVCOSHOWA(PVT)LTD, MAHARA QUARRY SITE, RAGAMA යනු වෙන් සටහන් කර ඇත. |
 |
නැලිගම ගල් කොරිය පිහිටා තිබූ ඉඩමෙහි වර් ථමානයේ ඉතිරි වී ඇති ගොඩනැගිලි |
පුත්තලම්
මාර්ගය
රාගම
සිට පුත්තලම දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකිරීම ආරම්භ කර ඇත්තේ ආණ්ඩුකාර හෙන්රි ආතර්
බ්ලේක්ගේ පාලන සමයේදිය. එහි පලළමු අදියර ලෙස 1907 ජූලි 3 වනදා රාගම සිට ජාඇල දක්වා දුම්රිය මාර්ගය
ඉදිකිරීම ආරම්භ විය. එය 1908
නොවැම්බර් 9 වන දින ජනතා අයිතියට පත් කරන ලදි. එතැනින් පසුව
මිගමුව දක්වා දුම්රිය මාර්ය දිර්ඝ කරන ලද අතර මීගමුව දුම්රිය ස්ථානය 1909 දෙසැම්බර් 1
වන දින විවෘත කරන ලදි. හලාවත දුම්රිය ස්ථානය විවෘත කර ඇත්තේ 1916දී ය. එතැන් සිට
පුත්තලම දක්වා මාර්ගය දීර්ඝ කිරීම ආරම්භ කර ඇත්තේ 1920 නොවැම්බර් මාසයේ දීය. වර්ෂ 1926 මැයි මස 12වන
දින එය නිල වශයෙන් විවෘත කරන ලදි.
දෙවන
ලෝක යුද්ධය ආරම්යත් සමග ඇති වූ අමුද්‍රව්‍ය හිගය හේතුවෙන් 1943 දී බංගදෙණියේ සිට පුත්තලම දක්වා මාර්ගය වසා දමන
ලදී. එයින් ගලවාගත් රේල් පීලි සහ අනෙකුත් කොටස් රාගම සිට බංගදෙණිය දක්වා කොටසේ
නඩත්තු කටයුතු සදහා යොදාගන්නා ලදී. වර්ෂ 1959 දී බංගදෙණියේ සිට පුත්තලම දක්වා කොටස නැවත
ඉදිකිරිම් ආරම්භ කැන ලදුව, නව දුම්රිය ස්ථාන ගණනාවක් ද සමග වර්ෂ 1964 වසරේ දි නැවත විවෘත කර ඇත. එම මාර්ගය අද පුත්තලම
පසු කොට නූර් නගර් දුම්රිය ස්ථානය දක්වාම ගමන් කරයි.
 |
පුත්තලම දුම්රිය ස්ථානය |
 |
හලාවත දුම්රිය ස්ථානය |
 |
මීගමුව දුම්රිය ස්ථානය |
 |
ජාඇල දුම්රිය ස්ථානය |
 |
බංගදෙනිය දුම්රිය ස්ථානය |
රාගම
තේවත්ත බැසිලිකාව
ලංකාවේ
අප ස්වාමිදූගේ බැසිලිකාව නමින් හදුන්වන රාගම තේවත්ත බැසිලිකා සිද්ධස්ථානය කිතුනු
බැතිමතුන්ගේ නොමද ගෞරවයටත් ආදරයටත් පත්වූ පුද බිමකි. එය අති රමණිය කදු ගැටයක
පිහිටා ඇත. මුලින්ම මෙම ස්ථානයට ආසන්නව පිහිටා තිබී ඇත්තේ කුඩා දේවස්ථානයකි.
වර්ෂ 1940 වන විට ඇරඹි දෙවන ලෝක යුද්ධය නිසා ලංකාවටද යම්
යම් බලපෑම් එල්ල වන්නට විය. ජපන්නුන් විසින් ත්‍රිකුණාමල වරායේ නැංගුරම්ලා තිබූ බ්‍රිතාන්‍ය
නෞකා කිහිපයකට ගුවනින් බෝම්බ දැමීම ඉන් එක් සිදුවීමකි. එකල කොළඹ අගරදගුරු ලෙස
කටයුතු කල මේරි මැසෝන් හිමිපානන් තේවත්තේ තිබූ ලූදර් මෑණියන්ගේ දේවස්ථානයට ගොස් මෙම
ලෝක යුද්ධයෙන් ලංකාව බේරා දුනහොත් දේවමෑණියන් වෙනුවෙන් බැසිලිකාවක් ඉදිකොට එය ‘ලංකාවේ අප ස්වාමිදූ’ ලෙසින් අබිසෙස් ගන්වන බවට පොරොන්දු වී බාරයක්
විය. ශුද්ධවූ ජපමාල මෑණියෝ, පාතිමාවේ අප ස්වාමීදූ, ලුදර්වේ අප ස්වාමීදූ වැනි විවිධ
නම් වලින් හදුන්වන්නේ මරියතුමියමයි.
දෙවන
ලෝක යුද්ධයෙන් පසුව අගරදගුරු තුමන් එවකට සිටි 12
දොලොස්වැනි සියුස් පාප් වහන්සේගේ අවසරය මත බැසිලිකාව ඉදිකිරීමට සැලසුම් කලේය. උන්
වහන්සේ ඒ සදහා සුදුසු ඉඩමක් සොයමින් සිටින විට පැරණි දේවස්ථානය ඉදිරිපිට වු ‘ඔරේන්ජ් හිල්’ නම්
රබර් වත්ත විකුණන බවට උන් වහන්සේට ආරන්චි විය. තරමක් විශාල වත්තක් වූ මෙය
බැසිලිකාව ඉදිකිරීමට උන් වහන්සේ තෝරාගන්නා ලදී. නමුත් බැසිලිකාව ඉදිකරන්නට පෙරම
මේරි මසෝන් අගරදගුරු හිමිපානෝ ස්වර්ගස්ථ වූ අතර ඉන් පසුව වෙරට ප්‍රථම කාදිනල් වරයා
බවට පත්වු තෝමස් බෙන්ජමින් කාදිනල් කුරේ හිමිපානන් විසින් එම වගකීම භාරගන්නා ලදි.
බැසිලිකාව
ඉදිවෙන අතරතුරම ලංකාවේ අප ස්වාමිදුවගේ පිළිරුවද නිර්මානය වු අතර එය පෘතුගාලයේ
පාතිමාවේ දේව මාතාවගේ ප්‍රතිමාව නිර්මාණය කල ශිල්පියා ලවාම සිදු කරවන ලදී. 1951 වසරේ මුල්ගල තැබූ මෙම දර්ශනිය බැසිලිකාව ලංකාවේ
අප ස්වාමීදූ යනුවෙන් අබිසෙස් ලබන්නේ 1974 බෙරවාරි මස 06 වැනිදාය.
 |
රාගම තේවත්ත ලංකාවේ අප ස්වාමීදූගේ බැසිලිකාව |
 |
රාගම තේවත්ත ලංකාවේ අප ස්වාමීදූගේ බැසිලිකාව |
රාගම
දුම්රිය ස්ථානය අවට වැදගත් ස්ථාන ගැන කතාබහක යෙදුන අපි නැවතත් දුම්රිය මගේ ඉදිරියට
යමු. රාගමින් පසුව වල්පොල, බටුවත්ත, බුළුගහගොඩ, ගණේමුල්ල සහ යාගොඩ දුම්රිය ස්ථාන
පසු කරයි. ඉන් පසුව හමුවන්නේ තවත් ප්‍රධානතම දුම්රිය ස්ථානයක් වන ගම්පහ දුම්රිය
ස්ථානයයි.
 |
වල්පොල දුම්රිය ස්ථානය |
 |
බටුවත්ත දුම්රිය ස්ථානය |
 |
ගණේමුල්ල දුම්රිය ස්ථානයේ නාම පුවරුව |
ගම්පහ
දුම්රිය ස්ථානය
කොළඹ
කොටුවේ සිට එන විට හමුවන පහලොස්වන දුම්රිය නැවතුම මෙයයි. එය කොළඹ කොටුව සිට
කිලෝමීටර් 28.4ක් දුරින් පිහිටන අතර මුහුදු මට්ටමේ සිට උස මීටර්
10.97කි. දුම්රිය වේදිකා තුනක් සහ මගී ගුවන් පාලමක්
සතු මෙම දුම්රිය ස්ථානය අතිතයේ හදුන්වා ඇත්තේ හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය ලෙසය. මුල්
යුගයේ ඉදිකල පැරණි දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ල වර්ථාමාන දුම්රිය ස්ථානයට මදක්
එපිටින් දැකිය හැකිය.
 |
ගම්පහ දුම්රිය ස්ථානය |
 |
ගම්පහ දුම්රිය ස්ථානය |
 |
ගම්පහ දුම්රිය ස්ථානයේ ඉදිරිපස |
හෙනරත්ගොඩ
උද්භිද උද්‍යානය
හෙනරත්ගොඩ
පැරණි දුම්රිය ස්ථානයත් හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයත් අතර ඇත්තේ බොහොම අපූරු
සම්බන්ධතාවයකි. එදා යටත්විජිත සමයේ බ්‍රිතාන්‍ය පාලකයන්ට වාණිජ භෝගයක් ලෙස රබර්
වගාව ව්‍යාප්ත කිරීමට අවශ්‍ය විය. එකල පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ආචාර්ය
ජි.කේ ත්වේයිට්ස් මහතා ඊට සුදුසු බිමක් සොයන්නට විය. දකුණු අමරිකාව නිජභූමිය වූ
රබර් ශාකය පර්යේසෂණ කටයුතු සදහා රෝපණය කිරීමට සුදුසුම ස්ථානය හෙනරත්ගොඩ අද්භිද උද්‍යානය
බව ත්වේට්ස් මහතා තීරනය කළේය. ඒ අනූව වර්ෂ 1867 දී හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ දී ප්‍රථම රබර්
ශාකය රෝපණය කරන ලදී. මෙහි රෝපනය කරන ලද මුල්ම රබර් ශාකය මුල් කාලයේදිම විනාශවී ඇත.
දෙවන රබර් ශාකය විනාශ වි ඇත්තේ වර්ෂ 1988දී හැමු සුළි සුළගක් නිසාය.
අද
ගම්පහ මල් වත්ත නමින් ප්‍රකට හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය අක්කර 36ක භූමි බභාගයක
පිහිටා ඇත. මෙම ඉඩම එවකට අයිතිව තිබී ඇත්තේ ඒ ද සොයිසා මුහන්දිරම් නම් ප්‍රභූ
වරයාටය. පසුව මෙම ඉඩම රජයට පවරාගත් පසුව මෙහි මුල්ම භාරකරු ලෙස කටයුතු කර ඇත්තේ ද
ඔහුය. මෙය උද්භිද අද්‍යානයක් ලෙස නිල වශයෙන් ආරම්භ කර ඇත්තේ වර්ෂ 1876දී ය.
අද
වනවිට හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය අංශ කිහිපයකින්ම සමන්විත වේ. එනම් වනෝද්‍යානය, ශිෂ්‍ය
උයන, ඖෂධ උයන, ජපන් ගොමුව,
මල් ගොමුව, පලතුරු උයන, ගෘහ පැළ තවාන සහ විකුණුම් පැල තවාන ඒ අතර වේ. ජාතික උද්භිද
උද්‍යාන දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන හෙනරත්ගොඩ උද්‍යානය ්ශාක පිළිබද අධ්‍යයන
කටයුතු මෙන්ම මල් වගාව පිළිබදව කෙරෙන පර්යේෂණ කටයුතු සදහාද විශාල දායකත්වයක් සපයනු
ලබයි.
 |
හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය |
 |
හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය |
 |
මුලින්ම සිටුවන ලද රබර් පැල |
 |
මුලින්ම සිටුවන ලද දෙවන රබර් ගස පිහිටා තිබූ ස්ථානය. මෙය විනාශවී ඇත්තේ වර් ෂ 1988 දී හැමු සුළි සුළගක් නිසාය |
පැරණි හෙනරත්ගොඩ
දුම්රිය ස්ථානය එදා ඉදිකර ඇත්තේ රබර් වගාව පිළබදව පර්යේෂණ කටයුතු සදහා පැමිණෙන
විදේශීය විද්‍යාඥයන්ට කොළඹ සිට දුම්රියෙන් පැමිණීම සදහාය. එමෙන්ම ගම්පහ තානායම
ඉදිකර ඇත්තේ ද එසේ පැමිණෙන විද්‍යාඥයන්ට නවාතැන් ගැනීම සදහා බව පැරණි වාර්තා වල
සදහන් වේ.
 |
හෙනරත්ගොඩ පැරණි දුම්රිය ස්ථානය |
ගම්පහ සිට නැවතත්
දුම්රිය මාර්ගයේ ඉදිරියට යන විට අපිට පිළිවෙලින් දාරළුව, බෙම්මුල්ල මග්ලේගොඩ, සහ
හීන්දෙනිය පට්ටිගොඩ යන දුම්රිය ස්ථාන හමු වේ. මෙකී හීන්දෙනිය පට්ටිගොඩ දුම්රිය
ස්ථානය ඉදිකිරීම පිළිබදව අපූරු කතාවක් අසන්නට ලැබේ.
හීන්දෙනිය හා පට්ටිගොඩ
නමින් ගම්මාන දෙකක් ඇත. මෙම ගම්මාන දෙක වෙන්වී ඇත්තේ විශාල වෙල් යායකිනි. එකල මෙම
ගම්දෙක අතර විශාල විරසකයක් තිබී ඇත. ගම් දෙකේම එකිනෙකා නුරුස්සන තත්වයකටම මෙම
විරසකය තිබී ඇත. මේ කාලයේදීම මෙම ප්‍රදේශයට දුම්රිය ස්ථානයක් ඉදිකිරීමට යෝජනාවී
ඇත. ගම් අතර තිබූ විරසකය සැලකිල්ලට ගත් බලධාරීන් ගම් දෙකටම මායිම් වූ වෙල්යාය මැද
මෙම දුම්රිය ස්ථානය ඉදිකර ඇත. එමෙන්ම ගම් දෙකේම නම් එකතු කර හින්දෙනිය පට්ටිගොඩ
නමින් දුම්රිය ස්ථානයට නම් තබා ඇත.
ඉතිරිය ඊලග කොටසට
සටහන චතුරංග ජයසුන්දර
No comments:
Post a Comment