පෙර ලිපිය උඩරට මැණිකේ 17
අපි පේරාදෙණිය සරසවිය හරහා දළදා මාලිගාවට යමු
පිළිමතලාව දුම්රිය ස්ථානයෙන් පසුව ඉදිරියට ගමන්
කරන දුම්රිය මාර්ගය තරමක තැනිතලා ප්‍රදේශයක ගමන් කරයි. දුම්රිය මාර්ගයේ මෙම කොටසේ
දී බරම්මනේ දුම්රිය ස්ථානයත්, කිරිබත්කුඹුර නැමති කුඩා දුම්රිය ස්ථානයත් පේරාදෙණිය
හංදිය දුම්රිය ස්ථානයත් හමුවේ. මේ අතරින් පේරාදෙණිය හංදිය අපගේ බදුලු ගමනේ ඉතාමත්
සුවිශේෂී ස්ථානයක් නිසා අපි ඒ පිළිබදව පසුවට කතාබහ කරමු. පිළිමතලාවේ සිට පේරාදෙණිය
වෙත පැමිණෙන අතරතුර දුම්රිය මාර්ගයට මහවැලි ගගේ අතු ගංගාවක් වන නානු ඔය ස්ථාන දෙකකදී
තරණය කිරීමට සිදුවී ඇත. එම නිසා මෙම ස්ථාන දේකෙදීම යකඩ පාලම් ඉදිකර ඇත.
![]() |
බරම්මනේ දුම්රිය ස්ථානය |
![]() |
නානුඔය හරහා ඉදිකර ඇත් පළමු දුම්රිය පාලම |
![]() |
නානුඔ්‍ය හරහා ඉදිකර ඇත් දෙවන පාලම. මෙය එලුගොඩ පාලම ලෙසද හැදින්වේ |
![]() |
එලුගොඩ පාලම |
මහා මාර් ග කෞතුකාගාර සංකීර් ණය - කිරිබත්කුඹුර
බරම්මනේ දුම්රිය ස්ථානය සහ කිරිබත්කුඹුර දුම්රිය
නැවතුම අතරදී දුම්රිය මාර්ගය කොළඹ මහනුවර ප්‍රධාන මාර් ගය හරහා ගමන් කරයි. මෙම
ස්ථානයට තරමක් එපිටින් තවත් වැදගත් ස්ථානයක් දැකිය හැකිය. එනම් කිරිබත්කුඹුර
මාහා මාර් ග කෞතුකාගාර සංකීර්ණයයි. මෙය ලංකාවේ ප්‍රථම මහා මාර් ග කෞතුකාගාරයයි. එය
පිහිටුවා ඇත්තේ 1986 වසරේ දීය.
මෙය පවත්වාගෙන යනු ලබන්නේ මාර් ග සංවර්ධන අධිකාරිය විසිනි.
මෙම කෞතුකාගාර පරිශ්‍රයේ ඉතාමත් වැදගත් අංග
කිහිපයක්ම දැකගත හැකිය. වසර 1822
දී කොළඹ මහනුවර මාර්ගයේ 59 වැනි සැතපුම් කණුව අසළදී ඉදිකරන ලද ලංකාවේ ප්‍රථම
ආරුක්කු පාලම මෙම කෞතුකාගාරය අසළ දැකගත හැකිය. ආරුක්කු තුනකින් සමන්විත මෙය
වර්ථමානයේ භාවිතා නොකළද එමගින් මෙම කෞතුකාගාරයට වටිනාකමක් එක්වී ඇත. එමෙන්ම බෝගොඩ
ලී පාලමේ ආකෘතියක්ද මේ අසළින් ගලා බසිනා නානුඔය හරහා ඉදිකර තිබේ.
බ්‍රිතාන්‍ය යුගයේ මහා මාර් ග තැනීම සදහා භාවිතා
කරන ලද වාෂ්ප එන්ජින් මගින් ක්‍රියාත්මකවූ රෝලර් යන්ත මෙන්ම මිනිස් ශ්‍රමයෙන් ක්‍රියාත්මක
වූ රෝලර් යන්ත්‍රද, තාර බොයිලේරු සහා තාර වත්කිරීමට භාවිතා කළ උපකරණ මෙන්ම තවත්
බොහෝ උපකරණ සහ එකල භාවිතා කරන ලද සංඥා පුවරුද දැකිය හැකිය.
![]() |
කිරිබත්කුඹුර දුම්රිය හරස් මාර් ගය |
Devil's Bridge නොහොත් යකා පාලම
සරසවි පෙම්වතුන්ගේ ආදරය දිනා ගත් මෙම ස්ථානයේ
සිදුවූ අනතුරු බොහොමයක් වාර්තා වී ඇත. සමහර ඒවා දුම්රිය පාලම මතින් ගමන් කිරීමේදී දුම්රියේ
ගමන්කළ මගීන් පාලමේ ආරුක්කු වල වැදීම නිසා සිදුවූ ඒවාය. තවත් ඒවා මෙම පාලම මතින්
මහවැලි ගඟට
පැන සියදිවි නසාගත් එවාය. තවත් ඒවා මෙම පාලම අසලින් දුම්රියට බෙල්ල තබා සියදිවි
නසා ගත් ඒවාය. මෙම පාලමට ආලේප කර ඇත්තේ කළු පැහැති තීන්ත නිසා මුල් අවධියේ ‘කළු පාලම’
යනුවෙන් භාවිත වුවද පසු කාලීනව යකාගේ පාලම බවට පත්වී ඇත. එම නම ලැබෙන්නට ඉහත සදහන්
කළ අනතුරුද හේතු වන්නට ඇත.
ඉහත සඳහන් කළ කළු පාලමෙන් පසුව සරසවි උයන දුම්රිය ස්ථානය
හමුවේ. සරසවි උයන දුම්රිය ස්ථනය දුම්රියෙන් පේරාදෙණිය සරසවිය වෙත එන යන සරසවි
සිසුන් සදහාම විශේෂයෙන් ඉදිකරන ලද්දකි. සරසවි උයන දුම්රිය ස්ථානය ගැන කතාබහ කරන
විටම කාගෙත් මතකයට එන ගීතයක් ඇත.
හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම් රිය පොල පෙම්වතුන්ගෙ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි හැම දින
සත්‍ය වශයෙන්ම පේරාදෙණිය සරසවි බිමේදී
සිදුවුනාදැයි සාධක සොයාගෙත නොහැකි මුත් එසේ වූවා යැයි සිතා ලියන ලද ඛේදවාචකයක
කතාවක් එම ගීතය තුළ ගැබි වී ඇත.
කෙසේ නමුත් මෙම සරසවි උයන දුම්රිය ස්ථානයෙන් පිවිසෙන, අපේ රටේ බොහෝ ශිෂ්‍ය ශිෂාවන්ගේ, අධ්‍යාපන වේදීන්ගේ සුරම්‍ය සිහිණය වන පේරාදෙණිය විශ්ව විදාලය ගැන නැතහොත් මේ පින්කෙත ගැන අපි වචනයක් කතාබහ කළ යුතුමයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය යනු ලෝකයේ
කීර්තිමත්ම හා සුන්දරම විශ්වවිද්‍යාල වලින් එකකි. එය ක්‍රි.ව 1942 දී University Of
ceylon යන නමින් ආරම්භ කර ඇති අතර වර්ථමානය වන විට පීඨ 8
කින්
හා පශ්චාත් උපාධි ඒකක දෙකක් හා දෙපාර්තමේන්තු 73කින් සමන්විත වේ. මෙහි සිසුන් දස
දහසකවට වඩා අධ්‍යපනයේ නිරතවේ. ලංකාවේ දැනට ඇති උසස් අධ්‍යාපන ආයතන අතරින් විශාලතම
උසස් අධ්‍යාපන ආයතනය ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලය සලකනු ලැබේ. මෙහි ඇති මනාව
නඩත්තු කරන ලද තණබිම් මල් ගස් සහ උද්‍යාන අදිය නිසා ලෝකයේ ඇති සුන්දම විශ්වවිද්‍යාල
වලින් එකක් ලෙස සලකනු ලබයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ
යෝජනාව සිදුවී ඇත්තේ 1884 තරම් ඈත අවධියකය. නමුත් වර්ථමාන සරසවිය
පිහිටා ඇති භූමිය තෝරාගෙන ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ ක්‍රි.ව 1926
දීය.
එසේ ඉදිකිරීම් ආරම්භ කළ මෙම සරසවිය වර්ෂ 1942 දී විවෘත කර ඇත. මෙහි මුලින්ම සිසුන් 904 දෙනෙක් සහ ආචාර්‍ය වරු
5ක්,
පීඨ 4 යටතේ අධ්‍යන කටයුතු ආරම්භ කර ඇත. පසුකාලීනව තවත් ගොඩනැගිලි කිහිපයක්
ඉදිකිරීමෙන් අනතුරුව ක්‍රි.ව 1954 අප්‍රේල් මස 20 වන දින දෙවන එලිසබත් රැජිනගේ
සහභාගීත්වයෙන් නිල උත්සවයක් තබා “University of Ceylon” ප්‍රකාශයට පත්කර ඇත.
මෙහි ඉදිකිරීම් සිදුකර ඇත්තේ සර්
අයිවර් ජෙනිංග්ස්ගේ මූලික සැලැස්මකට අනූවය. මෙම විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපතිවරයා
වන්නේද සර් ජෙනිංග්ස්මය. එමෙන්ම මුල්ම කුලපති වරයා වූයේ සර් ඇන්ඩෘ කැල්කොට් මහතාය.
මේසේ ආරම්භවූ මේ සරසවියෙන් කෙතරම් නම් වෛද්‍යවරු, ඉංජිනේරුවන්, වාණිජවේදීන්, කලා
ශිල්පීන් ආදී විද්‍යාර්ථයින් පිරිසක් මේ
සමාජයට දායාක කරන්නට ඇත්ද? එවන්වූ පුන්‍ය භූමියක් හරහායි අපේ මේ මහනුවර දක්වා ගමන්
ගන්නා දුම්රිය මාර්ගය වැටී ඇත්තේ.
නැවතත් දුම්රියෙන් මහනුවර බලා
සරසවි උයන දුම්රිය ස්ථානයෙන් පසුව රජවත්ත,
රැන්ඩ්ල්ස් හිල් සහ සුදුහුම්පොල යන දුම්රිය ස්ථාන හමුවේ. ඉන් පසුව හමුවන්නේ මහනුවර
දුම්රිය ස්ථානයයි. මහනුවර දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 120.737
දුරකින් පිහිටන අතර මුහුදු මට්ටමේ සිට
මීටර් 512ක උසකින් පිහිටයි.
![]() |
රැන්ඩ්ල්ස් හිල් දුම්රිය ස්ථානය |
![]() |
රජවත්ත දුම්රිය ස්ථානය |
පේරාදෙණිය දුම්රිය ස්ථානයේ සිට මහනුවර
දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී ඉංග්‍රීසීන්ට හමුවූ විශාලම භාදකය වූයේ මහවැලි ගඟ හරහා පාලම ඉදිකිරීමයි. එය සදා නිම
කිරීමෙන් පසුව දුම්රිය මාර්ගයේ ඉතිරි කොටස්ද සම්පූර්ණ කර ක්‍රි.ව 1867
අප්‍රේල්
මස 25 දින මහනුවර දුම්රිය ස්ථානය විවෘත කරන ලදී. 1867 අප්‍රේල් 26 වන දින පළමු වාෂ්ප එන්ජිම මහනුවර
දුම්රිය ස්ථානයට ළඟා විය. එමෙන්ම 1867 අප්‍රේල්
30 වන
දින පළමු භාණ්ඩ ප්‍රවාහන දුම්රිය කොළඹ සිට මහනුවර දක්වා ධාවනය කර ඇත. කොළඹ සිට
මහනුවර දක්වා ක්‍රියාත්මක වූ පළමු මගී ප්‍රවාහන දුම්රිය ධාවනය කර ඇත්තේ
1867 අගොස්තු 01 වැනදාය. මේ හේතුවෙන් එතෙක් ක්‍රියත්මක
වූ අශ්ව කොච්චි යුගය නිමා විය. මුල් යුගයේ දී දුම්රිය මගී සහ තැපැල් ලෙස සේවා
දෙකක් ක්‍රියාත්මක වී ඇත. පෙරවරු 07ට අදාල අන්තයෙන් දුම්රිය ගමන් අරඹා ඇත.
කොළඹ සිට මහනුවර දක්වා ගමනට සම්පූර්ණ කාලය පැය 4.5ක් පමණ වේ.
පොල්ගවලෙ සිට මහනුවර දක්වා කොටස ඉදිකර
ඇත්තේ ෆෙඩ්රික් නෙවිල්ගේ මෙහෙයවීම යටතේය. මෙම දුම්රිය ස්ථානය ඉදිකර ඇත්තේ
දෙයියන්ගේ වෙල නමින් එකල හැඳින්වූ භූමියකය. මහනුවර දුම්රිය ස්ථානයේ
නවීන හා වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පය යන අංශ දෙකෙහිම ලක්ෂණ දැකිය හැකිය.
අලංකාරවත් ලෙස ඉදිකර ඇති මෙහි වහළයේ වක්‍රාකාර යකඩ පට්ටම් මෙන්ම දීර්ඝ තිරස් පට්ටම්ද
හැකිය හැකිය. මෙහි ආකෘතියේ මූලික ඉදිකරීම් සඳහා කොන්ක්‍රීට් භාවිත කර ඇත. දුම්රිය වේදිකා තුළ අවම බිත්ති ප්‍රමාණය සහ යකඩ
රාමු නිසා සාම්ප්‍රදායික විසිතුරු සහිත ගෘහ නිර්මාණ ශිල්පයට වඩා වෙනස්කම් දැකිය
හැකිය.
සෙංකඩගලපුර මුදුන් මල්කඩ දළදා මාළිගාවට යමු
ජීවමාන බුදුන් වහන්සේ බදු වූ බුදුන්
වහන්සේගේ වාම දන්තධාතුව වැඩ හිදින්නාවූ දළදා මළිගාවට මහනුවර දුම්රිය ස්ථානයේ සිට
ඇත්තේ ස්වල්ප දුරකි. එම දුර පාගමනින් වුවද ගමන් කල හැකිය. මහනුවර නොහොත් ඓතිහාසික
සෙංකඩගලපුර ප්‍රථම වරට දළදා මාළිගාවක් ඉදිකර ඇත්තේ පළමුවන විමලධර්මසූරිය රාජ
සමයේදීය. නමුත් එතුමන් ඉදිකළ මුල්ම දළදා මාළිගය එවකට සිදුවූ පෘතුගීසි අක්‍රමණය
නිසා විණාශ වූ බව සඳහන් වේ. අනතුරුව එම ස්ථානයේම නැවතත්
දෙවන රාජසිංහ රජු විසින් තවත් දළදා මළිගාවක් ඉදිකර ඇත. එයද ලන්දේසී ආක්‍රමණය හමුවේ
සම්පූර්ණයෙන්ම විනාශවී ගොස් ඇත.
එයින් පසුව ක්‍රි.ව 1687
දී
රාජ්‍යත්වයට පත්වූ දෙවන විමලධර්මසූරිය රජු විසින් මනරම් තෙමහල් දළදා මැදුරක් ඉදිකර
එහි දළදා වහන්සේ තැන්පත් කර පුදසත්කාර කර ඇත. නමුත් එම මන්දිරය කල් යත්ම
දිරාපත්වන්නට පටන්ගත් නිසා ඔහුගෙන් පසුව රජ බවට පත්වූ ඔහුගේ පුත් ශ්‍රී වීරපරාක්‍රම
නරේන්ද්‍රසිංහ රජු වර්ථමානයේ දක්නට ලැබෙන දෙමහල් දළදා මාළිගාව ඉදිකර ඇත. ඉන්පසුව
රාජ්‍යත්වයට පත්වූ නායක්කාර් වංශික රජවරුන්ද නරේනද්‍රසිංහ රජු විසින් ඉදිකල දළදා
මාළිගාව ප්‍රතිසංසකරණය කරවා ඇත.
වර් තමානයේ අපිට දකින්නට ලැබෙන ස්වරූපයට
ඉපැරණි දළදා මාළිගාව ප්‍රතිසංසකරණය කර ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින්ය.
අදටත් දළදා මාළිගාව ඉදිරියේ දක්නට ඇති පත්තිරිප්පුව තනවා ඇත්තේ මහනුවර අවසන් රජු
වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසිනි.
ලංකාව තුළ භීෂණයක් පැතිරී තිබූ 1989
වසරේ
දළදා මාළිගාවට අවිගත් කණ්ඩායමක් විසින් සුළු ප්‍රහාරයක් එල්ලකල බවට තොරතුරු ඇතත්
සැලකිය යුතු විනාශයක් සිදුවූ බවට තොරතුරු නැත. වර් ෂ 1998
දී
දළදා මාළිගාවට එල්ලවූ මාරගෙන මැරෙන ත්‍රස්ථවාදී බෝම්බ ප්‍රහාරය හේතුවෙන්
පත්තිරිප්පුවට මෙන්ම තවත් බොහෝ ස්ථාන වලට විශාල වශයෙන් හානි සිදුවිය. පසුව ඒවා
ඉපැරණි බවට හානියක් නොවන අයුරින් සියුම් ලෙස ප්‍රතිසංස්කරණය කර ඇත.
අඩසිය වසක් දළදා මාළිගාවට සේවය කළ රාජා හස්තියා
වසර 12ක් දළදා කරඩුව වැඩම කරවූ, මෑත කාලයේ වඩාත් ජනාදරයට පත්වූ නැදුන්ගමුවේ රාජා හස්තියා
වර් ෂ 1991 සිට වර් ෂ 2000 දක්වා දළදා කරඩුව වැඩම කරවීමට වාසනාව හිමිවූ හෙයියන්තුඩුවේ රාජා හස්තියා
ආසියාවේ දිගම දළ යුගලයට හිමිකම් කියමින් දළදා වහන්සේ වැඩම කරවීමට වාසනාව හිමි කරගත් මිල්ලන්ගොඩ රාජා හස්තියා
යුනෙස්කෝ සංවිධානය විසින් 1988
වසරේදී
දළදා මාලිගාව ලෝක උරුමයක් ලෙස නම් කිරීමෙන් අනතරුව බොහෝ විදේශීකයන්ගේ ගෞරවාදරයට
පත්වී ඇත. නන්දෙසින් පැමිණෙන විදේශිකයන් අද දළදා මාළිගාවේ මෙන්ම බෝගම්බර වැවෙහිද
සිරි අසිරි නරඹමින් නිදහසේ සැරි සරන අයුරු අද අපි කාටත් දැකිය හැකිය. බෞද්ධයාගේ
මුදුන් වලක්ඩ බදු වූ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැදපුදා ගනිමින් ආශිර්වාද ලබාගෙන
නැවතත් අපි උඩරටමැණිකේ දුම්රියෙන් බදුල්ල බලා ගමන් අරඹමු.
ඉතිරිය මීළඟ කොටසට....
(වීඩියෝ අයිතිය මුල් හිමිකරුවන් සතුය.
ඡායාරූප අන්තර්ජාලයෙනි. ඒ සියලුම දෙනාට ස්තූතිය)
සටහන
චතුරංග ජයසුන්දර