Sri Lanka

Thursday, October 17, 2013

මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා


ගොඩක් දවසකින් අලුත් දෙයක් ඔයාලට ලියන්නත් බැරි උන නිසාම මේ දිනවල හැමෝම කතා කරන ගීතයක් ගැන පුංචි පුංච් දෙවල් ටිකක් ලියන්න හිතුන අපිට. යම් යම් වැරදි තියෙන්නත් පුළුවන් එහෙම උනොත් වැරැද්ද පෙන්නලා දෙයි කියලත් අපි විශ්වාස කරනව.
ගොඩක් දවසකින් අලුත් දෙයක් ඔයාලට ලියන්නත් බැරි උන නිසාම මේ දිනවල හැමෝම කතා කරන ගීතයක් ගැන පුංචි පුංච් දෙවල් ටිකක් ලියන්න හිතුන අපිට. යම් යම් වැරදි තියෙන්නත් පුළුවන්. එහෙම උනොත් වැරැද්ද පෙන්නලා දෙයි කියලත් අපි විශ්වාස කරනව.
 
අපි අද ඔයාලට අරන් එන්නෙ බොහොම හැගුම් බර කතාවක් තේමාවෙච්ච ගීතයක්. ඒ තමයි ජයන්ත චන්ද්‍රසිරි මහත්තයගෙ "සමනල සංධිවනිය " සිනමා සිත්තමේ එන "ඉකි ගසා හඩන අතීතයක" කියන ගීතය. අද ඉතින් අපිට දැනෙන විදියට මේ ගීතය ගැන යමක් කියන්නයි අපේ උත්සාහය.

අමරසිරි පීරිස් මහත්තය කියන්නෙ පුදුමාකාර ආත්මීය ගීත ශෛලියකින් අපේ හදවත් ස්පර්ශ කරපු ගායන ශිල්පියෙක්. ඔහුගෙ ගැඹුරු කටහඩ මේ ගීතයට යොදාගැනීම තුළින් පද රචනයේ ඇති අපූර්වත්වය තව තවත් වැඩි කරල තියනව. ඒ නිසාම මේ ගීතය අපේ හදවත් බොහොම අපූරුවට ස්පර්ශ කරනව කියලයි අපිනම් හිතන්නනෙ.

ගීතයේ මුල් පද පේලි කිහිපය මේ වන විටත් අපේ හදවත් වලට ගොඩක් සමීපයි. ඒ අතරින් “මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා" කියන කොටස කොයි කාගෙත් හදවත් වල ලැගුම් ගෙන හමාරයි.

ඉකි ගසා හඩන අතීතයක 
කදුළු එක්ක ගනුදෙනු කරනා 
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා

අපි ඇත්තටම මේ කාරණය ගැන ඒ තරම්ම නොවුනත් යම් ගැඹුරකින් හිතල බැලුවොත් කොයි තරම් කුරිරු හදවතක් උනත් ආදරය හමුවේ පරාජය වෙනව. කොයි තරම් රළු පිරිමි හදවත් උනත් තමන් කැමති ආදරේ අහිමි උනාම ඒ ආදරේ ළග හඩා වැටෙනව. මේ කියන කෙනත් අනිත් අයට වඩා අසම සම විදියට ආදරේ කරල කියනව. සමහර විට අනිත අය විදිනවට වඩා බොහොම වෙන්ස විදියට ඔහු ආදරේ විදින්න ඇති. ඒකයි ඔහු කෑගහල කියන්නෙ මට මගේ නොවමෙගේම ආදරයක් තිබුන කියල.

හීනෙන් හිනැහී තුන් යම මා රවටා 
මැදියම් මහා රෑ අදටත් දුක ඉගිලෙනවා 
නින්දෙන් ඇහැරි කලුවරේම යලි සොයනා 
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තුබුණා.....

ආදරය කියනදේ කොයි තරම් නම් අපේ හදවත් වලට දැනෙනවද කියනදේ සහෘද පාඨකයාට මේ රචකයා බොහොම අපූරුවට ඒත්තු ගන්වලා තියනව. අපි ආදරේ කරල ඒ ආදරෙන් පැදුනාට පස්සෙ උනත් ඒක සිහි කරන්න කැමතියි. ඒක දුකක් උනත් අඩුම තරමින් සිහිනෙන් හරි ඒකෙ රසය විදගන්න කැමති. තමන්ට අයිති නැති උනත් කවුරුද අකමැති හීනෙන්වත් එතෙන්ට ළං වෙන්න.

රිදුමක් වගේ කිසිදා සුව නොවෙනා 
සුසුමින් විතරක් නිරතුරුවම විදවනා 
උහුලනු බැරි තැන උණු කදුළු ම වගුරුවනා 
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා 


ඇත්තටම අපි ආදරෙන් පැරදුනාම මුළු ලෝකෙම එපා වෙනව අදහස් නැතුම යනව කමක්ද කරන්න ඕන කයල හිතා ගන්න බැරුව යනව. ගීතයේ අවසන් කොටසින් මොහු කියන්නෙ ආදරේ ඇති ඒ විරහමේ වේදනාත්මක හඩයි. සැබැවින්ම එය කිසිම දාක සුව කල නොහැකි වන අයුරින් රිදුම් තුවාල සිත තුල සිදු කර හමාරයි. ඔහුට ඉතිරිවී ඇත්තෙ සුසම්ම පමණයි. උහුලනු බැරිව කදුළු ලෙසින් ගලා යන්නේ ඒ වේදනාවමය.

අපි අවසන් වශයෙන් මේසේ කියමු. ජීවිතයේ කෙදිනකහෝ ඔබටත් දැනේවි "මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා "

ගීතය මෙතනින් බාගන්න. http://www.ananmanan.lk/free-sinhala-mp3/song/2344/iki-gasa-handana-atheethayaka-amarasiri-peiris-sinhala-mp3.html 

ඉකි ගසා හඩන අතීතයක 
කදුළු එක්ක ගනුදෙනු කරනා 
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා

හීනෙන් හිනැහී තුන් යම මා රවටා 
මැදියම් මහා රෑ අදටත් දුක ඉගිලෙනවා 
නින්දෙන් ඇහැරි කලුවරේම යලි සොයනා 
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තුබුණා.....

රිදුමක් වගේ කිසිදා සුව නොවෙනා 
සුසුමින් විතරක් නිරතුරුවම විදවනා 
උහුලනු බැරි තැන උණු කදුළු ම වගුරුවනා 
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා


    




            

3 comments:

  1. https://www.facebook.com/profile.php?id=100003522043398&ref=tn_tnmn

    මේක ලියන කෙනෙක් මට රික්වෙස්ට් එකක් එවන්න . මැසේජ් එකකුත් දෙන්න මේ බ්ලොග් එකේ කියලා . මේක පබ්ලිෂ් කරමු .
    සුභ පතනවා !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහොදරය අපිට උදව් කරන්න ඉදිරිපත් වෙච්ච එකට. අපි බුවනෙකබා යෞවන සමාජය යාපහුවෙන්. ඓතිහාසික යාපහුව රාජධානියේ යාපහුව රජමහා විහාරය මූලික කරගෙන තමයි අපි අපේ හැම සමාජ සේවයක්ම දියත් කරන්නනෙ. අපිට උදව් කරන් ඉදිරිපත් වීම ගැන යෞවන සමාජය වෙනුවෙන් සභාපති හැටියට ඔයාට ගොඩක් ස්තූතිවන්ත වෙනව.

      Delete