පොඩි විවිධත්වයක්
දැනෙන්නත් එක්ක අද මේ කතාව ලියන්න හිතුන. හැමදමත් වගේ කියන්න ඕන මුලින්ම මේක
ලියන්නෙ පොඩ්ඩක් හිනා වෙලා අපේ ලේ පිරිසිදු කරගන්න මිසක් කාටවත් අපහස කරන්න නම්
නෙමෙයි. මම දන්න තරමට මේ සිද්ධිය ඇත්තටම වෙලා තියනව. එත් කතාවෙ එන යම් යම් කොටස්
කතාව පසුකාලීනව කියපු අය කතාව රසවත් වෙන්න එකතු කරපුව. ඒ කොහොම වෙතත් යම් ඇත්තක්
තියනව. මොකද මේ සිද්ධියට සමබන්ධ අයගෙන් කෙනෙක් තාමත් අපි අතර ඉන්න හන්ද. ඔහු අතින්
තමයි කියවුනේ මේ දෙය.
යාපහුව රාජධානිය
කියන්නෙ ලංකාවේ හතරවෙනි රාජධානිය. අනික් තැන් වල වගේම යාපහුව රාජධානියෙ ඇතුළු නුවර
තුළ සහ යාපහුව පර්වතය අවට නිම්නයෙත් නිධන් සැගවිලා තියනව කියල බොහෝ අය විශ්වාස
කරනව. ඒ අතරින් මොණරා කන්ද අවට නිධන් බොහොමයක් වැළලිලා තියනව කියල ගැමි විශ්වාසයක්
තියනව. ඔයාල යාපහුවට ඇවිල්ල තියන කෙනෙක් නම් අර ලෝක ප්‍රසිද්ධ සිංහ රූප දෙක ළග
ඉදන් ඈත බැලුවම ලගින්ම පෙනෙන කන්ද තමයි මොනරා කන්ද. දැන් දැන් ඒ ළගට යන්න පුළුවන්
උනාට ඉස්සර නම් හරිම අමාරුවෙන් තමයි ඒ ළගට ගිහින් තියෙන්නෙ. මතයක් තියනව යාපහුවෙ
පළවැනි බුවනෙකබාහු රජ්ජුරුවො යාපහුවෙ ඉදන් උමගක් හෑරුවලු මොනරා කන්දට හදිසි
අවස්ථාවකදි පැනයන්න. තාමත් ඒ උමගය හමු වෙලා නැතත් මොනරා කන්දෙ නම් ආදරක්ෂකාරී ගල්
ගුහා 2ක් තියනව. ඒ හන්ද මේ කතාව පිළිගන්නත් පුළුවන්.
![]() | ||||||
මොණරා කන්ද යාපහුව දාළදා මාළිගාවේ පිවිසුම් දොරටුව අසළට පෙනෙන අයුරු |
ඉස්සර කාලෙ නිධන්
වළදැම්මට නිදන් හොයාගන්න ලේසි වෙන්න නිධන් වදුලු ලියල තියනව. ඒකෙ කියල තියෙන
විදියට ගියාම නිධානය ගන්න පුලුවන් කියල තමයි ජනප්‍රවාද වල එන්නෙ.
හරි දැං අපි අපේ
කාතාවට එමුකො. කොහොමින් කොහොමින් හරි යාපහුවෙ මේ මොණරා කන්දෙ තියන නිධානයක් ගැන
ලියපු වදුලක් හොයාගත්ත කොළඹ පැත්තෙ මහත්තයෙක් එනව අපේ කළුබණ්ඩා කිරිඅත්ත එහෙම
නැත්තං කළුබංඩා ගුරන්නාන්සෙ හොයාගෙන.
කළුබණ්ඩා කිරිඅත්ත කිවුවම පැත්තම හොල්ලපු ගුරෙක්. යක්කු පන්නන්න, පෙරේතයෝ
අල්ලන්න, ඇපනුල් දාන්න, ඔය එකී මෙකී නොකී ඕනම ගුරු කමකට නම් දරපු කෙනෙක් තමයි. අර
මහත්තයත් කළුබණ්ඩා කිරිඅත්ත ගැන දැනගෙන තියෙන්නෙ මෙයාගෙන් සාත්තුවක් කරගත්ත එහෙ පැත්තෙ
කෙනෙක්ගෙන්. මහත්තය ඇවිත් හෙමින් සීරුවෙ කළුබණ්ඩා කිරිඅත්තට විස්තරේ කිවුව. ඒත්
කළුබණ්ඩා කිරිඅත්ත නිධන් ගැනිල්ලෙ තියන භයානක කම දන්න හන්ද මුලින් බැහැ කිවුව. ඒත
මහත්තය ඒකට ලොකු ගානක් දෙන්න පොරොන්දු වුන හන්ද වැඩේට කැමති වුනා. හැබැයි මහත්තය
දන්නව පොරොන්දු වන ගාන දුන්නැත්තං තමන්ටත් ගුරාගෙන් ගැලවිල්ලක් නැති බව.
ඔන්න ඉතින් හොද
වෙලාවක් බලල වැඩේට දවසක් එහෙම කතිකා කරගත්ත. ඕන කරන අඩුම කුඩුම ටිකත් ලෑස්ති
කරගත්ත. කළුබණ්ඩා කිරිඅත්තගෙ හොදම ගෝලයා තමයි කිරිහාමි මාමා. කිරිහාමි මාමා ඒ දවස්වල
අඩි 6ක් විතර උස ඕන දෙයක් දුවල පැනල කරන කෙනෙක්. හැබැයි ඉතින් හෙන ගංජා කාරයා.
මෙදත් ගංජා සුරුට්ටුවක් එහෙම ඇදල තමයි ගිහින් තියෙන්නෙ. ඉතින් කාටත් රහසෙ රෑ
මැදියම් ජාමෙ තුන්දෙනා එකතුවෙලා වැඩේ පටන්ගත්ත. මළ බුලත් තට්ටුවක් එහෙම හදල
කළුබණ්ඩා කිරිඅත්ත වැඩේ පටන්ගත්ත. කිරිය මාම තමයි පන්දමට දුම්මල ගහන්නෙ ඒ වගේම
අනික් ආවතේව ඔක්කොම.
ඔන්න කොහොමින්
කොහොමින් හරි ජාමෙ බලල කළුබණ්ඩා කිරිඅත්ත මතුරන්න ගත්ත. මතුරන්න පටන් අරන් ජාමයක්
ගියාම වටේ පිටේ ගස් එහෙම හෙලවීගෙන එනව දැනුන. එතකොටම ඇහුනලු යටිගිරියෙන් හූවක්. ඒත්
එක්කම කිරිහාමි මාමා අර ගංජා මතෙන්ම ගැහුවලු පන්දමට දුම්මල පාරක්. කළුබණ්ඩා කිරිඅත්තට දැනුනලු මේ නම් භහිරවය තමයි
කියල. තවත් ජාමෙකින් අයෙත් ඇහුනලු දෙවෙනි හූවත්. දැන්නම් කිරිඅත්තට හොදටම
විශ්වාසයි මේනම් භහිරවයම තමයි කියල. ඒ පාර උන්දැ තවත් පරල වෙලා මතුරන්න ගත්තලු.
එතකොටම තුන්වෙනි හූව ඇහෙනවත් එක්කම මළ බුලත් තට්ටුවට වැදුනලු පයින් පාරක්. ඒත
එක්කම කිරිඅත්ත කෑගැහුවලු "කිරියො වැඩේ
හරියන්නෑ පැනගං පැනගං" කියල.
කළුබණ්ඩා කිරිඅත්ත
කොහොහොමින් හරි වැටි වැටී හති දාගෙන ගෙදරට දුවගෙන ආවලු. ඇවිත් කිරි අම්මට
කෑගැහුවලු කෙල්ලම්මෙ කෙල්ලම්මෙ වතුර ටිකක් මෙහාට ගෙන කියල. (කෙල්ලම්මෙ කියන්නෙ
කෙල්ලන්ගෙ අම්මෙ කියන එක නොවැ) අරුන්දැත් ලෙඩගානෙ ඉදල තියෙන්නෙ. උන්දැ කොන්ද ඇද ඇද
පුංචි පොල් කට්ටකට වතුර ඩිංගක් ගෙනත් දුන්නලු. කළුබණ්ඩා කිරිඅත්ත බය වෙච්ච බය
විල්ලට ඒ වතුර ටික මදි. උන්දැ විසික්කලු පොල්කට්ට පැත්තකට කලේම අරන් කට තියාගෙන
හිස් වෙනකල්ම බීලලු කලේ බිමින් තිබ්බෙ.
ඒ දවස් වල කුඹුරු
වපුරපු අලුතමයි. දිනදාස මාම පහුවදා උදේ කලන්දා වපුරපු කුඹුර බලල එන්න කියල ගියාලු
මොණරා කන්ද පාමුල වෙලට. එකට කියන්නෙ අඹගහ වෙල කියල. ගිහින් ඇවිත් ඒ නැන්දත් එක්ක
කියනවලු "ඈ සාන්තලගෙ
අම්මෙ.. ඊයෙ රෑ අපේ වෙල මැද්දෙන් එකෙක් දුවල තියනව පුදුම දිවිල්ලක් දුවල තියෙන්නෙ.
නියරෙ එක අඩියයි ලියද්ද මැද්දෙ එක අඩියයි... නියරෙ එක අඩියයි ලියද්ද මැද්දෙ එක
අඩියයි..." කියල.
බැලින්නම් මේ කියල තියෙන්නෙ කිරිහාමි මාමාගෙ දිවිල්ල ගැනනෙ. ඒ දවස් වල තිබිල
තියෙන්නෙත් වී ලාහක් විතර ඉහෙන ලොකු ලියදු. බය වෙච්ච බයවිල්ලට කිරියා මාම ගංජා
මතෙන් පුදුම දිවිල්ලක් තමයි දුවල තියෙන්නෙ.
උදේ වෙද්දි කොහොම හරි
කට්ටියට වැඩේ ආරන්චි වෙලා. කට්ටිය එකතුවෙලා ගිහින් කොළඹින් ආව මහත්තය හොයන්න. අඹගහ
වෙල කෙලවරේ තියනව ගල් ළිද කියල රජ කාලෙ ළිදක්. කටිටිය ගිහින් බලද්දි මහත්තය කලුවරේ
දුවද්දි ළිදට වැටිල ඉන්නවලු වැලක එල්ලීගෙන දිය බරිය වගේ තෙමීගෙන. කට්ටිය සෑහෙන්න
මහන්සි වෙලා තමයි මහත්තය ගොඩ අරගෙන තියෙන්නෙ.
ඔන්න කළුබණ්ඩා
කිරිඅත්තගෙ නිධන් ගැනිල්ලෙ රග.................
No comments:
Post a Comment