කාර්ය බහුල කාලයක් නිම කරල ආයෙත් ඇවිත්
ඔයාලට යමක් ලියන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටුයි ඇත්තටම. මම යන මොහොතෙ ගොඩක් අය මට
සුභ පතල තිබුණ. ඒ හැම දෙනාටම හදවතින්ම ස්තූති කිරනව මම. ඒ හැමෝම මගෙ නිර්මාණ අගයන
නිසා ඒ අය වෙනුවෙන් පුලුවන් හැම වෙලාවකම යමක් ලියන්න ඕන කියන අදහස හැම වෙලාවකම
හිතේ තියනව. පහුගිය කාල සීමාව තුළ මගතොටේ දැක්ක දේවල් එක්ක යම් යම් දේවල් ලියන්න
අදහස් ගොඩක් තිබ්බත් අපේ බොඩිමේ යාලුවෝ ටික බොහොම ආසාවෙන් බලපු සින්දුවක් තිබ්බ. ඒක ගැන තමයි මුලින්ම ලියන්න
හිතුවෙ.
අපි අපේ තාත්තලට ගොඩක් ආදරේයි. එත් සමහර
වෙලාවට පුංචි කාලෙ අපිට තාත්තලා අවවාද කලාව තරහ යනව. ඒත් ඒ අවවාද කොච්චර වටිනවද
කියල අපිට තේරෙන්නෙ ගොඩක් කල් ගියාම. එතකොට තමයි අපි දරනගන්නෙ එයාල එහෙම කරන්නෙ
අපිව යහමගට ගන්න කියල. ඒ වෙලාවෙ අපේ හතුරෙක් වගේ තාත්තව අපිට පෙනුනට මේ දේවල්
තේරැම් ගන්න ගන්න තමයි තේරෙන්න තිස්තුන් කොටියක් දෙවිවරු හිටියත් ළගින් ඉදන් අපිව
රකින එකම දෙවිය තාත්ත කියල.
මෙන්න මේ වගේ සරල තේරුමක් තමයි මම අද
තෝරගත්ත මේ "තාත්ත මට ඇනපු
ටොක්ක දවාලෙ තරු පෙනුනා" කියන ගීතයෙ ගැබ් වෙලා තියෙන්න. මේ ගීතය තෝරගන්න
හිතුනෙ බොහොම විශේෂ කාරනා කීපයක් හන්ද. මේ ගීතය අපි කවුරුත් හොදින් දන්න ගීතයක්.
මේ ගීතය ගායනා කරන සුනිල් පෙරේරා මහත්තය පහුගිය දවසක දෙරන රූපවාහිනියෙ ඩෙල්
ස්ටුඩියෝ වැඩසටහනේ බොහොම අපූරුවට ගායන කරල තිබ්බ. ගීතයට විරිදු කොටස් කීපයක් එක්
කරල අමුතුම අලංකාරයක් ගීතයට ආරෝපනයකරල තිබ්බ. මේ විරිදු කියන ශිල්පියාගෙ නම මට
හරියටම මතක නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් කරුනා කරල මතක් කරන්න කියල ඉල්ලනව. ඉතින්
මේ වරිදුවත් එක්කම රබාන සහ නව සංගීත සයෝජනයක් එක් කරල අපිව අමුතුම චමත්කාර ජනක
ලෝකයකට අරන් යන්න මෙහි නිර්මාපකයන් සමත් වෙලා තියනව. ඒ ගීතයත් එක්ක විරිදු සහ රබන්
සුරල් එක් වුනාම දැනෙන මිහිරියාව මොන වගේද කියල වීඩියෝව නරඹලාම බලාගන්න. ගීතය
හැමෝම දන්න හන්ද ගීතයට ඇතුලත් කරල තිබුන විරිදු පද කීපය විතරක් මේ විදියට පල කරන්නම්.
තිස්තුන්
කොටියක් දෙවියෝ ඉන්නව කිවුවාට ලොවේ
පස්සෙන් ඉදගෙන
මාව රැක්ක එකම දෙවිය ඔබයි භවේ
රැව්ව ගමන්
එකපාරක් දෙවියො කෝප වෙලා වගේ
හිටියානම් ඔබ
මා ළග තාත්තෙ කොච්චරද අගේ
දෑතෙම කරගැට
දාලා ඒවත් ගානකට නැතිව
හැම සතේම
වියදම් කලේ දරු සෙනෙහස හිතේ ඇතිව
කට්ටි පැනල
වෙට්ටු දාල හැන්දෑවට ගෙර එද්දි
කෝටි ගණන්
කදුළු වැටුණු තිබුනා තව ගොඩක් සිද්ධි
තාත්තාගෙ
ටොක්කට වදිමි දෑත් එක්කොට
තාත්තාගෙ
ටොක්කට වදිමි දෑත් එක්කොට
මට්ටු කරන්නට
අපි හට දඩුවම් දුන්නේ නැතිනම්
තුට්ටු දෙකක්
අතේ නැතිව අපි විදින්නෙ අසරණකම්
සංගීතයෙ අකුරු
හතර ඉගෙන ගනින් පුතේ කියා
පෙන්නා දුන්
හරි පාරේ සංගීතේ ගමන ගියා
තාත්තගේ ආදරේ
වාගෙයි මහ සාගරේ
තාත්තගේ ආදරේ
වාගෙයි මහ සාගරේ
වීඩියෝව පහලින්
බලන්න...
No comments:
Post a Comment