පොඩි දරුවන්ගෙ
ලෝකය ගැන අපි හැමදමත් කතා කරනව. අපි කවුරුත් ආසයි අපේ පුංචි කාලය ගතකරපු හැටි මතක්
කරන්න. සේල්ලම් කරපු හැටි අහල පහල අය එක්ක රන්ඩු කරගත්ත හැටි. වැරදි කරල බැනුම්
අහපු හැටි. මේ හැමදෙයක්ම මතක් වෙනකොට දැන්නම් පුදුම සතුටක් දැනෙන්නෙ. හැබැයි ඉතින්
සමහරුන්ට නම් මතක් කරන්න තරම් ලස්සන පුංචි කාලයක් තිබුනෙ නැති වෙන්න පුලුවන්. ඒක
ඉතින් ලෝක ස්වභාවයනෙ.
මම මේ කියන්න
යන සිදුවීම උනේ මම කැම්පස් එකේ විභාගය ලියන දවස් වල. ඇත්තටම මේක මම ඇහුව දෙයක්. මගේ
බෝඩිම තිබුනෙ කිරුලපන. බෝඩිමේ ඉදන් කැම්පස් එකට එන්න ඕන මුඩුක්කු නිවාස පේලි දෙකක්
අතරෙන් අවිස්සාවේල්ල දෙසට දිවෙන රේල් පාර දිගේ. එක දවසක් මම උදේම එනකොට වැඩට යන
මිනිස්සු කට්ටියක් එනව පාර දිගේ. එක්කෙනෙක් දිග කතාවක් හයියෙන්ම. ඔහු කිවුඅව
විදියටම කතාව කියනවනම්.....
"මචං අපේ දුවලගෙ විභාගයට චිත්‍රයක් අදින්න
දීල තිබුන රෑට අහසෙ පේන දේවල්. අපේ දුව නම් හදකුයි තරු දෙකකුයි ඇන්දලු. දුවලගෙ
මිස් චිත්‍ර බලද්දි තව ළමයෙක් ඇදලලු හොලුමන් දෙකක් ඉන්නව."
මේක ඇහෙද්දි
මට දැනුනෙ දරුවන්ගෙ ලෝකෙ ඇත්තටම මල් වගේ නේද කියල. තමන්ට අහන්න දකින්න ලැබෙන දේවල්
තමයි දරුවන්ගෙ හිත් තුළ තියෙන්නෙ. අපි පුංචිකාලේ කෑම කන්නැතුවම අම්මලා අපිව බය
කරනවනේ කලුවරේ හොල්මන් එනව කියල. මේ දරුවගෙත් ඉතින් හිතේ තිබිල තියෙන්නෙ රෑට තමයි
හොල්මන් එන්නෙ කියන හැගීම. දරුව වැරදි නැහැ ඉතින්.
මේ දේවලුත්
එක්ක මට දැනෙන වැදගත්ම දේ තමයි දරුවන් හැම වෙලාවෙම මතකයේ තියාගන්නෙ තමන්ට ඇහෙන
දකින දේවල්. ඒ නිසා දෙමව්පියන් ගොඩක් පරිස්සම් වෙන්න ඕන තමන්ගෙ වයසට නොගැලපෙන්
දේවල් දරුවන්ට ස්පර්ශ වෙන්න නොදී තියාගන්න. මොකද දරුවන්ට මේ හැම දෙයක්ම ඉතා
ඉක්මනින් වගේම ඉතා තදින් මතක හිටින හන්ද.
ඉතින් නන්ද
මාලනිය ගයන මේ ගීතයෙත් තියෙන්න මල් වගේ දරුවන්ගෙ ලස්සන ලෝකය ගැනම තමයි.
මල් කියන්නෙ
කාට කාට
ළමයින්ටයි පාට පාට….//
පෙළක් ළමුන් සුවඳ ගොඩයි
පෙළක් ළමුන් හරිම හැඩයි….//
පාසල මේ ළමයින්නේ
පොළොව යටයි නොපෙනෙන්නේ….//
තදින් වැස්ස වසින කලේ
මල් පාසල වතුර වලේ….//
වතුර පිරෙන වැහි කාලේ
නිවාඩු දෙයි ඉස්කෝලේ….//
නිවාඩුවට ඇඳුම් ඔපේ
පෙන්වා මල් ළමුන් පිපේ….//
මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට….//
පෙළක් ළමුන් සුවඳ ගොඩයි
පෙළක් ළමුන් හරිම හැඩයි….//
පාසල මේ ළමයින්නේ
පොළොව යටයි නොපෙනෙන්නේ….//
දැන් මල් පාසල් නිවාඩු
ළඟදී අපටත් නිවාඩු…//
ගායනය/තනුව: නන්දා මාලිනී
ළමයින්ටයි පාට පාට….//
පෙළක් ළමුන් සුවඳ ගොඩයි
පෙළක් ළමුන් හරිම හැඩයි….//
පාසල මේ ළමයින්නේ
පොළොව යටයි නොපෙනෙන්නේ….//
තදින් වැස්ස වසින කලේ
මල් පාසල වතුර වලේ….//
වතුර පිරෙන වැහි කාලේ
නිවාඩු දෙයි ඉස්කෝලේ….//
නිවාඩුවට ඇඳුම් ඔපේ
පෙන්වා මල් ළමුන් පිපේ….//
මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට….//
පෙළක් ළමුන් සුවඳ ගොඩයි
පෙළක් ළමුන් හරිම හැඩයි….//
පාසල මේ ළමයින්නේ
පොළොව යටයි නොපෙනෙන්නේ….//
දැන් මල් පාසල් නිවාඩු
ළඟදී අපටත් නිවාඩු…//
ගායනය/තනුව: නන්දා මාලිනී
No comments:
Post a Comment