Sri Lanka

Tuesday, September 9, 2014

බුවනෙකබා අපේ වාර්ෂික චාරිකාව (නුවර එළිය - හපුතලේ)




ඔන්න අපි මේ වතාවෙත් සුපුරුදු විදියටම අපේ වාර්ෂික චාරිකාව ඉතාමත් සාර්ථකව පසුගිය 6,7 දින දෙක තුළ නිම කලා. මේ වතාවෙ අපි ගියෙ අති සාර්ථක 10 වෙනි චාරිකාව. බොහොම අමාරුවෙන් තමයි කට්ටිය එකතු කරගත්තෙ. මොකද ඉතින් කට්ටියම කාර්ය බහුලනෙ.

උදේ පාන්දර 5 වෙද්දි අපි ගමන පිටත් වුනේ අපේ සංජීව මල්ලි ගම් භාර දෙවියන් සිහි කරල ගහපු පොල් ගෙඩියෙන් පස්සෙ. පුරුදු විදියටම දැදුරු ඔයේ දේවලය ළගින් දෙවියන්ට පඩුරු දාල අශිර්වාද අරන් තමයි ගියෙ. මොකද අපේ සීමාව දැදුරු ඔය හන්ද ඒ සීමාව පහු කරන හැම වෙලාවකම අපි දෙවියන් සිහි කරල තමයි එතන පහු කරල යන්නෙ. මොකද එතනින් පිට වෙන විදියටම අපි ආපහු එන්න ඕන.

කලින් දවස් ගානක් එක දිගට වැස්සත් මේ දවස නම් අපිට වැස්සෙන් බාධාවක් අවෙ නැහැ. ඉතින් අපි කුරුණෑගල පහු කරගෙන කටුගස්තොට හරහා අදේ 8 විතර වෙනකොට මහනුවරට ආව. අපි මහනුවරින් බැහැගත්තෙ මුලින්ම දලදා වහන්සේගෙ ආශිර්වාදය ලබාගෙන ගමනෙ ඉතිරි හරිය යන්න.

දළදා මාළිගාව



වන්දනීය රාජා හස්තියා







අපේ වාහනේ ෆිල්ටරේක පොඩ් ප්‍රශ්නයක් වුන හන්ද එතනදිම අපිට උදේ කෑම කන්න වුනා. ඒ ගැරෙජ් එකේ හිටපු අයිය අපිට ගොඩක් උදව් කලා. ඒ අයියට ගොඩක් ස්තූතියි.

ඉතින් අපි එතනින් පිටත් වුනේ කෙලින්ම නුවර එලියට යන්න. පේරාදෙනිය, ගම්පොල හරහා අපි කෙලින්ම නුවර එළියට ආව. ටික ටික නුවර එළියට ළං වෙනකොට නම් නුවර එළියෙ සුපුරුදු සීතල දැනෙන්න ගත්ත. ඒත් මේ කාලෙ පායන කාල හන්ද සීතල ගොඩක් අඩුයි. ඉතින් නුවර එළියෙන් බදුල්ල පාරෙ ටික දුරක් ගිහින් අවිස්සාවේල්ල පාරට හැරිල ටික දුරක් ගිහින් තමයි හෝර්ටන් තැන්නට යන්න හැරුනෙ. 

ටික දුරක් ඒ පාරෙ යද්දි ඉතින් අපිට හම්බ වෙනව අඹේවෙල ෆාම් එක. කදු අතරෙ හරක් තනකොල කකා ඉන්න දර්ශනයනම් මාරම ලස්සනයි. ඒත් දුක කියන්නෙ අපිට ෆොටෝ එකක් ගන්න තරම් ලග පාතක නෙමෙයි උන් හිටියෙ. ඊළගට ඒකත් පහු කරගෙන ලංකාවෙ උසම ස්ථානයක පිහිටලා තියන දුම්රිය ස්ථානය වන පට්ටිපොල එහෙම පහු කරගෙන අපි ඉස්සටහට ගිහින් හෝර්ටන්තැන්න ලං වෙලා පොඩ්ඩක් නැවැත්තුවා. කටිටියට පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න

මේ අපේ පිස්සුම සෙට් එක



එතන ඉදන් ටික දුටරක් ගියාම හම්බ වෙන්නෙ ඉතින් ඉතාම දුෂ්කර මාර්ගයක් තමයි හෝර්ටන් තැන්න උඩට යන්න.  අපේ වාහනේ පොඩි එකක් හන්ද ඉතින් අවුලක් නැතුව උඩටම ආව.
හොර්ටන් තැන්න


දවල් කෑම අපි හොර්ටන් තැන්නෙ ඉදන් කාල තමයි ඇවිදින්න යන්න පිටත් වුනේ. 

ඒ වෙනකොට වෙලාව 2.30ට විතර. ගොඩක් පරක්කු වෙලා. මොකද කිලොමීටර් 6කට වඩා ඇවිදින්න තියනවනෙ. හෝර්ටන් තැන්න පුරා ඇවිදන ගෝන්නු දිහා නම් කොච්චර බලන් ඉදියත් එපා වෙන්නෙ නම් නැහැ.





 
 හවස 4.30 වෙනකොට යන්තම් අපි බේකර්ස් ඇල්ල ලගට නම් ආව. වැස්ස අඩු හන්ද බේකර්ස් ඇල්ලෙ වතුර නම් ගොඩක් අඩුයි. 
බේකර්ස් ඇල්ල

  

එතනින් එහාට යනවද කියල හිතාගන්න බැරුව අපි හිටියෙ මොකද වෙලාව මදි වෙන හන්ද.
 

තීරණයකට එළැඹීමට නොහැකිව




එත් එක්කම වැස්සක් කඩා වැටුන හන්ද අපි ආපහු හරුන ලෝකාන්තය නොබලම.

හෝර්ටන් තැන්නෙ ඉදන් ඔහිය, බොරලන්ද හරහා හපුතලේ තමයි අපේ ගමනාන්තය තිබුනෙ. ඒත් හෝර්ටන් තැන්නෙ ඉදන් ඔහිය මාර්ගය ඉතාම දුෂ්කර එකක්. ලේලන්ඩ් බස් වලින් එහෙම යන අයට අපි කියන්න ඕන මේ මාර්ගයේනම් යන්නම එපා. ලොකු බස් වලට යන්නම බැරි පාරක්. නිකන් අමාරුවේ වැටෙන්නයි වෙන්නෙ. එක් බස් එකක් වංගුවක් ගනිද්දි හිර වෙලා පැය දෙකක් අපිට ඉන්න වුනා යන්න බැරුව. 

අපේ බස් එක


ඉතින් අවසානෙදි අපි ආව අපේ නවාතැන වන අපේ හිතවත් රංජි අයියගෙ නිවහනට. රංජි අයියටයි ජානකී අක්කටයි ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වුනාට.
නවාතැනේ ඉන්නකොට අපිට හපුතලේ අවට සුන්දරත්වය හොදට බලාගන්න ලැබුන. අපි දැක්ක සුන්දරම දර්ශනය දහයි කන්ද මුදුනෙන් දුම්රිය ගමන් කරන එක. ඒක හරිම ආකර්ශනීය දර්ශනයක් වුනා.
උදේ එන්න පිටත් වෙන්න කලින්


කොච්චිය කන්ද උඩින් ගියෙ කොහොමද කියල බලන්නකො මෙතනින්
 


 

පහුවද උදේම අපි ගියෙ දියලුම ඇල්ල බලන්න. ඒත් අපේ අවාසනාවට ඇල්ලෙ වතුර බොහොම පොඩ්ඩයි තිබුනෙ.
දියලුම ඇල්ල


අපේ ඊළග ගමනාන්තය වුනෙ ලිප්ටන් සීට්. අපි හිතනව සංචාරකයින් හැටියට යන්නම ඕන තැනක් කියල. මොකද මෙ තැනට දේශගුනික කලාප දෙක තුනකම පරිසරය දකින්න පුලුවන්. හපුතලේ නගරයේ ඉදන් බොහොද දුෂ්කර මාර්ගයක ගිහින් දඹේතැන්න වතුයාය හරහා ගිහින් තමයි මෙතෙන්ට යන්න පුලුවන්.
 
හපුතලේ කන්ද නගිනකොට බඩ දනව කිවුවට අපිත් පොඩ්ඩක් වට පිට බැලුව

තේ වතු මැද්දෙන් ලිප්ටන් සීට් වෙත


ලිප්ටන් සීටි උඩදි අපේ කට්ටිය

ලිප්ටන් සීට් එකට පහල පේන විදිය






ලිප්ටන් සීට් එක මුදුනෙදි ඉතින් කට්ටියම පැටිස් එකක් කලා කහට කෝප්පයක් බිවුව


ලිප්ටන් සීටි ඉදන් ආපු අපි ඊලගට යන්න පිටත් වුනේ ඇඩිෂම් බංගලාව බලන්න. මගෙ ජීවිතේ අමතකම නොවන තැනක් තමයි මෙතන. අපිට නම් දැනුනෙ එංගලන්තෙට ගිහින් ආව වගේ. අපි පුංචිකාලෙ බලපු රොබින් හුඩ් එකේ තිබුන නොටින් හැම් බලකොටුව වගේ මේක. මේතනට ඇතුලුවෙනකොට අපිට දුන්න ප්‍රෙව්ශ පත්‍රයෙ තමයි මේ විස්තරය තිබුනෙ

ශාන්ත බෙනදික් තාපසාරාමය
ඇඩිෂම් - හපුතලේ
1931 වසරේ ඉංග්‍රීසි ජතික වතු කළමනාකරුවෙකු වූ තෝමස් ලිස්ටර් විල්යස් ශ්‍රීමතාණන් විසින් සම්පූර්ණ කළු ගලින් සාදන ලද මන්දිරය "ඇඩිෂම්" යනුවෙන් හැදින්වේ. නගරබද ශබ්දන්ගෙන් හා ශ්‍රීෂ්මයන්ගෙන් ගත සිත විකෘතිව සිටින්නන් සීතල කදුකරයේ සුන්දරත්වය සොයා යන ගමනේ දී නැරඹිය යුතුම ස්ථානයකි මේ මන්දිරය.
විශාල වෘක්ෂයන්ගෙන් ගහන වූ මේ වනාන්තරය මැදින් ගමන්කොට මනාව සකසන ලද මල්වත්තෙන් හා පලතුරු ගස් අතරින් ඇදී එන්නෙකුට මනස්කාන්ත කදුවැටි වලින් ආවරණය වූ තේජවන්ත බලකොටුව දර්ශනය වේ.
බුරුම තේක්ක ලීයෙන් සෑදුන වහලයද වහලය උඩ ඇති වාතාශ්‍ර කවුළුද පෞරාණික ගෘහ භාණ්ඩද මාළිගය සාදා ඇති ගෘහ නිරිමාණ ශිල්පයද ඔබව මවිතයට පත් කරයි.
1961 දී මෙම මන්දිරය සිල්වෙස්ත්‍රො බෙනදිකාන නිකාය විසින් මිලදී ගන්නා ලද්දේ පූජකවරයා පතා එන ආධුනිකයන් පුහුණු කරන ආධුනික තාපසාරාමයක් වශයෙනි. ශුද්ධ වූ බෙනදික් තුමාගේ ආදර්ශ පාඨය වන "යාච්ඥාව හා වැඩ කිරීම" මෙහි සිටින අය විසින් අනුගමනය කරනු ලබයි.
********
 

ඇඩිෂම් බංගලාව




ඇඩිෂම් බංගලාවේ මල්



ඇඩිෂම් බංගලාවෙ පලතුරු




අපිට නවාතැන් පහසුකම් දීල ගොඩක් උදව් කරපු ජානකී අක්ක සහ රංජි අයිය ඇතුලු පවුල

ගොඩක් වෙලා මෙතන ගත කරල බොහොම දුකෙන් තමයි අපි මෙතෙන්ට සමුදුන්නෙ. මොකද ඒ තරම් මනස්කාන්ත පරිසරයක කිසිම තැනකදි මුනගැහිල නැ මටනම්.
එ දිනයෙ හවස 6ත් පහු වෙනකල්ම හපුතලේ අවටම ගත කරල කැප්පෙටිපොල, හරහ තමයි නැවතත් අපි ආපහු ආවෙ.





No comments:

Post a Comment