Sri Lanka

Monday, November 17, 2014

අමරණීය විප්ලව වාදියා... චේ....




1928 ජුනි මස 14 වන දින ආජන්ටිනාවේ උපත ලැබූ සුරතල් ටෙටේ, සැබෑ නාමය අර්නස්ටෝ ගුවේරා ඩි ලා සර්නා. ලෝක පොලිස්කාරයාට පවා හිසරදයක්ව බරපතල ලෙස ඇදුම රෝගයෙන් පිඩාවිදී මේ කෙසග මිනිසා වෙන කවුරුකුත් නොව. ලොවක් ආදරය කරන අර්නස්ටෝ චේ ගුවේරා නොහොත් ආදරණිය චේ නම් සැබෑ මානව හිතවදියායි. පාසල් යාමට වයස අවුරුදු නවය වනතෙක් සිටීමට සිදුවූ මොහු වෛද්‍ය උපාධියක් ලබමින් තම අධ්‍යාපනයට සමුදුන්නේය. මොහුගේ විශ්ව විද්‍යාල ගජයා වූ ඇල්බර්ටෝ ග්‍රනාඩො සමගින් කිලෝමීටර පන්දහසක් පමණ පුරා මස නවයක් තිස්සේ දකුණු ඇමරිකානු මහාද්වීපය පුරාම කසි-කබල් මොටෝ බයිසිකලයකින් කල සවාරිය මොහුගේ දිවිය වෙනතකට යොමු කරවීමට සමත් විය. The Motorcycle Diaries (2004) යන නමින් සිනමා පටයකටද නැගුණු එය විවිධ භාෂාවන් ගණනාවකට පරිවර්තනය වූ චේ ගමන්කළ ඒ ගමනේ සටහන් පොතයයි. තරැණ වෛද්‍ය සිසුකේ ලෙස ලතින් ඇමරිකාවේ ගමන් කර චේ එම ප්‍රදේශය පුරා පැතිරැනු දුප්පත්කම දැකීනේ විශාල ලෙස වෙනඩ් විය. එම ගමනේදි ඔහු ලද අත්දැකිම් නිරික්ෂණය අනුව මෙම දුප්පත්කමට සහ එම ප්‍ර‍දේශයේ සමානාත්මතවයක් නැතිවීමට හේතු ලෙස ධනවාදය, නවධනවාදය හා අධිරාජ්‍යවාදය දුටුවේය. මෙම තත්ත්වය වෙනස් කිරිමට එකම ක්‍රමය ලෝක විප්ලවයක් බව ඔහු විශ්වාස කළේය..
 
මෙම විශ්වාසය නිසා ඔහු ගෝතමාලානි සමජ විප්ලපවයට, ජනාධිපති ජාකොමෝ අර්මෙන්ඩ් ගුස්මේන් යටතේ සම්බන්ධ විය. මෙම ජනපති ඇමේරිකාවේ CIA සහය ඇතිව බලයෙන් පහ කෙරැනු අතර, මින් ගුවේරාගේ විප්ලවකාරි දෘෂ්ටිවාදය තවත් ශක්තිමත් විය. පසුව ඔහු මෙක්සිකෝවේ, ෆිඩෙල්කැඩ්ත්‍රෝගේ 26 ‍වැනි ජුලි ව්‍යාපාරයේ වැදගත් කාර්ය භාරයක් ඉටු කාර්ය මෙහිදි ඔවුන් ඇමේරිකානු සහය ලැබු කියුබානු ඒකාධිපතියෙකු වු Fulgencio Batista බලයෙන් පහ කළහග්වාතමාලාවේ කැරැල්ල සාර්ථකවිමෙන් අනතුරුව මොහුගේ අවධානය යොමු වුවේ එකල වන විටදී කියුබාවේ ඒකාධිපති පාලක බටිස්ටාට එරෙහිව රැවුල්කාරයා (ෆිදෙල් කස්ත්‍රෝ) විසින් ආරම්භකර තිබු විප්ලවය වෙතටය. ග්වාතමාලාවේ කැරැල්ලේ අත්දැකීම් උපයෝගිකරගත් මොහු කියුබානු විප්ලවයේ නොනිමි ගිනිසිළුව වීය. ලොවක් හදුනනචේයන ආදරණිය නාමය මොහුට පට බැදුනේද කියුබානු විප්ලවය අතරතුරදීය. සාර්ථක විප්ලවයකින් පසුව බැටිස්ටාගේ ඒකාධිපති පාලනය අවසන් කල ෆිදෙල් කස්ත්‍රෝ විසින් පිහිටවූ සමාජවාදී රජයෙන් ලද තනතුරු සියල්ලම අත්හළ මොහු බොලිවියාව බලා පිටත් විය, ඒ එවකට එහි ඇවිලෙමින් පැවති විප්ලවයට නායකත්වය දීම සදහාය, එහිදී ඇතිවූ සටනකින් අනතුරුව බොලිවියානු හමුදාවන්ට මැදිව අතකට සහ පාදයකට වෙඩි වැදිහුන් අයෙකු හසුවිය.

එලෙසින් බොලිවියානු හමුදාවන්ගේ ග්‍රහණයට අසුවූ චේව මරාදැමීමට බොලිවියානු ජනපතිට උවමනාවිය. ඔහු චේ සමග බද්ධ වෛරයකින් පසුවිය. එය කෙතෙක්ද යත් ඇමෙරිකානු CIA සංවිධානය පමණක් තවත් බොහෝ අයවද සහයට ගෙන තිබුණා. එහෙත් ඇමෙරිකාවට උවමනාවී තිබුණේ මොහුව සදාකාලික සිරකරුවෙක් කිරීමටයි. මන්ද මොහුව මරා දැමුවොත් මිනිසුන් අතර සදාකාලික වීරයෙක් වනබව ඔවුන් තේරුම් ගෙන සිටි හෙයිනි. එහෙත් බොලිවියානු ජනපති නියෝග කොට තිබුණේ කිසිදු වග විභාගයකින් තොරවම වෙඩි තමා මරා දමන ලෙසයි. එම නියෝගය කනවැකුණු වහාම චේව සුදුමැලි වී ගිය බව CIA නිලධාරියා පවසා ඇත. පීඩිතයින්ගේ නිදහස යහපාලනය වෙනුවෙන් තම ජීවිතය කැපකළ වයස අවුරුදු 39ක් වු මේ සොදුරු මිනිසාගේ අවසන් හුස්ම පොද 1967 ඔක්තෝම්බර් මස 9වනදා බොලිවියාවේ ලා හිගුඒරා හිදී වා තලයට මුසු වුවේ හෙයිට් බේරන් නමැති බොලිවියානු සෙබළා M2 අවියෙන් නිකුත් වු උණ්ඩ කිහිපයකිනි. වෙඩි තැබීමට පෙර තම සිරුර විකෘති නොකරන මෙන් ඉල්ලාසිටි බවද පැවසේ. එලෙස චේ මරා දැමු බොලිවියානු සෙබළා පසුකාලීනව පවසා තිබුණේ එය ඔහුගේ දිවියේ සිදුවූ අවාසනාවන්තම සිදුවීම බවත්. ඔහුට එදින උවමනා වී තිබුණේ චේට වෙඩි තබා සෙබළුන් අතර වීරයෙක් වීම බවත්ය. එහෙත් එය මැරෙනකම්ම විදවන්න වෙන දෙයක් වෙයි කියලා ඔහු හිතුවේ නැත යනුවෙනුයි. චේ ට තැබූ මුල්ම වෙඩිල්ල වෙඩ්ක්කරුගේ වරිදින් හරි හැටි ඉලක්කයට එල්ල කිරීමට නොහැකි විය. එවිට චේ මෙසේ පැවසීය..

“I knew you were going to shoot me; I should never have been taken alive. Tell Fidel that this failure does not mean the end of the revolution, that it will triumph elsewhere. Tell Aleida to forget this, remarry and be happy, and keep the children studying. Ask the soldiers to aim well.”

මම දැනන් හිටියා නුබලා මට වෙඩිතියන්න යනවා කියලා. මට කවදාවත් පණපිටින් අහු නොවෙන්නයි තිබුණේ. ෆිදෙල්ට කියන්න මේ අසමත්වීම විප්ලවයේ අවසානය නොවේ කියා. මෙය එම විජයග්‍රහණයෙන් ඔබ්බට යාමක්වෙයි. මගේ බිරිද ඇලෙයිඩාට කියන්න මේක අමතක කරන්න කියලා. ආයේ විවාහ වෙලා සතුටින් ඉන්න ඒ වගේම ළමයින්ට හොදට ඉගෙනගන්න කියන්න. සෙබළුන්ගෙන් ඉල්ලාහිටිනවා හරියට ඉලක්කේ ගන්න කියලා

 චේව ඝාතනය කල පසු ඔහුගේ සිරුරේ ඡායාරුප ගැනීමට ෆ්‍රෙඩි ඇල්බෝටා නම් ඡායාරුප ශිල්පියා කැදවා තිබිණ. ඔහු විසින් ලබාගත් ඡායාරුප සිය ගණනකින් ජනප්‍රියම ඡායාරුපය වුවේ මිලිමීටර දෙකේ උණ්ඩයක් විසින් සිදුරු කරන ගිය චේගේ පපුව දෙසට හමුදා නිලධරයෙකු ඇගිල්ලක් දිගු කරන සිටිනා ඡායාරුපයයි.

පසුව ඉතාමත් මෑතක කිසිදා මෙලි නොවූ ඡායාරූප කිහිපයක් ලොවට හමුවිය. ඒ නම් කියුබානු විප්ලවයේ නියමුවා වූ  අර්නස්ටෝ චේ ගුවේරා බොලීවියාවේදී මරාදමා ඇති අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ස්පාඤ්ඤ ජාතිකයකු විසින් ප්‍රංශ පුවත්සේවයේ මාධ්‍යවේදියෙකු වෙත ලබාදී තිබේ . ඉමානෝ ආර්ටිගා නම් ඔහු පවසන්නේ තම දෙමාපියන්ගේ විවාහ උත්සවයට සහභාගීවූ තම මාමා කෙනෙකුවන ලුයිස් කෝර්ටිරෝ විසින් එම ඡායාරූප රැගෙනවිත් ඇත ; 1967 වසරේ නොවැම්බර් මස දිනකදීය. 
එකල බොලීවියාවේ ධර්මදූත සේවයේ යෙදී සිටි කෝර්ටිරෝ විසින් 1967 ඔක්තෝබර් 10දා මෙම ඡායාරූප ගෙන ඇත්තේ  බොලීවියානු හමුදාව විසින් ඔහු මරාදමා එක් දිනකට පසුවය. එම ඡායාරූපයන්හි මියගිය චේ දෑස් විවර කරගෙන සිටින අයුරුද දක්නට ඇත. අද ලෝකයේ වටිනාම සේයා රූ කිහිපය අතරට මේ සේයා රුව ද අයත් වේ 

එදා එලෙසින් මරා දැමුවද ඇමෙරිකාව සිතු ලෙසින්ම අද ඔහු නොමළ මිනිසෙකි. උපන් මහා පොළවට ණයගැත්තෙක් නොවූ මේ සොදුරු මිනිසා අද තාප්ප බිත්ති පුරා ටියුෂන්කඩ කරුවන්ගේ ප්‍රචාරක මෙවලමකි. චේ යනු කවුරුන්දැයි ඔහු කළේ කුමක්දැයි නොදන්නා එවුනගේ විලාසිතාවකි.

අද ලොව සමාජවාදයේ පරමාදර්ශයක්‌ බඳු ඒ විප්ලවීය චරිතය "චේ" ලංකාවට පැමිණ ඇත්තේ එවකට ලංකා ආණ්‌ඩුව, ජයග්‍රාහී විප්ලවීය කියුබානු රජය සමඟ නව තානාපති සබඳතා ගොඩනගා ගැනීමට තීරණය කිරීම හේතුවෙනි. ඒ අමරණීය දිනය 1959 වසරේ ඔක්‌තෝබර් 05 වැනිදායි. ඒ දිනයේ චේ ඇතුළු කියුබානු නියෝජිත පිරිස ලංකාවට පැමිණි ගමනේදී හොරණ යහළකැලේ වතුයායටද පැමිණ තිබේ. ඒ ශ්‍රී ලංකාවේ රබර් කිරි කර්මාන්තය පිළිබඳ අවබෝධයක්‌ ලබාගැනීමට සිදුකළ සංචාරයක්‌ බව පැවැසේ. ඒ කුමක්‌ වෙතත් ලොවම ආදරය කරන මේ අමරණීය නායකයා මෙරට පැමිණි වග සිහිපත් කෙරෙන එකම ජීවමාන සංකේතය ඇත්තේද හොරණ යහළකැලේ වතුයායෙයි. එය චේ ගේ අපරිමිත මිනිස්‌කම සේ අතු ඉතිලා සරුවට වැඩුණු මහෝගනී ගසකි. එම ඓතිහාසික වෘක්‍ෂය චේ ගෙ දැතින් සිටුවීමට උදව් කළ ඔහු ළඟින්ම සිටි මිනිසෙක්‌ අදත් යහළකැලේ වතුයායේ නිහඬව වෙසෙති. චේ හැබහින් දුටු මිනිසෙකු ලෙස අදටත් මේ බිමේ හිඳින්නේ ඔහු පමණකි.


මරා දැමු චේ






චේ ලංකාවට පැමිණි අවස්ථාව සහ ඔහු ඒ අවස්ථාවේ සිටවූ මැහෝගනී පැළය අද සුවිසල් ගසක් වී ඇති අයුරු

Monday, November 10, 2014

ජාතියට පණදුන් අපේම රණවිරුවෙකුගේ කතාව




මේ අපේ බුවනෙකබා යෞවන සමාජයේ අපේම සොහොයුරෙක්. මම කල්පනා කරනව මම මේ කතාව ලියන්නකරෙනකොට පරක්කු උනාද කියල. ඒත් කමක්නෑ ඔහු අප අතර තබා ගිය මතකය සමගින් නැගෙන කදුළු බිදු අතරින් ඔහුගෙ කතාව ලියන්න අවකාශය ලබා ගන්නව.

ඔහු නමින් බුද්ධික ප්‍රියලාල්. අපේ ගමේ අපේ යෞවන සමාජයේ හොදම සාමාජිකයෙක්. යාපහුව මහා විද්‍යාලයට අපිත් එක්ක කුඩා කල පටන්ම පාසල් ගිය පාසල් සගයෙක්. අපිත් එක්ක පාසල් ගියපු ඒ කාලය හරිම සුන්දරයි. අපිට වඩා වසරක් දෙකක් වැඩිමල් උනත් පාසල් ගියෙ ආවෙ අපිත් එක්කමයි. උදේම පාසල් ගිහින් හවසට එනකොට පාරෙ තියන ගස් වලට පොලු ගහල ගෙඩි කඩාගෙන කාල පරක්කු වෙලා ආපු ඒ කාලය හරිම සුන්දරයි. අපි ක්‍රිකට් සෙල්ලම් කරනකොට ඔහුට කිවුවෙ ඇම්බෘස් කියල. මෙකද ඔහු අඩි 6කටත් වඩා උස නිසා නිතැතින්ම ඔහු බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක Curtley Ambrose ව සිහිගන්වනව.

ඔහු පිරිමි දරුවන් හතර දෙනෙක් සහ ගැහැණු දරුවෙක් සිටි පවුලක පළමුවැනි දරුවා ලෙසයි මේ ලොව එළිය දකින්නෙ. ඔවුන්ගෙ පියා ගොවිතැන් කරල තමයි මේ දරුවන්ව ජීවත් කළේ. ඒත් ඔවුන් කුඩා අවදියේ ඔවුන්ගෙ නැගනිය හදුනා නොගත් උණ රෝගයක් නිසා ජීවිතයෙන් සමුගන්නව. ඒ වගේම ඔවුන්ගෙ පියාත් රුධිර නාලයක් පිපිරීම නිසා ඉතාමත් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්නව 2000 වසරෙදි. ඔවුන්ගෙ මෑණියන් දරුවන් හතරදෙනෙක් එක්ක මේ ලෝකෙ තනිවෙනව. 

ඒ වෙනකොට ඔහු සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්න විතරයි. පවුලෙ වැඩිමහල් දරුව විදියට පවුල ගොඩගන්න ඔහු යමක් කරන්න උවමනා වුනා. ඒ අනූව තමයි ඔහු යුධ හමුදාවට බැදෙන්නෙ. පල්ලෙකැලේ යුධ හමුදා පුහුණු පාසලෙන් පුහුණුව ලබන ඔහු වැලිඔය කිරිඉබ්බන්වැව ඉදිරි ආරක්ෂක වළල්ලට යවනව. ඔහු පුහුණුවෙන් පස්සෙ රාජකාරියට අනුයුක්ත වෙලා මට මතක හැටියට නිවාඩු 2ක් 3කට වැඩිය එන්න බරි වුනා. ඔහු ඒ ආව එක් නිවඩුවක ඔහුගෙ ලොකුම බලාපොරෙත්තුව වුන නව නිවසක් හැදීමට අවශ්‍ය කළුගල් ගෙනත් දාල ගියේ. ඒ වෙනකොට ඔවුන්ගෙ තහඩු කිහිපයකින් සෙවිලි කරල මැටි වලින් ආවරණය කරල තිබුණ ගෙය අබලන් වෙලා තිබුණ. මට හොදට මතකයි අවසානෙටම නිවාඩු ආව වෙලාවෙ මගේ පාපැදිය ඉල්ලගෙන ඔහුගෙ ගමන් බිමන් ගිහින් ඇවිත් අපේ අහල පහල ගෙවල් ඔක්කොටම කතා කරල ගියෙ. 
ඒ 2008 අවුරුද්දෙ වන්නි මෙහෙයුමේ ධරුණුම සටන් ඇවිලුන කාල වකවානුව. ඔහු රාජකාරි කරමින් හිටියෙ වැලිඔය කිරිඉබ්බන්වැව ඉදිරි ආරක්ෂක වළල්ලෙ. ත්‍රස්ථවාදීන් ඔවුන්ට ධරුණු පුහාරයක් එල්ල කරමිනුයි තිබුණෙ. අපේ හොසොයුරා වෙඩි තබමින් ඉදිරියට ගියා. එක් තැනකදි බිම දිගාවෙලා වෙඩි තබමින් හිටිය ඔහු එක් වරම නැගිටල ඉදිරියට යන්න හදනවත් එක්කම ත්‍රස්ථවාදින්නෙ වෙඩි උන්ඩයක් ඔහුට වැදුන. ඒ සමගම ඔහුව අනුරාධපුර යුධ හමුදා රෝහලට ඇලුත් කරනව. එත් එක්කම මහනුවර රෝහලට ඇතුලත් කරනව වැඩිදුර ප්‍රතිකාර වලට. ඒත් අපේ මේ සොහොයුරා විරෝධාර රණවිරුවා 2008.06.22 දින අප අතරින් සදහටම සමු ගන්නව. 
මෙතනදි වැදගත් කාරණා කිහිපයක්ම කියන්න ඕන. මේ රණවිරුවට වෙඩි වදින්නෙ 2008.06.15. දින කිහිපයක් ඔහුට සිහිය තිබිල තියනව. එත් යුධ හමුදාවේ හෝ පොළීසියේ සන්නිවේදන දුර්වලතාවයක් හන්ද ඔහු පිළිබඳව අපිට දැනගන්න ලැබෙන්න ඔහු මියගිය දිනයෙ රාත්‍රියේ. මොකද මේ කාරණා සිද්ධ වෙන්නෙ යුධ හමුදාව මගින් ළගම තියන පොළීසියට දැනුම් දුන්නට පස්සෙ පොළිසියෙන් තමයි නිවස දැනුවත් කරන්නෙ. කාගේ හෝ වැරුද්දෙන් ඒ අසරණ අම්මට මේ දරුව පණ අදින වෙලාවෙ හරි මූන දැකගන්න බැරි වුන එකයි වුනෙ. අනිත් කාරණය තමයි මේ රණවිරුවට යුක්තිය ඉටුවෙන්නෙත් හරිම කටුක විදියට. මොකද මේ මරණය මහනුවර රෝහලේ මරණ පරීක්ෂකවරයා විසින් මිනීමැරුමක් විදියට තමයි සටහන් කරල තියෙන්නෙ. ඒ තිසාම මේ රණවිරුවගෙ අසරණ අම්මට කැබිතිගොල්ලෑව උසාවියට කීප වාරයක්ම නඩුවට යන්න වුනා තමන්ගෙ දරුව යුද්ධයේදි රට වෙනුවෙන් දිවි පිදුව බව ඔප්පු කරගන්න. ඉතින් කාගෙද මේ වරද කියන්න අපි දන්නෙ නැහැ.

එත් ඔහුගෙ මෑනියන්ට අද ආඩම්බර වෙන්න පුළුවන් වැදූ මවටත් හැදූ පියාටත් රටටත් ජාතියටත් ණය නොවී රට ජාතිය වෙනුවෙන් දිවි පුදා සිංහ කොඩියක් යටින් ජතියට සමු දුන්න නිසා.

අවසන් වශයෙන් 14 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව විසින් මේ අපේ වීරෝධාර රණවිරුවා අවසන් ගමන් යන අවස්ථාවේ තබනු ලැබූ අනුවේදනීය සටහන අපි මෙසේ ඔබ වෙනුවෙන් තබන්නෙමු.



14 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව


14th Battalion The Gajaba Regiment

ඉතා සංවේගයෙන් දැනුම්දීමයි.

මියයෑම් සෙ/****** ලාන්ස් කොප්‍රල් රාජපක්ෂ ආර්.එම්.බී.පී

14 වන බලඇණීය ගජබා රොජිමේන්තුවේ සේවය කල සේ/****** ලාන්ස් කෝප්‍රල් රාජපක්ෂ ආර්.එම්.බී.පී වැලිඔය කිරිඉබ්බන්වැව ඉදිරි ආරක්ෂක වළල්ලට ඉදරියෙන් විශේෂ ක්‍රියාන්විතයක රාජකාරියේ යෙදී සිටියදී 2008.06.15 දින ත්රස්ථවාදීන් එල්ල කරන ලද මෝටාර් ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා ප්‍රතිකාර සදහා අනුරාධපුර යුධ හමුදා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු 2008.06.22 දින මිය ගිය බැව් ඒකක අණදෙන නිලධාරී ඇතුළු සියළුම නිළයින් විසින් ඉතා සංවේගයෙන් යුතුව දැනුම් දෙනු ලැබේ.

වර්ෂ 1984 ක් වූ අප්‍රෙල් මස 06 දින සිය ආදරණීය දෙමාපියන් වන රාජපක්ෂ මුදියන්සේලාගේ ජයසේන මැතිදුන්ට සහ සේනානයක මුදින්සේලාගේ සෝමාවතී මැතිනියට දාව මහව දිසා රෝහලේදී මෙළොව එළිය දුටු රාජපක්ෂ මුදියන්සේලාගේ බුද්ධික ප්‍රියලාල් රාජපක්ෂ, යාපහුව මහා විද්‍යාලය වෙතින් අපොස සා/පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇත. මොහු පාසල් වියේදී දීප්තිමත් සිසුවෙකු ලෙස ගුරු භවතුන්ගේ සහ සහෝදර සිසු සිසුවියන්ගේ ආදරයට පාත්‍ර වෙමින් පාසල් අධ්‍යාපන කටයුතුවලදී මෙන්ම ක්‍රීඩා හා පොදු කටයුතුවලදීද දක්ෂ ලෙස තම හැකියාවන් විදහා දැක්වූ දීප්තිමත් සිසුවෙකු විය.

පාසැල් වියේදීම තම රටට හා ජාතියට කළ හැකි උත්තරීතර මෙහෙවර ගැන සිතූ මෙම කොමිෂන් නොළත් නිළධාරී වර්ෂ 2007.05.28 දින ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිත්‍ය බල සේනාවට ආධුනික සෙබලෙකු වශයෙන් බැදී අංක 69 පුහුණු පාසල පල්ලෙකැලේ වෙතින් ආධුනික පුහුණු පාඨමාලාව සාර්ථකව හාදාරා 9 වන බලැණීය ගජබා රෙජිමෙන්තුව වෙත අනුයුක්ත කර වීමෙන් පසුව නව බලැණීයක් ලෙස 14 වන බලඇණීය ගජබා රෙජිමෙන්තුව වෙත ඇතුළත් කරන ලදී. 

මෙම රණවිරුවා බලඇණීයට ඇතුළත් වූ දින සිට තමා වෙත පැවරෙන ඕනෑම රාජකාරියක් කැපවීමෙන් නොපිරිහෙළා ඉටුකළ නිහතමානී ගුණාංග වලින් පිරිපුන් සෙබලෙකු වශයෙන් මොහු සියළුම නිලයින්ගේ ප්‍රසාදයට ලක්වෙමින් දීපත්මත් දිවියක් කරා තම මාවත විවර කර ගනිමින් සිටින ලදී. මෙම රණවිරුවා සිය සේවා කාලය තුළ දී යුධ හමුදා පුහුණු පාසල් වෙතින් ක්‍රියාන්විත පාඨමාලාව හදාරා  ඉන් විශිෂ්ට දස්කම් පෙන්වා ඇති අතර, තම ක්‍රියාන්විත සේවා කාලය ඇගයීම වස් පූර්ණ භූමි පදක්කමද, එමෙන්ම සටනේදී දිවිපිදූ වීරෝධාර රණවිරුවෙකුගේ වීරත්වය වෙනුවෙන් දේශපුත්‍ර පදක්කමින් පිදුම් ලැබීමට නිර්දේශ කර ඇත.

ඒකීය හා නිවහල් දේශයක් වෙනුවෙන් තම පැහැබර තුරුණු විය කැප කොට සිය මව්බිම වෙනුවෙන් ඉමහත් මෙහෙවරක් ඉටු කරමින් සිටියදී අප අතරින් වියෝ වූ රාජපක්ෂ විරුවාණනි ඔබට සිදුවූ මෙම අකල් වියෝව ආදරණීය දෙමාපියන්ට සෙනෙහෙබර පුතෙකුද, සහෝදරයන්ට සෙනෙහෙබර සොයුරෙක්ද අහිමි වුවා සේම ඥාතී හිත මිත්‍රාදීන්ට, අස්ලවාසීන්ට මෙන්ම අප බලඇණීයටත් සමස්ථ යුධ හමුදාවටත් ශ්‍රිලංකා වාසී සැමටත් දැරිය නොහැකි පාඩුවකි. ශෝකයකි. ඔබ වැනි විරෝධාර පුත්‍ර රත්නයක් ජනිත කර රට ජාතිය ආගම වෙනුවෙන් දායාද කළ ආදරණීය දෙමාපියන්ට, ඔබගේ වියෝව දරාගත නොහැකි වේදනාවක් වුවද අභිමානවත් ලෙස ඔබ ගැන සිතා සැනසුම් සුසුම් හෙළිය හැකි වනු ඇත.

යුධ හමුදා පූර්ණ ගෞරවයට පාත්‍රවෙමින් ඔබගේ නිසල දේහයට අවසන් ගෞරව දක්වන මේ මොහොතේ ඔබ විසින් අප හදවත් තුළ සනිටුහන් කොට ගිය ඔබගේ නිහතමානී ගුණාංග අප හදවත් කම්පා කරවයි. හදවතින් හඩා වැළපුනද ඔබගේ විරු නාමයට කැළලක් වේයැයි යන සැකයෙන් අප නෙතු කදුලැලි නොසලන්නෙමු. හිරු නැග එන මොහොතේත්, හිරු බැස යන මොහොතේත් අපි ඔබව සිහි කරන්නෙමු. මේ මොහොතේ සියළු දෙනාගෙන් සමුගෙන අවසන් ගමන් යන ඔබට ජීවය ලබා දීමට කළ හැක්කක් නොමැති බැවින් වේදනාවෙන් වුවද අප සමු දෙන්නෙමු. අවසන් වශයෙන් ඔබට මෙවන් අකල් මරණයක් මතු උපදින ආත්මයක් තුළ සිදු නොවේවා! සසර අවසානයේ අමා මහ නිවන් සුව අත් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.

වීර සෙබළ රාජපක්ෂ විරුවාණනි, ඔබට ජාතියේ උත්තමාචාරය හිමිවේවා.......!

මූලස්ථානය
14 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව
යුධ හමුදා කදවුර
කිරිඉබ්බන්වැව
වැලිඔය