මේ ගීතය ගැන
කියන්න කලින් මුලින්ම කියන්න ඕන බොහෝ දෙනෙක් අතර මේ ගීතය ගැන තියෙන්නෙ වැරදි අවබෝධයක්.
ඒකට එක් හේතුවක් තමයි ඉතින් අර එක්තරා නාලිකාවක් මේ ගීතය වෙනුවෙන් නිර්මාණය කල
වීඩියෝව. ඒ නාලිකාවෙන් ජනතාවට දෙන්නෙම වැරදි අවබෝධයන් නිසා ඒක එච්චර ගැටලුවකුත්
නෙමෙයි. ඒකෙන් තමයි ගොඩක් අයට වැරදි අවබෝධයක් ආවෙ මේ ගීතය ගැන. ඒ වීඩියෝවෙ තිබුණෙ
ඒ ගැහැණු ළමය පිරිමි ළමය එක්ක තරහ වෙලා වෙනත් කෙනෙක් එක්ක යන කතාවක්.
යමුනා මලිනි
පෙරේරා මහත්මිය මේ ගීතයෙන් කියන්නෙ වෙනමම කතාවක්.
ආදරය සුන්දර
දෙයක් තමයි. මේ ආදරය ඇය බොහොම අපූරුවට දකිනව. ඇය මේක දකින්නෙ පිරිමි කෙනෙක්ගෙ
පැත්තෙන්.
ආදරය සුන්දර
වරදකි
කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොදටම ඇති
කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොදටම ඇති
ආදරය කියල
කියන්නෙ සුන්දර වරදක්. ඒ වරදෙ පැටලුනාම ආයෙ කවදාවත් සමාවක් නම් නැහැ. එතකොට දැන්
මේ කියන පිරිමි කෙනා මේ වරදෙ පැටලිලා. මේ කාන්තාව තමන්ට ආලයේ තරම කොයි වගේද කියල
පෙන්නල දීල ඉවරයි. ඔහු ආලය කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්නෙ ඇයගෙන්. දැන් දෙන්න
ආදරෙන් බැදිල ඉන්න හන්ද මොහු දකිනව ඒක දුකක් විදියට. දැන් ඔහු මේ වැරැද්දට අහුවෙලා
හන්ද ඔහු ඒකෙන් දඩුවම් විදිනව. මොකද ඉතින් ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි ආදරේ
කරන්න ගත්තම කලින් තිබුන නිදහස නැති වෙලා යනව කියන එක. කෑවද, බිවුවද, යන්නෙ කොහොද,
කරන්නෙ මොනාද හැම දෙයක්ම කියල යන්න වෙනවනෙ.
ඉදුවර නුවන්
දෑලේ වැටී පැගී
දැහැනේ වෙලී උන්මාද වුයේ මා
වෙනෙකෙකූ දිහා බැලුමට යලි
මට නෙත් නැතැයි කෙදුරැවේ කවුරුන්දෝ
දැහැනේ වෙලී උන්මාද වුයේ මා
වෙනෙකෙකූ දිහා බැලුමට යලි
මට නෙත් නැතැයි කෙදුරැවේ කවුරුන්දෝ
දැන් ඔහු විදින
දඩුවම් එකිනෙක ඔහු කියනව..... ඉදුවර නුවන් දෑලේ වැටී පැගී දැහැනේ වෙලී
උන්මාද වුයේ මා..... ඒ කියන්නෙ දැන් මහනෙල් මල් වගේ ඇස් වල බැල්මට අහු
වෙලා ඇයගෙ දැහැනෙ වෙළිල උන්මාද වෙලයි ඔහු ඉන්නෙ. ඒක තමයි ඔහු ලබන පළවැනි දඩුවම. වෙනෙකෙකූ
දිහා බැලුමට යලි මට නෙත් නැතැයි කෙදුරැවේ කවුරුන්දෝ.... දැන් ඒ කියන්නෙ
ආයෙම නම් වැරදිලවත් වෙන කෙනෙක් දිහා හරිලවත් බලනවට මේ කාන්තාව කැමති නැහැ. ඒකත්
ඔහු ලබන එක දඩුවමක් තමයි. ඇත්තම කියනවනම් ඒ කාරණය නම් ඇත්තම තමයි නේද. තමන්ගෙ
ආදරවන්තයා තමන් ඇර වෙන කිසිම කෙනෙක් දිහා බලනවට ගැහැණු ළමයි පොඩ්ඩක්වත් කැමති
නැහැනෙ.
පුළුවර තාලා වීණා බදින් දැවැටී
රතගැලි බැදී නින්නාදයේ අනුරා
හද ස්වර තලා කම්පිත වේවි
මට පවා මා නැති කලේ කවුරුන්දෝ
දැන් කොහොම හරි
ඉතින් මේ කියන විදියට පුළුවර තාලා වීණා බදින් දැවැටී කියන කාරණය
ගත්තම මේ ශෝකී තනුවක වැයෙන විනාවක් ගැන නම් නෙමෙයි කියන්නෙ.. තමන්ගෙ පුළුලු උර තලේ
දැවටිලා ඉන්න වීණා බදක් වගේ ඇගේ ශරීරය. එතකොට මේ විදියට තමන් වටේ එතිල ඇයගෙ නමින්
හදවත කම්පනය වෙනකොට තමන්ට තමන්ව නැති වෙනව. තමන් යැයි කියල තනියම හිතන ලෝකය නැති
වෙනව. අන්න ඒක තමයි ඔහු ලබන ඊලග දඩුවම.
ඉතින් ආදරය
කිරීමේ සුන්දර වැරැද්දට තමන් ලබන දඩුවම් තමයි මේ පිරිමියා මේ විදියට කියන්නෙ. අනික
තමයි ඉතින් මේ ගීතයෙන් කියන්නෙ විරහව නම්, තමන්ගෙ කෙල්ල තමන්ව දාල ගියානම් ඔහු
ආදරය කිරීමේ වැරැද්දෙ සුන්රත්වයක් දැක දැක ඉන්නවද? ආදරය කරල ආදරෙන් පැරදුනාම මුලු
ලෝකෙම එපා වෙනව. මොකක්ද කරන්න ඕන කියල හිතාගන්න බැරුව යනව. අන්න ඒ වගේ ආයට ආදරේ
කර්න ගිහින් තමන්ට වුන වැරැද්දෙ සුන්දරත්වයක් දැක දැක ඉන්න තරම් මානසිකත්වයක්
හැදෙයි කියල අපි විශ්වාස කරන්නෙ නැහැ.
ආදරෙන් පැරදුන
කෙනෙක් සමහරවිට මේ ලිපිය කියෙවුවොත් එයාට මතක් වෙයි තමන් ආදරෙන් පැරදුන වෙලාවෙ
තමන්ගෙ හිතට ආව හැගීම මොන වගේද කියල.
තවත් දෙයක්
මේකට එකතු කරන්න ඕන කියල හිතුන මේකටම. මම දවසක් ඉතින් බුකියෙ ඉහළ පහළ යනකොට දැක්ක
පුන්ච් පොස්ටුවක්. ඒකත් මේ විදියට පහලින් දාල යන්නම්කො. මොනා උනත් ඇත්ත මේක තමයි.
" ..... දිගු
කාලින විවාහ දිවියක් සදහා ස්වර්ණමය නීති
2ක්....
01. හැම විටම ඔබේ
බිරිද නිවැරදිය....
02. බිරිද වැරදි
යැයි ඔබට හැගෙනවානම් ඔබට ටොක්කක් ඇනගෙන නැවතත් පළමු නීතිය කියවන්න......"
ඒ ටික කියවලා ගීතය රස විදින්න මේ විදියට.....
ආදරය සුන්දර වරදකි....
කිසිදා සමාවක් නම් නැති....
මට පෙන්නලා ආලේ හැටි....
නුඹ දුන්නු දුක හොදටම ඇති....
ඉදුවර නුවන් දෑලේ වැටී පෑහී....
දැහැනේ වෙලී උම්මාද වූයේ මා....
වෙනකෙකු දිහා බැලුමට යලි....
මට නෙත් නැතැයි
කෙදිරුවේ කව්රුන්දෝ....
ආදරය සුන්දර වරදකි....
පුළුලුරු තලා වීණා බදේ දැවටී....
රතැගිලි බැදී නිම්නාදයේ
අනුරා....
හද ස්වර තලා කම්පිත වෙවී....
මට මා පවා නැති කලේ කව්රුන්දෝ....
ආදරය සුන්දර වරදකි....
පද - යමුනා මාලිනී පෙරේරා
ගායනය : කරුනාරත්න දිවුල්ගනේ
No comments:
Post a Comment