පෙර ලිපිය මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 22
අඹන් ගග ආරම්භය සහ ගග දිගේ ඉදිරියට
රිවෙස්ටන් වලින් ආරම්භ වී බෝවතැන්නට පැමිණි සුදු ගග බෝවතැන්න ජලාශය නිර්මාණය කරනවා. නමුත් මීට පෙර මේ ස්ථානයේදී නාලන්ද ඔය සමග සුදු ගග එකතු වීමෙන් තමයි අඹන් ගග ආරම්භ වන්නේ. බෝවතැන්න ජලාශය නිසා අද අපිට එය දකින්නට නැතත් බෝවතැන්න ජලාශයේ එක් අන්තයකින් අඹන් ගග ගමන් ආරම්භ කරනවා. එතැනින් ආරම්භ වී තවත් කිලෝමීටර් 16ක් පමණ ගිය තැන අපි මුලින් කතා කල තේල්ගමු ඔය අඹන් ගගට එක් වෙනවා. මේසේ පෝෂණය වන අඹන් ගග තවත් කිලෝමීටර් හතරක් පමණ ගිය තැන මෑත කාලීන වාරි ඉතිහාසයේ සුවිශේෂීම ජලාශයක් හමු වෙනවා. ඒ තමයි මොරගහකන්ද ඒ.එන්.එස්. කුලසිංහ ජලාශය.
මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ අවසන් ජලාශය - මොරගහකන්ද ජලාශය
අපි පෙර සාක්ච්ඡා කල පරිදි මහවැලි මහ සැලැස්මට අනූව 1969 – 1980 දක්වා කාලයේ දී ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ පළමු අදියරේ ජලාශයක් ලෙස මොරගහකන්ද බහුකාර්ය ඒකකය නිර්මාණය කිරීමට සැලසුම් කර තිබුණි. මනුත් සිරිමාවෝ බණ්ඩරණායක මැතිනියගේ සමයේ දී පොල්ගොල්ල හැරවුම වුමටද, ජේ ආර් ජයවර්ධන රජයෙන් ඉදිකල නෙකුත් ජලාශ වලටද ප්‍රමුඛත්වය ලබා දුනි. 1990 වර්ෂය වන විට කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යපෘති නිමවූ අතර එමගින් විදුලිබල ක්ෂේත්‍රය හා කෘෂිකර්මාන්තය නැංවීමට විශාල අයෝජනයක් සිදු විය. මේ නිසා තවදුරටත් කෘෂිකර්මාන්තය ආයෝජනය සිදු කිරීමට රජය මැලි වූ බැවින් මහවැලි මහ සැලසුමට අදාල මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය යටපත් විය.
කෙසේ නමුත් දීර්ඝ කාලයක් මුළුල්ලේ සැලසුම් වලට පමණක් සීමා වී තිබූ මෙම සංවර්ධන වෘපෘතිය වර්ථමානය වන විට ක්‍රියාතමක කර, වැඩ නිමකොට ඇත. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය සැලකෙන්නේ ලංකාවේ සුවිශේෂීම වාරී ව්‍යාපෘතියක් ලෙසය. එයට හේතු සාධක කිහිපයක් ඇත. එයින් ප්‍රධනතම හේතුව වන්නේ ලංකාවේ විශාලම වාරි ව්‍යාපෘතිය වීමයි. දෙවැන්න නම් කාලයෙන් කාලයට මෙය ඉදිකිරීම වැලැක් වීම විවිධ හේතු සාධක මතු වීමයි. එනම් මහවැලි මහ සැලැස්මෙන් යෝජනා වූ දා පටන් අද වනතෙක්ම එල්ල වුන භාදක.
![]() |
මොරගහකන්ද ජලාශය |
මෙම ව්‍යාපෘතිය ආරම්භ වන්නේ 2007 ජනවාරි 25 වැනි දින මහින්ද රාජපක්ෂ රජය යටතේ කෘෂිකර්ම හා මහවැලි සිවර්ධන අමාත්‍ය වරයාව සිටි මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනූවය. චීන ආධාර යටතේ ඉදිකිරීම් සිදු කෙරුණු මෙම ජලාශය විවිධ හැලහැප්පීම් මත බොහෝ කාලයක් ඇදුනි. නමුත් නැවතත් මෙම ජලාශ පුන්ර්ජීවනය ලබන්නේ 2015දී මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වරයා ලෙස පත්වීමත් සමගය.
ජලාශයේ ස්වභාවය
මොරගහ කන්ද ජලාශයේ ප්‍රධාන වේලි දෙකක් දැකිය හැකිය. එයට ප්‍රධාන හේතුව මේ වේල්ල ඉදිකිරීමට යෝජනා වූ භූමයේ හරි මැදට වන්නට කුඩා කදු ගැටයක් පිහිටීමයි. එම නිසා වේල්ල කොටස් දෙකකින් මෙම දකු ගැටය දෙපසින් ඉදි කිරීමට සැලසුම් කෙරුණි. ඉන් එක් වේල්ලක් ගල් පිරවීම මගින් ඉදිකරනු ලබන එහි දිග මීටර් 470 ක් වන අතර උස මීටර් 61.3 කි. මෙහි මුදුනේ පළල මීටර් 8කි. විදුලිබලාගාරය සහ වාන් දොරටු පිහිටා ඇති කොන්ක්‍රිට් වේල්ලේ දිග මීටර් 375කි. එහි උස මීටර් 58ක් වන අතර මුදුනේ පළල මීටර් 8කි. මෙම ප්‍රධාන වේලි දෙකට අමතරව තවත් වේල්ලකි පස් පරවීම මගින් ඉදිකර ඇත. එහි දිග මීටර් 275කි. එහි උස මීටර් 21.5ක් වන අතර මුදුනේ පළල මීටර් 7කි.
මොරගහකන්ද ජලාශයේ පිහිටීම Google Maps වල දක්වා ඇති අයුරු
මොරගහකන්ද ජලාශය වර්ග කිලෝමීටර් 29.5ක් පුරා පැතිරී ඇති. අතර ජලාශයේ පූර්ණ ජල ධාරිතාවය ඝන මීටර් දසලක්ෂ 569.9 (569.9 x 106) කි. එනම් අක්කර අඩි 462,121 කි එනම් පරාක්‍රම සමුද්‍රයේ ජලාධාරිතාවය මෙන් හතරගුණයකි. පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාවය ඝන මීටර් දසලක්ෂ 134.07 (134.07 x 106) කි. එනම් අක්කර අඩි 109203කි. මෙහි සමස්ථ වියදම රුපියල් මිලියන 33872.6ක් වන අතර එයින් සියයට 85ක් හෙවත් රුපියල් මිලියන 28952.1ක් චීන සංවර්ධන බැංකුවෙනුත් සියයට 15ක් හෙවත් රුපියල් මිලියන 4920.5ක් ලක් රජයෙනුත් සපයා ඇත.
විදුලි බලාගාරය
මොරගහකන්ද ජලාශයේ දීත් රන්දෙණිගල හා රන්ටැඹේදී මෙන්ම විදුලිබලාගාරයෙ පිහිටා ඇත්තේ වේල්ල අසලින්මයි. මෙම බලාගාරයේ දි ටබයින 4ක් මගින් මෙගාවොට් 25ක ජල විදුලියක් නිපදවීමට නියමිතය. බලාගාරයෙන් නිරතුරු ජලය නිකුත් කරන නිසා මොරගහකන්දට කිලෝමීටර් 2ක් පමණ පහළින් පිහිටා ඇති ඇළහැර අමුණට නිරතුරුවම ජලය සැපයීම සිදුවේ. මීට අමතරව නිරන්තරයෙන් ජලය නිකුත් කරන දොරටුවක්ද වේල්ලේ ඉදිකර ඇත. ඒ විදුලි බලය නිපදවීම සිදු නොකරන මොහොතක ගගට ජලය නිකුත් කිරීම සදහාය.
කළුගග ජලාශය.
අඹන් ගගට ඉදිරියේදී එක්වන තවත් අතු ගංගාවක් තමයි කළුගග. මේ කළුගග තමයි අඹන් ගගට එක්වන කළුගගවල් වලින් ප්‍රධානතම කළුගග. මොරගහ කන්ද ව්‍යාපෘතිය සලකනු ලබන්නේ ද්විත්ව ව්‍යාපෘතියක් ලෙසිනි. ඒ මොරගහ කන්ද ජලාශයට සමගාමීව කළුගග ජලාශය සැදීමත් සහ මොරගහකනදත් කළුගග උමගක් මගින් ඒකාබද්ධ වීමත් නිසාය.
මේ කළුගග ආරම්භ වන්නේත් රිවෙස්ටන් වලින්මය. නකල්ස් කදු වල සීතල දිය දහරාවන් එක් කරගෙන දුම්බර මිටියාවත හරහා ගලන මේ කළුගග කිලෝමීටර් 36ක් පමණ දුර ගෙවා විත් වස්ගමු වන සීමාවේ දී අඹන් ගගට එක් වෙයි. මෙසේ ගලා යන කළුගග ලග්ගල පල්ලේගම ප්‍රදේශයේදී හරස් කිරීමෙන් තමයි කළුගග ජලාශය නිර්මාණය කරන්නේ.
![]() |
කළුගග ජලාශය |
මෙම කළුගග ජලාශයේ ප්‍රධාන වේල්ලක් සහ අතුරු වේලි 2ක් දැකිය හැකිය. ප්‍රධාන වේල්ල ගල් පිරවීම මගින් ඉදිකරනු ගලන අතර එය දිගින් මීටර් 546ක් ද උසින් මීටර් 67ක් ද මුදුනත පළල මිටර් 8ක්ද වේ. අනෙක් වේලි දෙකෙන් පළමු වේල්ල දිගින් මීටර් 238ක් වන අතර උස මීටර් 47ක් වේ. දෙවන වේල්ලෙහි දිග මීටර් 65කි. කළුගග ජලාශය වර්ග කිලෝමීටර් 84ක ප්‍රදේශයක පැතිරෙන අතර ධාරිතාවය අක්කර අඩි 216,000 කි.මෙහි ප්‍රධාන වේලි ඉදිකිරීම සදහා කුවේට් සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 48883.03ක් ද සෞදි සංවර්ධන අරමුදලෙන් රුපියල් මිලියන 6779.94ක් ද ඔපෙක් ජාත්‍යන්තර අරමුදල විසින් රුපියල් මිලියන 2358.24ක් ද ලබා දී ඇති අතර ඉතිරි 2434.28 ලබා දී ඇත්තේ ලක් රජය විසිනි.
කළුගග ජලාශය Google Maps වල දක්වා ඇති අයුරු
මොරගහකන්ද සහ කළුගග ඒකාබද්ධ ව්‍යපෘතියේ සමස්ථ ධාරිතාවය අක්කර අඩි 660,000ක් වශයෙන් සැලකේ. පරාක්‍රම සමුද්‍රය සමග සසදන විට මේම ධාරිතාවය එමෙන් 6 ගුණයකි. කළුගග ජලාශයේ එකතුවෙන ජලය මොරගහ කන්ද ජලාශය වෙත ගෙන එනු ලබන්නේ කිලෝමීටර් 7.7ක් දිග උමන් පද්ධතියක් මගිනි.
මෙහි රතුපාට කඩ ඉරිවලින් දක්වා ඇත්තේ කළුගග ජලාශයේ සිට ජලය මොරගහකන්ද ජලාශයට ගෙනයන උමන් මාර්ගයයි
මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධව නාච්චාදූව දක්වා කිලෝමීටර් 94ක් දිග ඇළක් ඉදිකෙරෙන අතර මීට සමගාමීව ඉදිකෙරෙන වයඹ ඇල කිලෝමීටර් 93ක් ද වේ. මීට අමතරව තවත් ඇල මාර්ග කිහිපයක් ඉදි කෙරෙන අතර මෙමගින් උතුරුමැද පළාතේ විශාල වැව් ප්‍රමාණයකට දියවර සැපයේ. මීට අමතරව මිරිදිය ධීවර කර්මාන්තය ඉහල නැංවීමද මෙමගින් සිදුවේ.
මොරගහකන්ද සහ කළුගග ව්‍යාපෘති ආරම්භවීමට ප්‍රථම මහවැලි ගගේන් පෝෂණය වූ ජලාශ පද්ධතිය
අපි ඇලහැර අමුණ බලන්න යමු
මොරගහකන්ද ජලාශයෙන් කීලෝමීටර් 2ක් පමණ පහළට අඹන් ගග දිගේ පහළට යන අපිට මීලගට හමුවන්නේ ඇලහැර යෝධ අමුණයි. අපි පෙර සදහන් කල පරිදි බෝවතැන්න ජලාශයෙන් ආරම්භ වී තෙල්ගමූ ඔයත් එක් කරගෙන ගලන අඹන් ගගේ මහා ජලස්කන්ධය මොරගහකන්ද මහා ජලාශය මගින් ගබඩා කරගනු ලබයි. නමුත් එම ජලාශයෙන් නිරතුරුවම පහළට ජලය නිකුත් කරන නිසා ආළහැර අමුණට අකන්ඩව ජලය සැපයෙයි. තවද මොරගහකන්ද සුවිශාල ජලාශයක් නිසා එහි ගබඩා කරගන්න ජලය වියළි කාලයේදීද ඇලහැර අමුණ වෙත නිකුත් කල හැකි නිසා පෙරටත් වඩා වර්ථමානයේදි ඇලහැර අමුන උතුරුමැද පළාතේ ගොවි ජනතාවට ප්‍රයෝජනවත් වනු ඇත.
ඇළහැර අමුණේ ඓතිහාසික පසුබිම
ඇළහැර ප්‍රදේශය අතීතයේ හදුන්වා ඇත්තේ “ආළිසාර” යන නමිනි. ආළිසාර නම මහාවංශයේ පළමුවෙන්ම හමුවන්නේ වසභ රජු (ක්‍රි.ව 67 – 111) විසින් තිස්සවඩ්ඪමානකයෙහි මුවෙල විහාරය කරවා ආළිසාර ඇලේ දිය භාගය එම විහාරයට පිදූ බව පැවසෙන අවස්ථාවේදීය. එහෙත් එම පාඨයෙන් ආළිසාර ඇල කරවූවේ වසභ රජු ලෙස නොපැවසෙන බැවින් ඇතැම් විට ඊටත් පෙර කලෙක සිටම එම ඇල තිබුනා විය හැක.
කෙසේ නමුත් පසු කාලීන සිංහල ග්‍රන්ථයක් වූ පූජාවලියේ සදහන් වන්නේ මහසෙන් රජු (ක්‍රි.ව 274 – 301) විසින් මිනිහිරි වැව බදවා, කරාගග මිනිහිරි වැවට දිය යන ලෙසට අමුනු බදවා, දෙවියන් පෑ සලකුණෙන් තලවතු ඇළ බිදුවා දියවර සපයා විසි දහසක් කුඹුරු කරවූ බවය. මෙහි මිනිහිරි වැව ලෙස හදුන්වන්නේ වර්ථමානයේ මින්නේරිය වැවය. මන්ද මහසෙන් රජුදේ සොළොස්මහ වැව් අතරේ මණිහීර නම් වැවක් ගැන සදහන්වේ. එම මණිහීර වැව මෙම මින්නේරිය වැව බව පසුව හදුනාගන්නා ලදී. කරාගග ලෙසින් ලෙසින් හැදින්වෙන ගග මහාවංශයේ වෙනත් අවස්ථා වලදී කාරගංගා ලෙසින් හැදින්වෙන ගග වේ. මහා පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රම සමුද්‍රයට ජලය ගෙනයාම සදහා කාරගංගාවේ සිට ගොඩවාරි ඇල කැපු බව මහාවංශයේ සදහන් වේ. වර්ථමානයේ අපි පරක්‍රම සමුද්‍රයට අඹන් ගගේ සිට ජලය ගෙනයන යන එහි ප්‍රධාන ජල ප්‍රවාහය වන අංගමැඩිල්ල ඇල ගොඩවාරි ඇල ලෙස හදුනාගතහොත් කාරගග යනු අඹන් ගග ලෙස උපක්ලපනය කල හැකිය.
![]() |
ඉපැරණි ඇළහැර අමුණේ නටඹූන් |
ඉතිහාස කතා සියල්ලන්ම එකට ගත් කල මෙම ඇලහැර අමුණ වසඹ රජුගෙන් ආරම්භ වී පසුව මහසෙන් රජතුමා, මහා විජයබාහු රජතුමා සහ මහා පරාක්‍රමබාහු රජතුමා යන සියලුම දෙනා ප්‍රතිසංස්කරණය කර වඩ වඩාත් දියුණු කර ඇති බව නිගමනය කල හැකිය. මේ ස්ථානයේ ඇති විශාල ගල් කුට්ටි අපිට අපේ සාඩම්බර වාරි ඉතිහාසයේ අභිනය ලොවටම කියා දෙයි. එම නිසා එම එජවරුන් ඇතුළු සියලුම නිර්මාණ කරවන්ට අපි වැද නමස්කාර කර ස්තූති කල යුතුය.
ඇලහැර අමුණේ තාක්ෂණය
අපි කලින් කතා කල පරිදි මෙම පැරණි ඇලහැර අමුණ මුලින් වසභ රජතුමන් විසින් ඉදිකර පසුව මහසෙන් රජතුමා විසින් වැඩිදියුණු කර ඇති බව අනුමාන කල හැකිය. ගල් තලාවක් මත ඉදිකර තිබූ මෙම අමුණෙහි අද විශෘල ගල් කුටිටි දැකිය හැකිය. මේවායේ කැටයම් සහ අක්ෂර ඇති බව හදුනාගත හැකිය. අමුණ ඉදි කිරීමට මෙම ස්ථානයම තෝරාගෙන ඇත්තේ විශේෂ කාරණා කිහිපයක්ම නිසාය. ගල්තලාවක් මත ඉදිකර ඇති නිසා අමුණට අමතර ආරක්ෂාවක් ලැබේ. එසේම ප්‍රධාන පෝෂකය වන අඹන් ගගට අමතරව ඇලහැර ඇලේ වම් ඉවුර දෙසින් පිහිටි කොදුරුවාව කදු පන්තියේ සිට ඇදී එන කොන්ගැට ඔය, හීරටි ඔය, බකමූණන්ගේ ඇල, කෝට්ටපිටිය ඔය, අත්තනකඩවල ඔය වැනි ජල මූලාශ්‍ර මගින් රැගෙන එන අමතර ජලයෙන් ඇලහැර ඇල තව දුරටත් පෝෂණය වේ. එම ඔයවල් ඇල හා එක්වන සථාන වල ශක්තිමත් ගල් අත්තිවාරම් සහ ගල් බැමි දමා වේගයෙන් ගලා එන එම ජලපහරවල් වලින් ඇලේ බැමි වලට වන හානිය වලකා ඇත. එසේම විශාල ජලස්කන්ධයක් ඇතුළු වන ස්ථාන වල වතුර උතුරා යෑම පිණිස අඩි 50ක් පමණ පළල් වූ ගල්වානවල් සාදා තිබී ඇත. කුඹුරු වලට වතුර ගැනීම සදහා සෑදූ සොරොව්ද ගලින්ම නිර්මිතය.
වර්ථමාන ඇලහැර අමුණ
සියවස් ගණනාවක් අතහැර දමා තිබූ ඇලහැර ඇල පසුකාලීනව ප්‍රතිසංස්කරණය කිරීමේ ගෞරවය හිමිවන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර වරයෙකු වන හෙන්රි වෝඩ් ටය. ඒ 1886 දීය. ඉන් පසුව 1945 දී මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන්ගේ වාරි ව්‍යාපෘති යටතේ තමයි වර්ථාමාන ස්වරූපයට මෙම අමුණ ප්‍රතිසංස්කරණය කර ඇත්තේ. ඉන් පසුව 1970 දී මහවැලි මහ සැලැස්ම යටතේ පොල්ගොල්ලෙන් රජරටට හැවුන මහවැලියෙන් ඇලහැර අමුණ තව තවත් පෝෂණය වූවා.
![]() |
වර්ථමාන ඇලහැර අමූණ |
ඇළහැර අමුණෙන් ඇලහැර යෝධ ඇළට ජලය නිකුත් කරන සොරොව්ව
![]() |
ඇලහැර අමුණ Google Maps වල දැක්වෙන අයුරු |
No comments:
Post a Comment