මේ
භයානක මෙන්ම අද්භූත සිදුවීම සිදු වූයේ 1995 නොවැම්බර් 14 වන දින චීනයේ
බීජිං හි අන්ධකාරයෙන් පිරුණු රාත්රියකය. එක්තරා මහලු කාන්තාවක් මධ්යම
රාත්රියේ බස් නැවතුම්පොළක රැඳී සිටි අතර, නැවතුමේ රැදී සිටි එකම සහෝදර
මගියා වූ නිහඩව පාර දෙස බලා සිටි තරුණ මහත්මයෙකු සමඟ සංවාදයක් ආරම්භ කළාය.
මධ්යම
රාත්රිෙයේ 375 බස් රථය නොහොත් යුවාන්-මිං-හුආන් බස් පර්යන්තයේ සිට මාර්ග
අංක 375 ඔස්සේ ෂියැං-ෂාන් සඳහා වූ අවසාන බස් රථය පැමිණි විට, ඔවුන්
දෙදෙනාම එයට ගොඩ වූහ. මහලු කාන්තාව බසයේ ඉදිරිපස අසුනක වාඩි වූ අතර තරුණයා
ඇයට පේළි කිහිපයක් පිටුපසින් වාඩි විය. රියදුරු සහ කොන්දොස්තර වරිය හැර
ඔවුන් සමඟ වෙනත් මගියෙක් සිටියේ නැත.
අන්ධකාරයේ පාලු හුදකලා මාර්ගය
ඔස්සේ බස්රථය කදුකරය වෙත කෙමෙන් ඇදෙන්නට විය. මෙසේ ටික දුරක් ගමන් කරන විට
අන්ධකාරයේම හිදිමින් බස් රථය දෙසට අත වනමින් පාර අයිනේ සිටින ඡායාවන් දෙකක්
රියදුරා දුටුවේය. මේ පුද්ගලයන් දෙදෙනා පිළිබදව රියදුරාගේ සිතේ තදින්ම සැක
පහළ වූ නිසා ඔහු බස් රථය නොනවත්වාම ධාවනය කළේය. නමුත් රියදුරා අසළට පැමිණි
කොන්දොස්තර වරිය රියදුරාට තදින්ම කියා සිටියේ මෙය මේ මාර්ගය ඔස්සේ දිව යන
අන්තිම බස් රථය නිසා වහාම ආපසු ගොස් එම පිරිස නංවා ගත යුතු බවය. පසුව ආපසු
ගොස් රියදුරා බස් රථය නතර කර දොර විවෘත කරන විට තිදෙනෙකු ගොඩවිය. ඔවුන් අතර
සිටි තුන්වන මිනිසෙකුට සහය වෙමින් සිටි මිනිසුන් දෙදෙනෙක් ඔහුව
උරහිස්වලින් අල්ලාගෙන බස් රථයට ගොඩ විය. මැදිවියේ සිටි තුන්වැනි පුද්ගලයා
අවුල් වී ගිය හිස නමා බලා සිටි නිසා කිසිවකුට ඔහුගේ මුහුණ නොපෙනී ගිය අතර
අනෙක් දෙදෙනාගේද හිසෙන් පහළට දමා තිබූ රෙදි කෑලි නිසා මුහුණු පැහැදිලිව
නොපෙනුනි. මේ මොහොතේ බසය තුළ තිබුණේ නොසන්සුන්කාරී මුත් නිහඩ මෙන්ම මූසල
ගතියකින් පිරුණු වාතාවරණයකි.
මහලු කාන්තාව මේ තිදෙනා දෙස නිහඩව බලා
සිටි අතර ඇයගේ සිතෙහි මොවුන් පිළිබදව හටගත්තේ මහත් සැකයකි. ඔවුන්ගේ මේ
අමුතු හැසිරීම ඇයව නොසන්සුන්තාවයට පත් කළේය. ඉන් ටික වේලාවකට පසු, මහලු
කාන්තාව ඇයගේ මුදල් පසුම්බිය සොරකම් කලා යැයි චෝදනා කරමින් තරුණයා සමඟ
රණ්ඩුවක් ආරම්භ කළාය. ඇය රියැදුරාට පැවසුවේ වහාම බස් රථය ළගම ඇති පොළිසියට
රැගෙන යායුතු බවය. නමුත් රියැදුරා පැවසුවේ අතරමග පොළීසියක් නොමැති බවත්
පොළීසියකට යාමට ගමනාන්තයටම යායුතු බවය. බහින්බස්‌වීම දුරදිග ගොස් මේ
කාන්තාව පැවසුවේ තමන් දන්නා පොළිසියක් ඇති බවත් එහි යෑමට තරුණයා හා තමාව
වහාම බස් රථයෙන් බැස්සවිය යුතු බවත්ය. බස් රථයේ රියැදුරු ඔවුන් දෙදෙනාව
අතර මග බස්සවා යන්නට ගියේය.
බසයෙන් බැසගත් විගසම මහලු කාන්තාව
තරුණයාගේ අතින් අල්ලා ගිනිමින් පැවසුවේ දෙවියන්ගේ නාමයෙන් මම ඔබව බේරාගත්තා
යනුවෙනි. ඇය එසේ පැවසුවේ මන්දැයි තරුණයා ඇසූ විට ඇය පැවසුවේ අලුතෙන් බස්
රථයට ගොඩවූ මගීන් තිදෙනාට පාද නොතිබූ බවත් ඔවුන් බස් රථයට ගොඩවූයේ පාවෙමින්
බව තමන් දුටු නිසා ඔවුන් ජීවමාන මිනිසුන් නොවන බව තමන්ට වැටහුනු බවය.
ඉන්
පසු ඔවුන් මෙම සිදුවීම වාර්තා කිරීමට ළඟම ඇති පොලිස් ස්ථානයට ගිය නමුත්
කිසිවෙක් ඔවුන් විශ්වාස කළේ නැත. ඔවුන් මානසික රෝගීන් යැයි පවසා පොලීසියෙන්
එළියට දැමීය. නමුත් පසුදිනම බස් සමාගම ප්ර කාශයක් නිකුත් කළේය, "ඊයේ
රාත්රි යේ, මාර්ග අංක 375 සඳහා වූ අවසන් බස් රථය රියදුරු සහ කොන්දොස්තර
වරිය සමඟ අතුරුදහන් වී ඇත."
පොලිසිය එසැණින් තමන් මානසික රෝගින් යැයි
පවසා එලවා ගත් එම මහළු කාන්තාව සහ තරුණයා සොයා ගිය අතර ඔවුන් දෙදෙනාම
ප්රාවෘත්තිවල සම්මුඛ සාකච්ඡා කළහ.
තුන්වන දින, එහි ගමනාන්තය වන ෂියැං-ෂාන් සහ කඳුකරය අතර මග ප්රදේශයේ
සිට කිලෝමීටර් 100 ක් පමණ දුරින් පිහිටි ජලාශයක අතුරුදහන් වූ බව කියන බස්
රථය පොලිසිය විසින් සොයාගන්නා ලදී. බසය තුළ ඉතා නරක ලෙස නරක් වූ මළ සිරුරු
තුනක් තිබී ඇති අතර, රියදුරා සහ කොන්දොස්තර වරියගේ මළ සිරුරු හමුවී නොමැත.
මෙම සොයා ගැනීම වටා ඇති අභිරහස් අතර:
- මුළු දවසම සිදුකල ගමන්වාර වලින් පසු එතරම් දුරක් යාමට බසයේ ප්රමමාණවත් ඉන්ධන තිබුණේ නැත.
- ඉන්ධන ටැංකියේ ඉන්ධන වෙනුවට වෙනුවට නැවුම් ලේ පුරවා ඇති බව පොලිසිය සොයා ගනී!
-
සොයාගත් මළ සිරුරු පැය 48 කට වඩා දිරාපත් වී ඇත; එය ගිම්හානය වුවද
දිරාපත්වීමේ ක්රියාවලිය මෙතරම් ඉක්මන් නොවනු ඇත. මළ සිරුරුවල අභ්යපන්තර
කිසිදු සලකුණක් නොමැති බව මරණ පරීක්ෂණයෙන් තහවුරු විය.
- ජලාශයට ප්ර
වේශ වීම සඳහා ඇති විවිධ පිවිසුම් මාර්ග වල සවිකර ඇති සියලුම ආරක්ෂිත කැමරා
දර්ශන පරීක්ෂා කර බැලූ පොලිසිය බස්රථය පිළිබද කිසිදු සාක්ෂයක් සොයාගෙන
නොමැත.
- රියදුරා සහ කොන්දොස්තර වරියට සිදු වූයේ කුමක්ද?
අදටත් එය නොවිසඳුණු අභිරහසක්ව පවතී.
සටහන - චතුරංග ජයසුන්දර
No comments:
Post a Comment