Sri Lanka

Saturday, October 8, 2022

රහතුන් වහන්සේලා සැට නමක් වැඩ සිටියේ යැයි සැලකෙන ඔක්කම්පිටිය දේමටමල් විහාරය

 

රහතුන් වහන්සේලා සැට නමක් වැඩ සිටියේ යැයි සැලකෙන ඔක්කම්පිටිය දේමටමල් විහාරය පංචාවාස විහාර ගණයට අයත් බව පුරාවිද්යාන දෙපාර්තමේන්තුවේ ප්රයකාශනයක් වන ඔක්කම්පිටියේ ඓතිහාසික දෙමටමල් විහාරය යන කෘතියේ සදහන් වේ. දෙමටමල් විහාර බිම් සැකැස්ම සහ එහි නටබුන් ගවේෂණය කළ පුරාවිද්යාාඥයන් එය පඤ්චාවාස විහාරයක් ලෙස හඳුනාගත් බව එහි සටහන් කර ඇත. එය පඤ්චායතන පිරිවෙන ලෙස ද ව්යමවහාරයේ පවතී. මෙය භූමියේ සැලසීමට අනුව සහ පූජනීය ගොඩනැඟිලි ගොඩනැංවීමේදී ද අනුගමනය කළ ශිල්පීය ක්රහමයකි. මෙකී ආරාම ආයතචතුරස්රාැකාර හෝ සමචතුරස්රාගකාර භූමි හැඩයකින් යුතුය.
 
පඤ්චාවාස විහාරයක සැලැසුමට අනුව එහි මධ්ය යේ උපෝසථඝරය හෝ පටිමාඝරය ඉදිකරනු ලැබේ. අනෙකුත් ගොඩනැඟිලි ඉදිකරනුයේ අනතුරුවය. මේ පූජනීය ගොඩනැංවීම් වටා භික්ෂුන් වහන්සේලාගේ ආවාස කුටි ඉදිකරනු ලැබේ
 
දෙමටමල් විහාරයේ ආරම්භය මහානාග යුව රජුන්ට සම්බන්ධව දක්වන ජනප්රහවාදයකි. මුටසීව රජුගේ දරුවන් දස දෙනා අතර මහානාග යනු දෙවැනියාය. ඔහු දේවානම්පියතිස්ස රජතුමාගේ ජ්යෙුෂ්ඨ සහෝදරයාවේ. එබැවින් ඔහු ඉදිකළ නිසාම දෙටුමල් යන්න දෙමටමල්වූ බව සඳහන්ය.
 
නමුත් ජනප්රෙවාදයන්ට අනූව දෙමටමල් විහාරය අපට සමීප වන්නේ වෙනත් කතාවක් නිසාය. එනම් ගරමුණු තිස්ස යුද්ධයයි. මෙකී විහාරස්ථානයට නුදුරින් පිහිටි යුදගනා වෙහෙර පිහිටි ස්ථානයේ ගැමුණු කුමාරයා සහ තිස්ස කුමාරයා යන සොහොයුරන් දෙදෙනා එකිනෙකාට එරෙහිව සටන් කළ ස්ථානයක් ලෙස ප්ර කටය.
ගැමුණු කුමරු වෙළඹ සිට යුද්ධයට සූදානම් වූ අතර, තිස්ස කුමරු කඬොල් ඇතු පිට සිට සටනට සූදානම් වූ බව සඳහනි. මෙම අවස්ථාවේ දී තිස්ස කුමරු පැරද පළා යන අතර, ගැමුණු කුමරු ඇතු පිට නැඟී සිට තිස්ස කුමරු ලූහු බඳින්නට විය. තිස්ස විහාරස්ථානයට පළා ගිය අතර, ඇඳ යටට ගොස් සැඟවුණ අතර, භික්ෂූන් වහන්සේලා සිවුරෙන් ආවරණය කරන ලදී. තිස්ස කොහි දැයි විමසමින් ගැමුණු කුමරු පැමිණි අතර, (ම.ව.24:41) සංඝයා වහන්සේලා පවසන ලද්දේ ‘‘මහ රජාණෙනි, ඇඳෙහි නැත’’ (ම.ව.24:42) යනුවෙනි. තිස්ස ඇඳ යට සිටින බව දැනගත් ගැමුණු කුමරු විහාරය අසළ මුරකාවල් යොදවන ලදී. සංඝයා වහන්සේලා සිව් නමක් එක්ව තිස්ස කුමරු ඇඳක තබා ගෙන අපවත් වූ භික්ෂූන් වහන්සේ නමක් පරිද්දෙන් සංඝයා වහන්සේලාගේ කර මතින් ගෙන යන ලදී. ගැමුණු කුමරු මෙය දැනගත් අතර, පහත දැක්වෙන ආකාරයට ප්රකාශ කළ බව වංසකතාවෙහි විස්තර කොට තිබේ. 
 
‘‘තිස්සය, තෝ කුල දේවතාවන් ඉස හිඳගෙන යනු නොලබ, කුල දෙවියන් අතින් මාගේ පැහැර ගැන්මක් නැත්තේ ය.තෝ කොයි දවසත් කු දෙවියන් සිහි කරව’’ (ම.ව.24:45)
මේ නිසා, එකී විහාරය ‘දුටු මල්‘ යන්න ‘දෙටුමල්‘ වී, ‘දෙමටමල්‘ වූ බව ජනප්රෙවාදවල ඇත. වෙනත් ජනප්රසවාදයකට අනුව, දුටුගැමුණු කුමාරයා ඉහත ආත්මයක පැවිදි බව ලබා රෝගී සාමණේර නමක් විදිහට මේ විහාරයේ වැඩ සිටි බව ප්රකටය.
 
දෙමටමල් විහාරයට යාබද ස්ථානයක පවතින සෙල්ලිපියකින්, විහාරයට පරිත්යා ග කළ ඉඩම් භුක්තියක් ගැන හෙළිවේ. ක්රි .ව. 04 වැනි සියවසට අයත් අපර බ්රාැහ්මී අක්ෂරයෙන් ලියැවී ඇති මෙහි, ‘ගෝඨක අබ‘ යන්න ‘ගෝඨාභය‘ ලෙස පරණවිතාන මහතා හඳුනා ගනී. කාවන්තිස්ස රජුගේ පියා ද ගෝඨාභය නමැත්තෙක් බව කියැවේ.
 
ඉහත ඓතිහාසික තොරතුරු සහ ජනප්රපවාද පරීක්ෂා කරනවිට, දෙමටමල් විහාරය ක්රිේ. පූ. යුගයේ ආරම්භව ඇත. එය වරින්වර ප්රවතිසංස්කරණවලට හා ඉදිකිරීම්වලට හසුව ඇති අතර, පොළොන්නරු යුගය වන විට මේ විහාරය ඉතා ජනප්රිරය හා දියුණු ආරාමයක්ව පැවැති බව සඳහන්ය.
 
දෙමටමල් විහාරය ඌව පළාතේ, මොනරාගල දිස්ත්රිුක්කයේ, වැල්ලවාය මැතිවරණ බල ප්රොදේශයේ, බුත්තල ප්රාාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඔක්කම්පිටිය ග්රාිම නිලධාරි වසමේ පිහිටා ඇත. මේ විහාරය, තැනිතලාවක හරිත පැහැ කෙත් යායක් මධ්යායේ පිහිටියේය. එකල රුහුණු රට ඉදිවූ ප්රේථම පංචාවාස විහාරය මෙය බැව්, පුරාවිද්යාේඥයෝ හඳුන්වති. එය අක්කර හයක පමණ භූමියකින් යුක්තය. දෙමටමල් විහාර පූජා භූමිය සංරක්ෂක නටබුන් ස්ථානයකි. එසේම ක්රිකයාකාරී විහාරස්ථානයකි.
 
මෙහිදී පඤ්චාවාස විහාර, නටබුන් හා ගොඩනැඟිලි, චෛත්ය රාජයාණන් වහන්සේ, උපෝසථාඝරය, ප්රිතිමාඝරය, බෝධිමාලකය, ආවාස කුටි, අවශේෂ පුරාවස්තු ද සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව උදා වේ. එසේම, ඓතිහාසික තොරතුරුවල සඳහන් දෑ සහ ජනප්රචවාදවල පවතින දෑ අනුව, ක්රි . පූ. ශතවර්ෂයට පැමිණි බවක් ඔබට හැඟෙනු නොඅනුමානය. භික්ෂූන්, සද්ධාතිස්ස කුමරු, ගැමුණු කුමරු, මහානාග කුමරු, විහාරමහා දේවියගේ පාද ස්පර්ශයෙන් පහස ලත් මේ විහාරස්ථ පින්බිම පුරා, අද ද ඒ දසුන් මැවි මැවී ඔබට පෙනෙනු ඇත.
 
 














 
දෙමටමල් විහාරය මෑත කාලයේ අපට සමීප වන්නේ රත්නශ්රීම විජේසිංහන්ගේ සුදු නෙළුම කෝ සොරබොර වැවේ කියන ගීතයත් එක්ක. මේ සිදුවීම වෙන්නේ 1981. එවකට තිබුන පාලනය විසින් රත්න ශ්රීව ට දේශපාලන මාරුවක් ලෙස මොණරාගලට මාරු කර යවනවා. මොරණරාගල රාජකීය විද්යාලයේ පාසල් ගීතයත් එතුමාගේ රචනයකි. මුලින්ම එතුමන් යැවෙන්නේ ඔක්කම්පිටිය ජනපද විද්යාලයට. දරවන්ට වැසිකිළයක් වත් නොතිබුණ අති දුෂ්කර පාසලක් එය.
 
මේ පාසලේ හතේ පන්තිය සිටියා ඉතා දක්ෂ දැරියක්. රත්න ශ්රීකගේ මතකයේ රැදුන දැරියක්. එක් දිනක් ඇය පාසලට පැමිණියේ නැහැ. මේ ගැන සොයන රත්න ශ්රීදට දැනගන්න ලැබෙන්නේ ඇය මියගොස් ඇති බවයි. වරුවක නිවාඩුවක් ලබාගන්නා රත්න ශ්රීී තවත් ගුරුවරයෙකු සමග මේ ගෙදරට ගියා. එ නිවස බොහොම පුන්චි නිවසක් මිනිය තියාගන්නවත් ඉඩක් තිබුනේ නෑ. පැත්තකින් යාල්ලත්තක් බාලා තමයි මිණිය තියලා තිබුනේ. මඩුව සදා දී තිබුනෙත් මිණී පෙට්ටිය ලබා දී තිබුනෙත් ගමේ අය. ඇයගේ මිණියට අන්දලා තිබුනෙත් අර පඩු පාට ගැසුන් ඇයගේ පාසල් ගවුමමයි. දහදෙනෙකුට නොවැඩි ගණනක් සහභාගී වුන මළගෙදරක් ලෙසයි රත්න ශ්රීඩ මෙය හැදින්වූයේ.
 
කෙසේ හෝ දැරියගේ පියාගෙන් දැරියට සිදුවී දෙය රත්න ශ්රීැ විමසුවා. පියා පැවසුවේ දැරිය පොහොය දිනවල මල් කඩා ඔක්කමපිටිය විහාරයේ විකුණන බවත් තමන්ගේ වැඩ වලට ලෙන ඉතිරි වන මුදලක් ගෙදරට දෙන බවත්ය. ඒ මොණරාගලට ඉතා හොදින් වැස්ස ලැබෙන කාලයක්. නොවැම්බර් මාසයක්. වැව පිරිලා ගොසිනුයි තිබුනේ. එදිනට දින දෙකකට පසුව එන පෝයට මල් කැඩීම සදහා ඇය වැවට ගොස් ඇත. මෙදින ඇය නැවත නිවසට නොපැමිණීම නිසා ගමේ අය හුලු අතු බැදගෙන වැව වටේ බැලුවත් සොයාගැනීමට නොහැකි වුනා. පසුවදා උදේ ඇයගේ මිණිය ගොඩට පාවෙලා තිබුණා. ඇයගේ එක අතක පිති ගිලිහී ගිය මල් දෙකක් තිබුණා.
මේ සිදුවීම රත්න ශ්රීත විසින් අමරදේවයන්ගේ මධුවන්තී ප්ර සංගයට සුදු නෙළුම කෝ සොර බොර වැවේ යන්වෙනු ලියනු ලබන්නේ. මෙහි මුලින්ම මහියංගනය සහ සොරබොර වැව යොදාගෙන ඇත්තේ දැරියගේ සත්යු තොරතුරු හෙළිවන නිසා බව වරක් රත්න ශ්රී පවසා ඇත.
 

 
 
සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ කෝ මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකිණූ පන්සලේ

වැවට කලුවර යා වුනා
සංසාර දුක බෝ වුනා
නෙළු මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා

සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා

ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
ගායනය - පණ්ඩිත් අමරදේව
 

සටහන - චතුරංග ජයසුන්දර
 

No comments:

Post a Comment