Sri Lanka

Saturday, October 8, 2022

පෙම්වතුන් යුවලක් වෙනුවෙන් තැනූ ලංකාවේ එකම මුර ගල....

 

ඔක්කම්පිටිය දෙමටමල් විහාරය අපගේ මතකයේ රැඳෙන විහාරයකි... එහි ඉතිහාසය පිළිබඳව වෙනමම කතා කල යුතුය. දුටුගැමුණු රජු දෙමටමල් විහාරයේ වැඩකටයුතු කරවන සමයේ රජු විහාරයට පැමිණෙන විට ඒ අසළ පෙම්වතුන් යුවලක් කතාබස් කරමින් සිට ඇත. මේ පෙම්වතුන් යුවල දුටු රජතුමා ඔවුන්ට තමන් හමුවන ලෙසට පණිවුඩයක් යවා ඇත.
නමුත් තමන්ව රජතුමා හමුවට කඳවන්නේ තමන්ව රාජ උදහසට ලක්වීමෙන් යැයි පණිවිඩය වැරදියට තේරුම්ගත් මේ පෙම්වතුන් යුවල සියදිවි හානිකරගෙන ඇත... මේ සිදුවීම පිළිබඳව දැනගත් රජු බොහෝ සේ කම්පාවට පත්වී ඇති අතර මේ පෙම්වතුන් යුවල සිහි වනු පිණිස පෙම්වතුන් යුවලක් සිටිනා මේ මුරගල නිර්මාණය කර ඇත.. යුවලක් කැටයම් කර ඇති ලංකාවේ එකම මුර ගල මෙයයි...
ස්තූතිය
තොරතුරු ලබා දුන් බිබිලේ තිලකා මිස්ට...
 



 

No comments:

Post a Comment