පෙර ලිපිය උඩරට මැණිකේ 10
අපි මෙතෙක්
උඩරට මැණිකේ ලිපි පෙලෙන් දුම්රිය ආරම්භක ඉතිහාසයත් කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල
දුම්රිය ස්ථානය දක්වා හමුවන සුවිශේෂී ස්ථාන පිළිබදවත් බොහෝ තොරතුරු කතාබහ කර ඇත.
උඩරට මැණිකේ දුම්රියෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල බලා යන ගමනේ දී හමුවන පොල්ගහවෙල
දුම්රිය ස්ථානය ඉතාමත් වැගදත් දුම්රිය ස්ථානයකි. මෙම දුම්රිය ස්ථානයේ සිට වැදගත්
ස්ථාන බොහොමයක් වෙත ගමන් කළ හැකිය. එම නිසා සංචාරකයෙකුට පොල්ගහවෙල දුම්රිය ස්ථානය
ඉතාමත් වැදගත් දුම්රිය ස්ථානයකි. එම නිසාම මෙම ලිපියෙන් පොල්ගහවෙල දුම්රිය ස්ථානය
අවට වැදගත් ස්ථාන කිහිපයක් ගැන කතාබහ කරමු.
යෝගමුවා කන්ද
පොල්ගවෙල
නගරයට පිවිසෙන්නෙකුට නගරය පිටුපසින් දිව යන හරිත පැහැයෙන් දිස්වෙන වීශාල කදු
වැටියක් දැකිය හැකිය. මෙම පර්වතය යෝගමුවා කන්ද ලෙසින් හැදින්වේ. පොල්ගහවෙල උසාවිය
අසලින් වැටී ඇති මාර්ගය මෙම පර්වතය මුදුන දක්වාම දිව යයි. රූපවාහිනී සම්ප්‍රේෂණ
කුළුණු කිහිපයක් ඇති මෙම කන්ද මුදුනෙහි කුඩා විහාරයක්ද දැකිය හැකිය. මාර්ගය දෙපසම
සුන්දර වන වදුලු දැකිය හැකිය.
![]() |
පොල්ගහවෙල නගරයට පිටුපසින් දිවෙන හරිතපැහැ යෝගමුවා කන්ද |
![]() |
යෝගමුවා කන්ද මුදුනෙහි ඇති බෝධිය |
වට්ටාරම රජමහා
විහාරය
වට්ටරම රජමහා
විහාරය ඉතාමත් ජනප්‍රියත්වයට පත්වී ඇත්තේ ලංකාවේ වැඩ විසූ අවසන් මහරහතන් වහන්සේ වන
මලියදේව මහරහතන් වහන්සේ වැඩ විසූ විහාරය මෙය යැයි සැලකෙන නිසාය. එම නිසාම අද මෙය
වට්ටාරම ශ්‍රී අරහත්ත මලියදේව රජමහා විහාරය ලෙස හැදින්වේ. මෙයට වසර දෙදහස්
තුන්සියයකටත් වඩා වැඩි ඉතිහාසයක් ඇති බවට සැලකේ.
පොල්ගහවෙල
දුම්රිය ස්ථානය ඉදිරියෙන් කෑගල්ල වෙත දිව යන මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ ගිය තැන
වට්ටාරම රජමහා විහරයට පිවිසිය හැකිය. මෙය කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ආසනයට
අයත් වේ. අතීතයේ සිටම පොසොන් සමයේ දිවයිනේ දකුණු සහ බස්නාහිර දෙස සිට අනුරාධපුරය
සහ පොළොන්නරුව බලා වන්දනාවෙහි යෙදෙන වන්දනාකරුවනගේ ප්‍රධානතම අතරමැදි නැවතුමක් බවට
පත්වූයේ වට්ටාරමයි. සිංහල බොධි වංශයේ සඳහන්වන පරිදි ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන්
හටගත් අංකුර තිස්දෙක අතරින් එක් බොධි අංකුරයක් මෙහි රෝපණය කර ඇත.
![]() |
වට්ටාරම වරජමහා විහාරයේ ඇති ඉපැරණි චෛත්‍යය |
![]() |
වට්ටාරම රජමහා විහාරයේ විහාර ගෙය |
![]() |
වට්ටාරම විහාරයේ පිළිම |
![]() |
වට්ටාරම නටඹුන් |
මලියදේව
මහරහතන් වහන්සේ
අපරටේ වැඩ
වාසය කල අවසන් මහරහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ බව අංගුත්තර නිකායේ මනෝරථ
පූර්ණ අටුවාවේ සඳහන් වේ.
එමෙන්ම මහාවංශය, බෝධි වංශය, ධාතුවංශය, සද්ධර්මාලංකාරය යන ග්‍රන්ථ වල මලියදේව නමින්
රහතන් වහන්සේලො හය දෙනෙකු පිළිබදව සදහන්වේ. මේ රහතන් වහන්සේලා හය නම අතරින් අවසන්
රහතන් වහන්සේ ලෙස හැදින් වෙන්නේ ගෝඨාභය රජ දවස (ක්‍රි.ව 253 - ක්‍රි.ව 266) වැඩ
සිටි වනගුප්ත මලියදේව රහතන් වහන්සේය. උන් වහන්සේගෙන් පසුව ලංකාවේ ඉතිහාසය තුළ
කිසිදු රහතන් වහන්සේ නමක් පිළිබදව සදහන් නොව්.
සංඝමිත්තා
මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවන අවස්ථාවේ තෙරණින්
වහන්සේ සමඟ පැමිණි
පිරිසේ සිටි ක්ෂත්‍රිය වංශික කුමාරයෙකු වූ චම්පක බොධිගුප්ත නැමති කුමාරයා උඩපොළ
බෝවලපිටිය නැමති ගමේ වාසය කර ඇත. ඔහුට දරුවන් සිව් දෙනෙකු ලැබී ඇති අතර ඒ අතරින්
ඔහුගේ පිරිමි දරුවා ඇතුගල්පුරයේ පිහිටි ආරාමයක පැවිදී වී ඇත. පසුව වට්ටාරම විහාරයට
පැමිණ එහි සිට ත්‍රිපිටක ධර්මය පිළිබදව හැදෑරීම් කර ඇත. එහි යම් කාලයක් ත්‍රපිටක
ධර්මය හා ශාසන ප්‍රතිපදාවන්හි නිරතව සිටි අතර වෙසක් පුර පොහොය දිනයකදී
මලියමහාපායේදී සියලු කෙලෙසුන් නසා රහත් භාවයට පත් වූ බව ඉතිහාසයේ සදහන් වේ. එතැන්
පටන් උන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ නමින් ප්‍රචලිත වී ඇත.
මලියදේව
මහරහතන් වහන්සේ පිළිදව බොහෝ පුරාවෘත්ත බිහිවී ඇති අතර එයින් එක් පරාවෘත්තයක සදහන්
වන පරිදි එලකදී උන් වහන්සේට ධරුණු උදරාබාධයක් ඇතිවී තිබේ. පසුව උන් වහන්සේ මෙම
උදරාබාධයට ප්‍රතිකාර ගැනීම සඳහා දැදුරු ඔය අසබඩ ජීවත් වූ සුළුගුලු උපාසක
නමින් හැදින්වූ වෙදැදුරු හමුවී ඇත. සුළුගුලු උපාසක තැනගේ ප්‍රතිකාර වලින්
උන්වහන්සේ සුවය ලබා ඇත. පසුව සුළුගුලු උපාසක තැන උන් වහන්සේගෙන් තමන්ව දේව්ලොව
පිහිටි සිළුමිණි සෑය වන්දනාමාන කිරීමට රැගෙන යන ලෙස කල ඉල්ලීමකට අනූව උන් වහන්සේ
සුළුගුලු උපාසකත් කැටුව දිව්‍යලෝකයට වැඩම කර ඇත. එහිදී සිළුමිණි සෑය වන්දනා කිරීමට
පැමණි මෛත්‍රි බෝධිසත්වයන් මේ දෙදෙනාට හමුවී ඇත. එමෙන්ම දේව් ලොවදී සක්‍ර දෙවියන්
විසින් සුළුගුලු උපාසක තැනට දිවසළු තුනක් තෑගි කර ඇත. පසුව මනුලොවට පැමිණි සුළුගලු
උපාසක තැන එම දිව සළු තැන්පත් කර නාරම්මල රජමහා විහාරයේ වෙහෙරක් ඉදිකර ඇත.
තවත්
පුරාවෘතයක සදහන් වන පරිදි මලියදේව මහරහතන් වහන්සේට දඹදිවින් දඹරන් පිළිම සතරක්
ලැබී ඇත. උන්වහන්සේ එම පිළිම සතර කෑගල්ලේ වට්ටාරම, කොත්මලේ පුසුල්පිටිය, මහනුවර
මාදන්වල සහ මොරපාය යන විහාරයන්හි තැන්පත් කළ බව සදහන් වේ.
බඹරගල
පොල්ගහවෙල සිට
යාංගල්මෝදරට ගොස් එතැනින් නාරම්මල දක්වා දිවෙන මාර්ගයෙන් ගොස් බඹරගල හන්දියෙන්
හැරී මෙම බඹරගල කන්ද පාමුලට පැමිනිය හැකිය. මෙම ගල් පර්වතය කිලෝමීටරයක් තරම් දුරට
දිව යන අතර මෙහි තැනින් තැන බඹර වද බොහෝ ප්‍රමානයක් දැකිය හැකි නිසා මෙයට බඹරගල යන
නම ලැවී ඇත. ක්‍රිස්තු පූර්ව යුගයට අයත් බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපියක් මෙහි
ඇති ලෙනකින් හමුවී ඇති අතර එමගින් මෙහි බොහෝ කලකට පෙර සිටම බෞද්ධ භික්ෂූන්
වහන්සේලා වැඩසිටි බව තහවුරු වේ.
අදවන විට මෙම
ලෙන් විහාරයේ මහනුවර යුගයෙන් පසුව පැවති සම්ප්‍රදායකට අයත් වන ප්‍රතිමා සහ
බිතුසිතුවම් දක්නට ලැබේ. මෙම විහාරය ඉදිකර ඇති ලෙනට යාබද තවත් ලෙනක කුඩා දාගැබක්
ඉදිකර ඇත. මෙම පර්වතය තරණය කර එහි මුදුනට පිවිසෙන්නෙකුට වයඹ තැනිතලාවේ මනස්කාන්ත
දර්ශනයක් දැකිය හැකිය. මේ පර්වතය වටාම මනස්කාන්ත වියළිකලාපීය වනගහනයන් දැකිය
හැකිය.
![]() |
බඹරගල මුදුනේ සිට පෙනෙන මනස්කාන්ත වයඹ තැන්න |
![]() |
බඹරගල චෛත්‍යය ඉදිකර ඇති ලෙන |
![]() |
බඹරගල විහාරය ඇතුළත |
![]() |
බඹරගල මුදුනේ සිට පෙනෙන මනස්කාන්ත වයඹ තැන්න
මෙම ස්ථාන වලට
අමතරව පොල්ගහවෙල අවටින් තවත් විශේෂ ස්ථාන බොහොමයක් හමුවේ. පනලිය ගෝඨාභය ලෙන්,
රෑනගල රජමහා විහාරය, සේරුවාගල ඒ අතර ප්‍රධාන තැනක් ගනී.
මීලග ලිපියෙන්
අපි උඩරට මැණිකේ දුම්රියෙන් පොලගහවෙල සිට රඹුක්කන දක්වා ගමන් කරමු.
සටහන
චතුරංග
ජයසුන්දර
No comments:
Post a Comment