පෙර ලිපිය උඩරට මැණිකේ 19
අද අපි නැවතත්
ගම්පොළ දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරමු. ගම්පොළ දුම්රිය ස්ථානය එතරම් සුවිශාල
දුම්රිය ස්ථානයක් නොවුනද ප්‍රධාන
දුම්රිය ස්ථානයකි. මෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත්තේ 1879 වසරේ දීය. දුම්රිය ස්ථානයේ
ප්‍රධාන වේදිකාවක් හා තවත් උප වේදිකාවක් දැකිය හැකිය. දුම්රිය මාර්ගයේ දුම්රිය
මෙහෙයුම් කටයුතු සදහා ඉදිකල පැති මාර්ග කිහිපයක් පවතී. ගමපොළ දුම්රිය ස්ථානය
අතීතයේ දී ගංවතුරින් දැඩිලෙස පීඩා විද ඇති දුම්රිය ස්ථානයකි. එක් එක් කාල වලදී
පැමිණි ගංවතුර මට්ටම් දුම්රිය පොලේ ඉහල කෙලවරේ පිහිටා ඇති දුම්රිය සංඥා කුටියේ
ලකුණු කර තිබේ. දුම්රිය ස්ථානය අසළින් වැටී ඇති ප්‍රධාන මාර්ගයේ එක් පසෙකින්
පේරාදෙණිය දක්වාත් අනෙක් පසින් උලපනේ හරහා නාවලපිටිය දක්වාත් ගමන් කළ හැකිය.
ගම්පොළ දුම්රිය ස්ථානයෙන් පසුව
පිළිවෙලින් වල්ලහගොඩ, තැඹිලිගළ, වරකාපිටිය හා උලපනේ යන දුම්රිය ස්ථාන හමුවේ. උලපනේ
දුම්රිය ස්ථානය එතරම් විශාල දුම්රිය ස්ථානයක් නොවුවද උලපනේට පැමිණීමේ දී හද සසල
කරවන එක් කරුණක් නිසා මෙහි මදක් නැවතීමට සිතේ. එනම් ජනතා විමුකති පෙරමුණේ නිර්මාතෘ
වූ, විප්ලවීය නායක රෝහණ විජේවීරයන් අවසන් වරට රැදී සිටි ස්ථානය උලපනේ වීම නිසාය.
 |
වල්ලහගොඩ දුම්රිය ස්ථානයේ නාම පුවරුව
|
 |
වල්ලහගොඩ දුම්රිය ස්ථානය
|
 |
තැඹිලිගළ සුන්දරත්වය |
 |
තැඹිලිගළ දුම්රිය ස්ථානය |
 |
තැඹිලිගළ සුන්දරත්වය |
 |
වරකාපිටිය දුම්රිය ස්ථානය අවට සුන්දරත්වය |
 |
වරකාපිටිය දුම්රිය ස්ථානය අවට සුන්දරත්වය |
 |
වරකාපිටිය දුම්රිය ස්ථානය |
 |
උලපනේ දුම්රිය ස්ථානය |
 |
උලපනේ දුම්රිය ස්ථානය |
 |
උලපනේ දුම්රිය ස්ථානය |
 |
උලපනේ දුම්රිය ස්ථානය අවට සුන්දරත්වය
|
 |
උලපනේ දුම්රිය ස්ථානය අවට සුන්දරත්වය |
රෝහන
විජේවීරයන්ගේ අවසානය සනිටහන් වූ උලපනේ ශාන්ත මේරි වතුයාය.
වර්ෂ 1983 ඇතිවූ කළු ජූලියත් සමගින් තහනම් වූ පක්ෂයක්
බවට පත්වූ ජනතා විමුක්ති පෙරමුණ යටිබිම්ගත දේශපාලනයට යොමු වි. මේ හේතුවෙන් විජේවීර
ඇතුළු බොහෝ පිරිස් දිවයිනේ තැන තැන රැදෙමින් හා නම් ගම් පවා වෙනස් කරගනිමින් තම
දේශපාලන කටයුතු කරගෙන ගියහ. මෙසේ තැනින් තැන සිය පවුල සමගින් කල් ගත කල විජේවීරයන්
උලපනේ ශාන්ත මේරි වතු යායට පැමිණෙන්නේ 1988
සැපැතැම්බර් මස 01
වැනිදාය. මෙසේ වසරක් පමණ අත්තනායක නමින් කල් ගෙවූ ඔහු
කෙසේ හෝ ආරක්ෂක අංශ වලට ලැබුණු තොරතුරක් අනූව 1989
නොවැම්බර් 12 වැනි දින අත්තඩංගුවට ගන්නා ලදී. නොවැම්බර් 13 වැනි දින පාන්දර තුනට
පමණ එවකට ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස විසින් ලබා දුන් අනෙන් වෙඩි තබා ස්ම්පූර්ණයෙන්ම
ප්‍රාණය නිරුද්ධ නොවී පණ අදිමින් තිබූ සිරුර බොරැල්ල කණත්තේ පිහිටි අදාහනාගාරයට
දමා පුළුස්සා දමන ලදී. විජේවීරයන් අවසන් වරට ජීවත්වූ උලපනේ ශාන්ත මේරි වතුයායේ
පිහිටි බංගලාව 1991 දී පනතක්
මගින් ජාතික තරුණසේවා සභාවට පවරාදී ඇත. අද ජාතික තරුණසේවා සභාව විසින් මෙහි උලපනේ
වෘත්තීය පහුණු මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබයි.



උලපනේ සිට ඉදිරියට
කිලොමීටර් 1.5පමණ ගිය විට
ගමන් කරන විට දුම්රිය මාර්ගයට නාවලපිටිය සිට මහනුවර දක්වා ගමන්ගන්නා මාර්ගය හමුවේ.
මෙම ස්ථානයේදී දුම්රිය මාර්ගයට වඩා ඉහළින් මහා මාර්ගය ගමන් ගන්නා බැවින් දුම්රිය
මාර්ගයට ඉහළින් මහා මාර්ගයේ පාලමක් ඉදිකර ඇත. මෙය හදුන්වන්නේ පල්ලේගම පාලම
යනුවෙනි. ඊට මදක් එපිටින් පල්ලේගම තේ කර්මාන්ත ශාලාවද දැකගත හැකිය.
 |
පල්ලේගම තේ කර්මමාන්ත ශාලාව |
 |
පල්ලේගම පාලම |
උලපනේ මෝඩ
පාලම
පල්ලෙගම පාලම හමුවන ප්‍රදේශයේදී මහවැලි
ගඟ දුම්රිය
මාර්ගයට සමාන්තරව ගමන් කරනු ලබයි. මේ අසන්නයේදී මහවැලි ගඟ හරහා ඉදිකර ඇති අපූරු
පාලමක් දැකගත හැකිය. එනම් උලපනේ පැරණි පාලමයි. ගැමියන් අතර මෙම පාලම ප්‍රසිද්ධවී
ඇත්තේ උලපනේ මෝඩ පාලම යනුවෙනි. එසේ නම් කිරීමට හේතු වූ කාරණාව පිළිබදව ජනප්‍රවාදයක්ද
ඇත. එනම් මෙම පාලම ඉදිකිරීම් භාරව සිටි ඉංජිනේරුවරයාට සැලසුම වැරදී ගොස් උඩ අතට
සවීකිරීමට තිබූ කොටස් යටි අතට සවිකර වැඩ අවසන්කර තිබේ. නමුත් පසුව මෙය තමන් අතින්
සිදුවූ වැරැද්දකින් වැරදියට සවි වී ඇති බව දැනගත් ඉංජිනේරුවරයා එම පාලම මතටම නැග
මහවැලි ගගට පැන සියදිවි නසාගත් බව එම ජනප්‍රවාදයේ සදහන් වේ. නමුත් එය හුදෙක් ජනප්‍රවාදයක්
පමණි. මෙයද ලෝකයේ එකල භාවිතා කල එක් පාලම් වර්ගයකි. මේවා එකල හදුන්වා ඇත්තේ Bowstring truss bridge යනුවෙනි. මෙම පාලම්
නිර්මාණය කිරීම පිළීබදව පේටන්ට් බලපත්‍රය 1841 දී ස්ක්යර් විපල් (Squire Whipple) නැමැත්තා
විසින් ලබාගෙන ඇත. නමුත් මෙම පාලම් වර්ගයේ තිබු ව්‍යුහාත්මක අඩුපාඩුකම් නිසා ලෝකයේ
එතරම් බහුලව භාවිතා වී නැත.
 |
උලපනේ පැරණි පාලම
|
උලපනේ
දුම්රිය ස්ථානයෙන් පසුව පල්ලේගම සහ වරකාව නැමති දුම්රිය ස්ථාන හමුවේ. මෙ දුම්රිය
ස්ථාන දෙක අතරදී රේල්පාරට සමාන්තරව ගලා යන හැටන් ගගේ (මෙම ස්ථානයත් මෝඩ පාලම පිහිටි ස්ථානයත් අතර
මහවිල්ලාවේදී හැටන් ගගට කොත්මලේ ඔය එක්වීමෙන් පසුව මහවැලි ගග ප්‍රධාන වශයෙන්
නිර්මානය වේ.) තවත් සුන්දර පාලමක් දැගත හැකිය. එනම් පත්තුන්පිටිය එල්ලෙන පාලමයි.
මෙම පාලම සංචාරය කරන්නෙක් දැකගත යුතුම සුන්දර පාලමකි. ඉතාමත් ශක්තිමත් කේබල් සහ
දැව යොදා නිර්මාණය තර ඇති මෙම සංගිලි පාලම අදටත් භාවිතයේ පවතී. මෙමගින් ගගේ
එපිටින් ඇත් පොල්වතුර නැමති ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට වරකාව දෙසට ඉතාමත් පහුසවෙන්
ලගා විය හැකිය. ඉතාමත් සුන්දර ස්ථානයක් වන මෙය ඡායාරුපකරණය සදහා ඉතාමත් සුදුසු
ස්ථානයකි.
 |
පල්ලේගම අවට සුන්දරත්වය |
 |
පල්ලේගම දුම්රිය ස්ථානයේ නාම පුවරුව |
 |
වරකාව දුම්රිය ස්ථානය |
 |
පත්තුන්පිටිය එල්ලෙන පාලම |
 |
පත්තුන්පිටිය එල්ලෙන පාලම |
 |
පත්තුන්පිටිය එල්ලෙන පාලම |
 |
පත්තුන්පිටිය එල්ලෙන පාලම අවට සුන්දරත්වය
|
නාවලපිටිය
දුම්රිය ස්ථානය සහ ධාවනාගාරය
වරකාව දුම්රිය ස්ථානය පසුකරමින් යන අපිට මීලඟට හමුවන්නේ අපගේ ගමනනේ හමුවන තවත් සුවිශේෂී දුම්රිය
ස්ථානයක් වන නාවලපිටිය දුම්රිය ස්ථානයයි. නවලපිටිය දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට
පැමිණෙන විට හමුවන 69 වන දුම්රිය ස්ථානයයි. එය කොළඹ කොටුමේ සිට කිලෝමීටර් 141.64
ක් සහ මුහුදු මට්ටමේ
සිට මීටර් 583.23ක උසකින් පිහිටා ඇත. උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය යනු ඉතාමත් වැදගත්
දුම්රිය ස්ථානයකි. එනම් ලංකාවේ දුම්රිය ධාවනය පාලනය කරන ප්‍රධාන පාලන මධ්‍යස්ථාන
තුනෙන් එකක් පිහිටා ඇත්තේ නාවලපිටියේ නිසාය. අනෙක් ඒවා පිහිටා ඇත්තේ කොළඹ සහ
අනුරාධපුරයේය.
 |
නාවලපිටිය දුම්රිය ස්ථානය |
 |
නාවලපිටිය දුම්රිය ස්ථානය එකල |
 |
නාවලපිටිය දුම්රිය ස්ථානය |
 |
නාවලපිටිය දුම්රිය ස්ථානය ඉදිරිපස
|
මුල් අවධියේ
දී නාවලපිටියේ දුම්රිය ධාවනාගාරයක් ඉදිකර තිබුණි. එය ආරම්භ කර ඇත්තේ 1876 වසරේ දීය. මෙමගින් එකල
ධාවනය වූ ගල් අඟුරු දුම්රිය
එන්ජින් සදහා සේවාවන් ලබා දී ඇත. එකල එහි සේවකයන් 700ක් පමණ සේවයේ යොදවා තිබු බව සදහන් වේ. නමුත්
පසු කාලීනව ඩීසල් එන්ජින් පැමිණීමත් සමග මෙහි කටයුතු ක්‍රමයෙන් නැවතී ගොස් ඇත. අද
වන විට මෙහි තිබූ ගොඩනැගිලි දිරාපත්වෙමින් පවතී.
 |
නාවලපිටිය දුම්රිය ධාවනාගාරයේ නටඹුන් |
 |
නාවලපිටිය දුම්රිය ධාවනාගාරයේ නටඹුන් |
 |
නාවලපිටිය දුම්රිය ධාවනාගාරයේ නටඹුන් |
 |
නාවලපිටිය දුම්රිය ධාවනාගාරයේ නටඹුන් |
 |
නාවලපිටිය දුම්රිය ධාවනාගාරය එකල |
ඉතිරිය මීලග
කොටසින්…..
ඡායාරූප
අන්තර් ජාලයෙනි
සටහන
චතුරංග
ජයසුන්දර
No comments:
Post a Comment