පෙර ලිපිය උඩරට මැණිකේ 20
අපි අද නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට
ඉදිරියට ගමන් කරමු.
නාවලපිටිය
දුම්රිය ස්ථානය තරමක් කාර්යබහුල දුම්රිය ස්ථානයකි. නාවලපිටියේ සිට බදුල්ල දක්වා
දුම්රිය ගමන් නියාමනය කරනු ලබන්නේ නාවලපිටියේ ස්ථාපිත කර ඇති මෙහෙයුම් මැදිරිය
හරහාය. එමෙන්ම කොළඹ කොටුවේ සිට පැමිණෙන දුම්රිය වල රියැදුරන් නාවලපිටිය දුම්රි
ස්ථායෙන් බොහෝ විට තම රාජකාරි නිමා කරන අතර නව දුම්රිය රියැදුරන්ට දුම්රිය භාරදීම
මෙහිදී සිදුවේ. රඹුක්කනින් කන්ද උඩරට ගමන ආරම්භ වී සීඝ්‍ර නැග්මක ගමන් කල අපි
පේරාදෙනිය දුම්රිය ස්ථානයේ සිට නාවලපිටිය දක්වා තරමක තැනිතලා ප්‍රදේශයක
පැමිණියෙමු. නාවලපිටියේ සිට නැවතත් දුම්රිය මාර්ගය සීඝ්‍ර නැග්මකට යොමු වේ. එම
නිසාම බොහෝ දෙනා නාවලපිටිය හදුන්වන්නේ කදුකරයේ මුවදොර ලෙසින්ය. එමෙන්ම නාවලපිටිය
දුම්රිය ස්ථනයේ සිට ඇතැම් දුම්රිය වලට අතිරේක එන්ජිමක සහයෝගය අවශ්‍ය වන බැවින්
අමතර දුම්රිය එන්ජින්ද මෙහි නවතා ඇත. නාවලපිටියේ සිට බදුල්ල බලා ගමන් කිරීමට සාමාන්‍ය
දුම්රියකට පැය 04 ක් පමණ ගත වේ.
 |
නාවලපිටිය දුම්රිය ස්ථානය |
නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 1.5ක් පමණ ඉදිරියට යන විට
දුම්රිය මාර්ගයට මහවැලි ගගේ ප්‍රධානතම අතු ගංගාවක් වන හැටන් ගඟ හමුවේ. මෙම
ස්ථනයේ යකඩ පාලමක් ඉදිකර ඇත. මෙය මීටර් 50ක් පමණ දිග ඇති කුඩා පාලමකි. මෙය සේලම් පාලම
ලෙසද හැදින් වේ. මෙම ප්‍රදේශයෙන් පසුව නැවතත් උඩරට මැණිකේ දුම්රියෙන් ගමන් කරන
අපිට ඉතාමත් සුන්දර දසුන් දැකගත හැකි පරිසරයක් තුළින් ගමන් කළ හැකිය. නැවතත්
කදුකරයට සුපුරුදු තේ වතු අතරින් දුම්රිය මාර්ගය ගමන් කිරීමට පටන් ගනී. මීලගට අපිට
හයිටෙන්ෆෝර්ඩ් නැමති කුඩා දුම්රිය ස්ථානය හමුවේ. මෙය ඇත්තෙන්ම දුම්රිය ස්ථානයකටත්
වඩා දුම්රිය වේදිකාවක් පමණි. මේ ප්‍රදේශයෙන් සහ ඉන් ඉදිරියටත් බොහෝ දුරට දුම්රියට
ගොඩ වන්නේ තම රැකී රක්ෂා සදහා පිටත්ව යන වතුකර ද්‍රවිඩ ජනතාවය. එය ඔවුන්ගේ දෛනික
කටයුතු හා බැදී පවතී.
 |
සේලම් පාලම |
 |
හයිටෙන්ෆෝර්ඩ් දුම්රිය වේදිකාව
|
ගල්පොත්ත ඇල්ල
හයිටින්ෆෝර්ඩ් දුම්රිය ස්ථානයෙන් දුම්රියෙන්
බසින අපිට ඒ ආසන්නයේම පිහිටි ඉතාමත් සුන්දර දියඇල්ලක් හමු වේ. මෙය බැලූ බැල්මටම
දිය ඇල්ලක් ලෙස නොපෙනුනත් ඉතාමත් සුන්දර දිය ඇල්ලකි. මෙම ඇල්ල නම් තුනකින්
හදුන්වනු ලබයි. එනම් සුදුගල ඇල්ල, ගල්පොත්ත ඇල්ල හා හයිටින්ෆෝර්ඩ් ඇල්ල ලෙසයි. මෙම
දිය ඇල්ල නිර්මාණය වී ඇත්තේ හැටන් ගගේ අතු ගංගාවක් වන ‘මස්කිනා ඔය’ නැමති ඔයේ ය. දිය
ඇල්ල නිර්මාණය වන්නේ ආරම්භක ස්ථනයේ සිට මීටර් 70ක් පමණ දුරකට තරමක් ආනත වූ ගල් තලාවක් මත
ජලය ගමන් කිරීමෙනි. මෙම ආනත ගල් තලාව අවසානයේ ස්වභාවික තටාකයක්ද නිර්මාණය වී ඇත.
අනතුරු අවම ස්ථානයක් ලෙස හදුනාගෙන ඇති නිසා නිසා දිය නෑමටද බාධාවක් නොමැත. කෙසේ
නමුදු නොදන්න ස්ථානයකින් දිය නෑමේදී තමුන්ගේ ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත් විය
යුතුය. මීට අමතරව මෙම දිය ඇල්ල ආරම්භ වන ස්ථානයට ඉහළින් මෙම ඔය හරස් කරමින්
බැම්මක් බැද කුඩා ජලාශයක් ඉදිකර තිබේ. එමගින් නාවලපිටිය ප්‍රදේශයට ජලය සපයන ජල
පිරිපහදුවට ජලය ලබා ගැනීම සිදු කරනු ලබයි.
 |
ගල්පොත්ත ඇල්ල |
 |
ගල්පොත්ත ඇල්ල |
 |
ගල්පොත්ත ඇල්ල |
හයිටින්ෆෝර්ඩ් දුම්රිය ස්ථානය පසුකර මනරම්
කදුවැටි අතරෙන් නැලවෙමින් පැද්දෙමින් ඇදී යන උඩරට මැණිකේ දුම්රිය මීළගට ඉඟුරුඔය, හඟරන්
ඔය සහ පෙන්රෝස් යන දුම්රිය ස්ථාන පසු කරනු ලබයි.
මෙම හඟරන් ඔය සහ පෙන්රෝස් යනු දුම්රිය ස්ථාන නොව දුම්රිය වේදිකාවන් පමණි. ඉඟුරුඔය දුම්රිය
ස්ථානයට නුදුරින් අපිට මින් පෙර හමුවූ මස්කිනා ඔයට වැටෙන තවත් කුඩා ඔයක් හමුවේ. මහ
වන මැදින් ගලායන මේ ඔයෙහි හඟරන් ඔය නමති සුන්දර දිය ඇල්ලක් පිහිටා ඇත. නමුත් තවමත්
මහ වන මද සැගවී ඇති මෙම ඇල්ලට සංචාරක ආකර්ශනය එතරම් හිමිවී නොමැත.
 |
ඉඟුරුඔය දුම්රිය ස්ථානය
|
 |
පෙන්රෝස් දුම්රිය වේදිකාව |
 |
මහ වනමැද ඇදහැලෙන හගරන් ඔය ඇල්ල |
පෙන්රෝස් දුම්රිය වේදිකාව පසුකර කිලෝමීටරයක්
පමණ ඉදිරියට යන අපිට ළඟ ළඟ පිහිටි අංක 12 සහ 13 දරන බිංගෙවල් හමුවේ.
මේවා ගල්බොඩ නිවුන් බිංගෙවල් ලෙසද හැදින්වේ. මෙම බිංගෙවල් දෙක අතරමැදින් අපිට නාවලපිටියේදී හමු වූ මස්කිනා ඔය හමුවේ. ඒ
හරහාද මීටර් 30ක් පමණ දිගින්
යුත් යකඩ පාලමක් ඉදිකර ඇත. මෙකී අංක 12 දරන බිංගෙය මීටර් 150.63ක් පමණ දිගකින් යුක්ත
වන අතර අංක 13 දරන බිංගෙය
දිගින් මීටර් 150.88ක් පමණ වේ.
මෙම බිංගෙවල් දෙක අතර පිහිටා ඇති පාලම මත සිට බලන විට වම් පසින් එතරම් උසකින්
යුක්ත නොවූවත් ඉතාමත් සුන්දර දියඇල්ලක් දැකිය හැකිය. එය හෝර්ස්ටේල් ඇල්ල නම්න්
හදුන්වනු ලබයි.
 |
අංක 12 සහ 13 දරන බිංගෙවල් |
 |
බිංගෙවල් දෙක අතර ඇති පාලමෙන් දිව යන අපේ උඩරටමැණිකේ දුම්රිය |
 |
හෝස්ටේල් ඇල්ල |
මෙම ස්ථානය පසුකර ඉදිරියට යන විට ගල්බොඩ
දුම්රිය ස්ථානය හමුවේ. ගල්බොඩ දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 153.12 ක දුරින් හා මුහුදු
මට්ටමේ සිට මීටර් 725.15ක උසකින්
පිහිටයි. ගල්බොඩ දුම්රිය ස්ථානය සංචාරකයන්ගේ නම් තවත් සුන්දර නැවතුමකි. ඒ සුප්‍රසිද්ධ
ගල්බොඩ ඇල්ල එම දුම්රිය ස්ථානය අවට පිහිටා ඇති නිසාය. ගල්බොඩ ඇල්ල නරඹන බොහෝ
සංචාරකයන් දුම්රියෙන් ගල්බොඩ වෙත ගමන් කර එතැන් සිට පයින්ම ගල්බොඩ ඇල්ල වෙත ගමන්
කරනු ලබයි.
 |
ගල්බොඩ දුම්රිය ස්ථානය |
 |
ගල්බොඩ දුම්රිය ස්ථානය |
 |
ගල්බොඩ දුම්රිය ස්ථානය අවට සුන්දරත්වය
|
 |
ගල්බොඩ දුම්රිය ස්ථානය වැසිදාට
ගල්බොඩ ඇල්ල
ගල්බොඩ
දුම්රිය ස්ථානයට නුදුරින්ම පිහිටා ඇති මෙම දියඇල්ල නිර්මාණය වී ඇත්තේ අපි කලින්
සදහන් කල මස්කිනා ඔයෙන්මය. ගල්බොඩ දුම්රිය
ස්ථානය අසලින් වැටී ඇති මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ ගමන් කළ විට මෙම දියඇල්ල වෙත පිවිසිය
හැකිය. ඒ සදහා විනාඩි 30ක පමණ කාලයක්
ගතවේ. මෙහි උස මීටර් 30ක් පමණ වන අතර
පළල මීටර් 3 සිට 6 දක්වා වෙනස් වේ. දිය ඇල්ලට පිවිසීමට ප්‍රථමයෙන් ගඟ හරහා ඉදිකර
ඇති සංගිලි පාලමක් පසුකර යා යුතුය. තරමක අබලන් තත්වයේ පවතින මෙම පාලම මතින් ඉතාමත්
පරිස්සමින් ගමන් කල යුතුවේ. මෙම ස්ථානය පාලනය කරනු ලබන්නේ පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය
සභාව විසින්ය. දිය ඇල්ලට ප්‍රවේශ වන සියලුම දෙනා ප්රවේපත්රක් මිලදී ගත යුතුය.
මෙය පානිය ජල මූලාශ්‍රයක් වන බැවින් නරඹන්නන් මෙය අපවිත්‍ර නොකිරීමට වග බලා ගත
යුතුය. දිය ඇල්ල අසළ ජීවිත හානි බොහොමයක් සිදුවූ ඇති නිසා ආරක්ෂාව පිළිබදවද වඩාත්
සැලකිල්මත් විය යුතුය.
|
 |
ගල්බොඩ ඇල්ල |
 |
සංගිලි පාලම |
 |
ගල්බොඩ ඇල්ල |
ගලබොඩ
දුම්රිය ස්ථනයෙන් නැවතත් ගමන් අරඹන අපිට දෙකින්ද වේවැල්තලාව සහ වටවල යන දුම්රිය
ස්ථාන හමුවේ. වටවල දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට මීටර් 162.52ක දුරකින් පිහිටන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 993.59ක උසකින් පිහිටයි. ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ
වැඩිම වර්ෂපාතනයක් සහිත වටවල ප්‍රදේශයේ අතිශය සශ්‍රීක කලාපයක පිහිටා ඇති වටවල
දුම්රිය ස්ථානය අපගේ උඩරට මැණිකේ චාරිකාවේ කුඩා නමුත් ඉතා වැදගත් දුම්රිය
ස්ථානයකි. මෙම දුම්රිය ස්ථානය හරිත වර්ණ තේ වතු මේන්ම විටිව් විට මීදුමෙන් වැසී යන
මනස්කාන්ත දර්ශන මවා පාන කදුවැටි වලින් වටවී ඇති අතර කදුකරය හරහා ගමන් ගන්නා මේ
දුම්රියෙන් ගමන් කරන සංචාරකයන්ගේ සිත් සන්සුන් කරනා මෙන්ම සිත් ඇද බැද තබා ගන්නා
මනරම් පරිසරක පිහිටා තිබේ
 |
වටවල දුම්රිය ස්ථානය |
 |
වටවල දුම්රිය ස්ථානය |
 |
වටවලදී සිදුවූ දුම්රිය පීලි පැනීමක් |
ලංකාවේ පිහිටා ඇති ඉතාමත් දර්ශනීය දුම්රිය
ස්ථාන වලින් එකක් ලෙස වටවල දුම්රිය ස්ථානය සැලකේ. ඉපැරණි ඉංග්‍රීසි ගෘහ නිර්මාණ
ශිල්පයට අනූව තනා ඇති මෙම දෙමහල් ගොඩනැගිල්ලෙහි එකල පැවති දුම් කවුලුවක්ද තවමත්
දැකගත හැකිය. මෙම දුම්රිය ස්ථානය වර්ෂ 1880 - 1885 කාලයේදී ඉදිකර ඇත. මෙම ප්‍රදේශයේ පවතින බහුල
වර්ෂාපතනය කලාපයේ ආධිපත්‍යය දරන ප්‍රධාන බෝගය වන තේ කර්මාන්තයටත් වසර පුරාම පවතින
හරිත වර්ණ පරිසර පද්ධතියේ පැවැත්මටත් උපකාරී වේ. මේ දුම්රිය ස්ථානය අවට ප්‍රදේශ
නිහඩ සන්සුන් ගැමි සුන්දරත්වය මවා පායි. දුම්රිය ස්ථානය කුඩා වුවද මේ අවට වෙසෙන
බහුතර වතු කම්කරුවන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සදහා විශාල සේවවාක් සපයනු ලබයි. හරිත පැහැ
තේවතු, ගැඹුරු නිම්න මෙන්ම අතරින්පතර කඩා හැලෙන දියඇලි මේ ප්‍රදේශයේදී නාට්‍යමය භූ
දර්ශනයක් මවාපායී.
 |
වටවල දුම්රිය ස්ථානය අවට සුන්දරත්වය |
 |
වටවල ආධිපත්‍යය දරන තේ |
 |
වටවල දුම්රිය ස්ථානය අවට සුන්දරත්වය |
 |
වටවල දුම්රිය ස්ථානය අවට සුන්දරත්වය |
ඉතිරිය මීලග කොටසට
සටහන
චතුරංග ජයසුන්දර
No comments:
Post a Comment