පෙර ලිපිය - මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 10
අපි දළදා මාළිගාවට යමු..
බලන කපොල්ල බලන්න ගියපු අපි මීලගට මහවැලි ගග දිගේ ඇවිත් ගැටඹේ තොටෙන් ගොඩ බැස්සොත් අපිට පුලුවන් සෙන්කඩගල පුරවරය නැතහොත් මහනුවරට පිවිසෙන්න පුලුවන්. මහනුවර ගැන කතා කරනකොට අපිට ඉතිහාසයේ පෙනෙන්නට තිබෙනව කාරනා රශීයක්. මහනුවර රාජ්‍යත්වය ආරම්භ වන්නේ ගම්පොල රජකම් කල තුන්වැනි විජයබාහු රජතුමාට සමකාලීනව හිටපු සේනා සම්මත වික්‍රමබාහු රජතුමාගෙන්. ඊට පස්සෙ කරලියද්දේ බණ්ඩාර, කුසුමාසන දේවියගේ හිමිකාරීත්වය යටතේ පළවැනි විමලධර්මසූරිය, සෙනරත් රජු, දෙවන රාජසිංහ, දෙවන විමලධර්මසූරිය, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ. ඔහු තමයි සිංහලේ අන්තිම රජු. ඊට පස්සේ විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිහ, රාජාධි රාජසිංහ සහ ශ්‍රී වික්‍රම රාජසිංහ. ඔහු තමයි ලංකාවේ අන්තිම රජු.
මේ ඉතිහාසයත් මතක් කරගෙනම අපිට යන්න පුලුවන් දළදා මාළිගාවට. මේ තමයි බෞද්ධයාගේ මුදුන් මල්කඩ.
මීලගට මහවැලි ගග දිගේ යන අපිව යොමු වෙනව කටුගස්තොට දිශාවට. මෙතනින් එහාට අපිට හමුවෙනව ලංකාවේ මෑත යුගයේ ඉදිකෙරුණු විශිෂ්ඨතම වාරි නිර්මාණ කිහිපයක්ම. ඒවා දැවැන්ත මෙන්ම පුදුම සහගත ඉදිකිරීම්. නමුත් ඊට මත්තෙන් අපිට හමු වෙනව හල්ලොලුව සීමාමාලකය.
හල්ලොලුව සීමාමාලකය
මේ හල්ඔළුව සීමාමාලකය තමයි අපිට මහවැලි ගග අසබඩ අපිට දකින්න ලැබෙන එකම සීමාමලකය. මේ හල්ඔවව සීමාමාලකය තමයි කදුරට අපරපුර නිකාගේ ස්වාමීන් වහන්සේලා තම උපසම්පදා කර්මය සිදුකිරීම සදහා තමයි භාවිතා කරන්නෙ. වර්ෂ 1856 තරම් ඈත අතීතෙක තමයි මුලින්ම මේ සීමාමලකය ඉදිකරල තියෙන්නෙ. නමුත් උණ බට ලී කොටන් ආදිය භාවිතා කරල තමයි මුලින්ම හදල තියෙන්නෙ. ඒ නිසාම ඒ අවධියේ සෑම ගංවතුරකටම මේ සීමාමාලකය හසු වෙලා තියනව. ඒ නිසාම 1985 දී ගත්ත තීරණයකට අනූව අනූ ගණන් වෙනකොට තමයි අපිට දැන් මේ පේන්න තියන මට්ටමට සීමාමාලකය හදල තියෙන්නෙ.
![]() |
හල්ලොලුව සීමාමාලකය |
![]() |
හල්ලොලුව සීමාමාලකය |
ත්‍රී සිංහලේ සීමා මායිම් හොයාගෙන කටුගස්තොටට යමු.
මහවැලි ගග දිගේ යන අපි මීලගට පිවිසෙන්නෙ කටුගස්තොට නගරයට. මහනුවර පහුකරගෙන ඇවිත් මහවැලි ගගේ අර විශාල නැම්ම ගත්තට පස්සෙ අපිට හමුවන පළමු නගරය තමයි කටුගස්තොට. ලංකාවේ ඉතිහාසය ගැන කතා කරනකොට බොහොම වැදගත් ස්ථානයක් තමයි කටුගස්තොට. අපි අහල තියන කාරණයක් තමයි දුටුගැමුණු රජතුමා තමන්ගෙ සේනාව මෙහෙයෙව්වෙ මහවැළි ගග දිගේ කියන කාරණය. මහවැලි ගගේ තොටමුණු කිහිපයකින්ම මේ සේනාව එතෙර වුනා කියල සදහන් වෙනව. මේ කටුගස් තොටත් එහෙම එතෙර වෙච්ච තොටක්. සමහර අය හදුන්වනව කඩුගත් තොට කටුගස්තොට වුනා කියල. සාමාන්‍ය ව්‍යවහාරයේදි නම් කටු ගහක් තිබිච්ච තොට කටුගස් තොට වුනා කියල සදහන්වෙන්නෙ.
![]() |
කටුගස්තොට පාලම |
![]() |
කටුගස්තොට පාලම Google maps වල දැක්වෙන අයුරු |
අතීතයේ ලංකාව බොදා තිබු රුහුණු, පිහිටි, මායා කියන රටවල් බෙදී වෙන්වෙන්නෙ මේ ස්ථානයෙන්. මෙතනදි මහවැලි ගගේ දකුණු ඉවුර අයිති වෙන්නෙ රුහුණට. ඒ කිවුවේ මාගම් රාජධානිය කේන්ද්‍රකොටගෙන දංකාවේ දකුණු දෙසින් ඇතුවුන රාජධානිය. මහවැලි ගගෙනන් වම් ඉවුර පිහිටි රට. ඒ කිව්වේ සිරිමා බොධිය පිහිටි රට. සිරිමා බෝධිය පිහිටවූ නිසා ඒ රට පිහිටි රට බවට පත් වුනා. මහවැලි ගගේන් නිරිත දිග කොටස හැදින් වුනේ මයා රට. මයා රට කිවුවේ මාපා වරුන් පාලනය කල රට. මපා වරුන්ගේ රට මයා රට වුනා.
මේ බෙදීම අපිට හොදින්ම පැහැදිලි කරගන්න හොදම තැනක් අපිට හම්බ වෙනව කටුගස්තොට පාලමට ටිකක් එහා පැත්තෙන්. ඒ තමයි පිගා ඔය මහවැලි ගගට එක්වෙන ස්ථානය. කටුගස්තොටින් A9 මාර්ගයේ ටික දුරක් යනකොට තමයි මේ ස්ථානය හමුවන්නේ. කටුගස්තොටදි මහවැලි එක්වෙන පිගා ආරම්භ වෙන්නෙ මාතලේ අකුරණ පැත්තෙන්. එතනින් පටන් අරන් අඹේතැන්න හරියෙදි තවත් අතු ගංගාවක් එකතුකරගෙන ඇවිත් තමයි පිගා ඔය කටුගස්තොටදි මහවැලියට එක්වෙන්නෙ.
![]() |
පිගා ඔය |
![]() |
පිගා ඔය පාලම |
![]() |
පිගා ඔය පාලම Google maps වල දැක්වෙන අයුරු |
![]() |
පිගා ඔය අසල පිහිටා ඇති ත්‍රී සිංහලාරාමයේ හිටි පිළිමවන්සේ |
අපිට මෙතනදි බොහොම අපූරුවට පැහැදිලි කරගන්න පුලුවන් රුහුණු, පිහිටි සහ මායා රටවල සීමාවන් බෙදෙන විදිය. ඔය ත්‍රී සිංහලේ කියන නම මුලින්ම අපිට අහන්න ලැබෙන්නෙ පොළොන්නරු යුගයේදී. ඔය නිශ්ශංකමල්ල රජතුමාගෙ ගල්පොත ලිපිහ නැමති සෙල්ලිපියේ තමයි එතුමන් ත්‍රී සිංහලාධිපති ලෙස සදහන් වෙන්නෙ. ඉන් පසුවත් ඔය ලීලාවතී රැජින, සහස්සමල්ල රජතුමා
ඒ අනුව
1. මහවැලි ගඟේ දකුනු ඉවුරේ
ගොඩබිම රුහුණු රට ලෙසත්
2. මහවැලි ගඟේ වම් ඉවුර සහ
පිඟා ඔයේ දකුණු ඉවුර
ගොඩබිම මායා රට ලෙසත්
3. මහවැලි ගඟේ වම් ඉවුර සහ
පිඟා ඔයේ වම් ඉවුර ගොඩබිම
පිහිටි රට ලෙසත්
බෙදා වෙන් කිරීමේ සීමා සලකුන වන්නේ කටුගස්තොට
නගරයයි.
![]() |
ත්‍රී සිංහලේ සීමා මයිම් |
කටුගස්තොට හරියෙදි මහවැලි ගගේ ජල භාරය ඉතා පුළුල්. ඒකට විශේෂ හේතුවත් තියනව. ඒ තමයි පොල් ගොල්ල වේල්ල. මේ තමයි මහවැලි ගගේ මුලින්ම ඉදිවෙන වේල්ල. අපිට මේ වේල්ලා ගැන ගොඩක්දේවල් කතා කරන්න තුබුනත් ඊට කලින් අපිට තියනව තවත් කාරණාවක් ගැන කථා කරන්න. අපි කටුගස්තොට ඉදන් ඉදිරියට යනකොට අපිට මීලගට මුණ ගැහෙනව මහනුවර සිට මාතලේ දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ මහවැලි ගග උඩින් දිවෙන දුම්රිය පාලම. මේ හරියෙද් ගගේ පළල මීටර් 200ක් පමණ වෙනව.
පොල්ගොල්ල අමුණ
පොල්ගොල්ල අමුණ ගැන කථා කරන්න කලින් අපිට මතක් වෙනව අරිසෙන් අහුබුදු ශූරීන් විසින් රචනා කරපු, සුනිල් ශාන්තයන් විසින් නිර්මාණය කල අයිවෝ ඩෙනිස් සමග නාලිනී රණසිංහ සහ පිරිස ගායන කල සුන්දර ගීතයක්.
වලාකුළින් බැස
සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන්
වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා
දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
බැලූ බැලූ හැමතේ
යවව් යවව් මා එහේ මෙහේ හා
ගිමන් නිවා පොළවේ
එදා රටේ මේ දනෝ තැතින් මා
තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙනැ
මටත් වැඩක් කොටැ
ලොවේ නමක් තැබුවා
වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී
කරදියෙන් එලෝ යනවා
මේ ගීතයෙන් කියවුනේ මහවැලි ගග කතා කරල කියනව නිකන්ම ඔහේ මුහුදට යන්න දෙන්නෙ තැතුව මගෙන් වැඩ ගන්න හැබැයි ඒ මාව රැකෙන විදියට කියල. හැබැයි මේ ගීතයෙත් තියනව අපි මෙතෙක් වෙනස් කරගෙන ආව මතය. ඒ තමයි මහවැලිය පටන් ගන්නෙ සමනල කන්දෙන් කියන කාරණාව. නමුත් ඒක හෙම නෙමෙයි කියල අපි දැන් දන්න නිසා ගැටලුවක් නැහැ.
පොල්ගොල්ල මහ සැලැස්ම හදන්න මූලිකම හේතුව වුනේ නිතර නිතර නියගයෙන් පීඩා විදින රජරටට මහවැලිය හැරවීම. මොකද රජරට කොතරම් වැව් අමුණු ප්‍රමාණයක් තිබුනත් නිතර නිතර ඇතිවන නියගය නිසා පීඩා විදින්නට සිද්ධ වෙනව. කුඩා වැව් සිදී යනව. එහෙම සිදී ගියපු එක්තරා වැවක් කියල තිබුන මෙන්න මේ විදියට,
ගංගා
එන්නකෝ ගංගා
මං බලාන ඉන්නේ
ඔබ එනතුරු ගංගා
දිරූ ඉපල් අත් දඬු ඔසවාගෙන
නියඟින් දා ගිය සිරුර වාරුකර ..//
බලා සිටිද්දී මා
අහක බලාගෙන ගලා ගියා ඔබ
නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ
පිපුරුණු දෙතොලින් අහස බලාගෙන
දියපොද රහිත ව අකලට මහලු ව ...//
හඬා වැටෙද්දී මා
පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ
නෑ නේද ඉතිං යළි අහක බලන් යන්නේ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියපු මේ ගීතය වික්ටර් රත්නායකයන්ගේ සංගීතයට ගායනය කළේ අබේවර්ධන බාලසූරිය මහත්තයා.
මෙවිදියට පීඩා විදින රජරට ජනතාවට මහවැලිය හරවා ජලය ලබා දෙන්න තමයි පොල්ගොල්ල අමුණ ඉදිකිරීමේ මූලික සැලැස්ම වුනේ. ඒ කාලේ හිටිය ගොඩක් අය විශ්වාස කලේ නැහැ මේක කරයි කියල. ඒත් ඒ සැලැස්ම ඒ විදියටම ක්‍රියාත්මක වුනා. ඒ නිසා මේ අමුණ නම් කෙරුනෙ රජරට රන් දොරටුව විදියට.
තවදුරටත් ජලාශ තැනීමට හරස් කිරීමට ගංගාවක් නොමැති පමණට වැව් නිර්මාණය වී තිබුණත් උතුරු දිග තැනිතලාවම දැඩි ජලහිඟයකින් පෙළෙන බව රහසක් නොවීය. මැලේරියාව වැනි රෝග පීඩාදියෙන් බැට කන මෙම පෙදෙස්වල ජනතාව නියඟ කාලයේදී බීමට දිය පොදක් පිරිසිදුව ලබාගැනීම සඳහා දැඩි වෙහෙසක් දරන බව වගකිව යුත්තන්ගේ අවධානයට යොමු විය. මෙයට පිළියමක් වශයෙන් මහවැලි ගඟ හරස් කර එම ජලය ජලහිඟයෙන් පීඩා විඳින රජ රට වැසියන්ට ලබා දීමට කටයුතු සිදු කෙරුණි. 1965 බලයට පත් ඩඞ්ලි සේනානායක අගමැතිතුමාගේ රජය මගින් මූලික කටයුතු ක්‍රියාත්මක කළ අතර මෑත කාලීනව මෙරට ඇති කළ ප්‍රධානම සංවර්ධන ව්‍යාපාරයද විය. 1965 සිට 1968 දක්වා මෙරට රජය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ කෘෂිකර්ම සහ ආහාර සංවිධානයද සමග එක්ව සිදු කළ සමීක්ෂණ අනුව මහවැලි මහ සැලැස්ම පිළියෙල කළේ අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මහතාගේ දැඩි කැපවීම සහ උත්සාහය නිසාය. ජලාශ පහළොවකින් සහ විදුලි බලාගාර එකොළහකින් සමන්විත මෙම සුවිශාල ව්‍යාපෘතිය වසර තිහකින් තනා නිමකිරීමට අපේක්ෂා කෙරුණි. මෙය අදියර තුනක් යටතේ සිදුවන අතර පළමු අදියරට පොල්ගොල්ල හැරවුම, උකුවෙල බලාගාරය, මිනිපේ, වික්ටෝරියා හැරවුම සහ මොරගහකන්ද ව්‍යාපාරය ඇතුළත් විය. මෙම පළමු අදියරේ වේල්ලක් ඉදිකිරීම යුගොස්ලෝවියාවේ ඉන්ග්‍රා සමාගම වෙත භාර දෙන ලදී. ඒ අනුව 1970 පෙබරවාරි මස 28 වැනි දින පොල්ගොල්ල වේල්ල තැනීමේ කටයුතු ඩඞ්ලි සේනානායක මහතා අතින් ආරම්භ වූවේය. ඒ සමගම උකුවෙල මෙගාවොට් 38 ක ජල විදුලි බලාගාරය සහ සැතපුම් 5 1/2 ක උමග හැරීමේ කටයුතු ද ආරම්භ විය. මෙම කටයුතු කඩිනමින් සිදුවෙමින් තිබියදී 1970 මැයි මස පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වී සමගි පෙරමුණ ආණ්ඩුව බලයට පත්වීම නිසා මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපාරය ඉදිරියට මෙහෙයවීමේ වගකීම් අදාළ අමාත්‍යවරයා වූ මෛත්‍රීපාල සේනානායක මහතා භාරයට පත්විය. මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ කටයුතු වේගයෙන් ඉදිරියට සිදු කෙරුණු නිසා දිග අඩි 480ක් වන උස අඩි 50 ක් වන 1977 ජනවාරි අටවැනිදා පොල්ගොල්ල හැරවුමෙන් ජලය නිකුත් කිරීම සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය අතින් සිදුවිය. එය මහවැලි දියවර ජනතාව උදෙසා නිකුත් කිරීම සිදුවූ ප්‍රථම අවස්ථාව විය.
![]() |
පොල්ගොල්ල වේල්ල |
රජරට රන් දොරටුව - පොල්ගොල්ල මහා උමග
පොල්ගොල්ල ජලාශය ඉදිකිරීමේ අරමුණ වුනේ ජලාශයක් ඉදි කිරීමටත් වඩා පොල්ගොල්ලෙදි මදකට ජලය රැදවුමක් ඇති කර ඒ රැස් වන ජලය පාත දුම්බර කදු වැටිය හරහා කනින ලද උමගක් තුළින් රජ රටට ජලය ගෙනයාමයි. පොල්ගොල්ල වේල්ල මත හදගෙන අපි ජලාශය දිහා බැලුවොත් අපේ දකුණුපසින් අපිට දකින්න පුලුවන් මේ මහා උමගට ජලට ගෙන යන ඇල මාර්ගය. මේ ඇල මාර්ගය දිගේ ටික දුරක් යනකොට අපිට දකින්න පුලුවන් මේ අමන් මුවදොර. අශ්ව ලාඩමක හැඩයට තමයි මේ උමන් මුවදොර නිර්මාණය කරල තියෙන්නෙ. ජලය උමගට ඇතුලුවන මුවදොර විශේෂිත ක්‍රමයකට හදපු යකඩ ආවරණයකින් ආවරණය කරලයි තියෙන්නෙත ඒ ගග දිගේ එන අපද්‍රව්‍ය උමගට ඇතුළුවෙන එක වලක්වන්න. නමුත් ගග දිගේ එන අපද්‍රව්‍ය මේ යකඩ ආවරණය මගින් උමගට ඇතුලුවෙන එක වැලැක්වුවාට ඒ අවරණය මත මේ අපද්‍රව්‍යය එකතු වෙනව. ඒ නිසා මේ මුවදොර ඉදිකරන විටම විශාල දොඹකරයක් වැනි උපකරණයක් මෙතැන සවි කරල තියනව මේ අපද්‍රව්‍යය ඉවත් කරන්න
![]() |
පොල්ගොල්ල උමන් මුවදොර ඈතට දිස්වෙන අයරු |
![]() |
උමන් මුවදොරට ඇතුළු වීමට ඇති ස්ථානයේ ඉදිරිපස |
![]() |
පොල්ගොල්ල සිට උකුවෙල විදුලිබලාගාරය දක්වා ජලය ගෙනයන උමගෙහි ඇතුළත |
![]() |
උමගට අපද්‍රව්‍ය ඇතුලුවීම වැළැක්වීමට යොදා ඇති විශේෂ යකඩ ආවරණය |
![]() |
අපද්‍රව්‍ය ඉවත් කිරීමට ඇති යන්ත්‍රය |
![]() |
යන්ත්‍රය මගින් අපද්‍රව්‍යය ඉවත් කරන අයුරු |
මේ උමන් මුවදොර අඩි 40ක් පමණ ගැඹුරුයි. අඩි 19.5ක විශ්කම්භයකින් අශ්ව ලාඩමක හැඩය ඇතුව තමයි මේ මුවදොර නිර්මාණය කරල තියෙන්නෙ. තත්යකට ඝන අඩි 12500ක් උමග තුළට ඇතුල්වෙන විදියට තමයි මේ උමන් මුවදොර නිර්මාණය කරල තියෙන්නෙ. මේ උමග සැතපුම් 5.5ක් පමණ දිගයි. මේ උමගෙන් නිකුත්වෙන ජලය මුලින්ම ගමන් කරන්නෙ උකුවෙල විදුලි බලාගාරයට. එතනින් පස්සෙ තවත් බොහෝ දුරක් ගෙවාගෙන ගිහින් තමයි රජ රටට ඇතුල් වෙන්නෙ. ඒ ගමන් මාරගය මේ විදියට දක්වන්න පුලුවන්.
මහවැලි ගඟ > පොල්ගොල්ල > උමග > උකුවෙල > සුදුගඟ > බෝවතැන්න > ලෙනදොර උමග > දඹුලුඔය > ඉබ්බන්කටුව ජලාශය > කලාවැව
![]() |
පොල්ගොල්ල සිට උකුවෙල දක්වා උමගෙහි ගමන් මග |
අපි මෙතෙක් දුරක් කතාකරගෙන ආව මහවැලි ගග පොල්ගොල්ලෙදි උතුරට හැරවුනාට පස්සෙ එතනින් එහාට අපිට ගගක් මුන ගැහෙන්නෙ නැහැ. ඒ වෙනුවට අපිට හම්බ වෙන්නෙ ජලාශ තුනක් සහ අමුණක්. ඒ වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ කියන ජලාශ තුනත් මිනිපේ අමුණත්. මෙතින් පස්සෙ අපි පිව්සෙන්නෙ දුම්බර මිටියාවතට.
ඉතා රස බර හර බර ලිපියක්. රටේ ඉතිහාසය ගැන කතා කරන තරුණ තරුණියන් දැන් ඉතා අඩුයි. ඔබේ තෙලිතුඩින් අපේ ඉතිහාසය වර්තමානයට ගෙන එන්න ඔබට ශක්තිය ලැබේවා .
ReplyDeleteස්තූතියි. මගේ මේ අරමුණ, උත්සාහය අපේ දරුවන් වෙනුවෙන් යමක් ඉතිරි කර යාමටයි.
Delete