පූර් විකාව
යටත්විජිතවාදී බ්‍රිතාන්‍යයන් ලංකාව සම්පූර්ණයෙන්ම යටත්කරගැනීමෙන්
පසුව ඇතිවූ වැවිලි ආර්ථිකයත් සමග ලංකාවේ මාර්ග පද්ධතිය වැඩි දියුණු කරන්නට විය.
කදුකරයේ ඇතිවූ තේ වගාව සමග දුම්රිය මාර්ග පද්ධතිය ඉදි කිරීම ආරම්භ කෙරුණි. මෙසේ
ආරම්භ කළ දුම්රිය මාර්ග පද්ධතියේ කොළඹ සිට බදුල්ල දක්වා වූ දුම්රිය මාර්ගය
විවිධාකාර සුන්දර ස්ථාන වලින් සහ සුන්දර නිමැවුම් විලින් සපිරි අතිශය මනස්කාන්ත
දුම්රිය මාර්ගයකි. මෙයට ලෝකයේ සුන්දරම දුම්රිය
මාර්ග වලින් තෙවැනි ස්ථානය හිමිවී ඇත. එවන් වූ සුන්දර දුම්රිය මාර්ගයක ඇවිද යාම අප
කාටත් අපූර්වතම අත්දැකීමකි. ඒ නිසාම ඒ මග දිගේ අප ඇවිද යා යුතුමයි.
ලෝක වෙළද ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යය කොන්ස්න්තිනෝපල්
නගරය
ප්‍රාග් ඓතිහාසික මිනිසා රට රටවල් වල වෙන් වෙන්ව
ජීවත් වුවද කෙමෙන් කෙමෙන් ශිෂ්ඨාචාරයන් දියුණු වෙත්ම ක්‍රියාශීලී සතුන් ඇති කිරීම
රෝදය සොයාගැනීමත් සමග ප්‍රවාහන කටයුතු දියුණු වීම සහ නෞකා තාක්ෂණයේ දියුණුව සමග
දිගු දුරක් භාණ්ඩ රැගෙන යාම,
සංස්කෘතික වෙනස් වීම් හා වෙළෙඳාම යන දේවලට මුහුණ දීමට සිදු වූණි.
එමෙන්ම රට රටවල් අතර වෙළද, ආගමික මෙන්ම සංස්කෘතික ගණුදෙනු සිදු කිරීමද ආරම්භ විය. මෙසේ
දියුණු වන වෙළදාම නිසා රට රටවල් අතර ගමන් කිරීමට මං මාවත් මෙන්ම සාරවත් තණබිම්,
ජලය, ආහාර හා නවාතැන් පහසුකම් ආදියද වැඩි දියුණු විය. එසේම මෙම පහසුකම් සැපයීම මත
ඒ ඒ රටවල් විලින් මෙම මාර්ග භාවිතා කරන වෙළදුන්ගෙන් බදු අයකරගැනීමද සිදු වුනා.
මෙසේ වෙළදාම් කටයුතු සදහා වෙළෙන්දන් ආසියාවේ සිට යුරෝපය දක්වා ගමන් ගත් මාර්ග
අරින් සේද මාවත නැමති මාර්ගය ඉතාමත් ප්‍රසිද්ධියට පත් වූවා මෙන්ම එය ඉතා වදගත්
වෙළද මාර්ගයක් බවට පත් විය. මෙම මාවතට සේද මාවත යන නම ලැබී ඇත්තේ චීනයේ නිපදවෙන
සේද රෙදි මෙම මාර්ගය ඔස්සේ වෙළදාම සදහා යුරෝපයට ගෙන යාම නිසාය.
මෙම සේද මාවතේ ඉතාමත්ම වැදගත් නගරයක් වූයේ තුර්කියේ
කොන්ස්න්තිනෝපල් නගරයයි. කොන්ස්තන්තිනෝපලය ඉදි කරන ලද්දේ ක්‍රි.ව. 330 දී කොන්ස්ටන්ටයින් රෝමන්
අධිරාජයා විසින්ය. බටහිර රෝම අධිරාජ්‍යය බිඳ වැටුණ පසුව ද නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ
හෙවත් බිසන්ටියන් අධිරාජ්‍යයේ අගනගරය ලෙස කොන්ස්තන්තිනෝපලය පැවතුණා. ක්‍රි.ව. 5 වන සියවස සිට 1204 දක්වා යුරෝපයේ ධනවත් ම නගරය වශයෙන් සැළකිය හැකි වූයේ කොන්ස්තන්තිනෝපලය
යි. කොන්ස්තන්තිනෝපලය ඓතිහාසික නගරවලින් ඉතාම හොඳ ආරක්ෂක උපක්‍රම සහිත වූ නගරයක්.
නගරය පිහිටියේ තුන් පැත්තකින් සමුදුරෙන් වට වූ අර්ධද්වීපයකයි. උතුරින් ගෝල්ඩන්
හෝර්න් නම් වූ ජල ප්‍රදේශයත්, දකුණින් මර්මරා මුහුදත් ඒ
වටා පැවතුණා. මෙසේ උපක්‍රමික වශයෙන් ඉතාමත්ම වැදගත් නගරයක්ව පැවතීම නිසාම 1453
මැයි 29 වනදා ඔටෝමන් සුල්තාන්වරයා වූ
දෙවන මෙමට්ගේ හමුදා ඉපැරණි කොන්ස්තන්තිනෝපලය
අල්ලා ගත්තේ ගරා වැටෙමින් පැවති බිසැන්ටියම් අධිරාජ්‍යය (Byzantine Empire) පොළවෙන් අතුගා දමමින්.
![]() |
ඔටොමාන් කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීම |
කොන්ස්තන්තිනෝපලය වැටීමත් සමඟ පෙරදිග සමඟ බටහිර
යුරෝපයට තිබුණු සබඳතා මාර්ගය ඇහිරුණා. බටහිර යුරෝපා රටවල සමුදුරු හරහා දේශ ගවේෂණය
සඳහා වූ උද්‍යෝගය ඇතිවීමට මෙය හේතු වුණා.
ලංකාවේ ගමන් මග වෙනස් කල 1505
ක්‍රි.ව 1453 දී තුර්කිවරුන් කොන්ස්තන්තිනෝපල් නගරය
අල්ලා ගැනීම නිසා යුරෝපයේ සිටි ක්‍රිස්තියානි ජාතික වෙළඳුන්ට ගොඩබිම් සේද මාවත
භාවිතා කිරීමට තිබුණු ඉඩකඩ ඇහිරී ගියා. එසේම තුර්කිවරුන් විසින් සිදුකරන විවිධ
බාධාවන් සහ අඩන්තේට්ටම් නිසා යුරෝපයේ වෙළෙදුන්ට නිසි අයුරින් සිය වෙළඳාම් කටයුතු
කරගෙන යාමට හැකි වුණේ නැහැ. එම කාල වකවානුව වන විට පෙරදිග රටවලින් යුරෝපයට කුළුබඩු
රැගෙන ගියා. නමුත් තුර්කි ජාතිකයන් කොස්තන්තිනෝපල් නගරය අල්ලා ගැනීමෙන් පසුව
පෙරදිගින් යුරෝපයට කුළුබඩු සැපයීම ඇණ හිටියා.
එලෙස පෙරදිගින් යුරෝපයට කුළුබඩු සැපයීම නැවතීමත්
සමගම යුරෝපීය රටවල්වල සිටි නාවිකයන් කුළුබඩු සොයාගෙන පෙරදිගට පැමිණෙන්නට වුණා. එම
කාල වකවානුව වන විට අරාබි ජාතිකයන්ගේ අධිපත්‍යයට යටවී තිබුන පෙරදිග සහ අපරදිග අතර
කුළුබඩු සහ අනිකුත් භාණ්ඩ වෙළඳාම තමන් වෙත ලබාගැනීම යුරෝපීයයන්ට අවශ්‍ය වුනා.
එමෙන්ම තම ආගම ප්‍රචාරය කිරීමද ඔවුන්ගේ තවත් අරමුණක් වුනා. ඒ වෙනුවෙන් දේශ ගවේෂණය
කළ යුරෝපීය රටවල් අතුරින් පෘතුගාලයට සහ ස්පාඤ්ඤයට ප්‍රමුඛස්ථානයක් හිමි වුණා. ඒ
අතුරින් පෘතුගාල ජාතිකයන් ඉන්දියාව ඇතුළු පෙරදිග රටවල්වල සිය ආධිපත්‍ය රඳවා ගැනීමට
සමත් වුණා.
මෙහි ප්‍රතිඵලයක් ලෙස 1505 වසරේ නොවැම්බර් 15 වැනිදා ලොරෙන්සෝ ද අල්මේදාගේ නායකත්වය
යටතේ සේනාවක් ප්‍රචණ්ඩ කුණාටුවකට හසුවී ගාලු වරායට සේන්දු වුණා. එතැන් පටන් සිංහල රජවරුන් සමග මිතුරු වෙමින් වරෙක සටන් වදිමින් වසර 153ක පමණ කාලයක් ලංකාවේ සම්පත් සූරා කෑ පෘතුගීසින් 1658 වසරේ දී පමණ ලංදේසි සේනාවල ප්‍රහාරයන් හමුවේ අප රටින් නික්ම ගියා.
![]() |
ලොරෙන්සෝ ද අල්මේදා |
සීතාවක රාජසිංහ රජු පෘතුගීසීන් සමූල ඝාතනය කල මුල්ලේරියා සටන
ඉගුරුදී ගත් මිරිස් – ලංදේසි
ලංදේසීන් ලංකාවට පැමිණූනේ ක්‍රි.ව 1658 දී පමණය.
ඔවුන්ගේ පැමණීමත් සමග එතෙක් පෘතුගීසීන් සමග සටන් වැදී හෙම්බත් වී සිටි දෙවන
රාජසිංහ රජතුමා, පෘතුගීසීන් පන්නා දැමීම සදහා ඔවුන්ගෙන් උදව් ඉල්ලා සිටියේය. ලංදේසින්
විසින් පෘතුගීසීන් පන්නා දැමීමට රජුට උපකාර කලද කල් යන විට ලංදේසීන්ද
පෘතුගීසීන්ටත් වඩා අන්ත ජාතියක් බව රජුට වැටහුනි. ඒ නිසාවෙන් “ඉගුරු දී මිරිස් ගත්තා වගේ” යන කිමන ලංකාව තුළ ප්‍රචලිත විය. මේ නිසාම වරින් වර සටන් කරමින් වරින්
වර මිත්‍ර වෙමින් 1658 සිට1796 දක්වා කාලය තුළ ලංකාවේ සම්පත් සූරාකමින්
ලංදේසි ක්‍රියාකාරකම් ලංකාව තුළ සිදු විය.
![]() |
දෙවන රාජසිංහ රජු |
ලංදේසි පාලනයෙන් හෙම්බත්වී සිටි උඩරට රජු අවසන් වරට ලංදේසීන් පලවා හැරීම සදහා ඉංග්‍රීසීන්ගේ සහය පැතීය. ඒ වන විට යටත්විජිතවාදීන් වූ ඉංග්‍රීසීන් ලෝකයේ බොහෝ රටවල් තම අණසකට යටත් කරගෙන තිබුණි. එවක උඩරට රජු වූ රාජාධීරාජසිංහ රජුගේ ඉලීම පරිදි 1776 දී ලංදේසීන් පලවා හැරීම සදහා ඉංග්‍රීසීන් මැදිහත් විය. එනමුත් ලංදේසීන් පලවාහැරීමෙන් නොනැවතුන ඉංග්‍රීසීන් ලංකාවේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ අත්තඩංගුවට ගැනීමත් සමග 1815 මාර්තු මස 2වන දින ඇතිවූ උඩරට ගිවිසුමෙන් ලංකාවේ පාලන බලය ඉංග්‍රීසීන් සතු විය.
No comments:
Post a Comment