ලංකාවේ
ප්රථම දුම්රිය ගමන
ලංකාවේ
ප්රථම දුම්රිය ගමන සිදු වූයේ වර්ෂ 1864 දෙසැමිබර් මස 27 වැනි දිනය. ඒ කොළඹ ටෙක්නිකල් හංද්යේ පිහිටි වර්ථමාන දුම්රිය
කෞතුකාගාරය බවට පත්වී ඇති කොළඹ පර්යන්ත දුම්රිය ස්ථානයේ සිටය. ඒ දුම්රිය මාර්ගයේ
මුල්ම අදියර වූ කොළඹ සිට අඹේපුස්ස දුම්රිය ස්ථානය දක්වාය. මේ සදහා භාවිතා කර ඇත්තේ
එංගලන්තයේ ස්ටීවන්සන් සමාගමේ නිෂ්පාදනය කරන ලදුව මෙරටට ගෙන්වන ලද ලියෝපෝල්ඩ් නැමැති වාෂ්ප දුම්රිය එනිජිමයි. මෙම මංගල
ගමනේ දීම භාණ්ඩ ප්‍රවාහන මැදිරි කිහිපයක්ද එක්කර ධාවනය කරන ලදී.
මෙම ගමනට ප්‍රධාන ආරාධිතයෙකු ලෙස
බෙල්ජියමේ ඔටුන්න හිමි කුමරු බ්රැබන්ට් ආදිපාදවරයා වේයන්ගොඩ
දුම්රිය ස්ථානයෙන් එකතු විණි. ඔහු අඹේපුස්සට ගමන්කොට නැවත් එම දුම්රියෙන්ම කොළඹට
පැමිණියේය. ඔහුත් සමග ලංකාවේ සිටි මේජර්
ජෙනරාල් O'Brien සහ ඒ කාලයේදී ආණ්ඩුකාරවරයා නොමැති විට රටේ පාලන නිලධාරියා වූ Charles
MacCathy ත් මේ මංගල දුම්රිය ගමනට සහභාගී වී
ඇත. රාජකීයයන්ට අමතරව
මෙරට ප්‍රභූ පැළැන්තියේ නියෝජිතයන් රැසක්ද මෙම
අවස්ථාවට සහභාගී වී ඇත. ලියෝපෝල්ඩ් වර්ගයේ වාෂ්ප එනිජිම සහ දුම්රිය
මැදිරි ඉතා අලංකාර ලෙස සරසා තිබුණි. එංගලන්යෙන් ආනයනය කරන ලද මැදිරි ඉතා උසස් තත්වයෙන් යුතු
සුකොපභෝගී ඒවා විය. එසේම ඒවා දොර දෙකක් සහ රෝද යුගල හරකින් යුතු දිගින් අඩු මැදිරි විය. මැදිරි හොදින් ආලෝකය හා
වාතාශ්‍රය ලැබෙන පරිදි සකස්කර තිබූ අතර පහණ් වලින් ආලෝකවත් කර තිබුණි. මෙම දුම්රියේ රියදුරු වශයෙන්
කටයුතු කරන ලද්දේ එවකට දුම්රිය සේවයෙව් ප්රධාන ඉන්ජිනේරු ජී.එල්.මෝල්ස්වර්ත් මහතා විසිනි.
![]() |
කොළඹ ටෙක්නිකල් හංදිය එදා |
![]() |
එදා කොළඹ ටෙක්නිකල් හංද්යේ පැරණි දුම්රිය ස්ථානය අද |
මෙලෙස ප්‍රථම දුම්රිය ගමන සිදු වුවද සැබෑ ලෙසම
භාණ්ඩ ප්‍රවාහනය ආරම්භ වූයේ 1965.වර්ෂයේ පටන්ය. ලංකි දුම්රිය
සේවයේ මුල්ම මගී
දුම්රිය ගමන සනිටුහන් වනුයේ වර්ෂ 1865දී කොළඹ
සිට අඹේපුස්ස දක්වා වූ ගමනය.
මෝදර මරිවැල්ලට ගොඩ බෑ ලංකාවේ පළමු දුම්රිය ඇන්ජිම
ඉංග්‍රීසීන්ගේ පරිපාලන කටයුතු කොළඹ සිට සිදුකළද කොළඹ නගරයක් බවට පත්වන්නේ 1883 වර්ෂයේදීය. එමෙන්ම
කොළඹ වරාය සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කරන්නේ 1886 වර්ෂයේ දීය. මේ අනූව බලන කල ලංකාවට
මුලින්ම දුම්රිය එන්ජින් ගෙන්වන සමයේ කොළඹ වරාය දුම්රිය එන්ජින් ගොඩබෑමට තරම්
පහසුකම් සහිත ස්ථානයක් වී නොතිබුණි.
ජාතික ලේඛනාරක්ෂක
මණඩලයේ අදටත් ආරක්ෂිතව පවතින 1864
ජනවාරි 14 පළවූ සංරක්ෂිත පුවත්පත්
වාර්තාවන්හි සටහන් පරිදි ප්‍රථම දුම්රිය එන්ජිම ලෙස සැලකෙන බ්‍රිතාන්‍යයේ
ස්ටීවන්සන් ලෝකොමෝටිව් සමාගම විසින් නිෂ්පාදිත ලියෝ පොල්ඩ් නො 1 එන්ජිම මෙරටට ගොඩබස්සවා ඇත්තේ
මෝදර මරිවැල්ල නම් ප්‍රදේශයෙනි. පාමුස්ටන් නම් නැවක පටවාගෙන විත් ඇති මෙම ඇංජිම මරි
වැල්ලෙන් ගොඩබස්සවා අලි ඇතුන් හතරදෙනෙකු ලවා අද්දවමින් මරදානට රැගෙන ආ බව එහි
සඳහන්ව ඇත.
එදා
මරිවැල්ල යනුවෙන් හදුන්වන ස්ථානය අද දක්නට නොමැති වුවද
ඉතිහාසඥයන් සහ ගවේෂකයන් එදා මරිවැල්ල ලෙස
අද හද අනුමාන කරනු ලබන්නේ කොළඹ වරායේ විජය
කුමාර ජැටිය බව පැවසේ.
අතීත තොරතුරු වලට
අනූව එම එන්ජිම මෝදර මරිවැල්ලෙන් නැවේ සිට ගොඩබස්සවා
ඇත්තේ ටොන් 40ක බරක් දැරිය හැකි පාරුවකට වන අර බර අඩුකරගැනීම සදහා රෝද ගලවා තිබූ බව පැවසේ. දුම්රිය එන්ජිම
ගොඩට ගෙන ඒමට වෙනත් විකල්පයක්
නොමැති තැන මෙම පාරු ක්‍රමය සුදු ආණ්ඩුකාරවරුන් සං දුම්රිය ඉංජිනේරුවන් විසින්
භාවිතා කළ
බව ඉතිහාසය අධ්‍යයනය කරන විට පෙනී යයි.
ස්ටීවන්සන්
ලෝකොමෝටිව් සමාගම විසින් නිපදවා ඇති බව කියන 1263 වැනි එන්ජිම වන මෙම එන්ජිම
හැඳින්නුවේ ලියෝ පෝල්ඩ් නොම්මර 1 ලෙසය. ඉදිරිපස
රෝද හතරකුත් පසුපස රෝද හතරකුත් වන සේ රෝද අටකින් සමන්විත ඇන්ජිමේ ටොන් හතරහාමාරක
ගල්අඟුරු ටෙන්ඩරයක් (වැගනයක්) දැකගත හැක. ඇන්ජිමේ
මුළු දිග ආසන්න වශයෙන් අඩි විස්සකි. මෙහි රෝද සැකැස්ම සම්මත ක්‍රමයට සටහන් කරන විට
4-4-0 අාකාරයක් ගනී. එනම් ඉදිරිපස රෝද හෙවත්
leading
carrying wheels හතරකුත්
එළවුම් රෝද හෙවත් Driving wheels හතරකුත්
වශයෙනි. එන්ජිමේ මුළු රෝද සංඛ්‍යාව අටක් වන අතර එලවුම් රෝදයක විශ්කම්භය අඩි පහකි.
මෙහි
සිලින්ඩර දෙකක් පිහිටි අතර ඒවා වර්තමානයේ ඔබ දැක ඇති වාෂ්ප ඇන්ජින් මෙන් පිටතින්
දැකිය නොහැක. එම සිලින්ඩර් බොයිලේරුවට පහළින් රෝදවලට ඇතුළතින් පිහිටා ඇත.
සිලින්ඩර් පාලනයට මෙන්ම සිලින්ඩර්වලට ඇතුළු වන වාෂ්ප ප්‍රමාණය සහ ඇතුළුවන දිශාව
පාලනයට ස්ටීවන්සන් වෑල් ගියර් පද්ධතියක් එහි සවිකොට ඇත
ලංකාවට ප්රථම දුම්රිය එන්ජිම ආනයනය කරනු
ලබන්නේ 1864 ජනවාරි මාසයේදී
ය. එංගලන්තයේ Stephenson සමාගමේ නිෂ්පාදනයක් වන මේ පලමු දුම්රිය එන්ජිම ලංකාවේදී භාවිත කරන
ලද්දේ කොන්ත්රාත්කරුවන්
විසින් වන අතර ඔවුන් මෙය භාවිත කලේ මාර්ගය තැනීම සදහා අවශ්ය කරන කම්කරුවන් සහ බඩු බාහිරාදිය
ප්රවාහනය කිරීම සඳහායි. ලංකා ඉතිහාසයේ පළමු දුම්රිය ගමන වන
කොටුව පර්යන්ත නැවතුමේ සිට අඹේපුස්ස දක්වා වූ රාජකීයන්ගේ දුම්රිය ගමනටද යොදාගන්නේ
මේ දුම්රිය එන්ජිමයි. මේ පලමු දුම්රිය එන්ජිම 1864
සිට 1901 දක්වා වසර 37 ක් සාර්ථකව ධාවනය
වුකර 1901න් පසුව ධාවනයෙන්
ඉවත් කෙරුන බව සදහන් වෙන්වේ. එමෙන්ම මෙම මංගල දුම්රිය ගමනින් අනතුරුව මෙම වාෂ්ප
දුම්රිය එන්ජිම "ලියෝපෝල්ඩ් එන්ජිම" ලෙස හැඳින්වූ බවටද සඳහන් වේ.
![]() |
ලියෝ පෝල්ඩ් නොම්මර 1 එන්ජිමට සමාන එන්ජිමක් |
![]() |
පසුකාලීනව කොළඹ ක්‍රමය යටතේ ලැබුන එන්ජින් කොළඹ වරායෙන් ගොඩබෑම |
ඉතිරිය
මීළග කොටසට
සටහන
චතුරංග
ජයසුන්දර
No comments:
Post a Comment