Sri Lanka

Wednesday, November 1, 2023

උඩරට මැණිකේ 4

පෙර ලිපිය උඩරට මැණිකේ 3


ලස්සන තාලෙට තිස්සෙම ගැස්සෙන යනවිට ගමන අගේ

ලිස්සන පීල්ලෙ කැරකෙන රෝදේ දුටුවම පුදුම නැගේ


මැණිකෙල බල බල නුවරට යන කල සුන්දර සිහින මැවේ

තේ වතු පොල් වතු ඈතින් කඳු පෙළ සැනසිලි සිසිල ගෙනේ

 

උතුරට දකුනට යන එන හැමවිට සිරි දෙව්දූ හමුවේ

පෙම් සිත් හමුවන තොරතුරු කියවෙන දිව යන තිප්පල වේ

 

උඩරට මැණිකේට පට කුඩ දෙක දෙක අරගෙන ගිය ගමනයි

රජවරු මැතිවරු මංගල නැකතට කැඳවා ගිය ගමනයි

 

නාරිතා චිත්‍රපටය 1969

 

මෙතෙක් දුරක් ංකාවේ දුම්රිය ඉතිහාසය ගැන කතා ක අපි මෙතැන් පටන් කොඹ කොටුවෙන් පටන් ගෙන මුහුදු මට්ටමේ සිට අඩි 6000කටත් වඩා උසින් පිහිටි උඩටරට බා දුම්රිය මග දිගේ ඇවිද යමු. නමුත් ඒ ගමන ආරම්භයට පෙර කොඹ කොටුවට පැමිණෙන අපට මුණගැහෙන ඉතාමත් වැදගත් ස්ථානයක් ගැන කතා ක යුතුමය. ඒ තමයි බේරේ වැව.

 

බේරේ වැව

 වර්ථමානයේ කොඹ ම වහන පද්ධති මෙන්ම අපද්‍රව්‍ය එකතු වන, දුගද හමන, එමෙන්ම තද කො පැහැයකින් යුක්ත ජය දැකිය හැකි ස්ථානයකි බේරේ වැව. නමුත් අතීතයේ මෙම ස්ථානයට තිබී ඇත්තේ වෙනමම වටිනාකමකි. බේරේ වැව අයිති  මුළු ප්‍රදේශයම මුින්ම හදුන්වා ඇත්තේ මුතුරාජවෙ වගුර ලෙසය. මෙය අක්කර 400ක පමණ ප්‍රදේශයක පැතිරී තිබුණි. පෘතුගීසීන් ංකාවට පැමිණීමෙන් පසුව ඔවුන්ගේ බකොටුව ඉදිකරගත්තේ මෙම වගුරු බිම ආශ්‍රිතවය. නමුත් එක කෝටිටේ පාකයා වූ හයවන විජයබාහු රජුගේ සේනාවන් විටින් විට මෙම වගුර අස්සෙන් පැමිණ පෘතුගීසීන්ට පහර දෙන්නට විය. පෘතුගීසීන්ට මෙලෙස නිතර නිතර සිදුවන පහර දීම් වට මුහුණදීමට සිදු විය.

 මෙම ආක්‍රමණයන්ගෙන් බේරීමට පෘතුගීසීන් තම බකොටුව වට කොට මෙම වගුර ඔස්සේ අගක් කැපීම ආරම්භ කර ඇත. නමුත් කොටුව පිහිටි ප්‍රදේශය තරමක් විශා වූ නිසා මෙම ඇ ඉදිකිරීමට ඔවුන්ට ඉතාමත් අපහසු විය. සිදුවූ අපහසුතාවයන් නිසා ඔවුන්ට මෙම ඉදිකිරීම් අරමග නර කිරීමට සිදු විය. කටයුතු මෙලෙස සිදුවන අතර තුර විජයබාහු රජුගේ සේනාවන් නැවතත් ආක්‍රමණයක් සිදු කහ. මෙවර සූදානමින් සිටි පෘතුගීසී සෙන්පති කපිතාන් ලොපෝ ද බි‍්‍රටෝ ප‍්‍රමුඛ සේනාව සිංහ සේනාවට ප්‍රති ප්‍රහාර දෙන්නට විය. මෙම ප්‍රහාරය නිසා සිංහල සේනාවන් වගුරු බිම තුළ සීසීකඩ සැගව ගියහ. නමුත් පෘතුගීසි සේනාවන් සිංහල හමුදාවන් ලුහුබැද ගොස් ඇත.

මෙසේ ලුහුබැද යන පෘතුගීසීන් දෙමටගොඩ කඳු ගැටයටත්, සාන්ත සෙබෙස්තියන් කඳුගැටයටත් අතරින් පිහිටි දණියකට පැමිණ ඇත. මෙම ප්‍රදේ හරහා ගා බසින දිය පහරක් ඔවුන්ට හමුවී ඇත. මෙම දිහය පහර තමන් කපමින් සිටි ඇ වෙතට හරවා ඔවුන් බලාපොරොත්තු වූ ජ භාදකය තනා ගැනීමට ඔවුන්ට හැකි විය.

 වර්ෂ 1578 දී මායාදුන්නේ රජු මෙම වැවෙහි පෘතුගීසි යාත්‍රා ගමන් කරනු දැක ඇත. මේ නිසා රජු වැව හිස් කිරීමට කොතරම්උත්සාහ කලත් එය එතරම් ලේසි පහසු කටයුත්තක් නොවීය. පසු කලෙක පළමු වැනි රාජසිංහ රජු කීප විටක්ම කොළඹ වටලා වැවෙහි ජලය පොළවටම හිස් කර ඇත. මේ නිසා පෘතුගීසීන්ට සැපයුම් ලබාගැනීම ඉතා දුෂ්කර විය. කදවුර තුළ ආහාර පාන පවා ඉතා හිග විය. මේ හේතුව නිසයි කොළඹ කොටුවේ බළල් මසුත් ගිණි ගණන් ගියා කියමන ඇති වූයේ. නමුත් පෘතුගීසීන්ට මුහුද දෙසින් සැපයුම් ලබාගැනීමට හැකිවූ නිසා රාජසිංහ රජුට පෘතුගීසීන් සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට නොහැකි විය.


එකල කොලඹ කොටුවෙහි සිතියමක්

උඩුගුවනේ සිට එකල කොළඹ කොටුව පෙනෙන අයුරු - සිතුවමකි

එදා බේරේ වැව

එදා බේරේ වැව

එදා බේරේ වැව

 බේරේ වැවට දෙමටගොට දෙස සිට ගලා එන ඇල සාන්ත බස්තියම ඇල ලෙසින් අදත් දැකිය හැකිය. මරදාන ටෙක්නිකල් හන්දියේ සිට උසාවිය දෙසට යන විට මෙම ඇළ හමුවේ. මෙම ඇළට මෙතරම් ඉතිහාසයක් ඇතැයි කිසිවෙකුත් නොසිතනුඇත. සුප්‍රකට floating market නැතහොත් බේරේ පාවෙන වෙළදපොළ ඉදිකර ඇත්තේ මෙම ඇළෙහිය

ශාන්ත සෙබස්තියන් ඇල සිතියමෙහි දැක්වෙන අයුරු


ශාන්ත සෙබස්තියන් ඇල


ලංකාව පුරාම මිනින්දෝරු කටයුතු කළ ප්‍රකට මිනින්දොරු වරයෙකු වන රිචඩ් ලෙස්ලි බ්‍රෝහියර් මහතාගේ මතය වී ඇත්තේ බේරේ වැව පෘතුගීසි නිර්මාණයක් වුවද ක්‍රමවත් සැලැස්මක් ඇතිව මෙය පවත්වාගෙන ගොස් ඇත්තේ ලන්දේසීන් බවය. බේරේ වැව භාරව කටයුතු කල ඔලන්ද ජාතිකයාගේ නම බේයර් ය. බේරේ වැවේ ගරාවැටුන සොරොව්වක තිබී හමුවූ ඵලකයක ක්‍රි.ව 1700 ද බේයර්යනුවෙන් සටහන් කර තිබූ බව බ්‍රෝහියර් මහතාගේ සටහන් වල දක්නට ලැබේ. ලන්දේසි යුගයේ මෙය බේයර් වැව ලෙස ව්‍යවහාර වන්නට ඇතත් පසුව සිංහල හුරුවට වචන බිදී අවුත් බේරේ ලෙස ව්‍යවහාරයට එක්වන්නට ඇතැයි සැලකේ.

 

කොළඹ ඕලන්ද බලකොටුව කඩා දැමීම1865







බේරේ වැව ගැනත් විස්තර දැනගත් අපි මෙතැන් පටන් කොළම කොටුව දුම්රිය ස්ථානයේ සිට උඩරට මැණිකේ දුම්රියෙන් බදුල්ලට යමු.

 කොළඹ කොටුව දුම්රිය ස්ථානය

  වර්ෂ 1865 ඔක්තෝඹර් 02 වන දින ඇරඹි ප්‍රථම මගී ප්‍රවාහන දුම්රිය සේවයේ කොළඹ දුම්රිය ස්ථානය ලෙස වර්තමාන මරදාන කාර් මික විද්‍යාලය ඉදිරිපිට ඇති බඩු ගබඩා සංකීර් ණය ඇති ස්ථානය යොදා ගනු ලැබුණේ 1867 දෙසැම්බර් මස 24 දින සිටය. කොළඹ ඉදිවූ පළමු දුම්රිය ස්ථානය කලම්බු ටර් මිනල් නම් විය. ඉන් පසුව 1908 වසරේ මරදාන දුම්රිය ස්ථානයත් 1917 වර්ෂයේදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයත් බිහිවිය. මුලින්ම වේදිකා 5කින්ඇරඹුණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අද වන විට වේදිකා 10ක් දක්නට ලැබේ.

ලංකා දුම්රිය සේවයේ පළමු දුම්රිය

කොළඹ පර්යන්ත දුම්රිය ස්ථනයේ වේදිකාව Colombo Terminus Station

කොළඹ පර්යන්ත දුම්රිය ස්ථානය Colombo Terminus Station


මුල් යුගයේ භාණ්ඩ ප්‍රවාහනයේ පහසුව සදහා ඉදිකරන ලද කොටුව දුම්රිය ස්ථානය අද වන විට මගී ප්‍රවාහනයේ කේන්ද්‍රස්ථනයක් වේ. මුහුදුබඩ දුම්රිය ගමනාගමනයන් හැර දිවයිනේ අනෙකුත් සියලුම දුම්රිය මාර්ග වල දුම්රිය ගමනාරම්භයන් සිදු කරන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙනි. අද වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආසන්න වශයෙන් දුම්රිය ගමන්වාර 320ක් පමණ ක්‍රියාත්මක වේ. මෙම දුම්රිය ස්ථානය භාවිතා කරන මගීන් ප්‍රමාණය දෛනිකව ලක්ෂ 2ක් පමණ වේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මාසික ආදායම රුපියල් මිලියන 100ක් පමණ වේ. එය මගී පොරොත්තු කාමර, විවේක ගැනීමේ සහ ආපනශාලා වලින් සමන්විත වේ. ආබාධිත පුද්ගලයින් සඳහා දුම්රිය ස්ථානය තුළ විශේෂ විධිවිධාන ඇත. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ප්‍රධාන ආසන වෙන්කරවා ගැනීමේ කවුන්ටරය ද කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පිහිටා ඇත


මුල් යුගයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය



80 දශකයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය



අද කොළඹ කොටුව දුම්රිය ස්ථානය


උඩරට මැණිකේ දුම්රිය

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන ප්‍රධානතම දුම්රිය 3කි. එනම් උඩරට මැණිකේ, පොඩි මැණිකේ සහ රාත්‍රී තැපැල් දුම්රියයි. මේ අතුරින් අපගේ කතා නායිකාව වන උඩරට මැණිකේ දුම්රියෙහි ආරම්භක ඉතිහාසය ගැන කතා කළ යුතුමය.

   ලංකා දුම්රිය සේවයේ ප්‍රථම මගී ප්‍රවාහන ගමන සිදුවූයේ වර්ෂ 1865 ඔක්තෝඹර් 02 වැනිදාය. අනතුරුව ආරම්භ කරන ලද මගී ප්‍රවාහන සේවය 1867 කොළඹ මහනුවර මාර්ගය විවෘත වීමත් සමග උඩරට දුම්රිය ගමන් ආරම්භ විය. වර්ෂ 1928 වන වන විට උඩරට මාර්ගය බදුල්ල දක්වාම ඉදිකිරීම් නිම කරන ලද අතර තේ, කෝපි ආදිය ප්‍රවාහනය කිරීම සිදු විය.

අවසන් යුගයේ ආනයනය කරන ලද වාෂ්ප එන්ජිමක්


එක්දාස් වනසිය හතලිහ දශකය වන විට මාතර දක්වාත්, යාපනය දක්වාත් දුම්රිය මාර්ග ඉදි කර අවසන් කර තිබුණි. දිනෙන් දින වැඩි වන අවශ්‍යතාවය හමුවේ ශීඝ්‍රගාමී දුම්රිය සේවාවන් ඇරඹීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය. වර්ෂ 1953 තෙක්ම ප්‍රධාන මාර්ග වල වාෂ්ප එනිජින් මගින් දුම්රිය ධාවනය කෙරුණි. මුලින්ම එතෙක් භාවිතා කළ වාෂ්ප එන්ජින් වෙනුවට බ්‍රිතාන්‍යෙය් සිට ආනයනය කරන ලද class M1 ඩීසල් එන්ජින් භාවිතා කරමින් Yalpanam Express, Mahanuwara express, Ruhuna express යන දුම්රියන් ධාවයට එක් විය.එම අවධියේ යාල්දේවි, රුහුණු කුමාරි සහ උඩරට මැණිකේ නමින් දුම්රිය ධාවනය නොවීය.


Class M1 එන්ජිමක්

එම දුම්රිය ධාවනය ආරම්භ කර වසරක පමණ කාලයකට පසුව එනම් 1954 දෙසැම්බර් මාසයේ දී කොළඹ ක්‍රමය (Clombo Plan) නැමති සංවර්ධන ක්‍රමය යටතේ කැනඩාවෙන් ආධාර වශයෙන් මෙරටට Class M2 වර්ගයේ ඩීසල් එන්ජින් 5ක් ලැබුණි. ඒ යටතේ M2-569 (Ontario) ඔන්ටාරියෝ, M2-570 (Alberata) අල්බරේටා, M2-571-(Saskatchwan) සස්කච්වන්, M2-572 (British Columbia) බ්‍රිටිශ් කොලොම්බියා, M2-573 ක්විබෙක් දුම්රිය එන්ජින් මෙරට ලැබී ඇත. ලංකා දුම්රිය සේවය සතු ඩීසල් එන්ජින් ප්‍රමාණය වැඩි වීමත් සමග තරගකාරී දුම්රිය සේවාවක් ලබා දීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය. එහි ප්‍රථිඵලයක් ලෙස රුහුණු කුමාරි, යාල්දේවි සහ උඩරට මැණිකේ නමින් දුම්රිය තුනක් ධාවනයට එක් කෙරුණි.

 මෙම දුම්රිය තුනම එකම දිනක ධාවනයට එක් කෙරුණ බවට පලවන වාර්ථා අසත්‍ය බවට තොරතුරු ඇත. රහුණු කුමාරි දුම්රිය මුලින්ම ධාවනය කර ඇත්තේ 1955 ඔක්තෝඹර් 24 වැනි දිනය. එවකට ලංකාවේ අගමැතිව සිටි සර් ජෝන් කොතලාවලත් එවකට ගමනාගමන ඇමති වරයාව සිටි මොන්ටෙගු ජයවික්‍රම, දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ බී.ඩී රම්පාල යන මහත්වරුන් රුහුණු කුමාරිය මාතර බලා යන මංගල ගමනට එක්වී ඇත. රුහුණු කුමාරිය සිය මංගල ගමන අරඹා ඇත්තේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පස්වැනි වේදිකාවෙනි. එය අද වන විට හත්වැනි වේදිකාව බවට පත්වී ඇත. එදින රුහුණු කුමාරිට පණ පෙවූ එන්ජිම වන්නේ , Class M2-572 (British Columbia) බ්‍රිටිශ් කොලොම්බියා නම් කැනඩා එන්ජිමයි.

 රුහුණු කුමාරි ශීඝ්‍රගාමී දුම්රිය ආරම්භ වී මාස හයකට පසුව කොළඹ සිට කන්කසන්තුරය දක්වා සහ කොළඹ සිට බදුල්ල දක්වා  තවත් ශීඝ්‍රගාමී දුම්රිය දෙකක් ඇරඹීම කෙරෙහි දුම්රිය බලධාරීන්ගේ අවධානය යොමු විය. ඒ අනූව කන්කසන්තුරය බලා ධාවනය කරන යාල්දේවී දුම්රියත්, කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන උඩරට මැණිකේ දුම්රියත් ධාවනයේ යෙදවීමට කටයුතු සැලසුම් කෙරුණි. මෙම දුම්රිය සේවාවන් ඇරඹීමට ප්‍රථම ජනතාව දැනුවත් කිරීම සදහා ලංකා දුම්රිය දෙපාර්ථමේන්තුව විසින් සිළුමිණ පුවත්වතේ දැන්වීමක් පල කර ඇත. එම දැන්වීම නිසා බොහෝ දෙනෙකු මෙම දුම්රිය සේවාවන් තුනම එක් දිනක ආරම්භ වූවා යැයි වැරදි වැටහීමක් ඇති කරගෙන ඇත.

 එම පුවත්පත් දැන්වීම පලකර තිබුනේ මෙසේය,

 "ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගය - ප්‍රියංකර සොහොවුරියන් තිදෙනෙක් ඉදිරිපත් කරයි.."

 දිනමිණ වාර්තාකරුවකු විසිනි

"උඩරට මැණිකේ යන නමින් ඇඳින්වෙන අලුත් ශීග්‍රගාමී බදුලු දුම්රිය සේවාවක්ද යාල් දේවී යන නමින් හැඳින්වෙන කන්කසන්තුරේ බලා යන ශීඝ්‍රගාමී දුම්රිය සේවයක්ද මාතර බලා යන රුහුණු කුමාරී සේවයද අද පටන් ක්‍රියාත්මක වන අලුත් දුම්රිය කාලසටහන අනුව ගමනාගමන ඇමතිවරයා විසින් ආරම්භ කරනු ඇත. යාල්දේවී දුම්රිය සේවය අද අලුයම 5.30ටත් උඩරට මැණිකේ දුම්රිය උදේ 9.30ටත් ආරම්භ වේ."

  ලංකා දුම්රිය දේපාර්ථමේන්තුව එදා හදුන්වා ඇත්තේ ලංකා දුම්රිය සේවය යනුවෙනි. එනම් Ceylon Government Railway යනුවෙනි. මෙය කෙට්යෙදුමක් ලෙස CGR යනුවෙන් අදද හදුන්වනු ලබයි. මෙකී පුවත්පත් දැන්වීම සමග C අක්ෂරය ඉදිරියේ ඔසරියක් ඇදගෙන කුඩයක් අතින් ගත් මැණිකේ කෙනෙකුගේ රූපයක් සහ උඩරට මැණිකේ යනුවෙන් සටහනක්ද,  G අක්ෂරය ඉදිරියේ සාරියක් ඇදගත් දමිළ කාන්තාවකගේ රූපයක් සහ යාල්දේවි යනුවෙන් සටහනක්ද, R අක්ෂරය ඉදිරියේ චීත්තයකින් සහ හැට්ටයකින් සැරසුන කාන්තාවකගේ රූපයක් සහ රුහුණු කුමාරි යනුවෙන් සටහනක්ද සහිත සිතුවමක ඡායාරූපයක් පල කර තිබුණි. එම දැන්වීමේම සුරක්ෂිතව ගමන් කරන්න, ලාබෙට ගමන් කරන්න, දුම්රියෙන් ගමන් කරන්න යනුවෙන්ද සටහනක් තිබී ඇත.

  

පුවත්පතෙහි පලවූ සිතුවම

 කෙසේ හෝ 1956 අප්‍රේල් 23 දා ගමන් ඇරඹි උඩරට මැණිකේ දුම්රියට පණ පෙවීම සදහා භාවිතා කර ඇත්තේ මුලින්ම රුහුණු කුමාරියට යොදාගත් ,Class M2-572 (British Columbia) බ්‍රිටිශ් කොලොම්බියා නම් කැනඩා එන්ජිමමයි. දුම්රිය එන්ජින් විදේශයන් හි සිට ආනයනය කලද ප්‍රථම උඩරට මැණිකේ සදහා භාවිතා කර ඇත්තේ මෙරටදී නිෂ්පාදනය කරන ලද ලී මැදිරි බවට තොරතුරු ඇත. දුම්රිය මැදිරියක රෝද සහිත බොගිය නැමති කොටස සහ පිටත රාමුව පමණක් එංගලන්තයේ සිට මෙරටට ගෙන්වා ඇත. රත්මලාන දුම්රිය අංගනයේ වැඩබිමේ සාප්පු අංක 23හි වූ වඩුකර්මාන්තායතනයේ මෙම මැදිරි සකසා ඇති අතර එහි නිෂ්පාදන කටයුතු සදහා බුරුම තේක්ක, ඕක් ලී සහ තවත් දැව විශේෂ භාවිතා කර ඇත.


මුල්ම උඩරට මැණිකේ දුම්රියට යෙදූ ලී මැදිරි


එද උඩරට මැණිකේ මංගල ගමනට එකවුන ,Class M2-572 (British Columbia) බ්‍රිටිශ් කොලොම්බියා එන්ජිම අද.....

 මේ වන විට මෙම එන්ජිම දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ අධීක්ෂණය යටතේ පවතී. වසර 67ක් පමණ වයසැති මෙම එන්ජිමට අද වන විට උඩරට මාර්ගයේ කදු හෙල් නගිමින් දුෂ්කර ගමන් වල යෙදීමට හැකියාවක් නොමැත. නමුත් තවමත් ඇය තැනිතලා මර්ගයේ විවිධ සේවාවන් සපයමින් සිටින්නීය.විටෙක  ගාල්ල මාතර ප්‍රෙද්ශ වලද තවත් විටෙක මහව, ගල්ඔය, මඩකලපුව, ත්‍රීකුණාමලය දක්වාද සේවය සපයන්නීය. මෙම එන්ජිමත් සමග ඇති Class M2 එන්ජින් නඩත්තු කිරීම සදහා පමණක් දෙමටගොඩ ධාවනාගාරයේ පමණක් සේවකයන් 170ක් පමණ යොදවා ඇත.

 සෑම ගමන් වාරයක් අවසානයේදීම සුළු අලු‍ත්වැඩියා කටයුතු සහ නඩත්තු කටයුතු මෙන්ම ඇය හැඩ වැඩ කිරීම දෙමටගොඩ ධාවනාගාරයේදී සිදු කෙරුණද ඇය ගැන යෙදෙන බරපතළ අලු‍ත්වැඩියා කටයුතු සිදුකරනුයේ රත්මලාන දුම්රිය අංගන වැඩබිමේදීය.   


මේ වනවිට සිය ජීවිතයේ මැදි වියට එළැඹ සිටින ඇය කඳුරට මාර්ගයේ ගමනේ නොයෙදුනද පහතරට දුම්රිය මගේ වැඩිම ආදායම් උපයන කෙටි දුර ධාවනයේ සුවිශේෂ වූ සේවාවක් ඉටුකරමින් සිටින්නීය.


Class M2-572 (British Columbia) බ්‍රිටිශ් කොලොම්බියා එන්ජිම අද



ඉතිරිය මීලග කොටසින්

සටහන
චතුරංග ජයසුන්දර



No comments:

Post a Comment