Sri Lanka

Saturday, July 27, 2013

සෙනෙහස දෙවොලකි

සෙනෙහස දෙවොලකි 






"සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි....."


එදා මේ ගීතය ඇහෙද්දි එහි තේරුම නොදැන උන්නෙමිනමුත් අද එය හාත් පසින්ම වෙනස් වී ඇත.. ජීවිතයේ හැමදාමත් අපි අදරේට ආදරේ කරමු.. නමුත් ආදරේ ඇතිවන්නේ කොහේද කෙසේද කියා අපි නොදන්නෙමු දිවාරෑ විවිධ අය අසලින් ගමන් කරද්දි  තිබුන සිත හදිස්සියේම යම් කෙනෙක් පැහැර ගත්තොත් ඔබට කුමක් සිතේවිද…. 

ආදරය හැමදමත් අපිට අවශ්‍යයි.  ආදරය නිසයි අපි ජීවත් වෙන්නෙ. අදාරය කරන අයට බුවනෙකබා අපි හැමදාමත් ආදරෙයි. ආදරය කියන්නෙ පුදුමාකාර දෙයක්. ඒක කොයි මොහොතක ඇති වෙනවද කියල අපි දන්නෙ නැහැ. අපි කෙනෙක් එක්ක කතා කරන්නෙ ඒ කෙනාට ආදරය කරන්න හිතාගෙනම නෙමෙයි. ඒත් ආදරය ඇති වෙන්නෙ අහඹුවකින් කියලයි අපි හිතන්නෙ. ඒ කොහොම උනත් අපි ආදරේදි ගොඩක් අවංක වෙන්න ඕන. කාගෙවත් හිතක් රිද්දන එක හො‍ද දෙයක් නෙමෙයි. අපි කාට හරි වේදනාවක් දුන්නොත් ඒ වේදනාව කවදාක හරි අපිට ලැබෙනවමයි. ඒ නිසා ආදරයෙදි අවංකවම ආදරය කරමු. ආදරය සුන්දර විදියට විදියට විදිමු. සමහරු කියනව ආදරය තුළ තියෙන්නෙ රාගය විතරයි කියල. ඒත් තමන්ගෙ පෙම්වතියට දුකක් කරදරයක්, අසනීපයක් හැදුනම පුදුමාකාර දුකක් දැනෙනව හදවතට. අන්න එතනදි එන හැගීම මොන වගේද. ඒකත් රාගයමද. අපි කියන්නෙ ආදරය කියන හැගීම තුළ සතුට, සතුට, දුක වේදනාව, රාගය, ඊර්ෂියාව, ආත්මාර්ථය, පරාර්ථය කියන මේ හැම දෙයක්ම ගැබ් වෙලා තියනව කියලයි. 


සුසුම් ඇත්තේ තාලයටයි...
ආදරය ඇත්තේද තාලයටමයි...
එබැවින්
ආදරය කරනා හදවත්
ගීතවත් වේවි නිතියෙන්...

හැමදාම අපේ යාලුවන්ට ෆේස්බුක් හරහා ලස්සන කතා ලියන මම මගේ බ්ලොග් එකේ පළමු පොස්ට් එක හැටියට ආදරේ ගැන කතා කරන්න හිතුනෙ අපි යෞවනයො හැටියට තාරුණ්‍යයට කතා කරන නිසා තාරුණ්‍යය කැමතිම මාතෘකාව විදියටයි. ඉතින් යාපහු අහස වෙනුවෙන් ලිපි ලියන මට මේ ලිපිය ලියන්න හිතුනෙ මගෙ ජීවිතේට ආව විශේෂ කෙනෙක් නිසා. එයත් මේක බලන බව මම දන්නව. මේ බ්ලොග් එක ලියන්න යොමු කලාට, හැමදාම ලිපි ලියන්න මාව යොමු කරනවට ඔයාට ගොඩක් ස්තූතියි.

ඉතින් නන්දා මලනිය ගායනා කල මේ අපූරු ගීතය තොරගත්තෙ ආදරය කරන සුවහසක් දෙනා වෙනුවෙන්. ආදරය කරන යොවනයො යෞවනියො මේ ගීතයට ගොඩක් කැමතී කයල අපි දන්නව. ආදරය කරන හැමෝටම මේ ගීතය මම ආදරෙන් පුද දෙනව මේ විදියට.

කලා වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මටමැ වටී
බෝධියකින් වට බෝ කොලයක් සේ
අගී අගී ඔබ මටමැ අගී

කැටපත් පවුරින් ගිලිහුණු කවියක්
සොරකම් කරගත් සෙරක ලෙසින්
සඟවා ගෙන ඔබ සුරකිමි හද ගැබ
තනිවම කියවමි පදරුත් පසිඳමි

සමනළ සිරසින් විහිදුනු බුදු රැස්
සියැසින් දැක ගත් මෙහෙණක මෙන්
පරමානන්දය ලබමින් ඔබ ළඟ
සගමොක් සැපතෙහි අම රස වළඳමි



















1 comment: