උසස් පෙළ සමය කියන්නේ නව යොවුන් වියේ තරුණ තරුණියන් නිතැතින්ම පපෙමින් වෙළන සමයක්. මේ කාලයේ දී ඔවුන් තම දෙමව්පියන්ට ගුරුවරුන්ට බයෙන් උනත් ඉතාමත් රහසින් ඒත් බොහොම අහින්සක විදියට සුන්දර විදියට තම ආදරෙ විදිනව. ඉතින් එක් තරුණයෙක් මෙන්න මේ විදියට දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැදගෙන තම පාසලේම ශිෂ්‍යාවක් සමග පෙමින් වෙළෙනව. ඔවුන් බොහොම අහිංසක විදියට තම ප්‍රේමය දළුලන්නට ඉඩ හරිනව. ඉඩක් ලැබෙන හැම වෙලාවකම මොවුන් මුන ගැහෙනව. පාසලේ කොහෙ හරි මුල්ලකට වෙලා කතා කර කර ඉන්නව. ඉතින් යාලුවන්ගෙ උසුළු විසුළු වලට මොවුන් ලක් වුන වාර අනන්තයි. ඒත් මේ තරුණයා තම පෙමිවතිය අරන් එන බත් එක උනත් බෙදාගෙන කෑවෙ ඉතාමත් ආදරෙන්.
තම පෙම්වතියට අසනීපයක් උන දවසට මේ තරුණයත් මුලු රූම අවදියෙන්. ඒ තරමට ඔහු ඇයට ආදරෙන් හිටිය. තමන්ගෙ පෙම්වතියට සීරීමක්වත් වෙනවට ඔහු කැමති නෑ. ඔහුගෙ මුලු ජීවිතයම උනේ තමන්ගෙ පෙම්වතිය තමයි. ඇය ළග නැති එක මොහොතක් ඔහුට දැනුනෙ කල්පයක් වගේ.
ඉතින් ජීවිතේ ගැන මේ විදියට බලා පොරොත්තු පොදි බදින ගමන්ම දෙදෙනාම උසස් පෙළ විභායත් හොදින් ජය ගත්ත. දෙදෙනාටම සරසවි වරමි ලැබුණ. ඉතින් බලාපොරොත්තු මල්ලක් කරපින්නගෙන දෙදෙනාම සරසවියට යන්න සූදානම් වුනා.
නමුත් දෙදෙනාම ගියේ එකම විශ්ව විද්‍යාලයකට නොව විශ්ව විද්‍යාල දෙකකටයි. තමන්ගේ සංසාරගත බැදී ප්‍රේමය දෙදෙරා යනු ඇතැයි කිසි විටෙකත් පෙම්වතා නොසිතන්නට ඇත.පෙම්වතිය , පැරණි පෙම්වතා අත හැර ගියාය. ඇය දැන් වෙනත් අයෙකු සමග පෙමින් බැදී ඇත. පැරණි පෙම්වතා මෙය සියැසින් දැක ඇත.
ඉතින් මේ තරුණයාගේ හද බැදි එකම මිත්‍රයා තමයි සුනිල් අර් ගමගේ කියන්නෙ. තරුණයා මේ හැම දෙයක්ම ඔහුත් එක්ක කිවුව. තම මිත්‍රයා සිතින් විදින වේදනාව හොදින් තේරුම් ගත් සුනිල් ආර් ගමගේ මහතා මිත්‍රයාගේ හැගීම් මෙලෙස පද වැලකට ඇමුණුවා.
මිත්‍රයා ! අද ඔබ ලගට වෙලා ඔබට ආදරෙයි කියන ඇයට මාත් පෙරකාලෙක ආදරේ කලා.ඇයත් මට අසීමිතව ආදරෙයි කිව්වා. කෙදිනකවත් මා අතහැර නොයන බව දිව්රා සපථ වූ ඇයම අද මා තනි කරලා ගිහින්.හැන්දෑ වරුවේ වෙරළ අයිනේත්, රාත්‍රියේ රගහලක අසුනකත් ඔබට තුරළු වෙලා ඔබව සනසන ඇය ඉස්සර දවසකදී මටත් ඔය විදිහටම තුරුළු වෙලා ආදරෙයි කිවුවා.මාවත් සැනසෙව්වා.දෙපයට වාරු නැති වෙනකම් වගේ ඒ කියන්නේ පා දෙක ගෙවන කම් අපි ඇවිදලා සුන්දර පෙම් බස් දෙඩුවා.නමුත් අද ඒ පෙම්බස් නෑ.ඒවා ඔක්කොම ගොළු වෙලා.ඒ සියල්ල නවතලා මට සමුදීලා ඔබේ ආදරේ පතාගෙන ආවා.අද ඔබට නුරාව පිරී දෙනෙතිතින් ආදරෙයි කියනවා වගේ සෙනෙහස සගවා ගත්තු රාගයෙන් පිරී ඇස් දෙකෙන් මං දිහා බලලා මටත් ආදරෙයි කිවුවා...
ඉතින් මේ සිතුවිලි සමුච්ඡය විශාරද ගුණදාස කපුගේ ශූරීන්ගේ ළයාන්විත හඩින් මෙලෙස ගැයෙද්දී කදුලක් නොනැගෙන්නේ කාගේ නෙතටද?
ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
ඔබට ආදරෙයි කියනා විලසින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
මටද ආදරෙයි කියා තිබේ
සාගර වෙරලේ සොඳුරු සැඳෑවක
රඟහල කෙලවර අඳුරු නිමේෂෙක
අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුලට වී ඉඳ
මටද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
මටද ආදරෙයි කියා තිබේ
සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී
මා සමුගෙන් ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
මටද ආදරෙයි කියා තිබේ
gd gd
ReplyDelete